යෙදුමෙන් කියවන්න

3. 2. 1. 5

3. 2. 1. 5.

3. 2. 1. 5.

5. අථ ඛො ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච : ‘සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං සන්‍දිට‍්ඨිකං නිබ‍්බානන‍්ති’ භො ගොතම වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භො ගොතම සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං හොති අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති?

5. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ජානුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: භවත් ගෞතමයන් වහන්ස, ‘නිර්‍වාණය සාංදෘෂ්ටිකය, නිර්‍වාණය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ ද අකාලික වේ ද ඒහිපස්සික වේ ද ඕපනයික වේ ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ දැ?’ යි.

රත‍්තො ඛො බ්‍රාහ‍්මණ රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවං ඛො, බ්‍රාහ‍්මණ, සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං හොති.

බමුණ, රාගයෙන් ඇලුනේ රාගයෙන් මැඩුනේ, රාගයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමාට පීඩා පිණිස ද නො සිතයි, මෙරමාහට පීඩා පිණිස ද නො සිතයි, දෙපසට පීඩා පිණිස ද නො සිතයි. චෛතසික දුක් දොම්නස් ද නො විඳියි. බ්‍රාහ්මණය, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.

දුට‍්ඨො ඛො බ්‍රාහ‍්මණ දොසෙන -පෙ- මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවං ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං හොති.

බමුණ, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මෝහයෙන් මැඩුනේ මෝහයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට පීඩා පිණිස ද සිතයි. දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. බමුණ, ද්වේෂය ප්‍රහීණ වත් ම ... මෝහය ප්‍රහීණවත් ම තමාට පීඩා පිණිස නො සිතයි. මෙරමාහට පීඩා පිණිස නො සිතයි. දෙපසට ම පීඩා පිණිස නො සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳියි. බමුණ, මෙසේත් නිර්‍වාණය සාංදෘෂ්ටික වේ.

යතො ච ඛො අයං බ්‍රාහ‍්මණ අනවසෙසං රාගක‍්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං දොසක‍්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං මොහක‍්ඛයං පටිසංවෙදෙති. එවං ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං හොති අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති.

බමුණ, යම් තැනෙක පටන් කොට මෙ තෙමේ නිරවශේෂයෙන් රාගක්‍ෂය (සඞ්ඛ්‍යාත නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් ද්වේෂක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, නිරවශේෂයෙන් මෝහක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි නිර්‍වාණය සාංදෘෂ්ටික වෙයි, අකාලික වෙයි, ඒහිපස්සික වෙයි, ඕපනයික වෙයි, නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ යි.

අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.