3. 2. 1. 9
3. 2. 1. 9.
3. 2. 1. 9.
9. අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං -පෙ- එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච: යස්සස්සු භො ගොතම යඤ්ඤො වා සද්ධං වා ථාලිපාකො වා දෙය්යධම්මං වා තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු දානං දදෙය්යාති.
9. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළෙඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයන් වහන්ස, යමකුගේ වනාහි යඥයෙක් හෝ මතකබතෙක් හෝ මුළු බතෙක් හෝ (සෙසු) දේයධර්‍මයෙක් හෝ වේ නම් ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයන් කෙරෙහි දන් දෙන්නේ ය. (කියායි)
යථාකථං පන බ්‍රාහ්මණ බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති? ඉධ පන භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහායුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයොති. එවං ඛො භො ගොතම බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්තීති.
බමුණ, කී හෙයින් බ්‍රාහ්මණයෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත් දැයි? භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්හි බ්‍රාහ්මණ මවුපිය දෙපසින් සුජාතයෙක් වේ ද, සත්වන මහමුතුයුග තෙක් පිරිසිදු මවුගැබ් ඇත්තේ ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේ වේ ද, උපක්කෝසා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේදමන්ත්‍ර දරන්නේ නිඝණ්ටු කෙටුහ (ඡන්දොලඞ්කාර) ශාස්ත්‍ර සහිත වූ අක්ෂර ප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙර ගියේ වේ ද, පද හදාරන්නේ ව්‍යාකරණ දන්නේ වේ ද, ලෝකායත (විතණ්ඩ) ශාස්ත්රයෙහිදු මහා පුරුෂලක්‍ෂණයෙහි (අනූනව) පිරිපුන් දැනුම් ඇත්තේ වේ ද, භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා පණවත්.
අඤ්ඤථා ඛො බ්‍රාහ්මණ බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්ති, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. යථාකථං පන භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති? සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති. තෙන හි බ්‍රාහ්මණ සුණාහි -පෙ- භගවා එතදවොච :
බ්‍රාහ්මණය, බමුණෝ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා අන් පරිද්දෙකින් පණවති. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා කෙසේ නම් වේ ද? යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යා වේ නම්, එසේ භවත් ගෞතමයන් වහන්සේ මට දහම් දෙසනසේක් නම් මැනැවැ යි. එසේ වී නම් බමුණ, අසව, ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ඉධ බ්‍රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
බ්‍රාහ්මණය, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... සිවුවන දැහැන උපයා වෙසෙයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශයන් පහව ගිය කල්හි මෘදු වූ කල්හි කර්‍මයෝග්‍ය වූ කල්හි ස්ථිත කල්හි නොසැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපරපුර දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නමයි. හේ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු, ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් වූ පෙර විසූ කඳපරපුර සිහි කෙරෙයි. ඔහු විසින් මේ ප්‍රථම විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසන ලදි. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
හේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මහිත වූ කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති ඥානය පිණිස සිත වෙසෙසින් නමයි. හේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලබන ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලොකය උපන්නේ ය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට වන්නාක් සෙයිනි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතොති.
හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මකුශල වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස වෙසෙසින් සිත එළවයි. හේ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය ... ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවයෝ’ යි තත් වූ පරිදි දන්නේය. ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. (සිත) මිදුනු කල්හි මිදුනේය යන ඥානය වේ. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කරණී කරණ ලදි, ‘මේ කඳසතනින් අනෙක් කඳසතන් නැතැ’ යි දන්නේය. මේ තෙවන විද්‍යාව ඔහු විසින් ලබන ලදු. විද්‍යාව උපන. මොහඳුර නැසුනේය. ආලෝකය උපන්නේය. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නහුට වන්නාක් සෙයිනි.
20. යො සීලබ්බතසම්පන්නො පහිතත්තො සමාහිතො, චිත්තං යස්ස වසීභූතං එකග්ගං සුසමාහිතං.
20. යමෙක් ශීලව්‍රතයෙන් සමන්විත වූයේ ද, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ වේ ද, සමාධිගත සිත් ඇත්තේ වේ ද, යමකුගේ සිත විසිය වැටේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ වේ ද -
21. පුබ්බෙනිවාසං යො වෙති සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
21. යමෙක් පූර්වේනිවාසය දන්නේ වේ ද, ස්වර්ගයත් අපායත් දක්නේ වේ ද, වැලිත් ජාතික්ෂයට පැමිණියේ විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ ක්ෂීණාස්රව මුනි වේ ද -
22. එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො තමහං වදාමි තෙවිජ්ජං නාඤ්ඤං ලපිතලාපනන්ති.
22. තෙල ත්‍රිවිද්‍යායෙන් එ ක්ෂීණාස්රව බ්‍රාහ්මණ ත්‍රෛවිද්‍යා වෙයි. මම ඔහු ත්‍රෛවිද්‍යයා යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු (ත්රෛවිද්යායා යි) නො කියමි යි.
එවං ඛො බ්‍රාහ්මණ අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතීති.
බමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රෛවිද්‍යයා වෙයි.
අඤ්ඤථා භො ගොතම බ්රාහ්මණානං තෙවිජ්ජො. අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති. ඉමස්ස ච භො ගොතම අරියස්ස විනයෙ තෙවිජ්ජස්ස බ්රාහ්මණානං තෙවිජ්ජො කලං නාග්ඝති සොළසිං.
භවත් ගෞතමයන් වහන්ස, බමුණන්ගේ ත්‍රෛවිද්‍යයා අන් පරිද්දෙකින් වේ. ආර්‍ය්‍යවිනයෙහි වනාහි ත්‍රෛවිද්‍යයා අන්පරිද්දෙකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ආර්‍ය්‍යවිනයෙහි ත්රෛවිද්යයාහට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යයා සොළොස්වන කලාවටත් නො අගනේ ය.
අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම, -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉකල්ය ... අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.