1. පඨමද්වෙබ්රාහ්මණසුත්තවණ්ණනා අට්ඨකථා
1. පඨමද්වෙබ්රාහ්මණසුත්තවණ්ණනා
3. 2. 1. 1
බ්රාහ්මණවග්ගස්ස පඨමෙ ජිණ්ණාති ජරාජිණ්ණා. වුද්ධාති වයොවුද්ධා. මහල්ලකාති ජාතිමහල්ලකා. අද්ධගතාති තයො අද්ධෙ අතික්කන්තා. වයොඅනුප්පත්තාති තතියං වයං අනුප්පත්තා. යෙන භගවා තෙනුපසඞ්කමිංසූති පුත්තදාරෙ අත්තනො වචනං අකරොන්තෙ දිස්වා “සමණස්ස ගොතමස්ස සන්තිකං ගන්ත්වා නිය්යානිකමග්ගං ගවෙසිස්සාමා”ති චින්තෙත්වා උපසඞ්කමිංසු. මයමස්සු, භො ගොතම, බ්රාහ්මණාති; භො ගොතම, මයං බ්රාහ්මණා න ඛත්තියා නාමච්චා න ගහපතිකාති බ්රාහ්මණභාවං ජානාපෙත්වා ජිණ්ණාතිආදිමාහංසු. අකතභීරුත්තාණාති අකතභයපරිත්තාණා. අවස්සයභූතං පතිට්ඨාකම්මං අම්හෙහි න කතන්ති දස්සෙන්ති. තග්ඝාති එකංසත්ථෙ නිපාතො, සම්පටිච්ඡනත්ථෙ වා. එකන්තෙන තුම්හෙ එවරූපා, අහම්පි ඛො එතං සම්පටිච්ඡාමීති ච දස්සෙති. උපනීයතීති උපසංහරීයති. අයං හි ජාතියා ජරං උපනීයති, ජරාය බ්යාධිං, බ්යාධිනා මරණං, මරණෙන පුන ජාතිං. තෙන වුත්තං – “උපනීයතී”ති.
බ්රාහමණවර්ගයෙහි පළමු සූත්‍රයෙහි ජිණ්ණා යනු ජරාවෙන් දිරුණාවූයි. වුද්ධා යනු වයසින් මහළුවූයි. මහල්ලකා යනු උපත හේතුකොටගෙන මහළු වූයි. අද්ධගතා යනු තුන්විය ඉක්මුණාවූයි. වයොඅනුප්පත්තා යනු තෙවන වියට පැමිණියාවූයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු තමන්ගේ වචනය පිළිනොගන්නා අඹුදරුවන් දැක ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට ගොස් නෛර්යානික මාර්ගය සොයන්නෙමුයයි සිතා එළැඹියාහුය. මයමස්සු භො ගොතම බ්රාහ්මණා යනු භවත් ගෞතමය අපි බ්‍රාහ්මණයෝ වෙමු. ක්ෂත්රියයෝ නොවෙමු. ඇමතියෝ නෙවෙමු. ගෘහපතියෝ නොවෙමුයි බමුණු බව හඟවා ජිණ්ණා යනාදිය කීහ. අකතභීරුත්තානා යනු බියෙන් ආරක්ෂාවීමක් නොකළාවූයි. අවශ්‍යවූ ප්‍රතිෂ්ඨාවක් අපවිසින් නොකරන ලදැයි දක්වත්. තග්ඝ යනු ඒකාන්ත (ස්ථිර) යන අර්ථයෙහි හෝ පිළිගැනීම් අර්ථයෙහි නිපාතයෙකි. ඒකාන්තයෙන් නුඹලා මෙබඳුවූවාහුය. මමද මෙය පිළිගනිමියි දැක්වෙයි. උපනිය්යති යනු ළඟට පමුණුවනු ලබයි. මෙය වනාහි උපතින් ජාරාවද ජරාවෙන් ව්‍යාධියද ව්‍යාධියෙන් මරණයද මරණයෙන් නැවත උපතද ගෙනදෙනු ලබයි. එහෙයින් ළඟට පමුණුවනුලබයි යනුවෙන් කියනලදී.
ඉදානි යස්මා තෙ බ්රාහ්මණා මහල්ලකත්තා පබ්බජිත්වාපි වත්තං පූරෙතුං න සක්ඛිස්සන්ති, තස්මා නෙ පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙන්තො භගවා යොධ කායෙන සංයමොතිආදිමාහ. තත්ථ කායෙන සංයමොති කායද්වාරෙන සංවරො. සෙසෙසුපි එසෙව නයො. තං තස්ස පෙතස්සාති තං පුඤ්ඤං තස්ස පරලොකං ගතස්ස තායනට්ඨෙන තාණං, නිලීයනට්ඨෙන ලෙණං, පතිට්ඨානට්ඨෙන දීපො, අවස්සයනට්ඨෙන සරණං, උත්තමගතිවසෙන පරායණඤ්ච හොතීති දස්සෙති. ගාථා උත්තානත්ථායෙව. එවං තෙ බ්රාහ්මණා තථාගතෙන පඤ්චසු සීලෙසු සමාදපිතා යාවජීවං පඤ්ච සීලානි රක්ඛිත්වා සග්ගෙ නිබ්බත්තිංසු.
දැන් යම්හෙයකින් මේ බමුණෝ මහලු බැවින් පැවිදිව වත්පුරන්නට නොහැකි වෙත්ද එහෙයින් ඔවුන් පන්සිල්හි පිහිටුවමින් භාග්‍යවතුන්වහන්සේ ‘යොධ කායෙන සඤ්ඤමො’ යනාදිය වදාළසේක. එහි කායෙන සඤ්ඤමො යනු කායද්වාරයෙහි හික්මීමයි. සෙසු තන්හිද එම ක්‍රමයමැයි. තත්තස්ස පෙතස්ස යනු ඒ පින පරලොව ගිය ඔහුටයි. රැකීම් අර්ත්ථයෙන් තානං නමි. සැඟවීම් අර්ත්ථයෙන් ලෙනං නමි. පිහිටීම් අර්ත්ථයෙන් දීපො නමි. පිහිට කොට ගැනීම් අර්ත්ථයෙන් සරණං නමි. උතුම් ගතිවශයෙන් පරායනං පරායනය (යොමු) වේයයි දක්වයි. ගාථා පැහැදිලි අර්ත්ථ ඇත්තේය. මෙසේ ඒ බමුණෝ තථාගතයනවහන්සේ විසින් පන්සිල්හි සමාදන් කරවනලද්දාහු දිවි ඇතිතෙක් පන්සිල් රැක ස්වර්ගයෙහි උපන්නාහුය.
2. දුතියද්වෙබ්රාහ්මණසුත්තවණ්ණනා
3. 2. 1. 2
දුතියෙ භාජනන්ති යංකිඤ්චි භණ්ඩකං. සෙසං පඨමෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
දෙවැන්නෙහි භාජනං යනු යම්කිසි උපකරණයකි. සෙස්ස පළමුවනැන්නෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
3. අඤ්ඤතරබ්රාහ්මණසුත්තවණ්ණනා
3. 2. 1. 3
තතියෙ සම්මොදනීයන්ති සම්මොදජනනිං. සාරණීයන්ති සරිතබ්බයුත්තකං. වීතිසාරෙත්වාති පරියොසාපෙත්වා. කිත්තාවතාති කිත්තකෙන. සන්දිට්ඨිකො ධම්මො හොතීති සාමං පස්සිතබ්බො හොති. අකාලිකොති න කාලන්තරෙ ඵලදායකො. එහිපස්සිකොති “එහි පස්සා”ති එවං දස්සෙතුං සක්කාති ආගමනීයපටිපදං පුච්ඡති. ඔපනෙය්යිකොති අත්තනො චිත්තං උපනෙතබ්බො. පච්චත්තං වෙදිතබ්බොති සාමංයෙව ජානිතබ්බො. විඤ්ඤූහීති පණ්ඩිතෙහි. පරියාදින්නචිත්තොති ආදින්නගහිතපරාමට්ඨචිත්තො හුත්වා. චෙතෙතීති චින්තෙති. සෙසමෙත්ථ උත්තානමෙව. ඉමස්මිං පන සුත්තෙ බ්රාහ්මණෙන ලොකුත්තරමග්ගො පුච්ඡිතො, සත්ථාරාපි සොයෙව කථිතො. සො හි සාමං පස්සිතබ්බත්තා සන්දිට්ඨිකො නාමාති.
තෙවැන්නෙහි සම්මොදනීයං යනු සතුට දනවන්නාවුයි. සාරාණීයං යනු සිහිපත්කළ යුත්තකි. වීතිසාරෙත්වා යනු අවසන් කොටයි. කිත්තාවතා යනු කොපමණකින් යනුයි. සන්දිට්ඨිකො ධම්මො හොති යනු තෙමේම දැකිය යුත්තේවෙයි. අකාලිකො යනු කාලාන්තරයකින් ප්‍රතිඵල දෙන්නේ නොවෙයි. එහිපස්සිකො යනු එව බලවයි මෙසේ දැක්වීමට හැකියයි පිළිපැදියයුතු ප්‍රතිපදාව විමසයි. ඔපනයිකො යනු තමාගේ සිත එළවියයුතුය. පච්චත්තං වෙදිතබ්බො යනු තෙමේම දතයුතුය. විඤඤූහි යනු පණ්ඩිතයන් විසිනි. පරියාදිණ්ණචිත්තො යනු ගන්නාලද, ස්පර්ශකරනලද සිතැත්තේවීයි. චෙතෙති යනු සිතයි. මෙහි සෙස්ස පැහැදිලිමය. මෙම සූත්‍රයෙහි බමුණාවිසින් ලෝකෝත්තර මාර්ගය විමසනලදී. ශාස්තෘන්වහන්සේ විසින්ද එයම ප්රකාශකරනලදී. එය වනාහි තෙමේ දතයුතු බැවින් සන්දිට්ඨික නම්වෙයි.
4. පරිබ්බාජකසුත්තවණ්ණනා
3. 2. 1. 4
චතුත්ථෙ බ්රාහ්මණපරිබ්බාජකොති බ්රාහ්මණජාතිකො පරිබ්බාජකො, න ඛත්තියාදිජාතිකො. අත්තත්ථම්පීති දිට්ඨධම්මිකසම්පරායිකං ලොකියලොකුත්තරමිස්සකං අත්තනො අත්ථං.
සිවුවැන්නෙහි බ්රාහ්මණපරිබ්බාජකො යනු බ්‍රාහ්මණ ජාතිකවූ පිරිවැජියෙකි. ක්ෂත්රිය ජාතිකයෙක් නොවේ. අත්තත්ථම්පි යනු මෙලොවට හා පරලොවට අයත් ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ තමන්ගේ අර්ත්ථයයි.
5. නිබ්බුතසුත්තවණ්ණනා
3. 2. 1. 5
පඤ්චමෙ අකාලිකන්ති න කාලන්තරෙ පත්තබ්බං. ඔපනෙය්යිකන්ති පටිපත්තියා උපගන්තබ්බං.
පස්වැන්නෙහි අකාලිකං යනු කාලාන්තරයකින් ලැබිය යුත්තක් නොවේ. ඔපනයිකං යනු පිළිවෙතින් එළඹියයුතු දෙයයි.
6. පලොකසුත්තවණ්ණනා
3. 2. 1. 6
ඡට්ඨෙ ආචරියපාචරියානන්ති ආචරියානඤ්චෙව ආචරියාචරියානඤ්ච. අවීචි මඤ්ඤෙ ඵුටො අහොසීති යථා අවීචි මහානිරයො නිරන්තරඵුටො නෙරයිකසත්තෙහි පරිපුණ්ණො, මනුස්සෙහි එවං පරිපුණ්ණො හොති. කුක්කුටසංපාතිකාති එකගාමස්ස ඡදනපිට්ඨිතො උප්පතිත්වා ඉතරගාමස්ස ඡදනපිට්ඨෙ පතනසඞ්ඛාතො කුක්කුටසංපාතො එතාසු අත්ථීති කුක්කුටසංපාතිකා. කුක්කුටසංපාදිකාතිපි පාඨො, ගාමන්තරතො ගාමන්තරං කුක්කුටානං පදසා ගමනසඞ්ඛාතො කුක්කුටසංපාදො එතාසු අත්ථීති අත්ථො. උභයම්පෙතං ඝනනිවාසතංයෙව දීපෙති. අධම්මරාගරත්තාති රාගො නාම එකන්තෙනෙව අධම්මො, අත්තනො පරික්ඛාරෙසු පන උප්පජ්ජමානො න අධම්මරාගොති අධිප්පෙතො, පරපරික්ඛාරෙසු උප්පජ්ජමානොව අධම්මරාගොති. විසමලොභාභිභූතාති ලොභස්ස සමකාලො නාම නත්ථි, එකන්තං විසමොව එස. අත්තනා පරිග්ගහිතවත්ථුම්හි පන උප්පජ්ජමානො සමලොභො නාම, පරපරිග්ගහිතවත්ථුම්හි උප්පජ්ජමානොව විසමොති අධිප්පෙතො. මිච්ඡාධම්මපරෙතාති අවත්ථුපටිසෙවනසඞ්ඛාතෙන මිච්ඡාධම්මෙන සමන්නාගතා. දෙවො න සම්මා ධාරං අනුප්පවෙච්ඡතීති වස්සිතබ්බයුත්තෙ කාලෙ වස්සං න වස්සති. දුබ්භික්ඛන්ති දුල්ලභභික්ඛං. දුස්සස්සන්ති විවිධසස්සානං අසම්පජ්ජනෙන දුස්සස්සං. සෙතට්ඨිකන්ති සස්සෙ සම්පජ්ජමානෙ පාණකා පතන්ති, තෙහි දට්ඨත්තා නික්ඛන්තනික්ඛන්තානි සාලිසීසානි සෙතවණ්ණානි හොන්ති නිස්සාරානි. තං සන්ධාය වුත්තං “සෙතට්ඨික”න්ති. සලාකාවුත්තන්ති වපිතං වපිතං සස්සං සලාකාමත්තමෙව සම්පජ්ජති, ඵලං න දෙතීති අත්ථො. යක්ඛාති යක්ඛාධිපතිනො. වාළෙ අමනුස්සෙ ඔස්සජ්ජන්තීති චණ්ඩයක්ඛෙ මනුස්සපථෙ විස්සජ්ජෙන්ති, තෙ ලද්ධොකාසා මහාජනං ජීවිතක්ඛයං පාපෙන්ති.
සයවැන්නෙහි ආචාරියපාචරියානං යනු ආචාර්ය්යවරුන්ගේත් ප්රාචාර්ය්යවරුන්ගේත්ය. අවීචිමඤේඤ ඵුටො හොති යනු යම්සේ අවීචිමහා නරකය නිරතුරුව පිරුනේද නිරාසතුන්ගෙන් පිරී පැවතියේද එසේ මිනිසුන්ගෙන් පිරුනේ වෙයි. කුකකුටසම්පාතිකා යනු එක් ගමක පියස්ස මතුපිටින් ඉගිලී වෙනත් ගමක පියසි මතුපිටක බැසීම් සංඛ්‍යාතවූ කුකකුට සම්පාතයක් මොවුන් කෙරෙහි ඇතියි කුකකුටසම්පාතිකා නමි. කුකකුටසම්පාදිකා යනුද පාඨයි. ගමකින් ගමකට කුකුළන්ගේ පයින් යාම් සංඛ්‍යාත කුකකුටසම්පාදයක් මොවුන් කෙරෙහි ඇත්තේය යන අරුත්ය. මේදෙකම එකට ගැවසුණු නිවාස ඇතිබවම දක්වයි. අධම්මරාගරත්තා යනු රාගය නම් ඒකාන්තයෙන්ම අධර්මයකි. තමන්ගේ පිරිකරෙහි උපදිනු ලබන්නේ අධර්මරාගය නොවේයයි අදහස් කරනලදී. අනුන්ගේ පිරිකරෙහි උපදිනුලබන (රාගයම) අධර්‍මරාගයයි. විසමලොභාභිභූතා යනු ලෝභයාගේ සමකාලයක් නම් නැත. ඒකාන්තයෙන්ම විෂමය. තමාට අයත් වස්තුවල උපදිනු ලබන්නේ සමලොභය නමි. අනුන්ට අයත් වස්තුවල උපදිනු ලබන්නේම විසමයයි අදහස් කරනලදී. මිච්ඡාධම්මපරෙතා යනු අවස්තු ඇසුරු කිරීම් සංඛ්‍යාතවූ මිධ්‍යාධර්‍මයෙන් යුක්තවූයි. දෙවො න සම්මාධාරං අනුප්පචෙච්ඡති යනු වැසි වැස්සයුතුකල්හි වැස්ස නොවස්වයි. දුබ්භික්ඛං යනු දුර්ලභවූ භික්ෂාව ඇත්තේයි. දුස්සස්සං යනු විවිධ ධාන්‍යයන් සම්පූර්ණ නොවීමෙන් දුස්සස්සවූයි. සෙතට්ටිකං යනු ධාන්‍ය සම්පාදනය වනිවිට කෘමීහු වැටෙත්. ඔවුන් විසින් විදිනාලද බැවින් නික්මෙන නික්මෙන වීකරල් සුදු පැහැවෙයි. නිසරුවෙයි. ඒ සඳහා සෙතට්ටිකංසි කියනලදී. සලාකාවුත්තං යනු වැපූරූ වැපූරූ ධාන්‍ය සලාකමාත්රයම සපයයි. ඵලනොදෙයි යන අරුත්ය. යක්ඛා යනු යක්ෂාධිපතීහුයි. වාළෙ අමනුසේස ඔස්සජන්ති සැඬයකුන් මිනිස් පියසෙහි විසුරුවත්. ඔවුහු ලබනලද අවසර ඇත්තාහු මිනිසුන් ජීවිතක්ෂයට පමුණුවත්.
7. වච්ඡගොත්තසුත්තවණ්ණනා
3. 2. 1. 7
සත්තමෙ මහප්ඵලන්ති මහාවිපාකං. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්තීති එත්ථ ධම්මො නාම කථිතකථා, අනුධම්මො නාම කථිතස්ස පටිකථනං. සහධම්මිකොති සකාරණො සහෙතුකො. වාදානුපාතොති වාදස්ස අනුපාතො, අනුපතනං පවත්තීති අත්ථො. ගාරය්හං ඨානන්ති ගරහිතබ්බයුත්තං කාරණං. ඉදං වුත්තං හොති – භොතා ගොතමෙන වුත්තා සකාරණා වාදප්පවත්ති කිඤ්චිපි ගාරය්හං කාරණං න ආගච්ඡතීති. අථ වා තෙහි පරෙහි වුත්තා සකාරණා වාදප්පවත්ති කිඤ්චි ගාරය්හං කාරණං න ආගච්ඡතීති පුච්ඡති.
සත්වැන්නෙහි මහප්ඵලං යනු මහාවිපාකයයි. ධම්මස්ස ච අනුධම්මං ව්යාකරොන්ති යනු මෙහි ධර්මය නම් කියනලද කථාවයි. අනුධර්මය නම් කියනලද්දහුට යළි කීමයි. සහධම්මිකො යනු කරුණු සහිත වූයේයි, හේතු සහිත වූයේයි. වාදානුපාතො යනු වාදයට වැටීම, එළඹීම, පැවැත්ම යන අරුත්ය. ගාරයහං ඨානං යනු ගැරහිය යුතු කරුණයි. මෙය කියන ලද්දේ වෙයි. භවත් ගෞතමයන් විසින් කියනලද කරුණු සහිත වාදප්රවෘත්තිය ගැරහිය යුතු කරුණකට එළඹෙයිද නොඑළඹෙයිදැයි අසයි.
අන්තරායකරො හොතීති අන්තරායං විනාසං කිච්ඡලාභකං විලොමකං කරොති. පාරිපන්ථිකොති පන්ථදූහනචොරො. ඛතො ච හොතීති ගුණඛනනෙන ඛතො හොති. උපහතොති ගුණුපඝාතෙනෙව උපහතො.
අන්තරායකරො හොති යනු අනතුරක්, විනාශයක්, විපතක් කරයි. පාරපන්ථිකො යනු මං පහරන සොරායි. ඛතො හොති යනු ගුණ විනාශයෙන් කණිනලද්දේවෙයි. ගුණ නැසීමෙන්ම උපහතො නම්ද වෙයි.
චන්දනිකායාති අසුචිකලලකූපෙ. ඔලිගල්ලෙති නිද්ධමනකලලෙ. සො චාති සො සීලවාති වුත්තඛීණාසවො. සීලක්ඛන්ධෙනාති සීලරාසිනා. සෙසපදෙසුපි එසෙව නයො. එත්ථ ච විමුත්තිඤාණදස්සනං වුච්චති පච්චවෙක්ඛණඤාණං, තං අසෙක්ඛස්ස පවත්තත්තා අසෙක්ඛන්ති වුත්තං. ඉතරානි සික්ඛාපරියොසානප්පත්තතාය සයම්පි අසෙක්ඛානෙව. තානි ච පන ලොකුත්තරානි, පච්චවෙක්ඛණඤාණං ලොකියං.
චන්දනිකාය යනු අසූචි මඩ ඇති ළිඳෙහිය. ඔලිගලේල යනු කානු මඩෙහිය. (ගවරවළෙහිය) සො ච යනු ඒ සිල්වත්තෙමේයි. කියනලද ක්ෂීණාශ්රවයන් වහන්සේයි. සීලක්ඛන්ධෙන යනු සීල සමූහයෙනුයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙහිද විමුත්තිඤාණදස්සනය ප්රත්යවේක්ෂා ඥානයයයි කියනු ලැබේ. එය අශෛක්ෂයාට පැවතිබැවින් අසෙඛයයි කියනලදී. සෙසු ඒවා ශික්ෂාපර්යවසානයට පැවැතිබැවින් තෙමේම අශෛක්ෂමය. ඒවා වනාහි ලෝකොත්තරය. ප්රත්යවෙක්ෂණ ඥානය ලෞකිකය.
රොහිණීසූති රත්තවණ්ණාසු. සරූපාසූති අත්තනො වච්ඡකෙහි සමානරූපාසු. පාරෙවතාසූති කපොතවණ්ණාසු. දන්තොති නිබ්බිසෙවනො. පුඞ්ගවොති උසභො. ධොරය්හොති ධුරවාහො. කල්යාණජවනික්කමොති කල්යාණෙන උජුනා ජවෙන ගන්තා. නාස්ස වණ්ණං පරික්ඛරෙති අස්ස ගොණස්ස සරීරවණ්ණං න උපපරික්ඛන්ති, ධුරවහනකම්මමෙව පන උපපරික්ඛන්ති. යස්මිං කස්මිඤ්චි ජාතියෙති යත්ථ කත්ථචි කුලජාතෙ. යාසු කාසුචි එතාසූති එතාසු ඛත්තියාදිප්පභෙදාසු යාසු කාසුචි ජාතීසු.
රොහිණීසු යනු රක්තවර්ණයන්හිය. සරූපාසු යනු තමන්ගේ පැටවුන්ට සමානවූ රූප ඇත්තවුන්කරෙහිය. පාරෙවතාසු යනු පරෙවි පැහැය ඇත්තවුන් කෙරෙහිය. දනේතා යනු හීලෑවූයි. පුඞ්ගවො යනු වෘෂභයායි. ධොරයේභා යනු බර උසුලන්නායි. කල්යාණජවනික්කමො යනු මනාවූ සෘජු ජවයෙන් යන්නායි. නාස්ස වණ්ණං පරික්කරෙ යනු ගවයාගේ ශරීරවර්ණය පරීක්ෂා නොකරත්. බර ඉසිලීමේ ක්‍රියාවම පරීක්ෂාකරත්. යස්මිං කස්මිඤචි ජාතියෙ යනු යම්කිසි කුලයක උපන් කල්හියි. යාසු කාසු ච එතාසු යනු මේ ක්ෂත්රිය ආදී ප්‍රභේද ඇති යම් කිසි ජාතියකය.
බ්රහ්මචරියස්ස කෙවලීති බ්රහ්මචරියස්ස කෙවලෙන සමන්නාගතො, පරිපුණ්ණභාවෙන යුත්තොති අත්ථො. ඛීණාසවො හි සකලබ්රහ්මචාරී නාම හොති. තෙනෙතං වුත්තං. පන්නභාරොති ඔරොපිතභාරො, ඛන්ධභාරං කිලෙසභාරං කාමගුණභාරඤ්ච ඔරොපෙත්වා ඨිතොති අත්ථො. කතකිච්චොති චතූහි මග්ගෙහි කිච්චං කත්වා ඨිතො. පාරගූ සබ්බධම්මානන්ති සබ්බධම්මා වුච්චන්ති පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො, තෙසං සබ්බධම්මානං අභිඤ්ඤාපාරං, පරිඤ්ඤාපාරං, පහානපාරං, භාවනාපාරං, සච්ඡිකිරියාපාරං, සමාපත්තිපාරඤ්චාති ඡබ්බිධං පාරං ගතත්තා පාරගූ. අනුපාදායාති අග්ගහෙත්වා. නිබ්බුතොති කිලෙසසන්තාපරහිතො. විරජෙති රාගදොසමොහරජරහිතෙ.
බ්රහ්මචරියස්ස කෙවලී යනු හුදෙක් බඹසරින් යුක්තවූයේ, පිරිපුන්බවින් යුතුවූයේ යන අර්‍ත්‍ථයි. ක්ෂීණාශ්රවයන්වහන්සේම මුළුල්ලෙන්ම බ්‍රහ්මචාරී නම් වෙති. එහෙයින් කියනලදී. පන්නභාරො යනු බහාතබනලද බර ඇත්තේයි. ස්කන්ධභාරය, ක්ලේශභාරය හා කාමගුණභාරයද බහා තබා සිටියේයයි අරුත්ය. කතකිචේචා යනු සතර මගින් කටයුතකොට සිටියේයි. පාරගු සබ්බධම්මානං යනු පඤ්චස්කන්ධය, ආයතන දොළස, අටළොස් ධාතු යනු මේවා සියලු ධර්මයෝයි කියනුලැබෙති. ඒ සියලු ධර්මයන්ගේ අභිඥා පරතෙර, පරිඤ්ඤාපරතෙර, ප්රහානපරතෙර, භාවනා පරතෙර, ප්රත්යක්ෂකිරීමේ පරතෙර, සමාපත්ති පරතෙර යන සයවැදැරුම් පරතෙර, ප්රත්යක්ෂකිරීමේ පරතෙර, සමාපත්ති පරතෙර යන සයවැදැරුම් පරතෙරට ගියබැවින් පාරගු නමි. අනුපාදාය යනු නෙගෙනයි. නිබ්බුතො යනු කෙලෙස් තැවුල් නොමැත්තේයි. විරජො යනු රාගදොසමොහරජස් රහිතවුයේයි.
අවිජානන්තාති ඛෙත්තං අජානන්තා. දුම්මෙධාති නිප්පඤ්ඤා. අස්සුතාවිනොති ඛෙත්තවිනිච්ඡයසවනෙන රහිතා. බහිද්ධාති ඉමම්හා සාසනා බහිද්ධා. න හි සන්තෙ උපාසරෙති බුද්ධපච්චෙකබුද්ධඛීණාසවෙ උත්තමපුරිසෙ න උපසඞ්කමන්ති. ධීරසම්මතෙති පණ්ඩිතෙහි සම්මතෙ සම්භාවිතෙ. මූලජාතා පතිට්ඨිතාති ඉමිනා සොතාපන්නස්ස සද්ධං දස්සෙති. කුලෙ වා ඉධ ජායරෙති ඉධ වා මනුස්සලොකෙ ඛත්තියබ්රාහ්මණවෙස්සකුලෙ ජායන්ති. අයමෙව හි තිවිධා කුලසම්පත්ති නාම. අනුපුබ්බෙන නිබ්බානං, අධිගච්ඡන්තීති සීලසමාධිපඤ්ඤාති ඉමෙ ගුණෙ පූරෙත්වා අනුක්කමෙන නිබ්බානං අධිගච්ඡන්තීති.
අවිජානන්තා යනු ක්ෂෙත්රය නොදන්නාහුය. දුම්මේධා යනු ප්‍රඥාව නැත්තෝයි. අස්සුතාවිනො යනු ක්ෂෙත්රවිනිශචය ඇසීමෙන් තොර වූවෝයි. බහිද්ධා යනු මේ සසුනෙන් බාහිරවූවෝයි. නහි සනෙත උපාසරෙ යනු බුදුපසේබුදු රහත් යන උත්තම පුරුෂයන් වෙත නොඑළඹෙත්. ධීරසම්මතෙ යනු පණ්ඩිතයන් විසින් සම්මතවූ සම්භාවිතවූයි. මූලජාතා පතිට්ඨිතා යනු මෙයින් සෝවාන්වූවහුගේ ශ්‍රද්ධාව දක්වයි. කුලෙ වා ඉධ ජායරෙ යනු මේ මිනිස් ලොවෙහි ක්ෂත්රිය බ්‍රාහ්මණ වෛශ්‍ය කුලයන්හි හෝ උපදිත්. මේ වනාහි ත්‍රිවිධ කුල සම්පත්ති නමි. අනුපුබේබන නිබ්බානං අධිගච්ඡති යනු ශීල, සමාධි, ප්‍රඥා යන මේ ගුණයන් සම්පූර්ණ කොට අනුක්රමයෙන් නිවන අවබෝධ කරති.