යෙදුමෙන් කියවන්න

3. 2. 1. 10

3. 2. 1. 10.

3. 2. 1. 10.

10. අථ ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච : මයමස‍්සු භො ගොතම බ්‍රාහ‍්මණා නාම. යඤ‍්ඤං යජාමපි, යජාපෙමපි. තත්‍ර භො ගොතම යො චෙව යජති, යො ච යජාපෙති, සබ‍්බෙ තෙ අනෙකසාරීරිකං පුඤ‍්ඤපටිපදං පටිපන‍්නා හොන‍්ති යදිදං යඤ‍්ඤාධිකරණං. යො පනායං භො ගොතම යස‍්ස වා තස‍්ස වා කුලා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො එකමත‍්තානං දමෙති, එකමත‍්තානං සමෙති, එකමත‍්තානං පරිනිබ‍්බාපෙති, එවමස‍්සායං එකසාරීරිකං පුඤ‍්ඤපටිපදං පටිපන‍්නො හොති, යදිදං පබ‍්බජ‍්ජාධිකරණන‍්ති.

10. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ වූ අපි වනාහි යාග කරන්නමෝ ද යාග කරවන්නමෝ ද වම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඒ අප අතුරෙන් යමෙක් යාග කෙරේ ද, යමෙකුත් යාග කරවා ද, එහැම යම් මේ යාගය කරුණු කොට ගෙණ නොයෙක් සිරුරු වහලින් උපන් පුණ්‍යප්‍රතිපත්තියකට පිළිපන්නාහු වෙති. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ පුරුෂයෙක් යම් ම කුලගෙයෙකින් ගිහිගෙන් නික්ම පැවිද්දට ගියේ වේ ද හේ (තමාගේ ඉන්‍ද්‍රියදමන වශයෙන්) ඒකාත්මයක් ම දමනය කරන්නේ ය. ඒකාත්මයක් ම ශමනය කරන්නේ ය. ඒකාත්මයක් ම පිරිනිවන්නේ ය. මෙසේ මෙ තෙමේ මේ පැවිද්ද හේතු කොට ගෙණ ඒකශාරීරික වූ පුණ්‍යප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.

තෙන හි බ්‍රාහ‍්මණ, තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ ඉධ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො එවමාහ: එථායං මග‍්ගො, අයං පටිපදා, යථා පටිපන‍්නො අහං අනුත‍්තරං බ්‍රහ‍්මචරියොගධං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙමි, එථ තුම‍්හෙපි තථා පටිපජ‍්ජථ, යථා පටිපන‍්නා තුම‍්හෙපි අනුත‍්තරං බ්‍රහ‍්මචරියොගධං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සථාති. ඉති අයං චෙව සත්‍ථා ධම‍්මං දෙසෙති, පරෙ ච තථත‍්තාය පටිපජ‍්ජන‍්ති, තානි ඛො පන හොන‍්ති අනෙකානිපි සතානි අනෙකානිපි සහස‍්සානි අනෙකානිපි සතසහස‍්සානි.

බ්‍රාහ්මණය, එසේ වී නම් මෙහි ලා තා ම පුලුවුස්නෙමි. යම්සේ තට රුස්නේ නම් එසේ එය ප්‍රකාශ කරව. බමුණ, මෙලොව්හි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ තුන්ලෝ දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනා සේක. උන්වහන්සේ මෙසේ වදාරත්: “එව, මේ මගය, මේ පිළිවෙතය, යම්සේ මම අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් වූ නිර්‍වාණය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට පවසම් ද, එව, තෙපිදු එසේ පිළිපදුව, යථාප්‍රතිපන්න තෙපි අනුත්තර වූ අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යයට ඇතුළත් නිර්‍වාණය තුමූ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වසන්නහුය.” මෙසේ මේ ශාස්තෘ තෙමේ ද දහම් දෙසයි. අන්හු ද ඒ පිණිස පිළිපදිත්. ඔහු ද අනේකශතයෝත් අනේක සහස්‍රයෝත් අනේකශතසහස්‍රයෝත් වෙත්.

තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, ඉච‍්චායං එවං සන‍්තෙ එකසාරීරිකා වා පුඤ‍්ඤපටිපදා හොති අනෙකසාරීරිකා වා, යදිදං පබ‍්බජ‍්ජාධිකරණන‍්ති? ඉච‍්චායම‍්පි භො ගොතම, එවං සන‍්තෙ අනෙකසාරීරිකා පුඤ‍්ඤපටිපදා හොති, යදිදං පබ‍්බජ‍්ජාධිකරණන‍්ති.

බමුණ, ඒ කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ තෙල පුණ්‍යප්‍රතිපත්ති තොමෝ ඒකශාරීරික හෝ වේ ද, අනේක ශාරීරික හෝ වේ ද? භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ පැවිද්ද හේතු කොට ගෙණ ඇති වු තෙල පුණ්‍යප්‍රතිපත්තිය ද අනේකශාරීරික ම වේ.

එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො සඞ‍්ගාරවං බ්‍රාහ‍්මණං එතදවොච: ඉමාසං තෙ බ්‍රාහ‍්මණ ද‍්වින‍්නං පටිපදානං කතමා පටිපදා ඛමති, අප‍්පට‍්ඨතරා ච අප‍්පසමාරම‍්භතරා ච මහප‍්ඵලතරා ච මහානිසංසතරා චාති? එවං වුත‍්තෙ සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: සෙය්‍යථාපි භවං ගොතමො භවං චානන්‍දො. එතෙ මෙ පුජ‍්ජා, එතෙ මෙ පාසංසාති.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සඞ්ගාරව බ්‍රාහ්මණයාට තෙල කීය: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපද් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් (බොහෝ මෙහෙ කරන්නවුන් විසින් හෝ උපකරණයෙන් ප්‍රයෝජන නැති බැවින්) අල්පාර්‍ත්‍ථතර යි ද, (අධික පීඩා නැතිවන බැවින්) අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී ද තට රුස්නේ ද? මෙසේ කී කල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු (දෙදෙන) මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.

දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො සඞ‍්ගාරවං බ්‍රාහ‍්මණං එතදවොච: න ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ එවං පුච‍්ඡාමි : කෙ වා තෙ පුජ‍්ජා කෙ වා තෙ පාසංසාති. එවඤ‍්ච ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ පුච‍්ඡාමි: ඉමාසං තෙ බ්‍රාහ‍්මණ ද‍්වින‍්නං පටිපදානං කතමා පටිපදා ඛමති, අප‍්පට‍්ඨතරා ච අප‍්පසමාරම‍්භතරා ච මහප‍්ඵලතරා ච මහානිසංසතරා චාති. දුතියම‍්පි ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: සෙය්‍යථාපි භවං ගොතමො භවං චානන්‍දො. එතෙ මෙ පුජ‍්ජා එතෙ මෙ පාසංසාති.

දෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල කීහ: බ්‍රාහ්මණය, තා විසින් කවරහු පිදිය යුත්තාහු ද තා විසින් කවරහු පැසසිය යුත්තාහුදැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා පුළුවුස්මි. බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී ද, මහත්ඵලතර යී ද මහානෘශංසතර යී දැයි තට රුස්නේ වේ දැයි. දෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙති.

තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො සඞ‍්ගාරවං බ්‍රාහ‍්මණං එතදවොච : න ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ එවං පුච‍්ඡාමි: කෙ වා තෙ පුජ‍්ජා කෙ වා තෙ පාසංසාති. එවඤ‍්ච ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ පුච‍්ඡාමි : ඉමාසං තෙ බ්‍රාහ‍්මණ ද‍්වින‍්නං පටිපදානං කතමා පටිපදා ඛමති. අප‍්පට‍්ඨතරා ච අප‍්පසමාරම‍්භතරා ච මහප‍්ඵලතරා ච මහානිසංසතරා චාති.

තෙවනවටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සඞ්ගාරව බ්‍රාහ්මණහට තෙල කීහ: බ්‍රාහ්මණය, කවරහු තා විසින් පිදිය යුතු වෙත් ද? කවරහු තා විසින් පැසසිය යුතු වෙද්දැ යි මෙසේ මම තා නො විචාරමි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි මම තා විචාරමි: බ්‍රාහ්මණය, මේ ප්‍රතිපත් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපත්තියෙක් අල්පාර්‍ත්‍ථතර යි ද, අල්පසමාරම්භතර යී, මහත්ඵලතර යී ද, මහානෘශංසතර යී දැයි තට රුස්නේ දැයි?

තතියම‍්පි ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච : සෙය්‍යථාපි භවං ගොතමො භවං චානන්‍දො. එතෙ මෙ පුජ‍්ජා එතෙ මෙ පාසංසාති.

තෙවනවටත් සඞ්ගාරව බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කීය: යම්බඳු වූ භවත් ගෞතමයන් වහන්සේ හා භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා ඇත් ද, මොහු මා විසින් පිදිය යුතු වෙති. මොහු මා විසින් පැසසිය යුතු වෙත්ය යි.

අථ ඛො භගවතො එතදහොසි : යාවතතියම‍්පි ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො ආනන්‍දෙන සහධම‍්මිකං පඤ‍්හං පුට‍්ඨො සංසාදෙති, නො විස‍්සජ‍්ජෙති. යන‍්නූනාහං පරිමොචෙය්‍යන‍්ති. අථ ඛො භගවා සඞ‍්ගාරවං බ්‍රාහ‍්මණං එතදවොච : කානුජ‍්ජ, බ්‍රාහ‍්මණ, රාජන‍්තෙපුරෙ රාජපරිසායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අන‍්තරා කථා උදපාදීති? අයං ඛ‍්වජ‍්ජ භො ගොතම, රාජන‍්තෙපුරෙ රාජපරිසායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අන‍්තරා කථා උදපාදි : පුබ‍්බෙ සුදං අප‍්පතරා චෙව භික‍්ඛූ අහෙසුං, බහුතරා ච උත‍්තරි මනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙසුං. එතරහි ඛො බහුතරා චෙව භික‍්ඛූ අප‍්පතරා ච උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙන‍්තීති. අයං ඛ‍්වජ‍්ජ භො ගොතම, රාජන‍්තෙපුරෙ රාජපරිසායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අන‍්තරා කථා උදපාදීති.

එසඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බඳු සිතෙක් වී: “සඞ්ගාරව බ්‍රාහ්මණ තෙවෙනිවරටත් ආනන්‍දයන් විසින් සකාරණ කොට පැණ පුළුවුස්නා ලද්දේ කථාව හිඳුවයි, නොවිසඳයි. මම මොවුන් දෙදෙන (වෙහෙසින්) මුදන්නෙම් නම් මනා මැ නු! යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සඞ්ගාරව බ්‍රහ්මණයාහට තෙල වදාළ සේක: බ්‍රාහ්මණය, අද රාජාන්තඃපුරයෙහි රජ පිරිස්හි රැස්ව හුන්නවුන් අතර කවර නම් අතුරු කථායෙක් පහළවී දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන: පෙර භික්‍ෂූහු අල්පතර වූහ. බහුතර භික්‍ෂූහු උතුරු මිනිස්දමින් ඉදුපෙළහර දැක්වූහ. මෙකල වනාහි භික්‍ෂූහු ද බහුතර වෙති. අල්පතර භික්‍ෂූ කෙනෙක් උතුරු මිනිස්දමින් ඉදුහුපෙළහර දක්වතියි, භවත් ගෞතමයන් වහන්ස, අද රාජාන්තඃපුරයෙහි රජපිරිස්හි රැස්ව හුන්නවුන් අතර මේ අතුරු කථාව උපන.

තීණි ඛො ඉමානි බ්‍රාහ‍්මණ පාටිහාරියානි. කතමානි තීණි: ඉද‍්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං, අනුසාසනීපාටිහාරියං. කතමඤ‍්ච බ්‍රාහ‍්මණ ඉද‍්ධිපාටිහාරියං: ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති : එකොපි හුත්‍වා බහුධා හොති, බහුධාපි හුත්‍වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානොව ගච‍්ඡති, සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡති, සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමති සෙය්‍යථාපි පක‍්ඛී සකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති, පරිමජ‍්ජති, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ ඉද‍්ධිපාටිහාරියං.

බමුණ, මේ පෙළහර තුණෙකි. කවර තුණෙක යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යය යි. බමුණ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නන්වැදෑරුම් ඍද්ධිප්‍රභේද වළඳ කෙරෙයි. (තෙමේ) එකලාවූයේ ම බහු ප්‍රකාර වෙයි. බහුප්‍රකාර ද වී එකෙක් වෙයි. විටෙක පැනෙන බවට ද විටෙක නො පැනෙන බවට ද පැමිණෙයි. බිත්තියෙන් ඈතට ද, පවුරෙන් ඈතට ද, පව්වෙන් ඈතට ද අහසෙහි මෙන් නො ගැටී යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් කිමිදීම් ඉල්පීම් කෙරෙයි. අභිද්‍යාමාන උදකයෙහි දු පොළොවෙහි මෙන් යෙයි. අහස්හිදු පියාහඹන ලිහිණියකු සෙයින් පලඟින් ඉරියවු කෙරෙයි. මේ සා මහත් ඍද්ධ්‍යානුභාව ඇති මේ සඳහිරු දෙදෙනා ද අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි, පිරිමදියි. බඹලොව තෙක්දු කයින් විසිය පවත්වයි. බමුණ, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය යි කියනු ලැබේ.

කතමඤ‍්ච බ්‍රාහ‍්මණ, ආදෙසනාපාටිහාරියං: ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො නිමිත‍්තෙන ආදිසති : එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්තන‍්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා.

බමුණ, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුද වෙයි. නිමිත්තෙන් දක්වයි. හෙ තෙමේ බොහෝ කොට ද දක්වයි. එය එසේ ම වෙයි. අන්පරිදි නො වෙයි.

ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චො නහෙව ඛො නිමිත‍්තෙන ආදිසති, අපි ච ඛො මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති: එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්තන‍්ති. සො බහුඤ‍්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා.

බමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො කියන්නේ ම වෙයි. වැලිදු වනාහි මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත මෙබඳුත් වෙයි, තාගේ සිත මේ අයුරුදු වේයයි කියයි. හේ බොහෝ කොටත් කියන්නේ නම් එය එසේ වෙයි. අන්පරිදි නො වේ.

ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චො නහෙව ඛො නිමිත‍්තෙන ආදිසති, නපි මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති, අපි ච ඛො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති: එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්තන‍්ති. සො බහුඤ‍්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා.

බමුණ, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැ යි. මනුෂ්‍යයන්ගේ වේවයි අමනුෂ්‍යයන්ගේ වේවයි දේවතාවන්ගේ වේවයි ශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු විතර්‍කනය කරන්නහුගේ විචාරය කරන්නහුගේ හෝ විතර්‍කවිෂඵාරශබ්දය අසා තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මේ අයුරුත් වේය යි කියයි. හෙතෙම බොහෝ කොටත් කියන්නේ නම්, එය එසේ ම වෙයි. අන් පරිදි නො වේ.

ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චො න හෙව ඛො නිමිත‍්තෙන ආදිසති, නපි මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති, නපි විතක‍්කයතො නපි විචාරයතො න විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති: අපි ච ඛො අවිතක‍්කං අවිචාරං සමාධිං සමාපන‍්නස‍්ස චෙතසා චෙතො පරිච‍්ච පජානාති. යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුන‍්නාම විතක‍්කං විතක‍්කිස‍්සතීති. සො බහුඤ‍්චෙපි ආදිසති. තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ ආදෙසනාපාටිහාරියං.

බ්‍රාහ්මණය, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙනුදු නො කියා මැයි. මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා ද නො කියා මැ යි. විතර්‍ක කරන්නහුගේ හෝ විචාරය කරන්නහුගේ හෝ විතර්‍ක විෂඵාරශබ්දය අසා ද නො කියා මැ යි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනස්සංසකාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය විතර්‍කණය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වෙයි. අන්පරිද්දෙකින් නො වෙයි. බමුණ, මේ ආදේශනා ප්‍රතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.

කතමඤ‍්ච බ්‍රාහ‍්මණ, අනුසාසනීපාටිහාරියං: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො එවමනුසාසති: එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්‍ථ, ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ අනුසාසනීපාටිහාරියං. ඉමානි ඛො බ්‍රාහ‍්මණ තීණි පාටිහාරියානි. ඉමෙසං තෙ බ්‍රාහ‍්මණ, තිණ‍්ණං පාටිහාරියානං කතමං පාටිහාරියං ඛමති අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්චාති.

බමුණ, අනුසාසනීපාටිහාරිය කවරැ: බමුණ, මෙලොව්හි කිසිවෙක් මෙසේ අනුශාසනා කෙරේ: මෙසේ සිතව, නහමක් මෙසේ සිතව, මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව, මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. බමුණ, මේ අනුසාසනීපාටිහාරිය යි කියනු ලැබේ. බමුණ, මේ වනාහි පෙළහර තුණයි. බමුණ, මේ තුන්පෙළහර අතුරෙන් කවර පෙළහරෙක් ඉතා කල්යැ යි ද, ඉතා ප්‍රණීතය යි ද තට රුස්නේ වේ ද?

තත්‍ර භො ගොතම යදිදං පාටිහාරියං, ඉධෙකච‍්චො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. ඉදං භො ගොතම පාටිහාරියං යොව නං කරොති, සොව නං පටිසංවෙදෙති. යොව නං කරොති, තස‍්සෙව තං හොති. ඉදං මෙ භො ගොතම පාටිහාරියං මායාසහධම‍්මරූපං විය ඛායති.

භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නන් වැදෑරුම් ඍද්ධිවිධ පවත්වයි. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වයි, යන යම් පෙළහරෙක් වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය යමෙක් කෙරේ නම්, එය හේ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම්, ඔහුට ම එය වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මායාස්වභාව ඇතිසේ මට වැටහේ.

යම‍්පිදං භො ගොතම පාටිහාරියං ඉධෙකච‍්චො නිමිත‍්තෙන ආදිසති : එවම‍්පි තෙ මනො, ඉත්‍ථම‍්පි තෙ මනො, ඉතිපි තෙ චිත‍්තන‍්ති. සො බහුඤ‍්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉධ පන භො ගොතම, එකච‍්චො නහෙව ඛො නිමිත‍්තෙන ආදිසති, අපි ච ඛො මනුස‍්සානං වා අමනුස‍්සානං වා දෙවතානං වා සද‍්දං සුත්‍වා ආදිසති: -පෙ- අපි ච ඛො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති -පෙ- නපි විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරසද‍්දං සුත්‍වා ආදිසති, අපි ච ඛො අවිතක‍්කං අවිචාරං සමාධිං සමාපන‍්නස‍්ස චෙතසා චෙතො පරිච‍්ච පජානාති: යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුන‍්නාම විතක‍්කං විතක‍්කිස‍්සතීති. සො බහුඤ‍්චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ‍්ඤථා. ඉදම‍්පි භො ගොතම පාටිහාරියං යොව නං කරොති සොව නං පටිසංවෙදෙති. යොව නං කරොති, තස‍්සෙව තං හොති. ඉදම‍්පි භො ගොතම පාටිහාරියං මායාසහධම‍්මරූපං විය ඛායති.

භවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද? එනම්: මේ ලොව්හි කිසිවෙක් තාගේ සිත මෙසේත් වෙයි. තාගේ සිත මෙබඳුත් වෙයි. තාගේ සිත මෙ අයුරුදු වේය යි නිමිත්තෙන් කියයි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ, අන් පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි කිසිවෙක් නිමිත්තෙන් නො ම කියයි. වැලිත් මනුෂ්‍යයන්ගේ වේවයි, අමනුෂ්‍යයන්ගේ වේවයි, දේවතාවන්ගේ වේවයි, ශබ්දය අසා කියයි ... විතර්‍ක කරන්නහුගේ විචාර කරන්නහුගේ හෝ විතර්‍කවිෂ්ඵාර ශබ්දය අසා ද නො කියයි. වැලිදු අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් (මෙරමා) සිත පිරිසිඳ දන්නේය. යම්සේ මේ භවත්හුගේ මනඃසංස්කාරයෝ පිහිටුවනු ලද්දාහු ද, මේ සිතට අනතුරුව අසෝ විතර්‍කය කරන්නේය කියායි. හේ බොහෝ කොට ද කියා නම්, එය එසේ ම වේ. අන්පරිදි නො වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද යමෙක් ම කෙරේ නම් එය හෙ ම විඳුනේය. යමෙක් එය කෙරේ නම් එය ඔහුට ම වේ . භවත් ගෞතමයන් වහන්ස, මේ පෙළහර ද මායාස්වභාව ඇතිසේ මට වැටහේ.

යඤ‍්ච ඛො ඉදං භො ගොතම පාටිහාරියං ඉධෙකච‍්චො එවමනුසාසති : එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්‍ථ, ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති. ඉදමෙව භො ගොතම පාටිහාරියං ඛමති ඉමෙසං තිණ‍්ණං පාටිහාරියානං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

භවත් ගෞතමයන් වහන්ස, යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් වේ ද, එනම්: මෙලොව්හි කිසිවෙක් අනුශාසනා කෙරෙයි: මෙසේ සිතව නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව, නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුරලව, මෙයට පැමිණ වසව කියායි. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍යයන් අතුරෙන් අතිශය මැනැවැ යි ද අතිශය ප්‍රණීතය යි ද (මට) වැටහේ.

අච‍්ඡරියං භො ගොතම, අබ‍්භුතං භො ගොතම, යාව සුභාසිතමිදං භොතා ගොතමෙන. ඉමෙහි ච මයං තීහි පාටිහාරියෙහි සමන‍්නාගතං භවන‍්තං ගොතමං ධාරෙම. භවං හි ගොතමො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති -පෙ- යාව බ්‍රහ‍්ම ලොකාපි කායෙන වසං වත‍්තෙති. භවං හි ගොතමො අවිතක‍්කං අවිචාරං සමාධිං සමාපන‍්නස‍්ස චෙතසා චෙතො පරිච‍්ච පජානාති යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුන‍්නාම විතක‍්කං විතක‍්කිස‍්සතීති. භවං හි ගොතමො එවමනුසාසති : එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ, එවං මනසි කරොථ, මා එවං මනසාකත්‍ථ. ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති.

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙ යාවත්සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ තුන් පෙළහරින් සමන්‍විත කොට දරම්හ. භවත් ගෞතමයන් වහන්සේ වනාහි නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති. ... බඹලොව තෙක් ද කයින් වසය පවත්වති. භවත් ගෞතමයන් වහන්සේ ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් තමාගේ සිතින් මෙරමා සිත පිරිසිඳ දන්නාහ. ‘මේ පින්වත්හුගේ මනස්සංස්කාරයෝ යම්සේ පිහිටුවන ලද්දාහු නම්, මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ කියායි. භවත්ගෞතමයන් වහන්සේ ම මෙසේ අනුශාසනා කරණ සේක: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙය උපයාගෙන වසව’ යි කියායි.

අද‍්ධා ඛො ත්‍යායං බ්‍රාහ‍්මණ ආසජ‍්ජ උපනීයවාචා භාසිතා, අපි ච ත්‍යාහං ව්‍යාකරිස‍්සාමි. අහං හි බ්‍රාහ‍්මණ අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොමි -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙමි. අහං හි බ්‍රාහ‍්මණ අවිතක‍්කං අවිචාරං සමාධිං සමාපන‍්නස‍්ස චෙතසා චෙතො පරිච‍්ච පජානාමි, යථා ඉමස‍්ස භොතො මනොසඞ‍්ඛාරා පණිහිතා ඉමස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අමුන‍්නාම විතක‍්කං විතක‍්කිස‍්සතීති. අහං හි බ්‍රාහ‍්මණ එවමනුසාසාමි : එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ. එවං මනසි කරොථ, මා එවං මනසාකත්‍ථ. ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති.

බමුණ, ඒකාන්තයෙන් තා විසින් (මා ගුණෙහි) ගටා මවෙත එළවා (නතු කොට) බසෙක් කියන ලදි. වැලිදු මම තට ප්‍රකාශ කරමි. බමුණ මම ම නන් වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කරමි. ... බඹලොව තෙක්දු කයින් වසය පවත්වමි. බමුණ, මම ම අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියට සමවන් මාගේ සිතින් (ඔහු) සිත පිරිසිඳ දන්මි’. මේ භවත්හුගේ මනස්සංස්කාරයෝ යම් පරිද්දෙකින් පිහිටුවන ලද්දාහු ද (එහෙයින්) මේ සිතට අනතුරුව අසෝ නම් විතර්‍කය විතර්‍කණය කරන්නේය’ යි. බමුණ, මම ම මෙසේ අනුශාසනා කරමි: ‘මෙසේ සිතව. නහමක් මෙසේ සිතව. මෙසේ මෙනෙහි කරව. නහමක් මෙසේ මෙනෙහි කරව. මෙය දුර ලව. මෙයට පැමිණ වසව’ යි.

අත්‍ථි පන භො ගොතම අඤ‍්ඤො එකභික‍්ඛුපි යො ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන‍්නාගතො? අඤ‍්ඤත්‍ර භොතා ගොතමෙනාති? න ඛො බ්‍රාහ‍්මණ එකඤ‍්ඤෙව සතං, න ද‍්වෙ සතානි, න තීණි සතානි, න චත‍්තාරි සතානි, න පඤ‍්චසතානි. අථ ඛො භිය්‍යොව යෙ භික‍්ඛූ ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන‍්නාගතාති. කහං පන භො ගොතම එතරහි තෙ භික‍්ඛූ විහරන‍්තීති? ඉමස‍්මිං යෙව ඛො බ්‍රාහ‍්මණ, භික‍්ඛුසඞ‍්ඝෙති.

භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ තබා මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් යුක්ත වූ යම් කිසි අන් එක ද භික්‍ෂුවෙක් ඇත් ද? බමුණ, එක් සියෙක් ම නො වේ. දෙසියෙක් ම නො වේ. තුන්සියෙක් ම නො වේ. සාර සියෙක් ම නො වේ. පන්සියෙක් ම නො වේ. වැලිදු යම් කිසිවෙක් මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුණෙන් සමන්‍විත වේ නම්, ඔහු බෙහෙව. භවත් ගෞතමයන් වහන්ස, ඒ භික්‍ෂූහු මෙකල කොහි වෙසෙත් ද? බමුණ, මේ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි මැ වෙති.

අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණංගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යී.

බ්‍රාහ‍්මණවග‍්ගො පඨමො.

පළමුවන බ්‍රාහ්මණ වර්‍ගය යි.