යෙදුමෙන් කියවන්න

3. 2. 2. 1

3. 2. 2. 1.

3. 2. 2. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. තීණිමානි භික‍්ඛවෙ තිත්‍ථායතනානි, යානි පණ‍්ඩිතෙහි සමනුයුඤ‍්ජියමානානි සමනුගාහියමානානි සමනුභාසීයමානානි පරම‍්පි ගන‍්ත්‍වා අකිරියාය සණ‍්ඨහන‍්ති. කතමානි තීණි: සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං පුබ‍්බෙකතහෙතූති. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා සබ‍්බං තං ඉස‍්සරනිම‍්මාණහෙතූති. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා සබ‍්බං තං අහෙතුඅප‍්පච‍්චයාති.

11. මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව) පරම්පරාවක් ගොසිනුදු අක්‍රියවාදයෙහි සිටිද්ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ”යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු ප්‍රත්‍යයෙනැ”යි මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත.

තත්‍ර භික‍්ඛවෙ යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං පුබ‍්බෙකතහෙතූති. ත්‍යාහං උපසඞ‍්කමිත්‍වා එවං වදාමි : සච‍්චං කිර තුම‍්හෙ ආයස‍්මන‍්තො එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං පුබ‍්බෙකතහෙතූති? තෙ චෙ මෙ එවං පුට‍්ඨා ආමාති පටිජානන‍්ති. ත්‍යාහං එවං වදාමි : තෙනහායස‍්මන‍්තො පාණාතිපාතිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, අදින‍්නාදායිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, අබ්‍රහ‍්මචාරිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, මුසාවාදිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, පිසුණවාචා භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, ඵරුසවාචා භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, සම‍්ඵප‍්පලාපිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, අභිජ‍්ඣාලුනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, බ්‍යාපන‍්නචිත‍්තා භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු, මිච‍්ඡාදිට‍්ඨිකා භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතු.

මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණෝ ඇද්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂා වේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම පෙර කළ කම් හෙයිනැ” යි තෙපි මෙබඳු වාද ඇත්තහු ල, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් වේ ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: ‘ආයුෂ්මත්නි, එසේ වී නම් ආයුෂ්මත්හු පෙර කළ කම් හෙයින් පණිවා කරන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අයිනාදන් ගන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් අබ්‍රහමචාරීහු වෙති, පෙර කළ කම් හෙයින් මුසවා බණන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් පිසුනුබස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් පරොස්බස් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් හිස් බස් තෙපලන්නාහු වෙති, පෙර කළ කම් හෙයින් දෘඪලෝභ ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් ව්‍යාපාදයට පත් සිත් ඇත්තාහු වෙති, පෙර කළ කම් හෙයින් මිසදිටු ඇත්තාහු වෙති’ යි.

පුබ‍්බෙකතං ඛො පන භික‍්ඛවෙ සාරතො පච‍්චාගච‍්ඡතං න හොති ඡන්‍දො වා වායාමො වා, ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන‍්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච‍්චතො ථෙතතො අනුපලබ‍්භියමානෙ මුට‍්ඨස‍්සතීනං අනාරක‍්ඛානං විහරතං න හොති පච‍්චත‍්තං සහධම‍්මිකො සමණවාදො. අයං ඛො මෙ භික‍්ඛවෙ තෙසු සමණබ්‍රාහ‍්මණෙසු එවංවාදීසු එවංදිට‍්ඨීසු පඨමො සහධම‍්මිකො නිග‍්ගහො හොති.

මහණෙනි, පෙර කළ කම් සාර වශයෙන් පිළිගන්නවුනට ‘මෙය කටයුතු ය හෝ මෙය නො කටයුතු ය හෝ’ යි කත්තුකම්‍යතා සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් වේවයි ව්‍යායාමයෙක් වේවයි නො වේ. මෙසේ කරණී නො කරණී සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ ප්‍රථම වූ සකාරණ නිග්‍රහය වේ.

තත්‍ර භික‍්ඛවෙ යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං ඉස‍්සරනිම‍්මාණහෙතූති, ත්‍යාහං උපසඞ‍්කමිත්‍වා එවං වදාමි : සච‍්චං කිර තුම‍්හෙ ආයස‍්මන‍්තො එවංවාදිනො එවදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං ඉස‍්සරනිම‍්මාණහෙතූති. තෙ චෙ මෙ එවං පුට‍්ඨා ආමාති පටිජානන‍්ති. ත්‍යාහං එවං වදාමි : තෙන හායස‍්මන‍්තො පාණාතිපාතිනො භවිස‍්සන‍්ති ඉස‍්සරනිම‍්මාණහෙතු -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකා භවිස‍්සන‍්ති ඉස‍්සරනිම‍්මාණහෙතු.

මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: ආයුෂ්මත්නි, “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම ඊශ්වරනිර්‍මාණ හේතුයෙනැ” යි තෙපි මෙ බඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු සැබැවැයි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් පණිවා කරන්නාහු වෙති, ... ඊශ්වරනිර්‍මාණ හේතුයෙන් මිසදිටු ඇත්තාහු වෙති.

ඉස‍්සරනිම‍්මානං ඛො පන භික‍්ඛවෙ සාරතො පච‍්චාගච‍්ඡතං න හොති ඡන්‍දො වා වායාමො වා, ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන‍්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච‍්චතො ථෙතතො අනුපලබ‍්භියමානෙ මුට‍්ඨස‍්සතීනං අනාරක‍්ඛානං විහරතං න හොති පච‍්චත‍්තං සහධම‍්මිකො සමණවාදො. අයං ඛො මෙ භික‍්ඛවෙ තෙසු සමණබ්‍රාහ‍්මණෙසු එවංවාදීසු එවංදිට‍්ඨීසු දුතියො සහධම‍්මිකො නිග‍්ගහො හොති.

මහණෙනි, ඊශ්වරනිර්‍මාණය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට මේ කළයුතු කියා වේවයි මෙය නො කළයුතු කියා වේවයි ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇති ව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති ඒ මහණබමුණන් කෙරෙහි මාගේ මේ දෙවනු වූ සහේතුක නිග්‍රහය වේ.

තත්‍ර භික‍්ඛවෙ යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං අහෙතුඅප‍්පච‍්චයාති, ත්‍යාහං උපසඞ‍්කමිත්‍වා එවං වදාමි: සච‍්චං කිර තුම‍්හෙ ආයස‍්මන‍්තො එවංවාදිනො එවංදිට‍්ඨිනො : යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සබ‍්බං තං අහෙතුඅප‍්පච‍්චයාති? තෙ ච මෙ එවං පුට‍්ඨා ආමාති පටිජානන‍්ති: ත්‍යාහං එවං වදාමි : තෙනහායස‍්මන‍්තො පාණාතිපාතිනො භවිස‍්සන‍්ති අහෙතුඅප‍්පච‍්චයා -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකා භවිස‍්සන‍්ති අහෙතුඅප‍්පච‍්චයා.

මහණෙනි, එහි ලා “මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙ බඳු වාද ඇති මෙ බඳු දෘෂ්ටි ඇති යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, මම ඔවුන් වෙත එළඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි මේ පුරුෂ පුද්ගල යම් කිසි සුඛවේදනායෙක් වේවයි දුඃඛවේදනායෙක් වේවයි උපේක්‍ෂාවේදනායෙක් වේවයි විඳුනේ වේ ද, එ හැම අහේතු අප්‍රත්‍යයෙනැ” යි මෙබඳු වාද ඇත්තහු ල, මෙ බඳු දෘෂ්ටි ඇත්තහු ල, ඒ සැබවෙක් ද? ඉදින් ඔහු මා විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘සැබැවැ’යි පිළිණ කෙරෙත් ද, මම ඔවුනට මෙසේ කියමි: එසේ වී නම් ආයුෂ්මත්හු අහේතු අප්‍රත්‍යයෙන් පණිවා කරන්නාහු වෙති, ... අහේතු අප්‍රත්‍යයෙන් මිසදිටු ඇත්තාහු වෙති.

අහෙතුං අප‍්පච‍්චයං ඛො පන භික‍්ඛවෙ සාරතො පච‍්චාගච‍්ඡතං න හොති ඡන්‍දො වා වායාමො වා, ඉදං වා කරණීයං, ඉදං වා අකරණීයන‍්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච‍්චතො ථෙතතො අනුපලබ‍්භියමානෙ මුට‍්ඨස‍්සතීනං අනාරක‍්ඛානං විහරතං න හොති පච‍්චත‍්තං සහධම‍්මිකො සමණවාදො. අයං ඛො මෙ භික‍්ඛවෙ තෙසු සමණබ්‍රාහ‍්මණෙසු එවංවාදීසු එවංදිට‍්ඨීසු තතියො සහධම‍්මිකො නිග‍්ගහො හොති.

මහණෙනි, අහේතු අප්‍රත්‍යය වනාහි සාරභාවයෙන් පිළිගන්නවුනට ‘මේ කරණී වේවයි මේ නො කරණී වේවයි’ ඡන්‍දයෙක් හෝ ව්‍යායාමයෙක් හෝ නො වෙයි. මෙසේ කර්‍තව්‍යාකර්‍තව්‍ය දෙක සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් නො ලැබෙත් ම, නට සිහි ඇතිව ඉන්‍ද්‍රියසංවරයෙන් තොරව වසන්නවුනට තමා කෙරෙහි හේතු සහිත වූ ශ්‍රමණවාදයෙක් නො වේ. මහණෙනි, මෙ බඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ මේ තෙවනු වූ සකාරණ නිග්‍රහය වේ.

ඉමානි ඛො භික‍්ඛවෙ තීණි තිත්‍ථායතනානි: යානි පණ‍්ඩිතෙහි සමනුයුඤ‍්ජියමානානි සමනුගාහියමානානි සමනුභාසියමානානි පරම‍්පි ගන‍්ත්‍වා අකිරියාය සණ‍්ඨහන‍්ති.

මහණෙනි, යම් තීර්‍ත්‍ථායතන කෙනෙක් (මේ කිනම් දෘෂ්ටියෙක්දැයි මෙසේ) නුවණැතියන් විසින් පුළුවුස්නා ලබන්නාහු (කවර හෙයින් මේ දෘෂ්ටි උපනැයි මෙසේ) පුන පුනා කරුණු ගන්වනු ලබන්නාහු (මේ ලමුදිටු හරුවයි මෙසේ) මොනොවට අනුශාසනා කරණු ලබන්නාහු (ආචාර්‍ය්‍ය - ලබ්ධි - ආත්මභාව පරම්පරාවක් ගොසිනුදු) අක්‍රියවාදයෙහි සිටිත් ද, එබඳු වූ මේ තීර්‍ත්‍ථායතනයෝ තුන් දෙන වෙති.

අයං ඛො පන භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. කතමො ච භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. ඉමා ඡ ධාතුයොති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො -පෙ- අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. ඉමානි ඡ ඵස‍්සායතනානීති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො -පෙ- අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. ඉමෙ අට‍්ඨාරස මනොපවිචාරාති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො -පෙ- අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. ඉමානි චත‍්තාරි අරියසච‍්චානීති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො -පෙ- සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි.

මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි, මේ ධර්‍මයෙක් මා විසින් දෙසන ලද්දේ ය. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි, කෙලෙසන්නට නොහැකි, උපවාද කරන්නට නොහැකි, බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ඒ ධර්‍මය කවරේ ය? යත්: මහණෙනි, ‘මේ ධාතු සයෙක’ යනු මා විසින් දෙසන ලද. මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි කෙලෙසන්නට නොහැකි උපවාද කරන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි. මහණෙනි, ‘මේ ස්පර්‍ශායතන සයෙක’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ අටළොස් තැනෙක්හි පවත්නා මනෝපවිචාරයෝ ය’ යනු මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි මා විසින් දෙසන ලද ධර්‍මය යි. මහණෙනි, ‘මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ ය’ යනු මා විසින් දෙසන ලද … මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් ... බැහැර කරන්නට නොහැකි ධර්‍මය යි.

ඉමා ඡ ධාතුයොති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති: ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඡයිමා භික‍්ඛවෙ ධාතුයො : පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ‍්ඤාණධාතු. ඉමා ඡ ධාතුයොති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි ‘මේ ධාතු සයෙකැ’ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ තෙල කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද යත්: මහණෙනි, මේ ධාතුහු සදෙනෙකි: පඨවිධාතු යැ, ආපෝධාතු යැ, තෙජොධාතු යැ, වායෝ ධාතු යැ, ආකාසධාතු යැ, විඤඤාණධාතුයි. මහණෙනි, මේ ෂඩ්ධාතුහු යැ යි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල කරුණු නිසා කියන ලද.

ඉමානි ඡ ඵස‍්සායතනානීති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො අසංකිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඡයිමානි භික‍්ඛවෙ ඵස‍්සායතනානි : චක‍්ඛුං ඵස‍්සායතනං සොතං ඵස‍්සායතනං ඝානං ඵස‍්සායතනං ජිව‍්හා ඵස‍්සායතනං කායො ඵස‍්සායතනං මනො ඵස‍්සායතනං. ඉමානි ඡ ඵස‍්සායතනානීති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො. අනිග‍්ගහීතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි ... බැහැර කරන්නට නොහැකි වූ මේ ෂට් ස්පර්‍ශායතනයහ යි දහමෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ මෙය කියන ලද්දේ මය. තෙල කුමක් සඳහා කියන ලද ද: මහණෙනි, මේ ඵස්සායතන සයෙකි: චක්ඛු නම් වූ ඵස්සායතනයෙක, සෝත නම් වූ ඵස්සායතනයෙක, ඝාණ නම් වූ ඵස්සායතනයෙක, ජිව්හා නම් වූ ඵස්සායතනයෙක, කාය නම් වූ ඵස්සායතනයෙක, මනස නම් වූ ඵස්සායතනයෙකැ යි. මහණෙනි, මේ ඵස්සායතනයෝ සදෙන යැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි බැහැර කරන්නට නොහැකි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැයි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.

ඉමෙ අට‍්ඨාරස මනොපවිචාරාති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: චක‍්ඛුනා රූපං දිස‍්වා සොමනස‍්සට‍්ඨානීයං රූපං උපවිචරති, දොමනස‍්සට‍්ඨානීයං රූපං උපවිචරති, උපෙක‍්ඛාට‍්ඨානියං රූපං උපවිචරති, සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය සොමනස‍්සට‍්ඨානීයං ධම‍්මං උපවිචරති. දොමනස‍්සට‍්ඨානීයං ධම‍්මං උපවිචරති. උපෙක‍්ඛාට‍්ඨානීයං ධම‍්මං උපවිචරති. ඉමෙ අට‍්ඨාරස මනොපවිචාරාති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො අසඞ‍්කිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනෝපවිචාරයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. කණින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනසින් දහම් අරමුණක් දැක සොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනපවිචාරයෝ යි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.

ඉමානි චත‍්තාරි අරියසච‍්චානීති භික‍්ඛවෙ මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහීතො අසංකිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඡන‍්නං භික‍්ඛවෙ ධාතූනං උපාදාය ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති, ඔක‍්කන‍්තියා සති නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදියමානස‍්ස ඛො පනාහං භික‍්ඛවෙ ඉදං දුක‍්ඛන‍්ති පඤ‍්ඤාපෙමි, අයං දුක‍්ඛසමුදයොති පඤ‍්ඤාපෙමි, අයං දුක‍්ඛනිරොධොති පඤ‍්ඤාපෙමි, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති පඤ‍්ඤාපෙමි.

මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ සතර සත්‍යයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: මහණෙනි, ෂඩ්ධාතූන් නිසා ගර්‍භාවක්‍රාන්තිය වෙයි. අවක්‍රාන්තිය ඇති කල්හි නාමරූපය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි. මහණෙනි, විඳුනාහට (- විඳීම් දන්නාහට) මෙතෙක් මැ දුකැ යි පණවමි. මෙතෙක් දුකට කාරණායැ යි පණවමි. මෙතෙක් (- දුඃඛ සමුදය දෙදෙනාගේ නැසීම) දුඃඛනිරෝධය යි පණවමි. මෙතෙක් (- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්තිය යි පණවමි.

කතමඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛං අරියසච‍්චං: ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, ව්‍යාධිපි දුක‍්ඛො, මරණම‍්පි දුක‍්ඛං, සොකපරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසාපි දුක‍්ඛා, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං. සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛං අරියසච‍්චං.

මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරැ: ජාතිය ද දුකැ, ජරාව ද දුකැ, ව්‍යාධිය ද දුකැ, මරණය ද දුකැ, ශෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝත් දුක්හ. යමක් කැමැති වනුයේ නොලබන්නේ නම්, එ ද දුකැ. සැකෙවින් පඤ්‍චොපාදානස්කන්‍ධයෝ දුක්හ. මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛසමුදයො අරියසච‍්චං: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛසමුදයො අරියසච‍්චං.

මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ වෙත්. මෙසේ මේ සියලු (- අමිශ්‍ර වූ) දුඃඛ රාශීහුගේ හටගැන්ම වේ. මහණෙනි, මේ දුඃඛ සමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛනිරොධො අරියසච‍්චං : අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස‍්සනිරොධො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ‍්හානිරොධො, තණ‍්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො අරියසච‍්චං.

මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාවගේ ම අනවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛ සකන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං : අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං : සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං. ඉමානි චත‍්තාරි අරියසච‍්චානීති භික‍්ඛවෙ, මයා ධම‍්මො දෙසිතො අනිග‍්ගහිතො අසංකිලිට‍්ඨො අනුපවජ‍්ජො අප‍්පතිකුට‍්ඨො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති. ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

මහණෙනි, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම ය, ඒ මෙසේ ය: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග් ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යසත්‍ය කෙනෙකැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ කෙලෙසන්නට නොහැකි වූ උපවාද නො කළ හැකි වූ බැහැර කරන්නට නොහැකි වූ දහම් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලදැයි.