9. සුඛුමාලසුත්තවණ්ණනා අට්ඨකථා
9. සුඛුමාලසුත්තවණ්ණනා
3. 1. 4. 9
නවමෙ සුඛුමාලොති නිද්දුක්ඛො. පරමසුඛුමාලොති පරමනිද්දුක්ඛො. අච්චන්තසුඛුමාලොති සතතනිද්දුක්ඛො. ඉමං භගවා කපිලපුරෙ නිබ්බත්තකාලතො පට්ඨාය නිද්දුක්ඛභාවං ගහෙත්වා ආහ, චරියකාලෙ පන තෙන අනුභූතදුක්ඛස්ස අන්තො නත්ථීති. එකත්ථාති එකිස්සා පොක්ඛරණියා. උප්පලං වප්පතීති උප්පලං රොපෙති. සා නීලුප්පලවනසඤ්ඡන්නා හොති. පදුමන්ති පණ්ඩරපදුමං. පුණ්ඩරීකන්ති රත්තපදුමං. එවං ඉතරාපි ද්වෙ පදුමපුණ්ඩරීකවනෙහි සඤ්ඡන්නා හොන්ති. බොධිසත්තස්ස කිර සත්තට්ඨවස්සිකකාලෙ රාජා අමච්චෙ පුච්ඡි – “තරුණදාරකා කතරකීළිකං පියායන්තී”ති? උදකකීළිකං දෙවාති. තතො රාජා කුද්දාලකම්මකාරකෙ සන්නිපාතෙත්වා පොක්ඛරණිට්ඨානානි ගණ්හාපෙසි. අථ සක්කො දෙවරාජා ආවජ්ජෙන්තො තං පවත්තිං ඤත්වා – “න යුත්තො මහාසත්තස්ස මානුසකපරිභොගො, දිබ්බපරිභොගො යුත්තො”ති විස්සකම්මං ආමන්තෙත්වා – “ගච්ඡ, තාත, මහාසත්තස්ස කීළාභූමියං පොක්ඛරණියො මාපෙහී”ති ආහ. කීදිසා හොන්තු, දෙවාති? අපගතකලලකද්දමා හොන්තු විප්පකිණ්ණමණිමුත්තපවාළිකා සත්තරතනමයපාකාරපරික්ඛිත්තා පවාළමයඋණ්හීසෙහි මණිමයසොපානබාහුකෙහි සුවණ්ණරජතමණිමයඵලකෙහි සොපානෙහි සමන්නාගතා. සුවණ්ණරජතමණිපවාළමයා චෙත්ථ නාවා හොන්තු, සුවණ්ණනාවාය රජතපල්ලඞ්කො හොතු, රජතනාවාය සුවණ්ණපල්ලඞ්කො, මණිනාවාය පවාළපල්ලඞ්කො, පවාළනාවාය මණිපල්ලඞ්කො, සුවණ්ණරජතමණිපවාළමයාව උදකසෙචනනාළිකා හොන්තු, පඤ්චවණ්ණෙහි ච පදුමෙහි සඤ්ඡන්නා හොන්තූති. “සාධු, දෙවා”ති විස්සකම්මදෙවපුත්තො සක්කස්ස පටිස්සුත්වා රත්තිභාගෙ ඔතරිත්වා රඤ්ඤො ගාහාපිතපොක්ඛරණිට්ඨානෙසුයෙව තෙනෙව නියාමෙන පොක්ඛරණියො මාපෙසි.
නවවැන්නෙහි සුඛුමාලො යනු නිදුක්වූයේයි. පරමසුඛුමාලො යනු සපුරා නිදුක්වූයේයි. අච්චන්තසුඛුමාලො යනු නිබඳ නිදුක්වූයේයි. මෙය භාග්‍යවතුන්වහන්සේ කිඹුල්වතෙහි උපන්කලපටන් නිදුක්බව ගෙන කීයේය. දුෂ්කර ක්‍රියාවෙහි හැසුරුණුකල්හි උන්වහන්සේ විසින් අත්දුටු දුකෙහි කෙළවරක් නැත. එකිස්සා යනු එක් පොකුණකයි. උප්පලං පුප්ඵති යනු නිලුපුල් පැතිරී සිටියි. එම පොකුණ නිලුපුල් වනයෙන් ගැවසී ඇත. පදුමං යනු සුදුපියුම්ය. පුණ්ඩරීකං යනු රත්පියුම්ය. මෙසේ සෙසු (පොකුණු) දෙකද හෙළපියුම් රත්පියුම් වනයන්ගෙන් ගැවසුණේ වෙයි. බෝසතුන්වහන්සේට වනාහි අවුරුදු සත අට කල්හි (පිය) රජ තෙමේ ඇමතියන්ගෙන්, ‘කුඩා දරුවෝ කවර ක්‍රීඩාවක් ප්‍රිය කරත්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, දියකෙළියයි.’ ඉක්බිති රජතෙමේ උදලු වැඩකරුවන් කැඳවා පොකුණට නිසි තැන් ලකුණු කරවූයේය. ඉක්බිති සක්දෙව් රජතෙමේ මෙනෙහි කරන්නේ එපුවත දැන ‘මහ සතුන්ට මානුෂික පරිභොගය නොසුදුසුය. දිව්‍ය පරිභොගය සුදුසුය’යි විස්කම් දෙවිපුතු අමතා ‘දරුව යන්න, මහසතුන්ගේ කෙළිබිමෙහි පොකුණු මවවයි කීවේය. ‘දේවයන්වහන්ස’ කෙබඳු පොකුණු වියයුතුදැයි ඇසීය. (එම පොකුණු) ඉවත්වූ මඩ ඇත්තේ වේවා! පැතිරීගිය මුතුමැණික් වැළ ඇති, සත්රුවන්මය පවුරෙන් වටකරනලද, පබළුමය නළල්පටවලින් මිණිමුවා හිණිපෙලින් රන්රිදීමිණිමුවා පුවරුවලින් යුක්තවූ ඒවා වේවා! එහි රන්රිදී මැණික් පබළුවලින් තැනූ නැව් වේවා! රුවන් නැවෙහි රිදී පළඟක් වේවා! රිදී නැවෙහි රුවන් පළඟක් වේවා! මැණික් නැවෙහි පබළු පළඟක්ද පබළු නැවෙහි මැණික් පළඟක්ද වේවා! දිය ඉසින නාලිකාවෝ රන්රිදී මැණික් පබළුවලින් කරනලද්දෝ වේවා! පස්වණක් පියුමින් ගැවසුණේ වේවා!’ ‘මැනවි, ස්වාමීනි’යි විස්කම් දෙවිපුත් තෙමේ සක්දෙවිඳුන්ට පිළිතුරුදී රාත්‍රිභාගයෙහි අවුත් රජුවිසින් ලකුණු කරවන ලද පොකුණු පිහිටියයුතු තන්හි ඒ අයුරින් පොකුණු මැවීය.
නනු චෙතා අපගතකලලකද්දමා, කථමෙත්ථ පදුමානි පුප්ඵිංසූති? සො කිර තාසු පොක්ඛරණීසු තත්ථ තත්ථ සුවණ්ණරජතමණිපවාළමයා ඛුද්දකනාවායො මාපෙත්වා “එතා කලලකද්දමපූරිතා ච හොන්තු, පඤ්චවණ්ණානි චෙත්ථ පදුමානි පුප්ඵන්තූ”ති අධිට්ඨාසි. එවං පඤ්චවණ්ණානි පදුමානි පුප්ඵිංසු, රෙණුවට්ටියො උග්ගන්ත්වා උදකපිට්ඨං අජ්ඣොත්ථරිත්වා විචරන්ති. පඤ්චවිධා භමරගණා උපකූජන්තා විචරන්ති. එවං තා මාපෙත්වා විස්සකම්මො දෙවපුරමෙව ගතො. තතො විභාතාය රත්තියා මහාජනො දිස්වා “මහාපුරිස්සස්ස මාපිතා භවිස්සන්තී”ති ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා මහාජනපරිවාරො ගන්ත්වා පොක්ඛරණියො දිස්වා “මම පුත්තස්ස පුඤ්ඤිද්ධියා දෙවතාහි මාපිතා භවිස්සන්තී”ති අත්තමනො අහොසි. තතො පට්ඨාය මහාපුරිසො උදකකීළිකං අගමාසි.
ඒවා ඉවත්වූ මඩ ඇත්තේ නොවේද? මෙහි කෙසේනම් මල් පිපුනේද? හෙතෙම ඒ පොකුණුවල ඒ ඒ තන්හි රන්රිදී මිණි පබළු යන මේවායින් තනනලද කුඩා නැව් මවා ‘මේවා වැලිවලින් පිරේවා! මෙහි පස්වණක් පියුම් පිපේවායි අදිටන් කළේය.’ මෙසේ පස්වණක් පියුම් පිපුණේය. රොන් වැටී උඩට මතුවී දියමත්තෙහි පැතිරී හැසිරෙයි. පස් ආකාර බමර සමුහයා නදදෙමින් හැසිරෙයි. මෙසේ ඒවා මවා විස්කම් දෙව්පුත් තෙමේ දෙවිපුරටම ගියේය. ඉක්බිති රෑ පහන්වූවිට මහජනයා දැක මහබෝසතාණන්ට මවනලද්දේ වන්නේයයි (සිතා) ගොස් රජුට සැළකළේය. රජතෙමේ මහජනයා පිරිවරා ගොස් පොකුනු දැක මා පුතුගේ පින්බලයෙන් දෙවියන් විසින් මවනලද්දේවන්නේයයි සතුටුවිය. එතැන්පටන් මහසත්තෙමේ දිය කෙළියටගියේය.
යාවදෙව මමත්ථායාති එත්ථ යාවදෙවාති පයොජනාවධිනියාමවචනං, යාව මමෙව අත්ථාය, නත්ථෙත්ථ අඤ්ඤං කාරණන්ති අත්ථො. න ඛො පනස්සාහන්ති න ඛො පනස්ස අහං. අකාසිකං චන්දනන්ති අසණ්හං චන්දනං. කාසිකං, භික්ඛවෙ, සු මෙ තං වෙඨනන්ති, භික්ඛවෙ, වෙඨනම්පි මෙ කාසිකං හොති. එත්ථ හි සුඉති ච තන්ති ච නිපාතමත්තං, මෙති සාමිවචනං. වෙඨනම්පි මෙ සණ්හමෙව හොතීති දස්සෙති. කාසිකා කඤ්චුකාති පාරුපනකඤ්චුකොපි සණ්හකඤ්චුකොව. සෙතච්ඡත්තං ධාරීයතීති මානුසකසෙතච්ඡත්තම්පි දිබ්බසෙතච්ඡත්තම්පි උපරිධාරිතමෙව හොති. මා නං ඵුසි සීතං වාති මා එතං බොධිසත්තං සීතං වා උණ්හාදීසු වා අඤ්ඤතරං ඵුසතූති අත්ථො.
යාවදේව මමත්ථාය යනු මෙහි යාවදේව යනු ප්‍රයෝජනය වෙන්කොට දැක්වීමේ වචනයයි. මා සඳහාමය. මෙහි වෙනත් හේතුවක් නැතැයි අර්‍ත්‍ථයි. න ඛො පනස්සාහං යනු න ඛො පන අස්ස අහං යන පදයන්ගේ සිද්ධියයි. අකාසිකං චන්දනං යනු නොසියුම් සඳුන්ය. කාසිකං සු මෙ තං භික්ඛවෙ වෙඨනං යනු මහණෙනි, මගේ හිස් වෙළුමද පියුම් වෙයි. මෙහි සු යනුද තං යනුද නිපාතමාත්රයි. මෙ යනු සම්බන්ධ විභක්ති වචනයි. මගේ හිස්වෙළුම (තලප්පාව) සියුම්ම වේයයි දක්වයි. කාසිකා කඤ්චුකා යනු පොරවන සැට්ටයද සියුම් සැට්ටයක්ම වෙයි. සෙතච්ඡත්තං ධාරීයති යනු මානුෂික ශවේතච්ඡත්රයක්ද දිව්‍ය ශ්වේතච්ඡත්රයක්ද දරනලද්දේම වෙයි. මා නං සීතං වා යනු මේ බෝසතුන් සීත හෝ උෂ්ණාදිය අතුරෙන් වෙනෙකක් හෝ නොපැහැසේවායි අර්‍ත්‍ථයි.
තයො පාසාදා අහෙසුන්ති බොධිසත්තෙ කිර සොළසවස්සුද්දෙසිකෙ ජාතෙ සුද්ධොදනමහාරාජා “පුත්තස්ස වසනකපාසාදෙ කාරෙස්සාමී”ති වඩ්ඪකිනො සන්නිපාතාපෙත්වා භද්දකෙන නක්ඛත්තමුහුත්තෙන නවභූමිකතපරිකම්මං කාරෙත්වා තයො පාසාදෙ කාරාපෙසි. තෙ සන්ධායෙතං වුත්තං. හෙමන්තිකොතිආදීසු යත්ථ සුඛං හෙමන්තෙ වසිතුං, අයං හෙමන්තිකො. ඉතරෙසුපි එසෙව නයො. අයං පනෙත්ථ වචනත්ථො – හෙමන්තෙ වාසො හෙමන්තං, හෙමන්තං අරහතීති හෙමන්තිකො. ඉතරෙසුපි එසෙව නයො.
තයො පාසාදා අහෙසුං යනු බෝසතුන් සොළොස් හැවිරිදිවූ කල්හි සුදෙවුන් රජතෙමේ පුතුට විසීමට පහයන් කරවන්නෙමැයි වඩු ජනයා කැඳවා සොඳුරුවූ නැකැත් මොහොතකින් භූමි කර්මය (බිම පිළියෙළ කිරීම) කොට තුන් පහයක් කරවූයේය. ඒවා සඳහා මෙය කියනලදි. හෙමන්තිකො යනාදියෙහි හේමන්තයෙහි විසීමට යම් තැනක සුවපහසු වේද, එය හේමන්තික නමි. සෙසු තන්හිද මේ ක්‍රමයමයි. මේ වනාහි මෙහි වචනාර්ථයයි. හෙමන්තයෙහි විසීම හේමන්ත නමි. හෙමන්තයට සුදුස්සේනුයි හෙමන්තික නමි. සෙසුතන්හිද මේ ක්‍රමයමයි.
තත්ථ හෙමන්තිකො පාසාදො නවභූමකො අහොසි, භූමියො පනස්ස උණ්හඋතුග්ගාහාපනත්ථාය නීචා අහෙසුං. තත්ථ ද්වාරවාතපානානි සුඵුසිතකවාටානි අහෙසුං නිබ්බිවරානි. චිත්තකම්මම්පි කරොන්තා තත්ථ තත්ථ පජ්ජලිතෙ අග්ගික්ඛන්ධෙයෙව අකංසු. භූමත්ථරණං පනෙත්ථ කම්බලමයං, තථා සාණිවිතානනිවාසනපාරුපනවෙඨනානි. වාතපානානි උණ්හග්ගාහාපනත්ථං දිවා විවටානි රත්තිං පිහිතානි හොන්ති.
එහි හෙමන්තික පහය නවමහල්විය. එහි බිම් උෂ්ණසෘතුව ගන්වනු සඳහා පහත් පහත් විය. එහි දොරකවුළු මනාව ගටනාලද්දේවිය. විවරනැත්තේ විය. සිතුවම් කරන්නාහු ඒ ඒ තැන දැල්වෙන ගිනි කඳන් තැනුවාහුය. මෙහි බුමුතුරණ ලොම්වලින් කරනලද්දේවිය. එසේම තිර, වියන්, හඳනා ඇඳුම්, පොරෝනා ඇඳුම්, හිස් වෙළුම් ලොම්වලින් කරනලද්දේවිය. කවුළු උණුසුම ගැන්වීම සඳහා දහවල විවරකරනලද්දේ රැය අරිනලද්දේවිය.
ගිම්හිකො පන පඤ්චභූමකො අහොසි. සීතඋතුග්ගාහාපනත්ථං පනෙත්ථ භූමියො උච්චා අසම්බාධා අහෙසුං. ද්වාරවාතපානානි නාතිඵුසිතානි සවිවරානි සජාලානි අහෙසුං. චිත්තකම්මෙ උප්පලානි පදුමානි පුණ්ඩරීකානියෙව අකංසු. භූමත්ථරණං පනෙත්ථ දුකූලමයං, තථා සාණිවිතානනිවාසනපාරුපනවෙඨනානි. වාතපානසමීපෙසු චෙත්ථ නව චාටියො ඨපෙත්වා උදකස්ස පූරෙත්වා නීලුප්පලාදීහි සඤ්ඡාදෙන්ති. තෙසු තෙසු පදෙසෙසු උදකයන්තානි කරොන්ති, යෙහි දෙවෙ වස්සන්තෙ විය උදකධාරා නික්ඛමන්ති. අන්තොපාසාදෙ තත්ථ තත්ථ කලලපූරා දොණියො ඨපෙත්වා පඤ්චවණ්ණානි පදුමානි රොපයිංසු. පාසාදමත්ථකෙ සුක්ඛමහිංසචම්මං බන්ධිත්වා යන්තං පරිවත්තෙත්වා යාව ඡදනපිට්ඨියා පාසාණෙ ආරොපෙත්වා තස්මිං විස්සජ්ජෙන්ති. තෙසං චම්මෙ පවට්ටන්තානං සද්දො මෙඝගජ්ජිතං විය හොති. ද්වාරවාතපානානි පනෙත්ථ දිවා පිහිතානි හොන්ති රත්තිං විවටානි.
ගිම්හික පහය පස්මහල්විය. ශීත සෘතුව ගැන්වීමට මෙහි බිම් උස්ව අසම්බන්ධව කළහ. දොරටු වාකවුළු දැඩිව නොගටනාලද්දේ විවර සහිත හා දැල්සහිතවිය. සිතුවමෙහි මානෙල් විල් නෙළුම්විල් හා හෙළ පියුම්විල්ද කළහ. එහි බුමුතුරුණ දුහුලෙන් කරනලද්දේවිය. තිරවියන් හඳනා පොරෝණා වස්ත්‍ර හා හිස්වෙළුම්ද එසේමවිය. මෙහි වාකවුළු සමීපයෙහි අලුත් සැළි තබා දිය පුරවා නිලුපුල් ආදියෙන් ගවසත්. ඒ ඒ පෙදෙස්හි දිය (විහිඳුවන) යන්ත්‍ර තනත්. වැසි වස්නා කලක මෙන් ඒවායින් දියදහරා නික්මෙයි. පහයතුළ ඒ ඒ තන්හි මඩ පිරවූ ඔරුතබා පස්වණක් පියුම් රෝපණය කළහ. පහය මත්තෙහි වියළි මී (හරක්) සමක් බැඳ යන්ත්‍රයකට නංවා පියසි මත්ත තෙක් ගල් ඔසවා මීසමෙහි විසුරුවත්. සමෙහි වැටෙන ඒ ගල්වල ශබ්දය මේ ගැජුමක් මෙන් වෙයි. මෙහි දොරවාකවුළු දහවල වසනලද්දේ රැයෙහි අරිනලද්දේවෙයි.
වස්සිකො සත්තභූමකො අහොසි. භූමියො පනෙත්ථ ද්වින්නම්පි උතූනං ගාහාපනත්ථාය නාතිඋච්චා නාතිනීචා අකංසු. එකච්චානි ද්වාරවාතපානානි සුඵුසිතානි, එකච්චානි සවිවරානි. තත්ථ චිත්තකම්මම්පි කෙසුචි ඨානෙසු පජ්ජලිතඅග්ගික්ඛන්ධවසෙන, කෙසුචි ජාතස්සරවසෙන කතං. භූමත්ථරණාදීනි පනෙත්ථ කම්බලදුකූලවසෙන උභයමිස්සකානි. එකච්චෙ ද්වාරවාතපානා රත්තිං විවටා දිවා පිහිතා, එකච්චෙ දිවා විවටා රත්තිං පිහිතා. තයොපි පාසාදා උබ්බෙධෙන සමප්පමාණා. භූමිකාසු පන නානත්තං අහොසි.
වැසිකලටවූ පහය සත්මහල්විය. මෙහි බිම් සෘතු දෙකම ගැන්වීම සඳහා බොහෝ උස්වද බොහෝ පහත්වද නොකළාහුය. ඇතැම් දොරවාකවුළු මනාව ගටනාලද්දේද ඇතැම් දොරවාකවුළු විවර සහිතවූයේදවිය. මෙහි චිත්‍ර කර්මාන්තයද කිසියම් තැනක දිලෙන ගිනිකඳවශයෙන්ද ඇතැම් තැනක ඉබේ හටගත් විලක්වශයෙන්ද කරනලද්දේය. මෙහි බුමුතුරුණු ආදියද කම්බිලි දුහුල්වශයෙන් දෙකෙන්ම මුසුව කරනලද්දේවිය. ඇතැම් දොරවාකවුළු රැයෙහි අරිනලද්දේද දහවල්හි වසනලද්දේදවිය. ඇතැම් දොරවාකවුළු දහවල්හි අරිනලද්දේද රැයෙහි වසනලද්දේදවිය. තුන් පහයම උසින් සමානවිය. මහල්වල වනාහි විවිධත්වයවිය.
එවං නිට්ඨිතෙසු පාසාදෙසු රාජා චින්තෙසි – “පුත්තො මෙ වයප්පත්තො, ඡත්තමස්ස උස්සාපෙත්වා රජ්ජසිරිං පස්සිස්සාමී”ති. සො සාකියානං පණ්ණානි පහිණි – “පුත්තො මෙ වයප්පත්තො, රජ්ජෙ නං පතිට්ඨාපෙස්සාමි, සබ්බෙ අත්තනො අත්තනො ගෙහෙසු වයප්පත්තා, දාරිකා ඉමං ගෙහං පෙසෙන්තූ”ති. තෙ සාසනං සුත්වා – “කුමාරො කෙවලං දස්සනක්ඛමො රූපසම්පන්නො, න කිඤ්චි සිප්පං ජානාති, දාරභරණං කාතුං න සක්ඛිස්සති, න මයං ධීතරො දස්සාමා”ති ආහංසු. රාජා තං පවත්තිං සුත්වා පුත්තස්ස සන්තිකං ගන්ත්වා ආරොචෙසි. බොධිසත්තො “කිං සිප්පං දස්සෙතුං වට්ටති, තාතා”ති ආහ. සහස්සථාමධනුං ආරොපෙතුං වට්ටති, තාතාති. තෙන හි ආහරාපෙථාති. රාජා ආහරාපෙත්වා අදාසි. ධනුං පුරිසසහස්සං ආරොපෙති, පුරිසසහස්සං ඔරොපෙති. මහාපුරිසො ධනුං ආහරාපෙත්වා පල්ලඞ්කෙ නිසින්නොව ජියං පාදඞ්ගුට්ඨකෙ වෙඨෙත්වා කඩ්ඪන්තො පාදඞ්ගුට්ඨකෙනෙව ධනුං ආරොපෙත්වා වාමෙන හත්ථෙන දණ්ඩෙ ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන කඩ්ඪිත්වා ජියං පොථෙසි. සකලනගරං උප්පතනාකාරප්පත්තං අහොසි. “කිං සද්දො එසො”ති ච වුත්තෙ “දෙවො ගජ්ජතී”ති ආහංසු. අථඤ්ඤෙ “තුම්හෙ න ජානාථ, න දෙවො ගජ්ජති, අඞ්ගීරසස්ස කුමාරස්ස සහස්සථාමධනුං ආරොපෙත්වා ජියං පොථෙන්තස්ස ජියප්පහාරසද්දො එසො”ති ආහංසු. සාකියා තාවතකෙනෙව ආරද්ධචිත්තා අහෙසුං.
මෙසේ පහයන් සාදා නිමිකල්හි රජතෙමේ මෙසේ සිතීය: ‘මගේ පුතා වියපත්ය. ඔහුට සත් නංවන්නෙමි. (ඔහුගේ) රජසිරි දකින්නෙමි.’ (මෙසේ සිතා) හෙතෙම, ‘මගේ පුතා වියපත් විය. ඔහු රාජ්‍යයෙහි පිහිටුවන්නෙමි. සියල්ලෝම තම ගෙවල වියපත් දැරියන් මේ ගෙදරට එවත්වා’යි ශාක්‍යවරුන්ට හසුන්යැවීය. ඔවුහු හසුන අසා, ‘කුමරුවා හුදෙක් දැකුමට මනාය, රුවැත්තේය. (එහෙත්) කිසි ශිල්පයක් නොදනියි. අඹුදරුවන් රැකීමට නොහැක්කේය. අපි ඔහුට දූවරුන් නොදෙමුයි කීවාහුය. රජතෙමේ එපුවත අසා පුතු සමීපයට ගොස් දැන්වූයේය. බෝසත්තෙමේ කවර ශිල්පයක් දැක්වීමට වටනේදැයි ඇසීය: දරුව දහසක් විසින් නැංවිය යුතු දුන්න නඟා දැක්වීමට වටනේයයි පැවසීය. ‘එසේ නම් ගෙන්වනු මැනව’. රජතෙමේ ඒ දුන්න ගෙන්වා දුන්නේය. දුන්න මිනිසුන් දහසක් බස්වයි. බෝසත් තෙමේ දුන්න ගෙන්වා පළඟෙහි හුන්නේම දුනුදිය පයේ මහපට ඇඟිල්ලේ වෙළා අදින්නේ මහපට ඇඟිල්ලෙන්ම දුන්න නංවා වමතින් දණ්ඩ ගෙන දකුණතින් ඇද දුනුදිය පෙළීය. සියලු නුවර උඩට එසවෙන අයුරකට පත්විය. මේ කවර ශබ්දයක්දැයි ඇසූ කල්හි වළාකුළු ගර්ජනාකරතැයි කීවාහුය. ඉක්බිති ඇතැම්හු නුඹලා නොදන්නාහුය. වළාකුළු ගර්ජනය නොකරයි. සහස්සත්ථාම දුන්න නඟා දුනුදිය පෙළන අංගීරස (බෝසත්) කුමරුගේ දුනුදිය පහරන ශබ්දයයි කීවාහුය. ශාක්‍යයෝ එපමණකින් සතුටු සිත් ඇත්තාහුවූහ.
මහාපුරිසො “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. අට්ඨඞ්ගුලමත්තබහලං අයොපට්ටං කණ්ඩෙන විනිවිජ්ඣිතුං වට්ටතීති. තං විනිවිජ්ඣිත්වා “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. චතුරඞ්ගුලබහලං අසනඵලකං විනිවිජ්ඣිතුං වට්ටතීති. තං විනිවිජ්ඣිත්වා “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. විදත්ථිබහලං උදුම්බරඵලකං විනිවිජ්ඣිතුං වට්ටතීති. තං විනිවිජ්ඣිත්වා “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති. යන්තෙ බද්ධං ඵලකසතං විනිවිජ්ඣිතුං වට්ටතීති. තං විනිවිජ්ඣිත්වා “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. සට්ඨිපටලං සුක්ඛමහිංසචම්මං විනිවිජ්ඣිතුං වට්ටතීති. තම්පි විනිවිජ්ඣිත්වා “අඤ්ඤං කිං කාතුං වට්ටතී”ති ආහ. තතො වාලිකසකටාදීනි ආචික්ඛිංසු. මහාසත්තො වාලිකසකටම්පි පලාලසකටම්පි විනිවිජ්ඣිත්වා උදකෙ එකුසභප්පමාණං කණ්ඩං පෙසෙසි, ථලෙ අට්ඨඋසභප්පමාණං. අථ නං “ඉදානි වාතිඞ්ගණසඤ්ඤාය වාලං විජ්ඣිතුං වට්ටතී”ති ආහංසු. තෙන හි බන්ධාපෙථාති. සද්දන්තරෙ බජ්ඣතු, තාතාති. පුරතො ගච්ඡන්තු, ගාවුතන්තරෙ බන්ධන්තූති. පුරතො ගච්ඡන්තු, අද්ධයොජනෙ බන්ධන්තූති. පුරතො ගච්ඡන්තු යොජනෙ බන්ධන්තූති. බන්ධාපෙථ, තාතාති යොජනමත්ථකෙ වාතිඞ්ගණසඤ්ඤාය වාලං බන්ධාපෙත්වා රත්තන්ධකාරෙ මෙඝපටලච්ඡන්නාසු දිසාසු කණ්ඩං ඛිපි, තං ගන්ත්වා යොජනමත්ථකෙ වාලං ඵාලෙත්වා පථවිං පාවිසි. න කෙවලඤ්ච එත්තකමෙව, තං දිවසං පන මහාසත්තො ලොකෙ වත්තමානසිප්පං සබ්බමෙව සන්දස්සෙසි. සක්යරාජානො අත්තනො අත්තනො ධීතරො අලඞ්කරිත්වා පෙසයිංසු, චත්තාලීසසහස්සනාටකිත්ථියො අහෙසුං. මහාපුරිසො තීසු පාසාදෙසු දෙවො මඤ්ඤෙ පරිචාරෙන්තො මහාසම්පත්තිං අනුභවති.
මහා පුරුෂ තෙමේ අන් කවරක් කිරීමට වටීදැයි ඇසීය. අටඟුලක් පමණ ඝතවූ යකටපටක් හීයෙන් සිදුරුකිරීමට වටීයි එය සිදුරුකොට අන් කවරක් කිරීමට වටනේදැයි ඇසීය. සතරඟුලක් ඝනවූ හීපුවරුවක් සිදුරු කිරීමට වටීයයි එයද සිදුරුකොට අන් කුමක් කළයුතුදැයි ඇසීය. වියතක් ඝනවූ දිඹුල් පුවරුවක් සිදුරුකිරීමට වටීයයි එයද සිදුරුකොට අන් කුමක් කළයුතුදැයි ඇසීය. එකට බඳනා ලද පුවරුසියයක් සිදුරුකිරීමට වටීයයි එය සිදුරු කොට අන්කුමක් කළයුතුදැයි ඇසීය. පටල සැටක් ඇති වියළි මී හරක් සමක් සිදුරු කිරීමට වටනේයයි එයද සිදුරුකොට අන් කවරක් කිරීමට වටනේදැයි ඇසීය. ඉක්බිති වැළිකරත්ත ආදිය පැවසූහ. මහසත් තෙමේ වැළි කරත්තයක්ද පිදුරු කරත්තයක්ද සිදුරු කොට එක් ඉස්බක් පමණවු දුරට හීයක් යැවීය. ගොඩබිමෙහි අට ඉස්බක් පමණ යැවීය. ඉක්බිති බෝසතුනට වාතිඞ්ගණ (වම්බටු) සංඥාවෙන් අස්ලොම විදීමට වටනේයයි පැවසූහ. ‘එසේනම් (අස්ලොම) බඳවන්නැයි කීවේය. ‘දරුවනි, හඬ ඇසෙන දුරින් බඳිනු ලැබේවා! (තොප) ඉදිරියට යවු ගව්වක් දුරින් බඳිවු. තවදුරටත් ඉදිරියට යමි. අඩයොදුනෙක්හි බඳිවු. ඉදියෙහි යමින් යොදුනෙක්හි බඳිවුයි කීහ. (බෝසත්තෙමේ එසේ) බඳවන්නැයි පැවසීය. යොදුනක් මත්තෙහි වාතිඞ්ගණ සංඥාවෙන් අස්ලොම බන්දවා රෑ අඳුරෙහි දිසාවන් වළාකුළුවලින් වැසුණු විට හීය යැවීය. එය ගොස් යොදුනක් මත්තෙහිවූ අස් ලොම පලා පොළොවට පිවිසියේය. හුදෙක් මෙපමණක්ම නොවේ. මහසත්තෙමේ ලොව පවතින ශිල්ප සියල්ලම එදින දැක්වීය. ශාක්යරජවරු තම තමන්ගේ දූවරුන් සරසවා යැව්වාහුය. සතළිස් දහසක් නළඟනෝවූවාහුය. මහසත්තෙමේ තුන් පහයෙහි දෙවියෙකු මෙන් (ඒ නළඟනන්ගේ) සේවය ලබමින් මහසැපත් විඳියි.
නිප්පුරිසෙහීති පුරිසවිරහිතෙහි. න කෙවලං චෙත්ථ තූරියානෙව නිප්පුරිසානි, සබ්බට්ඨානානිපි නිප්පුරිසානෙව. දොවාරිකාපි ඉත්ථියොව, න්හාපනාදිපරිකම්මකරාපි ඉත්ථියොව. රාජා කිර “තථාරූපං ඉස්සරියසුඛසම්පත්තිං අනුභවමානස්ස පුරිසං දිස්වා පරිසඞ්කා උප්පජ්ජති, සා මෙ පුත්තස්ස මා අහොසී”ති සබ්බකිච්චෙසු ඉත්ථියොව ඨපෙසි. පරිචාරයමානොති මොදමානො. න හෙට්ඨාපාසාදං ඔරොහාමීති පාසාදතො හෙට්ඨා න ඔතරාමි. ඉති මං චත්තාරො මාසෙ අඤ්ඤො සිඛාබද්ධො පුරිසො නාම පස්සිතුං නාලත්ථ. යථාති යෙන නියාමෙන. දාසකම්මකරපොරිසස්සාති දාසානඤ්චෙව දෙවසිකභත්තවෙතනාභතානං කම්මකරානඤ්ච නිස්සාය ජීවමානපුරිසානඤ්ච. කණාජකන්ති සකුණ්ඩකභත්තං. බිලඞ්ගදුතියන්ති කඤ්ජිකදුතියං.
නිප්පුරිසෙහි යනු පිරිමින්ගෙන් තොර වුවන්ගෙනි. හුදෙක් මෙහි තූර්‍ය්‍යභාණ්ඩ පමණක් පිරිමින්ගෙන් තොරවූයේ නොවේ. සියලු තැන්ම පිරිමින්ගෙන් තොරවූයේවිය. දොරටුපල්ලෝද ගැහැණුමය. නැහැවීම් ආදී සේවා කටයුතු කරන්නෝද ගැහැණුමය. රජතෙමේ වනාහි, ‘මෙබඳු ඉසුරු සැපසම්පත් විඳින බෝසතුනට පිරිමියකු දැක සැකයක් උපදියිද එබඳු සැකයක් මපුතුනට නොවේවා’යි සිතා සියලු කටයුතුවල ගැහැණුන්ම යෙදවූයේය. පරිචාරයමානො යනු සතුටුවෙමිනි. න හෙට්ඨා පාසාදා ඔරොහාමි යනු පහයෙන් යටට නොබසිමියි මෙසේ මට සිවුමසෙක්හි වෙනත් කොණ්ඩය බැඳි පිරිමියෙක් නම් දක්නට නොලැබිණ. යථා යනු යම් අයුරකිනි. දාසකම්මකරපොරිසස්ස යනු දාසයන්ගේ මෙන්ම දිනපතා බත් වැටුපට ගෙනෙනලද කම්කරුවන්ගේද නිසා ජීවත්වන පුරුෂයන්ගේද යනුයි. කණාජකං යනු සුන්සහල් බත්ය. බිලඞ්ගදුතියං යනු කැඳ දෙවැනිකොට ඇත්තේයි.
එවරූපාය ඉද්ධියාති එවංජාතිකාය පුඤ්ඤිද්ධියා සමන්නාගතස්ස. එවරූපෙන ච සුඛුමාලෙනාති එවංජාතිකෙන ච නිද්දුක්ඛභාවෙන. සොඛුමාලෙනාතිපි පාඨො. එවං තථාගතො එත්තකෙන ඨානෙන අත්තනො සිරිසම්පත්තිං කථෙසි. කථෙන්තො ච න උප්පිලාවිතභාවත්ථං කථෙසි, “එවරූපායපි පන සම්පත්තියා ඨිතො පමාදං අකත්වා අප්පමත්තොව අහොසි”න්ති අප්පමාදලක්ඛණස්සෙව දීපනත්ථං කථෙසි. තෙනෙව අස්සුතවා ඛො පුථුජ්ජනොතිආදිමාහ. තත්ථ පරන්ති පරපුග්ගලං. ජිණ්ණන්ති ජරාජිණ්ණං. අට්ටීයතීති අට්ටො පීළිතො හොති. හරායතීති හිරිං කරොති ලජ්ජති. ජිගුච්ඡතීති අසුචිං විය දිස්වා ජිගුච්ඡං උප්පාදෙති. අත්තානංයෙව අතිසිත්වාති ජරාධම්මම්පි සමානං අත්තානං අතික්කමිත්වා අට්ටීයති හරායතීති අත්ථො. ජරාධම්මොති ජරාසභාවො. ජරං අනතීතොති ජරං අනතික්කන්තො, අන්තො ජරාය වත්තාමි. ඉති පටිසඤ්චික්ඛතොති එවං පච්චවෙක්ඛන්තස්ස. යොබ්බනමදොති යොබ්බනං නිස්සාය උප්පජ්ජනකො මානමදො. සබ්බසො පහීයීති සබ්බාකාරෙන පහීනො. මග්ගෙන පහීනසදිසො කත්වා දස්සිතො. න පනෙස මග්ගෙන පහීනො, පටිසඞ්ඛානෙන පහීනොව කථිතොති වෙදිතබ්බො. බොධිසත්තස්ස හි දෙවතා ජරාපත්තං දස්සෙසුං. තතො පට්ඨාය යාව අරහත්තා අන්තරා මහාසත්තස්ස යොබ්බනමදො නාම න උප්පජ්ජති. සෙසපදද්වයෙපි එසෙව නයො. එත්ථ පන ආරොග්යමදොති අහං නිරොගොති ආරොග්යං නිස්සාය උප්පජ්ජනකො මානමදො. ජීවිතමදොති අහං චිරං ජීවීති තං නිස්සාය උප්පජ්ජනකො මානමදො. සික්ඛං පච්චක්ඛායාති සික්ඛං පටික්ඛිපිත්වා. හීනායාවත්තතීති හීනාය ලාමකාය ගිහිභාවාය ආවත්තති.
එවරූපාය ඉද්ධියා යනු මෙබඳුවූ පුණ්‍ය සෘද්ධියෙන් යුක්තවූවහුගේයි. එවරූපෙන ච සුඛුමාලෙන යනු ද පාඨයකි. මෙසේ තථාගතයන්වහන්සේ මෙපමණ තැනින් තමන්ගේ සැපසම්පත් පැවසුසේක. පවසමින්ද උදම්වීම සඳහා නොපැවසූසේක. මෙබඳුවූ සැපතක සිටියේද ප්‍රමාද නොකොට අප්රමාදමවූයේමැයි අප්‍රමාද ලක්ෂණයම දැක්වීමසඳහා පැවසූසේක. එහෙයින්ම අස්සුතවා ඛො පුථුජ්ජනො යනාදිය දෙසූසේක. එහි පරං යනු අන් පුගුලයෙකුය. ජිණ්ණං යනු ජරාවෙන් දිරාපත්වූවෙකුයි. අට්ටීයති යනු පෙළුනේවෙයි. හරායති යනු ලජ්ජාවට පත්වෙයි. ජිගුච්ඡති යනු අසූචියක් දැක මෙන් පිළිකුල් උපදවයි. අත්තානංයෙව අතියිත්වා යනු ජරාස්වභාවයද ඇති තමන් ඉක්මවා පෙළෙයි ලජ්ජාවෙයි යන අරුත්ය. ජරාධම්මො යනු ජරාස්වභාවයයි. ජරං අනතීතො යනු ජරාව නොඉක්මවමින් ජරාව තුළම පවතිමි. ඉති පටිසඤ්චික්ඛතො යනු මෙසේ ප්රත්යවේක්ෂා කරන්නහුගේයි. යොබ්බනමදො යනු යෞවනය නිසා උපදිනුලබන මානමදය ඇත්තේයි. සබ්බසො පහීයි යනු සියලු අයුරින් දුරුකරනලද්දේයි. මාර්ගයෙන් දුරුකරනලද්දක් සමානකොට දක්වනලද්දේයි. මෙය වනාහි මාර්ගයෙන් ප්රහීනකරනලද්දේ නොවෙයි. නුවණින් සලකා බැලීමෙන් ප්රහීනවූයේම කියනලදැයි දතයුතුය. බෝසතුන්ටවනාහි දෙවියෝ ජරාවට පත්වූවෙකු දැක්වූහ. එතැන්පටන් රහත්බව දක්වා අතර කාලයතුළ මහසතුන්ට යෞවනමදයක්නම් නොඋපන්නේය. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමැයි. මෙහි වනාහි ආරොග්‍යමදො යනු මම නීරෝගී වෙමැයි නීරෝගීබව නිසා උපදිනුලබන මානමදයයි. ජීවිතමදො යනු මම බොහෝකල් ජීවත් වෙන්නෙකැයි එය නිසා උපදිනුලබන මානමදයයි. සික්ඛංපච්චක්ඛාය යනු ශික්ෂාව ප්රතික්ෂෙපකොටයි. හීනායාවත්තති යනු හීනවූ පහත්වූ ගිහිබවට හැරෙයි.
යථාධම්මාති බ්යාධිආදීහි යථාසභාවා. තථාසන්තාති යථා සන්තා එව අවිපරීතබ්යාධිආදිසභාවාව හුත්වාති අත්ථො. ජිගුච්ඡන්තීති පරපුග්ගලං ජිගුච්ඡන්ති. මම එවං විහාරිනොති මය්හං එවං ජිගුච්ඡාවිහාරෙන විහරන්තස්ස එවං ජිගුච්ඡනං නප්පතිරූපං භවෙය්ය නානුච්ඡවිකං. සොහං එවං විහරන්තොති සො අහං එවං පරං ජිගුච්ඡමානො විහරන්තො, එවං වා ඉමිනා පටිසඞ්ඛානවිහාරෙන විහරන්තො. ඤත්වා ධම්මං නිරූපධින්ති සබ්බූපධිවිරහිතං නිබ්බානධම්මං ඤත්වා. සබ්බෙ මදෙ අභිභොස්මීති සබ්බෙ තයොපි මදෙ අභිභවිං සමතික්කමිං. නෙක්ඛම්මෙ දට්ඨු ඛෙමතන්ති නිබ්බානෙ ඛෙමභාවං දිස්වා. නෙක්ඛම්මං දට්ඨු ඛෙමතොතිපි පාඨො, නිබ්බානං ඛෙමතො දිස්වාති අත්ථො. තස්ස මෙ අහු උස්සාහොති තස්ස මය්හං තං නෙක්ඛම්මසඞ්ඛාතං නිබ්බානං අභිපස්සන්තස්ස උස්සාහො අහු, වායාමො අහොසීති අත්ථො. නාහං භබ්බො එතරහි, කාමානි පටිසෙවිතුන්ති අහං දානි දුවිධෙපි කාමෙ පටිසෙවිතුං අභබ්බො. අනිවත්ති භවිස්සාමීති පබ්බජ්ජතො ච සබ්බඤ්ඤුතඤ්ඤාණතො ච න නිවත්තිස්සාමි, අනිවත්තකො භවිස්සාමි. බ්රහ්මචරියපරායණොති මග්ගබ්රහ්මචරියපරායණො ජාතොස්මීති අත්ථො. ඉති ඉමාහි ගාථාහි මහාබොධිපල්ලඞ්කෙ අත්තනො ආගමනීයවීරියං කථෙසි.
යථාධම්මා යනු ලෙඩරෝගාදියෙන් ස්වභාවයට අනුකූලවයි. තථාසන්තා යනු ඒ ආකාර පැවතුම් ඇත්තෝමය. නොවෙනස්වන ව්‍යාධිස්වභාවය ඇත්තෝම වී යන අරුත්ය. ජිගුච්ඡන්ති යනු වෙනත් පුද්ගලයෙකු පිළිකුල් කරත්. මම එවං විහාරිනො යනු මෙසේ ජිගුච්ඡා විහරණයෙන් වසන්නාවූ මට මෙසේ පිළිකුල් කිරීම නුසුදුසුවන්නේය. නොගැලපෙන්නේයි. සො එවං විහරන්තො යනු ඒ මම මෙසේ අනුන් පිළිකුල් කරමින් වසන්නේයි, මෙසේ මේ නුවණින් මෙනෙහි කරමින් වසමින්ය. ඤත්වා ධම්මං නිරූපධිං යනු සියලු උපධීන්ගෙන් තොරවූ නිර්වාණධර්මය දැනයි. සබ්බෙ මදෙ අභිහොස්මි යනු සියලු මද තුනම යටපත් කෙළෙමි යනුයි. නෙක්ඛම්මෙ දට්ඨුඛෙමතං යනු නිවනෙහි නිර්භයබව දැනෙයි. නෙක්ඛම්මං දට්ඨුඛෙමතො යනුද පාඨයෙකි. නිවන ක්ෂෙමවශයෙන් දැක යන අර්ත්ථයයි. තස්ස මෙ අහු උස්සාහො යනු ඒ නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාතවූ නිවණ ඉදිරියෙහි දකින්නාවූ මට උත්සාහයක්විය. ව්යායාමයක්වීය යන අරුත්ය. නාහං භබ්බො එතරහි කාමානි පතිසෙවිතුං යනු මම දැන් දෙයාකාරවූම කාමයන් ඇසුරු කිරීමට නොසුදුස්සෙක්මි. අනිවත්ති භවිස්සාමි යනු පැවිද්දෙන් මෙන්ම සර්වඥතා ඥානයෙන්ද ආපසු නොහැරෙමි. ආපසු නොහැරුනෙක්ම වන්නෙමි. බ්‍රහ්මචරිය පරායනො යනු මාර්ග බ්‍රහ්මචර්යාව පිහිට කොට ඇත්තේවූයේමැයි අර්‍ත්‍ථයි. මෙසේ මේ ගාථාවන්ගෙන් මහා බෝධිපර්‍ය්‍යංකයෙහි තමන් පැමිණියයුතු වීර්යය ප්‍රකාශකළසේක.