යෙදුමෙන් කියවන්න

3. 1. 5. 11

3. 1. 5. 11.

3. 1. 5. 11.

51. තීහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති, පරිපන්‍ථෙපි තිට‍්ඨති. කතමෙහි තීහි: ඉධ භික‍්ඛවෙ මහාචොරො විසමනිස‍්සිතො ච හොති, ගහනනිස‍්සිතො ච හොති, බලවනිස‍්සිතො ච හොති.

51. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි. වොලොගැණුම් ද කරණේයි. එක් ගෙයක් පැහැර ගැණුම් ද කරණේයි. කඩපලා සොරකමෙහි ද යෙදෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමස්ථාන ඇසුරු කෙළේ ද වෙයි, වනලැහැබ් ඇසුරු කෙළේ ද වෙයි. බලවතුන් ඇසුරු කෙළේ ද වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ මහාචොරො විසමනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො නදීවිදුග‍්ගං වා නිස‍්සිතො හොති, පබ‍්බතවිසමං වා. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො විසමනිස‍්සිතො හොති.

මහණෙනි, මහසොර කෙසේ නම් විසමතැන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙලොව්හි මහසොර නදී විදුර්‍ගයක් හෝ පර්‍වත විෂම ස්ථානයක් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර විෂමස්ථානයන් ඇසුරු කෙළේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ මහාචොරො ගහනනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො තිණගහනං වා නිස‍්සිතො හොති රුක‍්ඛගහනං වා ගෙධං වා පන වනසණ‍්ඩං. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො ගහනනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර තණ ලැහැබ් හෝ රුක් ලැහැබ් හෝ මහවන ලැහැබ් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ මහාචොරො බලවනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ මහාචොරො රාජානං වා රාජමහාමත‍්තානං වා නිස‍්සිතො හොති. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණිස‍්සන‍්තීති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, ත්‍යාස‍්ස රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණන‍්ති. එවං ඛො භික‍්ඛවෙ මහාචොරො බලවනිස‍්සිතො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති, පරිපන්‍ථෙපි තිට‍්ඨති.

මහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි.

එවමෙව ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛු ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං, බහුං ච අපුඤ‍්ඤං පසවති. කතමෙහි තීහි: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමනිස‍්සිතො ච හොති, ගහනනිස‍්සිතො ච, බලවනිස‍්සිතො ච.

මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්‍ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙ යි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමෙන කායකම‍්මෙන සමන‍්නාගතො හොති, විසමෙන වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, විසමෙන මනොකම‍්මෙන සමන‍්නාගතො හොති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු විසමනිස‍්සිතො හොති.

මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්‍මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්‍මයෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පාපභික‍්ඛු ගහනනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු මිච‍්ඡාදිට‍්ඨිකො හොති, අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා සමන‍්නාගතො. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු ගහනනිස‍්සිතො හොති.

මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ මිසදිටු වේ නම්, මහණෙනි, මෙසේ පවිටු මහණ ගහන නිඃශ්‍රිත වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පාපභික‍්ඛු බලවනිස‍්සිතො හොති: ඉධ භික‍්ඛවෙ පාපභික‍්ඛු රාජානං වා රාජමහාමත‍්තානං වා නිස‍්සිතො හොති. තස‍්ස එවං හොති: සචෙ මං කොචි කිඤ‍්චි වක‍්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණිස‍්සන‍්තීති. සචෙ නං කොචි කිඤ‍්චි ආහ, ත්‍යාස‍්ස රාජානො වා රාජමහාමත‍්තා වා පරියොධාය අත්‍ථං භණන‍්ති. එවං ඛො භික‍්ඛවෙ පාපභික‍්ඛු බලවනිස‍්සිතො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පාපභික‍්ඛු ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො ච විඤ‍්ඤූනං. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතීති.

මහණෙනි, පවිටු මහණ කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ රජුන් හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරු කෙළේ වේ. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ මාගේ දොස් සඟවා යුක්ති බෙණෙත්. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ ඔහුගේ දොස් සඟවා යුක්ති බෙණෙති. මහණෙනි, මෙසේ පවිටු මහණ බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුත් පවිටු මහණ ගුණවිසින් සාළ ගුණ විසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තවුන් විසින් ගැරැහිය යුත්තෙක් ද වේ. බොහෝ පව් ද ප්‍රසව කෙරේ යි.

චූළවග‍්ගො පඤ‍්චමො.

පස්වන චූලවර්‍ගය යි.

පඨමො පණ‍්ණාසකො සමත‍්තො.

පළමු පණස නිමි.