යෙදුමෙන් කියවන්න

3. 1. 4. 6

3. 1. 4. 6.

3. 1. 4. 6.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

36. තීණිමානි භික‍්ඛවෙ දෙවදූතානි. කතමානි තීණි: ඉධ භික‍්ඛවෙ එකච‍්චො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති. සො කායෙන දුච‍්චරිතං චරිත්‍වා, වාචාය දුච‍්චරිතං චරිත්‍වා, මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා නානාබාහාසු ගහෙත්‍වා යමස‍්ස රඤ‍්ඤො දස‍්සෙන‍්ති: ‘අයං දෙව පුරිසො අමත‍්තෙය්‍යො අපෙත‍්තෙය්‍යො අසාමඤ‍්ඤො අබ්‍රහ‍්මඤ‍්ඤො, න කුලෙජෙට‍්ඨාපචායී. ඉමස‍්ස දෙවො දණ‍්ඩං පණෙතූ’ති.

36. මහණෙනි, මේ දේවදූතයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් කයින් දුසිරිත් කරනේය. වචනයෙන් දුසිරිත් කරනේය. සිතින් දුසිරිත් කරනේය. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට පැමිණෙයි. මහණෙනි, යමපල්හු ඔහු වෙන වෙන අත්හි ලා ගෙණ යමරජුට දක්වත්. ‘දේවයන් වහන්ස, මේ පුරුෂ මවට අහිතයෙක, පියාට අහිතයෙක, මහණුනට අහිතයෙක, බමුණනට අහිතයෙක, කුලදෙටුවන් නොපුදන්නෙක. දේවයන් වහන්සේ මුහුට දඬුවම් එළවත්වා’ යී.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ‍්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න‍්ති. සො එවමාහ : ‘නාද‍්දසං භන‍්තෙ’ති.

මහණෙනි, යමරජ ඔහුගෙන් පළමු දේවදූතයා අනුයෝග වතට නඟා විචාරයි. ලබ්ධියෙහි පිහිටුවයි, කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, මිනිසුන් අතුරෙහි පහළ වූ පළමු දේවදූතයා තෝ නොදිටිහි ද?’ හේ මෙසේ කියයි. ‘වහන්ස, නො දිටිමි.’

තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු ඉත්‍ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස‍්සසතිකං වා ජාතියා, ජිණ‍්ණං ගොපානසිවඞ‍්කං භොග‍්ගං දණ‍්ඩපරායණං පවෙධමානං ගච‍්ඡන‍්තං ආතුරං ගතයොබ‍්බනං ඛණ‍්ඩදන‍්තං පලිතකෙසං විලූනං ඛලිතංසිරො වලිතං තිලකාහතගත‍්ත’න‍්ති. සො එවමාහ: ‘අද‍්දසං භන‍්තෙ’ති.

මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි උපතින් අසූවස් ගියා වූ හෝ අනූවස් ගියා වූ හෝ සියවස් ගියා වූ හෝ දිරූ ගොනැස්සක් මෙන් නැමූනා වූ වක් වූ සැරයටිය පිහිට කොට ඇති ව වෙවුළමින් යන්නා වූ ජරායෙන් ආතුර වූ ගිය යොවුන් විය ඇති, කඩදත් ඇති, පැසුනු කෙස් ඇති, මුඩු හිස් ඇති, මට්ටත්තල ඇති, හටගත් රැලි ඇති, තලකැලලින් යුත් සිරුරු ඇති, ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’

තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, තස‍්ස තෙ විඤ‍්ඤුස‍්ස සතො මහල‍්ලකස‍්ස න එතදහොසි: ‘අහම‍්පි ඛොම‍්හි ජරාධම‍්මො ජරං අනතීතො, හන්‍දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක‍්ඛිස‍්සං, භන‍්තෙ. පමාදස‍්සං භන‍්තෙ’ති.

මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තාහට මෙබඳු සිතෙක් නො වී ද? ‘මම ද ජරාව නො ඉක්ම වූයෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් වෙමි. ඉදින් මම කයින් වචසින් මනසින් කලණ දහම් පුරුදු කෙරෙම් නම් මැනවැ’ යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමා වීමි’යී.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග‍්ඝ ත්‍වං අම‍්භො පුරිස, තථා කරිස‍්සන‍්ති යථා තං පමත‍්තං. තං ඛො පනෙතං පාපං කම‍්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං කම‍්මං කතං, ත්‍වඤ‍්ඤෙවෙතස‍්ස විපාකං පටිසංවෙදිස‍්සසී’ති.

ඔහට යමරජ මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි, එම්බා පුරුෂය, එහෙයින් ඒ පමාවූවහුට යම්සේ ද එසේ තට කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසින් නො ම කරණ ලද්දේ ය. පියා විසින් නො ම කරණ ලද්දේ ය. බෑයා විසින් නො ම කරණ ලද්දේ ය. බිහිනිය විසින් නො ම කරණ ලද්දේ ය. සගයහළුවන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. නෑ සහලේ නෑයන් විසිනුදු නො ම කරණ ලද්දේ ය. දෙවියන් විසින් නො ම කරණ ලද්දේ ය. මහණ බමුණන් විසින් නො ම කරණ ලද්දේ ය. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ කර්‍මයාගේ විපාක විඳුව’ යි.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ‍්ජිත්‍වා සමනුගාහිත්‍වා සමනුභාසිත්‍වා, දුතියං දෙවදූතං සමනුයුඤ‍්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු දුතියං දෙවදූතං පාතුභූතන‍්ති?’ සො එවමාහ: ‘නාද‍්දසං භන‍්තෙ’ති. තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු ඉත්‍ථිං වා පුරිසං වා ආබාධිකං දුක‍්ඛිතං බාළ‍්හගිලානං, සකෙ මුත‍්තකරීසෙ පළිපන‍්නං සෙමානං අඤ‍්ඤෙහි වුට‍්ඨාපියමානං, අඤ‍්ඤෙහි සංවෙසියමානන‍්ති?’ සො එවමාහ: ‘අද‍්දසං, භන‍්තෙ’ති.

මහණෙනි, යමරජ ප්‍රථම දේවදූතයා අනුයෝගවතට නංවා ලබ්ධියෙහි පිහිටුවා කරුණු ගන්වා, කරුණු විචාරා, දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ දෙවන දේවදූතයා නො දිටිහි ද?’ හේ මෙසේ කියි: ‘වහන්ස, නො දිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි රෝගාතුර වූ දුකට පත් වූ හෝ දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා මෙරමා විසින් නගාසිටුවනු ලබන්නා වූ මෙරමා විසින් හොවනු ලබන්නා වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි ද?’ හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි.’

තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: අම‍්භො පුරිස, තස‍්ස තෙ විඤ‍්ඤුස‍්ස සතො මහල‍්ලකස‍්ස න එතදහොසි: අහම‍්පි ඛොම‍්හි ව්‍යාධිධම‍්මො ව්‍යාධිං අනතීතො, හන්‍දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසාති. සො එවමාහ: නාසක‍්ඛිස‍්සං භන‍්තෙ. පමාදස‍්සං භන‍්තෙති.

මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම ඒ තට මේ සිත නො වී ද?’ ‘මම ද ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’යී.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග‍්ඝ ත්‍වං අම‍්භො පුරිස, තථා කරිස‍්සන‍්ති යථා තං පමත‍්තං; තං ඛො පනෙතං පාපං කම‍්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං කම‍්මං කතං. ත්‍වඤ‍්ඤෙවෙතස‍්ස විපාකං පටිසංවෙදිස‍්සසී’ති.

මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවකුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. මේ පව්කම් වනාහි මව විසිනිදු නො ම කරණ ලද. පියා විසිනිදු නො ම කරණ ලද. බෑයා විසිනිදු නො ම කරණ ලද. බුන් විසිනිදු නො ම කරණ ලද. යහළුවන් විසිනිදු නො ම කරණ ලද. නෑ සහලේනෑයන් විසිනිදු නො ම කරණ ලද. දෙවියන් විසිනිදු නො ම කරණ ලද. මහණ බමුණන් විසිනිදු නො ම කරණ ලද. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. මේ පාපකර්‍මයාගේ විපාක තෝ ම විඳුනෙහිය’යී.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ‍්ජිත්‍වා සමනුගාහිත්‍වා සමනුභාසිත්‍වා, තතියං දෙවදූතං සමනුයුඤ‍්ජති සමනුගාහති සමනුභාසති: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු තතියං දෙවදූතං පාතුභූතන‍්ති?’ සො එවමාහ: ‘නාද‍්දසං, භන‍්තෙ’ති. තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, න ත්‍වං අද‍්දස මනුස‍්සෙසු ඉත්‍ථිං වා පුරිසං වා එකාහමතං වා ද‍්වීහමතං වා තීහමතං වා උද‍්ධුමාතකං විනීලකං විපුබ‍්බකජාතන‍්ති? සො එවමාහ: ‘අද‍්දසං, භන‍්තෙ’ති. තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, තස‍්ස තෙ විඤ‍්ඤුස‍්ස සතො මහල‍්ලකස‍්ස න එතදහොසි: ‘අහම‍්පි ඛොම‍්හි මරණධම‍්මො, මරණං අනතීතො, හන්‍දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක‍්ඛිස‍්සං භන‍්තෙ. පමාදස‍්සං භන‍්තෙ’ති. තමෙනං භික‍්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම‍්භො පුරිස, පමාදවතාය න කල්‍යාණමකාසි කායෙන වාචාය මනසා. තග‍්ඝ ත්‍වං අම‍්භො පුරිස, තථා කරිස‍්සන‍්ති යථා තං පමත‍්තං. තං ඛො පනෙතං පාපං කම‍්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත‍්තාමච‍්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්‍රාහ‍්මණෙහි කතං. අථ ඛො තයා වෙතං පාපං කම‍්මං කතං. ත්‍වඤ‍්ඤෙවෙතස‍්ස විපාකං පටිසංවෙදිස‍්සසී’ති.

මහණෙනි, යමරජ දෙවන දේවදූතයා අනුයෝගවතට නංවා කරුණු ගන්වා, කරුණු විචාරා, තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරයි, කරුණු ගන්වයි, කරුණු විචාරායි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි පහළ වූ තෙවන දේවදූතයා නොදිටිහිදැ’ යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නොදිටිමි’යි. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් අතුරෙහි මළගිය එක් දවසක් ඇත්තා වූ හෝ මළගිය දෙදවසක් ඇත්තා වූ හෝ මළගිය තෙදිනක් ඇත්තා වූ හෝ ඉදිමුනු වෙසෙසින් නිල්වන් වූ පූයා වෑහෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු, නොදිටිහි දැ’යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි. ‘එම්බා පුරුෂය, මහලු වූ නුවණැත්තා වූ ම තට මේ සිත නො වී ද?’ ‘මම ද මරණය නො ඉක්මවූයෙම්, මරණය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එබැවින් මම කයින් වචසින් මනසින් කුසල් දහම් කෙරෙමි’යි. හෙතෙම මෙසේ කියයි: ‘වහන්ස, නො හැකිවීමි. වහන්ස, පමාවීමි’. මහණෙනි, යමරජ තුලුන්ට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමාවත්වන බැවින් කයින් වචසින් මනසින් කුසල් දහම් නො කෙළෙහි ය. එම්බා පුරුෂය, ඒ පමාවූවහුට කරන්නාක් සෙයින් තට ද කරන්නාහ. ඒ මේ පාපකර්‍මය වනාහි මව විසිනිදු නොකරණ ලදී. පියා විසිනිදු නො කරණ ලදී. බෑයා විසිනිදු නො කරණ ලදී. ුන් විසිනිදු නො කරණ ලදී. සගයහළුවන් විසිනිදු නො කරණ ලදී. නෑ සහලේනෑයන් විසිනිදු නො කරණ ලදී. දෙවියන් විසිනිදු නො කරණ ලදී. මහණ බමුණන් විසිනිදු නො කරණ ලදී. වැලිදු තා විසින් ම මේ පාපකර්‍මය කරණ ලදී. තෝ ම මේ පාපකර්‍මයාගේ විපාක විඳුනෙහිය’ යි.

තමෙනං භික‍්ඛවෙ යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ‍්ජිත්‍වා සමනුගාහිත්‍වා සමනුභාසිත්‍වා තුණ‍්හී හොති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා පඤ‍්චවිධබන්‍ධනං නාම කාරණං කරොන‍්ති. තත‍්තං අයොඛිලං හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛිලං දුතියස‍්මිං හත්‍ථෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛිලං පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛිලං දුතියස‍්මිං පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛිලං මජ‍්ඣෙ උරස‍්මිං ගමෙන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිබ‍්බා කටුකා වෙදනා වෙදියති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති.

මහණෙනි, යමරජ තෙල තෙවන දේවදූතයා අනුයෝගවතට නංවා විචාරා කරුණු ගන්වා කරුණු කියා තුෂ්ණිම්භූත වෙයි. මහණෙනි, යමපල්ලෝ ඔහුට පඤ්චවිධබන්‍ධන නම් කම් කටොලු කරත්: රත්කළ යහුලක් දකුණතෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) අතෙහි ගසත්. රත්කළ යහුලක් දකුණු පයෙහි ගසත්. රත්කළ යහුලක් දෙවෙනි (වම්) පාහි ගසත්. රත්කළ යහුලක් ලමැද ගසත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි.

තමෙනං භික‍්ඛවෙ නිරයපාලා සංවෙසෙත්‍වා කුඨාරීහි තච‍්ඡන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ඨපෙත්‍වා වාසීහි තච‍්ඡන‍්ති -පෙ- තමෙනං භික‍්ඛවෙ නිරයපාලා රථෙ යොජෙත්‍වා ආදිත‍්තාය භූමියා සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය සාරෙන‍්තිපි පච‍්චාසාරෙන‍්තිපි -පෙ- තමෙනං භික‍්ඛවෙ නිරයපාලා මහන‍්තං අඞ‍්ගාරපබ‍්බතං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආරොපෙන‍්තිපි ඔරොපෙන‍්තිපි. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය ලොහකුම‍්භියා පක‍්ඛිපන‍්ති, ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චති. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡති, සකිම‍්පි අධො ගච‍්ඡති, සකිම‍්පි තිරියං ගච‍්ඡති. සො තත්‍ථ දුක‍්ඛා තිබ‍්බා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. සො ඛො පන භික‍්ඛවෙ මහානිරයො –:

මහණෙනි, යමපල්හු තුලුන් හොවාපියා කෙටේරියෙන් සසිත්. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳුනේයි. ඒ පාපකර්‍මය නොගෙවෙනා තාක් හේ කලුරිය නො කරයි. යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා වෑයෙන් සසිත් ... මහණෙනි, යමපල්හු තුලුන් රියෙහි යොදා ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත බිම්හි ඔබ මොබ ඇවිදුවත් ... මහණෙනි, යමපල්හු තුලුන් ගිනි ගෙණ දිලියෙන ගිනිදැල් සහිත මහඅඟුරුපව්වකට නංවත් , බස්වත් ... මහණෙනි යමපල්හු තුලුන් පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ රත් වූ ඇවිලගත් ගිනිදැල් සහිත ලෝකුඹුයෙහි බහත්. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙයි. හේ එහි පෙණ බඳු දේහ ඇතිව පැසෙනුයේ වරක් උඩට මතු වෙයි. වරක් යටට බසියි. වරක් සරසට ද යෙයි. හේ එහි දුක් වූ තීව්‍ර වූ කටුක වූ වේදනා විඳියි. ඒ පව්කම් නො ගෙවෙනා තාක් කලුරිය නො කරයි. යමපල්හු තුලුන් ගෙණ මහානිරයෙහි බහත්. මහණෙනි, ඒ මහානිරය වනාහි:

26. චතුක‍්කණ‍්ණො චතුද‍්වාරො විභත‍්තො භාගසො මිතො, අයොපාකාරපරියන‍්තො අයසා පටිකුජ‍්ජිතො.

26. සිවුකොන් ඇත්තේ ය, සිවුදොරටු ඇත්තේ ය, කොටස් කොට මැන බෙදන ලද්දේ ය, යපවුරින් පිරිසිඳුනා ලද්දේ ය, යපටින් වසන ලද්දේ ය.

27. තස‍්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා’ති.

27. එහි බිම යමුවා ය, දිලින, ගිනිදැලින් මුසු වෙයි. හාත්පස යොදුන් සියක් පුරා හැමකල්හි පැතිර සිටුනේය.

භූතපුබ‍්බං භික‍්ඛවෙ යමස‍්ස රඤ‍්ඤො එතදහොසි: ‘යෙ කිර භො, ලොකෙ පාපකානි කම‍්මානි කරොන‍්ති, තෙ එවරූපා විවිධා කම‍්මකාරණා කරීයන‍්ති. අහො වතාහං මනුස‍්සත‍්තං ලභෙය්‍යං, තථාගතො ච ලොකෙ උප‍්පජ‍්ජෙය්‍ය අරහං සම‍්මාසම‍්බුද‍්ධො, තං චාහං භගවන‍්තං පයිරුපාසෙය්‍යං. සො ච මෙ භගවා ධම‍්මං දෙසෙය්‍ය, තස‍්ස චාහං භගවතො ධම‍්මං ආජානෙය්‍යන‍්ති. තං ඛො පනාහං භික‍්ඛවෙ න අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා සුත්‍වා එවං වදාමි. අපි ච ඛො භික‍්ඛවෙ යදෙව මෙ සාමඤ‍්ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං, තදෙවාහං වදාමීති.

මහණෙනි, වූ විරීයෙකි: යමරජුට මෙබඳු සිතෙක් විය: ‘භවත්නි, ලොව්හි යම් කෙනෙක් පව්කම් කෙරෙත් ද, ඔවුහු මෙබඳු වූ නන් කම්කටොලු කරවනු ලබත්. අහෝ! ඉදින් මම මිනිසත්බවක් ලබම් නම්, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් ලොව උපදින සේක් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නෙම් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ ද මට දහම් දෙසන සේක් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය මම දැනගන්නෙම් නම්, ඉතා මැනැවැ’යි. මහණෙනි, ඒ වනාහි මම අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා මෙසේ නො කියමි. මහණෙනි, වැලිදු යමක් මා විසින් තමා විසින් ම දැනගන්නා ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම ප්‍රකට කොට දැනගන්නා ලදද, එය මම ම කියමි.

28. චොදිතා දෙවදූතෙහි යෙ පමජ‍්ජන‍්ති මානවා, තෙ දීඝරත‍්තං සොචන‍්ති හීනකායූපගා නරා.

28. දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් මිනිස් කෙනෙක් පමා වෙත් ද, හීන වූ අත්බැව් ලැබූ ඒ මිනිස්සු බොහෝ කලක් සොවිත්.

29. යෙ ච ඛො දෙවදූතෙහි සන‍්තො සප‍්පුරිසා ඉධ, චොදිතා නප‍්පමජ‍්ජන‍්ති අරියධම‍්මෙ කුදාචනං.

29. මෙ ලොව්හි දේවදූතයන් විසින් මෙහෙයන ලද යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් ද, (ඔහු) ආර්‍ය්‍යධර්‍මයෙහි කිසි කලෙකත් පමා නො වෙත්.

30. උපාදානෙ භයං දිස‍්වා ජාතිමරණසම‍්භවෙ, අනුපාදා විමුච‍්චන‍්ති ජාතිමරණසඞ‍්ඛයෙ.

30. ජාති මරණ දෙකට කරුණු වූ (පඤ්ච) උපාදානයෙහි බිය දැක (ආත්ම ආත්මීය වශයෙන්) සතර උපාදානයන් නො ගෙණ ජාතිමරණයන්ගේ ක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිමිති කොට මිදෙත්.

31. තෙ ඛොප‍්පමත‍්තා සුඛිතා දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා, සබ‍්බවෙරභයාතීතා සබ‍්බදුක‍්ඛං උපච‍්චගුන‍්ති.

31. මෙ අත්බව්හි ම කෙලෙස් පිරිනිවීමෙන් නිවුනු නොපමා වූ (එහෙයින් ම) සුවපත් වූ ඔහු සියලු වෙරභය ඉක්මවූවාහු සියලු දුක් ඉක්ම ගියාහුය යි.