යෙදුමෙන් කියවන්න

1. සබ්‍රහ‍්මකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සබ්‍රහ‍්මකසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 1

චතුත්‍ථස‍්ස පඨමෙ අජ‍්ඣාගාරෙති සකෙ ඝරෙ. පූජිතා හොන‍්තීති යං ඝරෙ අත්‍ථි, තෙන පටිජග‍්ගිතා ගොපිතා හොන‍්ති. ඉති මාතාපිතුපූජකානි කුලානි මාතාපිතූහි සබ්‍රහ‍්මකානීති පකාසෙත්‍වා ඉදානි නෙසං සපුබ‍්බාචරියකාදිභාවං පකාසෙන‍්තො සපුබ‍්බාචරියකානීතිආදිමාහ. තත්‍ථ බ්‍රහ‍්මාතිආදීනි තෙසං බ්‍රහ‍්මාදිභාවසාධනත්‍ථං වුත‍්තානි. බහුකාරාති පුත‍්තානං බහූපකාරා. ආපාදකාති ජීවිතස‍්ස ආපාදකා. පුත‍්තකානං හි මාතාපිතූහි ජීවිතං ආපාදිතං පාලිතං ඝටිතං අනුප‍්පබන්‍ධෙන පවත‍්තිතං. පොසකාති හත්‍ථපාදෙ වඩ‍්ඪෙත්‍වා හදයලොහිතං පායෙත්‍වා පොසෙතාරො. ඉමස‍්ස ලොකස‍්ස දස‍්සෙතාරොති පුත‍්තානං හි ඉමස‍්මිං ලොකෙ ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණස‍්ස දස‍්සනං නාම මාතාපිතරො නිස‍්සාය ජාතන‍්ති ඉමස‍්ස ලොකස‍්ස දස‍්සෙතාරො නාම.

සිවුවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අජ්ක්‍ධාගාරෙ යනු සියගෙහිය. පූජිතා හොන්ති යනු යමක් ගෙහි වේද එයින් පිළිදැඟුම් කරනලද්දෝ පෝෂණය කරනලද්දෝ වෙති. මෙසේ මවුපියන් පුදනලද කුලයෝ මවුපියන්ගෙන් බ්‍රහ්මයන් සහිතවූවෝයයි ප්‍රකාශකොට දැන් ඔවුන් පෙරැදුරන් ආදිබව දක්වමින් සපුබ්බාචරියකානි යනාදිය පැවසූහ. එහි බ්‍රහ්මා යනාදිය ඔවුන්ගේ බ්‍රහ්මාදිභාවය ඔප්පුකිරීම සඳහා කියනලදි. බහුකාරා යනු බොහෝ උපකාර ඇත්තෝයි. ආපාදකා යනු ජීවිතය ඇතිදැඩිකරන්නෝයි. මාපියන් විසින් දරුවන්ගේ ජීවිතය ඇතිදැඩි කරනලද්දේය. පාලනය කරනලද්දේය. නොකඩවා පවත්වනලද්දේය. පොසකා යනු අත්පා වඩා හදලේ පොවා පෝෂණයකරන්නෝය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු දරුවන්ගේ මෙලොව ඉටුඅනිටු අරමුණු දැකීම නම් මාපියන් නිසා විණැයි මෙලොව දක්වන්නාහුනම් වෙත්.

බ්‍රහ‍්මාති මාතාපිතරොති සෙට‍්ඨාධිවචනං. යථා බ්‍රහ‍්මුනො චතස‍්සො භාවනා අවිජහිතා හොන‍්ති මෙත‍්තා කරුණා මුදිතා උපෙක‍්ඛාති, එවමෙව මාතාපිතූනං පුත‍්තකෙසු චතස‍්සො භාවනා අවිජහිතා හොන‍්ති. තා තස‍්මිං තස‍්මිං කාලෙ වෙදිතබ‍්බා – කුච‍්ඡිගතස‍්මිං හි දාරකෙ “කදා නු ඛො පුත‍්තකං අරොගං පරිපුණ‍්ණඞ‍්ගපච‍්චඞ‍්ගං පස‍්සිස‍්සාමා”ති මාතාපිතූනං මෙත‍්තචිත‍්තං උප‍්පජ‍්ජති. යදා පනෙස මන්‍දො උත‍්තානසෙය්‍යකො ඌකාහි වා මඞ‍්කුලාදීහි පාණකෙහි දට‍්ඨො දුක‍්ඛසෙය්‍යාය වා පන පීළිතො පරොදති විරවති, තදාස‍්ස සද‍්දං සුත්‍වා මාතාපිතූනං කාරුඤ‍්ඤං උප‍්පජ‍්ජති, ආධාවිත්‍වා විධාවිත්‍වා කීළනකාලෙ පන ලොභනීයවයස‍්මිං වා ඨිතකාලෙ දාරකං ඔලොකෙත්‍වා මාතාපිතූනං චිත‍්තං සප‍්පිමණ‍්ඩෙ පක‍්ඛිත‍්තසතවිහතකප‍්පාසපිචුපටලං විය මුදුකං හොති ආමොදිතං පමොදිතං, තදා තෙසං මුදිතා ලබ‍්භති. යදා පනෙස පුත‍්තො දාරාභරණං පච‍්චුපට‍්ඨාපෙත්‍වා පාටියෙක‍්කං අගාරං අජ‍්ඣාවසති, තදා මාතාපිතූනං “සක‍්කොති දානි නො පුත‍්තකො අත‍්තනො ධම‍්මතාය යාපෙතු”න‍්ති මජ‍්ඣත‍්තභාවො උප‍්පජ‍්ජති, තස‍්මිං කාලෙ උපෙක‍්ඛා ලබ‍්භතීති ඉමිනා කාරණෙන “බ්‍රහ‍්මාති මාතාපිතරො”ති වුත‍්තං.

බ්‍රහ්මාති මාතාපිතරො යනු උත්තමාර්‍ත්‍ථ පර්යාය වචනයකි. යම්සේ මහා බ්‍රහ්මයාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ඛා නමින් භාවනා සතරක් අත්නොහරින ලද්දේ වෙයිද එසේම මවුපියන්ගේ දරුවන් කෙරෙහි භාවනා සතරක් අත්නොහරින ලද්දේවෙයි. ඒවා ඒ ඒ කාලයෙහි දතයුතුයි. දරුවන් කුසෙහි සිටියදී කෙදිනක නම් දරුවා නීරෝගීව පිරිපුන් අග පසඟ ඇතිව දකින්නෙමුදැයි මාපියන්ට මෙත්සිත උපදියි. යම්විටක උඩුකුරුව හොවින ළදරුවූ මෙතෙම උකුණන් හෝ මකුණන් විසින් දෂ්ටකරනලද්දේ අමාරු හෙවීම නිසා පෙළෙනලද්දේ හෝ හඬයිද වැළපෙයිද එවිට ඔහුගේ හඬ අසා මවුපියන්ට කරුණාව උපදියි. දුවපැන කෙළිසෙල්ලම් කරනකල්හි හෝ ලොබ උපදවන වියෙහි සිටිකල්හි හෝ දරුවන් බලා මාපියන්ගේ සිත පිරිසුදු ගිතලෙහි බහා සියවරක් පෙළූ පුළුන්පොදක් මෙන් මෙළෙක්වෙයිද සතුටුවෙයිද බෙහෙවින් සතුටුවෙයිද එවිට ඔවුනට මුදිතාව ලැබෙයි. යම් විටක මේ දරුවා විවාහදිවියෙහි පිහිටුවා වෙන්වෙන්ව ගෙහි වසයිද එවිට දැන් පුතා තමන්ගේ හැකියාවෙන් යැපීමට සමත්වේයයි මවුපියන්ට මැදහත්බව උපදියි. මෙසේ එකල්හි උපෙක්‍ෂාව ලැබේනුයි මෙකරුණින් මවුපියෝ බ්‍රහ්මයයි කියනලදි.

පුබ‍්බාචරියාති වුච‍්චරෙති මාතාපිතරො හි ජාතකාලතො පට‍්ඨාය “එවං නිසීද, එවං තිට‍්ඨ, එවං ගච‍්ඡ, එවං සය, එවං ඛාද, එවං භුඤ‍්ජ, අයං තෙ, තාතාති වත‍්තබ‍්බො, අයං භාතිකාති, අයං භගිනීති, ඉදං නාම කාතුං වට‍්ටති, ඉදං න වට‍්ටති, අසුකං නාම උපසඞ‍්කමිතුං වට‍්ටති, අසුකං න වට‍්ටතී”ති ගාහාපෙන‍්ති සික‍්ඛාපෙන‍්ති. අථාපරභාගෙ අඤ‍්ඤෙ ආචරියා හත්‍ථිසිප‍්පඅස‍්සසිප‍්පරථසිප‍්පධනුසිප‍්පථරුසිප‍්පමුද‍්දාගණනාදීනි සික‍්ඛාපෙන‍්ති. අඤ‍්ඤො සරණානි දෙති, අඤ‍්ඤො සීලෙසු පතිට‍්ඨාපෙති, අඤ‍්ඤො පබ‍්බාජෙති, අඤ‍්ඤො බුද‍්ධවචනං උග‍්ගණ‍්හාපෙති, අඤ‍්ඤො උපසම‍්පාදෙති, අඤ‍්ඤො සොතාපත‍්තිමග‍්ගාදීනි පාපෙති. ඉති සබ‍්බෙපි තෙ පච‍්ඡාචරියා නාම හොන‍්ති, මාතාපිතරො පන සබ‍්බපඨමා, තෙනාහ – “පුබ‍්බාචරියාති වුච‍්චරෙ”ති. තත්‍ථ වුච‍්චරෙති වුච‍්චන‍්ති කථියන‍්ති. ආහුනෙය්‍යා ච පුත‍්තානන‍්ති පුත‍්තානං ආහුතං පාහුතං අභිසඞ‍්ඛතං අන‍්නපානාදිං අරහන‍්ති, අනුච‍්ඡවිකා තං පටිග‍්ගහෙතුං. තස‍්මා “ආහුනෙය්‍යා ච පුත‍්තාන”න‍්ති වුත‍්තං. පජාය අනුකම‍්පකාති පරෙසං පාණෙ අච‍්ඡින්‍දිත්‍වාපි අත‍්තනො පජං පටිජග‍්ගන‍්ති ගොපායන‍්ති. තස‍්මා “පජාය අනුකම‍්පකා”ති වුත‍්තං.

පුබ්බාචරියාති වුච්චරෙ යනු මවුපියෝ වනාහි (දරුවා) උපන්කල සිට මෙසේ හිඳුව, මෙසේ සිටුව, මෙසේ යව, මෙසේ කව, මෙසේ අනුභවකරව, මෙතෙම ඔබේ පියාය, මේ ඔබේ සොහොයුරාය, මේ ඔබේ සොහොයුරියයි, මෙය කිරීමට සුදුසුය, මෙය නොසුදුසුය. අසුවලා නම් ඇසුරුකිරීමට සුදුසුය. අසුවලා නොසුදුසුය යනුවෙන් උගන්වත්, හික්මවත්. ඉන් පසුකලක වෙනත් ආචාර්යවරු ඇත් අස් රිය දුනු කඩු ශිල්ප රේඛා ගණන් ආදිය උගන්වත්, අන්‍යයෝ සරණ දෙති. අන්‍යයෝ ශිලයන්හි පිහිටුවත්, අන්‍යයෝ පැවිදි කරවත්, අන්‍යයෝ බුද්ධවචනය උගන්වත්, අන්‍යයෝ උපසම්පදා කරවත්, අන්‍යයෝ සෝවාන් ආදී මාර්‍ගඵලයන්හි පිහිටුවත්, මෙසේ මේ සියල්ලෝම පසුඇදුරෝ නම් වෙත්. මාපියෝ වනාහි සියල්ලන්ට පළමුවැන්නෝයි. එබැවින් පෙරැදුරෝ වෙතැයි කියනලදි. එහි වුච්චරෙ යනු කියනුලැබෙත් යනුයි. ආහුනෙය්‍යා ච පුත්තානං යනු දරුවන්ගේ ගෙනෙනලද රැස්කරනලද තනනලද ආහාර පානාදියට සුදුසුය. ඒවා පිළිගැනීමට සුදුස්සෝය. එබැවින් ආහුනෙය්‍යා ච පුත්තානං යි කියනලදි. පජාය අනුකම්පකා යනු අනුන්ගේ පණ සිඳබිඳවුවද තමන්ගේ ප්‍රජාව පිළිදැගුම්කරත්, පෝෂණය කරත්. එබැවින් පජාය අනුකම්පකායි කියනලදි.

නමස‍්සෙය්‍යාති නමො කරෙය්‍ය. සක‍්කරෙය්‍යාති සක‍්කාරෙන පටිමානෙය්‍ය. ඉදානි තං සක‍්කාරං දස‍්සෙන‍්තො “අන‍්නෙනා”තිආදිමාහ. තත්‍ථ අන‍්නෙනාති යාගුභත‍්තඛාදනීයෙන. පානෙනාති අට‍්ඨවිධපානෙන. වත්‍ථෙනාති නිවාසනපාරුපනකෙන වත්‍ථෙන. සයනෙනාති මඤ‍්චපීඨානුප‍්පදානෙන. උච‍්ඡාදනෙනාති දුග‍්ගන්‍ධං පටිවිනොදෙත්‍වා සුගන්‍ධකරණුච‍්ඡාදනෙන. න‍්හාපනෙනාති සීතෙ උණ‍්හොදකෙන, උණ‍්හෙ සීතොදකෙන ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා න‍්හාපනෙන. පාදානං ධොවනෙනාති උණ‍්හොදකසීතොදකෙහි පාදධොවනෙන චෙව තෙලමක‍්ඛනෙන ච. පෙච‍්චාති පරලොකං ගන‍්ත්‍වා. සග‍්ගෙ පමොදතීති ඉධ තාව මාතාපිතූසු පාරිචරියං දිස‍්වා පාරිචරියකාරණා තං පණ‍්ඩිතමනුස‍්සා ඉධෙව පසංසන‍්ති, පරලොකං පන ගන‍්ත්‍වා සග‍්ගෙ ඨිතො සො මාතාපිතුඋපට‍්ඨාකො දිබ‍්බසම‍්පත‍්තීහි ආමොදති පමොදතීති.

නමස්සෙය්‍ය යනු නමස්කාර කරන්නේය. සක්කරෙය්‍ය යනු සත්කාරයෙන් පුදන්නේය. දැන් ඒ සත්කාරය දක්වමින් අන්නෙන යනාදිය කීහ. එහි අන්නෙන යනු කැඳබත් කෑයුතුදේ ආදියෙනි. පානෙන යනු අටවැදෑරුම් පානයන්ගෙනි. වත්‍ථෙන යනු හඳින පොරවන වස්ත්‍රයෙනි. සයනෙන යනු ඇඳපුටු (ආදිය) සැපයීමෙනි, උච්ඡාදනෙන යනු දුගඳ දුරුකොට සුවඳගන්වන දේ ඇඟ ගැල්වීමෙනි. නාහාපනෙන යනු ශීතකාලයෙහි උණුදියෙන්ද උෂ්ණකාලයෙහි සිසිල් දියෙන් පාදෙවීමෙන් මෙන්ම තෙල්ගැල්වීමෙනුයි. පෙච්ච යනු පරලොව ගොසින්ය. ස්වර්‍ගයෙහිද මොදති යනු මෙලොවදී වනාහි මවුපියන් කෙරෙහි උවටැම්කිරීම් දැක පණ්ඩිතයෝ උවටැන්කිරීම හේතුකොටගෙන ඔහුට පසසත්. පරලොවට ගොස් ස්වර්‍ගයෙහි සිටි ඒ මවුපියන්ට උවටැන්කරන්නා දෙවිසැපතින් සතුටුවෙයි. ප්‍රමුදිතවෙයි.

2. ආනන්‍දසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 2

දුතියෙ තථාරූපොති තථාජාතිකො. සමාධිපටිලාභොති චිත‍්තෙකග‍්ගතාලාභො. ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙති එත්‍ථ අත‍්තනො ච පරස‍්ස චාති උභයෙසම‍්පි කායො සවිඤ‍්ඤාණකට‍්ඨෙන එකතො කත්‍වා ඉමස‍්මින‍්ති වුත‍්තො. අහඞ‍්කාරමමඞ‍්කාරමානානුසයාති අහඞ‍්කාරදිට‍්ඨි ච මමඞ‍්කාරතණ‍්හා ච මානානුසයො චාති අත‍්තනො ච පරස‍්ස ච කිලෙසා. නාස‍්සූති න භවෙය්‍යුං. බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසූති රූපනිමිත‍්තං, සද‍්දනිමිත‍්තං, ගන්‍ධනිමිත‍්තං, රසනිමිත‍්තං, ඵොට‍්ඨබ‍්බනිමිත‍්තං, සස‍්සතාදිනිමිත‍්තං, පුග‍්ගලනිමිත‍්තං ධම‍්මනිමිත‍්තන‍්ති එවරූපෙසු ච බහිද‍්ධා සබ‍්බනිමිත‍්තෙසු. චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තින‍්ති ඵලසමාධිඤ‍්චෙව ඵලඤාණඤ‍්ච. සියාති භවෙය්‍ය.

දෙවැන්නෙහි තථාරූපො යනු එබඳු ස්වභාවය ඇත්තෙකි. සමාධිපටිලාභො යන සිතේ එකඟබව ලැබීමයි. ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ යනු මෙහි තමන්ගේද අනුන්ගේද යන දෙපිරිසේම කාය විඥානය සහිතය යන අරුතින් එකකැයිකොට මෙහියි කියනලදි. අභිඞ්කාරමානානුසයා යනු අහඞ්කාර දෘෂ්ටියද මමිඞ්කාර තෘෂ්ණාවද මාන අනුසයද යන මේ කෙලෙස්ය. නාස්සු යනු නොවන්නේය. බහිද්ධා ච සබ්බනිමිත්තෙසු යනු රූප නිමිත්තය, ශබ්දනිමිත්තය, ගන්‍ධ රස පොට්ඨබ්බ නිමිත්තය ශාශ්වතාදි නිමිත්තය, පුද්ගලනිමිත්ය, ධර්‍ම නිමිත්තය යන මෙබඳුවූ බාහිර නිමිතිවලය. චෙතොවිමුත්තිං පඤ්ඤා විමුත්තිං යනු ඵලසමාධිය හා ඵලඤාණයයයි. සියා යනු වන්නේය.

ඉධානන්‍ද, භික‍්ඛුනොති, ආනන්‍ද, ඉමස‍්මිං සාසනෙ භික‍්ඛුනො. එතං සන‍්තං එතං පණීතන‍්ති නිබ‍්බානං දස‍්සෙන‍්තො ආහ. නිබ‍්බානං හි කිලෙසානං සන‍්තතාය සන‍්තං නාම, නිබ‍්බානං සන‍්තන‍්ති සමාපත‍්තිං අප‍්පෙත්‍වාව දිවසම‍්පි නිසින‍්නස‍්ස චිත‍්තුප‍්පාදො සන‍්තන‍්තෙව පවත‍්තතීතිපි සන‍්තං. පණීතන‍්ති සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසින‍්නස‍්සාපි චිත‍්තුප‍්පාදො පණීතන‍්තෙව පවත‍්තතීති නිබ‍්බානං පණීතං නාම. සබ‍්බසඞ‍්ඛාරසමථොතිආදීනිපි තස‍්සෙව වෙවචනානි. “සබ‍්බසඞ‍්ඛාරසමථො”ති සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසින‍්නස‍්ස හි දිවසභාගම‍්පි චිත‍්තුප‍්පාදො සබ‍්බසඞ‍්ඛාරසමථොතෙව පවත‍්තති…පෙ… තථා තීසු භවෙසු වානසඞ‍්ඛාතාය තණ‍්හාය අභාවෙන නිබ‍්බානන‍්ති ලද‍්ධනාමෙ තස‍්මිං සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසින‍්නස‍්ස චිත‍්තුප‍්පාදො නිබ‍්බානං නිබ‍්බානන‍්තෙව පවත‍්තතීති සබ‍්බසඞ‍්ඛාරසමථොතිආදීනි නාමානි ලභති. ඉමස‍්මිං පන අට‍්ඨවිධෙ ආභොගසමන‍්නාහාරෙ ඉමස‍්මිං ඨානෙ එකොපි ලබ‍්භති, ද‍්වෙපි සබ‍්බෙපි ලබ‍්භන‍්තෙව.

ඉධානන්‍ද භික්‍ඛුනො යනු ආනන්‍දය, මේ සසුනෙහි භික්‍ෂුවගේයි. එතං සන්තං එතං පණීතං යනු නිවන දක්වමින් පැවසීය. නිවන වනාහි කෙලෙසුන් සන්සුන්බවින් ශාන්ත නමි. නිවන ශාන්තයයි සමවතට නංවාම දිනකුදු හුන්නහුගේ චිත්තොත්පාදය ශාන්තවම පවතීනුයිද ශාන්ත නමි. ප්‍රණීතයයි (සමාධියට) නංවා හුන්නහුගේ චිත්තොත්පාදය ප්‍රණීතවම පවතීනුයි නිවන ප්‍රණීත නමි. සබ්බසංඛාරසමථා යනු එයටම පර්‍ය්‍යාය වචනයි. සියලු සංස්කාරයන්ගෙන් සංසිඳිණැයි (සමාධියට) නංවා හුන්නහුගේ දිනයෙහිම චිත්තෝත්පාදය සියලු සංස්කාරයන්ගෙන් සංසුන්වීම පවතියි. -පෙ- එසේ භවත්‍රයෙහි වානනම්වූ තෘෂ්ණාවගේ අභාවයෙන් නිවනයයි ලදනම් ඇති (දෙයින්) එහි සමවතට නංවා හුන්නහුගේ චිත්තෝත්පාදය නිවනෙහිම පවතීනුයි සබ්බසංඛාරසමථ ආදීනම් ලබයි. මේ අටවැදෑරුම් ආභොගසමන්නාහාරයෙහි මෙතැන්හි එකක්ද ලබයි. දෙකක්ද සියල්ලමද ලබන්නේමය.

සඞ‍්ඛායාති ඤාණෙන ජානිත්‍වා. පරොපරානීති පරානි ච ඔපරානි ච. පරඅත‍්තභාවසකඅත‍්තභාවානි හි පරානි ච ඔපරානි චාති වුත‍්තං හොති. යස‍්සාති යස‍්ස අරහතො. ඉඤ‍්ජිතන‍්ති රාගිඤ‍්ජිතං දොසමොහමානදිට‍්ඨිකිලෙසදුච‍්චරිතිඤ‍්ජිතන‍්ති ඉමානි සත‍්ත ඉඤ‍්ජිතානි චලිතානි ඵන්‍දිතානි. නත්‍ථි කුහිඤ‍්චීති කත්‍ථචි එකාරම‍්මණෙපි නත්‍ථි. සන‍්තොති පච‍්චනීකකිලෙසානං සන‍්තතාය සන‍්තො. විධූමොති කායදුච‍්චරිතාදිධූමවිරහිතො. අනීඝොති රාගාදිඊඝවිරහිතො. නිරාසොති නිත‍්තණ‍්හො. අතාරීති තිණ‍්ණො උත‍්තිණ‍්ණො සමතික‍්කන‍්තො. සොති සො අරහං ඛීණාසවො. ජාතිජරන‍්ති එත්‍ථ ජාතිජරාගහණෙනෙව බ්‍යාධිමරණම‍්පි ගහිතමෙවාති වෙදිතබ‍්බං. ඉති සුත‍්තන‍්තෙපි ගාථායපි අරහත‍්තඵලසමාපත‍්තියෙව කථිතාති.

සංඛාය යනු නුවණින් දැනයි. පරොවරානි යනු පරානි යනුද ඔවරානි යනුද වේ. අනුන්ගේ ආත්මභාවය තමන්ගේ ආත්මභාවය ආදිය පරානි යනුද ඔවරානි යනුද කිනලද්දේ වෙයි. යස්ස යනු යම් කිසි රහතන්වහන්සේගේයි. ඉඤ්ජිතං යනු රාග ඉඤ්ජිතය, දොස මොහ මානදිට්ඨි කිලෙස දුශ්චරිත යන මේ සත් ඉඤ්ජිතයෝ සැළුනාහුය. කම්පාවූවාහුය. නන්‍ථි කුහිඤ්චි යනු කිසිදු එකාරම්මණයකද නැත. සන්තො යනු විරුද්ධ කෙලෙසුන් සන්හුන් බැවින් ශාන්තයි. විධූමො යනු කායදුශ්චරිතාදී දුම් රහිතය. අනීඝො යනු රාගාදී විපත් රහිතය. නිරාසො යන තෘෂ්ණාරහිතය, අතාරී යනු එතෙරවූයේ එගොඩවූයේ ඉක්මවාලූයේයි. සො යනු ඒ අරහත්වූ ක්‍ෂීණාශ්‍රවයන්වහන්සේයි. ජාතිජරං යනු මෙහි ජාතිජරාදිය ගැනීමෙන් ව්‍යාධිමරණයන්ද ගන්නාලද්දේමයයි දතයුතුය. මෙසේ සූත්‍රයෙහිද ගාථාවෙහිද අරහත්ඵල සමාපත්තියම කියනලදි.

3. සාරිපුත‍්තසුත‍්තවණ‍්ණනා

3. 1. 4. 3

තතියෙ සංඛිත‍්තෙනාති මාතිකාඨපනෙන. විත්‍ථාරෙනාති ඨපිතමාතිකාවිභජනෙන. සංඛිත‍්තවිත්‍ථාරෙනාති කාලෙ සංඛිත‍්තෙන කාලෙ විත්‍ථාරෙන. අඤ‍්ඤාතාරො ච දුල‍්ලභාති පටිවිජ‍්ඣනකපුග‍්ගලා පන දුල‍්ලභා. ඉදං භගවා “සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ඤාණං ඝට‍්ටෙමී”ති අධිප‍්පායෙන කථෙසි. තං සුත්‍වා ථෙරො කිඤ‍්චාපි “අහං, භන‍්තෙ, ආජානිස‍්සාමී”ති න වදති, අධිප‍්පායෙන පන “විස‍්සත්‍ථා තුම‍්හෙ, භන‍්තෙ, දෙසෙථ, අහං තුම‍්හෙහි දෙසිතං ධම‍්මං නයසතෙන නයසහස‍්සෙන පටිවිජ‍්ඣිස‍්සාමි, මමෙස භාරො හොතූ”ති සත්‍ථාරං දෙසනාය උස‍්සාහෙන‍්තො එතස‍්ස භගවා කාලොතිආදිමාහ.

තෙවැන්නෙහි සංඛිත්තෙන යනු මාතෘකා තැබීමෙනි. විත්‍ථාරෙන යනු තැබු මාතෘකාව බෙදා දැක්වීමෙනි. සඞ්ඛිත්තවිත්‍ථාරෙන යනු විටකසැකෙවින් විටකවිස්තර වශයෙනි. අඤ්ඤාතාරො ච දුල්ලභා යනු අවබෝධකරන පුද්ගලයෝ දුර්‍ලභයහ. මෙය භාග්‍යවතුන්වහන්සේ සැරියුත් තෙරුන්ගේ නුවණ ප්‍රකටකරවන අදහසින් පැවසූසේක. එය අසා තෙරණුවෝ ‘ස්වාමීනි, නිසැකවූ ඔබවහන්සේ දෙනු මැනව. මම නුඹවහන්සේ විසින් දෙනලද ධර්‍මය නයසියයෙන්ද නයදහසින්ද අවබෝධකරන්නෙමි එය මට අයත්යයි හුදෙක් අදහසින් (වචනයෙන් නොකියා), ශාස්තෘන්වහන්සේ දෙසුමට උත්සාහවත්කරවමින් එතස්ස භගවා කාලො යනාදිය පැවසූහ.

අථස‍්ස සත්‍ථා තස‍්මාතිහාති දෙසනං ආරභි. තත්‍ථ ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙතිආදි වුත‍්තනයමෙව. අච‍්ඡෙච‍්ඡි තණ‍්හන‍්ති මග‍්ගඤාණසත්‍ථෙන තණ‍්හං ඡින්‍දි. විවත‍්තයි සංයොජනන‍්ති දසවිධම‍්පි සංයොජනං සමූලකං උබ‍්බත‍්තෙත්‍වා ඡඩ‍්ඩෙසි. සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති සම‍්මා උපායෙන සම‍්මා පටිපත‍්තියා නවවිධස‍්ස මානස‍්ස පහානාභිසමයෙන වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තමකාසි. ඉදඤ‍්ච පන මෙතං, සාරිපුත‍්ත, සන්‍ධාය භාසිතන‍්ති, සාරිපුත‍්ත, මයා පාරායනෙ උදයපඤ‍්හෙ ඉදං ඵලසමාපත‍්තිමෙව සන්‍ධාය එතං භාසිතං.

ඉක්බිති ශාස්තෘන්වහන්සේ උන්වහන්සේට ‘තස්මාතිහ’ යනුවෙන් දෙසුම අරඹූසේක. එහි ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ යනාදිය කියනලදක්‍රමය ඇත්තේමය. අචේඡච්ඡිතණ්හං යනු මාර්‍ගඥාන නමැති සැතින් (අවියෙන්) තෘෂ්ණාව සින්දේය. වාවත්තයී සංයොජනං යනු දසආකාර සංයෝජනය මුල්සහිතව උදුරා ඉවත දැමීය. සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්‍ඛස්ස යනු මනා උපායෙන් නිවැරදි ප්‍රතිපත්තියෙන් නවවිධවූ මානය දුරලීම පිළිබඳ අවබෝධයෙන් සසරදුක නිමවීය. ඉදංච පනමෙතං සාරිපුත්ත සන්‍ධාය ශාසිතං යනු ‘ශාරිපුත්‍රය’ මවිසින් පාරායන (වර්ග) යෙහි උදය ප්‍රශ්නයේද මේ ඵලසමාප්තිය සඳහාම මෙය කියනලදි.

ඉදානි යං තං භගවතා භාසිතං, තං දස‍්සෙන‍්තො පහානං කාමසඤ‍්ඤානන‍්තිආදි ආරද‍්ධං. උදයපඤ‍්හෙ ච එතං පදං “පහානං කාමච‍්ඡන්‍දාන”න‍්ති (සු· නි· 1112; චූළනි· උදයමාණවපුච‍්ඡානිද‍්දෙසො 75) ආගතං, ඉධ පන අඞ‍්ගුත‍්තරභාණකෙහි “කාමසඤ‍්ඤාන”න‍්ති ආරොපිතං. තත්‍ථ බ්‍යඤ‍්ජනමෙව නානං, අත්‍ථො පන එකොයෙව. කාමසඤ‍්ඤානන‍්ති කාමෙ ආරබ‍්භ උප‍්පන‍්නසඤ‍්ඤානං, අට‍්ඨහි වා ලොභසහගතචිත‍්තෙහි සහජාතසඤ‍්ඤානං. දොමනස‍්සාන චූභයන‍්ති එතාසඤ‍්ච කාමසඤ‍්ඤානං චෙතසිකදොමනස‍්සානඤ‍්චාති උභින‍්නම‍්පි පහානං පටිප‍්පස‍්සද‍්ධිපහානසඞ‍්ඛාතං අරහත‍්තඵලං අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමීති අත්‍ථො. නිද‍්දෙසෙ පන “කාමච‍්ඡන්‍දස‍්ස ච දොමනස‍්සස‍්ස ච උභින‍්නං පහානං වූපසමං පටිනිස‍්සග‍්ගං පටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බාන”න‍්ති (චූළනි· උදයමාණවපුච‍්ඡානිද‍්දෙසො 75) වුත‍්තං, තං අත්‍ථුද‍්ධාරවසෙන වුත‍්තං. පහානන‍්ති හි ඛීණාකාරසඞ‍්ඛාතො වූපසමොපි වුච‍්චති, කිලෙසෙ පටිනිස‍්සජ‍්ජන‍්තො මග‍්ගොපි, කිලෙසපටිප‍්පස‍්සද‍්ධිසඞ‍්ඛාතං ඵලම‍්පි, යං ආගම‍්ම කිලෙසා පහීයන‍්ති, තං අමතං නිබ‍්බානම‍්පි. තස‍්මා තත්‍ථ තානි පදානි ආගතානි. “අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමී”ති වචනතො පන අරහත‍්තඵලමෙව අධිප‍්පෙතං. ථිනස‍්ස ච පනූදනන‍්තිපි ථිනස‍්ස ච පනූදනන‍්තෙ උප‍්පන‍්නත‍්තා අරහත‍්තඵලමෙව අධිප‍්පෙතං. කුක‍්කුච‍්චානං නිවාරණන‍්ති කුක‍්කුච‍්චනිවාරණස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරං උප‍්පන‍්නත‍්තා ඵලමෙව අධිප‍්පෙතං.

දැන් යමක් භාග්‍යවතුන්වහන්සේ විසින් කියනලද්දේද එය දැක්වීමට ‘පහානං කාමසඤ්ඤානං’ යනාදිය අරඹනලදි. උදය ප්‍රශ්නයෙහිද මේ පදය පහානං කාමච්ඡන්‍දානං යනුවෙන් අයේය. මෙහි වනාහි අඞ්ගුත්තර භාණකයන් විසින් ‘කාමසඤ්ඤානං’ යන්නට නඟනලදි. එහි ව්‍යාංජනය පමණක්ම වෙනස්වෙයි. අර්‍ත්‍ථය එකමය. කාමසඤ්ඤානං යනු කාමයන් අරභයා උපන් සංඥාවන්ගේය, ලොභසහගත සිත් අට සමඟ එක්ව උපන් සංඥාවන්ගේ හෝය. දොමනස්සානචූහයං යනු මෙ කාමසංඥාවන්ගේද චෛතසික දොමනස්සයන්ගේද යන දෙවර්‍ගයේම ප්‍රහාණයවූ පටිප්පස්සද්ධි ප්‍රහාණ සංඛ්‍යාතවූ අරහත්ඵලය නමැති අඤ්ඤාවිමොක්‍ෂය කියමැයි අර්‍ත්‍ථයි. නිද්දෙසපාලියෙහිදී කාමච්ඡන්‍ද දොමනස්ස යන දෙදෙනාගේම ප්‍රහාණය, ව්‍යාපශමය, දුරුකිරීම, සංසිඳීම අමෘතයය, නිර්‍වාණයයි කියනලදි. එය අර්‍ත්‍ථය මතුකොට දැක්වීම් වශයෙන් කියනලදි. ප්‍රහාණය වනාහි ක්‍ෂයකිරීම් සංඛ්‍යාතවූ වූපසමය (සංසිඳීම) යයි කියනුලැබේ. කෙලෙස් දුරුකරන මාර්ගයයිද කෙලෙස් සංසිඳීම් සංඛ්‍යාත ඵලයයිද කියනුලැබේ. යමකට පැමිණ කෙලෙස් දුරුවෙයිද එය අමෘතවූ නිර්‍වාණයයිද කියනුලැබේ. එබැවින් එහි මේපද ආයේය. අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑමි යන වචනයෙන් අරහත්ඵලයම අදහස්කරනලදි. කුක්කුච්චානං නිවාරණං යනු කුකුස් වළක්වන මාර්‍ගයට අනතුරුව උපන්බැවින් ඵලයම අදහස් කරනලදි.

උපෙක‍්ඛාසතිසංසුද‍්ධන‍්ති චතුත්‍ථජ‍්ඣානිකෙ ඵලෙ උප‍්පන‍්නාය උපෙක‍්ඛාය ච සතියා ච සංසුද‍්ධං. ධම‍්මතක‍්කපුරෙජවන‍්ති ධම‍්මතක‍්කො වුච‍්චති සම‍්මාසඞ‍්කප‍්පො, සො ආදිතො හොති, පුරතො හොති, පුබ‍්බඞ‍්ගමො හොති අඤ‍්ඤාවිමොක‍්ඛස‍්සාති ධම‍්මතක‍්කපුරෙජවො. තං ධම‍්මතක‍්කපුරෙජවං. අඤ‍්ඤාවිමොක‍්ඛන‍්ති අඤ‍්ඤින්‍ද්‍රියපරියොසානෙ උප‍්පන‍්නං විමොක‍්ඛං, අඤ‍්ඤාය වා විමොක‍්ඛං අඤ‍්ඤාවිමොක‍්ඛං, පඤ‍්ඤාවිමුත‍්තන‍්ති අත්‍ථො. අවිජ‍්ජාය පභෙදනන‍්ති අවිජ‍්ජාය පභෙදනන‍්තෙ උප‍්පන‍්නත‍්තා, අවිජ‍්ජාය පභෙදනසඞ‍්ඛාතං වා නිබ‍්බානං ආරබ‍්භ උප‍්පන‍්නත‍්තා එවංලද‍්ධනාමං අරහත‍්තඵලමෙව. ඉති සබ‍්බෙහිපි ඉමෙහි පහානන‍්තිආදීහි පදෙහි අරහත‍්තඵලමෙව පකාසිතන‍්ති වෙදිතබ‍්බං.

උපෙඛාසතිසංසුද්ධං යනු චතුර්ථධ්‍යානික ඵලයෙහි උපන් උපෙක්‍ෂාවෙන්ද සතියෙන්ද පිරිසුදුවූයි. ධම්මතක්කපුරෙජවං යනු සම්‍යක්සංකල්පය ධම්මතක්කයයි කියනුලැබේ. එය අඤ්ඤාවිමොක්‍ෂයට මුල්වෙයි. පෙරටුවෙයි. ඉදිරියෙහි වෙයි යනුවෙන් ධම්මතක්කපුරෙජවො නමි. ඒ ධර්‍මතර්‍කය ඉදිරියෙන් දිවෙන්නාවූයි. අඤ්ඤාවිමොක්‍ඛං යනු ඤාණෙන්‍දිය අවසානයෙහි උපන් විමොක්‍ෂයයි. දැනීමෙන් හෝ මිඳීමට පත්වීම අඤ්ඤාවිමොක්‍ෂයයි. ප්‍රඥාවෙන් විමුක්තිය ලැබීමය යන අර්‍ත්‍ථයි. අවිජ්ජාය පභෙදනං යනු අවිද්‍යාව බිඳීයාමෙන් අවසානයෙහි උපන් බැවින් අවිද්‍යාව බිඳීයාම් සංඛ්‍යාතවූ, නිවන අරභයා උපන්බැවින් මෙසේ ලබනලද නම් ඇති අරහත් ඵලයමය. මෙසේ මේ සියලුම පහානං ආදී පදයන්ගෙන් අරහත්ඵලයම පවසනලදැයි දතයුතුය.