යෙදුමෙන් කියවන්න

3. 1. 4. 1

3. 1. 4. 1.

3. 1. 4. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. සබ්‍රහ‍්මකානි භික‍්ඛවෙ තානි කුලානි, යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සපුබ‍්බාචරියකානි භික‍්ඛවෙ තානි කුලානි, යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සාහුනෙය්‍යකානි භික‍්ඛවෙ තානි කුලානි, යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. බ්‍රහ‍්මාති භික‍්ඛවෙ මාතාපිතුන‍්නං එතං අධිවචනං. පුබ‍්බාචරියාති භික‍්ඛවෙ මාතාපිතුන‍්නං එතං අධිවචනං. ආහුනෙය්‍යාති භික‍්ඛවෙ මාතාපිතුන‍්නං එතං අධිවචනං. තං කිස‍්ස හෙතු: බහුකාරා භික‍්ඛවෙ මාතාපිතරො පුත‍්තානං. ආපාදකා පොසකා ඉමස‍්ස ලොකස‍්ස දස‍්සෙතාරොති.

31. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මාපියෝ සියගෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ. මහණෙනි, ‘බ්‍රහ්ම’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යනු මාපියනට තෙල නමෙකි. මහණෙනි, ‘ආහුනෙය්‍ය’ යනු මාපියනට තෙල නමෙකි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මාපියෝ පුත්‍රයන් පල්නාහු පුස්නාහු මේ ලෝකය දක්වන්නාහු වෙත් ද, එහෙයින් දරුවනට බොහෝ උපකාර ඇතියහ.

16. බ්‍රහ‍්මාති මාතාපිතරො පුබ‍්බාචරියාති වුච‍්චරෙ, ආහුනෙය්‍යා ච පුත‍්තානං පජාය අනුකම‍්පකා.

16. මාපියෝ පුත්‍රයනට බ්‍රහ්මයහ යි ද පූර්‍වාචාර්‍ය්‍යයහ යි ද ආහුනෙය්‍යහ යි ද දරුවනට අනුකම්පා කරන්නාහු යයි ද කියනු ලැබෙත්.

17. තස‍්මා හි නෙ නමස‍්සෙය්‍ය සක‍්කරෙය්‍යාථ පණ‍්ඩිතො, අන‍්නෙන අථ පානෙන වත්‍ථෙන සයනෙන ච, උච‍්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච.

17. එහෙයින් නුවණැත්තේ ඔවුන් නමදනේ ය. ආහාරයෙනුදු යලි පානයෙනුදු වස්ත්‍රයෙනුදු යහනිනුදු ඇඟ ඉළීමෙනුදු නෑවීමෙනුදු පා දෙවීමෙනුදු ඔවුන් සගන්නේ ය.

18. තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ‍්ඩිතා, ඉධචෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ ච මොදතීති.

18. මවුපියන් කෙරෙහි ඒ පිරිසැරියෙන් පණ්ඩිතයෝ මෙලොව්හි ද ඔහු පසසත්. හේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද (විපාකමෝදනායෙන්) තුටු වේ යයි.