යෙදුමෙන් කියවන්න

3. 1. 4. 2

3. 1. 4. 2.

3. 1. 4. 2.

32. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: සියා නු ඛො භන‍්තෙ භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, යඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යා?ති.

32. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, යම් පරිද්දෙකින් සවිඥානක වූ මේ ශරීරයෙහිත් අහඞ්කාරදෘෂටි හා මමඞ්කාරතෘෂණා හා මානානුසය හා යන මොහු නො වෙත් නම්, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසය යන මොහු නො වෙත් නම්, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් සමවැද වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයෝ නො වෙත් නම්, එබඳු ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් ඇත් ද?

සියා ආනන්‍ද භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, යඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාති.

ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද, අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, බාහිර වූ ද සියලු රූපාදිනිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, යම් බඳු වූ ඵල සමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ද ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වෙසෙන්නේ නම්, ඒ භික්‍ෂූහට එවැනි සමාධිප්‍රතිලාභයෙක් ඇත.

යථා කථං පන භන‍්තෙ සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, යං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යා?ති.

වහන්ස, යම් හෙයෙකින් මේ සවිඥානක ශරීරයෙහි ද අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, බාහිර වූ ද සියලු නිමිත්තයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් බඳු වූ ඵලසමාධියකට ඵලප්‍රඥාවකට පැමිණ වසන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, එබඳු වූ ඵලසමාධියට ඵලප්‍රඥාවට පැමිණ වසන්නේ නම්, ඒ භික්‍ෂූහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වන්නේ ද?

ඉධානන්‍ද භික‍්ඛුනො එවං හොති: එතං සන‍්තං, එතං පණීතං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානන‍්ති. එවං ඛො ආනන්‍ද සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා නාස‍්සු, යං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. ඉදං ච පන මෙතං ආනන්‍ද සන්‍ධාය භාසිතං පාරායණෙ පුණ‍්ණකපඤ‍්හෙ:

ආනන්‍දයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට මෙබඳු සිතෙක් වෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සංහිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් නො ඇලීමෙක් නිරෝධයෙක් නිවණෙක් වේ ද, තෙල ශාන්තය. තෙල ප්‍රණීතයි. ආනන්‍දයෙනි, යම්සේ මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, යම් ඵලසමාධියකට ද ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නාහට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් ද, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වාසය කරන්නේ ද, මෙසේ ඒ භික්‍ෂුහට එබඳු වූ සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ය. ආනන්‍දයෙනි, මේ කරුණ සඳහා පාරායණයෙහි පූර්‍ණක ප්‍රශ්නයෙහිදී මා විසින් තෙල දෙසන ලදී:

19. සඞ‍්ඛාය ලොකස‍්මිං පරොවරානි යස‍්සිඤ‍්ජිතං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ, සන‍්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමී’ති.

19. ලෝකයෙහි ස්වාත්මභාව පරාත්මභාව සඞ්ඛ්‍යාත පරාවරයන් නුවණින් දැන, ලොව්හි කිසි අරමුණෙක්හිදු යමකුගේ කම්පායෙක් නැත් ද, විරුද්ධ වූ ක්ලේශයන් සංහිඳ වූ හෙයින් ශාන්ත වූ කායදුශ්චරිතාදි වූ දුම් නැති රාගාදි ඊඝ හා ආශා නැති හෙතෙම ජාති ජරා ව්‍යාධි මරණ සමූහය තරණය කෙළේය යි කියමි.