යෙදුමෙන් කියවන්න

3. 2. 1. 3

3. 2. 1. 3.

3. 2. 1. 3.

3. අථ ඛො අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච : සන්‍දිට‍්ඨිකො ධම‍්මො ‘සන්‍දිට‍්ඨිකො ධම‍්මො’ති භො ගොතම වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භො ගොතම සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

3. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස්ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සාංදෘෂ්ටිකය, ධර්‍මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්‍මය සාංදෘෂ්ටික වේ ද? අකාලික වේ ද? ‘එව, බලව’ යන විධියට සුදුසු වේ ද? උපනයනාර්‍හ වේ ද? නුවණැත්තන් විසින් තමා සතන්හි ලා දතයුතු වේ දැ? යි.

රත‍්තො ඛො බ්‍රාහ‍්මණ, රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති, න උභයව්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවම‍්පි ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති -පෙ- දුට‍්ඨො ඛො බ්‍රාහ‍්මණ දොසෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි -පෙ- උභයව්‍යාබාධායපි චෙතෙති. න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති -පෙ- මූළ‍්හො ඛො බ්‍රාහ‍්මණ මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො අත‍්තව්‍යාබාධායපි චෙතෙති. පරව්‍යාබාධායපි -පෙ- උභයව්‍යාබාධායපි චෙතෙති. චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. මොහෙ පහීණෙ නෙවත‍්තව්‍යාබාධායපි චෙතෙති, න පරව්‍යාබාධායපි චෙතෙති. න උභයව්‍යාබාධායපි චෙතෙති. න චෙතසිකං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එවං ඛො බ්‍රාහ‍්මණ සන්‍දිට‍්ඨිකො ධම‍්මො හොති අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත”න‍්ති.

බ්‍රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්‍රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. ... බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, මානසික දුක්දොම්නස් විඳියි. ද්වේෂය ප්‍රහත වත් ම ආත්මපීඩාව පිණිස නො සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස නො සිතයි. මානසික දුක් දොම්නස් නොවිඳියි. ... බ්‍රාහ්මණය, මෙසේත් ධර්‍මය සාංදෘෂ්ටික වේ. බ්‍රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩාව පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක්දොම්නස් ද විඳියි. මෝහය ප්‍රහතවත් ම ආත්මපීඩාව පිණිස ද නො සිතයි. මෙරමාහට ... පීඩා පිණිස ද ... දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික වූ දුක්දොම්නස් නො විඳියි. බමුණ, මෙසේ වනාහි ධර්‍මය සාංදෘෂ්ටික වෙයි. කල් නොයවා විපාක දෙන්නේ වේ. ‘එව බලව’ යන විධියට සුදුසු වේ. උපනයනාර්‍හ වේ. නුවණැත්තන් විසින් තමා සතන්හි එළවා දතයුතු වේ යයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දරණසේක්වා යි.