යෙදුමෙන් කියවන්න

5. හත්‍ථකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. හත්‍ථකසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 5

පඤ‍්චමෙ ආළවියන‍්ති ආළවිරට‍්ඨෙ. ගොමග‍්ගෙති ගුන‍්නං ගමනමග‍්ගෙ. පණ‍්ණසන්‍ථරෙති සයං පතිතපණ‍්ණසන්‍ථරෙ. අථාති එවං ගුන‍්නං ගමනමග‍්ගං උජුං මහාපථං නිස‍්සාය සිංසපාවනෙ සයං පතිතපණ‍්ණානි සඞ‍්කඩ‍්ඪිත්‍වා කතසන්‍ථරෙ සුගතමහාචීවරං පත්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නෙ තථාගතෙ. හත්‍ථකො ආළවකොති හත්‍ථතො හත්‍ථං ගතත‍්තා එවංලද‍්ධනාමො ආළවකො රාජපුත‍්තො. එතදවොචාති එතං “කච‍්චි, භන‍්තෙ, භගවා”තිආදිවචනං අවොච. කස‍්මා පන සම‍්මාසම‍්බුද‍්ධො තං ඨානං ගන‍්ත්‍වා නිසින‍්නො, කස‍්මා රාජකුමාරො තත්‍ථ ගතොති? සම‍්මාසම‍්බුද‍්ධො තාව අට‍්ඨුප‍්පත‍්තිකාය ධම‍්මදෙසනාය සමුට‍්ඨානං දිස‍්වා තත්‍ථ නිසින‍්නො, රාජකුමාරොපි පාතොව උට‍්ඨාය පඤ‍්චහි උපාසකසතෙහි පරිවුතො බුද‍්ධුපට‍්ඨානං ගච‍්ඡන‍්තො මහාමග‍්ගා ඔක‍්කම‍්ම ගොපථං ගහෙත්‍වා “බුද‍්ධානං පූජනත්‍ථාය මිස‍්සකමාලං ඔචිනිස‍්සාමී”ති ගච‍්ඡන‍්තො සත්‍ථාරං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි, එවං සො තත්‍ථ ගතොති. සුඛමසයිත්‍ථාති සුඛං සයිත්‍ථ.

පස්වැන්නෙහි, ආළවිංය යනු ආළවි රටෙහියි. ගොමග්ගෙ යනු ගවයන් යන පාරෙහියි. පණ්ණසන්‍ථරෙ යනු තෙමේ වැටුණු කොළඇතිරිල්ලෙහිය. අථ යනු මෙසේ ගොනුන්ගේ ගමන් මගවූ කෙළින් පැවති මහපාර ඇසුරුකොට සිංසපාවනයෙහි තෙමේ වැටුණුකොළ එකතු කරගෙන කරනලද ඇතිරිල්ලෙහි සුගත් මහසිවුර එළා පළක් බැඳ තථාගතයන්වහන්සේ හුන් කල්හියි. භත්‍ථකො ආළවකො යනු අතින්අතට ගියබැවින් මෙසේ ලබනලද නම්ඇති ආළවක රාජපුත්‍රයායි. එතදවොච යනු ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, කිමෙක්ද යනාදි වචන පැවසීය. කුමක් හෙයින් සම්මාසම්බුදුන්වහන්සේ එතැනට ගොස් වැඩහුන්සේක්ද? කුමක් හෙයින් රජකුමරුවා එහි ගියේද? සම්මාසම්බුදුන්වහන්සේවනාහි අර්‍ත්‍ථොත්පත්තියෙහි දම්දෙසුමක් සිදුවීම දැක එහි හුන්සේක. රජකුමරුවාද උදයෙන්ම නැඟිට පන්සියයක් උවසුවන්විසින් පිරිවරණලද්දේ බුදු උවටැනට යමින් මහමගින් ඉවත්ව ගවයන් යන පාරට බැස බුදුන් පුදනු සඳහා මුසුමල් (නොයෙක් වගින් යුතුමල්) නෙලන්නෙමැයි යන්නේ බුදුන්වහන්සේ දැක වෙතට එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. මෙසේ හෙතෙම එහි ගියේයි. සුඛමසයිත්‍ථ යනු සුවසේ නිදාගත්තේය.

අන‍්තරට‍්ඨකොති මාඝඵග‍්ගුණානං අන‍්තරෙ අට‍්ඨදිවසපරිමාණො කාලො. මාඝස‍්ස හි අවසානෙ චත‍්තාරො දිවසා, ඵග‍්ගුණස‍්ස ආදිම‍්හි චත‍්තාරොති අයං “අන‍්තරට‍්ඨකො”ති වුච‍්චති. හිමපාතසමයොති හිමස‍්ස පතනසමයො. ඛරාති ඵරුසා කක‍්ඛළා වා. ගොකණ‍්ටකහතාති නවවුට‍්ඨෙ දෙවෙ ගාවීනං අක‍්කන‍්තක‍්කන‍්තට‍්ඨානෙ ඛුරන‍්තරෙහි කද‍්දමො උග‍්ගන‍්ත්‍වා තිට‍්ඨති, සො වාතාතපෙන සුක‍්ඛො කකචදන‍්තසදිසො හොති දුක‍්ඛසම‍්ඵස‍්සො. තං සන්‍ධායාහ – “ගොකණ‍්ටකහතා භූමී”ති. ගුන‍්නං ඛුරන‍්තරෙහි ඡින‍්නාතිපි අත්‍ථො. වෙරම‍්භො වාතො වායතීති චතූහි දිසාහි වායන‍්තො වාතො වායති. එකාය දිසාය වා ද‍්වීහි වා දිසාහි තීහි වා දිසාහි වායන‍්තො වාතො වෙරම‍්භොති න වුච‍්චති.

අන්තරට්ඨකො යනු මැදින් නවම්මස අතරෙහි අටදිනක්පමණවූ කාලයයි. මැදින් අවසන දින සතරක්ද නවම්මුල දින සතරක්ද යන මේ කාලයයි. ඛරා යනු රළු හෝ කර්‍කෂවූයි. ගොකණ්ටකහතා යනු අලුතින් වැසීවට කල්හි දෙනුන් පෑගූපෑගූ තැන කුර අතුරින් මඩ උඩට නැඟී සිටියි. සුළඟින් සහ අව්වෙන් වියළුණු එය කියත්දත් මෙන්වෙයි. දුක්දනවන පැහැසීම් ඇත්තේයි. එය සඳහා ගොකණ්ටකහතා භූමි’යි කීය. ගොනුන්ගේ කුර අතුරින් සිදුවූ යන අර්‍ත්‍ථයයි. වෙරම්බවාතො වාති යනු සිවුදිගින් සුළං හමයි. එක් දිශාවකින් හෝ දෙදිශාවකින් තෙදිශාවකින් හෝ හමන සුළඟ වේරම්බයයි නොකියනුලැබේ.

තෙන හි රාජකුමාරාති ඉදං සත්‍ථා “අයං රාජකුමාරො ලොකස‍්මිං නෙව සුඛවාසිනො, න දුක‍්ඛවාසිනො ජානාති, ජානාපෙස‍්සාමි න”න‍්ති උපරි දෙසනං වඩ‍්ඪෙන‍්තො ආහ. තත්‍ථ යථා තෙ ඛමෙය්‍යාති යථා තුය‍්හං රුච‍්චෙය්‍ය. ඉධස‍්සාති ඉමස‍්මිං ලොකෙ අස‍්ස. ගොනකත්‍ථතොති චතුරඞ‍්ගුලාධිකලොමෙන කාළකොජවෙන අත්‍ථතො. පටිකත්‍ථතොති උණ‍්ණාමයෙන සෙතත්‍ථරණෙන අත්‍ථතො. පටලිකත්‍ථතොති ඝනපුප‍්ඵෙන උණ‍්ණාමයඅත්‍ථරණෙන අත්‍ථතො. කදලිමිගපවරපච‍්චත්‍ථරණොති කදලිමිගචම‍්මමයෙන උත‍්තමපච‍්චත්‍ථරණෙන අත්‍ථතො. තං කිර පච‍්චත්‍ථරණං සෙතවත්‍ථස‍්ස උපරි කදලිමිගචම‍්මං අත්‍ථරිත්‍වා සිබ‍්බිත්‍වා කරොන‍්ති. සඋත‍්තරච‍්ඡදොති සහ උත‍්තරච‍්ඡදෙන, උපරි බද‍්ධෙන රත‍්තවිතානෙන සද‍්ධින‍්ති අත්‍ථො. උභතොලොහිතකූපධානොති සීසූපධානඤ‍්ච පාදූපධානඤ‍්චාති පල‍්ලඞ‍්කස‍්ස උභතො ඨපිතලොහිතකූපධානො. පජාපතියොති භරියායො. මනාපෙන පච‍්චුපට‍්ඨිතා අස‍්සූති මනාපෙන උපට‍්ඨානවිධානෙන පච‍්චුපට‍්ඨිතා භවෙය්‍යුං.

තෙන හි රාජකුමාර යන මෙය ශාස්තෘන්වහන්සේ ‘මේ රජකුමරුවා ලොවෙහි සුවෙන් වෙසෙන්නන් හෝ දුකින් වෙසෙන්නන් නොදනියි. ඔහුට එය දන්වමි’යි මත්තෙහි දෙසුම ඉදිරිපත්කරමින් පැවසූසේක. යථා තෙ ඛමෙය්‍ය යනු ඔබට කැමති පරිද්දෙනි. ඉධස්ස යනු මේ ලෝකයෙහි වියහැක යනුයි. ගොනකත්‍ථතො යනු අඟල් සතරකට වැඩි දිගුලොමින් කළ කලුපලසින් අතුරනලද්දේයි. පටිකත්‍ථතො යනු බැටළු ලොම්ආදියෙන් කළ සුදුඇතිරිල්ලෙන් අතුරනලද්දේයි. පටලිකත්‍ථතො යනු ඝනමලින් බැටළුලොම්ආදියෙන් කළ ඇතිරිල්ලෙන් අතුරනලද්දේයි. කාදලිමිගපවර පච්චත්‍ථරණො යනු කදලිමුව සමින් කළ උතුම් සපතුරුන අතුරනලද්දේයි. ඒ පසතුරන සුදුරෙද්දක් මත කදලිමුව සම අතුරා මසා කරත්. සඋත්තරච්ඡදො යනු වියන සමගය යනුයි. උඩ බඳනාලද රතුවියන සමඟය යන අර්‍ත්‍ථයයි. උභතො ලොහිතකූපධානො යනු හිසට තබන කොට්ටයද පයට තබන කොට්ටයදැයි පර්‍ය්‍යඞ්කයෙහි දෙපසින් තැබූ රත්පැහැ කොට්ට ඇත්තාවූයි. පජාපතියො යනු භාර්‍ය්‍යාවෝයි. මනාපෙන පච්චුපට්ඨිතා අස්සු යනු සිත්ගන්නා සුලු උපස්ථානවිධිවලින් උවටැන්කරන ලද්දාහු වන්නාහුය.

කායිකාති පඤ‍්චද‍්වාරකායං ඛොභයමානා. චෙතසිකාති මනොද‍්වාරං ඛොභයමානා. සො රාගො තථාගතස‍්ස පහීනොති තථාරූපො රාගො තථාගතස‍්ස පහීනොති අත්‍ථො. යො පන තස‍්ස රාගො, න සො තථාගතස‍්ස පහීනො නාම. දොසමොහෙසුපි එසෙව නයො.

කායිකා වා යනු පස්දොරකය සොළවනුලබන්නාවූයි. චෙතසිකා වා මනොද්වාරය සොලවනු ලබන්නාවූයි. සො රාගො තථාගතස්ස පහීනො යනු එබඳුවූ රාගය තථාගතයන්වහන්සේට ප්‍රහීනවූයේයයි අර්‍ත්‍ථයයි. යම් රාගයක් ඔහුටවීද එය තථාගතයන්ට නැත. ප්‍රහීන වූයේ නමි. ද්වේෂ මෝහයන්හිද මෙම ක්‍රමයමයි.

බ්‍රාහ‍්මණොති බාහිතපාපො ඛීණාසවබ්‍රාහ‍්මණො. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. න ලිම‍්පති කාමෙසූති වත්‍ථුකාමෙසු ච කිලෙසකාමෙසු ච තණ‍්හාදිට‍්ඨිලෙපෙහි න ලිම‍්පති. සීතිභූතොති අබ‍්භන‍්තරෙ තාපනකිලෙසානං අභාවෙන සීතිභූතො. නිරූපධීති කිලෙසූපධීනං අභාවෙන නිරූපධි. සබ‍්බා ආසත‍්තියො ඡෙත්‍වාති ආසත‍්තියො වුච‍්චන‍්ති තණ‍්හායො, තා සබ‍්බාපි රූපාදීසු ආරම‍්මණෙසු ආසත‍්තවිසත‍්තා ආසත‍්තියො ඡින්‍දිත්‍වා. විනෙය්‍ය හදයෙ දරන‍්ති හදයනිස‍්සිතං දරථං විනයිත්‍වා වූපසමෙත්‍වා. සන‍්තිං පප‍්පුය්‍ය චෙතසොති චිත‍්තස‍්ස කිලෙසනිබ‍්බානං පාපුණිත්‍වා. කරණවචනං වා එතං “සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා”තිආදීසු විය, චෙතසා නිබ‍්බානං පාපුණිත්‍වාති අත්‍ථො.

බ්‍රාහ්මණො යනු බහා තබනලද පවුඇති, කෙළෙසුන් ක්‍ෂය කළ බ්‍රාහ්මණයායි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවනින් පිරිනිවුනේයි. න ලිම්පති කාමෙසු යනු වස්තුකාම ක්ලේශකාමයන්හි තණ්හාදිට්ඨි ලේපයන්ගෙන් නොතැවරෙයි. සීතිභූතො යනු අභ්‍යන්තරයෙහි තැවෙන කෙලෙසුන් නොමැතිවීමෙන් සිසිල්වූයේයි. නිරූපධි යනු කෙලෙස් උපධි නොමැති බැවින් නිරූපධියි. සබ්බා ආසත්තියො ඡෙත්‍වා යනු තෘෂ්ණාවෝ ආසත්තියොයි කියනුලැබෙත්. රූපාදි අරමුණුවල ඇළුණු වියැකුණු ඒ සියලු ආසත්තීන් සිඳ, විනෙය්‍ය හදයෙ දරං යනු හදවත ඇසුරුකොට ඇති දාහය දුරුකොට, සංසිඳුවායි. සන්තිං පප්පූය චෙතසො යනු සිතේ කෙලෙස් නිවනට පැමිණයි. මෙය කරණවිභක්ති වචනය හෝ වෙයි. සබ්බචෙතසො සමන්නාහරිත්‍වා යනාදියෙහි මෙනි. සිතින් නිවනට පැමිණ යන අර්‍ත්‍ථයයි.

6. දෙවදූතසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 6

ඡට‍්ඨෙ දෙවදූතානීති දෙවදූතා. අයං පනෙත්‍ථ වචනත්‍ථො – දෙවොති මච‍්චු, තස‍්ස දූතාති දෙවදූතා. ජිණ‍්ණබ්‍යාධිමතා හි සංවෙගජනනට‍්ඨෙන “ඉදානි තෙ මච‍්චුසමීපං ගන‍්තබ‍්බ”න‍්ති චොදෙන‍්ති විය, තස‍්මා දෙවදූතාති වුච‍්චන‍්ති. දෙවා විය දූතාතිපි දෙවදූතා. යථා හි අලඞ‍්කතපටියත‍්තාය දෙවතාය ආකාසෙ ඨත්‍වා “ත්‍වං අසුකදිවසෙ මරිස‍්සසී”ති වුත‍්තෙ තස‍්සා වචනං සද‍්ධාතබ‍්බං හොති; එවමෙවං ජිණ‍්ණබ්‍යාධිමතාපි දිස‍්සමානා “ත්‍වම‍්පි එවංධම‍්මො”ති චොදෙන‍්ති විය, තෙසඤ‍්ච තං වචනං අනඤ‍්ඤථාභාවිතාය දෙවතාය බ්‍යාකරණසදිසමෙව හොතීති දෙවා විය දූතාති දෙවදූතා. විසුද‍්ධිදෙවානං දූතාතිපි දෙවදූතා. සබ‍්බබොධිසත‍්තා හි ජිණ‍්ණබ්‍යාධිමතපබ‍්බජිතෙ දිස‍්වාව සංවෙගං ආපජ‍්ජිත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිංසු. එවං විසුද‍්ධිදෙවානං දූතාතිපි දෙවදූතා. ඉධ පන ලිඞ‍්ගවිපල‍්ලාසෙන “දෙවදූතානී”ති වුත‍්තං.

සවැන්නෙහි දෙවදූතානි යනු දේවදූතයෝයි. මෙය වනාහි වචනාර්ථයයි. දෙවො යනු මාරයායි. ඔහුගේ දූතයෝයි දෙවදූතා නමි. ජරාව්‍යාධිමරණයෝ සංවේග දනවන අරුතින් දැන් ඔබ මාරයා සමීපයට යායුතුයයි චොදනාකරන්නාහු මෙනි. එහෙයින් දෙවදූතයෝයි කියනු ලැබෙත්. දෙවියන් වැනි දූතයෝයිද දූවදුතා නම් වෙත්. යම්සේ අලංකාරයෙන් සැරසුණු දෙවඟනක අහසෙහි සිට නුඹ අසුවල් දිනයෙහි මැරෙන්නෙහියයි කීකල්හි ඇයගේ වචනය ඇදහිය යුතු වෙයිද එසේම ජරාව්‍යාධිමරණයෝ දකිනු ලබන්නාහු නුඹද මෙබඳු ස්වභාවය ඇත්තෙහියයි චෝදනා කරත් මෙනි. ඔවුන්ගේද ඒ වචනය නොවෙනස්වීම නිසා දෙවඟනක කියනලද්දක්මෙන් වෙයිනුයි දෙවියන් වැනි දූතයෝයි දෙවදූතයෝ නමි. විසුද්ධිදෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝ වෙත්. සියලු බෝධිසත්වයෝම ජරාව්‍යාධිමරණ හා පැවිද්දන් දැකීමෙන්ම සංවේගයට පැමිණ නික්ම පැවිදිවූහ. මෙසේ විසුද්ධි දෙවියන්ගේ දූතයෝයිද දෙවදූතයෝයි. මෙහි වනාහි ලිංගවිපර්‍ය්‍යාසයෙන් ‘දෙවදූතානි’යි කියනලදි.

කායෙන දුච‍්චරිතන‍්තිආදි කස‍්මා ආරද‍්ධං? දෙවදූතානුයුඤ‍්ජනට‍්ඨානුපක‍්කමකම‍්මදස‍්සනත්‍ථං. ඉමිනා හි කම‍්මෙන අයං සත‍්තො නිරයෙ නිබ‍්බත‍්තති, අථ නං තත්‍ථ යමො රාජා දෙවදූතෙ සමනුයුඤ‍්ජති. තත්‍ථ කායෙන දුච‍්චරිතං චරතීති කායද‍්වාරෙන තිවිධං දුච‍්චරිතං චරති. වාචායාති වචීද‍්වාරෙන චතුබ‍්බිධං දුච‍්චරිතං චරති. මනසාති මනොද‍්වාරෙන තිවිධං දුච‍්චරිතං චරති.

කායෙන දුච්චරිතං චරති යනාදිය කුමක් නිසා අරඹන ලද්දේද යත්? දෙවදූතයන් යෙදෙන තැන පිළිවෙළ පිළිබඳ කර්‍මයන් දැක්වීම සඳහාය. මේ කර්‍මයෙන් මේ සත්වයා නිරයෙහි උපදියි. ඉක්බිති එහි යමරජ තෙමේ ඔහුට දේවදූතයන් යොදවයි. එහි කායෙන දුච්චරිතං චරති යනු කායද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි. වාචාය යනු වාග්ද්වාරයෙනි. චතුර්විධ දුශ්චරිතයන්හි යෙදෙයි. මනසා යනු මනොද්වාරයෙන් ත්‍රිවිධ දුශ්චරිතයන්හි යෙදෙයි.

තමෙනං, භික‍්ඛවෙ, නිරයපාලාති එත්‍ථ එකච‍්චෙ ථෙරා “නිරයපාලා නාම නත්‍ථි, යන‍්තරූපං විය කම‍්මමෙව කාරණං කාරෙතී”ති වදන‍්ති. තං “අත්‍ථි නිරයෙ නිරයපාලාති, ආමන‍්තා. අත්‍ථි ච කාරණිකා”තිආදිනා නයෙන අභිධම‍්මෙ (කථා· 866) පටිසෙධිතමෙව. යථා හි මනුස‍්සලොකෙ කම‍්මකාරණකාරකා අත්‍ථි, එවමෙව නිරයෙ නිරයපාලා අත්‍ථීති. යමස‍්ස රඤ‍්ඤොති යමරාජා නාම වෙමානිකපෙතරාජා. එකස‍්මිං කාලෙ දිබ‍්බවිමානෙ දිබ‍්බකප‍්පරුක‍්ඛදිබ‍්බඋය්‍යානදිබ‍්බනාටකාදිසබ‍්බසම‍්පත‍්තිං අනුභවති, එකස‍්මිං කාලෙ කම‍්මවිපාකං, ධම‍්මිකො රාජා, න චෙස එකොව හොති, චතූසු පන ද‍්වාරෙසු චත‍්තාරො ජනා හොන‍්ති. අමත‍්තෙය්‍යොති මාතු හිතො මත‍්තෙය්‍යො, මාතරි සම‍්මා පටිපන‍්නොති අත්‍ථො. න මත‍්තෙය්‍යොති අමත‍්තෙය්‍යො, මාතරි මිච‍්ඡා පටිපන‍්නොති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. අබ්‍රහ‍්මඤ‍්ඤොති එත්‍ථ ච ඛීණාසවා බ්‍රාහ‍්මණා නාම, තෙසු මිච‍්ඡා පටිපන‍්නො අබ්‍රහ‍්මඤ‍්ඤො නාම.

තමෙනං භික්‍ඛවෙ නිරයපාලා යනු මෙහි ඇතැම් තෙරවරු නිරයපාලයෝ නම් නැත. යන්ත්‍රරූපයක් මෙන් කර්‍මයම දඬුවම් කරතියි කියත්. එය අත්‍ථි නිරයෙ නිරයපාලාති ආමන්තා අත්‍ථි ච කාරණිකා යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ප්‍රතික්‍ෂෙප කරනලද්දේමය. යම්සේ මිනිස්ලොව වධදෙන්නෝ වෙත්ද එසේම නිරයෙහි නිරය පල්ලෝ වෙති. යමස්ස රඤ්ඤො යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. අමත්තෙය්‍යො යනු මවට හිතවූයේ මත්තෙය්‍ය නමි. මවට මනාව පිළිපන්නේය යනාර්‍ත්‍ථයි. මත්තෙය්‍ය නොවන්නේ අමත්තෙය්‍ය නම්වේ. මව කෙරෙහි වැරදියට පිළිපන්නේය යන අර්ථයයි. සෙසුපදයන්හිද මේ ක්‍රමයමැයි. අබ්‍රහ්මඤ්ඤො යනු මෙහිද ක්‍ෂීණාශ්‍රවයෝ බ්‍රාහ්මණයෝ නම්වෙත්. ඔවුන් කෙරෙහි වැරදිලෙස පිළිපන්නෝ අබ්‍රහ්මඤ්ඤ නම් වෙත්,

සමනුයුඤ‍්ජතීති අනුයොගවත‍්තං ආරොපෙන‍්තො පුච‍්ඡති, ලද‍්ධිං පතිට‍්ඨාපෙන‍්තො පන සමනුග‍්ගාහති නාම, කාරණං පුච‍්ඡන‍්තො සමනුභාසති නාම. නාද‍්දසන‍්ති අත‍්තනො සන‍්තිකෙ පහිතස‍්ස කස‍්සචි දෙවදූතස‍්ස අභාවං සන්‍ධාය එවං වදති.

සමනුයුඤ්ජති යනු පිළිපැදීමේ වතට නංවමින් අසයි. ලබ්ධියෙහි පිහිටුවන්නා සමනුගාහති නම් වෙයි. කරුණු විමසන්නේ සමනුභාසතියි. නාද්දසං යනු තමන් සමීපයට එවනලද කිසියම් දේවදූතයකුගේ අභාවය නිසා මෙසේ කියයි.

අථ නං යමො “නායං භාසිතස‍්ස අත්‍ථං සල‍්ලක‍්ඛෙතී”ති ඤත්‍වා අත්‍ථං සල‍්ලක‍්ඛාපෙතුකාමො අම‍්භොතිආදිමාහ. තත්‍ථ ජිණ‍්ණන‍්ති ජරාජිණ‍්ණං. ගොපානසිවඞ‍්කන‍්ති ගොපානසී විය වඞ‍්කං. භොග‍්ගන‍්ති භග‍්ගං. ඉමිනාපිස‍්ස වඞ‍්කභාවමෙව දීපෙති. දණ‍්ඩපරායණන‍්ති දණ‍්ඩපටිසරණං දණ‍්ඩදුතියං. පවෙධමානන‍්ති කම‍්පමානං. ආතුරන‍්ති ජරාතුරං. ඛණ‍්ඩදන‍්තන‍්ති ජරානුභාවෙන ඛණ‍්ඩිතදන‍්තං. පලිතකෙසන‍්ති පණ‍්ඩරකෙසං. විලූනන‍්ති ලුඤ‍්චිත්‍වා ගහිතකෙසං විය ඛල‍්ලාටං. ඛලිතසිරන‍්ති මහාඛල‍්ලාටසීසං. වලිතන‍්ති සඤ‍්ජාතවලිං. තිලකාහතගත‍්තන‍්ති සෙතතිලකකාළතිලකෙහි විකිණ‍්ණසරීරං. ජරාධම‍්මොති ජරාසභාවො, අපරිමුත‍්තො ජරාය, ජරා නාම මය‍්හං අබ‍්භන‍්තරෙයෙව පවත‍්තතීති. පරතො බ්‍යාධිධම‍්මො මරණධම‍්මොති පදද‍්වයෙපි එසෙව නයො.

ඉක්බිති යමතෙමේ මොහුට, මෙතෙම කියනලද දෙයෙහි අදහස නොසලකතියි දැන අදහස සලකවනු කැමැත්තේ අම්හො යනාදිය කීය. එහි ජිණ්ණං යනු ජරාවෙන් දිරූයි. ගොපානසිවඞ්කං යනු ගොණැස්සක් මෙන් වක්වූයි. භොග්ගං යනු බිඳුණුයි. මෙයින්ද මොහුගේ වංකභාවයම ප්‍රකට කරයි. දණ්ඩපරායනං යනු දණ්ඩක් පිළිසරණකොට ඇති, දණ්ඩදෙවැන්නෙකු කොට ඇතියි. පවෙධමානං යනු වෙව්ලන්නාවූයි. ආතුරං යනු ජරාවෙන් ආතුරවූයි. ඛණ්ඩදන්තං යනු ජරාවේ බලයෙන් කැඩුණු දත් ඇතියි. පලිතකෙසං යනු, සුදුපැහැති කෙස් ඇතියි. විලූනං යනු උදුරාගත් කෙස් ඇත්තෙකුගේ මෙන් තට්ට හිස ඇතියි. ඛලිතංසිරො යනු මහත් තට්ටහිසක් ඇතියි. චලිතං යනු හටගත් රැලි ඇතියි. තිලකාහතගත්තං යනු සුදුතිලක කලුතිලකවලින් ගැවසුණු සිරුරයි. ජරාධම්මො යනු ජරා ස්වභාවය ඇත්තේයි. ජරාවෙන් නොමිඳුනේයි. ජරාව නම් මගේ අභ්‍යන්තරයෙහි පවතීයනුයි. පසුව එන ව්‍යාධිධම්මො මරණධම්මො යන පදදෙකෙහිද මෙම ක්‍රමයමැයි.

පඨමං දෙවදූතං සමනුයුඤ‍්ජිත්‍වාති එත්‍ථ ජරාජිණ‍්ණසත‍්තො අත්‍ථතො එවං වදති නාම – “පස‍්සථ, භො, අහම‍්පි තුම‍්හෙ විය තරුණො අහොසිං ඌරුබලී බාහුබලී ජවසම‍්පන‍්නො, තස‍්ස මෙ තා බලජවසම‍්පත‍්තියො අන‍්තරහිතා, විජ‍්ජමානාපි මෙ හත්‍ථපාදා හත්‍ථපාදකිච‍්චං න කරොන‍්ති, ජරායම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි ජරාය අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි ජරා ආගමිස‍්සති. ඉති තස‍්සා පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙවෙස දෙවදූතො නාම ජාතො. ආබාධිකන‍්ති බාධිකං. දුක‍්ඛිතන‍්ති දුක‍්ඛප‍්පත‍්තං. බාළ‍්හගිලානන‍්ති අධිමත‍්තගිලානං.

පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්‍වා යනු මෙහි ජරාවෙන් දිරුණු සත්වයා අර්‍ත්‍ථවශයෙන් මෙසේ කියයිනමි: ‘පින්වත්නි, බලවු. මමද නුඹලා මෙන් තරුණයෙක් වූයෙමි. කළවා ශක්තිය ඇත්තෙම් අතේශක්තිය ඇත්තෙම් ජවසම්පන්න වුයෙම්වීමි. ඒ මාගේ බලවත් ශක්තීහු අතුරුදහන් වූහ. අත්පා වැඩ නොකරයි. ජරාවෙන් නොමිදුණු බැවින් මෙසේවූයෙමි. මම පමණක්ම නොවෙමි. නුඹලාත් ජරාවෙන් නොමිඳුනෝමය. මට යම්සේද නුඹලාටද එසේම ජරාව පැමිණෙන්නේය. මෙසේ ජරාවගේ පැමිණීමට කලින් යහපත් දෙය කරවු’ එහෙයින්ම මෙතෙම දේවදූත නම් වූයේය. ආබාධිකං යනු ආබාධයන්ට පත්වූයි. දුක්‍ඛිතං යනු දුකට පත්වූයි. බාළභගිලානං යනු දැඩිසේ ගිලන්වූයි.

දුතියං දෙවදූතන‍්ති එත්‍ථපි ගිලානසත‍්තො අත්‍ථතො එවං වදති නාම – “පස‍්සථ, භො, අහම‍්පි තුම‍්හෙ විය නිරොගො අහොසිං, සොම‍්හි එතරහි බ්‍යාධිනා අභිහතො, සකෙ මුත‍්තකරීසෙ පලිපන‍්නො, උට‍්ඨාතුම‍්පි න සක‍්කොමි. විජ‍්ජමානාපි මෙ හත්‍ථපාදා හත්‍ථපාදකිච‍්චං න කරොන‍්ති, බ්‍යාධිතොම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි බ්‍යාධිතො අපරිමුත‍්තාව. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි බ්‍යාධි ආගමිස‍්සති. ඉති තස‍්ස පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙවෙස දෙවදූතො නාම ජාතො.

දුතියං දෙවදූතං යනු මෙහිද ගිලන් පුද්ගලයා මෙසේ අර්‍ත්‍ථවශයෙන් කියයි නමි. ‘එම්බා බලවු! මමද නුඹලා මෙන්ම නීරෝගී වූයෙමි. ඒ මම දැන් ව්‍යාධියෙන් මඬනා ලද්දෙම් සිය මළමුවෙහි ගිලුනෙම් නැඟිටීමටද නොහැක්කෙමි. මගේ අත්පා පැවතියද අත්පා කිස නොකරයි. ව්‍යාධියෙන් නොමිඳුණු බැවින් මෙවැන්නෙක් වූයෙමි. මා පමණක් නොව තොපිද ව්‍යාධියෙන් නොමිඳුණෝය. මට මෙන්ම නුඹලාටද ව්‍යාධිය පැමිණෙන්නේය. මෙසේ එය ඒමට කලින් යහපත්දෙය කරවු’ එහෙයින්ම මෙතෙම දේවදූත නම්විය.

එකාහමතන‍්තිආදීසු එකාහං මතස‍්ස අස‍්සාති එකාහමතො, තං එකාහමතං. පරතො පදද‍්වයෙපි එසෙව නයො. භස‍්තා විය වායුනා උද‍්ධං ජීවිතපරියාදානා යථාක‍්කමං සමුග‍්ගතෙන සූනභාවෙන උද‍්ධුමාතත‍්තා උද‍්ධුමාතකං. විනීලො වුච‍්චති විපරිභින‍්නවණ‍්ණො, විනීලොව විනීලකො, තං විනීලකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විනීලන‍්ති විනීලකං. විපුබ‍්බකන‍්ති විස‍්සන්‍දමානපුබ‍්බකං, පරිභින‍්නට‍්ඨානෙ හි පග‍්ඝරිතෙන පුබ‍්බෙන පලිමක‍්ඛිතන‍්ති අත්‍ථො.

එකාහමතං යනාදියෙහි මළ තැනැත්තාට එක්දිනක් ඇත්තේනුයි එකාහමතො නමි. ඒ එකාහමතවූයි. පසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. සුළඟින් පසුම්බිය මෙන් ජීවිතවිනාශයෙන් ක්‍රමයෙන් මතුවූ ඉදිමීමෙන් ඉදිමුණු බැවින් උද්ධුමාතකං නමි. වෙනස්වූ පැහැය විනීලයයි කියනු ලැබේ. විනීල වූයේම විනීලක නමි. ඒ විනීලකවූයි. එය පිළිකුල් බැවින් හෝ කුණු වූයේ විනීලයයි විනීලකං නමි. විපුබ්බකං යනු ගලා හැලෙන සැරව ඇතියි. බිඳුණු තැනින් වැගිරෙන සැරවින් වැකුණු යන අර්‍ත්‍ථයයි.

තතියං දෙවදූතන‍්ති එත්‍ථ මතකසත‍්තො අත්‍ථතො එවං වදති නාම – “පස‍්සථ, භො, මං ආමකසුසානෙ ඡඩ‍්ඩිතං උද‍්ධුමාතකාදිභාවප‍්පත‍්තං, මරණතොම‍්හි අපරිමුත‍්තතාය එදිසො ජාතො. න ඛො පනාහමෙව, තුම‍්හෙපි මරණතො අපරිමුත‍්තා. යථෙව හි මය‍්හං, එවං තුම‍්හාකම‍්පි මරණං ආගමිස‍්සති. ඉති තස‍්ස පුරෙ ආගමනාව කල්‍යාණං කරොථා”ති. තෙනෙවස‍්ස දෙවදූතො නාම ජාතො.

තතියං දෙවදූතං යනු මෙහි මියගිය සත්ව තෙමේ අර්‍ත්‍ථ වශයෙන් මෙසේ කියයි නමි: ‘පින්වත්නි, අමුසොහොනෙහි හෙළනලද ඉදිමීම් ආදි ස්වභාවයට පැමිණි මා බලවු. මම මරණයෙන් නොමිඳුණු බැවින් මෙබඳු වීමි. මා පමණක් නොව තෙපිද මරණයෙන් නොමිදුණාහුය. මට යම්සේද නුඹලාටද මරණය පැමිණෙන්නේය. ඊට කලින් යහපත්දෙය කරවු” එහෙයින්ම මෙතෙම දේවදූත නම් වූයේයි.

ඉමං පන දෙවදූතානුයොගං කො ලභති, කො න ලභති? යෙන තාව බහුං පාපං කතං, සො ගන‍්ත්‍වා නිරයෙ නිබ‍්බත‍්තතියෙව. යෙන පන පරිත‍්තං පාපං කතං, සො ලභති. යථා හි සභණ‍්ඩං චොරං ගහෙත්‍වා කත‍්තබ‍්බමෙව කරොන‍්ති න විනිච‍්ඡිනන‍්ති. අනුවිජ‍්ජිත්‍වා ගහිතං පන විනිච‍්ඡයට‍්ඨානං නයන‍්ති, සො විනිච‍්ඡයං ලභති. එවංසම‍්පදමෙතං. පරිත‍්තපාපකම‍්මා හි අත‍්තනො ධම‍්මතායපි සරන‍්ති, සාරීයමානාපි සරන‍්ති.

මේ දේවදූතයන් යෙදීම කවරෙක් ලබයිද කවරෙක් නොලබයිද? යමකුවිසින් බොහෝ පව් කරනලද්දේද, හෙතෙම (දේවදූතානුයෝගය) ලබයි. යම්සේ බඩුසහිත සොරෙකු ගෙන කළයුතු දෙයම කරත්ද? විනිශ්චය නොකරත් (නඩු නොඅසත්) ද, විමසා බලා ගන්නාලද්දකු අධිකරණයට පමුණුවත්ද මෙයද එබඳුය. සුළුපාපකර්මයෝ තමාගේ ස්වභාවයෙන්මද සිහිකරත්. සිහිකරවනු ලබන්නෝද සිහිකරත්.

තත්‍ථ දීඝජයන‍්තදමිළො නාම අත‍්තනො ධම‍්මතාය සරි. සො කිර දමිළො සුමනගිරිමහාවිහාරෙ ආකාසචෙතියං රත‍්තපටෙන පූජෙසි, අථ නිරයෙ උස‍්සදසාමන‍්තෙ නිබ‍්බත‍්තො අග‍්ගිජාලසද‍්දං සුත්‍වාව අත‍්තනා පූජිතපටං අනුස‍්සරි, සො ගන‍්ත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො. අපරොපි පුත‍්තස‍්ස දහරභික‍්ඛුනො ඛලිසාටකං දෙන‍්තො පාදමූලෙ ඨපෙසි, මරණකාලම‍්හි පටපටාති සද‍්දෙ නිමිත‍්තං ගණ‍්හි, සොපි උස‍්සදසාමන‍්තෙ නිබ‍්බත‍්තො ජාලසද‍්දෙන තං සාටකං අනුස‍්සරිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො. එවං තාව අත‍්තනො ධම‍්මතාය කුසලං කම‍්මං සරිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තතීති.

එහි දීඝජන්තුනම් දමිළයෙක් සුමනගිරි විහාරයෙහි ආකාස චෛත්‍යයට රත්පටින් පිදීය. ඉක්බිති නිරයෙහි උසස්දසමීපයෙහි උපන්නේ දැල්හඬ අසා තමන්විසින් පුදනලද රත්පට සිහිකළේය. හෙතෙම ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවෙකෙක්ද තම පුත්වූ තරුණ භික්‍ෂුවකට ඛලිසාටකයක් දෙමින් පාමුල තබන වේලෙහි ශබ්දයෙහි නිමිති ගත්තේය. හෙතෙමේත් උසස්ද සමීපයෙහි උපන්නේ දැල් හඬින් ඒ සළුව සිහි කොට ගොස් ස්වර්‍ගයෙහි උපන්නේය. මෙසේ වනාහි තමාගේ ස්වභාවයෙන්ම කුශලකර්‍මය සිහිකොට ස්වර්‍ගයෙහි උපදිත්.

අත‍්තනො ධම‍්මතාය අසරන‍්තෙ පන තයො දෙවදූතෙ පුච‍්ඡති. තත්‍ථ කොචි පඨමෙන දෙවදූතෙන සරති, කොචි දුතියතතියෙහි, කොචි තීහිපි නස‍්සරති. තං යමො රාජා දිස‍්වා සයං සාරෙති. එකො කිර අමච‍්චො සුමනපුප‍්ඵකුම‍්භෙන මහාචෙතියං පූජෙත්‍වා යමස‍්ස පත‍්තිං අදාසි, තං අකුසලකම‍්මෙන නිරයෙ නිබ‍්බත‍්තං යමස‍්ස සන‍්තිකං නයිංසු. තස‍්මිං තීහිපි දෙවදූතෙහි කුසලං අසරන‍්තෙ යමො සයං ඔලොකෙන‍්තො දිස‍්වා – “නනු ත්‍වං මහාචෙතියං සුමනපුප‍්ඵකුම‍්භෙන පූජෙත්‍වා මය‍්හං පත‍්තිං අදාසී”ති සාරෙසි, සො තස‍්මිං කාලෙ සරිත්‍වා දෙවලොකං ගතො. යමො පන සයං ඔලොකෙත්‍වාපි අපස‍්සන‍්තො – “මහාදුක‍්ඛං නාම අනුභවිස‍්සති අයං සත‍්තො”ති තුණ‍්හී අහොසි.

තමාගේ ධර්‍මතාවෙන් සිහි නොවන විට දේවදූතයන් තිදෙනෙකුගෙන් විමසත්. එහි කිසිවෙක් පළමු දේවදූතයා මගින් සිහිකරති. දෙවැනි තෙවැනි දේවදූතයන් මගින්ද කිසිවෙක් සිහිකරති. යමෙක් තිදෙනා මගින්ම සිහි නොකරත්ද? යම රජතෙමේ ඔහුදැක තෙමේ සිහිකරවයි. එක් ඇමතියෙක් දැසමන් මල්බඳුනකින් මහසෑය පුදා යමරජුට පින් පැමිණවීය. අකුසල කර්‍මයකින් නිරයෙහි උපන් ඔහු යමරජු වෙතට පැමිණෙව්වාහුය. ඔහු දේවදූතයන් තිදෙනා මගිනුදු කුසලයක් සිහි නොකරනකල්හි යමරජතෙමේ තමාම බලමින් දැක දැසමන් මල් බඳුනකින් මහසෑය පුදා මට පින්දුන්නේ නොවේදැයි සිහිකරවීය. හෙතෙම එකල්හි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජ තමා විමසා බලාද නොදක්නේ මේ සත්වයා මහදුකක් විඳින්නේයයි නිශ්ශබ්ද වෙයි.

තත‍්තං අයොඛිලන‍්ති තිගාවුතං අත‍්තභාවං සම‍්පජ‍්ජලිතාය ලොහපථවියා උත‍්තානකං නිපජ‍්ජාපෙත්‍වා දක‍්ඛිණහත්‍ථෙ තාලප‍්පමාණං අයසූලං පවෙසෙන‍්ති, තථා වාමහත්‍ථාදීසු. යථා ච තං උත‍්තානකං නිපජ‍්ජාපෙත්‍වා, එවං උරෙනපි වාමපස‍්සෙනපි දක‍්ඛිණපස‍්සෙනපි නිපජ‍්ජාපෙත්‍වා තෙ තං කම‍්මකාරණං කරොන‍්තියෙව. සංවෙසෙත්‍වාති ජලිතාය ලොහපථවියා තිගාවුතං අත‍්තභාවං නිපජ‍්ජාපෙත්‍වා. කුඨාරීහීති මහතීහි ගෙහස‍්ස එකපක‍්ඛච‍්ඡදනමත‍්තාහි කුඨාරීහි තච‍්ඡන‍්ති, ලොහිතං නදී හුත්‍වා සන්‍දති, ලොහපථවිතො ජාලා උට‍්ඨහිත්‍වා තච‍්ඡිතට‍්ඨානං ගණ‍්හාති, මහාදුක‍්ඛං උප‍්පජ‍්ජති. තච‍්ඡන‍්තා පන සුත‍්තාහතං කරිත්‍වා දාරුං විය අට‍්ඨංසම‍්පි ඡළංසම‍්පි කරොන‍්ති. වාසීහීති මහාසුප‍්පප‍්පමාණාහි වාසීහි. රථෙ යොජෙත්‍වාති සද‍්ධිං යුගයොත‍්තපක‍්ඛරථචක‍්කකුබ‍්බරපාජනෙහි සබ‍්බතො පජ‍්ජලිතෙ රථෙ යොජෙත්‍වා. මහන‍්තන‍්ති මහාකූටාගාරප‍්පමාණං. ආරොපෙන‍්තීති සම‍්පජ‍්ජලිතෙහි අයමුග‍්ගරෙහි පොථෙන‍්තා ආරොපෙන‍්ති. සකිම‍්පි උද‍්ධන‍්ති සුපක‍්කුථිතාය උක‍්ඛලියා පක‍්ඛිත‍්තතණ‍්ඩුලා විය උද‍්ධමධොතිරියඤ‍්ච ගච‍්ඡති. මහානිරයෙති අවීචිමහානිරයම‍්හි.

තත්තං අයො ඛිලං යනු තුන්ගවු ආත්මභාවය ගිනිගෙන දැල්වෙන ලොහො පොළවෙහි උඩුකුරුව හොවා දකුණුඅතෙහි තල්ගසක් පමණවූ යකඩහුලක් පිවිසුවත්. වම්අත් ආදියෙහිද එසේමය. උඩුකුරුව හොවා මෙසේ උදරයෙන්ද වම්පසින්ද දකුණු පසින්ද හොවා ඒ දඬුවම කරත්. සංවෙසෙත්‍වා යනු ඇවිලෙන ලොහොපොළොවෙහි තුන්ගව් ආත්මභාවය හොවායි. කුඨාරීහි යනු මහත්වූ ගෙයක එක්පසෙක වහලය පමණවූ කෙටේරිවලින් සසිත්. ලේ ගංගාවක්වී ගලයි. ලොහොපොළොවෙන් ගිනිදැල් මතුවී සැසූ තැන් පුළුස්සයි. මහදුකක් උපදියි. සසින්නාහු නූල්ගසා ලීයක් මෙන් අටැස්ද සොළසැස්ද කරත්. වාසීහි යනු මහකුලු පමණවූ වෑවලිනි. රථෙ යොජෙත්‍වා යනු වියදණ්ඩ රැහැන අංශය, රෝද, බෝන්ලීය, කෙවිට යන මේවායින් හාත්පසින් ගිනිගත් රියෙහි යොදවයි. මහන්තං යනු මහකුළුගෙයක් පමණවූයි. ආරොපෙති යනු ගිනිගෙන දැවෙන යකඩ පොලුවලින් තලමින් නංවයි. සකිම්පි උද්ධං යනු අතිශයින් කකාරවනලද හැලියක බහනලද සහල් මෙන් උඩ යට සරසද ගමන් කරයි. මහානිරයෙ යනු අවීචිමහා නරකයෙහිය.

භාගසො මිතොති භාගෙ ඨපෙත්‍වා විභත‍්තො. පරියන‍්තොති පරික‍්ඛිත‍්තො. අයසාති උපරි අයපට‍්ටෙන ඡාදිතො. සමන‍්තා යොජනසතං, ඵරිත්‍වා තිට‍්ඨතීති එවං ඵරිත්‍වා තිට‍්ඨති, යථා තං සමන‍්තා යොජනසතෙ ඨත්‍වා ඔලොකෙන‍්තස‍්ස අක‍්ඛීනි යමකගොළකා විය නික‍්ඛමන‍්ති.

භාගසො මිතො යනු භාගයෙහි තබා බෙද ලද්දේයි. පරියන්තො යනු වටකරනලද්දේයි. අයසා යනු මත්තෙහි යපටින් වසන ලද්දේයි. සමන්තා යොජනසතං ඵරිත්‍වා තිට්ඨති යනු හාත්පසින් යොදුන් සියයක සිට බලන්නහුගේ ඇස් ගුළිදෙකක් මෙන් නික්මෙයිද එසේ පැතිර සිටියි.

හීනකායූපගාති හීනං කායං උපගතා හුත්‍වා. උපාදානෙති තණ‍්හාදිට‍්ඨිග‍්ගහණෙ. ජාතිමරණසම‍්භවෙති ජාතියා ච මරණස‍්ස ච කාරණභූතෙ. අනුපාදාති චතූහි උපාදානෙහි අනුපාදියිත්‍වා. ජාතිමරණසඞ‍්ඛයෙති ජාතිමරණසඞ‍්ඛයසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ විමුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතාති දිට‍්ඨධම‍්මෙ ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ සබ‍්බකිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතා. සබ‍්බදුක‍්ඛං උපච‍්චගුන‍්ති සකලවට‍්ටදුක‍්ඛං අතික‍්කන‍්තා.

හීනකායූපගා යනු පහත් කයකට එළඹුනාහුවී. උපාදානෙ යනු තෘෂ්ණාදෘෂ්ටි ගැනීමෙහියි. ජාතිමරණ සම්භවෙ යනු උපතටද මරණයටද හේතුභූතවූයි. අනුපාදා යනු සතර උපාදානයන්ගෙන් දැඩිව නොගෙනයි. ජාතිමරණසංඛයෙ යනු ජාතිමරණ ක්‍ෂයවීම් නමැති නිවනෙහි මිදෙත්. දිට්ඨධම්මාභිනිබ්බුතා යනු ඉහාත්මයෙහි, මේ අත්බැව්හිදීම සියලු කෙලෙසුන්ගෙන් නිවීමෙන් නිවුණාවුයි. සබ්බං දුක්‍ඛං උපච්චගුං යනු සියලු සසර දුක ඉක්මුවාහුය.

7. චතුමහාරාජසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 7

සත‍්තමෙ අමච‍්චා පාරිසජ‍්ජාති පරිචාරිකදෙවතා. ඉමං ලොකං අනුවිචරන‍්තීති අට‍්ඨමීදිවසෙ කිර සක‍්කො දෙවරාජා චත‍්තාරො මහාරාජානො ආණාපෙති – “තාතා, අජ‍්ජ අට‍්ඨමීදිවසෙ මනුස‍්සලොකං අනුවිචරිත්‍වා පුඤ‍්ඤානි කරොන‍්තානං නාමගොත‍්තං උග‍්ගණ‍්හිත්‍වා ආගච‍්ඡථා”ති. තෙ ගන‍්ත්‍වා අත‍්තනො පරිචාරකෙ පෙසෙන‍්ති – “ගච‍්ඡථ, තාතා, මනුස‍්සලොකං විචරිත්‍වා පුඤ‍්ඤකාරකානං නාමගොත‍්තානි සුවණ‍්ණපට‍්ටෙ ලිඛිත්‍වා ආනෙථා”ති. තෙ තථා කරොන‍්ති. තෙන වුත‍්තං – “ඉමං ලොකං අනුවිචරන‍්තී”ති. කච‍්චි බහූතිආදි තෙසං උපපරික‍්ඛාකාරදස‍්සනත්‍ථං වුත‍්තං. එවං උපපරික‍්ඛන‍්තා හි තෙ අනුවිචරන‍්ති. තත්‍ථ උපොසථං උපවසන‍්තීති මාසස‍්ස අට‍්ඨවාරෙ උපොසථඞ‍්ගානි අධිට‍්ඨහන‍්ති. පටිජාගරොන‍්තීති පටිජාගරඋපොසථකම‍්මං නාම කරොන‍්ති. තං කරොන‍්තා එකස‍්මිං අද‍්ධමාසෙ චතුන‍්නං උපොසථදිවසානං පච‍්චුග‍්ගමනානුග‍්ගමනවසෙන කරොන‍්ති. පඤ‍්චමීඋපොසථං පච‍්චුග‍්ගච‍්ඡන‍්තා චතුත්‍ථියං උපොසථිකා හොන‍්ති, අනුගච‍්ඡන‍්තා ඡට‍්ඨියං. අට‍්ඨමීඋපොසථං පච‍්චුග‍්ගච‍්ඡන‍්තා සත‍්තමියං, අනුගච‍්ඡන‍්තා නවමියං. චාතුද‍්දසිං පච‍්චුග‍්ගච‍්ඡන‍්තා තෙරසියං, පන‍්නරසීඋපොසථං අනුගච‍්ඡන‍්තා පාටිපදෙ උපොසථිකා හොන‍්ති. පුඤ‍්ඤානි කරොන‍්තීති සරණගමනනිච‍්චසීලපුප‍්ඵපූජාධම‍්මස‍්සවනපදීපසහස‍්සආරොපනවිහාරකරණාදීනි නානප‍්පකාරානි පුඤ‍්ඤානි කරොන‍්ති. තෙ එවං අනුවිචරිත්‍වා පුඤ‍්ඤකම‍්මකාරකානං නාමගොත‍්තානි සොවණ‍්ණමයෙ පට‍්ටෙ ලිඛිත්‍වා ආහරිත්‍වා චතුන‍්නං මහාරාජානං දෙන‍්ති. පුත‍්තා ඉමං ලොකං අනුවිචරන‍්තීති චතූහි මහාරාජෙහි පුරිමනයෙනෙව පහිතත‍්තා අනුවිචරන‍්ති. තදහූති තංදිවසං. උපොසථෙති උපොසථදිවසෙ.

සත්වැන්නෙහි අමච්චා පාරිසජ්ජා යනු සේවක දෙවිවරුයි. ඉමං ලොකං අනුවිචරන්ති යනු අට්ඨමි දිනයෙහි සක්දෙවිරජතෙමේ සතර (වරම්) මහරජදරුවන්ට අණකරයි. ‘දරුවනි, අද අට්ඨමි දිනයයි. මිනිස්ලොව හැසිර පින් කරන්නන්ගේ නම් ගොත් උගෙන එවු’ යනුවෙනි. ඔවුහු ගොස් තමන්ගේ සේවකයන්, ‘දරුවනි, මිනිස් ලොවෙහි හැසිර පින් කරන්නන්ගේ නම්ගොත් රන්පටක ලියා ගෙනෙවු’යයි පවසා පිටත්කොටහරිත්, ඔවුහු එසේ කරත්. එහෙයින් මෙලොව විමසාබලත්යයි කියනලදි. කච්චි බහු යනාදිය ඔවුන්ට පරීක්‍ෂාකර බැලීමේ ආකාරය දැක්වීම සඳහා කියනලදි. මෙසේ පරීක්‍ෂාකරමින් ඔවුහු හැසිරෙත්. එහි උපොසථං උපවසන්ති යනු මසකට අටවරක් උපොෂථාංග අදිටත්. පටිජාගරොන්ති යනු පටිජාගර උපොෂථ නම්වූ කර්‍මයක් කරති. එය කරන්නාහු එක් අඩමසෙක පෙහෙස් දින සතරට පෙරගමන් අනුගමන්වශයෙන් කරත්. පඤ්චමී උපොෂථය පෙරගමන් කරන්නාහු සිවුවැනි දිනයෙහි පෙහෙවස් රකින්නෝවෙත්. අට්ඨමී උපොෂථය පෙරගමන් කරන්නහු සත්වැනි දිනයද අනුගමන් කරන්නාහු නවවැනි දිනයද පෙහෙවස් රකින්නෝවෙත්. තුදුස්වක් පොහොය පෙරගමන් කරන්නාහු තෙළෙස්වකද පසළොස් වක් පොහොය අනුගමන් කරන්නාහු පෑළවියෙහිද පෙහෙවස් රකින්නෝවෙත්. පුඤ්ඤානි කරොන්ති යනු සරණයාම, නිතිසිල් ගැනීම, මල්පූජා, බණඇසීම, පහන්දහස් ගණන් තැබීම, වෙහෙරකරවීම ආදී නොයෙක් ආකාර පින්කරත්. ඔවුහු මෙසේ හැසිර පින්කම් කරන්නවුන්ගේ නම්ගොත් රන්මුවා පටක ලියා ගෙනගොස් සතර මහ රජවරුන්ට දෙත්. පුත්තා ඉමං ලොකං අනුවිචරන්ති යනු සතර මහ රජුන් විසින් පෙර ක්‍රමයෙන්ම යවනලද බැවින් හැසිරෙති. තදහු යනු එදවසයි. උපොසථෙ යනු පොහොය දිනයෙහියි.

සචෙ, භික‍්ඛවෙ, අප‍්පකා හොන‍්තීති චතුන‍්නං මහාරාජානං අමච‍්චා පාරිසජ‍්ජා තා තා ගාමනිගමරාජධානියො උපසඞ‍්කමන‍්ති, තතො තං උපනිස‍්සාය අධිවත්‍ථා දෙවතා “මහාරාජානං අමච‍්චා ආගතා”ති පණ‍්ණාකාරං ගහෙත්‍වා තෙසං සන‍්තිකං ගච‍්ඡන‍්ති. තෙ පණ‍්ණාකාරං ගහෙත්‍වා “කච‍්චි නු ඛො මාරිසා බහූ මනුස‍්සා මත‍්තෙය්‍යා”ති වුත‍්තනයෙන මනුස‍්සානං පුඤ‍්ඤපටිපත‍්තිං පුච‍්ඡිත්‍වා “ආම, මාරිස, ඉමස‍්මිං ගාමෙ අසුකො ච අසුකො ච පුඤ‍්ඤානි කරොන‍්තී”ති වුත‍්තෙ තෙසං නාමගොත‍්තං ලිඛිත්‍වා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡන‍්ති. අථ චාතුද‍්දසියං චතුන‍්නං මහාරාජානං පුත‍්තාපි තමෙව සුවණ‍්ණපට‍්ටං ගහෙත්‍වා තෙනෙව නයෙන අනුවිචරන‍්තා නාමගොත‍්තානි ලිඛන‍්ති. තදහුපොසථෙ පන‍්නරසෙ චත‍්තාරොපි මහාරාජානො තෙනෙව නයෙන තස‍්මිංයෙව සුවණ‍්ණපට‍්ටෙ නාමගොත‍්තානි ලිඛන‍්ති. තෙ සුවණ‍්ණපට‍්ටපරිමාණෙනෙව – “ඉමස‍්මිං කාලෙ මනුස‍්සා අප‍්පකා, ඉමස‍්මිං කාලෙ බහුකා”ති ජානන‍්ති. තං සන්‍ධාය “සචෙ, භික‍්ඛවෙ, අප‍්පකා හොන‍්ති මනුස‍්සා”තිආදි වුත‍්තං. දෙවානං තාවතිංසානන‍්ති පඨමං අභිනිබ‍්බත‍්තෙ තෙත‍්තිංස දෙවපුත‍්තෙ උපාදාය එවංලද‍්ධනාමානං. තෙසං පන උප‍්පත‍්තිකථා දීඝනිකායෙ සක‍්කපඤ‍්හසුත‍්තවණ‍්ණනාය විත්‍ථාරිතා. තෙනාති තෙන ආරොචනෙන, තෙන වා පුඤ‍්ඤකාරකානං අප‍්පකභාවෙන. දිබ‍්බා වත, භො, කායා පරිහායිස‍්සන‍්තීති නවනවානං දෙවපුත‍්තානං අපාතුභාවෙන දෙවකායා පරිහායිස‍්සන‍්ති, රමණීයං දසයොජනසහස‍්සං දෙවනගරං සුඤ‍්ඤං භවිස‍්සති. පරිපූරිස‍්සන‍්ති අසුරකායාති චත‍්තාරො අපායා පරිපූරිස‍්සන‍්ති. ඉමිනා “මයං පරිපුණ‍්ණෙ දෙවනගරෙ දෙවසඞ‍්ඝමජ‍්ඣෙ නක‍්ඛත‍්තං කීළිතුං න ලභිස‍්සාමා”ති අනත‍්තමනා හොන‍්ති. සුක‍්කපක‍්ඛෙපි ඉමිනාව උපායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

සචෙ භික්‍ඛවෙ අප්පකා හොන්ති යනු සිවුමහරජවරුන්ගේ පරිචාරක ඇමතිවරු ඒ ඒ ගම්නියම්ගම් රජදහන්වලට පැමිණෙත්, ඉක්බිති එය ඇසුරුකොට අධිගෘහිතව සිටින දෙවිවරු මහරජවරුන්ගේ ඇමතිවරු පැමිණියහයි පඬුරු ගෙන ඔවුන් හමුවට යත්. ඔවුහු පඬුරු ගෙන ‘පින්වත්නි, කෙසේද බොහෝ මිනිස්සු මවට හිතවත්වූවහුදැයි කියනලද ක්‍රමයෙන් මිනිසුන්ගේ පුණ්‍ය ප්‍රතිපත්ති විමසා මෙගම අසුවලාද අසුවලාද පින් කරතියි කීකල්හි ඔවුන්ගේ නම්ගොත් ලියා වෙන තැනක යත්. ඉක්බිති තුදුස්වකදී සිවුමහ රජුන්ගේ පුත්‍රයෝද ඒ රන්පටම ගෙන ඒ අයුරින්ම හැසිරෙමින් නම්ගොත් ලියත්. පසළොස්වක් පොහෝ දිනයෙහි සිවුමහරජවරු ඒ අයුරින්ම ඒ රන්පටෙහිම නම්ගොත් ලියත්. ඔවුහු රන්පටේ ප්‍රමාණයෙන්ම ‘මෙකල්හි මිනිස්සු අඩුය. මෙකල්හි මිනිස්සු බොහෝය’යි දැනගනිත්. ඒ සඳහා සචෙ භික්‍ඛවෙ අප්පකා හොන්ති මනුස්සා යනාදිය කියනලදි. දෙවානං තාවතිංසානං යනු පළමුව උපන් තෙතිස් දෙවිපුතුන් නිසා ලද නම් ඇත්තවුන්ගේයි. ඔවුන්ගේ උත්පත්ති කථාව දීඝනිකායෙහි මහාගොවින්‍ද සූත්‍ර වර්‍ණණාවෙහි විස්තර කරනලදි. තෙන යනු ඒ දැන්වීමෙන් හෝ ඒ පින් කරන්නන් අඩු බැවින්ය. දිබ්බා වත හො කායා පරිහායිස්සන්ති යනු අලුත් අලුත් දෙවි පුතුන් නොපහළවීමෙන් දෙවසමූහයා පිරිහෙත්. සිත්කලුවු යොදුන් දහසක් ඇති දිව්‍යනගරය හිස් වන්නේය. පරිපූරිස්සන්ති අසුරකායා යනු සතර අපායයෝ පිරෙත්. මෙසේ අපි පිරිපුන් දෙවිනුවරෙහි දෙවසමූහයා මැද නැකැත් කෙළීමට නොලබන්නමුයි අසතුටු වෙත්. කුශලපක්‍ෂයෙහිද මේ අයුරින්ම අර්‍ත්‍ථය දතයුතුය.

භූතපුබ‍්බං, භික‍්ඛවෙ, සක‍්කො දෙවානමින්‍දොති අත‍්තනො සක‍්කදෙවරාජකාලං සන්‍ධාය කථෙති. එකස‍්ස වා සක‍්කස‍්ස අජ‍්ඣාසයං ගහෙත්‍වා කථෙතීති වුත‍්තං. අනුනයමානොති අනුබොධයමානො. තායං වෙලායන‍්ති තස‍්මිං කාලෙ.

භූතපුබ්බං භික්‍ඛවෙ සක්කො දෙවානමින්‍දො යනු තමාගේ සක්දෙවිරජ කාලයසඳහා පවසයි. එක් ශක්‍රයකුගේ හෝ අදහස ගෙන කියතියි කියනලදි. අනුසඤ්ඤායමානො යනු අවබෝධකරනු ලබන්නේයි. තායං වෙලායං යනු එකල්හියි.

පාටිහාරියපක‍්ඛඤ‍්චාති එත්‍ථ පාටිහාරියපක‍්ඛො නාම අන‍්තොවස‍්සෙ තෙමාසං නිබද‍්ධුපොසථො, තං අසක‍්කොන‍්තස‍්ස ද‍්වින‍්නං පවාරණානං අන‍්තරෙ එකමාසං නිබද‍්ධුපොසථො, තම‍්පි අසක‍්කොන‍්තස‍්ස පඨමපවාරණතො පට‍්ඨාය එකො අද‍්ධමාසො පාටිහාරියපක‍්ඛොයෙව නාම. අට‍්ඨඞ‍්ගසුසමාගතන‍්ති අට‍්ඨහි ගුණඞ‍්ගෙහි සමන‍්නාගතං. යොපිස‍්ස මාදිසො නරොති යොපි සත‍්තො මාදිසො භවෙය්‍ය. සක‍්කොපි කිර වුත‍්තප‍්පකාරස‍්ස උපොසථකම‍්මස‍්ස ගුණං ජානිත්‍වා ද‍්වෙ දෙවලොකසම‍්පත‍්තියො පහාය මාසස‍්ස අට‍්ඨ වාරෙ උපොසථං උපවසති. තස‍්මා එවමාහ. අපරො නයො – යොපිස‍්ස මාදිසො නරොති යොපි සත‍්තො මාදිසො අස‍්ස, මයා පත‍්තං සම‍්පත‍්තිං පාපුණිතුං ඉච‍්ඡෙය්‍යාති අත්‍ථො. සක‍්කා හි එවරූපෙන උපොසථකම‍්මෙන සක‍්කසම‍්පත‍්තිං පාපුණිතුන‍්ති අයමෙත්‍ථ අධිප‍්පායො.

පාටිහාරියපක්‍ඛංච යනු මෙහි පාටිබාරිය පක්‍ඛ නම් ඇතුළු වස තෙමස නිබඳ උපොෂථයයි. එය නොහැකිවන්නාට පවාරණ දෙක අතුරෙහි එක්මසක් නිබඳ පොහොයයි. එයද නොහැකිවන්නාට පළමුපවාරණයෙහි පටන් එක් අඩමසක් පාටිහාරිය පක්‍ෂයයි. අට්ඨඞ්ග සුසුමාගතං යනු ගුණ අටකින් යුක්තවූයි. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මාබඳුවන්නේය. ශක්‍රයා වනාහි කියනලද ආකාරඇති උපොෂථ කර්‍මයෙහි ගුණය දැන දෙදෙව්ලොව සැපත් අත්හැර මාසයට අටවරක් පෙහෙවස් රකියි. එබැවින් මෙසේ කියනලදි. මෙබඳුවූ උපොෂථකර්‍මයෙන් ශක්‍රසම්පත්තියට පැමිණීමට හැක්කේය යන මෙය මෙහි අදහසයි.

වුසිතවාති වුත්‍ථවාසො. කතකරණීයොති චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බකිච‍්චං කත්‍වා ඨිතො. ඔහිතභාරොති ඛන්‍ධභාරකිලෙසභාරඅභිසඞ‍්ඛාරභාරෙ ඔතාරෙත්‍වා ඨිතො. අනුප‍්පත‍්තසදත්‍ථොති සදත්‍ථො වුච‍්චති අරහත‍්තං, තං අනුප‍්පත‍්තො. පරික‍්ඛීණභවසංයොජනොති යෙන සංයොජනෙන බද‍්ධො භවෙසු ආකඩ‍්ඪීයති, තස‍්ස ඛීණත‍්තා පරික‍්ඛීණභවසංයොජනො. සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති හෙතුනා නයෙන කාරණෙන ජානිත්‍වා විමුත‍්තො. කල‍්ලං වචනායාති යුත‍්තං වත‍්තුං.

වුසිතවා යනු විසූවස් ඇත්තේයි. කතකරණීයො යනු සිවුමගෙහි කළයුතුදෙයකොට සිටියේයි. ඔහිතහාරො යනු සකන්‍ධභාර ක්ලෙශභාර අභිසංස්කාරභාරයන මේවා බහා තබා සිටියේයි. අනුප්පත්තසදත්‍ථො යනු රහත්බව සදර්‍ත්‍ථයයි කියනු ලැබේ. එයට පැමිණියේයි. පරික්‍ඛීණ භවසංයෝජනො යනු යම් සංයෝජනයකින් බඳනා ලද්දේ භවයන්හි අදිනු ලැබේද? එය ක්‍ෂයවූබැවින් ක්‍ෂයවූ භවසංයෝජන ඇත්තේයි. සම්මදඤ්ඤා විමුත්තො යනු හේතුවෙන්, ක්‍රමයෙන්, කාරණයෙන් දැන මිදුණේයි. කල්ලං වචනාය යනු කීමට යුතුය.

යොපිස‍්ස මාදිසො නරොති යොපි මාදිසො ඛීණාසවො අස‍්ස, සොපි එවරූපං උපොසථං උපවසෙය්‍යාති උපොසථකම‍්මස‍්ස ගුණං ජානන‍්තො එවං වදෙය්‍ය. අපරො නයො යොපිස‍්ස මාදිසො නරොති යොපි සත‍්තො මාදිසො අස‍්ස, මයා පත‍්තං සම‍්පත‍්තිං පාපුණිතුං ඉච‍්ඡෙය්‍යාති අත්‍ථො. සක‍්කා හි එවරූපෙන උපොසථකම‍්මෙන ඛීණාසවසම‍්පත‍්තිං පාපුණිතුන‍්ති අයමෙත්‍ථ අධිප‍්පායො. අට‍්ඨමං උත‍්තානත්‍ථමෙව.

යොපස්ස මාදිසො නරො යනු යමෙක් මාබඳු ආශ්‍රව ක්‍ෂය කළ කෙනෙක් වේද හෙතෙමේත් මෙබඳුවූ පොහොයක් වෙසෙන්නේයයි උපොෂථ කර්‍මයාගේ ගුණය දනිමින් මෙසේ කියන්නේය. වෙනත් ක්‍රමයක්ද වේ. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මා බඳුවුවෙක් වන්නේද (හෙතෙම) මාලද සැපතට පැමිණීමට කැමැති වන්නේය යන අර්‍ත්‍ථයයි මෙබඳුවූ උපොෂථ කර්‍මයෙන් ක්‍ෂීණාශ්‍රව සම්පත්තියට පැමිණීමටහැකිය යන මෙය මෙහි අදහසයි. අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.