යෙදුමෙන් කියවන්න

3. 1. 5. 9

3. 1. 5. 9.

3. 1. 5. 9.

49. හිමවන‍්තං භික‍්ඛවෙ පබ‍්බතරාජං නිස‍්සාය මහාසාලා තීහි වඩ‍්ඪීහි වඩ‍්ඪන‍්ති. කතමාහි තීහි: සාඛාපත‍්තපලාසෙන වඩ‍්ඪන‍්ති, තචපපටිකාය වඩ‍්ඪන‍්ති, ඵෙග‍්ගුසාරෙන වඩ‍්ඪන‍්ති. හිමවන‍්තං භික‍්ඛවෙ පබ‍්බතරාජං නිස‍්සාය මහාසාලා ඉමාහි තීහි වඩ‍්ඪීහි වඩ‍්ඪන‍්ති.

49. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, එලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්.

එවමෙව ඛො භික‍්ඛවෙ සද‍්ධං කුලපතිං නිස‍්සාය අන‍්තොජනො තීහි වඩ‍්ඪීහි වඩ‍්ඪති. කතමාහි තීහි: සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන වඩ‍්ඪති, පඤ‍්ඤාය වඩ‍්ඪති. සද‍්ධං භික‍්ඛවෙ කුලපතිං නිස‍්සාය අන‍්තොජනො ඉමාහි තීහි වඩ‍්ඪීහි වඩ‍්ඪතීති.

මහණෙනි, එපරිද්දෙන් ම සැදැහැති කුලදෙටුහු නිසා ඇතුළු දෙනේ තුන් වැඩුමෙකින් වැඩෙයි. කවර තුණෙකින යත්: සැදැහැයෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි, ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළු දෙනේ මේ තුන් වැඩුමින් වැඩෙයි.

48. යථාපි පබ‍්බතො සෙලො අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ, තං රුක‍්ඛා උපනිස‍්සාය වඩ‍්ඪන‍්තෙ තෙ වනස‍්පතී.

48. නොගම් මහවෙනෙහි ගල්පව්වෙක් යම්බඳු වේ නම්, එය ඇසුරු කොට ගෙණ ඒ වනදෙටු වෘක්‍ෂයෝ වැඩෙත්.

49. තථෙව සීලසම‍්පන‍්නං සද‍්ධං කුලපතිං ඉධ, උපනිස‍්සාය වඩ‍්ඪන‍්ති පුත‍්තදාරා ච බන්‍ධවා, අමච‍්චා ඤාතිසඞ‍්ඝා ච යෙ චස‍්ස අනුජීවිනො.

49. එපරිදි ම මෙහි සැදැහැති සිල්වත් කුලදෙටුහු ඇසුරු කොට ගෙණ අඹුදරුවෝ ද, බන්‍ධුහු ද, සගයෝ ද, නෑ සමූහයෝ ද යම් අනුජීවීහු වෙත් නම්, ඔහු ද වැඩෙත්.

50. ත්‍යාස‍්ස සීලවතො සීලං චාගං සුචරිතානි ච, පස‍්සමානානුකුබ‍්බන‍්ති යෙ භවන‍්ති විචක‍්ඛණා.

50. යම් විචක්‍ෂණ කෙනෙක් වෙත් නම්, ඔහු ඒ සිල්වත්හුගේ ශීලය හා ත්‍යාග්‍ය හා සුචරිත හා දක්නාහු ඔහු අනුව ක්‍රියා කෙරෙත්.

51. ඉධ ධම‍්මං චරිත්‍වාන මග‍්ගං සුගතිගාමිනං, නන්‍දිනො දෙවලොකස‍්මිං මොදන‍්ති කාමකාමිනොති.

51. මෙලොව සුගතිගාමී මාර්‍ගය වන කුසල් දහම් පුරා (කර්‍මනන්‍දනායෙන්) සතුටු වූවාහු පස්කම් සැප කැමැත්තාහු දෙව්ලොව දී (විපාක මෝදනායෙන්) සතුටු වෙත්.