3. 2. 1. 2
3. 2. 1. 2.
3. 2. 1. 2.
2. අථ ඛො ද්වෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසංවස්සසතිකා ජාතියා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණා භගවන්තං එතදවොචුං: මයමස්සු භො ගොතම බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා. තෙ චම්හා අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ඔවදතු නො භවං ගොතමො, අනුසාසතු නො භවං ගොතමො, යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
2. එකල්හි ජරාජීර්ණ වයෝ වෘද්ධ දෑමහලු තුන්වයස් පැනගිය පැසිම් වයසට පැමිණි උපතින් එක්සියවිසිහැවිරිදි දෙබමුණු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාජීර්ණ වයෝවෘද්ධ මහලු තුන් වයස් පැනගිය පැසිම් වියට පැමිණි උපතින් එක්සිය විසි හැවිරිදි බමුණම්හ. ඒ අපිදු නොකළ කලණදහම් ඇතියම්හ. නොකළ කුසල් ඇතියම්හ. නොකළ භයපරිත්‍රාණ ඇත්තම්හ. යමක් අපට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වේ නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට එසේ අනුශාසනා කරණ සේක්වා.
තග්ඝ තුම්හෙ බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා. තෙ චත්ථ අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ආදිත්තො ඛො අයං බ්රාහ්මණා ලොකො ජරාය ව්යාධිනා මරණෙන. එවං ආදිත්තෙ ඛො බ්රාහ්මණා ලොකෙ ජරාය ව්යාධිනා මරණෙන යො ඉධ කායෙන සඤ්ඤමො, වාචාය සඤ්ඤමො මනසා සඤ්ඤමො. තං තස්ස පෙතස්ස තාණඤ්ච ලෙණඤ්ච දීපඤ්ච සරණඤ්ච පරායණඤ්චාති.
සැබව, බ්‍රාහ්මණයෙනි,තෙපි ජරාජීර්ණවහු, වයෝවෘද්ධවහු, මහලුවහු, ගතවයස් ඇතියහු, පැසිම්වියට ද පැමිණියහු, උපතින් එක්සියවිසිහැවිරිදි වහු ම ය. ඒ තෙපිදු නොකළ කලණදහම් ඇත්තහු ය, නොකළ කුසල් ඇත්තහු ය, නොකළ භයපරිත්‍රාණ ඇත්තහු ය. බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ඇවිළ ගන්නා ලද්දේ ය. බ්‍රාහ්මණයෙනි, මෙසේ ජරාව විසිනුදු ව්‍යාධිය විසිනුදු මරණය විසිනුදු ලෝකය ඇවිළ ගණුත් ම, මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වචනයෙන් යම් සංයමයෙක් වේ ද, වැලිත් මනසින් යම් සංයමයෙක් වේ ද, එය පරලොව ගිය ඔහට ආරක්ෂාස්ථාන ද නිලීයනස්ථාන ද ප්‍රතිෂ්ඨාස්ථාන ද ශරණස්ථාන ද පරායණස්ථාන ද වේ යි.
3. ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.
3. ගෙය ඇවිළගත් කල්හි යම් බඳුනක් බැහැර කෙරේ ද, එය ගෙහිමි ඔහුට වැඩ පිණිස වෙයි. යම් බඳුනෙක් එහි දැවේ නම්, එය වැඩ පිණිස නො වෙයි.
4. එවං ආදිපිතො ලොකො ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහටං.
4. මෙසේ ජරාව විසිනුදු මරණය විසිනුදු ලෝවැසි හාත්පසින් ඇවිළ ගන්නා ලද්දේ ය. දීමෙන් ම බැහැර කරගන්නේ ය. දෙන ලද්ද මොනොවට නෙරණ ලද්දේ වේ.
5. යො‘ධ කායෙන සඤ්ඤමො වාචාය උද චෙතසා, තං තස්ස පෙතස්ස සුඛාය හොති යං ජීවමානො පකරොති පුඤ්ඤන්ති.
5. මෙහි කයින් යම් සංයමයෙක් වේ ද, වැලිත් වචනයෙන් යම් සංයමයෙක් වේ ද, සිතින් යම් සංයමයෙක් වේ ද, ජීවත් වනුයේ යම් පිනක් කරයි ද එය පරලොව ගිය ඔහට සුව පිණිස වේ යි.