යෙදුමෙන් කියවන්න

3. 1. 4. 5

3. 1. 4. 5.

3. 1. 4. 5.

35. එකං සමයං භගවා ආළවියං විහරති ගොමග‍්ගෙ සිංසපාවනෙ පණ‍්ණසන්‍ථරෙ. අථ ඛො හත්‍ථකො ආළවකො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො අද‍්දස භගවන‍්තං ගොමග‍්ගෙ සිංසපාවනෙ පණ‍්ණසන්‍ථරෙ නිසින‍්නං. දිස‍්වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො හත්‍ථකො ආළවකො භගවන‍්තං එතදවොච: කච‍්චි භන‍්තෙ භගවා සුඛමසයිත්‍ථාති? එවං කුමාර සුඛමසයිත්‍ථං. යෙ ච පන ලොකෙ සුඛං සෙන‍්ති, අහං තෙසං අඤ‍්ඤතරොති.

35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්රට ගොන්මග ඇට්ටර වෙනෙහි කොළ ඇතිරියෙහි වැඩවසන සේක. එකල්හි හත්‍ථක ආළවක නම් රජපුත් ජඞ්ඝාවිහාරය කොට සක්මන් කරනුයේ ඇවිදිනුයේ ගොන්මග ඇට්ටර වෙන්හි කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස්ව හුන් හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: කිමෙක් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සුවසේ හොත්සේක් ද? කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුන් අතුරෙන් අන්‍යතරයෙක්මි.

සීතා භන‍්තෙ හෙමන‍්තිකා රත‍්ති, අන‍්තරට‍්ඨකො හිමපාතසමයො, ඛරා ගොකණ‍්ටකහතා භූමි, තනුකො පණ‍්ණසන්‍ථරො, විරළානි රුක‍්ඛස‍්ස පත‍්තානි, සීතානි කාසායානි වත්‍ථානි, සීතො ච වෙරම‍්බවාතො වාති. අථ ච පන භගවා එවමාහ: එවං කුමාර සුඛමසයිත්‍ථං; යෙ ච පන ලොකෙ සුඛං සෙන‍්ති, අහං තෙසං අඤ‍්ඤතරොති.

වහන්ස, හේමන්තයට අයත් රැය ශීතය, (නවම් මැදින් දෙමස අගමුල අට දවස) හිම වැටෙන කාලය වේ. බිම රළුය, ගොකුරකටුයෙන් බිඳින. පත් ඇතිරිය තූනීය. ගසේ කොළ ද විරල ය. කසාවත් සිහිලැ. සිහිල් වේරම්බ වාතය ද හමයි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක: ‘කුමාරය, එසේ ය. සුවසේ හොත්මි. ලොව්හි යම් කෙනෙක් සුවසේ හොවිත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි යි.’

තෙන හි කුමාර, තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි; යථා තෙ ඛමෙය්‍ය, තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිම‍්මඤ‍්ඤසි කුමාර? ඉධස‍්ස ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා කූටාගාරං උල‍්ලිත‍්තාවලිත‍්තං නිවාතං ඵුස‍්සිතග‍්ගලං පිහිතවාතපානං; තත්‍රස‍්ස පල‍්ලඞ‍්කො ගොණකත්‍ථතො පටිකත්‍ථතො පටලිකත්‍ථතො කදලිමිගපවර පච‍්චත්‍ථරණො සඋත‍්තරච‍්ඡදො උභතොලොහිතකූපධානො; තෙලප‍්පදීපො චෙත්‍ථ ඣායෙය්‍ය; චතස‍්සො ච පජාපතියො මනාපමනාපෙන පච‍්චුපට‍්ඨිතාස‍්සු; තං කිම‍්මඤ‍්ඤසි කුමාර සුඛං වා සො සයෙය්‍ය, නො වා, කථං වා තෙ එත්‍ථ හොතීති?

කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව. කුමාරය, එය කිමැයි හඟනෙහි ද? මෙ ලොව්හි ගැහැවියකුහට හෝ ගැහැවි පුතකුට හෝ ඇතුළත පිටත අලෙව් දුන් වාතයෙන් තොර වූ වැද්දූ අගුල් ඇති යෙදූ වා කවුළු ඇති කුළුගෙයක් වන්නේ නම්, එහි කළුකොඳු පලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත හිස්දොර හා පාමුල දෙපස රත් කන්වයින් ඇති පලඟෙක් ඇත් නම්, තෙල් පහනෙක් ද එහි දැල්වේ නම්, පාදපරිචාරිකාවෝ සිවුදෙනකුත් මනාප මනාප උපස්ථානයෙන් එළඹ සිටියාහු නම්, කුමාරය, එය කිමැයි සිතයි ද? හෙතෙම සුවසේ හෝනේ හෝ වේ ද? නොහොත් නො වේ ද? මෙහිලා තට කෙබඳු සිතෙක් හෝ වේ දැ”යි?

සුඛං සො භන‍්තෙ සයෙය්‍ය; යෙ ච පන ලොකෙ සුඛං සෙන‍්ති, සො තෙසං අඤ‍්ඤතරොති.

‘වහන්ස, හෙතෙම සැපසේ හෝනේය. ලොව්හි යම් කෙනෙකුන් සුවසේ හොවිත් නම්, හෙතෙම ඔවුනතුරෙන් අන්‍යතරයෙකැ’යි කීය. කුමාරය, එසේ නම් මෙහිලා තා ම පුළුවුස්මි. යම්සේ තට රුස්නේ නම්, එසේ ප්‍රකාශ කරව.

තං කිම‍්මඤ‍්ඤසි කුමාර? අපි නු තස‍්ස ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා උප‍්පජ‍්ජෙය්‍යුං රාගජා පරිළාහා කායිකා වා චෙතසිකා වා, යෙහි සො රාගජෙහි පරිළාහෙහි පරිඩය‍්හමානො දුක‍්ඛං සයෙය්‍යාති? එවං භන‍්තෙ. යෙහි ඛො සො කුමාර, ගහපති වා ගහපතිපුත‍්තො වා රාගජෙහි පරිළාහෙහි පරිඩය‍්හමානො දුක‍්ඛං සයෙය්‍ය, සො රාගො තථාගතස‍්ස පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. තස‍්මාහං සුඛමසයිත්‍ථං. තං කිම‍්මඤ‍්ඤසි කුමාර? අපි නු තස‍්ස ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා උප‍්පජ‍්ජෙය්‍යුං දොසජා පරිළාහා -පෙ- උප‍්පජ‍්ජෙය්‍යුං මොහජා පරිළාහා කායිකා වා චෙතසිකා වා යෙහි සො මොහජෙහි පරිළාහෙහි පරිඩය‍්හමානො දුක‍්ඛං සයෙය්‍යාති? එවං භන‍්තෙ. යෙ හි ඛො සො කුමාර, ගහපති වා ගහපතිපුත‍්තො වා මොහජෙහි පරිළාහෙහි පරිඩය‍්හමානො දුක‍්ඛං සයෙය්‍ය, සො මොහො තථාගතස‍්ස පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. තස‍්මාහං සුඛමසයිත්‍ථං’ති.

‘කුමාරය, ‘එය කිමැ’යි සිතයි ද? රාගයෙන් උපන් යම්බඳු පරිදාහයෙන් දැවෙන හෙතෙම දුකසේ හෝනේ නම්, එබඳු කය පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ රාගයෙන් උපන් පරිදාහයෝ ඒ ගෘහපතියාට හෝ ගෘහපතිපුත්‍රයාට හෝ උපදනාහු ද? ‘වහන්ස, එසේය’. ‘කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍රයා හෝ රාගයෙන් උපන් යම් දැවිල්ලෙකින් හාත්පසින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ රාගය තථාගයන් වහන්සේට ප්‍රහතය, උපුටා හළ මුල් ඇත්තේය, (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. නැවත නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි. ‘කුමාරය, එය කිමැ’යි සිතයි ද? ඒ ගෘහපතියාහට හෝ ගෘහපතිපුත්‍රයාහට හෝ ද්වේෂයෙන් උපන් දැවිලිහි ඉදින් උපදනාහු ද? -පෙ- හෙතෙම යම්බඳු මෝහයෙන් උපන් දැවිල්ලෙන් දැවෙන්නේ දුකසේ හොවී නම්, එබඳු වූ කායික හෝ චෛතසික හෝ මෝහයෙන් උපන් දැවිලිහි උපදින්නාහු ද? ‘වහන්ස, එසේය.’ ‘කුමාරය, ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මෝහයෙන් උපන් යම්බඳු දැවිල්ලෙකින් දැවෙන්නේ දුකසේ හෝනේ නම්, ඒ මෝහය තථාගතයනට ප්‍රහතය. උපුටා හළ මුල් ඇත්තේය. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේය. නැවත නොවැඩීම කරණ ලද්දේය. මතු නූපදනා සැහැවි ඇත්තේය. එහෙයින් මම සුවසේ හොත්මි’යි.

24. සබ‍්බදා වෙ සුඛං සෙති, බ්‍රාහ‍්මණො පරිනිබ‍්බුතො, යො න ලිම‍්පති කාමෙසු සීතිභූතො නිරූපධි.

24. (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවීගිය (කෙලෙස්තැවීම නැති බැවින්) සිහිල් වූ ක්ලේශෝපධීන්ගේ අභාවයෙන් උපධි රහිත වූ යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්හි නො ඇලේ ද, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම හැමකල්හි සැපසේ හොවියි.

25. සබ‍්බා ආසත‍්තියො ඡෙත්‍වා විනෙය්‍ය හදයෙ දරං, උපසන‍්තො සුඛං සෙති සන‍්තිං පප‍්පුය්‍ය චෙතසොති.

25. සියලු තෘෂ්ණාවන් සිඳ සිත්හි ක්ලේශදරථ සංහිඳුවා චිත්තශාන්තියට පැමිණ සංහුන් වූයේ සුවසේ හෝනේය යි.