3. 1. 5. 1
3. 1. 5. 1.
3. 1. 5. 1.
41. තිණ්ණං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. කතමෙසං තිණ්ණං: සද්ධාය භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්යානං භික්ඛවෙ සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවතීති.
41. මහණෙනි, තුන් දෙනකුන්ගේ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. කවර තිදෙනකුගේය යත්: මහණෙනි, සැදැහැ හමුබැවින් සැදැහැවත් කුලපුත් බොහෝ පින් රැස් කරණේය. මහණෙනි, දේයධර්‍ම හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, දක්ෂිණාර්හයන්ගේ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය. මහණෙනි, මෙ කරුණු තුණ හමුබැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කරණේ ය.
3. 1. 5. 2.
3. 1. 5. 2.
42. තීහි භික්ඛවෙ ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බො. කතමෙහි තීහි: සීලවන්තානං දස්සනකාමො හොති, සද්ධම්මං සොතුකාමො හොති, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බොති.
42. මහණෙනි, මේ කරුණු තුණෙකින් පහන් වූ සැදැහැතියේ දතයුතු වේ. කවර තුණෙකින යත්: සිල්වතුන් දක්නා කැමැතියේ වෙයි, සදහම් අසනු කැමැතියේ වෙයි, වුහුටු ත්‍යාග ඇත්තේ දීමෙහි දෙවි අත් ඇතියේ හැරපීමෙහි ඇලුනේ යදනට නිසිවූයේ දන් හා සංවිභාගයෙහි ඇලුනේ පහ වූ මසුරු මලින් යුත් සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මේ තෙකරුණින් යුක්ත වූයේ පහන් වූ සැදැහැතියේ යි දත යුතුයි.
45. දස්සනකාමො සීලවතං සද්ධම්මං සොතුමිච්ඡති, විනෙය්ය මච්ඡෙරමලං ස වෙ සද්ධොති වුච්චතීති.
45. සිල්වතුන් දක්නට කැමැතියේ වේ ද, සදහම් අසන්නට කැමැති වේ ද, මසුරුමල දුරලා වෙසේ ද, හේ ඒකාන්තයෙන් සැදැහැත්තේ ය යි කියනු ලැබේ.
3. 1. 5. 3.
3. 1. 5. 3.
43. තයො’මෙ භික්ඛවෙ අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුං. කතමෙ තයො: යො ධම්මං දෙසෙති, සො අත්ථපටිසංවෙදී ච හොති ‘ධම්මප්පටිසංවෙදී ච. යො ධම්මං සුණාති, සො අත්ථප්පටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. යො චෙව ධම්මං දෙසෙති, යො ච ධම්මං සුණාති, උභො අත්ථපටිසංවෙදිනො ච හොන්ති ධම්මප්පටිසංවෙදිනො ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුන්ති.
43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් ධර්මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
3. 1. 5. 4.
3. 1. 5. 4.
44. තීහි භික්ඛවෙ ඨානෙහි කථා පවත්තනී හොති. කතමෙහි තීහි: යො ධම්මං දෙසෙති, සො අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. යො ධම්මං සුණාති, සො අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. යො චෙව ධම්මං දෙසෙති, යො ච ධම්මං සුණාති, උභො අත්ථපටිසංවෙදිනො ච හොන්ති ධම්මපටිසංවෙදිනො ච. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ඨානෙහි කථා පවත්තනී හොතීති.
44. මහණෙනි, කරුණු තුණෙකින් කථාව පවත්නී වෙයි. කවර තුණෙකින යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් දහම් අසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වේ. යමෙක් එ දහම් දෙසා නම්, යමෙක් දහම් අසා නම්, යන දෙදෙන ම අටුවා දන්නෝත් පෙළදහම් දන්නෝත් වෙති. මහණෙනි, මේ කරුණු තුණෙන් කථාව පවත්නී වේ යයි.
3. 1. 5. 5.
3. 1. 5. 5.
45. තීණි’මානි භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානි. කතමානි තීණි: දානං භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. පබ්බජ්ජා භික්ඛවෙ පණ්ඩිතපඤ්ඤත්තා සප්පුරිසපඤ්ඤත්තා. මාතාපිතුන්නං භික්ඛවෙ උපට්ඨානං පණ්ඩිතපඤ්ඤත්තං සප්පුරිසපඤ්ඤත්තං. ඉමානි ඛො භික්ඛවෙ තීණි පණ්ඩිතපඤ්ඤත්තානි සප්පුරිසපඤ්ඤත්තානීති.
45. මහණෙනි, පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද. මහණෙනි, මවුපියඋවටන පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, මොහු තිදෙන පණ්ඩිතයන් විසින් පණවන ලද්දාහු සත්පුරුෂයන් විසින් පණවන ලද්දාහු වෙති යි.
46. සබ්භි දානං උපඤ්ඤත්තං අහිංසා සඤ්ඤමො දමො, මාතාපිතුඋපට්ඨානං සන්තානං බ්රහ්මචාරිනං.
46. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇති සත්පුරුෂයන්ගේ දානය ද අහිංසාව ද ශීලසංයමය ද ඉන්ද්රියසංවරය ද මවුපිය උවටන ද යන මේ සත්පුරුෂයන් විසින් පණවන ලද වෙයි.
47. සතං එතානි ඨානානි යානි සෙවෙථ පණ්ඩිතො, අරියො දස්සනසම්පන්නො ස ලොකං භජතෙ සිවන්ති.
47. පණ්ඩිත තෙමේ සත්පුරුෂයන් පිළිබඳ වූ යම්බඳු මේ තුන් කරුණු සෙවුනේ නම්, දර්ශන සම්පන්න වූ ඒ ආර්‍ය්‍ය තෙම දෙව්ලොව සෙවුනේ යි.
3. 1. 5. 6.
3. 1. 5. 6.
46. යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති, තත්ථ මනුස්සා තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති. කතමෙහි තීහි: කායෙන වාචාය මනසා. යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති, තත්ථ මනුස්සා ඉමෙහි තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්තීති.
46. මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.
3. 1. 5. 7.
3. 1. 5. 7.
47. තීණි’මානි භික්ඛවෙ සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි: උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො භික්ඛවෙ තීණි සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානීති.
47. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්ෂණ තුණයි.
3. 1. 5. 8.
3. 1. 5. 8.
48. තීණි’මානි භික්ඛවෙ අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි: න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො භික්ඛවෙ තීණි අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානීති.
48. මහණෙනි, ප්‍රත්‍යයයන් විසින් නො සකස්කළහු (නිර්වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්‍යය නොපැණෙයි, සිටියහුගේ අන්යථාත්වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්මයා) ගේ මේ අසංස්කෘත ලක්ෂණ තුණයි.