යෙදුමෙන් කියවන්න

3. 2. 1. 6

3. 2. 1. 6.

3. 2. 1. 6.

6. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණමහාසාලො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණමහාසාලො භගවන‍්තං එතදවොච : ‘සුතං මෙතං භො ගොතම පුබ‍්බකානං බ්‍රාහ‍්මණානං වුද‍්ධානං මහල‍්ලකානං ආචරියපාචරියානං භාසමානානං : ‘පුබ‍්බස‍්සුදං අයං ලොකො අවීචිමඤ‍්ඤෙ ඵුටො හොති මනුස‍්සෙහි, කුක‍්කුටම‍්පාතිකා ගාමනිගමරාජධානියො’ති. කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො යෙනෙතරහි මනුස‍්සානං ඛයො හොති, තනුත‍්තං පඤ‍්ඤායති, ගාමාපි අගාමා හොන‍්ති, නිගමාපි අනිගමා හොන‍්ති, නගරාපි අනගරා හොන‍්ති, ජනපදාපි අජනපදා හොන‍්තී’ති.

6. එකල්හි එක්තරා මහසල්කුල බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘පෙර වනාහි මේ ලෝකය මිනිසුන් විසින් අවීචිය සේ නිරතුරු පිරුණේ වෙයි. ගම් නියම්ගම් රජදහන්හු (කුකුළකු විසින් පියහසරින් යා හැකි පමණ නුදුරෙහි වූ පියසි ඇති බැවින්) කුක්කුට සමපාතික වූහ’ යි. පෙර විසූ වෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය වූ බණන බමුණන් අතින් මවිසින් අසනලදී’ යි. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්‍රත්‍යය කවර’යි විචාළේ ය.

එතරහි බ්‍රාහ‍්මණ මනුස‍්සා අධම‍්මරාගරත‍්තා විසමලොභාභිභූතා මිච‍්ඡාධම‍්මපරෙතා. තෙ අධම‍්මරාගරත‍්තා විසමලොභාභිභූතා මිච‍්ඡාධම‍්මපරෙතා තිණ‍්හානි සත්‍ථානි ගහෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ජීවිතා වොරොපෙන‍්ති, තෙන බහූ මනුස‍්සා කාලං කරොන‍්ති. අයම‍්පි ඛො බ්‍රාහ‍්මණ හෙතු, අයං පච‍්චයො යෙනෙතරහි මනුස‍්සානං ඛයො හොති, තනුත‍්තං පඤ‍්ඤායති, ගාමාපි අගාමා හොන‍්ති, නිගමාපි අනිගමා හොන‍්ති, නගරාපි අනගරා හොන‍්ති, ජනපදාපි අජනපදා හොන‍්ති.

බමුණ, මෙකල වනාහි මනුෂ්‍යයෝ අධර්‍මරාගයෙන් රත් වූවාහු විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔහු තියුණු සැත් ගෙණ උනුන් දිවි තොර කෙරෙත්. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙත්. යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනු බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර දු නො නුවර වේ නම්, දනවුදු නො දනවු වේ නම්, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වේ.

පුන චපරං බ්‍රාහ‍්මණ එතරහි මනුස‍්සා අධම‍්මරාගරත‍්තා විසමලොභාභිභූතා මිච‍්ඡාධම‍්මපරෙතා. තෙසං අධම‍්මරාගරත‍්තානං විසමලොභාභිභූතානං මිච‍්ඡාධම‍්මපරෙතානං දෙවො න සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡති. තෙන දුබ‍්භික‍්ඛං හොති දුස‍්සස‍්සං සෙතට‍්ඨිකං සලාකාවුත‍්තං. තෙන බහූ මනුස‍්සා කාලං කරොන‍්ති. අයම‍්පි ඛො බ්‍රාහ‍්මණ හෙතු, අයං පච‍්චයො යෙනෙතරහි මනුස‍්සානං ඛයො හොති, තනුත‍්තං පඤ‍්ඤායති, ගාමාපි අගාමා හොන‍්ති, නිගමාපි -පෙ- ජනපදාපි අජනපදා හොන‍්ති.

වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත් වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට මේඝය මැනවින් වැසි දහර නො පවත්වයි. එයින් දුර්භික්‍ෂ වෙයි. ශස්‍යයෝ විෂමපාකී වෙති. සේතට්ඨිකා නම් ශස්‍යරෝගය වෙහි. වපුළ ධ්‍යාන්‍යය ඉරටු ම වෙයි. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු ... දනවුදු නො දනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි, එයට ප්‍රත්‍යය වේ.

පුන චපරං බ්‍රාහ‍්මණ එතරහි මනුස‍්සා අධම‍්මරාගරත‍්තා විසමලොභාභිභූතා මිච‍්ඡාධම‍්මපරෙතා. තෙසං අධම‍්මරාගරත‍්තානං විසමලොභාභිභූතානං මිච‍්ඡාධම‍්මපරෙතානං යක‍්ඛා වාලෙ මනුස‍්සෙ ඔස‍්සජන‍්ති. තෙන බහූ මනුස‍්සා කාලං කරොන‍්ති. අයම‍්පි ඛො බ්‍රාහ‍්මණ හෙතු, අයං පච‍්චයො යෙනෙතරහි මනුස‍්සානං ඛයො හොති, තනුත‍්තං පඤ‍්ඤායති, ගාමාපි අගාමා හොන‍්ති, නිගමාපි අනිගමා හොන‍්ති, නගරාපි අනගරා හොන‍්ති, ජනපදාපි අජනපදා හොන‍්තීති.

වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්‍මරාගයෙන් රත්වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වෙති. අධර්‍මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්‍යාධර්‍මයෙන් යුක්ත වූ ඔවුනට යක්‍ෂයෝ සැඩයකුන් මුදා හරිති. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු දු නොදනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි. මෙ ද එයට ප්‍රත්‍යය වේ.

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා’ යි.