යෙදුමෙන් කියවන්න

10. ආධිපතෙය්‍යසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. ආධිපතෙය්‍යසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 10

දසමෙ ආධිපතෙය්‍යානීති ජෙට‍්ඨකකාරණතො නිබ‍්බත‍්තානි. අත‍්තාධිපතෙය්‍යන‍්තිආදීසු අත‍්තානං ජෙට‍්ඨකං කත්‍වා නිබ‍්බත‍්තිතං ගුණජාතං අත‍්තාධිපතෙය්‍යං. ලොකං ජෙට‍්ඨකං කත්‍වා නිබ‍්බත‍්තිතං ලොකාධිපතෙය්‍යං. නවවිධං ලොකුත‍්තරධම‍්මං ජෙට‍්ඨකං කත්‍වා නිබ‍්බත‍්තිතං ධම‍්මාධිපතෙය්‍යං. න ඉති භවාභවහෙතූති ඉති භවො, ඉති භවොති එවං ආයතිං, න තස‍්ස තස‍්ස සම‍්පත‍්තිභවස‍්ස හෙතු. ඔතිණ‍්ණොති අනුපවිට‍්ඨො. යස‍්ස හි ජාති අන‍්තොපවිට‍්ඨා, සො ජාතියා ඔතිණ‍්ණො නාම. ජරාදීසුපි එසෙව නයො. කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති සකලස‍්ස වට‍්ටදුක‍්ඛරාසිස‍්ස. අන‍්තකිරියා පඤ‍්ඤායෙථාති අන‍්තකරණං පරිච‍්ඡෙදපරිවටුමකරණං පඤ‍්ඤායෙය්‍ය. ඔහායාති පහාය. පාපිට‍්ඨතරෙති ලාමකතරෙ. ආරද‍්ධන‍්ති පග‍්ගහිතං පරිපුණ‍්ණං, ආරද‍්ධත‍්තාව අසල‍්ලීනං. උපට‍්ඨිතාති චතුසතිපට‍්ඨානවසෙන උපට‍්ඨිතා. උපට‍්ඨිතත‍්තාව අසම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායොති නාමකායො ච කරජකායො ච පස‍්සද‍්ධො වූපසන‍්තදරථො. පස‍්සද‍්ධත‍්තාව අසාරද‍්ධො. සමාහිතං චිත‍්තන‍්ති ආරම‍්මණෙ චිත‍්තං සම‍්මා ආහිතං සුට‍්ඨු ඨපිතං. සම‍්මා ආහිතත‍්තාව එකග‍්ගං. අධිපතිං කරිත්‍වාති ජෙට‍්ඨකං කත්‍වා. සුද‍්ධං අත‍්තානං පරිහරතීති සුද‍්ධං නිම‍්මලං කත්‍වා අත‍්තානං පරිහරති පටිජග‍්ගති, ගොපායතීති අත්‍ථො. අයඤ‍්ච යාව අරහත‍්තමග‍්ගා පරියායෙන සුද‍්ධමත‍්තානං පරිහරති නාම, ඵලප‍්පත‍්තොව පන නිප‍්පරියායෙන සුද‍්ධමත‍්තානං පරිහරති.

දසවැන්නෙහි ආධිපත්‍යොනි යනු ප්‍රධාන කාරණයෙන් උපන්නාවූය. අත්තාධිපතෙය්‍යං යනාදියෙහි තමන් ප්‍රධානකොට හටගත් ගුණ සමූහය අත්තාධිපතෙය්‍ය නමි. ලෝකය ප්‍රධානත්වයෙහි තබා උපදවනලද්ද ලෝකාධිපතෙය්‍යං නමි. නවවිධ ලෝකෝත්තර ධර්‍මය ප්‍රධානකොට උපදනලද්ද ධම්මාධිපතෙය්‍යං නමි. න ඉති භවාභවහෙතු යනු මෙසේ භවය මෙසේ භවයයි මේ අයුරින් අනාගතය ඒ ඒ සම්පත්ති භවයට හේතුව නොවෙයි. ඔතිණ්ණො යනු ඇතුළට වැදුණුයි. යමෙකුගේ උපත ඇතුළට පිවිසියේද හෙතෙම ජාතියෙන් (උපතින්) ඇතුළට පිවිසියේ නමි. ජරා ආදියෙහිද මේ ක්‍රමයමයි. කෙවලස්ස දුක්‍ඛක්‍ඛන්‍ධස්ස යනු සියලු සසරදුක් සමූහයේයි. අන්තකිරියා පඤ්ඤායෙථ යනු අවසන් කිරීම, විනාශ කිරීම පැනෙයි. ඔහාය යනු ඇත්හැරය. පාපිට්ඨතරෙ යනු දැඩිසේ ලාමක, පහත්වූයි. ආරද්ධං යනු පටන්ගන්නා ලද, පිරිපුන් යනුයි. පටන් ගන්නාලද බවම අසල්ලීනං නමි. උපට්ඨිතා යනු සතර සතිපට්ඨානවශයෙන් එළඹ සිටියි. එළඹසිටිබවම අප්පමුට්ඨා නමි. පස්සද්ධකායො යනු නාම කායයද කරජකායය (භෞතික ශරීරය) ද සන්හුන්වුයේ, සන්සිඳුණු දැවිල්ල ඇත්තේයි. සන්සුන් බවම අසාරද්ධොයි. සමාහිතං චිත්තං යනු අරමුණෙහි සිත මනාව යොදනලද්දේ, පිහිටුවනලද්දේයි. සමාහිතබවම එකග්ගං නමි. අධිපතිං කරිත්‍වා යනු ජ්‍යෙෂ්ඨකොටයි. සුද්ධමත්තානං පරිහරති යනු පිරිසිදු, නිර්‍මලකොට තමන් හසුරුවන්නේය. පිළිදැගුම් කරන්නේය. පාලනය කරන්නේය යන අරුත්ය. මෙය අරහත් මාර්ගය දක්වා පර්යායයෙන් පිරිසුදුවූ තමන් පිළිදැගුම් කරයි නම් වේ. ඵලයට පත් තැනැත්තේ ම නිෂපර්යායයෙන් පිරිසුදුවූ තමන් පිළිදැඟුම් කරයි නමි.

ස‍්වාක‍්ඛාතොතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.147) විත්‍ථාරිතානි. ජානං පස‍්සං විහරන‍්තීති තං ධම‍්මං ජානන‍්තා පස‍්සන‍්තා විහරන‍්ති. ඉමානි ඛො, භික‍්ඛවෙ, තීණි ආධිපතෙය්‍යානීති එත‍්තාවතා තීණි ආධිපතෙය්‍යානි ලොකියලොකුත‍්තරමිස‍්සකානි කථිතානි.

ස්වාක්‍ඛාතො යනාදිය විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදි. ජානං පස්සං විහරන්ති යනු ඒ ධර්‍මය දනිමින් දකිමින් වසත්. ඉමානි ඛො භික්‍ඛවෙ තීණි ආධිපතෙය්‍යානි යනු මෙපමණකින් ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ ආධිපතෙය්‍යතුන කියනලදි.

පකුබ‍්බතොති කරොන‍්තස‍්ස. අත‍්තා තෙ පුරිස ජානාති, සච‍්චං වා යදි වා මුසාති යං ත්‍වං කරොසි, තං යදි වා යථාසභාවං යදි වා නො යථාසභාවන‍්ති තව අත‍්තාව ජානාති. ඉමිනා ච කාරණෙන වෙදිතබ‍්බං “පාපකම‍්මං කරොන‍්තස‍්ස ලොකෙ පටිච‍්ඡන‍්නට‍්ඨානං නාම නත්‍ථී”ති. කල්‍යාණන‍්ති සුන්‍දරං. අතිමඤ‍්ඤසීති අතික‍්කමිත්‍වා මඤ‍්ඤසි. අත‍්තානං පරිගූහසීති යථා මෙ අත‍්තාපි න ජානාති, එවං නං පරිගූහාමීති වායමසි. අත‍්තාධිපතෙය්‍යකොති අත‍්තජෙට‍්ඨකො. ලොකාධිපොති ලොකජෙට‍්ඨකො. නිපකොති පඤ‍්ඤවා. ඣායීති ඣායන‍්තො. ධම‍්මාධිපොති ධම‍්මජෙට‍්ඨකො. සච‍්චපරක‍්කමොති ථිරපරක‍්කමො භූතපරක‍්කමො. පසය‍්හ මාරන‍්ති මාරං පසහිත්‍වා. අභිභුය්‍ය අන‍්තකන‍්ති ඉදං තස‍්සෙව වෙවචනං. යො ච ඵුසී ජාතික‍්ඛයං පධානවාති යො ඣායී පධානවා මාරං අභිභවිත්‍වා ජාතික‍්ඛයං අරහත‍්තං ඵුසි. සො තාදිසොති සො තථාවිධො තථාසණ‍්ඨිතො. ලොකවිදූති තයො ලොකෙ විදිතෙ පාකටෙ කත්‍වා ඨිතො. සුමෙධොති සුපඤ‍්ඤො. සබ‍්බෙසු ධම‍්මෙසු අතම‍්මයො මුනීති සබ‍්බෙ තෙභූමකධම‍්මෙ තණ‍්හාසඞ‍්ඛාතාය තම‍්මයතාය අභාවෙන අතම‍්මයො ඛීණාසවමුනි කදාචි කත්‍ථචි න හීයති න පරිහීයතීති වුත‍්තං හොතීති.

පකුබ්බතො යනු කරන්නාගේයි. අත්තා තෙ පුරිස ජානාති සච්චං වා යදිවා මුසා යනු යමක් නුඹ කරහිද එය එක්කෝ යථා ආකාරයද නැතහොත් අයථා ආකාරයදැයි නුඹේ ආත්මයම දනියි. මෙකරුණින්ද පව්කමක් කරන්නාට ලොවෙහි සැඟවුණ තැනක් නම් නැතැයි දතයුතුය. කල්‍යාණං යනු සොඳුරුයි. අතිමඤ්ඤසි යනු යටපත් කොට පහත්කොට සිතහි. අත්තානං පරිගූහසි යනු යම්සේ මගේ ආත්මය පවා නොදැනගනියිද එසේ මෙය සඟවමැයි උත්සාහ කරහි. අත්තාධිපකො යනු තමා ප්‍රධාන කොට ඇත්තේ තමා ජ්‍යෙෂ්ඨකොට ඇත්තේයි. ලොකාධිපො යනු ලෝකය ප්‍රධානකොට ඇත්තේයි. නිපකො යනු නුවණැත්තායි. ක්‍ධායී යනු ධ්‍යාන වඩන්නායි. ධම්මාධිපො යනු ධර්‍මය ජ්‍යෙෂ්ඨකොට ඇත්තේයි. සච්චපරක්කමො යනු නොසෙල්වෙන පරාක්‍රමය ඇත්තේ, සත්‍යපරාක්‍රමය ඇත්තේයි. පසය්හ මාරං යනු මාරයා යටපත් කොටයි. අභිභුය්‍ය අන්තකං යන මෙය මුලින් කියනලද දෙයෙහිම පර්‍ය්‍යාය වචනයි. යො ච ඵූසී ජාතික්‍ඛයං පධානවා යනු ධ්‍යාන වඩන ප්‍රධන් වීර්යයෙන් යුක්ත යමෙක් මාරයා යටපත්කොට ජාතික්‍ෂය (උපත නැති කිරීම) සංඛ්‍යාත නිර්‍වාණය ස්පර්‍ශ කළේද සො තාදිසො යනු හෙතෙම එබඳුය, එසේ පිහිටියේය. ලොකවිදූ යන තුන්ලොව දැන ප්‍රකට කොට සිටියේයි. සුමෙධො යනු මනා නුවණැත්තේයි. සබ්බෙසු ධම්මෙසු අත්තම්මයො මුනී යනු සියලු ත්‍රෛභූමක ධර්‍මයන්හි තෘෂ්ණා සංඛ්‍යාතවූ තම්මතාවේ නැතිවීමෙන් අතම්මයවූ ක්‍ෂීණාශ්‍රව මුනිතෙමේ කිසි දිනෙක නොපිරිහේයයි කියනලද්දේවෙයි.

දෙවදූතවග‍්ගො චතුත්‍ථො.

සිවුවෙනිවූ දෙවදූතවර්‍ගයයි.