4. නිදානසුත්තවණ්ණනා අට්ඨකථා
4. නිදානසුත්තවණ්ණනා
3. 1. 4. 4
චතුත්ථෙ නිදානානීති කාරණානි. කම්මානන්ති වට්ටගාමිකම්මානං. ලොභො නිදානං කම්මානං සමුදයායාති ලුබ්භනපලුබ්භනසභාවො ලොභො වට්ටගාමිකම්මානං සමුදයාය පිණ්ඩකරණත්ථාය නිදානං කාරණං පච්චයොති අත්ථො. දොසොති දුස්සනපදුස්සනසභාවො දොසො. මොහොති මුය්හනපමුය්හනසභාවො මොහො.
සිවුවැන්නෙහි නිදානානි යනු කාරණයෝයි. කම්මානං යනු සංසාරගාමී කර්මයන්ගේයි. ලොභො නිදානං කම්මානං සමුදයාය යනු ඇලෙන පෙළඹෙන ස්වභාවය ඇති ලෝභය සංසාරගාමී කර්මයන්ගේ හටගැනීමට, රැස් කිරීමට නිදානයය, කාරණයය, ප්‍රත්‍යයය යන අර්ත්ථයයි. දොසො යනු කිපීම, ප්රදූෂ්යවීම ස්වභාවයකොටඇති දේවෂයයි. මොහො යනු මුළාවීම වඩාත් මුළාවීම ස්වභාවයකොටඇති මොහයයි.
ලොභපකතන්ති ලොභෙන පකතං, ලොභාභිභූතෙන ලුද්ධෙන හුත්වා කතකම්මන්ති අත්ථො. ලොභතො ජාතන්ති ලොභජං. ලොභො නිදානමස්සාති ලොභනිදානං. ලොභො සමුදයො අස්සාති ලොභසමුදයං. සමුදයොති පච්චයො, ලොභපච්චයන්ති අත්ථො. යත්ථස්ස අත්තභාවො නිබ්බත්තතීති යස්මිං ඨානෙ අස්ස ලොභජකම්මවතො පුග්ගලස්ස අත්තභාවො නිබ්බත්තති, ඛන්ධා පාතුභවන්ති. තත්ථ තං කම්මං විපච්චතීති තෙසු ඛන්ධෙසු තං කම්මං විපච්චති. දිට්ඨෙ වා ධම්මෙතිආදි යස්මා තං කම්මං දිට්ඨධම්මවෙදනීයං වා හොති උපපජ්ජවෙදනීයං වා අපරපරියායවෙදනීයං වා, තස්මා තං පභෙදං දස්සෙතුං වුත්තං. සෙසද්වයෙපි එසෙව නයො.
ලොභපකතං යනු ලෝභයෙන් කරනලද, ලෝභයෙන් මැඬුණු ලෝභියකුවී කරනලද කර්මය යනාර්‍ත්‍ථයි. ලෝභයෙන් හටගත්තේයි ලොභජං නමි. ලොභය මොහුගේ හේතුවයයි ලොභනිදානං නමි. ලෝභය මොහුට හටගැනීම (සමුදය) යි ලොභසමුදයං නමි. සමුදය යනු ප්‍රත්‍යයයි. ලෝභප්රත්යය යනාර්‍ත්‍ථයි. යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති යනු යම් තැනක මේ ලෝභයෙන් හටගත් කර්මය ඇති පුද්ගලයාගේ ආත්මභාවය උපදියි. ස්කන්ධයෝ පහළවෙත්. තත්ථ තං කම්මං විපච්චති යනු ඒ ස්කන්ධයන්හි එම කර්මය පැසවයි. දිට්ඨෙ වා ධම්මෙ යනාදිය යම් හෙයකින් ඒ දිට්ඨධම්මවෙදනීය කර්මයවූයේ හෝ වෙයි. උපපජ්ජවෙදනීයවූයේ වෙයි. අපරාපරියවෙදනීයවූයේ හෝ වෙයි. එහෙයින් ඒ ප්‍රභේදය දැක්වීමට කියනලදි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමයි.
අඛණ්ඩානීති අභින්නානි. අපූතීනීති පූතිභාවෙන අබීජත්තං අප්පත්තානි. අවාතාතපහතානීති න වාතෙන න ච ආතපෙන හතානි. සාරාදානීති ගහිතසාරානි සාරවන්තානි න නිස්සාරානි. සුඛසයිතානීති සන්නිචයභාවෙන සුඛං සයිතානි. සුඛෙත්තෙති මණ්ඩඛෙත්තෙ. සුපරිකම්මකතාය භූමියාති නඞ්ගලකසනෙන චෙව අට්ඨදන්තකෙන ච සුට්ඨු පරිකම්මකතාය ඛෙත්තභූමියා. නික්ඛිත්තානීති ඨපිතානි රොපිතානි. අනුප්පවෙච්ඡෙය්යාති අනුප්පවෙසෙය්ය. වුද්ධින්තිආදීසු උද්ධග්ගමනෙන වුද්ධිං, හෙට්ඨා මූලප්පතිට්ඨානෙන විරූළ්හිං, සමන්තා විත්ථාරිකභාවෙන වෙපුල්ලං.
අඛණ්ඩානි යනු නොබිඳුනාවූයි. අපූතීනි යනු කුණුවීමෙන් අබීජබවට නොපැමිණියාවූයි. අවාතාතපහතානි යනු සුළඟින්ද අවුවෙන්ද නොනැසුණාවූයි. සාරදානී යනු ගන්නාලද සාරයඇති, සරුවූ, නිසරුනොවූයි. සුඛසයිතානි යනු එක්රැස්වීම්බවින් සුවසේ ලැග 457 සිටියාවූයි. සුඛෙත්තෙ යනු සැරසු කෙතෙහියි. සුපරිකම්මකතාය භූමියා යනු නගුලෙන් සෑමෙන්ද පෝරුගෑමෙන්ද මනාව පිළියෙළකරනලද කෙත්බිමෙහිය. නික්ඛිත්තානි යනු තබනලද්දාවූ; සිටුවනලද්දාවූයි. අනුප්පවෙච්ඡෙය්ය යනු නොපිවිස්නේය. වුද්ධිං යනාදියෙහි උඩට මතුවී එමෙන් වැඩීමයි. යට මුල පිහිටීමෙන් වැඩීම විරූළභිං නමි. හාත්පසින් පැතුරුණු බැවින් වෙපුල්ලං නමි.
යං පනෙත්ථ දිට්ඨෙ වා ධම්මෙතිආදි වුත්තං, තත්ථ අසම්මොහත්ථං ඉමස්මිං ඨානෙ කම්මවිභත්ති නාම කථෙතබ්බා. සුත්තන්තිකපරියායෙන හි එකාදස කම්මානි විභත්තානි. සෙය්යථිදං – දිට්ඨධම්මවෙදනීයං උපපජ්ජවෙදනීයං අපරපරියායවෙදනීයං, යග්ගරුකං යබ්බහුලං යදාසන්නං කටත්තා වා පන කම්මං, ජනකං උපත්ථම්භකං උපපීළකං උපඝාතකන්ති. තත්ථ එකජවනවීථියං සත්තසු චිත්තෙසු කුසලා වා අකුසලා වා පඨමජවනචෙතනා දිට්ඨධම්මවෙදනීයකම්මං නාම. තං ඉමස්මිංයෙව අත්තභාවෙ විපාකං දෙති කාකවළියපුණ්ණසෙට්ඨීනං විය කුසලං, නන්දයක්ඛනන්දමාණවකනන්දගොඝාතකකොකාලියසුප්පබුද්ධදෙවදත්තචිඤ්චමාණවිකානං විය ච අකුසලං. තථා අසක්කොන්තං පන අහොසිකම්මං නාම හොති, අවිපාකං සම්පජ්ජති. තං මිගලුද්දකොපමාය සාධෙතබ්බං. යථා හි මිගලුද්දකෙන මිගං දිස්වා ධනුං ආකඩ්ඪිත්වා ඛිත්තො සරො සචෙ න විරජ්ඣති, තං මිගං තත්ථෙව පාතෙති, අථ නං මිගලුද්දකො නිච්චම්මං කත්වා ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා මංසං ආදාය පුත්තදාරං තොසෙන්තො ගච්ඡති. සචෙ පන විරජ්ඣති, මිගො පලායිත්වා පුන තං දිසං න ඔලොකෙති. එවං සම්පදමිදං දට්ඨබ්බං. සරස්ස අවිරජ්ඣිත්වා මිගවිජ්ඣනං විය හි දිට්ඨධම්මවෙදනීයස්ස කම්මස්ස විපාකවාරපටිලාභො, අවිජ්ඣනං විය අවිපාකභාවාය සම්පජ්ජනන්ති.
මෙහි දිට්ඨෙ වා ධම්මෙ යනාදී යමක් කියනලද්දේද එහි නොමුළාවීම සඳහා මෙතැන්හි කර්මවිභක්තිය නමැයි කිවයුතුය. සූත්‍රාන්තික ක්‍රමයෙන් එකොළොස් කර්මයක් බෙදා දක්වා ඇත. කෙසේද යත්? දිට්ඨධම්මවෙදනීය, උපපජ්ජවෙදනීය, අපරාපරියවේදනීය, යග්ගරුක, යබ්බහුල, යදාසන්න, කටත්තාවාපන, ජනක, උපත්ථම්භක, උපපීළක, උපඝාතක යනුවෙනි. එහි එක්ජවනවීථියක සිත්සත අතුරෙන් කුසලවූ හෝ අකුසලවූ හෝ ප්‍රථමජවන චෙතනාව දිට්ඨධම්මවෙදනීය කර්මයනමි. එය මේ අත්බවෙහිම විපාක දෙයි. කුසලය කාකවළිය, පුණ්ණකසිටුවරුනට මෙනි. අකුසලය නන්දයකු, නන්දමානවක, නන්දගොඝාතක, කොකාලිය, සුප්පබුද්ධ, දෙවදත්ත, චිඤ්චිමානවිකාදීන්ට මෙනි. එසේ නොහැකිවන කර්මය අහොසිකර්මය නම්වෙයි. විපාක නොදීමට පැමිණෙයි. එය මුවවැදි උපමාවෙන් දැක්වවියයුතුය. යම්සේ නම් මුවවැද්දෙකු විසින් මුවෙකුදැක දුන්න ඇද නික්මවූ හීය නොවරදියිද ඒමුවා එහිම හෙලයි. ඉක්බිති මුවවැද්දා ඒ මුවා සමගසා කඩකඩ කොට කපා මස් රැගෙන අඹුදරුවන් සතුටුකරමින්යයි. ඉදින් වරදියිද මුවා පළාගොස් යළි එදෙස නොබලයි. මෙය මෙබඳුයයි දැක්විය යුතුය. හීය නොවැරදී මුවාට විදීම මෙන් දිට්ඨධම්මවෙදනීය කර්මයාගේ විපාකවාරය ලැබීමද හීය වැරදී විදීම මෙන් අවිපාකභාවයද එළඹෙයි.
අත්ථසාධිකා පන සත්තමජවනචෙතනා උපපජ්ජවෙදනීයකම්මං නාම. තං අනන්තරෙ අත්තභාවෙ විපාකං දෙති. තං පනෙතං කුසලපක්ඛෙ අට්ඨසමාපත්තිවසෙන, අකුසලපක්ඛෙ පඤ්චානන්තරියකම්මවසෙන වෙදිතබ්බං. තත්ථ අට්ඨසමාපත්තිලාභී එකාය සමාපත්තියා බ්රහ්මලොකෙ නිබ්බත්තති. පඤ්චන්නම්පි ආනන්තරියානං කත්තා එකෙන කම්මෙන නිරයෙ නිබ්බත්තති, සෙසසමාපත්තියො ච කම්මානි ච අහොසිකම්මභාවංයෙව ආපජ්ජන්ති, අවිපාකානි හොන්ති. අයම්පි අත්ථො පුරිමඋපමායයෙව දීපෙතබ්බො.
අර්ත්ථසාධනය කරන්නාවු සත්වැනි ජවන චෙතනාව උපපජ්ජවෙදනීය කර්මය නමි. එය අනතුරු අත්බවෙහි විපාකය දෙයි. එය කුශලපක්‍ෂයෙහි අෂ්ටසමාපත්ති වශයෙන්ද අකුශලපක්ෂයෙහි පංචානන්තර්ය කර්ම වශයෙන්ද දතයුතුය. එහි අෂ්ටසමාපත්තිලාභියා එක් සමවතකින් බඹලොව උපදියි. ආනන්තර්ය පසමකරන්නා එක් කර්මයකින් නිරයෙහි උපදියි. සෙසු සමවත්ද සෙසු කර්මයෝද අහොසිකර්ම බවටම පැමිණෙත්. විපාක නැත්තෝ වෙත්. මේ අර්ත්ථයද පළමු උපමාවෙන්ම ප්‍රකට කළයුතුය.
උභින්නං අන්තරෙ පන පඤ්චජවනචෙතනා අපරපරියායවෙදනීයකම්මං නාම. තං අනාගතෙ යදා ඔකාසං ලභති, තදා විපාකං දෙති. සති සංසාරප්පවත්තියා අහොසිකම්මං නාම න හොති. තං සබ්බං සුනඛලුද්දකෙන දීපෙතබ්බං. යථා හි සුනඛලුද්දකෙන මිගං දිස්වා සුනඛො විස්සජ්ජිතො මිගං අනුබන්‍ධිත්‍වා යස්මිං ඨානෙ පාපුණාති, තස්මිං යෙව ඩංසති; එවමෙවං ඉදං කම්මං යස්මිං ඨානෙ ඔකාසං ලභති, තස්මිංයෙව විපාකං දෙති, තෙන මුත්තො සත්තො නාම නත්ථි.
(ඉහත සඳහන් ජවන) දෙදෙනා අතරෙහි වන ජවන චෙතනා පස අපරාපරියවෙදනීය කර්මය නම්වෙයි. එය අනාගතයෙහි යම් විටෙක ඉඩ ලැබේද එවිට විපාක දෙයි. සසර පැවැත්ම ඇති කල්හි අහෝසි කර්මයක් නම් නොවෙයි. එය බලුවැදි උපමාවෙන් ප්‍රකට කළයුතුය. යම්සේ බලුවැද්දෙකු විසින් මුවෙකු දැක මුදාහළ බල්ලා මුවා ළුහුබැඳ යම් තැනෙක්හි පැමිණෙයිද එහිදීම දෂ්ටකරයි. එසේම මෙම කර්මය යම් තැනක අවකාශ ලබයිද එහිදීම විපාකදෙයි. එයින් මිදුණු සත්වයෙක් නම් නැත.
කුසලාකුසලෙසු පන ගරුකාගරුකෙසු යං ගරුකං හොති, තං යග්ගරුකං නාම. තදෙතං කුසලපක්ඛෙ මහග්ගතකම්මං, අකුසලපක්ඛෙ පඤ්චානන්තරියකම්මං වෙදිතබ්බං. තස්මිං සති සෙසානි කුසලානි වා අකුසලානි වා විපච්චිතුං න සක්කොන්ති, තදෙව දුවිධම්පි පටිසන්ධිං දෙති. යථා හි සාසපප්පමාණාපි සක්ඛරා වා අයගුළිකා වා උදකරහදෙ පක්ඛිත්තා උදකපිට්ඨෙ උප්ලවිතුං න සක්කොති, හෙට්ඨාව පවිසති; එවමෙව කුසලෙපි අකුසලෙපි යං ගරුකං, තදෙව ගණ්හිත්වා ගච්ඡති.
ගරුක අගරුකවූ කුශලාකුශලයන් අතුරෙහි යම් කර්මයක් ගරුක වේද? එය යග්ගරුක නමි. එය කුශලපක්‍ෂයෙහි මහග්ගත කර්මයද අකුශලපක්ෂයෙහි පඤ්ඡානන්තරිය කර්මයද ලෙස දතයුතුය. එය ඇති කල්හි සෙසු කුසල් හෝ අකුසල් හෝ විපාකදීමට නොහැකිවෙයි. ඒ දෙයාකාරවූම යද්ගරුක කර්මය ප්රතිසන්ධිය (ලබා) දෙයි. යම්සේ මෑඇටයක් පමණවූද ගල්කැටයක් හෝ යගුලියක් දියවිලක හෙළුයේ දියමතුපිට ඉල්පීමට නොහැකිවෙයිද යටටම ගිලාබසියිද එසේම කුශලයන්හි හෝ අකුසලයන්හි යමක් ගරුක (බරඇති) වේද එයම ගෙනයෙයි (එයම විපාක දෙයි).
කුසලාකුසලෙසු පන යං බහුලං හොති, තං යබ්බහුලං නාම. තං දීඝරත්තං ලද්ධාසෙවනවසෙන වෙදිතබ්බං. යං වා බලවකුසලකම්මෙසු සොමනස්සකරං, අකුසලකම්මෙසු සන්තාපකරං, එතං යබ්බහුලං නාම. තදෙතං යථා නාම ද්වීසු මල්ලෙසු යුද්ධභූමිං ඔතිණ්ණෙසු යො බලවා, සො ඉතරං පාතෙත්වා ගච්ඡති; එවමෙව ඉතරං දුබ්බලකම්මං අවත්ථරිත්වා යං ආසෙවනවසෙන වා බහුලං, ආසන්නවසෙන වා බලවං, තං විපාකං දෙති, දුට්ඨගාමණිඅභයරඤ්ඤො කම්මං විය.
කුශලාකුශලයන්හි යමක් බහුලවේද එය යබ්බහුල නමි. එය බොහෝකලක් තුළ ලබනලද ඇසුරු කිරීම්වශයෙන් දතයුතුය. බලවත් කුශලකර්මයන්හි යමක් (දිගුකලක්) තැවුල ඇතිකරවන්නේද එය යබ්බහුල නමි. යම්සේ මල්ලවයන් දෙදෙනකු යුදබිමට බටකල්හි යමෙක් බලවත්වේද අනෙකා (බිම) හෙළා යයිද එසේම මේ යබ්බහුල කර්මය ආසේවන (පුරුදුකිරීම්) වශයෙන් බහුලවූයේ හෝ තැවීම් වශයෙන් බලවත්වූයේ හෝ ඉතිරි දුර්වල කර්ම යටපත් කොට විපාක දෙයි. දුට්ඨගාමිණී අභයරජුගේ කර්මය මෙනි.
සො කිර චූළඞ්ගණියයුද්ධෙ පරාජිතො වළවං ආරුය්හ පලායි. තස්ස චූළුපට්ඨාකො තිස්සාමච්චො නාම එකකොව පච්ඡතො අහොසි. සො එකං අටවිං පවිසිත්වා නිසින්නො ජිඝච්ඡාය බාධයමානාය – “භාතික තිස්ස, අතිවිය නො ජිඝච්ඡා බාධති, කිං කරිස්සාමා”ති ආහ. අත්ථි, දෙව, මයා සාටකන්තරෙ ඨපෙත්වා එකං සුවණ්ණසරකභත්තං ආභතන්ති. තෙන හි ආහරාති. සො නීහරිත්වා රඤ්ඤො පුරතො ඨපෙසි. රාජා දිස්වා, “තාත, චත්තාරො කොට්ඨාසෙ කරොහී”ති ආහ. මයං තයො ජනා, කස්මා දෙවො චත්තාරො කොට්ඨාසෙ කාරයතීති? භාතික තිස්ස, යතො පට්ඨාය අහං අත්තානං සරාමි, න මෙ අය්යානං අදත්වා ආහාරො පරිභුත්තපුබ්බො අත්ථි, ස්වාහං අජ්ජපි අදත්වා න පරිභුඤ්ජිස්සාමීති. සො චත්තාරො කොට්ඨාසෙ අකාසි. රාජා “කාලං ඝොසෙහී”ති ආහ. ඡඩ්ඩිතාරඤ්ඤෙ කුතො, අය්යෙ, ලභිස්සාම දෙවාති. “නායං තව භාරො. සචෙ මම සද්ධා අත්ථි, අය්යෙ, ලභිස්සාම, විස්සත්ථො කාලං ඝොසෙහී”ති ආහ. සො “කාලො, භන්තෙ, කාලො, භන්තෙ”ති තික්ඛත්තුං ඝොසෙසි.
හෙතෙම චුල්ලඞගනී යුද්ධයෙහිදී පරාජයවූයේ වෙළඹ මත නැඟී පළා ගියේය. හෙතෙම එක් වනපියසකට පිවිස හුන්නේ කුසගින්නෙන් පෙළෙනවිට, ‘සොයුරු තිස්සය, කුසගින්න අප පෙළයි. කුමක් කරන්නෙමුදැ’යි ඇසීය. ‘දේවයිනි, ඇත! මවිසින් සළුපට අතර තබා රන්බඳුනක බහා එක් බතක් ගෙනෙනලදැ’යි සොයුරා කීය. ‘එසේනම් ගනුව’. හෙතෙම එය ගෙන රජුඉදිරියෙහි තැබීය. රජතෙමේ එය දැක සතර කොටසක් කරන්නැයි පැවසීය. ‘අපි තිදෙනෙකි. කුමක් නිසා දේවයන්වහන්සේ කොටස් සතරක් කරවන්නේද?’ ‘සොයුරු තිස්සය, යම් දිනක සිට මා ගැන මට සිහිකළ හැකිද එදින සිට මවිසින් ආර්ය්යවරුනට (බික්සඟනට) නොදී අහරක් නොවැළඳූවිරූය. මම අදද නොදී නොවළඳන්නෙමි’යි රජතෙමේ කීවේය. හෙතෙම සිවු කොටසක් කළේය. රජතෙමේ කාලඝොෂාකරව’යි පැවසීය. ‘නොසලකාහළ අරණක ආර්‍ය්‍යයන්වහන්සේලා කෙසේ ලබන්නමුද දේවයිනි?’ ‘එය ඔබගේ වැඩක් නොවේ. ඉදින් මට ශ්‍රද්ධාව ඇත්නම් ආර්ය්යවරුන් ලබන්නෙමි. නිසැකව කාලඝොෂා කරව’යි පැවසීය. හෙතෙ ස්වාමීනි (මේ සුදුසු) කාලයයි තෙවරක් ඝෝෂා කළේය.
අථස්ස බොධිමාතුමහාතිස්සත්ථෙරො තං සද්දං දිබ්බාය සොතධාතුයා සුත්වා ‘කත්ථායං සද්දො’ති තං ආවජ්ජෙන්තො “අජ්ජ දුට්ඨගාමණිඅභයමහාරාජා යුද්ධපරාජිතො අටවිං පවිසිත්වා නිසින්නො එකං සරකභත්තං චත්තාරො කොට්ඨාසෙ කාරෙත්වා ‘එකකොව න පරිභුඤ්ජිස්සාමී’ති කාලං ඝොසාපෙසී”ති ඤත්වා “අජ්ජ මයා රඤ්ඤො සඞ්ගහං කාතුං වට්ටතී”ති මනොගතියා ආගන්ත්වා රඤ්ඤො පුරතො අට්ඨාසි. රාජා දිස්වා පසන්නචිත්තො “පස්ස, භාතික, තිස්සා”ති වත්වා ථෙරං වන්දිත්වා “පත්තං, භන්තෙ, දෙථා”ති ආහ. ථෙරො පත්තං නීහරි. රාජා අත්තනො කොට්ඨාසෙන සද්ධිං ථෙරස්ස කොට්ඨාසං පත්තෙ පක්ඛිපිත්වා, “භන්තෙ, ආහාරපරිස්සයො නාම මා කදාචි හොතූ”ති වන්දිත්වා අට්ඨාසි. තිස්සාමච්චොපි “මම අය්යපුත්තෙ පස්සන්තෙ භුඤ්ජිතුං න සක්ඛිස්සාමී”ති අත්තනො කොට්ඨාසං ථෙරස්සෙව පත්තෙ ආකිරි. වළවාපි චින්තෙසි – “මය්හම්පි කොට්ඨාසං ථෙරස්සෙව දාතුං වට්ටතී”ති. රාජා වළවං ඔලොකෙත්වා “අයම්පි අත්තනො කොට්ඨාසං ථෙරස්සෙව පත්තෙ පක්ඛිපනං පච්චාසීසතී”ති ඤත්වා තම්පි තත්ථෙව පක්ඛිපිත්වා ථෙරං වන්දිත්වා උය්යොජෙසි. ථෙරො තං භත්තං ආදාය ගන්ත්වා ආදිතො පට්ඨාය භික්ඛුසඞ්ඝස්ස ආලොපසඞ්ඛෙපෙන අදාසි.
ඉක්බිති බෝධිමාතුමහාතිස්ස තෙරුන්වහන්සේ ඔහුගේ ඒ ශබ්දය දිවකණින් අසා මේ ශබ්දය කොහිදැයි සිහිකරන්නාහු අද දුට්ඨගාමිණී අභය රජතුමා යුදයෙන් පැරදි වනයට පිවිස හුන්නේ එක් සරලුබතක් සිවුකොටසකට බෙදා තනිව නොබුදිමැයි කාලඝෝෂා කරවීයයි දැන අද මවිසින් රජුට සැලකිල්ලක් දැක්වියයුතුය සෘද්ධියෙන් අවුත් රජු ඉදිරියෙහි සිටිසේක. රජතෙමේ (උන්වහන්සේ) දැක පැහැදුණු සිතැත්තේ ‘සොයුරු තිස්ස, බලව’යි පවසා තෙරුන් වැඳ ‘ස්වාමීනි, පාත්‍රය දෙන්නැ’යි කීවේය. තෙරණුවෝ පාත්‍රය දුන්හ. රජතෙමේ තමාගේ කොටස සමඟ තෙරුන්ගේ කොටසද පාත්‍රයෙහි හෙළා ‘ස්වාමීනි, ආහාර දුෂ්කරතාවක් කිසිවිටෙක නොවේවායි වැඳ පාත්‍රය පිළිගැන්වීය. තිස්ස ඇමති තෙමේද මගේ ආර්ය්යපුත්රයා බලාසිටියදී අනුභව කිරීමට නොහැක්කෙමැයි තමාගේ කොටස තෙරුන්ගේ පාත්රයටම හෙළීය. මගේ කොටසත් තෙරුන්ට දීමට වටීයයි වෙළඹද සිතුවාය. රජතෙමේ වෙළඹ දෙසබලා මෝද තම කොටස තෙරුන්ගේ පාත්‍රයෙහි හෙළීම බලාපොරොත්තු වන්නීයයි දැන එයද පාත්‍රයෙහිම හෙළා තෙරුන් වැඳ උන්වහන්සේ පිටත්කරවීය. තෙරණුවෝ ඒ බත රැගෙන ගොස් මුලපටන් භික්ෂුසංඝයාට පිඬුකොට හැකිලීමෙන් දුන්හ.
රාජාපි චින්තෙසි – “අතිවියම්හා ජිඝච්ඡිතා, සාධු වතස්ස සචෙ අතිරෙකභත්තසිත්ථානි පහිණෙය්යා”ති. ථෙරො රඤ්ඤො චිත්තං ඤත්වා අතිරෙකභත්තං එතෙසං යාපනමත්තං කත්වා පත්තං ආකාසෙ ඛිපි, පත්තො ආගන්ත්වා රඤ්ඤො හත්ථෙ පතිට්ඨාසි. භත්තං තිණ්ණම්පි ජනානං යාවදත්ථං අහොසි. අථ රාජා පත්තං ධොවිත්වා “තුච්ඡපත්තං න පෙසිස්සාමී”ති උත්තරිසාටකං මොචෙත්වා උදකං පුඤ්ඡිත්වා සාටකං පත්තෙ ඨපෙත්වා “පත්තො ගන්ත්වා මම අය්යස්ස හත්ථෙ පතිට්ඨාතූ”ති ආකාසෙ ඛිපි. පත්තො ගන්ත්වා ථෙරස්ස හත්ථෙ පතිට්ඨාසි.
රජතෙමේද, අපගේ කුසගින්න බලවත්ය. ඉදින් ඉතිරි බත්තුලු එවන්නේනම් මැනවැයි සිතුවේය. තෙරණුවෝ රජුගේ සිත දැන ඔවුනට යැපීමට පමණක් බත් පාත්‍රයෙහි ඉතිරි කොට එය අහසට දැමූහ. පාත්‍රය අවුත් රජුගේ අතෙහි පිහිටියේය. බත තිදෙනාටම යැපීමට ප්‍රමාණවත් විය. ඉක්බිති රජතෙමේ පාත්‍රය සෝධා හිස් ‘පාත්‍රය නොයවමැයි උතුරුසළුව මුදා දිය පිස සළුව පාත්‍රයෙහි තබා ‘පාත්‍රය ගොස් මගේ ආර්යයන්වහන්සේගේ අතෙහි පිහිටාව’යි සිතා අහසට දැමීය. පාත්‍රය ගොස් තෙරුන්වහන්සේගේ අතෙහි පිහිටියේය.
අපරභාගෙ රඤ්ඤො තථාගතස්ස සරීරධාතූනං අට්ඨමභාගං පතිට්ඨාපෙත්වා වීසරතනසතිකං මහාචෙතියං කාරෙන්තස්ස අපරිනිට්ඨිතෙයෙව චෙතියෙ කාලකිරියාසමයො අනුප්පත්තො. අථස්ස මහාචෙතියස්ස දක්ඛිණපස්සෙ නිපන්නස්ස පඤ්චනිකායවසෙන භික්ඛුසඞ්ඝෙ සජ්ඣායං කරොන්තෙ ඡහි දෙවලොකෙහි ඡ රථා ආගන්ත්වා පුරතො ආකාසෙ අට්ඨංසු. රාජා “පුඤ්ඤපොත්ථකං ආහරථා”ති ආදිතො පට්ඨාය පුඤ්ඤපොත්ථකං වාචාපෙසි. අථ නං කිඤ්චි කම්මං න පරිතොසෙසි. සො “පරතො වාචෙථා”ති ආහ. පොත්ථකවාචකො “චූළඞ්ගණියයුද්ධෙ පරාජිතෙන තෙ දෙව අටවිං පවිසිත්වා නිසින්නෙන එකං සරකභත්තං චත්තාරො කොට්ඨාසෙ කාරෙත්වා බොධිමාතුමහාතිස්සත්ථෙරස්ස භික්ඛා දින්නා”ති ආහ. රාජා “ඨපෙහී”ති වත්වා භික්ඛුසඞ්ඝං පුච්ඡි, “භන්තෙ, කතරො දෙවලොකො රමණීයො”ති? සබ්බබොධිසත්තානං වසනට්ඨානං තුසිතභවනං මහාරාජාති. රාජා කාලං කත්වා තුසිතභවනතො ආගතරථෙව පතිට්ඨාය තුසිතභවනං අගමාසි. ඉදං බලවකම්මස්ස විපාකදානෙ වත්ථු.
මෑතභාගයෙහි තථාගතයන්වහන්සේගේ ශරීරධාතුන්ගෙන් අටෙන් කොටසක් පිහිටුවා එක්සියවිසිරියන් මහසෑය කරවන්නාවූ රජුට සෑය නිමානොවියදීම කළුරිය කිරීමට කාලය එළඹියේය. මහසෑයෙහි දකුණුපසෙහි වැදහොත්තාවූ රජුට භික්ෂුසංඝයා නිකාය පසවශයෙන් සජ්ක්ධායනය කරත්දී සදෙව්ලොවින් රියසයක් පැමිණ ඉදිරි අහසෙහි සිටියේය. රජතෙමේ ‘පින්පොත ගෙන එව’යි ගෙන්වා ගෙන මුලසිට පින්පොත කියවීය. ඉක්බිති කිසිදු පින්කමක් ඔහුගේ සිත සතුටු නොකළේය. රජතෙමේ තවදුරටත් කියවන්නැයි පැවසීය. පොත කියවන්නා, ‘ස්වාමීනි චූළඞගනී යුද්ධයෙන් පැරද වනයට පිවිස හුන්නාවූ ඔබවිසින් එක් සරළුබතක් සිවුකොටසක් කොට බෝධිමාතුමහාතිස්ස, තෙරුනට භික්ෂාව දෙන ලදැ’යි කීවේය. රජතෙමේ නවතුවයි කියා ස්වාමීනි කවර දෙව්ලොවක් සිත්ගන්නාසුලුදැයි භික්ෂුසංඝයාගෙන් විමසීය. ‘මහරජ, සියලු බෝසතුන් වසනතැනවූ තුසිත භවනය’යි සැළ කළහ. රජතෙමේ කළුරිය කොට තුසිතභවනයෙන් පැමිණි රියෙහි පිහිටා තුසිතභවනයට ගියේය. මේ බලවත් කර්මයක විපාකදීමේ කථාවස්තුවයි.
යං පන කුසලාකුසලෙසු ආසන්නමරණෙ අනුස්සරිතුං සක්කොති, තං යදාසන්නං නාම. තදෙතං යථා නාම ගොගණපරිපුණ්ණස්ස වජස්ස ද්වාරෙ විවටෙ පරභාගෙ දම්මගවබලවගවෙසු සන්තෙසුපි යො වජද්වාරස්ස ආසන්නො හොති අන්තමසො දුබ්බලජරග්ගවොපි, සො එව පඨමතරං නික්ඛමති, එවමෙව අඤ්ඤෙසු කුසලාකුසලෙසු සන්තෙසුපි මරණකාලස්ස ආසන්නත්තා විපාකං දෙති.
කුශලාකුශලයන් අතුරෙහි යමක් මරණාසන්නයෙහි සිහිකිරීමට හැකිවෙයිද එය යදාසන්න කර්මය නමි. යම්සේ ගවසමූහයාගෙන් පිරුණු ගවලාලක දොරටුව විවරව තිබීයදී එහි පසු කොටසෙහි හික්මවියයුතු ගවයන් හා ශක්තිමත් ගවයන් ඇතිකල්හිද යම් ගවයෙක් ගාල්දොරටුවට ආසන්නව සිටීද යටත් පිරිසෙයින් දුබලදිරාගිය ගවයෙක්වුවත් ඔහුම පළමුව නික්මෙයිද එසේම මෙම යදාසන්න කර්මය අන්‍ය කුශලාකුශලයන් තිබියදීද මියෙන කාලයට සමීපබැවින් විපාකය දෙයි.
තත්රිමානි වත්ථූනි – මධුඅඞ්ගණගාමෙ කිර එකො දමිළදොවාරිකො පාතොව බළිසං ආදාය ගන්ත්වා මච්ඡෙ වධිත්වා තයො කොට්ඨාසෙ කත්වා එකෙන තණ්ඩුලං ගණ්හාති, එකෙන දධිං, එකං පචති. ඉමිනා නීහාරෙන පඤ්ඤාස වස්සානි පාණාතිපාතකම්මං කත්වා අපරභාගෙ මහල්ලකො අනුට්ඨානසෙය්යං උපගච්ඡති. තස්මිං ඛණෙ ගිරිවිහාරවාසී චූළපිණ්ඩපාතිකතිස්සත්ථෙරො “මා අයං සත්තො මයි පස්සන්තෙ නස්සතූ”ති ගන්ත්වා තස්ස ගෙහද්වාරෙ අට්ඨාසි. අථස්ස භරියා, “සාමි, ථෙරො ආගතො”ති ආරොචෙසි. අහං පඤ්ඤාස වස්සානි ථෙරස්ස සන්තිකං න ගතපුබ්බො, කතරෙන මෙ ගුණෙන ථෙරො ආගමිස්සති, ගච්ඡාති නං වදථාති. සා “අතිච්ඡථ, භන්තෙ”ති ආහ. ථෙරො “උපාසකස්ස කා සරීරප්පවත්තී”ති පුච්ඡි. දුබ්බලො, භන්තෙති. ථෙරො ඝරං පවිසිත්වා සතිං උප්පාදෙත්වා “සීලං ගණ්හිස්සසී”ති ආහ. ආම, භන්තෙ, දෙථාති. ථෙරො තීණි සරණානි දත්වා පඤ්ච සීලානි දාතුං ආරභි. තස්ස පඤ්ච සීලානීති වචනකාලෙයෙව ජිව්හා පපති. ථෙරො “වට්ටිස්සති එත්තක”න්ති නික්ඛමිත්වා ගතො. සොපි කාලං කත්වා චාතුමහාරාජිකභවනෙ නිබ්බත්ති. නිබ්බත්තක්ඛණෙයෙව ච “කිං නු ඛො කම්මං කත්වා මයා ඉදං ලද්ධ”න්ති ආවජ්ජෙන්තො ථෙරං නිස්සාය ලද්ධභාවං ඤත්වා දෙවලොකතො ආගන්ත්වා ථෙරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. “කො එසො”ති ච වුත්තෙ “අහං, භන්තෙ, දමිළදොවාරිකො”ති ආහ. කුහිං නිබ්බත්තොසීති? චාතුමහාරාජිකෙසු, භන්තෙ, සචෙ මෙ අය්යො පඤ්ච සීලානි අදස්ස, උපරි දෙවලොකෙ නිබ්බත්තො අස්සං. අහං කිං කරිස්සාමි, ත්වං ගණ්හිතුං නාසක්ඛි, පුත්තකාති. සො ථෙරං වන්දිත්වා දෙවලොකමෙව ගතො. ඉදං තාව කුසලකම්මෙ වත්ථු.
එහි මේ කථාවස්තුයි. මධුඅඞගන ගමෙහි එක් දමිළ දොරටුපල්ලෙක් උදෑසනින්ම බිලිපිත්ත රැගෙන ගොස් මසුන් මරා කොටස්තුනක්කොට එක්කොටසකින් සහල් මිළදීගනියි. එක්කොටසකින් දීකිරිද ගෙන අනික් කොටස පිසයි. මේ අයුරින් පණස් වසරක් පරපණ නැසීමේ කර්මයකොට පසුකල්හි මහළුව නොනැගිටින නින්දට එළඹියේය. එකෙණෙහි ගිරිවිහාරවාසී චුල්ලපිණ්ඩපාතිය තිස්සතෙරණුවෝ මේ මිනිසා මා බලාසිටියදී නොනැසේවායි ගොස් ඔහුගේ ගෙදොර වැඩසිටියහ. ඉක්බිති ඔහුගේ බිරිඳ තෙරහිමියෝ වැඩියහයි සැළකළාය. ‘මම පණස්වසක් තෙරුන්සමීපයට නොගියවිරීමි. ‘මගේ කවර ගුණයකින් තෙරණුවෝ පැමිණෙන්නෝද උන්වහන්සේට යන්න කියන්නැ’යි පැවසීය ඕතොමෝ ස්වාමීනි ඉවත්ව යනුමැනවැයි කීවාය. තෙරණුවෝ උවසුවාගේ ශාරීරික තත්වය විමසූහ. ‘ස්වාමීනි, දුබලය’යි කීවාය. තෙරණුවෝ ගෙට ගොස් සිහි උපදවා සිල් ගන්නැයි පැවසූහ. ‘මැනවි ස්වාමීනි, සිල් දෙන්නැ’යි කීයේය. තෙරණුවෝ තිසරණයදී පන්සිල්දීමට අරඹූහ. පන්සිල් යන වචනය කියද්දීම ඔහුගේ දිව (අප්‍රාණිකව) වැටිණි. තෙරණුවෝ මෙපමණක් වටීයයි (සිතා) නික්ම ගියහ හෙතෙමේත් කළුරිය කොට චාතුම්මහාරාජික දෙව්ලොව උපන්නේය. උපන්කෙණෙහිම, ‘මවිසින් කවරනම් කර්මයක් කොට මෙය ලබනලදදැයි මෙනෙහිකරන්නේ තෙරුන් නිසා ලදබව දැන දෙව්ලොවින් අවුත් තෙරුන් වැඳ සක්මණෙහි සිටියේය. ‘මේ කවරෙක්දැ’යි ඇසූවිට, ‘මම ස්වාමීනි, දමිළ දොරටුපල්ලා වෙමැ’යි කීය. කොහි උපන්නෙහිද? ‘ස්වාමීනි, චාතුම්මහාරාජිකයෙහිය. ආර්‍ය්‍යයන්වහන්සේ මට ඉදින් පන්සිල් දුන්නේ නම් මතු දෙව්ලොවක උපදින්නේ වන්නෙමි.’ ‘මම කුමක් කරන්නෙම්ද? දරුව නුඹට ගැනීමට නොහැකිවීය’යි හෙතෙම තෙරුන් වැඳ දෙව්ලොවටම ගියේය. මේ වනාහි කුශලකර්මයෙහි කථාවස්තුවයි.
අන්තරගඞ්ගාය පන මහාවාචකාලඋපාසකො නාම අහොසි. සො තිංස වස්සානි සොතාපත්තිමග්ගත්ථාය ද්වත්තිංසාකාරං සජ්ඣායිත්වා “අහං එවං ද්වත්තිංසාකාරං සජ්ඣායන්තො ඔභාසමත්තම්පි නිබ්බත්තෙතුං නාසක්ඛිං, බුද්ධසාසනං අනිය්යානිකං භවිස්සතී”ති දිට්ඨිවිපල්ලාසං පත්වා කාලකිරියං කත්වා මහාගඞ්ගාය නවඋසභිකො සුසුමාරපෙතො හුත්වා නිබ්බත්ති. එකං සමයං කච්ඡකතිත්ථෙන සට්ඨි පාසාණත්ථම්භසකටානි අගමංසු. සො සබ්බෙපි තෙ ගොණෙ ච පාසාණෙ ච ඛාදි. ඉදං අකුසලකම්මෙ වත්ථු.
අන්තර ගංගාවෙහි මහාවාචකාල නම්වූ උවසුවෙක් වූයේය. හෙතෙම තිස්වසක් සෝවාන්මාර්ගය ලැබීම සඳහා ද්විත්තිංසාකාරය (දෙතිස් කුණපභාවනාව) සජ්ක්ධායනයකොට, මම මෙසේ ද්වත්තිංසාකාරය සජ්ක්ධායනය කරමින් ආලෝකමාත්රයක්වත් උපදවන්නට නොහැකිවූයෙමි. බුදුසසුන අනිර්යානික (සසරින් මුදවාලන්නක්) නොවන්නේයයි දෘෂ්ටිවිපර්ය්යාසයට පැමිණ කළුරියකොට මහගඟෙහි නව උසහයක් දිගැති කිඹුල් ප්රේතයෙක්වී උපන්නේය. එක් කලෙක කච්ඡක තොටුපලෙන් ගල්කණු (පැටවූ) ගැල් සැටක් ගියේය. ඒ ප්‍රේතයා ඒ සියලු ගොනුන්ද ගල්කණුද කෑවේය. මේ අකුශලකර්මය පිළිබඳ කථාවස්තුවයි.
එතෙහි පන තීහි මුත්තං අඤ්ඤාණවසෙන කතං කටත්තා වා පන කම්මං නාම. තං යථා නාම උම්මත්තකෙන ඛිත්තදණ්ඩං යත්ථ වා තත්ථ වා ගච්ඡති, එවමෙව තෙසං අභාවෙ යත්ථ කත්ථචි විපාකං දෙති.
මේ කර්මතුනෙන් මිදුණු නොදැනීම්වශයෙන් කළ කර්මය කටත්තාවාපන කර්මය නමි. එය උමතුවූවකු විසින් විසිකළ හීයක් (ඉලක්කයක් නැතිව) ඔබිමොබ යන්නාක් මෙන් යථොක්ත කර්ම නොමැති කල යම් කිසිතැනක විපාක දෙයි.
ජනකං නාම එකං පටිසන්ධිං ජනෙත්වා පවත්තිං න ජනෙති, පවත්තෙ අඤ්ඤං කම්මං විපාකං නිබ්බත්තෙති. යථා හි මාතා ජනෙතියෙව, ධාතියෙව පන ජග්ගති; එවමෙවං මාතා විය පටිසන්ධිනිබ්බත්තකං ජනකකම්මං, ධාති විය පවත්තෙ සම්පත්තකම්මං. උපත්ථම්භකං නාම කුසලෙපි ලබ්භති අකුසලෙපි. එකච්චො හි කුසලං කත්වා සුගතිභවෙ නිබ්බත්තති. සො තත්ථ ඨිතො පුනප්පුනං කුසලං කත්වා තං කම්මං උපත්ථම්භෙත්වා අනෙකානි වස්සසතසහස්සානි සුගතිභවස්මිංයෙව විචරති. එකච්චො අකුසලං කත්වා දුග්ගතිභවෙ නිබ්බත්තති. සො තත්ථ ඨිතො පුනප්පුනං අකුසලං කත්වා තං කම්මං උපත්ථම්භෙත්වා බහූනි වස්සසතසහස්සානි දුග්ගතිභවස්මිංයෙව විචරති.
ජනක කර්මය එක් ප්‍රතිසන්ධියක් උපදවා ප්‍රවෘත්තිය (පැවැත්ම) නොදනවයි. ප්‍රවෘත්තියෙහි වෙනත් කර්මයක් විපාකය උපදවයි. යම්සේ මව උපදවන්නීද කිරීමව පෝෂණය කරන්නීද එසේම ප්රතිසන්ධිය උපදවන්නාවූ ජනක කර්මය මව වැනිය. ප්‍රවෘත්තියෙහි පැමිණි කර්මය කිරීමව වැනිය. උපස්ථම්භක කර්මය කුශලයෙහිද අකුශලයෙහිද ලබයි. ඇතමෙක් කුසල් කොට සුගතිභවයක උපදිත්, එහි සිටියාහු යළියළිත් කුසල්කොට ඒ කර්මයට උදව්දී නොයෙක් ලක්ෂගණන් අවුරුදු සුගතිභවයෙහිම හැසිරෙත්. ඇතමෙක් අකුසලයක් කොට දුර්ගති භවයක උපදිත්, ඔවුහු එහි සිටියාහු නැවතනැවතත් අකුසල් කොට ඒ (ජනක) කර්මයට රුකුල්දී බොහෝ අවුරුදු ලක්ෂගණන් දුර්ගති භවයෙහිම හැසිරෙත්.
අපරො නයො – ජනකං නාම කුසලම්පි හොති අකුසලම්පි. තං පටිසන්ධියම්පි පවත්තෙපි රූපාරූපවිපාකක්ඛන්ධෙ ජනෙති. උපත්ථම්භකං පන විපාකං ජනෙතුං න සක්කොති, අඤ්ඤෙන කම්මෙන දින්නාය පටිසන්ධියා ජනිතෙ විපාකෙ උප්පජ්ජනකසුඛදුක්ඛං උපත්ථම්භෙති, අද්ධානං පවත්තෙති. උපපීළකං නාම අඤ්ඤෙන කම්මෙන දින්නාය පටිසන්ධියා ජනිතෙ විපාකෙ උප්පජ්ජනකසුඛදුක්ඛං පීළෙති බාධෙති, අද්ධානං පවත්තිතුං න දෙති. තත්රායං නයො – කුසලකම්මෙ විපච්චමානෙ අකුසලකම්මං උපපීළකං හුත්වා තස්ස විපච්චිතුං න දෙති. අකුසලකම්මෙ විපච්චමානෙ කුසලකම්මං උපපීළකං හුත්වා තස්ස විපච්චිතුං න දෙති. යථා වඩ්ඪමානකං රුක්ඛං වා ගච්ඡං වා ලතං වා කොචිදෙව දණ්ඩෙන වා සත්ථෙන වා භින්දෙය්ය වා ඡින්දෙය්ය වා, අථ සො රුක්ඛො වා ගච්ඡො වා ලතා වා වඩ්ඪිතුං න සක්කුණෙය්ය; එවමෙවං කුසලං විපච්චමානං අකුසලෙන උපපීළිතං, අකුසලං වා පන විපච්චමානං කුසලෙන උපපීළිතං විපච්චිතුං න සක්කොති. තත්ථ සුනක්ඛත්තස්ස අකුසලකම්මං කුසලං උපපීළෙසි, චොරඝාතකස්ස කුසලකම්මං අකුසලං උපපීළෙසි.
වෙනත් ක්රමයක්ද වෙයි: ජනක කර්මය නම් කුශලයක් හෝ අකුශලයක් වෙයි. එය ප්රතිසන්ධියෙහිද ජීවිත ප්‍රවෘත්තියෙහිද රූපාරූපවිපාකස්කන්ධයන් උපදවයි. උපත්ථම්භක කර්මය වනාහි විපාක දැනවීමට අපොහොසත්වෙයි. වෙනත් කර්මයකින් දුන් ප්රතිසන්ධියෙන් විපාකය දැනවූ කල්හි උපදවන සුවදුක්වලට රුකුල් දෙයි. බොහෝ කලක් පවත්වයි. උපපීළක කර්මය වනාහි වෙනත් කර්මයකින් දෙනලද ප්රතිසන්ධියෙන් විපාකය දැනවු කල්හි උපදින සුවදුක් පෙළයි. බාධාකරයි දිගුකලක් පැවතීමට නොදෙයි. මේ එහි ක්‍රමයයි, කුශල කර්මය විපාක දෙනකල්හි අකුශලකර්මය උපපීඩකයක් වී කුශලකර්මයට විපාකදීමට ඉඩ නොදෙයි. අකුශල කර්මය විපාක දෙනකල්හි කුශල කර්මය උපපීඩකයක් (පෙළන්නෙකු) වී එයට විපාකදීමට ඉඩ නොදෙයි. වැඩෙන ගසක් හෝ පදුරක් හෝ වැලක් හෝ කිසිවෙක් දණ්ඩෙන් හෝ අවියෙන් හෝ සිඳින්නේ හෝ බිඳින්නේ නම් ඉක්බිති ඒ ගස හෝ පදුර හෝ වැල හෝ වැඩීමට නොහැකි වන්නේ යම්සේද එසේ විපාක දෙනුලබන කුසලය අකුසලය විසින් පෙළනලද්දේ හෝ විපාකදීමට නොහැකි වන්නේය. එහි සුනක්ඛත්තගේ අකුසලකර්මය කුසලය පෙළීය. චොරඝාතකගේ කුසලකර්මය අකුසලය පෙළීය.
රාජගහෙ කිර වාතකාළකො පඤ්ඤාස වස්සානි චොරඝාතකම්මං අකාසි. අථ නං රඤ්ඤො ආරොචෙසුං – “දෙව, වාතකාළකො මහල්ලකො චොරෙ ඝාතෙතුං න සක්කොතී”ති. “අපනෙථ නං තස්මා ඨානන්තරාති. අමච්චා නං අපනෙත්වා අඤ්ඤං තස්මිං ඨානෙ ඨපයිංසු. වාතකාළකොපි යාව තං කම්මං අකාසි, තාව අහතවත්ථානි වා අච්ඡාදිතුං සුරභිපුප්ඵානි වා පිළන්ධිතුං පායාසං වා භුඤ්ජිතුං උච්ඡාදනන්හාපනං වා පච්චනුභොතුං නාලත්ථ. සො “දීඝරත්තං මෙ කිලිට්ඨවෙසෙන චරිත”න්ති “පායාසං මෙ පචාහී”ති භරියං ආණාපෙත්වා න්හානීයසම්භාරානි ගාහාපෙත්වා න්හානතිත්ථං ගන්ත්වා සීසං න්හත්වා අහතවත්ථානි අච්ඡාදෙත්වා ගන්ධෙ විලිම්පිත්වා පුප්ඵානි පිළන්ධිත්වා ඝරං ආගච්ඡන්තො සාරිපුත්තත්ථෙරං දිස්වා “සංකිලිට්ඨකම්මතො චම්හි අපගතො, අය්යො ච මෙ දිට්ඨො”ති තුට්ඨමානසො ථෙරං ඝරං නෙත්වා නවසප්පිසක්කරචුණ්ණාභිසඞ්ඛතෙන පායාසෙන පරිවිසි. ථෙරො තස්ස අනුමොදනමකාසි. සො අනුමොදනං සුත්වා අනුලොමිකඛන්තිං පටිලභිත්වා ථෙරං අනුගන්ත්වා නිවත්තමානො අන්තරාමග්ගෙ තරුණවච්ඡාය ගාවියා මද්දිත්වා ජීවිතක්ඛයං පාපිතො ගන්ත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති. භික්ඛූ තථාගතං පුච්ඡිංසු – “භන්තෙ, චොරඝාතකො අජ්ජෙව කිලිට්ඨකම්මතො අපනීතො, අජ්ජෙව කාලඞ්කතො, කහං නු ඛො නිබ්බත්තො”ති? තාවතිංසභවනෙ, භික්ඛවෙති. භන්තෙ, චොරඝාතකො දීඝරත්තං පුරිසෙ ඝාතෙසි, තුම්හෙ ච එවං වදෙථ, නත්ථි නු ඛො පාපකම්මස්ස ඵලන්ති. මා, භික්ඛවෙ, එවං අවචුත්ථ, බලවකල්යාණමිත්තූපනිස්සයං ලභිත්වා ධම්මසෙනාපතිස්ස පිණ්ඩපාතං දත්වා අනුමොදනං සුත්වා අනුලොමිකඛන්තිං පටිලභිත්වා සො තත්ථ නිබ්බත්තොති.
රජගහනුවරෙහි වාතකාළකතෙමේ පනස්වසක් සොරුන් නැසීමේ කර්මයකළේය. ඉක්බිති රජුට, ‘දේවයන්වහන්ස, වාතකාළක මහළුය. සොරුන් නැසීමට නොහැක්කේය’යි දැන්වූවාහුය. ‘ඔහු එම තනතුරින් ඉවත් කරවු’යයි රජ සැළකළේය. ඇමතිවරු ඔහු එම තනතුරින් ඉවත්කොට අනෙකකු එම තනතුරෙහි තැබූහ. වාතකාළක තෙමේද යම්තාක් කල් එම සොරුන් නැසීමේ කර්මය කළේද ඒතාක්කල් අලුත් ඇඳුම් ඇදීමට හෝ සුවඳමල් පැළදීමට හෝ කැඳඅවුළු වැළදීමට හෝ ඇඟසුවඳ ගැල්වීම් නෑම් කිරීමට හෝ නොලැබීය. හෙතෙම, ‘මා දිගුකලක් කිළිටි වෙසින් හැසිරිණැ’යි මට පායාස පිසවයි බිරියට අණ්වා නහනබඩු ගෙන්වා ගෙන නානතොටට ගොස් නහා අලුත් ඇඳුම් අන්දවා ගෙන සුවඳගල්වා මල් පැළඳ ගෙටඑන්නේ සැරියුත් තෙරුන් දැක, මම කිළිටි (පවිටු) කර්මයෙන් ඉවත්වූයේවෙමි. මවිසින් ආර්ය්යයන්වහන්සේද දක්නාලද සේකැ’යි සතුටු සිතැත්තේ තෙරුන් ගෙදරට පමුණුවා අලුත් ගිතෙල් සකුරුසුණුවලින් සකසනලද පායාසයෙන් වැළඳවීය. තෙරණුවෝ ඔහුට අනුමෙවෙනි බණ වදාළහ. හෙතෙම අනුමෙවෙනි බණ අසා අනුලොම්වූ ක්ෂාන්තිය ලැබ තෙරුන්ට පසුගමන් කොට ආපසු එන්නේ අතරමගදී අලුත් පැටවෙකු ඇති ගව දෙනක විසින් ඇන ජීවිතක්ෂයට පත්කරනලද්දේ (මිය) ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේය. භික්ෂූහු තථාගතයන්වහන්සේගෙන් ‘ස්වාමීනි, චොරඝාතක තෙමේ දිගුකලක් මිනිසුන් මැරීය. පාපකර්මයාගේ විපාකය නැතැයි නුඹවහන්සේ පවසනසේක්දැයි විමසූහ. ‘මහණෙනි, එසේ නොකියමි. බලවත් කල්‍යාණමිත්‍ර උපනිශ්‍රයක් ලැබ දම්සෙනෙවි සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතයදී අනුමෙවෙනිය අසා ආනුලෝමික ක්ෂාන්තිය ලැබ හෙතෙම එහි උපන්නේය’යි පැවසූසේක.
“සුභාසිතං සුණිත්වාන, නාගරියො චොරඝාතකො; අනුලොමඛන්තිං ලද්ධාන, මොදතී තිදිවං ගතො”ති.
‘නාගරික චෝරඝාතක තෙමේ සුභාෂිතය අසා අනුලෝම ක්ෂාන්තියලැබ දෙව්ලොව ගියේ සතුටුවෙයි.
උපඝාතකං පන සයං කුසලම්පි අකුසලම්පි සමානං අඤ්ඤං දුබ්බලකම්මං ඝාතෙත්වා තස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්ස ඔකාසං කරොති. එවං පන කම්මෙන කතෙ ඔකාසෙ තං විපාකං උප්පන්නං නාම වුච්චති. උපච්ඡෙදකන්තිපි එතස්සෙව නාමං. තත්රායං නයො – කුසලකම්මස්ස විපච්චනකාලෙ එකං අකුසලකම්මං උට්ඨාය තං කම්මං ඡින්දිත්වා පාතෙති. අකුසලකම්මස්සපි විපච්චනකාලෙ එකං කුසලකම්මං උට්ඨාය තං කම්මං ඡින්දිත්වා පාතෙති. ඉදං උපච්ඡෙදකං නාම. තත්ථ අජාතසත්තුනො කම්මං කුසලච්ඡෙදකං අහොසි, අඞ්ගුලිමාලත්ථෙරස්ස අකුසලච්ඡෙදකන්ති. එවං සුත්තන්තිකපරියායෙන එකාදස කම්මානි විභත්තානි.
උපඝාතක කර්මය වනාහි තෙමේ කුසලවූයේත් අකුසලවූයේත් අනෙක් දුර්වලකර්මයක් විනාශකොට එහි විපාකය වළක්වා තමාගේ විපාකයට අවකාශ ඇතිකරයි. මෙසේ කර්මයෙන් අවකාශ ඇතිකළකල්හි ඒ විපාකය උපන්නේ නමැයි කියනුලැබේ. උපච්ඡේදක යනුද ඊටම නමකි. මේ එහි (විපාකදීමේ) ක්‍රමයයි. කුසලකර්මය විපාකදෙන විට එක් අකුශල කර්මයක් නැඟීසිට ඒ (කුසල) කර්මය සිඳ හෙළයි. අකුශලකර්මය විපාකදෙනවිටද එක් කුසලකර්මයක් මතුවී ඒ අකුශල කර්මය සිඳහෙළයි. මෙය උපච්ඡේදක නමි. එහි අජාසත් රජුගේ කර්මය කුශලය සිඳලන්නක් වීය. අංගුලිමාල තෙරුන්ගේ කර්මය අකුසලය සිඳලන්නක්විය. මෙසේ සූත්‍රාන්තික ක්‍රමයෙන් එකොළොස් කර්මයෝ බෙදාදක්වන ලදහ.
අභිධම්මපරියායෙන පන සොළස කම්මානි විභත්තානි, සෙය්යථිදං – “අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්ති, අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්ති, අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්ති, අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති, උපධිවිපත්තිං, කාලවිපත්තිං, පයොගවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිවිපත්තිපටිබාළ්හානි න විපච්චන්ති, උපධිවිපත්ති, කාලවිපත්ති, පයොගවිපත්තිපටිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති, උපධිසම්පත්තිං, කාලසම්පත්තිං, පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්තී”ති (විභ· 810).
අභිධර්ම ක්‍රමයෙන් සොළොස් කර්මයෝ බෙදා දක්වනලදහ. කෙසේදයත්? ‘ගතිසම්පත්ති වළහමින් විපාක නොදෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. උපධි සම්ත්ති වළහමින් විපාක නොදෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. කාලසම්පත්ති වළහමින් විපාක නොදෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. ප්රයෝගසම්පත් වළහමින් විපාක නොදෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. ගතිවිපත්තියට පැමිණ විපාක දෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. කාලවිපත්තියට පැමිණ-පෙ- ප්රයෝගවිපත්තියට - පැමිණ විපාක දෙන ඇතැම් පවිටුකර්මයෝ වෙත්. ගති විපත්තිවළහා විපාක නොදෙන ඇතැම් කල්‍යාණ කර්මයෝවෙත්. උපධිවිපත්තිවළහන, කාලවිපත්තිවළහන, ප්රයෝගවිපත්තිවළහන විපාක නොදෙන කල්යාණකර්මයෝ වෙත්, ගතිසම්පත්තියට පැමිණ විපාක දෙන ඇතැම් කල්යාණකර්මයෝ වෙත්, උපධිසම්පත්තියට පැමිණ, කාලසම්පත්තියට පැමිණ, ප්රයෝගසම්පත්තියට පැමිණ විපාකදෙන ඇතැම් කල්යාණකර්මයෝ වෙත්.’
තත්ථ පාපකානීති ලාමකානි. කම්මසමාදානානීති කම්මග්ගහණානි. ගහිතසමාදින්නානං කම්මානමෙතං අධිවචනං. ගතිසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්තීතිආදීසු අනිට්ඨාරම්මණානුභවනාරහෙ කම්මෙ විජ්ජමානෙයෙව සුගතිභවෙ නිබ්බත්තස්ස තං කම්මං ගතිසම්පත්තිපටිබාළ්හං න විපච්චති නාම. ගතිසම්පත්තියා පතිබාහිතං හුත්වා න විපච්චතීති අත්ථො. යො පන පාපකම්මෙන දාසියා වා කම්මකාරියා වා කුච්ඡියං නිබ්බත්තිත්වා උපධිසම්පන්නො හොති, අත්තභාවසමිද්ධියං තිට්ඨති. අථස්ස සාමිකා තස්ස රූපසම්පත්තිං දිස්වා “නායං කිලිට්ඨකම්මස්සානුච්ඡවිකො”ති චිත්තං උප්පාදෙත්වා අත්තනො ජාතපුත්තං විය භණ්ඩාගාරිකාදිට්ඨානෙසු ඨපෙත්වා සම්පත්තිං යොජෙත්වා පරිහරන්ති. එවරූපස්ස කම්මං උපධිසම්පත්තිපටිබාළ්හං න විපච්චති නාම. යො පන පඨමකප්පිකකාලසදිසෙ සුලභසම්පන්නරසභොජනෙ සුභික්ඛකාලෙ නිබ්බත්තති, තස්ස විජ්ජමානම්පි පාපකම්මං කාලසම්පත්තිපටිබාළ්හං න විපච්චති නාම. යො පන සම්මාපයොගං නිස්සාය ජීවති, උපසඞ්කමිතබ්බයුත්තකාලෙ උපසඞ්කමති, පටික්කමිතබ්බයුත්තකාලෙ පටික්කමති, පලායිතබ්බයුත්තකාලෙ පලායති. ලඤ්ජදානයුත්තකාලෙ ලඤ්ජං දෙති, චොරිකයුත්තකාලෙ චොරිකං කරොති, එවරූපස්ස පාපකම්මං පයොගසම්පත්තිපටිබාළ්හං න විපච්චති නාම.
එහි පාපකානි යනු ලාමකවූයි. කම්මසමාදානානි යනු කර්මගැනීම්ය. ගන්නාලද, මනාවගන්නාලද, කර්මයන්ටම මෙය නමෙකි. ගති සම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති යනාදියෙහි අනිටුඅරමුණක් විදීමට සුදුසු කර්මයක් ඇතිකල්හිම සුගතිභවයක උපන්නහුගේ ගති සම්පත් වළහන ඒ කර්මය විපාක නොදේ නමි. ගතිසම්පත්තිය වළක්වා ලන්නක්වී විපාක නොදෙයි යන අර්‍ත්‍ථයි. යමෙක් පාපකර්මයකින් දාසියකගේ හෝ කම්කරු ගැහැනියකගේ හෝ කුසෙහි ඉපිද උපධිසම්පන්න වෙයි. සමෘද්ධිමත් ආත්මභවයක සිටියි. ඉක්බිති ඔහුගේ ස්වාමීහු ඒ රූපසම්පත්තිය දැක මෙතෙම පහත් වැඩට නොසුදුසුසෙකැයි අදහස් කොට තමන්ටම උපන් පුතෙකු මෙන් ඔහුව භාණ්ඩාගාරික ආදී තනතුරුවල පිහිටුවා සියලු සැපතෙහි යොදවා ඇතිදැඩිකරත්. මෙබඳුවූවහුගේ කර්මය උපධිපම්පත් වළහමින් විපාක නොදෙයි නමි. යමෙක් වනාහි ප්‍රථම කල්පික කාලයෙහි මෙන් රසබොජුන් සුලභව ඇති කුලයක උපදියිද ඔහුගේ පාපකර්මය පැවතුනත් කාලසම්පත්ති වළහමින් විපාක නොදෙයි නමි. යමෙක් සම්‍යක් ප්‍රයෝගය නිසා ජීවත් වේද? එළඹියයුතුකල්හි එළඹෙයිද ඉවත්වියයුතුකල්හි ඉවත්වෙයිද පළායායුතුවිට පළායෙයිද අල්ලස් දියයුතු කල අල්ලස් දෙයිද සොරකම් කළයුතු විට සොරකම් කරයිද? මෙබඳුවූවහුගේ කර්මය ප්රයෝගසම්පත් වළහමින් විපාක නොදෙයි නමි.
දුග්ගතිභවෙ නිබ්බත්තස්ස පන පාපකම්මං ගතිවිපත්තිං ආගම්ම විපච්චති නාම. යො පන දාසියා වා කම්මකාරියා වා කුච්ඡිස්මිං නිබ්බත්තො දුබ්බණ්ණො හොති දුස්සණ්ඨානො, “යක්ඛො නු ඛො මනුස්සො නු ඛො”ති විමතිං උප්පාදෙති. සො සචෙ පුරිසො හොති, අථ නං “නායං අඤ්ඤස්ස කම්මස්ස අනුච්ඡවිකො”ති හත්ථිං වා රක්ඛාපෙන්ති අස්සං වා ගොණෙ වා, තිණකට්ඨාදීනි වා ආහරාපෙන්ති, ඛෙළසරකං වා ගණ්හාපෙන්ති. සචෙ ඉත්ථී හොති, අථ නං හත්ථිඅස්සාදීනං භත්තමාසාදීනි වා පචාපෙන්ති, කචවරං වා ඡඩ්ඩාපෙන්ති, අඤ්ඤං වා පන ජිගුච්ඡනීයකම්මං කාරෙන්ති. එවරූපස්ස පාපකම්මං උපධිවිපත්තිං ආගම්ම විපච්චති නාම. යො පන දුබ්භික්ඛකාලෙ වා පරිහීනසම්පත්තිකාලෙ වා අන්තරකප්පෙ වා නිබ්බත්තති, තස්ස පාපකම්මං කාලවිපත්තිං ආගම්ම විපච්චති නාම. යො පන පයොගං සම්පාදෙතුං න ජානාති, උපසඞ්කමිතබ්බයුත්තකාලෙ උපසඞ්කමිතුං න ජානාති…පෙ… චොරිකයුත්තකාලෙ චොරිකං කාතුං න ජානාති, තස්ස පාපකම්මං පයොගවිපත්තිං ආගම්ම විපච්චති නාම.
දුගති භවයක උපන්නහුගේ කර්මය ගතිවිපත්තියට පැමිණ විපාක දෙයි නමි. යමෙක් දැස්සකගේ හෝ කම්කරු ගැහැනියකගේ කුසෙහි උපන්නේ දුර්වර්ණ වෙයිද විරූපහැඩ ඇත්තේ වෙයිද? යකෙක්ද මිනිසෙක්දැයි සැක උපදවයිද ඉදින් හෙතෙම පිරිමියෙක් වන්නේනම් එවිට මොහු අනෙක් වැඩකට නොසුදුසුසෙකැයි (සලකා) ඔහු ලවා ඇතුන් හෝ බලවත්. අසුන් හෝ ගොනුන් හෝ තණ දර ආදිය හෝ ගෙන්වත්. කෙළ පඩික්කන් හෝ ගෙන්වා ගනිති. ඉදින් ස්ත්‍රියක් වේනම් ඇය ලවා ඇත්අස් ආදීන්ට බත්මෑ ආදිය හෝ පිසවත්. කසළ හෝ ඉවත්කරවත්. වෙනත් පිළිකුල් කටයුතු වැඩක හෝ යොදවත්. මෙබඳු වූවහුගේ පාපකර්මය උපධිවිපත්තියට පැමිණ විපාක දෙයිනමි. යමෙක් වනාහි දුර්භික්ෂ කාලයක හෝ පිරිහුණු සැපත් ඇති කලෙක හෝ අතුරු කපෙක හෝ ඉපදෙයිද ඔහුගේ පාපකර්මය කාලවිපත්තියට පැමිණ විපාක දෙයිනමි. යමෙක් ප්‍රයෝගයෙහි යෙදීමට නොදනියිද එළඹියයුතු කල එළඹීමට නොදනීද -පෙ- සොරකම් කළයුතු කල සොරකම් කිරීමට නොදනීද ඔහුගේ පාපකර්මය ප්රයෝගවිපත්තියට පැමිණ විපාක දෙයි නමි.
යො පන ඉට්ඨාරම්මණානුභවනාරහෙ කම්මෙ විජ්ජමානෙයෙව ගන්ත්වා දුග්ගතිභවෙ නිබ්බත්තති, තස්ස තං කම්මං ගතිවිපත්තිපටිබාළ්හං න විපච්චති නාම. යො පන පුඤ්ඤානුභාවෙන රාජරාජමහාමත්තාදීනං ගෙහෙ නිබ්බත්තිත්වා කාණො වා හොති කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා, තස්ස ඔපරජ්ජසෙනාපතිභණ්ඩාගාරිකට්ඨානාදීනි න අනුච්ඡවිකානීති න දෙන්ති. ඉච්චස්ස තං පුඤ්ඤං උපධිවිපත්තිපටිබාළ්හං න විපච්චති නාම. යො පන දුබ්භික්ඛකාලෙ වා පරිහීනසම්පත්තිකාලෙ වා අන්තරකප්පෙ වා මනුස්සෙසු නිබ්බත්තති, තස්ස තං කල්යාණකම්මං කාලවිපත්තිපටිබාළ්හං න විපච්චති නාම. යො හෙට්ඨා වුත්තනයෙනෙව පයොගං සම්පාදෙතුං න ජානාති, තස්ස කල්යාණකම්මං පයොගවිපත්තිපටිබාළ්හං න විපච්චති නාම.
යමෙක් වනාහි ඉටු (යහපත්) අරමුණක් විදීමට සුදුසු කර්මයක් පවතිත්දීම ගොස් දුගතිභවයක උපදියිද ඔහුගේ ඒ කර්මය ගතිවිපත්ති වළහමින් විපාක නොදෙයි නමි. යමෙක් වනාහි පින්කමක බලයෙන් රාජරාජමහාමාත්යදීන්ගේ ගෙයක ඉපිද කණෙක් හෝ අත් කොරවූවෙක් හෝ පාකොරවූවෙක් හෝ පැත්තක් පණනැත්තෙක් හෝ වෙයිද ඔහුට යුවරජ සෙනෙවි භාණ්ඩාගාරික ආදී තනතුරු නොසුදුසුයැයි නොදෙයි නමි. යමෙක් දුබික්කකලක හෝ සම්පත් පිරිහුණු කලක හෝ අතුරු කපක මිනිසුන් අතරත උපදියිද ඔහුගේ ඒ යහපත් (පුණ්‍ය) කර්මය කාලවිපත් වළහමින් විපාක නොදෙයි නමි.
කල්යාණකම්මෙන පන සුගතිභවෙ නිබ්බත්තස්ස තං කම්මං ගතිසම්පත්තිං ආගම්ම විපච්චති නාම. රාජරාජමහාමත්තාදීනං කුලෙ නිබ්බත්තිත්වා උපධිසම්පත්තිං පත්තස්ස අත්තභාවසමිද්ධියං ඨිතස්ස දෙවනගරෙ සමුස්සිතරතනතොරණසදිසං අත්තභාවං දිස්වා “ඉමස්ස ඔපරජ්ජසෙනාපතිභණ්ඩාගාරිකට්ඨානාදීනි අනුච්ඡවිකානී”ති දහරස්සෙව සතො තානි ඨානන්තරානි දෙන්ති, එවරූපස්ස කල්යාණකම්මං උපධිසම්පත්තිං ආගම්ම විපච්චති නාම. යො පඨමකප්පිකෙසු වා සුලභන්නපානකාලෙ වා නිබ්බත්තති, තස්ස කල්යාණකම්මං කාලසම්පත්තිං ආගම්ම විපච්චති නාම. යො වුත්තනයෙනෙව පයොගං සම්පාදෙතුං ජානාති, තස්ස කම්මං පයොගසම්පත්තිං ආගම්ම විපච්චති නාම. එවං අභිධම්මපරියායෙන සොළස කම්මානි විභත්තානි.
පුණ්‍යකර්මයකින් සුගති භවයක උපන්නහුගේ ඒ පුණ්‍යකර්මය ගතිසම්පත්තියට පැමිණ විපාක දෙයිනමි. රාජරාජ මහාමාත්‍යාදීන්ගේ කුලයක ඉපිද උපධිසම්පත්තියට පැමිණ සමෘද්ධිමත් ආත්මභවයක සිටියහුගේ දිව්යනගරයක නංවනලද රුවන් තොරණක් වැනි ආත්මභාවය දැක මොහුට යුවරජ සෙන්පති භාණ්ඩාගාරික තනතුරු ආදිය සුදුසුයයි තරුණවියෙහි සිටියදීම ඒ තනතුරු දෙත්. මෙබඳුවූවහුගේ පුණ්‍යකර්මය උපධිසම්පත්තියට පැමිණ විපාක දෙයිනමි. යමෙක් ප්‍රථම කල්පිකයන්හි ආහාරපාන සුලභ කාලයක හෝ උපදියිද ඔහුගේ පුණ්‍යකර්මය කාලසම්පත්තියට පැමිණ විපාක දෙයිනමි. යමෙක් කියනලද ක්‍රමයෙන්ම ප්‍රයෝගයෙහි යෙදීමට දනියිද ඔහුගේ කර්මය ප්රයෝගසම්පත්තියට පැමිණ විපාක දෙයිනමි. මෙසේ අභිධර්ම ක්‍රමයෙන් සොළොස් කර්මයෝ බෙදා දක්වනලදහ.
අපරානිපි පටිසම්භිදාමග්ගපරියායෙන ද්වාදස කම්මානි විභත්තානි. සෙය්යථිදං – “අහොසි කම්මං අහොසි කම්මවිපාකො, අහොසි කම්මං නාහොසි කම්මවිපාකො, අහොසි කම්මං අත්ථි කම්මවිපාකො, අහොසි කම්මං නත්ථි කම්මවිපාකො, අහොසි කම්මං භවිස්සති කම්මවිපාකො, අහොසි කම්මං න භවිස්සති කම්මවිපාකො, අත්ථි කම්මං අත්ථි කම්මවිපාකො, අත්ථි කම්මං නත්ථි කම්මවිපාකො, අත්ථි කම්මං භවිස්සති කම්මවිපාකො, අත්ථි කම්මං න භවිස්සති කම්මවිපාකො, භවිස්සති කම්මං භවිස්සති කම්මවිපාකො, භවිස්සති කම්මං න භවිස්සති කම්මවිපාකො”ති (පටි· ම· 1.234).
පටිසම්භිදාමග්ග ක්‍රමයෙන් වෙනත් කර්ම දොළසක් බෙදාදක්වනලදි. කෙසේදයත්? අහොසිකම්මං අහොසිකම්මවිපාකො, අහොසිකම්මං නාහොසිකම්ම විපාකො, අහොසිකම්මං අත්ථිකම්මං අත්ථිකම්මං භවිස්සති කම්මවිපාකො, අත්ථිකම්මං නභවිස්සති කම්මවිපාකො, භවිස්සති කම්මං භවිස්සති කම්මවිපාකො, භවිස්සතිකම්මං නභවිස්සති කම්මවිපාකො යනුවෙනි.
තත්ථ යං කම්මං අතීතෙ ආයූහිතං අතීතෙයෙව විපාකවාරං ලභි, පටිසන්ධිජනකං පටිසන්ධිං ජනෙසි, රූපජනකං රූපං, තං අහොසි කම්මං අහොසි කම්මවිපාකොති වුත්තං. යං පන විපාකවාරං න ලභි, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙතුං නාසක්ඛි, තං අහොසි කම්මං නාහොසි කම්මවිපාකොති වුත්තං. යං පන අතීතෙ ආයූහිතං එතරහි ලද්ධවිපාකවාරං පටිසන්ධිජනකං පටිසන්ධිං ජනෙත්වා රූපජනකං රූපං ජනෙත්වා ඨිතං, තං අහොසි කම්මං අත්ථි කම්මවිපාකොති වුත්තං. යං අලද්ධවිපාකවාරං පටිසන්ධිජනකං වා පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙතුං නාසක්ඛි, තං අහොසි කම්මං නත්ථි කම්මවිපාකොති වුත්තං. යං පන අතීතෙ ආයූහිතං අනාගතෙ විපාකවාරං ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං රූපං ජනෙතුං සක්ඛිස්සති, තං අහොසි කම්මං භවිස්සති කම්මවිපාකොති වුත්තං. යං අනාගතෙ විපාකවාරං න ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙතුං න සක්ඛිස්සති, තං අහොසි කම්මං න භවිස්සති කම්මවිපාකොති වුත්තං.
එහි අතීතයෙහි රැස්කළ කර්මයක් අතිතයෙහිම විපාකවාරය ලැබීද ප්රතිසන්ධිජනක කර්මය ප්රතිසන්ධිය ඉපදවීද? රූප ජනකකර්මය රූපය ඉපදවීද, එය අහොසිකම්ම අහොසි කම්මවිපාක (සිදුවූ කර්මය සිදුවූ විපාකය) යි කියනුලැබේ. යම් කර්මයක් විපාකවාරය නොලැබීද ප්රතිසන්ධිකර්මය ප්‍රතිසන්ධියත් රූපජනක කර්මය රූපයත් ඉපදවීමට නොහැකිවීද? එය අහොසිකම්ම නාහොසි කම්මවිපාක (සිදුවූ කර්මය සිදුනොවූ විපාක) යයි කියනලදි. අතීතයෙහි රැස්කළ යම් කර්මයක් දැන් ලබනලද විපාකවාරය ඇත්තේ ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් උපදවා සිටියේවේද? එය අහොසි කම්ම අත්ථිකම්මවිපක (සිදුවූ කර්මය ඇති කර්මවිපාක) යයිකියනලදි. අතීතයෙහි රැස්කළ නොලද කර්මවිපාකවාරය ඇති ප්රතිසන්ධිජනකය ප්රතිසන්ධිය හෝ රූපජනකය රූපය හෝ ඉපදවීමට නොහැකි වීද? එය අහෝසිකම්ම නත්ථි කම්මවිපාක (සිදුවූකර්මය නොමැති කර්ම විපාක) යයි කියනලදි. අතීතයෙහි රැස්කළ යම් කර්මයක් අනාගතයෙහි විපාකවාරය ලබන්නේද? ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් ඉපදවීමට හැකිවන්නේද? එය අහොසිකම්ම භවිස්සති කම්මවිපාක (සිදුවූකර්මය වන්නාවූ කර්මවිපාක) යයි කියනලදි. යමක් අනාගතයෙහි විපාකවාරය නොලබන්නේද ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් ඉපදවීමට නොහැකි වන්නේද එය අහොසිකම්ම නභවිස්සති කම්මවිපාක (සිදුවූ කර්මය නොවන්නාවූ කර්මවිපාකය) යි කියනලදි.
යං පන එතරහි ආයූහිතං එතරහියෙව විපාකවාරං ලභති, තං අත්ථි කම්මං අත්ථි කම්මවිපාකොති වුත්තං. යං පන එතරහි විපාකවාරං න ලභති, තං අත්ථි කම්මං නත්ථි කම්මවිපාකොති වුත්තං. යං පන එතරහි ආයූහිතං අනාගතෙ විපාකවාරං ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං රූපං ජනෙතුං සක්ඛිස්සති, තං අත්ථි කම්මං භවිස්සති කම්මවිපාකොති වුත්තං. යං පන විපාකවාරං න ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙතුං සක්ඛිස්සති, තං අත්ථි කම්මං න භවිස්සති කම්මවිපාකොති වුත්තං.
දැන් රැස් කළ යම් කර්මයක් දැන්මවිපාකවාරය ලබයිද එය අත්ථිකම්ම අත්ථි කම්මවිපාක (ඇති කර්මය ඇති කර්මවිපාක) යයි කියනලදි. යම්කර්මයක් දැන් විපාකවාරය නොලබයිද එය අත්ථිකම්ම නත්ථි කම්මවිපාක (ඇති කර්මය නැති කර්මවිපාක) යයිකියනලදි. දැන් රැස්කළ යම් කර්මයක් අනාගතයෙහි විපාකවාරය ලබන්නේද? ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් දැනවීමට හැකිවන්නේද එය අත්ථිකම්ම භවිස්සති කම්මවිපාක (ඇති කර්මය වන්නාවූ කර්මවිපාක) යයිකියනලදි. යමක් විපාකවාරය නොලබන්නේද? ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් දැනවීමට නොහැකිවන්නේද එය අත්ථි කම්ම නභවිස්සති කම්මවිපාක (ඇති කර්මය නොවන්නාවූ කර්මවිපාක) යයිකියනලදි.
යං පනානාගතෙ ආයූහිස්සති, අනාගතෙයෙව විපාකවාරං ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙස්සති, තං භවිස්සති කම්මං භවිස්සති කම්මවිපාකොති වුත්තං. යං පන විපාකවාරං න ලභිස්සති, පටිසන්ධිජනකං පටිසන්ධිං රූපජනකං වා රූපං ජනෙතුං න සක්ඛිස්සති, තං භවිස්සති කම්මං න භවිස්සති කම්මවිපාකොති වුත්තං. එවං පටිසම්භිදාමග්ගපරියායෙන ද්වාදස කම්මානි විභත්තානි.
යමක් අනාගතයෙහි රැස් කෙරෙන්නේද අනාගතයෙහි විපාකවාරය ලබන්නේද ප්රතිසන්ධිජනකය ප්‍රතිසන්ධියත් රූපජනකය රූපයත් උපදවන්නේද එය භවිස්සති කම්මං භවිස්සති කම්මවිපාක (වන්නාවු කර්මය වන්නාවූ කර්මවිපාක) යයි කියනලදි. යමක් විපාකවාරය නොලබන්නේද ප්රතිසන්ධිජනකය ප්රතිසන්ධිය හෝ රූපජනකය රූපය හෝ ඉපදවීමට නොහැකි වන්නේද? එය භවිස්සති කම්ම නභවිස්සති කම්මවිපාක (වන්නාවූ කර්මය නොවන්නාවූ කර්මවිපාක) යයි කියනලදි. මෙසේ පටිසම්භිදාමග්ග පරියායයෙන් කර්ම දොළසක් බෙදාදක්වනලදි.
ඉති ඉමානි චෙව ද්වාදස අභිධම්මපරියායෙන විභත්තානි ච සොළස කම්මානි අත්තනො ඨානා ඔසක්කිත්වා සුත්තන්තිකපරියායෙන වුත්තානි එකාදස කම්මානියෙව භවන්ති. තානිපි තතො ඔසක්කිත්වා තීණියෙව කම්මානි හොන්ති දිට්ඨධම්මවෙදනීයං, උපපජ්ජවෙදනීයං, අපරපරියායවෙදනීයන්ති. තෙසං සඞ්කමනං නත්ථි, යථාඨානෙයෙව තිට්ඨන්ති. යදි හි දිට්ඨධම්මවෙදනීයං කම්මං උපපජ්ජවෙදනීයං වා අපරපරියායවෙදනීයං වා භවෙය්ය, “දිට්ඨෙ වා ධම්මෙ”ති සත්ථා න වදෙය්ය. සචෙපි උපපජ්ජවෙදනීයං දිට්ඨධම්මවෙදනීයං වා අපරපරියායවෙදනීයං වා භවෙය්ය, “උපපජ්ජ වා”ති සත්ථා න වදෙය්ය. අථාපි අපරපරියායවෙදනීයං දිට්ඨධම්මවෙදනීයං වා උපපජ්ජවෙදනීයං වා භවෙය්ය, “අපරෙ වා පරියායෙ”ති සත්ථා න වදෙය්ය.
මෙසේ මේ දොළසත් මුලින් සඳහන්කළ සොළසත් තමන්ගේ තැනින් පසුබැස සූත්‍රාන්තික ක්රමයෙන්කියනලද එකොළොස් කර්මයෝම වෙත්. ඒවාද එයින් පසුබැස කර්මතුනක්ම වෙයි. දිට්ඨධම්මවෙදනීය උපපජ්ජවේදනීය අපරාපරියවෙදනීය යනුවෙනි. ඒවායේ සංක්‍රමණයක් (ඔබිමොබයාමක්) නොමැත. තිබූ තැන්හිම තිබෙයි. ඉදින් දිට්ඨධම්මවෙදනීය කර්මය උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය හෝ වන්නේ නම් ඉහාත්මයෙහි හෝයි ශාස්තෘන්වහන්සේ නොකියනසේක. ඉදින් උප්පජ්ජවේදනීය කර්මය දිට්ඨධම්මවේදනීය හෝ අපරාපරිය වේදනීය වන්නේ නම් ශාස්තෘන්වහන්සේ අනතුරු භවයෙහි හෝයි නොකියනසේක. ඉදින් අපරාපරියවේදනීය කර්මය දිට්ඨධම්මවේදනීය හෝ උපපජ්ජවෙදනීය වන්නේ නම් අන්‍යවූ පරියායෙහි (භවයෙන් භවයෙහි) හෝයි ශාස්තෘන්වහන්සේ නොකියනසේක.
සුක්කපක්ඛෙපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. එත්ථ පන ලොභෙ විගතෙති ලොභෙ අපගතෙ නිරුද්ධෙ. තාලවත්ථුකතන්ති තාලවත්ථු විය කතං, මත්ථකච්ඡින්නතාලො විය පුන අවිරුළ්හිසභාවං කතන්ති අත්ථො. අනභාවං කතන්ති අනුඅභාවං කතං, යථා පුන නුප්පජ්ජති, එවං කතන්ති අත්ථො. එවස්සූති එවං භවෙය්යුං. එවමෙව ඛොති එත්ථ බීජානි විය කුසලාකුසලං කම්මං දට්ඨබ්බං, තානි අග්ගිනා ඩහනපුරිසො විය යොගාවචරො, අග්ගි විය මග්ගඤාණං, අග්ගිං දත්වා බීජානං ඩහනකාලො විය මග්ගඤාණෙන කිලෙසානං දඩ්ඪකාලො, මසිකතකාලො විය පඤ්චන්නං ඛන්ධානං ඡින්නමූලකෙ කත්වා ඨපිතකාලො, මහාවාතෙ ඔපුනිත්වා නදියා වා පවාහෙත්වා අප්පවත්තිකතකාලො විය උපාදින්නකසන්තානස්ස නිරොධෙන ඡින්නමූලකානං පඤ්චන්නං ඛන්ධානං අප්පටිසන්ධිකභාවෙන නිරුජ්ඣිත්වා පුන භවස්මිං පටිසන්ධිං අග්ගහිතකාලො වෙදිතබ්බො.
කුශලපක්ෂයෙහිද මේ ක්‍රමයෙන්ම අත්ථිය දතයුතුය. මෙහි වනාහි ලොභෙ විගතෙ යනු ලෝභය ඉවත්වූකල්හි, නිරුද්ධවූ කල්හියි, තාලවත්ථුකතං යනු කපාදැමූ තල්ගසක්මෙන් කළ, මුදුන කපාදැමූ තල්ගසක්මෙන් යළි නොවැඩෙන ස්වභාවයට පත්කළ යනුයි. අනභාවකතං යනු මුළුමනින් අභාවයට පත්කළ, යම්සේ නූපදීද එසේ කළ යන අර්ත්ථයයි. එවස්සු යනු එසේ වන්නාහුය. එවමෙව ඛො යනු මෙහි බිජුවට මෙන් කුශලකුශලකර්මය දැක්විය යුතුය. ඒවා ගින්නෙන් දවන පුද්ගලයා මෙන් යෝගාවචරයාද ගින්නමෙන් මාර්ගඥානයද ගිනිදල්වා බිජුවට දවනකාලය මෙන් මාර්ගඥානයෙන් කෙලෙසුන් දැවූකාලයද, දැලිබවට පත්කළ කාලය මෙන් පඤ්චස්කන්ධයන් මුලසුන්කොට තැබූ කාලයද, මහාසුළඟෙහි පෙළා හෝ නදියෙහි පාකොට නොපැවැත්මට පත්කළ කාලය මෙන් තෘෂ්ණාදීන් විසින් ගන්නලද චිත්තප්රවෘත්තියේ නිරෝධයෙන් මුල්සුන්කල පඤ්චස්කන්ධයන් ප්රතිසන්ධිනොගන්නා බැවින් නිරෝධයට පත්ව යළි භවයෙහි ප්රතිසන්ධය නොගන්නා කාලයද දතයුතුය.
මොහජඤ්චාපවිද්දසූති මොහජඤ්චාපි අවිද්දසු. ඉදං වුත්තං හොති – යං සො අවිදූ අන්ධබාලො ලොභජඤ්ච දොසජඤ්ච මොහජඤ්චාති කම්මං කරොති, එවං කරොන්තෙන යං තෙන පකතං කම්මං අප්පං වා යදි වා බහුං. ඉධෙව තං වෙදනියන්ති තං කම්මං තෙන බාලෙන ඉධ සකෙ අත්තභාවෙයෙව වෙදනීයං, තස්සෙව තං අත්තභාවෙ විපච්චතීති අත්ථො. වත්ථුං අඤ්ඤං න විජ්ජතීති තස්ස කම්මස්ස විපච්චනත්ථාය අඤ්ඤං වත්ථු නත්ථි. න හි අඤ්ඤෙන කතං කම්මං අඤ්ඤස්ස අත්තභාවෙ විපච්චති. තස්මා ලොභඤ්ච දොසඤ්ච, මොහජඤ්චාපි විද්දසූති තස්මා යො විදූ මෙධාවී පණ්ඩිතො තං ලොභජාදිභෙදං කම්මං න කරොති, සො විජ්ජං උප්පාදයං භික්ඛු, සබ්බා දුග්ගතියො ජහෙ, අරහත්තමග්ගවිජ්ජං උප්පාදෙත්වා තං වා පන විජ්ජං උප්පාදෙන්තො සබ්බා දුග්ගතියො ජහති. දෙසනාසීසමෙවෙතං, සුගතියොපි පන සො ඛීණාසවො ජහතියෙව. යම්පි චෙතං “තස්මා ලොභඤ්ච දොසඤ්චා”ති වුත්තං, එත්ථාපි ලොභදොසසීසෙන ලොභජඤ්ච දොසජඤ්ච කම්මමෙව නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. එවං සුත්තන්තෙසුපි ගාථායපි වට්ටවිවට්ටමෙව කථිතන්ති.
මොහජඤ්චාපවිද්දසු යනු මෝහයෙන් උපන් කර්මද නොදන්නායි. ඒ නොදන්නා මෝඩ පුද්ගලයා ලෝභයෙන් හටගන්නාවූද ද්වේෂයෙන් හටගන්නාවූද මෝහයෙන් හටගන්නාවූද යම් කර්මයක් කරයිද යන මෙය කියනලද්දේ වෙයි. මෙසේ කරන්නහු විසින් යං තෙන පකතං කම්මං අප්පං වා යදි වා බහුං ඉධෙව තං වෙදනීයං යන්නෙන් ඒ බාලයා විසින් එම කර්මය මෙහි තම අත්බැව්හිම විදියයුතුය. එය ඔහුගේ ආත්මභාවයෙහිම විපාකදේය යන අර්ත්ථයයි. වත්ථුං අඤ්ඤං නවිජ්ජති යනු ඒ කර්මය විපාකදීම සඳහා අන්යවස්තුවක් නැත. අන්‍යයකු විසින්කරනලද කර්මය වෙනත් කෙනකුගේ අත්බැවුහි විපාක නොදෙයි. තස්මා ලොභඤ්ච දෙසඤ්ච මොහජඤ්චාප විද්දසු යනු එබැවන් දන්නාවූ නුවණැති පණ්ඩිතතෙමේ ඒ ලෝභයෙන් හටගැනීම් ආදී ප්‍රභේද ඇති කර්මය නොකරයි. හෙතෙම විජ්ජං උප්පාදයං භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ යනු අරහත්මාර්ග විද්‍යාව උපදවා ඒ විද්‍යාව උපදවමින් හෝ සියලු දුගතීන් අත්හරියි. මෙය දේශනාශීර්ෂයමය. ඒ ක්ෂිණාශ්රව තෙමේ සුගතීන්ද අත්හරීමය. ඉදින් එය යමක්වේද? එහෙයින් ලොභයද දෝසයදැයිද කියනලදි. මෙහිද ලොභදොස ශීර්ෂයෙන් ලෝභයෙන් හටගන්නාවූද ද්වෙෂයෙන් හටගන්නාවූද කර්මයම නිර්දේශකරනලදැයි දතයුතුය. මෙසේ සූත්‍රාන්තයෙහිද ගාථාවෙහිද සසර හා නිවනම කියනලදි.