3. 2. 1. 7
3. 2. 1. 7.
3. 2. 1. 7.
7. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : ‘සුතං මෙ තං භො ගොතම’ සමණො ගොතමො එවමාහ : මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං, මය්හමෙව දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං දින්නං මහප්ඵලං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති.’
7. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල අසන ලදි: ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති’ යි. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම සව්වනට දන් දිය යුතු ය. අනුන්ගේ සව්වනට දන් නො දිය යුතු ය. මට ම දුන් දැය මහත්ඵලය. අන්හට දුන් දැය මහත්ඵල නො වෙයි. මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල ය. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වේ’ යි.
යෙ තෙ භො ගොතම එවමාහංසු: සමණො ගොතමො එවමාහ: ‘මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං -පෙ- මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති. කච්චි තෙ භොතො ගොතමස්ස වුත්තවාදිනො? න ච භවන්තං ගොතමං අභූතෙන අබ්භාචික්ඛන්ති? ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති? න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භවන්තං ගොතම’න්ති.
භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කියත් නම්, ‘ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. ... මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල වෙයි. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති’ යි. “කිමෙක? ඔහු භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වදාරණ ලද්දක් කියන්නාහු වෙත් ද, භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? කියුවාට පිළිකියු කියද් ද? කිසියම් සහේතුක වූ වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ඒ ද? අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේ අභ්‍යාඛ්‍යාන නො කරනු කැමැත්තම්හ” යි.
යෙ තෙ වච්ඡ එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං -පෙ- නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති, න මෙ තෙ වුත්තවාදිනො. අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙන. යො ඛො වච්ඡ පරං දානං දදන්තං වාරෙති, සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො. කතමෙසං තිණ්ණං: දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති, පටිග්ගාහකානං ලාභන්තරායකරො හොති. පුබ්බෙව ඛො පනස්ස අත්තා ඛතො ච හොති උපහතො ච. යො ඛො වච්ඡ පරං දානං දදන්තං වාරෙති, සො ඉමෙසං තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො.
වත්සය, යම් කෙනෙක් මෙසේ කියත් නම්, “ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියති: මට ම දන් දිය යුතුය ... අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වෙති” යි. ඔහු මා පිළිබඳ කියන ලද්දක් කියන්නාහු නො වෙති. ඔහු අසත් වූ අභූතයෙන් මට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. වත්සය, යමෙක් දන් දෙන පරහු වළහා නම්, හේ තිදෙනකුට අන්තරායකර වෙයි, තිදෙනකුට කඩපලා (මංපහරණ) සොර වෙයි. කවර තුන් දෙනකුටය යත්: දායකයාගේ පිණට අනතුරු කරන්නේ වෙයි, ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නේ වෙයි, කැල ම ඔහුගේ ආත්මය සාළ ගුණ ඇත්තෙක් නසා ලූ ගුණ ඇත්තෙක් වෙයි. වත්සය, යමෙක් දන් දෙනා මෙරමා වළහා නම් හේ මේ තුන්දෙනාහට අන්තරායකර වෙයි. මේ තුන්දෙනාහට කඩපලා සොර වෙයි.
අහං ඛො පන වච්ඡ එවං වදාමි: ‘යෙපි තෙ චන්දනිකාය වා ඔලිගල්ලෙ වා පාණා, තත්රපි යො ථාලිධොවනං වා සරාවධොවනං වා ඡඩ්ඩෙති. යෙ තත්ථ පාණා, තෙ තෙන යාපෙන්තූ’ති. තතො නිදානම්පාහං වච්ඡ පුඤ්ඤස්ස ආගමං වදාමි. කො පන වාදො මනුස්සභූතෙ. අපි චාහං වච්ඡ සීලවතො දින්නං මහප්ඵලං වදාමි, නො තථා දුස්සීලෙ. සො ච හොති, පඤ්චඞ්ගවිප්පහීණො පඤ්චඞ්ගසමන්නාගතො. කතමානි පඤ්චඞ්ගානි පහීණානි හොන්ති: කාමච්ඡන්දො පහීණො හොති, බ්යාව්යාපාදො පහීණො හොති, ථීනමිද්ධං පහීණං හොති, උද්ධච්චකුක්කුච්චං පහීණං හොති, විචිකිච්ඡා පහීණා හොති. ඉමානි පඤ්චඞ්ගානි පහීණානි හොන්ති.
වත්සය, මම වැලිත් මෙසේ කියමි: ගවරවළෙක හෝ මොළෙක හෝ යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම්, එහිදු යමෙක් සැළිදොවුන් දිය හෝ වළං දොවුන් දිය හෝ “එහි යම් ප්‍රාණී කෙනෙක් වෙත් නම් ඔහු එයින් යපෙත්ව” යි දමා නම්, ඒ හේතු කොට ගෙණ ද වත්සය පුණ්‍යයාගේ ආගමනය මම කියමි. මනුෂ්‍ය වූවකු කෙරෙහි කියනු කිම! වත්සය, එතෙකුදු වුව, සිල්වත්නට දෙන ලද්ද මහත්ඵලය යි මම කියමි. දුශ්ශීලයාහට දෙන ලද්ද එසේ නො වේ. ඒ සිල්වත් තෙමේ ද ප්‍රහත පඤචාඞ්ග ඇතියේ සමන්වාගත පඤචාඞ්ග ඇතියේ වෙයි. කවර පසඟෙක් ප්‍රහත වේ ද යත්: කාමච්ඡන්දය ප්‍රහත වෙයි, ව්‍යාපාදය ප්‍රහත වෙයි, ථීනමිද්ධය ප්‍රහත වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහත වෙයි, විචිකිච්ඡාව ප්‍රහත වෙයි. මේ පඤ්චාඞ්ගයෝ ප්‍රහත වෙත්.
කතමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති: අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති. ඉති පඤ්චඞ්ගවිප්පහීණෙ පඤ්චඞ්ගසමන්නාගතෙ දින්නං මහප්ඵලන්ති වදාමීති.
කවර පසඟෙකින් සමන්වාගත වේ ද? “අශෛක්ෂ ශීලස්කන්ධයෙන් යුක්ත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් යුක්ත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් යුක්ත වෙයි. අශෛක්ෂ විමුක්තිස්කන්ධයෙන් යුක්ත වෙයි. අශෛක්ෂ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් යුක්ත වෙයි. මේ පසඟින් යුක්ත වෙයි. මෙසේ ප්‍රහත වූ අඞ්ග පසක් ඇති අඞ්ග පසෙකින් යුක්ත වූවහු කෙරෙහි දෙන ලද දැය මහත්ඵල ය යි කියමි.
6. ඉති කණ්හාසු සෙතාසු රොහිණීසු හරීසු වා, කම්මාසාසු සරූපාසු ගොසු පාරෙවතාසු වා.
6. මෙසේ කළු වූත් සුදු වූත් රතු වූත් පලාවන් වූත් චිත්රවර්ණ වූත් වස්සන් හා සමාන රූ ඇත්තා වූත් කොබෝවන් පැහැති වූත් දෙනුන් කෙරෙහි දැයි.
7. යාසු කාසුචි එතාසු දන්තො ජායති පුඞ්ගවො, ධොරය්හො බලසම්පන්නො කල්යාණජවනික්කමො,
7.තෙල යම් කිසි දෙන කෙනකුන් අතුරෙහි දැමුණු ධුරවහනයට යෝග්‍ය වූ බලසම්පන්න වූ කලණ ජවයෙන් යන වෘෂභයෙක් උපදනේ වේ ද.
8. තමෙව භාරෙ යුඤ්ජන්ති නාස්ස වණ්ණං පරික්ඛරෙ, එවමෙව මනුස්සෙසු යස්මිං කස්මිඤ්චි ජාතියෙ.
8-9. ඔහු ම භාරෝද්වහන්යෙහි ලා යොදත්. ඔහුගේ වර්ණය එළවා නො බලත්. එසෙයින් ම මිනිසුන් කෙරෙහි යම් කිසි කුලජාතයෙක් ක්ෂත්රිය වේව යි, බ්‍රාහ්මණ වේව යි, වෛශ්‍ය වේව යි, ශුද්‍ර වේව යි, සැඬල් පුප්සඬු වේව යි තෙල යම් කිසි කුලයෙක දැමුණු මනා ව්‍රත ඇති.
9. ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ, යාසු කාසු චි එතාසු දන්තො ජායති සුබ්බතො.
10. ධම්මට්ඨො සීලසම්පන්නො සච්චවාදී හිරීමනො, පහීණජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී.
10. දහම්හි සිටි සිල් සපන් සැබව බණන පාපයෙහි ලා සලජ්ජසිත් ඇති පැහූ දෑ මරණ ඇති බඹසර පිරිපුන් කළ.
11. පන්නභාරො විසංයුත්තො කතකිච්චො අනාසවො, පාරගූ සබ්බධම්මානං අනුපාදාය නිබ්බුතො.
11. බහා තැබූ කෙලෙස් බර ඇති එහෙයින් ම (කායාදි විවේකයෙන්) විසංයුක්ත වූ කළ මගකිස ඇති ආස්‍රව නැති (පඤචස්කන්ධාදි) දහමුන්ගේ පර තෙර පත් කෙලෙස් විසින් නො ගෙණ පිරිනිවී රහතෙක් උපදනේ ද.
12. තස්මිඤ්ඤෙව විරජෙ ඛෙත්තෙ විපුලා හොති දක්ඛිණා. බාලා ච අවිජානන්තා දුම්මෙධා අස්සුතාවිනො.
12. එම අර්හත් සඞ්ඛ්‍යාත ක්ෂේත්රයෙහි දක්ෂිණාව විපුල වේ. කෙත නො දන්නා දුෂ්ප්‍රාඥ වූ කෙත් විනිස නො ඇසූ බාලයෝ.
13. බහිද්ධා දදන්ති දානානි න හි සන්තෙ උපාසරෙ, යො ච සන්තෙ උපාසන්ති සප්පඤ්ඤෙ ධීරසම්මතෙ.
13. බැහැර තව්සන් කෙරෙහි දන් දෙති. බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා නො කෙරෙත්. යම් කෙනෙක් සත්ප්රාඥ වූ ධීර සම්මත වූ බුද්ධාදි සත්පුරුෂයන් උපාසනා කෙරෙත් ද.
14. සද්ධා ච නෙසං සුගතෙ මූලජාතා පතිට්ඨිතා, දෙවලොකඤ්ච තෙ යන්ති කුලෙ වා ඉධ ජායරෙ. අනුපුබ්බෙන නිබ්බානං අධිගච්ඡන්ති පණ්ඩිතාති.
14. උන්ගේ ශ්‍රද්ධාව සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇති ව පිහිටියා වෙයි. ඒ පණ්ඩිතයෝ දෙව්ලොව ද යෙත්. මෙලොව උසස් කුලෙහි හෝ උපදිත්. ක්‍රමයෙන් නිර්වාණය පසක් කෙරෙත්.