5. චූලවග්ගො අට්ඨකථා
5. චූල වර්ගය
1. සම්මුඛීභාවසුත්තවණ්ණනා
3. 1. 5. 1
පඤ්චමස්ස පඨමෙ සම්මුඛීභාවාති සම්මුඛීභාවෙන, විජ්ජමානතායාති අත්ථො. පසවතීති පටිලභති. සද්ධාය සම්මුඛීභාවාති යදි හි සද්ධා න භවෙය්ය, දෙය්යධම්මො න භවෙය්ය, දක්ඛිණෙය්යසඞ්ඛාතා පටිග්ගාහකපුග්ගලා න භවෙය්යුං, කථං පුඤ්ඤකම්මං කරෙය්ය. තෙසං පන සම්මුඛීභාවෙන සක්කා කාතුන්ති තස්මා “සද්ධාය සම්මුඛීභාවා”තිආදිමාහ. එත්ථ ච ද්වෙ ධම්මා සුලභා දෙය්යධම්මා චෙව දක්ඛිණෙය්යා ච, සද්ධා පන දුල්ලභා. පුථුජ්ජනස්ස හි සද්ධා අථාවරා පදවාරෙන නානා හොති, තෙනෙව මහාමොග්ගල්ලානසදිසොපි අග්ගසාවකො පාටිභොගො භවිතුං අසක්කොන්තො ආහ – “ද්වින්නං ඛො තෙ අහං, ආවුසො, ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච, සද්ධාය පන ත්වංයෙව පාටිභොගො”ති (උදා· 18).
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සම්මුඛීභාවා යනු මුණ ගැසීමෙන් විද්යමානබැවින්ය යනු අරුත්ය. පසවති යනු යළිලබයි. සද්ධාය සම්මුඛිභාවා යනු ඉදින් ශ්‍රද්ධාව නොවන්නේද දානවස්තුව නොවන්නේද දක්ෂිණෙය්ය සංඛ්‍යාතවූ ප්‍රතිග්‍රාහක පුද්ගලයෝ නොවන්නහුද (එවිට) කෙසේ නම් පුණ්‍ය කර්මයක් කරන්නේද? ඒවායේ එක්වීමෙන් කිරීමට හැකි වන බැවින් සද්ධාය සම්මුඛීභාවා යනාදිය ප්‍රකාශ කළේය. මෙහිද ධර්මදෙකක් සුලභය. දානවස්තුවද දක්ෂිණෙය්ය ප්‍රතිග්‍රාහක පක්ෂයද යන දෙකයි. ශ්‍රද්ධාව වනාහි දුර්ලභය. පුහුදුන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව ස්ථාවර නැත. පියවරෙහි වෙනස් වෙයි. එහෙයින්ම එයට මහමුගලන් වැනිවූ අගසව්වෙක් වුවද ඇපකරුවෙක් වීමට නොහැකි වන්නේ මෙසේ කීය: ‘ඇවැත්නි, මම ධර්මදෙකකට එනම් භොගයන්ට සහ ජීවිතයට ඇපකරුවෙක් වෙමි. ශ්රද්ධාවට වනාහි නුඹම ඇපකරුවෙක්වෙහි.’
2. තිඨානසුත්තවණ්ණනා
3. 1. 5. 2
දුතියෙ විගතමලමච්ඡෙරෙනාති විගතමච්ඡරියමලෙන. මුත්තචාගොති විස්සට්ඨචාගො. පයතපාණීති ධොතහත්ථො. අස්සද්ධො හි සතක්ඛත්තුං හත්ථෙ ධොවිත්වාපි මලිනහත්ථොව හොති, සද්ධො පන දානාභිරතත්තා මලිනහත්ථොපි ධොතහත්ථොව. වොස්සග්ගරතොති වොස්සග්ගසඞ්ඛාතෙ දානෙ රතො. යාචයොගොති යාචිතුං යුත්තො, යාචකෙහි වා යොගො අස්සාතිපි යාචයොගො. දානසංවිභාගරතොති දානං දදන්තො සංවිභාගඤ්ච කරොන්තො දානසංවිභාගරතො නාම හොති.
දෙවැන්නෙහි, විගතමලමච්ඡෙරෙන යනු දුරුවූ මසුරුමලිනි. මුත්තචාගො යනු අත්හරනාලද ත්‍යාගය ඇත්තේයි. පයතපාණී යනු සේදූ අත් ඇත්තේයි. සැදැහැනැත්තා වනාහි සියවරක් අත දොවාද කිළිටි අතැත්තේමවෙයි. සැදැහැවතා වනාහි දානයෙහි සිත ඇලවූ හෙයින් කිළිටි අතැත්තේද දෙවූ අතැත්තේමය. වොස්සග්ගරතො යනු පරිත්‍යාග සංඛ්‍යාත දානයෙහි ඇලුනේයි. යාචයොගො යනු ඉල්ලීමට සුදුසුවූයේයි. නැතහොත් යාචකයන් සමඟ එක්වීම මොහුගේනුයි යාචයොග නම්වේ. දානසංවිහාගරතො යනු දන් දෙමින්ම දානය මනාව බෙදාදීම කරන්නේද දානසංවිහාගරත නමි.
දස්සනකාමො සීලවතන්ති දසපි යොජනානි වීසම්පි තිංසම්පි යොජනසතම්පි ගන්ත්වා සීලසම්පන්නෙ දට්ඨුකාමො හොති පාටලිපුත්තකබ්රාහ්මණො විය සද්ධාතිස්සමහාරාජා විය ච. පාටලිපුත්තස්ස කිර නගරද්වාරෙ සාලාය නිසින්නා ද්වෙ බ්රාහ්මණා කාළවල්ලිමණ්ඩපවාසිමහානාගත්ථෙරස්ස ගුණකථං සුත්වා “අම්හෙහි තං භික්ඛුං දට්ඨුං වට්ටතී”ති ද්වෙපි ජනා නික්ඛමිංසු. එකො අන්තරාමග්ගෙ කාලමකාසි. එකො සමුද්දතීරං පත්වා නාවාය මහාතිත්ථපට්ටනෙ ඔරුය්හ අනුරාධපුරං ආගන්ත්වා “කාළවල්ලිමණ්ඩපො කුහි”න්ති පුච්ඡි. රොහණජනපදෙති. සො අනුපුබ්බෙන ථෙරස්ස වසනට්ඨානං පත්වා චූළනගරගාමෙ ධුරඝරෙ නිවාසං ගහෙත්වා ථෙරස්ස ආහාරං සම්පාදෙත්වා පාතොව වුට්ඨාය ථෙරස්ස වසනට්ඨානං පුච්ඡිත්වා ගන්ත්වා ජනපරියන්තෙ ඨිතො ථෙරං දූරතොව ආගච්ඡන්තං දිස්වා සකිං තත්ථෙව ඨිතො වන්දිත්වා පුන උපසඞ්කමිත්වා ගොප්ඵකෙසු දළ්හං ගහෙත්වා වන්දන්තො “උච්චා, භන්තෙ, තුම්හෙ”ති ආහ. ථෙරො ච නාතිඋච්චො නාතිරස්සො පමාණයුත්තොව, තෙන නං පුන ආහ – “නාතිඋච්චා තුම්හෙ, තුම්හාකං පන ගුණා මෙචකවණ්ණස්ස සමුද්දස්ස මත්ථකෙන ගන්ත්වා සකලජම්බුදීපතලං අජ්ඣොත්ථරිත්වා ගතා, අහම්පි පාටලිපුත්තනගරද්වාරෙ නිසින්නො තුම්හාකං ගුණකථං අස්සොසි”න්ති. සො ථෙරස්ස භික්ඛාහාරං දත්වා අත්තනො තිචීවරං පටියාදෙත්වා ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා තස්සොවාදෙ පතිට්ඨාය කතිපාහෙනෙව අරහත්තං පාපුණි.
දස්සන කාමො සීලවතං යනු යොදුන් දසයක්ද විස්සක්ද සියක් යොදුනක්වුවද ගොස් හෝ සිල්වතුන් දකිනු කැමැත්තේ වෙයි. පාටලීපුත්තක බමුණා මෙන්ද සද්ධාතිස්ස මහරජතුමා මෙන්ද වේ. පැළලුප්නුවර දොරටුවෙහි ශාලාවක හුන්නාවූ බමුණෝ දෙදෙනෙක් කාළවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරුන්ගේ ගුණ කථාව අසා අපවිසින් එම භික්ෂුව දැකීමට වටීයයි දෙදෙනාම පිටත්වූවාහුය. එක්කෙනෙක් අතරමගදී කළුරිය කළේය. එක්කෙනෙක් මුහුදු තෙරට පැමිණ නැවකින් මහතොට පටුනෙන් ගොඩබැස අනුරාධපුරයට අවුත් කාළවල්ලි මණ්ඩපය කොහිදැයි විමසුවේය. රුහුණු දනව්වෙහියයි (දැන ගැනීමට ලැබිණ). හෙතෙම අනුක්රමයෙන් තෙරුන් වසන තැනට පැමිණ සුළුනුවර ගමෙහි සමීප ගෙදරක නවාතැන් ගෙන තෙරුන්ට අහර සපයා උදයෙන්ම නැගිට තෙරුන් වසනතැන අසා එහි ගොස් පිරිස කෙළෙවරෙහි සිටියේ එන්නාවූ තෙරුන් දුරදීම දැක වරක් එහිම සිටියේ වැඳ යළි ළඟට ගොස් (තෙරුන්ගේ) ගොප් ඇට තදින් අල්වාගෙන වඳිමින් ‘ස්වාමිනි, ඔබ වහන්සේ උස්යයි කීවේය. තෙරුන්වහන්සේද නූස්ය, නොමිටිය. නිසිපමණින් යුතුවූවෝමය. එහෙයින් හෙතෙම උන්වහන්සේට යළි මෙසේ කීය: ‘නුඹවහන්සේ ඉතා උස් නොවෙති. නුඹවහන්සේගේ ගුණය වනාහි කළු පැහැති (තදිනිල්) මුහුද මතින් ගොස් සියලු දඹදිව් තෙලෙහි පැතිරී ගියේය. මම පැළලුප් නුවර දොරටුවෙහි හුන්නෙමි. නුඹවහන්සේගේ ගුනකථාව ඇසීමි.’ හෙතෙම තෙරුන්වහන්සේට භික්ෂාහාරයදී තමන්ගේ තුන්සිවුර පාවාදී (පිළිගන්වා) තෙරුන් සමීපයෙහි පැවිදිවී උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා කිහිප දිනකින්ම රහත්බවට පත්වූයේය.
සද්ධාතිස්සමහාරාජාපි, “භන්තෙ, මය්හං වන්දිතබ්බයුත්තකං එකං අය්යං ආචික්ඛථා”ති පුච්ඡි. භික්ඛූ “මඞ්ගලවාසී කුට්ටතිස්සත්ථෙරො”ති ආහංසු. රාජා මහාපරිවාරෙන පඤ්චයොජනමග්ගං අගමාසි. ථෙරො “කිං සද්දො එසො, ආවුසො”ති භික්ඛුසඞ්ඝං පුච්ඡි. “රාජා, භන්තෙ, තුම්හාකං දස්සනත්ථාය ආගතො”ති. ථෙරො චින්තෙසි – “කිං මය්හං මහල්ලකකාලෙ රාජගෙහෙ කම්ම”න්ති දිවාට්ඨානෙ මඤ්චෙ නිපජ්ජිත්වා භූමියං ලෙඛං ලිඛන්තො අච්ඡි. රාජා “කහං ථෙරො”ති පුච්ඡිත්වා “දිවාට්ඨානෙ”ති සුත්වා තත්ථ ගච්ඡන්තො ථෙරං භූමියං ලෙඛං ලිඛන්තං දිස්වා “ඛීණාසවස්ස නාම හත්ථකුක්කුච්චං නත්ථි, නායං ඛීණාසවො”ති අවන්දිත්වාව නිවත්ති. භික්ඛුසඞ්ඝො ථෙරං ආහ – “භන්තෙ, එවංවිධස්ස සද්ධස්ස පසන්නස්ස රඤ්ඤො කස්මා විප්පටිසාරං කරිත්ථා”ති. “ආවුසො, රඤ්ඤො පසාදරක්ඛනං න තුම්හාකං භාරො, මහල්ලකත්ථෙරස්ස භාරො”ති වත්වා අපරභාගෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තො භික්ඛුසඞ්ඝං ආහ – “මය්හං කූටාගාරම්හි අඤ්ඤම්පි පල්ලඞ්කං අත්ථරථා”ති. තස්මිං අත්ථතෙ ථෙරො – “ඉදං කූටාගාරං අන්තරෙ අප්පතිට්ඨහිත්වා රඤ්ඤා දිට්ඨකාලෙයෙව භූමියං පතිට්ඨාතූ”ති අධිට්ඨහිත්වා පරිනිබ්බායි. කූටාගාරං පඤ්චයොජනමග්ගං ආකාසෙන අගමාසි. පඤ්චයොජනමග්ගෙ ධජං ධාරෙතුං සමත්ථා රුක්ඛා ධජපග්ගහිතාව අහෙසුං. ගච්ඡාපි ගුම්බාපි සබ්බෙ කූටාගාරාභිමුඛා හුත්වා අට්ඨංසු.
සද්ධාතිස්ස මහරජතෙමේද ‘ස්වාමීනි, වැදිය යුතු එක් ආර්‍ය්‍යයන්වහන්සේ නමක මට කියනුමැනවැයි විමසීය. භික්ෂූහු (ඊට පිළිතුරුවශයෙන්) මඞ්ගණවැසි කුජ්ජතිස්ස තෙරුන්වහන්සේයැයි පැවසූහ. රජතෙමේ, මහපිරිවරින් පස්යොදුන් මගගියේය. තෙරණුවෝ ‘ඇවැත්නි, මේ කවර ශබ්දයක්දැ’යි භික්ෂුසංඝයාගෙන් විමසූහ. ‘ස්වාමීනි, රජතෙමේ නුඹවහන්සේ දැකීම සඳහා පැමිණියේය’යි භික්ෂූහු පැවසූහ. තෙරණුවෝ මෙසේ සිතූහ. ‘මහළුකල්හි රජගෙදර මට කවර වැඩක්ද?’ (මෙසේ සිතා) දිවාස්ථානයෙහි ඇදෙහි වැදහෙව බිම ඉරි අඳිමින් හුන්නේය. රජතෙමේ තෙරණුවෝ කොහිදැයි විමසා දිවාස්ථානයෙහියයි අසා එහි යන්නේ තෙරුන් බිම ඉරි අදිනු දැක රහතුන්ට නම් අතින් කරන විකාර වැඩ නැත. මෙතෙම ක්ෂීණාශ්රවයෙක් නොවේයයි නොවැඳ ආපසු හැරී ගියේය. භික්ෂුසංඝයා තෙරුන්ගෙන්, ‘ඇවැත්නි, මෙබඳුවූ සැදැහැති, පහන් සිතැති රජුට කුමක්හෙයින් විපිළිසර කළහුදැයි ඇසූහ. ‘ඇවැත්නි, රජුගේ පැහැදීම රැක ගැනීම නුඹවහන්සේලාගේ වැඩක් නොවේ. මහළු තෙරුන්ගේ වැඩකැයි කියා මෑත කාලයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ, මගේ කුළුගෙහි (රන්සිවිගෙහි) වෙනත් පළඟක්ද අතුරන්නැයි භික්ෂුසංඝයාට පැවසුවේය. එය ඇතුරූ කල්හි තෙරණුවෝ මේ කුළුගෙය අතරතුර නොපිහිටා රජුවිසින් දුටු කල්හිම බිම පිහිටාවායි අදිටන් කොට පිරිනිවන් පෑහ. කුළුගෙය පස්යොදුන් මග අහසින්ම ගියේය. පස්යොදුන් මඟෙහි ධ්වජ දරන්නට හැකි වෘක්ෂයෝ ධ්වජගත්තාහුම වූහ. පඳුරුද ලැහැබ්ද සියල්ල කුළුගෙයට මුහුණලා සිටියේය.
රඤ්ඤොපි පණ්ණං පහිණිංසු “ථෙරො පරිනිබ්බුතො, කූටාගාරං ආකාසෙන ආගච්ඡතී”ති. රාජා න සද්දහි. කූටාගාරං ආකාසෙන ගන්ත්වා ථූපාරාමං පදක්ඛිණං කත්වා සිලාචෙතියට්ඨානං අගමාසි. චෙතියං සහ වත්ථුනා උප්පතිත්වා කූටාගාරමත්ථකෙ අට්ඨාසි, සාධුකාරසහස්සානි පවත්තිංසු. තස්මිං ඛණෙ මහාබ්යග්ඝත්ථෙරො නාම ලොහපාසාදෙ සත්තමකූටාගාරෙ නිසින්නො භික්ඛූනං විනයකම්මං කරොන්තො තං සද්දං සුත්වා “කිං සද්දො එසො”ති පටිපුච්ඡි. භන්තෙ, මඞ්ගලවාසී කුට්ටතිස්සත්ථෙරො පරිනිබ්බුතො, කූටාගාරං පඤ්චයොජනමග්ගං ආකාසෙන ආගතං, තත්ථ සො සාධුකාරසද්දොති. ආවුසො, පුඤ්ඤවන්තෙ නිස්සාය සක්කාරං ලභිස්සාමාති අන්තෙවාසිකෙ ඛමාපෙත්වා ආකාසෙනෙව ආගන්ත්වා තං කූටාගාරං පවිසිත්වා දුතියමඤ්චෙ නිසීදිත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි. රාජා ගන්ධපුප්ඵචුණ්ණානි ආදාය ගන්ත්වා ආකාසෙ ඨිතං කූටාගාරං දිස්වා කූටාගාරං පූජෙසි. තස්මිං ඛණෙ කූටාගාරං ඔතරිත්වා පථවියං පතිට්ඨිතං. රාජා මහාසක්කාරෙන සරීරකිච්චං කාරෙත්වා ධාතුයො ගහෙත්වා චෙතියං අකාසි. එවරූපා සීලවන්තානං දස්සනකාමා නාම හොන්ති.
‘තෙරණුවෝ පිරිනිවන් පෑහ. කුළුගෙය අහසින් එන්නේය’යි රජුට හසුනක් යැව්වාහුය. රජතෙමේ නොඇදහීය. කුළුගෙය අහසින් ගොස් ථූපාරාමය පැදකුණු කොට ශිලා චෛත්‍යස්ථානයට ගියේය. චෛත්‍යය බිම සමඟ උඩට නැගී කුළුගෙය මත්තෙහි සිටියේය. දහස් ගණන් සාධුකාර පැවතිණ. එකෙණෙහි මහාව්‍යග්ඝ නම්වූ තෙරුන්වහන්සේ ලෝභ ප්‍රාසාදයෙහි සත්වැනි කළුගෙහි හුන්නාහු භික්ෂුන්ගේ විනය කර්ම කරමින් ඒ ශබ්දය අසා මේ කවර ශබ්දයක්දැයි ඇසුහ. ‘ස්වාමීනි, මඞ්ගණවාසී කුජ්ජතෙරුන්වහන්සේ පිරිනිවන් පෑහ. කුළුගෙය පස්යොදුනක් පමණ මඟ අහසින් පැමිණියේය. මෙය එහි සාධුකාර ශබ්දයයැ’යි පැවසූහ. ‘ඇවැත්නි, පින්වතුන් නිසා සත්කාර ලබන්නෙමු’යි අතැවැසියන් ක්ෂමා කරවා අහසින් අවුත් කුළුගෙයට පිවිස දෙවැනි ඇදෙහි හිඳ අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑහ. රජතෙමේ සුවඳ මල් සුණු රැගෙන ගොස් අහසෙහි සිටි කුළුගෙය දැක කුළුගෙයට පිදුවේය. එකෙණෙහි කුළුගෙය පහතට බැස පොළොවෙහි පිහිටියේය. රජතෙමේ මහත් සත්කාරයෙන් ආදාහන කෘත්‍යය කොට ධාතූන් ගෙන චෛත්‍යයක් කළේය. මෙබන්දෝ සිල්වතුන් දකිනු කැමැත්තෝ නම් වෙත්.
සද්ධම්මං සොතුමිච්ඡතීති තථාගතප්පවෙදිතං සද්ධම්මං සොතුකාමො හොති පිණ්ඩපාතිකත්ථෙරාදයො විය. ගඞ්ගාවනවාලිඅඞ්ගණම්හි කිර තිංස භික්ඛූ වස්සං උපගතා අන්වද්ධමාසං උපොසථදිවසෙ චතුපච්චයසන්තොසභාවනාරාමමහාඅරියවංසඤ්ච (අ· නි· 4.28) කථෙන්ති. එකො පිණ්ඩපාතිකත්ථෙරො පච්ඡාභාගෙන ආගන්ත්වා පටිච්ඡන්නට්ඨානෙ නිසීදි. අථ නං එකො ගොනසො ජඞ්ඝපිණ්ඩිමංසං සණ්ඩාසෙන ගණ්හන්තො විය ඩංසි. ථෙරො ඔලොකෙන්තො ගොනසං දිස්වා “අජ්ජ ධම්මස්සවනන්තරායං න කරිස්සාමී”ති ගොනසං ගහෙත්වා ථවිකාය පක්ඛිපිත්වා ථවිකාමුඛං බන්ධිත්වා අවිදූරෙ ඨානෙ ඨපෙත්වා ධම්මං සුණන්තොව නිසීදි. අරුණුග්ගමනඤ්ච විසං වික්ඛම්භෙත්වා ථෙරස්ස තිණ්ණං ඵලානං පාපුණනඤ්ච විසස්ස දට්ඨට්ඨානෙනෙව ඔතරිත්වා පථවිපවිසනඤ්ච ධම්මකථිකත්ථෙරස්ස ධම්මකථානිට්ඨාපනඤ්ච එකක්ඛණෙයෙව අහොසි. තතො ථෙරො ආහ – “ආවුසො එකො මෙ චොරො ගහිතො”ති ථවිකං මුඤ්චිත්වා ගොනසං විස්සජ්ජෙසි. භික්ඛූ දිස්වා “කාය වෙලාය දට්ඨත්ථ, භන්තෙ”ති පුච්ඡිංසු. හිය්යො සායන්හසමයෙ, ආවුසොති. කස්මා, භන්තෙ, එවං භාරියං කම්මං කරිත්ථාති. ආවුසො, සචාහං දීඝජාතිකෙන දට්ඨොති වදෙය්යං, නයිමං එත්තකං ආනිසංසං ලභෙය්යන්ති. ඉදං තාව පිණ්ඩපාතිකත්ථෙරස්ස වත්ථු.
සද්ධම්මං සොතුමිච්ඡති යනු තථාගතයන්වහන්සේ විසින් දෙසනලද සදහම් ඇසීමට කැමැත්තෙවෙයි. පිණ්ඩපාතික ස්ථාවිරාදීන් මෙනි. ගවරවාළ අංගනයෙහි භික්ෂූන්වහන්සේ තිස් නමක් වස් එළඹියාහු අඩමසක් පාසා උපොෂථ දිනයෙහි සිවුපසෙහි සතුටුවීම භාවනාවෙහි ඇලීම දැක්වෙන මහා අරියවංසය ප්‍රකාශකරති. එක් පිණ්ඩපාතික තෙර කෙනෙක් පිටුපසින් අවුත් සැඟවුණු තැනක හුන්නාහුය. ඉක්බිති එක් පොළඟෙක් තට්ටම අඬුවකින් අල්වන්නාක් මෙන් ඩැහැගත්තේය. තෙරණුවෝ බලමින් පොළඟා දැක අද දහම් ඇසීමට අන්තරායක් නොකරමැයි පොළඟා අල්ලා ගෙන පසුම්බියෙක දමා මුව ගැටගසා නුදුරු තැනක තබා දහම් අසමින් සිටියේය. අරුණ නැඟීමද විෂ යටපත්කොට තෙරුන් තුන්ඵලයන්ට පැමිණීමද විෂ ඩැහැගත් තැනින්ම බැස පොළවට පිවිසීමද ධර්ම කථික තෙරුන්ගේ ධර්මකථාව නිමාවීමද එක් කෙණෙහිම විය. ඉක්බිති තෙරණුවෝ ඇවැත්නි, මවිසින් සොරෙක් අල්ලා ගන්නා ලදැයි පවසා පසුම්බිය දිගහැර පොළඟා මුදාහළහ. භික්ෂූහු (එය) දැක ‘ස්වාමීනි, කවර වේලාවක දෂ්ට කළේදැයි විමසූහ. ඇවැත්නි ඊයේ සවස් යාමයෙහියයි කීහ. ‘ඇවැත්නි, ඉදින් මම සර්පයකු විසින් දෂ්ටකරන ලද්දමැයි කීවේ නම් මෙපමණවූ මේ ආනිසංසය නොලබන්නෙමියි තෙරණුවෝ පැවසූහ. මේ වනාහි පිණ්ඩපාතික තෙරණුවන්ගේ කථාවස්තුවයි.
දීඝවාපියම්පි “මහාජාතකභාණකත්ථෙරො ගාථාසහස්සං මහාවෙස්සන්තරං කථෙස්සතී”ති තිස්සමහාගාමෙ තිස්සමහාවිහාරවාසී එකො දහරො සුත්වා තතො නික්ඛමිත්වා එකාහෙනෙව නවයොජනමග්ගං ආගතො. තස්මිංයෙව ඛණෙ ථෙරො ධම්මකථං ආරභි. දහරො දූරමග්ගාගමනෙන සඤ්ජාතකායදරථත්තා පට්ඨානගාථාය සද්ධිං අවසානගාථංයෙව වවත්ථපෙසි. තතො ථෙරස්ස “ඉදමවොචා”ති වත්වා උට්ඨාය ගමනකාලෙ “මය්හං ආගමනකම්මං මොඝං ජාත”න්ති රොදමානො අට්ඨාසි. එකො මනුස්සො තං කථං සුත්වා ගන්ත්වා ථෙරස්ස ආරොචෙසි, “භන්තෙ, ‘තුම්හාකං ධම්මකථං සොස්සාමී’ති එකො දහරභික්ඛු තිස්සමහාවිහාරා ආගතො, සො ‘කායදරථභාවෙන මෙ ආගමනං මොඝං ජාත’න්ති රොදමානො ඨිතො”ති. ගච්ඡථ සඤ්ඤාපෙථ නං “පුන ස්වෙ කථෙස්සාමා”ති. සො පුනදිවසෙ ථෙරස්ස ධම්මකථං සුත්වා සොතාපත්තිඵලං පාපුණි.
දිගාවැවෙහි මහාජාතකභාණ්ක තෙරණුවන් ගාථාදහසක් ඇති මහා වෙසන්තර ජාතකය කියතියි අසා මහගම තිස්ස මහ වෙහෙරවැසි තරුණ භික්ෂුවක් එයින් නික්ම එක් දිනකින්ම නව යොදුන් මඟක් පැමිණියේය. එකෙණෙහිම තෙරණුවෝ ධර්මකථාව ඇරඹූහ. තරුණ භික්ෂු තෙමේ දුරමඟක් ඒමෙන් හටගත් කයවෙහෙස ඇතිබැවින් පිහිටුවීමේ ගාථාව සමඟ අවසාන ගාථාව පමණක් නිශ්චය කර ගත්තේය. ඉක්බිති තෙරුන් ‘මෙසේ කීවේය’යි ප්‍රකාශ කොට නැගිට යන කල්හි මා පැමිණි කටයුතුත හිස් වූයේයයි හඬමින් සිටියේය. එක් මිනිසෙක් ඔහුගේ කථාව අසා ගොස් තෙරුන්ට, ස්වාමීනි, ඔබ වහන්සේගේ ධර්මකථාව අසන්නෙමැයි එක් තරුණ භික්ෂුවක් තිස්සමහාවිහාරයෙන් පැමිණියේය. හෙතෙම කයෙහි වෙහෙස බැවින් මගේ පැමිණීම වැඩක් නැති වීයයි අඬමින් සිටියේය’යි සැළ කළේය. යව, නැවත හෙට කියන්නෙමැයි ඔහුට හඟවයි තෙරණුවෝ පැවසූහ. හෙතෙම දෙවන දිනයෙහි තෙරුන්ගේ ධර්මකථාව අසා සෝවාන් ඵලයට පැමිණියේය.
අපරාපි උල්ලකොලිකණ්ණිවාසිකා එකා ඉත්ථී පුත්තකං පායමානා “දීඝභාණකමහාඅභයත්ථෙරො නාම අරියවංසපටිපදං කථෙතී”ති සුත්වා පඤ්චයොජනමග්ගං ගන්ත්වා දිවාකථිකත්ථෙරස්ස නිසින්නකාලෙයෙව විහාරං පවිසිත්වා භූමියං පුත්තං නිපජ්ජාපෙත්වා දිවාකථිකත්ථෙරස්ස ඨිතකාව ධම්මං අස්සොසි. සරභාණකෙ ථෙරෙ උට්ඨිතෙ දීඝභාණකමහාඅභයත්ථෙරො චතුපච්චයසන්තොසභාවනාරාමමහාඅරියවංසං ආරභි. සා ඨිතකාව පග්ගණ්හාති. ථෙරො තයො එව පච්චයෙ කථෙත්වා උට්ඨානාකාරං අකාසි. සා උපාසිකා ආහ – “අය්යො, ‘අරියවංසං කථෙස්සාමී’ති සිනිද්ධභොජනං භුඤ්ජිත්වා මධුරපානකං පිවිත්වා යට්ඨිමධුකතෙලාදීහි භෙසජ්ජං කත්වා කථෙතුං යුත්තට්ඨානෙයෙව උට්ඨහතී”ති. ථෙරො “සාධු, භගිනී”ති වත්වා උපරි භාවනාරාමං පට්ඨපෙසි. අරුණුග්ගමනඤ්ච ථෙරස්ස “ඉදමවොචා”ති වචනඤ්ච උපාසිකාය සොතාපත්තිඵලුප්පත්ති ච එකක්ඛණෙයෙව අහොසි.
උල්ලභකොල කණ්ණිකවාසී වෙනත් එක් ස්ත්‍රියක් පුතුට කිරිපොවමින් දීඝභාණක මහා අභය නම් තෙර කෙනෙක් අරියවංස ප්‍රතිපදාව කියතියි අසා පස්යොදුන් මග ගොස් දහවල බණකියන තෙරුන් හුන් කල්හිම විහාරයට පිවිස පුතු බිම හොවා සිටගෙනම දිවාකථික තෙරුන්ගේ ධර්මය ඇසුවාය. පදභාණකයද සිටගෙනම ඇසුවාය. පදභාණක තෙරුන් නැඟීසිටිකල්හි දීඝභාණක මහතෙරණුවෝ සිවුපසයෙහි සතුටුවීම, භාවනාවෙහි ඇලීම ගැන කියවෙන මහා අරියවංසය ඇරඹූහ. ඕ සිටගෙනම උත්සාහ කරයි. තෙරණුවෝ ප්‍රත්‍යය තුනක්ම කියා නැගී සිටිනාකාරයක් කළහ. ඒ උපාසිකාව ‘ආර්‍ය්‍යයන්වහන්ස, අරියවංසය කියන්නෙමැයි සිනිඳු බොජුන් වළඳා, මිහිරි පානයන් බී, වැල්මී, තෙල් ආදියෙන් බෙහෙත් කොට, කීමට යුතු තන්හිදීම නැඟීසිටිත්යි කීවාය. තෙරණුවෝ මැනවි මැනවි සොහොයුරියයි පවසා මත්තෙහි භාවනාරාමය පිහිටුවූහ. අරුණ නැගීමද මෙසේ පැවසීයයි තෙරුන්ගේ කීමද උපාසිකාවගේ සෝවාන්බවට පැමිණීමද එකම කෙණෙහි වූයේය.
අපරාපි කළම්පරවාසිකා ඉත්ථී අඞ්කෙන පුත්තං ආදාය “ධම්මං සොස්සාමී”ති චිත්තලපබ්බතං ගන්ත්වා එකං රුක්ඛං නිස්සාය දාරකං නිපජ්ජාපෙත්වා සයං ඨිතකාව ධම්මං සුණාති. රත්තිභාගසමනන්තරෙ එකො දීඝජාතිකො තස්සා පස්සන්තියායෙව සමීපෙ නිපන්නදාරකං චතූහි දාඨාහි ඩංසිත්වා අගමාසි. සා චින්තෙසි – “සචාහං ‘පුත්තො මෙ සප්පෙන දට්ඨො’ති වක්ඛාමි, ධම්මස්ස අන්තරායො භවිස්සති. අනෙකක්ඛත්තුං ඛො පන මෙ අයං සංසාරවට්ටෙ වට්ටන්තියා පුත්තො අහොසි, ධම්මමෙව චරිස්සාමී”ති තියාමරත්තිං ඨිතකාව ධම්මං පග්ගණ්හිත්‍වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය අරුණෙ උග්ගතෙ සච්චකිරියාය පුත්තස්ස විසං නිම්මථෙත්වා පුත්තං ගහෙත්වා ගතා. එවරූපා පුග්ගලා ධම්මං සොතුකාමා නාම හොන්ති.
කාළුම්බර වැසි වෙනත් ස්ත්‍රියක්ද ඇකයෙන් පුතුගෙන ධර්මය අසන්නෙමැයි සිතුල්පව්වට ගොස් එක් ගසක් යට දරුවා හොවා තුමූ සිටගෙනම දහම් අසන්නීය. රාත්‍රිකාලය තුළ එක් සර්පයෙක් ඇය බලා සිටියදීම සමීපයෙහි හොත් දරුවා දළ සතරින් ඩැහැ ගියේය. ඉදින් මම මගේ පුතු සර්පයකු විසින් දෂ්ට කරනලදැයි කියම් නම් ධර්මයට අනතුරක් වෙයි සසර සැරිසරන්නාවූ මට නොයෙක් වර මෙතෙම පුතා වුයේය. ධර්මයෙහිම හැසිරෙමැයි සිතා තුන්යම් රැය සිටගෙනම ධර්මය දැඩිව අසා සෝවාන් පෙලෙහි පිහිටා අරුණනැඟි කල්හි සත්‍ය ක්‍රියාවෙන් පුතුගේ විෂ මැඩ පවත්වා පුතු ගෙන ගියාය. මෙබඳුවූ පුද්ගලයෝ ධර්මය අසනු කැමැත්තෝ නම් වෙති.
3. අත්ථවසසුත්තවණ්ණනා
3. 1. 5. 3
තතියෙ තයො, භික්ඛවෙ, අත්ථවසෙ සම්පස්සමානෙනාති තයො අත්ථෙ තීණි කාරණානි පස්සන්තෙන. අලමෙවාති යුත්තමෙව. යො ධම්මං දෙසෙතීති යො පුග්ගලො චතුසච්චධම්මං පකාසෙති. අත්ථප්පටිසංවෙදීති අට්ඨකථං ඤාණෙන පටිසංවෙදී. ධම්මප්පටිසංවෙදීති පාළිධම්මං පටිසංවෙදී.
තෙවැන්නෙහි තයො මෙ භක්ඛවෙ අත්ථවසෙ සම්පස්සමානෙන යනු තුන් අර්ත්ථයක කරුණු තුනක් බලන්නහු විසිනි. අලමෙව යනු ගැලපේමය. යො ධම්මං දෙසෙති යනු යම් පුද්ගලයෙක් චතුරාර්යසතය ධර්මය ප්‍රකාශ කරයිද යනුයි. අත්ථපටිසංවේදී යනු අර්‍ත්‍ථකථාව නුවණින් දැනගත්තේය. ධම්මපටිසංවෙදි යනු පෙළදහම දැනගත්තේය යනුයි.
4. කථාපවත්තිසුත්තවණ්ණනා
3. 1. 5. 4
චතුත්ථෙ ඨානෙහීති කාරණෙහි. පවත්තිනීති අප්පටිහතා නිය්යානිකා.
සිවුවැන්නෙහි ඨානෙහි යනු කාරණයන්ගෙනි. පවත්තනී යනු
5. පණ්ඩිතසුත්තවණ්ණනා
3. 1. 5. 5
පඤ්චමෙ පණ්ඩිතපඤ්ඤත්තානීති පණ්ඩිතෙහි පඤ්ඤත්තානි කථිතානි පසත්ථානි. සප්පුරිසපඤ්ඤත්තානීති සප්පුරිසෙහි මහාපුරිසෙහි පඤ්ඤත්තානි කථිතානි පසත්ථානි. අහිංසාති කරුණා චෙව කරුණාපුබ්බභාගො ච. සංයමොති සීලසංයමො. දමොති ඉන්ද්රියසංවරො, උපොසථවසෙන වා අත්තදමනං, පුණ්ණොවාදෙ (ම· නි· 3.395 ආදයො; සං· නි· 4.88 ආදයො) දමොති වුත්තා ඛන්තිපි ආළවකෙ (සං· නි· 1.246; සු· නි· 183 ආදයො) වුත්තා පඤ්ඤාපි ඉමස්මිං සුත්තෙ වට්ටතියෙව. මාතාපිතු උපට්ඨානන්ති මාතාපිතූනං රක්ඛනං ගොපනං පටිජග්ගනං. සන්තානන්ති අඤ්ඤත්ථ බුද්ධපච්චෙකබුද්ධඅරියසාවකා සන්තො නාම, ඉධ පන මාතාපිතුඋපට්ඨාකා අධිප්පෙතා. තස්මා උත්තමට්ඨෙන සන්තානං, සෙට්ඨචරියට්ඨෙන බ්රහ්මචාරීනං. ඉදං මාතාපිතුඋපට්ඨානං සබ්භි උපඤ්ඤාතන්ති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. සතං එතානි ඨානානීති සන්තානං උත්තමපුරිසානං එතානි ඨානානි කාරණානි. අරියො දස්සනසම්පන්නොති ඉධ ඉමෙසංයෙව තිණ්ණං ඨානානං කාරණෙන අරියො චෙව දස්සනසම්පන්නො ච වෙදිතබ්බො, න බුද්ධාදයො න සොතාපන්නා. අථ වා සතං එතානි ඨානානීති මාතුපට්ඨානං පිතුපට්ඨානන්ති එතානි ඨානානි සන්තානං උත්තමපුරිසානං කාරණානීති එවං මාතාපිතුඋපට්ඨාකවසෙන ඉමිස්සා ගාථාය අත්ථො වෙදිතබ්බො. මාතාපිතුඋපට්ඨාකොයෙව හි ඉධ “අරියො දස්සනසම්පන්නො”ති වුත්තො. ස ලොකං භජතෙ සිවන්ති සො ඛෙමං දෙවලොකං ගච්ඡතීති.
පස්වැන්නෙහි පණ්ඩිතපඤ්ඤත්තානි යනු පණ්ඩිතයන් විසින් පනවනලද, කියනලද, පසසන ලදයි. සප්පුරිසපඤ්ඤත්තානි යනු සත්පුරුෂයන්, මහාපුරුෂයන් විසින් පනවනලද. කියනලද පස්සනලදයි. අහිංසා යනු කරුණාව මෙන්ම කරුණාවේ පූර්ව අවස්ථාවයි. සංයමො යනු සීලසංයමයයි. දමො යනු ඉන්ද්රියසංවරයයි, පෙහෙවස් විසීම්වශයෙන් හෝ ආත්මදමනයයි පුණ්ණෝවාද සූත්‍රයෙහි දමො යනුවෙන් කියනලදී. ආළවක සූත්‍රයෙහි ඛන්ති යයි කියනලදී. මේ සූත්‍රයෙහි පඤ්ඤා යනුද වටීමය. මාතාපිතූ උපට්ඨානං යනු මවුපියන් රැකීම බලාහදා ගැනීම හා පිළිදැගුම් කිරීමයි. සන්තානං යනු අන් තන්හි සම්මාසම්බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ආර්‍ය්‍යශ්‍රාවකයෝ සන්ත නම්වෙත්. මෙහි වනාහි මවුපියන්ට උවටැන් කරන්නෝ අදහස් කරනලදහ. එබැවින් උත්තමාර්ථයෙන් සත්පුරුෂයන්ගේයි. ශ්රෙෂ්ඨචර්ය්යාවශයෙන් බ්රහ්මචාරීනං බ්රහ්මචාරීන්ගේයි. මේ මවුපියන් උවටැන සත්පුරුෂයන් විසින් අනුදන්නා ලදැයි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුයි. සතං එතානි ඨානානි යනු සත්පුරුෂයන්ට, උත්තම පුද්ගලයන්ට මේවා කාරණයෝයි. අරියො දස්සනසම්පන්නො යනු මෙහි මේ තුන් කාරණයන්ගේ හේතුවෙන් ආර්‍ය්‍යයා මෙන්ම දර්ශනයෙන් යුක්තවූ තැනැත්තාද දතයුතුය. බුද්ධාදීහු නොවෙත්. සෝවාන් පුද්ගලයාද නොවේ. සතං එතානි ඨානානි යනු මවට උවටැන් කිරීම පියාට උවටැන් කිරීම යන මේවා සත්පුරුෂයන්ගේ, උත්තම පුද්ගලයන්, උත්තම පුද්ගලයන්ගේ කරුණුයයි මෙසේ මවුපියන්ට උවටැන්කරන්නාවශයෙන්ම මේ ගාථාවේ අර්ත්ථය දතයුතුය. මවුපියන්ට උවටැන්කරන්නාම මෙහි ආර්‍ය්‍යයා, දර්ශනයෙන් යුක්තවූ තැනැත්තායි කියනලදී. සලොකං භජතෙ සිවං යනු හෙතෙම නිර්භයවූ දෙව්ලොවට යයි.
6. සීලවන්තසුත්තවණ්ණනා
3. 1. 5. 6
ඡට්ඨෙ තීහි ඨානෙහීති තීහි කාරණෙහි. කායෙනාතිආදීසු භික්ඛූ ආගච්ඡන්තෙ දිස්වා පච්චුග්ගමනං කරොන්තා ගච්ඡන්තෙ අනුගච්ඡන්තා ආසනසාලාය සම්මජ්ජනඋපලෙපනාදීනි කරොන්තා ආසනානි පඤ්ඤාපෙන්තා පානීයං පච්චුපට්ඨාපෙන්තා කායෙන පුඤ්ඤං පසවන්ති නාම. භික්ඛුසඞ්ඝං පිණ්ඩාය චරන්තං දිස්වා “යාගුං දෙථ, භත්තං දෙථ, සප්පිනවනීතාදීනි දෙථ, ගන්ධපුප්ඵාදීහි පූජෙථ, උපොසථං උපවසථ, ධම්මං සුණාථ, චෙතියං වන්දථා”තිආදීනි වදන්තා වාචාය පුඤ්ඤං පසවන්ති නාම. භික්ඛූ පිණ්ඩාය චරන්තෙ දිස්වා “ලභන්තූ”ති චින්තෙන්තා මනසා පුඤ්ඤං පසවන්ති නාම. පසවන්තීති පටිලභන්ති. පුඤ්ඤං පනෙත්ථ ලොකියලොකුත්තරමිස්සකං කථිතං.
සවැන්නෙහි, තීහි ඨානෙහි යනු කරුණු තුනකිනි. කායෙන යනාදියෙහි භික්ෂූන් එනු දැක පෙරගමන් කරමින් යනවිට පසුගමන් කරමින් අසුන් හලෙහි හැමදිම් තැවරීම් ආදිය කරමින් අසුන් පනවමින් පැන් එළවමින් කයින් පින් රැස් කරති නමි. භික්ෂුසංඝයා පිඬුහැසිරෙනු දැක කැඳ දෙන්න, බත්දෙන්න, ගිතෙල් වෙඬරු ආදිය දෙන්න, සුවඳමල් ආදියෙන් පුදන්න, පෙහෙවස් රකින්න. දහම් අසන්න, චෛත්‍යය වඳින්නැයි ආදිය කියමින් වචනයෙන් පින් රැස්කරත් නමි. පිඬු හැසිරෙන භික්ෂූන් දැක (පිඬු) ලබත්වායි සිතමින් සිතින් පින් රැස්කරති නමි. පසවන්ති යනු ලබත්. මෙහි පින වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී.
7. සඞ්ඛතලක්ඛණසුත්තවණ්ණනා
3. 1. 5. 7
සත්තමෙ සඞ්ඛතස්සාති පච්චයෙහි සමාගන්ත්වා කතස්ස. සඞ්ඛතලක්ඛණානීති සඞ්ඛතං එතන්ති සඤ්ජානනකාරණානි නිමිත්තානි. උප්පාදොති ජාති. වයොති භෙදො. ඨිතස්ස අඤ්ඤථත්තං නාම ජරා. තත්ථ සඞ්ඛතන්ති තෙභූමකා ධම්මා. මග්ගඵලානි පන අසම්මසනූපගත්තා ඉධ න කථීයන්ති. උප්පාදාදයො සඞ්ඛතලක්ඛණා නාම. තෙසු උප්පාදක්ඛණෙ උප්පාදො, ඨානක්ඛණෙ ජරා, භෙදක්ඛණෙ වයො. ලක්ඛණං න සඞ්ඛතං, සඞ්ඛතං න ලක්ඛණං, ලක්ඛණෙන පන සඞ්ඛතං පරිච්ඡින්නං. යථා හත්ථිඅස්සගොමහිංසාදීනං සත්තිසූලාදීනි සඤ්ජානනලක්ඛණානි න හත්ථිආදයො, නපි හත්ථිආදයො ලක්ඛණානෙව, ලක්ඛණෙහි පන තෙ “අසුකස්ස හත්ථී, අසුකස්ස අස්සො, අසුකහත්ථී, අසුකඅස්සො”ති වා පඤ්ඤායන්ති, එවංසම්පදමිදං වෙදිතබ්බං.
සත්වැන්නෙහි සඞ්ඛතස්ස යනු ප්රත්යයන්ගෙන් එක්ව කරනලද්දහුගේයි. සඞ්ඛතලක්ඛණානි යනු මෙය සංඛතයකැයි දක්වන (හඟවන) කරුණුයි. නිමිතියි. උප්පාදො යනු උපතයි. වයො යනු බිඳීයාමයි. ඨිතස්ස අඤ්ඤථත්තං යනු ජරාවයි, දිරායාමයි. එහි සඞ්ඛතං යනු ත්‍රෛභූමක ධර්මයෝයි. මාර්ගඵලයෝ වනාහි විමසාබැලීමට නොඑළඹුණු බැවින් මෙහි නොකියනු ලැබෙත්. ඉපදීම් ආදිය සංඛතලක්ෂණයෝයි. ඔවුනතුරෙහි උපදින කෙණෙහි උපතද පවත්නා කෙණෙහි ජරාවද බිඳීයන කෙණෙහි විනාශයද වේ. ලක්ෂණය සංඛ්‍යය නොවේ. සංඛතය ලක්ෂණය නොවේ. ලක්ෂණයෙන් සංඛතය පරිචේඡද කොට දක්වනලදී. යම්සේ ඇත් අස් ගව මහිසාදීන්ගේ සැතහුල් ආදිය හඟවන ලකුණුවේද ඇති ආදීහු නොවෙත්ද එපරිද්දෙනි. ඇති ආදීහු ලකුණු නොවෙත්. ලකුණුවලින් ඔවුහු අසුවලාගේ ඇතැයි, අසුවලාගේ අශ්වයාය, අසුවල් ඇතාය, අසුවල් අශ්වයායයි පැනෙත්. එබඳු ආකාර ඇතැයි දැක්වියයුතුය.
8. අසඞ්ඛතලක්ඛණසුත්තවණ්ණනා
3. 1. 5. 8
අට්ඨමෙ අසඞ්ඛතස්සාති පච්චයෙහි සමාගන්ත්වා අකතස්ස. අසඞ්ඛතලක්ඛණානීති අසඞ්ඛතං එතන්ති සඤ්ජානනකාරණානි නිමිත්තානි. න උප්පාදො පඤ්ඤායතීතිආදීහි උප්පාදජරාභඞ්ගානං අභාවො වුත්තො. උප්පාදාදීනඤ්හි අභාවෙන අසඞ්ඛතන්ති පඤ්ඤායති.
අටවැන්නෙහි අසඞ්ඛතස්ස යනු ප්රත්යයන්ගෙන් එක්රුස්ව නොකරනලද්දහුගේයි. අසඞ්ඛතලක්ඛණානි යනු මෙය අසංඛතයකැයි හඟවන කරුණුයි, නිමිතියි. න උප්පාදො පඤ්ඤායති යනාදියෙන් ඉපදීම දිරායාම විනාශය යන මොවුන්ගේ නොවීම කියනලදී. උපත් ආදිය නොවීමෙන් අසංඛතයයි හැඟෙයි.
9. පබ්බතරාජසුත්තවණ්ණනා
3. 1. 5. 9
නවමෙ මහාසාලාති මහාරුක්ඛා. කුලපතින්ති කුලජෙට්ඨකං. සෙලොති සිලාමයො. අරඤ්ඤස්මින්ති අගාමකට්ඨානෙ. බ්‍රහ්මාති මහන්තො. වනෙති අටවියං. වනප්පතීති වනජෙට්ඨකා. ඉධ ධම්මං චරිත්වාන, මග්ගං සුගතිගාමිනන්ති සුගතිගාමිකමග්ගසඞ්ඛාතං ධම්මං චරිත්වා.
නවවැන්නෙහි මහාසාලා යනු මහා වෘක්ෂයෝයි. කුලපතිං යනු කුලජ්යෙෂ්ඨයායි. සෙලො යනු ගලින් කරනලද්දයි. අරඤ්ඤස්මිං යනු ගම නොවන තැනයි. බ්රහා යනු මහත්ය. වනෙ යනු කැලයෙහියි. වනස්පති යනු වනයට දෙටුවූවෝයි. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං යනු සුගතිගාමීවූ මාර්ග සංඛ්‍යාත ධර්මයෙහි හැසිරයි.
10. ආතප්පකරණීයසුත්තවණ්ණනා
3. 1. 5. 10
දසමෙ ආතප්පං කරණීයන්ති වීරියං කාතුං යුත්තං. අනුප්පාදායාති අනුප්පාදත්ථාය, අනුප්පාදං සාධෙස්සාමීති ඉමිනා කාරණෙන කත්තබ්බන්ති අත්ථො. පරතොපි එසෙව නයො. සාරීරිකානන්ති සරීරසම්භවානං. දුක්ඛානන්ති දුක්ඛමානං. තිබ්බානන්ති බහලානං, තාපනවසෙන වා තිබ්බානං. ඛරානන්ති ඵරුසානං. කටුකානන්ති තිඛිණානං. අසාතානන්ති අමධුරානං. අමනාපානන්ති මනං වඩ්ඪෙතුං අසමත්ථානං. පාණහරානන්ති ජීවිතහරානං. අධිවාසනායාති අධිවාසනත්ථාය සහනත්ථාය ඛමනත්ථාය.
දසවැන්නෙහි ආතප්පං කරණීයං යනු වීර්ය කිරීමට සුදුසුය. අනුප්පාදාය යනු නූපදනු සඳහායි. නූපදීම ඇති කරන්නෙමැයි මේ කරුණින් කළ යුතුයයි අර්‍ත්‍ථයි. අන්යයාගෙන්ද මේ ක්‍රමයමැයි. සාරීරිකානං යනු ශරීරයෙන් හටගත්තාවූයි. දුක්ඛානං යනු දුක් සහගතවූයි. තිප්පානං යනු ඝනවූයි. තැවීම් වශයෙන් හෝ බොහෝවූවන්ගේයි. ඛරානං යනු රළුවූවන්ගේයි. කටුකානං යනු තියුණුවූයි. අසාතානං යනු අමිහිරියි. අමනාපානං යනු සිත් වැඩීමට අසමත්වූයි. පාණහරානං යනු ජීවිතය පැහැරගන්නාවූයි. අධිවාසනාය යනු ඉවසීම සඳහා, සහනය සඳහා ක්ෂමාකිරීම සඳහායි.
එත්තකෙ ඨානෙ සත්ථා ආණාපෙත්වා ආණත්තිං පවත්තෙත්වා ඉදානි සමාදපෙන්තො යතො ඛො, භික්ඛවෙතිආදිමාහ. තත්ථ යතොති යදා. ආතාපීති වීරියවා. නිපකොති සප්පඤ්ඤො. සතොති සතියා සමන්නාගතො. දුක්ඛස්ස අන්තකිරියායාති වට්ටදුක්ඛස්ස පරිච්ඡෙදපරිවටුමකිරියාය. ඉමෙ ච පන ආතාපාදයො තයොපි ලොකියලොකුත්තරමිස්සකා කථිතා.
මෙපමණ තැන්හි ශාස්තෘන්වහන්සේ අණවා, ඇණවීම් පවත්වා දැන් සමාදන් කරවනසේක්. ‘යතො ඛො භික්ඛවෙ’ යනාදිය පැවසූසේක. එහි යතො යනු යම් කලෙකය, ආතාපී යනු වීර්යවත් පුද්ගලයාය, නිපකො යන ප්රඥාසහිත පුද්ගලයාය. සතො යනු සිහියෙන් යුක්තවූ පුද්ගලයාය. දුක්ඛස්ස අන්තකිරියාය යනු සසර දුක් අවසන් කිරීම, විනාශ කිරීම සඳහාය. මේ ආතාපි ආදී තුනද ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලදී.
11. මහාචොරසුත්තවණ්ණනා
3. 1. 5. 11
එකාදසමෙ මහාචොරොති මහන්තො බලවචොරො. සන්ධින්ති ඝරසන්ධිං. නිල්ලොපන්ති මහාවිලොපං. එකාගාරිකන්ති එකමෙව ගෙහං පරිවාරෙත්වා විලුම්පනං. පරිපන්ථෙපි තිට්ඨතීති පන්ථදූහනකම්මං කරොති. නදීවිදුග්ගන්ති නදීනං දුග්ගමට්ඨානං අන්තරදීපකං, යත්ථ සක්කා හොති ද්වීහිපි තීහිපි ජඞ්ඝසහස්සෙහි සද්ධිං නිලීයිතුං. පබ්බතවිසමන්ති පබ්බතානං විසමට්ඨානං පබ්බතන්තරං, යත්ථ සක්කා හොති සත්තහි වා අට්ඨහි වා ජඞ්ඝසහස්සෙහි සද්ධිං නිලීයිතුං. තිණගහනන්ති තිණෙන වඩ්ඪිත්වා සඤ්ඡන්නං ද්වත්තියොජනට්ඨානං. රොධන්ති ඝනං අඤ්ඤමඤ්ඤං සංසට්ඨසාඛං එකාබද්ධං මහාවනසණ්ඩං. පරියොධාය අත්ථං භණිස්සන්තීති පරියොදහිත්වා තං තං කාරණං පක්ඛිපිත්වා අත්ථං කථයිස්සන්ති. ත්යාස්සාති තෙ අස්ස. පරියොධාය අත්ථං භණන්තීති කිස්මිඤ්චි කිඤ්චි වත්තුං ආරද්ධෙයෙව “මා එවං අවචුත්ථ, මයං එතං කුලපරම්පරාය ජානාම, න එස එවරූපං කරිස්සතී”ති තං තං කාරණං පක්ඛිපිත්වා මහන්තම්පි දොසං හරන්තා අත්ථං භණන්ති. අථ වා පරියොධායාති පටිච්ඡාදෙත්වාතිපි අත්ථො. තෙ හි තස්සපි දොසං පටිච්ඡාදෙත්වා අත්ථං භණන්ති. ඛතං උපහතන්ති ගුණඛනනෙන ඛතං, ගුණුපඝාතෙන උපහතං. විසමෙන කායකම්මෙනාති සම්පක්ඛලනට්ඨෙන විසමෙන කායද්වාරිකකම්මෙන. වචීමනොකම්මෙසුපි එසෙව නයො. අන්තග්ගාහිකායාති දසවත්ථුකාය අන්තං ගහෙත්වා ඨිතදිට්ඨියා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එකොළොස් වැන්නෙහි මහාචොරො යනු මහත් බලවත් සොරායි. සන්ධිං යනු ගෘහසන්ධිස්ථානයයි. නිල්ලොපං යනු මහත් පැහැර ගැනීමයි. එකාගාරිකං යනු එකම මහ ගෙයක් පිරිවරා පැහැරගැන්මයි. පරිපන්ථෙපි තිට්ඨන්ති යනු මං පැහැරීම කරයි. නදීවිදුග්ගං යනු යම් තැනක දෙතුන්සියයක් සමඟ සැඟවීමට සමත්වේද එබඳුවූ දිවයින් අතර පිහිටි නදීන්ගේ දුරගමස්ථානයයි. පබ්බතවිසමං යනු පර්වතයන්ගේ විසමස්ථානයයි. සත් අට සියයක් සමඟ සැගවීමට හැකිවන එබඳු තැනයි. තිණගහනං යනු තණින් වැඩී ගැවසීගත් දෙතුන් යොදුන් තැනයි. ගෙධං යනු ඝනවනයයි. එකට ඇළුණු, එකට බැඳුණු මහාවනපෙදෙසයි. පරියොධාය අත්ථං භණිස්සන්ති යනු මනාව (සවන්) යොමුකොට ඒ ඒ කරුණ බහා අර්ත්ථය කියත්. ත්යාස්ස යනු තෙ, අස්ස යන පදසන්ධියයි. පරියොධාය අත්ථං භණිස්සන්ති යනු කිසිවක් කීමට පටන්ගත් කෙණෙහිම එසේ නොකියව, අපි මෙයකුලපරපුරින් දනිමු. හෙතෙම මෙබඳු දෙයක් නොකරයි. යනුවෙන් ඒ ඒ කරුණු බහාතබා මහත්වූ දොෂයද ඉවත් කරමින් අර්ත්ථය කියත්. නැතහොත් පරියොධාය යනු සඟවා යනුද අර්‍ත්‍ථයි. ඔවුහු ඔහුගේ දොස වසා අර්ත්ථය කියති. ඛතං උපහතං යනු ගුණ කැණීමෙන් කණිනලදයි. ගුණ නැසීමෙන් නසනලදයි. විසමෙන කායකම්මේන යනු පැකිලීම් සහිත යන අරුතින් විසමවූ කායද්වාරයට අයත් කර්මයෙනි. වාග්මනොකර්මයන්හිද මේ ක්‍රමයමයි. අන්තගාහිකාය යන දශවස්තන්ගෙන් අන්තය ගෙන පැවති දෘෂ්ටියයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
චූළවග්ගො පඤ්චමො.
පස්වෙනිවූ චූළවර්ගයයි.
පඨමපණ්ණාසකං නිට්ඨිතං.
පළමුවෙනි පණ්ණාසකය නිමියේයි.