යෙදුමෙන් කියවන්න

3. 2. 1. 8

3. 2. 1. 8.

3. 2. 1. 8.

8. අථ ඛො තිකණ‍්ණො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො තිකණ‍්ණො බ්‍රාහ‍්මණො භගවතො සම‍්මුඛා තෙවිජ‍්ජානං සුදං බ්‍රාහ‍්මණානං වණ‍්ණං භාසති “එවම‍්පි තෙවිජ‍්ජා බ්‍රාහ‍්මණා ඉතිපි තෙවිජ‍්ජා බ්‍රාහ‍්මණා”ති.

8. එකල්හි තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ... එකත් පසෙක හුන් තිකණ්ණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයන්ගේ ම ගුණ වණයි. “මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ. මෙසේත් බමුණෝ ත්‍රිවිද්‍යා ඇත්තාහ” කියායි.

යථා කථං පන බ්‍රාහ‍්මණ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණං තෙවිජ‍්ජං පඤ‍්ඤාපෙන‍්තීති? ඉධ භො ගොතම බ්‍රාහ‍්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං. පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයොති. එවං ඛො භො ගොතම බ්‍රාහ‍්මණා තෙවිජ‍්ජං පඤ‍්ඤාපෙන‍්තීති.

“බමුණ, කෙසේ හෙයින් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්දැ” යි. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි බමුණු මවු පසිනුදු පියපසිනුදු දෙපසින් මොනවට උපන්නේ වේ. පිරිසිදු මවුකුස ඇත්තේ සත්වන මහමුතු යුග තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලද්දේ නින්‍දා නොකරණ ලද්දේ වේ ද, වේද හදාරන්නේ වේ ද, මන්ත්‍ර දරන්නේ වේ ද, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත වූ ශික්‍ෂානිරුක්ති සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති, ත්‍රිවේදයේ පරතෙරට ගියේ වේ ද, පදපාඨ හදාරන්නේ ව්‍යාකරණ දන්නේත් වේ ද, විතණ්ඩවාද ශාස්ත්‍රයෙහි දු මහාපුරුෂලක්‍ෂණයෙහි දු සම්පූර්‍ණකාරී වේ ද, භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා ඇත්තකු කොට පණවත්ය” යි.

අඤ‍්ඤථා ඛො බ්‍රාහ‍්මණ බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණං තෙවිජ‍්ජං පඤ‍්ඤාපෙන‍්ති. අඤ‍්ඤථා ච පන අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජො හොතීති. යථා කථම‍්පන භො ගොතම අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජො හොති? සාධු මෙ භවංගොතමො තථා ධම‍්මං දෙසෙතු යථා අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජො හොතීති. තෙන හි බ්‍රාහ‍්මණ සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති. එවං භොති ඛො තිකණ‍්ණො බ්‍රාහ‍්මණො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච :

බ්‍රාහ්මණය, බමුණෝ අන්පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇති බමුණා පණවත්. ආර්‍ය්‍යවිනයෙහි අන්පරිද්දෙකින් ම ත්‍රිවිද්‍යා ඇත්තේ වේ. භවත් ගෞතමයන් වහන්ස, කිපරිදි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වේ ද? භවත් ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේ ද, එපරිදි මට ධර්‍මදේශනා කරණසේක් නම් මැනවි. බමුණ, එසේ නම් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි. පින්වතුන් වහන්ස, එසේය යි, තිකණ්ණ බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

ඉධ බ්‍රාහ‍්මණ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික‍්ඛන‍්ති: උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛස‍්ස ච පහාණා දුක‍්ඛස‍්ස ච පහාණා, පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

බමුණ, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ, ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්‍ෂා ද ඇත්තේ සිහිද ඇත්තේ සම්‍යක් ප්‍රඥා ද ඇත්තේ වෙසේ. කයින් සුඛයත් විඳුනේය. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේය’යි යම් ඒ පුඟුලකු කියත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ. අමුත්‍රාසිං එවන‍්නාමො, එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උප‍්පාදිං, තත්‍රාපාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො ඉධූපපන‍්නොති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. අයමස‍්ස පඨමා විජ‍්ජා අධිගතා හොති, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පවිත්‍ර වූ කල්හි කෙලෙස් අඞ්ගණ රහිත වූ කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පත් වූ කල්හි පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත එළවයි. හේ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. කෙසේය යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතළිසකුදු ජාති පණසකුදු ජාති සියකුදු ජාති දහසකුදු ජාති සියක්දහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහි කෙරෙයි. අසෝ තැන මෙනම් ඇත්තෙයිම් වීමි. මෙසේ ගොත් ඇත්තෙයිම් වීමි. මෙසේ පැහැ සටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු අහර ඇත්තෙයිම් වීමි. මෙ බඳු සුවදුක් විඳිනසුල්ලෙයිම් වීමි. මෙ බඳු ආයු කෙළවර ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව අසෝ තැන උපන්මි. එහිදු මෙ බඳු නම් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ගොත් ඇත්තෙයිම් මෙ බඳු පැහැසටහන් ඇත්තෙයිම් වීමි. මෙ බඳු ආහාර ඇත්තෙයිම් මෙ බඳු සුවදුක් විඳුනෙයිම් මෙ බඳු ආයු පර්‍ය්‍යන්ත ඇත්තෙයිම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරේ. මෙසේ ඔහු විසින් ප්‍රථම විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන මෝහාන්‍ධකාරය නසන ලද. ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ නිවන් කෙරෙහි මෙහෙයූ සිතැතිව වසන්නක්හට වන්නාක් සෙයිනි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචී -පෙ- මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචී -පෙ- මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. අයමස‍්ස දුතියා විජ‍්ජා අධිගතා හොති, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

හෙතෙම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වු කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලීමට පත් වූ කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපපත්තිඥානය පිණිස සිත එළවයි. හෙ තෙමේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණවූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දන්නේය, එකැතියෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු මිසදිටු ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයෙහි උපන්නාහු වෙති. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු වාක්සුචරිතයෙන් සමන්‍විත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙති. ඒ සත්ත්‍වයන් කාබුන් මරණින් මතු සොඳුරු ගති ඇති ස්වර්‍ගලෝකයට පිළිසිඳ විසින් පැමිණෙතී දන්නේ ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූත් උපදනා වූත් හීන වූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුවර්‍ණ වූත් මනා ගති ඇති, දුගති ඇති, කම් වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නේය. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදු. අවිද්‍යාව නසන ලදු. විද්‍යාව උපන. මොහඳුර නසනලද. ආලොකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නක්හට වන්නාක් සෙයිනි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චති, භවාසවාපි චිත‍්තං විමුච‍්චති, අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. අයමස‍්ස තතියා විජ‍්ජා අධිගතා හොති, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා; තමො විහතො, ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතොති.

හේ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අඞ්ගණ රහිත වූ කල්හි උපක්ලේශ දුරු වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටිකල්හි නො සැලීමට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හෙ ‘මේ දුකැ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්’යි තත් වූ පරිදි දන්නේය. ‘මොහු ආස්‍රවයෝ’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’ යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි තත් වූ පරිදි දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී පටිපදා’ යි තත් වූ පරිදි දන්නේය. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුනු කල්හි ‘සිත මිදුනේ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වේ. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදී. සිවුමගින් සොළොස් වැදෑරුම් කරණී කරණ ලදි. ‘මේ ෂෝඩශකරණීයභාවය පිණිස අන්මාර්‍ග භාවනායෙක් නැතැ’යි දන්නේය. ඔහු විසින් මේ තෙවන විද්‍යාව ලදු. ... අවිද්‍යාව නසන ලදු. මොහඳුර නසන ලද. ආලෝකය උපන. නො පමා වූ කෙලෙස් තවන වැර ඇති නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතිව වසන්නකුහට වන්නාක් සෙයිනි.

15. අනුච‍්චාවචසීලස‍්ස නිපකස‍්ස ච ඣායිනො, චිත‍්තං යස‍්ස වසීභූතං එකග‍්ගං සුසමාහිතං.

15. (විසිතුරු බවට නොපත්, එකතින්) වැඩුනු සිල් ඇති ප්‍රඥාවත් වූ ධ්‍යාන කරණ සුලු යමකුගේ සිත වසී වූයේ ද, එකඟ වූයේ ද, මොනොවට අරමුණෙහි පිහිටියේ ද,

16. තං වෙ තමොනුදං වීරං තෙවිජ‍්ජං මච‍්චුහායිනං, හිතං දෙවමනුස‍්සානං ආහු සබ‍්බප‍්පහායිනං.

16. ඒකාන්තයෙන් මොහඳුර දුරු කළ කෙලෙස් තවන වැර ඇති මරණය දුර ලූ දෙවිමිනිසුනට හිත වූ සියලු කෙලෙස් ප්‍රහත කළ ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි (බුද්ධාදි ආර්‍ය්‍යයෝ) කියත්.

17. තීහි විජ‍්ජාහි සම‍්පන‍්නං අසම‍්මූළ‍්හවිහාරිනං, බුද‍්ධං අන‍්තිමසාරීරං තං නමස‍්සන‍්ති ගොතමං.

17. ත්‍රිවිද්‍යායෙන් සම්පූර්‍ණ වූ නොමුළා වූ විහරණ ඇති අන්තිම සිරුර දරණ ඒ ගෞතම බුදුරදුන් (දෙවිමිනිස්සු) නමදිති.

18. පුබ‍්බෙනිවාසං යො වෙති සග‍්ගාපායඤ‍්ච පස‍්සති, අථො ජාතික‍්ඛයං පත‍්තො අභිඤ‍්ඤා වොසිතො මුනි.

18. යමෙක් පෙර විසූ කඳපරපුර දන්නේ වේ ද, ස්වර්‍ගය හා අපාය දක්නේ වේ ද, වැලිත් විශිෂ්ටඥානයෙන් දැන වැස නිමවූයේ සිවුමගනුවණින් මුනි වූයේ ජාතික්‍ෂයට පැමිණියේ ද,

19. එතාහි තීහි විජ‍්ජාහි තෙවිජ‍්ජො හොති බ්‍රාහ‍්මණො, තමහං වදාමි තෙවිජ‍්ජං නාඤ‍්ඤං ලපිතලාපනන‍්ති.

19. ඒ බමුණු තෙල ත්‍රිවිද්‍යායෙන් ත්‍රෛවිද්‍යා වේ. මම ඔහු ත්‍රිවිද්‍යා ඇත්තෙකැ යි කියමි. අනුන් කියු බස් මතු වන අනෙකකු ත්‍රෛවිද්‍යා යී නො කියමි.

එවං ඛො බ්‍රාහ‍්මණ අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජො හොතීති.

බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තේ වෙයි.

අඤ‍්ඤථා භො ගොතම, බ්‍රාහ‍්මණානං තෙවිජ‍්ජො, අඤ‍්ඤථා ච පන අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජො හොති. ඉමස‍්ස ච පන භො ගොතම අරියස‍්ස විනයෙ තෙවිජ‍්ජස‍්ස බ්‍රාහ‍්මණානං තෙවිජ‍්ජො කලං නාග‍්ඝති සොළසිං.

භවත් ගෞතමයන් වහන්ස, අන්‍යාකාරයෙකින් බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා වෙයි. ආර්‍ය්‍යවිනයෙහි වනාහි අන්පරිද්දෙකින් ත්‍රෛවිද්‍යා වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවිනයෙහි මේ ත්‍රෛවිද්‍යා බ්‍රාහ්මණයා හට බ්‍රාහ්මණයන්ගේ ත්‍රෛවිද්‍යා තෙමේ සොළොස්වන කලාවට ද නො අගනේ වෙයි.

අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉකලි. භවත් ගෞතමයන් වහන්ස, ඉකලි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවියෙන් ගත් සරණගිය උවසුවකු කොට දරණ සේක්වා යී.