යෙදුමෙන් කියවන්න

3. 2. 2. 2

3. 2. 2. 2.

3. 2. 2. 2.

12. තීණිමානි භික‍්ඛවෙ, අමාතාපුත‍්තිකානි භයානීති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති. කතමානි තීණි : හොති සො භික‍්ඛවෙ සමයො, යං මහාඅග‍්ගිඩාහො උට‍්ඨාති. මහාඅග‍්ගිඩාහෙ ඛො පන භික‍්ඛවෙ, උට‍්ඨිතෙ තෙන ගාමාපි ඩය‍්හන‍්ති, නිගමාපි ඩය‍්හන‍්ති, නගරාපි ඩය‍්හන‍්ති. ගාමෙසුපි ඩය‍්හමානෙසු නිගමෙසුපි ඩය‍්හමානෙසු නගරෙසුපි ඩය‍්හමානෙසු තත්‍ථ මාතාපි පුත‍්තං නප‍්පටිලභති, පුත‍්තොපි මාතරං නප‍්පටිලභති. ඉදං භික‍්ඛවෙ, පඨමං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

12. මහණෙනි, (මවු පුතුන් උනුන් රැකගත නොහෙන බියයි කියන ලද) මේ අමාතෘපුත්‍රක බිය තුණකැ යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක මහත් අග්නිදාහයෙක් නඟී ද එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් අග්නිදාහයෙක් නැඟී සිටි කල්හි එයින් ගම්හුදු දැවෙති. නියම්ගම්හුදු දැවෙති. නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නුවර ද දැවෙන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මේ පළමුවන අමාතෘපුත්‍රක භයය යි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.

පුන චපරං භික‍්ඛවෙ, හොති සො සමයො යං මහාමෙඝො උට‍්ඨාති. මහාමෙඝෙ ඛො පන භික‍්ඛවෙ, උට‍්ඨිතෙ මහාඋදකවාහකො සඤ‍්ජායති. මහාඋදකවාහකෙ ඛො පන භික‍්ඛවෙ, සඤ‍්ජාතෙ තෙන ගාමාපි වුය‍්හන‍්ති, නිගමාපි වුය‍්හන‍්ති, නගරාපි වුය‍්හන‍්ති. ගාමෙසුපි වුය‍්හමානෙසු නිගමෙසුපි වුය‍්හමානෙසු නගරෙසුපි වුය‍්හමානෙසු තත්‍ථ මාතාපි පුත‍්තං නප‍්පටිලභති, පුත‍්තොපි මාතරං නප‍්පටිලභති. ඉදං භික‍්ඛවෙ, දුතියං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

තවද මහණෙනි, යම් කලෙක්හි මහත් මේඝයෙක් නැඟේ ද එබඳුවූ කාලයෙක් වේ. මහණෙනි, මහත් මේඝය නැගි කල්හි මහ ගංවතුරෙක් නැගෙයි. මහණෙනි, මහගංවතුරු නැඟිකල්හි එයින් ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි නියම්ගමුදු හයනු ලබන කල්හි නුවරුදු හයනු ලබන කල්හි එහිලා මවු ද පුතා නොලැබෙයි. පුතාද මව නොලැබෙයි. මහණෙනි, මෙය දෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.

පුන චපරං භික‍්ඛවෙ, හොති සො සමයො, යං භයං හොති අටවිසඞංකොපො, චක‍්කසමාරුළ‍්හා ජානපදා පරියායන‍්ති. භයෙ ඛො පන භික‍්ඛවෙ, සති අටවිසංකොපෙ චක‍්කසමාරුළ‍්හෙසු ජානපදෙසු පරියායන‍්තෙසු තත්‍ථ මාතාපි පුත‍්තං නප‍්පටිලභති, පුත‍්තොපි මාතරං නප‍්පටිලභති. ඉදං භික‍්ඛවෙ, තතියං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි අමාතාපුත‍්තිකානි භයානීති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

තවද මහණෙනි, යම් කලෙක්හි කඩපලා සොර බියෙක් වේ නම්, චක්‍රාරූඪ වූ දනව් වැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ යෙත් නම් පලායෙත් නම් එබඳු කාලයෙක් ද වේ මය. මහණෙනි, කඩපලා සොරබිය ඇති කල්හි චක්‍රාරූඪ වූ දනව් වැස්සන් හිස් ලූ ලූ අත ඔබමොබ පලා යන කල්හි එහි මවු දු පුතු නොලැබෙයි. පුතු දු මව නොලැබෙයි. මහණෙනි, මෙය තෙවන අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මේ තුණ වනාහි අමාතෘපුත්‍රක භයයි අශ්‍රැතවත් පෘථග්ජන තෙම කියයි.

තානි ඛො පනිමානි භික‍්ඛවෙ, තීණි සමාතාපුත‍්තිකානියෙව භයානි අමාතාපුත‍්තිකානි භයානීති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති. කතමානි තීණි : හොති සො භික‍්ඛවෙ, සමයො, යං මහාඅග‍්ගිඩාහො උට‍්ඨාති. මහාඅග‍්ගිඩාහෙ ඛො පන භික‍්ඛවෙ, උට‍්ඨිතෙ තෙන ගාමාපි -පෙ- නගරාපි ඩය‍්හන‍්ති. ගාමෙසුපි ඩය‍්හමානෙසු නිගමෙසුපි ඩය‍්හමානෙසු නගරෙසුපි ඩය‍්හමානෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත‍්තං පටිලභති, පුත‍්තොපි මාතරං පටිලභති. ඉදං භික‍්ඛවෙ, පඨමං සමාතාපුත‍්තිකං යෙව භයං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

මහණෙනි, සමාතෘපුත්‍රක වූ ම ඒ තුන් බියක් අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. කවර තුණෙක යත්: මහණෙනි, යම් කලෙක්හි මහත් වූ අග්නිදාහයෙක් නැගේ නම් එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මහත් වූ ගින්නෙන් දැවීම ඇති කල්හි එයින් ගමුදු ... නගරයෝ ද දැවෙත්. ගමුදු දැවෙන කල්හි නියම්ගමුදු දැවෙන කල්හි නගර දු දැවෙන කල්හි යම් හෙයෙකින් කිසියම් කලෙක මව පුතා ලැබේ ද, පුතා ද මව ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ පළමුවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.

පුන චපරං භික‍්ඛවෙ, හොති සො සමයො, යං මහාමෙඝො උට‍්ඨාති. මහාමෙඝෙ ඛො පන භික‍්ඛවෙ, උට‍්ඨිතෙ මහාඋදකවාහකො සඤ‍්ජායති. මහාඋදකවාහකෙ ඛො පන භික‍්ඛවෙ, සඤ‍්ජාතෙ තෙන ගාමාපි වුය‍්හන‍්ති, නිගමාපි වුය‍්හන‍්ති, නගරාපි වුය‍්හන‍්ති. ගාමෙසුපි වුය‍්හමානෙසු නිගමෙසුපි වුය‍්හමානෙසු නගරෙසුපි වුය‍්හමානෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත‍්තං පටිලභති, පුත‍්තොපි මාතරං පටිලභති. ඉදං භික‍්ඛවෙ, දුතියං සමාතාපුත‍්තිකං යෙව භයං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

තවද මහණෙනි, යම් කලෙක මහාමේඝය නැගේ නම් එබඳු කාලයෙක් ද වෙයි. මහණෙනි, මහාමේඝය නැගිකල්හි ම මහ ගංවතුරු නැගෙයි. මහ ගංවතුරු නැගිකල්හි ගම්හුදු හයනු ලැබෙත්. නියම්ගම්හුදු හයනු ලැබෙත්. නගරයෝ ද හයනු ලැබෙත්. ගමුදු හයනු ලබන කල්හි, නියම්ගමුදු හයනු ලබන කල්හි, නගර දු හයනු ලබන කල්හි යම් හෙයෙකින් කිසි විටෙක මවත් පුතා ලැබේ ද, පුතාත් මවු ලැබේ ද, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මේ වනාහි සමාතෘපුත්‍රක වූ ම දෙවන බිය අමාතෘපුත්‍රක බියැයි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.

පුන චපරං භික‍්ඛවෙ, හොති සො සමයො, යං භයං හොති අටවිසඞ‍්කොපො, චක‍්කසමාරුළ‍්හා ජානපදා පරියායන‍්ති. භයෙ ඛො පන භික‍්ඛවෙ, සති අටවිසඞ‍්කොපෙ චක‍්කසමාරූළ‍්හෙසු ජානපදෙසු පරියායන‍්තෙසු හොති සො සමයො, යං කදාචි කරහචි මාතාපි පුත‍්තං පටිලභති, පුත‍්තොපි මාතරං පටිලභති. ඉදං භික‍්ඛවෙ, තතියං සමාතාපුත‍්තිකං යෙව භයං අමාතාපුත‍්තිකං භයන‍්ති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි සමාතාපුත‍්තිකානි යෙව භයානි අමාතාපුත‍්තිකානි භයානීති අස‍්සුතවා පුථුජ‍්ජනො භාසති.

තවද මහණෙනි, යම් හෙයෙකින් කඩපලා සොර බියෙක් වේ ද, චක්‍රසමාරූඪ වූ දනවුවැස්සෝ හිස් ලූ ලූ අත ඔබමොබ පලා යෙද් ද, එබඳු කාලයෙක් වේ මය. මහණෙනි, කඩපලා සොර බිය ඇති කල්හි චක්‍රසමාරූඪ වූ දනවුවැස්සන් හිස් ලූ ලූ අත පලා යන කල්හි යම් හෙයෙකින් කිසිකලෙක මවුදු පුතා ලැබේ නම්, පුතු ද මව ලැබේ නම්, එබඳු කාලයෙක් වේ ම ය. මහණෙනි, මෙබඳු මේ තෙවන සමාතෘපුත්‍රක වූ ම බිය අමාතෘපුත්‍රක වූ භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ ම තුන් බිය අමාතෘපුත්‍රක භය යි අශ්‍රැතවත් පෘථග්ජන කියයි.

තීණිමානි භික‍්ඛවෙ, අමාතාපුත‍්තිකානි භයානි. කතමානි තීණි : ජරාභයං, ව්‍යාධිභයං, මරණභයං. න භික‍්ඛවෙ, මාතා පුත‍්තං ජීරමානං එවං ලභති : අහං ජීරාමි, මා මෙ පුත‍්තො ජීරීති. පුත‍්තො වා පන මාතරං ජීරමානං න එවං ලභති, අහං ජීරාමි මා මෙ මාතා ජීරීති.

මහණෙනි, මේ අමාතෘපුත්‍රක භය තුණෙකි. කවර තුණෙක යත්: ජරාභය, ව්‍යාධිභය, මරණභය යන තුණ යි. මහණෙනි, මවු ජරායෙන් දිරන පුතු (දැක) “මම දිරම්වා, මා පුතු නහමක් දිරාව” යි යන මෙබන්දක් නො ලැබෙයි. පුතා හෝ ජරායෙන් දිරන මව (දැක) “මම දිරම්වා, මා මවු නහමක් දිරාව” යි යන මෙබන්දක් නොලැබෙයි.

න භික‍්ඛවෙ, මාතා පුත‍්තං ව්‍යාධියමානං එවං ලභති : අහං ව්‍යාධියාමි, මා මෙ පුත‍්තො ව්‍යාධියීති, පුත‍්තො වා පන මාතරං ව්‍යාධියමානං න එවං ලභති : අහං ව්‍යාධියාමි, මා මෙ මාතා ව්‍යාධියීති.

මහණෙනි, මවු රොවින් පෙළෙනු වූ පුතු (දැක) “මම පෙළෙම්වා, මාගේ පුතු නහමක් පෙළේ”ව යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා ද රොවින් පෙළෙන මවු දැක “මම පෙළෙම්වා, මාගේ මවු නහමක් පෙළේව” යි යන මෙබන්දක් නොලැබෙයි.

න භික‍්ඛවෙ, මාතා පුත‍්තං මීයමානං එවං ලභති : අහං මීයාමි, මා මෙ පුත‍්තො මීයීති, පුත‍්තො වා පන මාතරං මීයමානං න එවං ලභති : අහං මීයාමි, මා මෙ මාතා මීයීති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි අමාතාපුත‍්තිකානි භයානීති.

මහණෙනි, මවු ද රොවින් මැරෙනු වූ පුතු (දැක) “මම මියෙම්වා, මාගේ පුතු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. පුතා හෝ මැරෙන වූ මවු (දැක) “මම මියෙම්වා, මාගේ මවු නහමක් මියේව” යි යන මෙබන්දක් නොලැබෙයි. මහණෙනි, මේ අමාතෘපුත්‍රක වූ බිය තුණ ය.

අත්‍ථි භික‍්ඛවෙ, මග‍්ගො, අත්‍ථි පටිපදා, ඉමෙසඤ‍්ච තිණ‍්ණං සමාතාපුත‍්තිකානං භයානං, ඉමෙසඤ‍්ච තිණ‍්ණං අමාතාපුත‍්තිකානං භයානං පහාණාය සමතික‍්කමාය සංවත‍්තති. කතමො ච භික‍්ඛවෙ මග‍්ගො : කතමා ච පටිපදා : ඉමෙසඤ‍්ච තිණ‍්ණං සමාතාපුත‍්තිකානං භයානං, ඉමෙසඤ‍්ච තිණ‍්ණං අමාතාපුත‍්තිකානං භයානං පහාණාය සමතික‍්කමාය සංවත‍්තති : අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං : සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං ඛො භික‍්ඛවෙ මග‍්ගො, අයං පටිපදා, ඉමෙසඤ‍්ච තිණ‍්ණං සමාතාපුත‍්තිකානං භයානං ඉමෙසඤ‍්ච තිණ‍්ණං අමාතාපුත‍්තිකානං භයානං පහාණාය සමතික‍්කමාය සංවත‍්තතීති.

මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස යමෙක් පවත්නේ නම්, එ මාර්‍ගය ඇත. එ ප්‍රතිපත්තිය ඇත. මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස, මොනොවට ඉක්මෙනු පිණිස (යමෙක්) පවත්නේ නම්, එ මාර්‍ගය කවරෙයැ: ඒ ප්‍රතිපත්තිය කවරෙ යැ: එ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ කෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධිය (යන මේ අටයි) මහණෙනි, මේ සමාතෘපුත්‍රක වූ තුන් බිය ද, මේ අමාතෘපුත්‍රක වූ තුන් බිය ද ප්‍රහාණය කරණු පිණිස මොනොවට ඉක්මෙනු පිණිස (යමක්) පවත්නේ නම්, මේ ඒ මාර්‍ග යි. මේ ඒ ප්‍රතිපත්ති යි.