යෙදුමෙන් කියවන්න

3. 1. 4. 4

3. 1. 4. 4.

3. 1. 4. 4.

34. තීණි’මානි භික‍්ඛවෙ නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි: ලොභො නිදානං කම‍්මානං සමුදයාය, දොසො නිදානං කම‍්මානං සමුදයාය, මොහො නිදානං කම‍්මානං සමුදයාය.

34. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ රැස් කිරීමට මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීමට ලෝභය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට ද්වේෂය කරුණෙකි, කර්‍මයන්ගේ රැස් කිරීමට මෝහය කරුණෙකි.

යං භික‍්ඛවෙ ලොභපකතං කම‍්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්‍ථස‍්ස අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ථ තං කම‍්මං විපච‍්චති. යත්‍ථ තං කම‍්මං විපච‍්චති, තත්‍ථ තස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසංවෙදෙති දිට‍්ඨෙ වා ධම‍්මෙ උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

මහණෙනි, ලෝභයෙන් කරණ ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක කර්‍මවත් ඔහුගේ පස්කඳ පහළ වේ ද, ඒ අත්බැව්හි ඔහුගේ ඒ කර්‍මය විපාක දෙයි. යම් තැනෙක ඒ කර්‍මය විපාක දෙන්නේ වේ ද, ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ දෙවන අත්බැව්හි හෝ අවකාශ ලත් යම් ම අත්බැවෙක හෝ විඳුනේය.

යං භික‍්ඛවෙ දොසපකතං කම‍්මං දොසජං දොසනිදානං දොසසමුදයං, යත්‍ථස‍්ස අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ථ තං කම‍්මං විපච‍්චති. යත්‍ථ තං කම‍්මං විපච‍්චති, තත්‍ථ තස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසංවෙදෙති දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද ද්වේෂයෙන් උපන් ද්වේෂය නිදාන කොට ඇති ද්වේෂය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ පස්කඳ පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, මේ භවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.

යං භික‍්ඛවෙ මොහපකතං කම‍්මං මොහජං මොහනිදානං මොහසමුදයං, යත්‍ථස‍්ස අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ථ තං කම‍්මං විපච‍්චති. යත්‍ථ තං කම‍්මං විපච‍්චති, තත්‍ථ තස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසංවෙදෙති දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.

මහණෙනි, මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ නම්, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේ වෙයි. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන භවයෙහි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍මවිපාකය විඳුනේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ බීජානි අඛණ‍්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි සුඛෙත‍්තෙ සුපරිකම‍්මකතාය භූමියා නික‍්ඛිත‍්තානි, දෙවො ච සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡෙය්‍ය, එවස‍්සු තානි භික‍්ඛවෙ බීජානි වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍යුං. එවමෙව ඛො භික‍්ඛවෙ යං ලොභපකතං කම‍්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්‍ථස‍්ස අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ථ තං කම‍්මං විපච‍්චති. යත්‍ථ තං කම‍්මං විපච‍්චති, තත්‍ථ තස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසංවෙදෙති දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ, වා අපරෙ වා පරියායෙ.

මහණෙනි, යම්සේ නොබුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති සුවයෙන් හොත් මනා කෙතෙක්හි මොනොවට සහට බිම්හි වපුළ බීජකෙනෙක් වෙත් ද, මේඝය ද සම්‍යක් ධාරාව වර්‍ෂණ කෙරේ ද, මහණෙනි, එසේ ඇතිකල්හි ඒ බීජයෝ (අකුර නැඟීමෙන්) වෘද්ධියට (මුල්බැස ගැණීමෙන්) විරූඪියට (පැතිරීමෙන්) වෛපුල්‍යයට යන්නාහ. මහණෙනි, එපරිද්දෙන් ම ලෝභයෙන් කරන ලද ලෝභයෙන් උපන් ලෝභය නිදාන කොට ඇති ලෝභය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය (පස්කඳ) පහළ වේ ද, ඒ අත්බැව්හි ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, තදන්‍යභවයෙක වේවයි, එහි ඒ කර්‍ම විපාකය විඳුනේය.

යං දොසපකතං කම‍්මං -පෙ- යං මොහපකතං කම‍්මං මොහජං මොහනිදානං මොහසමුදයං, යත්‍ථස‍්ස අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ථ තං කම‍්මං විපච‍්චති. යත්‍ථ තං කම‍්මං විපච‍්චති, තත්‍ථ තස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසංවෙදෙති දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි නිදානානි කම‍්මානං සමුදයාය.

ද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... මෝහයෙන් කරණ ලද මෝහයෙන් උපන් මෝහය නිදාන කොට ඇති මෝහය ප්‍රත්‍යය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, යම් තැනෙක ඔහුගේ ආත්මභාවය පහළ වේ ද, එහි ඔහුගේ ඒ කර්‍මය විවස්නේය. යම් තැනෙක ඒ කර්‍මය විවස්නේ වේ ද, ඉහාත්මභාවයෙහි වේවයි, දෙවන අත්බැව්හි වේවයි, එයින් අන් අත්බැවෙක්හි වේවයි එහි ඒ කර්‍මවිපාකය විඳුනේය. මහණෙනි, (වෘත්තගාමී) කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙන වෙති.

තීණිමානි භික‍්ඛවෙ නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි: අලොභො නිදානං කම‍්මානං සමුදයාය, අදොසො නිදානං කම‍්මානං සමුදයාය, අමොහො නිදානං කම‍්මානං සමුදයාය.

මහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක් යත්: වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අලෝභය නිදාන වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අදෝසය නිදානය වේ. වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස අමෝහය නිදානය වේ.

යං භික‍්ඛවෙ අලොභපකතං කම‍්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, ලොභෙ විගතෙ එවං තං කම‍්මං පහීණං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. මුදුන සිඳලූ (තාලවස්තුවක් මෙන්) කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.

යං භික‍්ඛවෙ අදොසපකතං කම‍්මං අදොසජං අදොසනිදානං අදොසසමුදයං, දොසෙ විගතෙ එවං තං කම‍්මං පහීණං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද අද්වේෂයෙන් උපන් අද්වේෂය නිදාන කොට ඇති අද්වේෂය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ද්වේෂය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. මතු නොවැඩීම කරණ ලද්දේ වේ. මතු නූපදනා සැහැවි ඇති වේ.

යං භික‍්ඛවෙ අමොහපකතං කම‍්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, මොහෙ විගතෙ එවං තං කම‍්මං පහීණං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. උපුටා හළ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ බීජානි අඛණ‍්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි. තානි පුරිසො අග‍්ගිනා දහෙය්‍ය. අග‍්ගිනා දහිත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය, නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවස‍්සු තානි භික‍්ඛවෙ බීජානි උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි. එවමෙව ඛො භික‍්ඛවෙ යං අලොභපකතං කම‍්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, ලොභෙ විගතෙ එවං තං කම‍්මං පහීණං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, යම්සේ නො බුන් කුණු නුවූ අව්සුළඟින් නොපහළ ඇදගත් සාරය ඇති, මොනොවට හොත් බිජුවට ඇත් ද, ඒ බිජුවට පුරුෂයෙක් ගින්නෙන් දවන්නේ ද, ගින්නෙන් දවා හළු කරන්නේ ද, හළු කොට මහසුළඟෙහි හෝ පොළාහරණේ ද, සැඩ දියපහර ඇති නදියෙක්හි හෝ උල්පවා හරණේ ද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බිජුවට සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. මත්තෙහි නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, එපරිද්දෙන් ම අලෝභයෙන් කරණ ලද අලෝභයෙන් උපන් අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, ලෝභය පහවූ කල්හි මෙසේ ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳුනා ලද) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ.

යං අදොසපකතං කම‍්මං -පෙ- යං අමොහපකතං කම‍්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, මොහෙ විගතෙ එවං තං කම‍්මං පහීණං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.

අද්වේෂයෙන් කරණ ලද යම් කර්‍මයෙක් වේ ද ... අමෝහයෙන් කරණ ලද අමෝහයෙන් උපන් අමෝහය නිදාන කොට ඇති අමෝහය සමුදය කොට ඇති යම් කර්‍මයෙක් වේ ද, මෝහය පහ වූ කල්හි ඒ කර්‍මය ප්‍රහත වේ. සිඳලූ මුල් ඇති වේ. (මුදුන සිඳලූ) තාලවස්තුවක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවැඩීම කරණ ලද්දේ වේ. නැවත නූපදනා සැහැවි ඇති වේ. මහණෙනි, වෘත්තගාමී කර්‍මයන්ගේ සමුදය පිණිස වූ තුන් නිදානයෝයි.

22. ලොභජං දොසජං චෙව මොහජං චාපවිද‍්දසු, යං තෙන පකතං කම‍්මං අප‍්පං වා යදි වා බහුං, ඉධෙව තං වෙදනීයං වත්‍ථු අඤ‍්ඤං න විජ‍්ජති.

22. අන්‍ධ බාල තෙම ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ ස්වල්ප වූ හෝ බොහෝ වූ යම් කර්‍මයක් කරයි ද, ඔහු විසින් කරණ ලද ඒ කර්‍මය මේ අත්බැව්හි ම වින්ද යුතු වේ. (එහි විපාක දීමට) අන් තැනෙක් නැත.

23. තස‍්මා ලොභං ච දොසං ච මොහජං චාපි විද‍්දසු, විජ‍්ජං උප‍්පාදයං භික‍්ඛු සබ‍්බා දුග‍්ගතියො ජහෙ’ති.

23. එහෙයින් පණ්ඩිත භික්‍ෂු තෙම අර්‍හත්ත්‍වමාර්‍ඥානවිද්‍යාව උපදවන්නේ ලෝභයෙන් උපන් හෝ ද්වේෂයෙන් උපන් හෝ මෝහයෙන් උපන් කර්‍ම ද සියලු දුගතීන් ද දුර ලන්නේ යයි.