යෙදුමෙන් කියවන්න

3. 1. 5. 10

3. 1. 5. 10.

3. 1. 5. 10.

50. තීහි භික‍්ඛවෙ ඨානෙහි ආතප‍්පං කරණීයං. කතමෙහි තීහි: අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ආතප‍්පං කරණීයං. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ආතප‍්පං කරණීයං. උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප‍්පං කරණීයං. ඉමෙහි තීහි භික‍්ඛවෙ ඨානෙහි ආතප‍්පං කරණීයං.

50. මහණෙනි, කරුණු තුණෙකින් වීර්‍ය්‍යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නූපදීම පිණිස වීර්‍ය්‍යය කට යුතු. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කට යුතු. උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුය.

යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ආතප‍්පං කරොති, අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ආතප‍්පං කරොති, උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප‍්පං කරොති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු ආතාපී නිපකො සතො සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.

මහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයන් ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වැර කෙරේ ද, මහණෙනි, මේ මහණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාරිහාරික නුවණින් නුවණැත්තේ ස්මෘති සම්පන්න වූයේ මොනොවට දුක් නසනු පිණිස පිළිපන්නේ යි කියනු ලැබේ.