යෙදුමෙන් කියවන්න

3. 2. 1. 4

3. 2. 1. 4.

3. 2. 1. 4.

4. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණපරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණපරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : සන්‍දිට‍්ඨිකො ධම‍්මො සන්‍දිට‍්ඨිකො ධම‍්මොති භො ගොතම වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භො ගොතම සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

4. එකල්හි එක්තරා බමුණු පිරිවැජියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ බමුණු පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද, අකාලික වේ ද, ඒහිපස්සික වේ ද, ඕපනයික වේ ද, නුවණැත්තන් විසින් සියසතන්හි ලා දතයුතු වේ දැ?’ යි.

රත‍්තො ඛො බ්‍රාහ‍්මණ රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්‍රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි.

රත‍්තො ඛො බ්‍රාහ‍්මණ රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. රාගෙ පහීණෙ නෙව කායෙන දුච‍්චරිතං චරති, න වාචාය දුච‍්චරිතං චරති, න මනසා දුච‍්චරිතං චරති. රත‍්තො ඛො බ්‍රාහ‍්මණ රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තත්‍ථම‍්පි යථාභූතං නප‍්පජානාති, පරත්‍ථම‍්පි යථාභූතං නප‍්පජානාති, උභයත්‍ථම‍්පි යථාභූතං නප‍්පජානාති. රාගෙ පහීනෙ අත‍්තත්‍ථම‍්පි යථාභූතං පජානාති, පරත්‍ථම‍්පි යථාභූතං පජානාති, උභයත්‍ථම‍්පි යථාභූතං පජානාති. එවම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති -පෙ-

බ්‍රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි. බමුණ, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. රාගය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ ද ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. ...

දුට‍්ඨො ඛො බ්‍රාහ‍්මණ දොසෙන -පෙ- මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි -පෙ- උභයව්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. මෝහය ප්‍රහීණවත් ම තමහට පීඩා පිණිස ද නො සිතයි. මෙරමාහට පීඩා පිණිස ද නොසිතයි. දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික දුක් දොම්නස් නොම විඳියි.

මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. මොහෙ පහීණෙ නෙව කායෙන දුච‍්චරිතං චරති, න වාචාය දුච‍්චරිතං චරති, න මනසා දුච‍්චරිතං චරති. මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තත්‍ථම‍්පි යථාභූතං නප‍්පජානාති, පරත්‍ථම‍්පි -පෙ- නප‍්පජානාති. මොහෙ පහීණෙ අත‍්තත්‍ථම‍්පි යථාභූතං පජානාති, පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි යථාභූතං පජානාති. එවං ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මෝහය ප්‍රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... මනසින් දුසිරිත් නො ම කරයි. බමුණ, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. මෝහය ප්‍රහීණ වත්ම ආත්මාර්‍ත්‍ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්‍රාහ්මණය, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික ද අකාලික ද ඒහිපස්සික ද ඕපනයික ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුත්තේ ද වේ.

අභික‍්කන‍්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවියෙන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.