යෙදුමෙන් කියවන්න

3. 1. 4. 3

3. 1. 4. 3.

3. 1. 4. 3.

33. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භගවා එතදවොච : සඞ‍්ඛිත‍්තෙනපි ඛො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං, විත්‍ථාරෙනපි ඛො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං, සඞ‍්ඛිත‍්තවිත්‍ථාරෙනපි ඛො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං, අඤ‍්ඤාතාරො ච දුල‍්ලභාති. එතස‍්ස භගවා කාලො, එතස‍්ස සුගත කාලො, යං භගවා සඞ‍්ඛිත‍්තෙනපි ධම‍්මං දෙසෙය්‍ය, විත්‍ථාරෙනපි ධම‍්මං දෙසෙය්‍ය, සඞ‍්ඛිත‍්තවිත්‍ථාරෙනපි ධම‍්මං දෙසෙය්‍ය. භවිස‍්සන‍්ති ධම‍්මස‍්ස අඤ‍්ඤාතාරොති.

33. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: ‘ශාරීපුත්‍රයෙනි, මම සැකෙවිනුදු දහම් දෙසමි. ශාරීපුත්‍රයෙනි, මම විතර විසිනුදු දහම් දෙසමි. සංක්‍ෂේපවිස්තර දෙකිනුදු දහම් දෙසමි. එතෙකුදුවත් ප්‍රතිවේධ කරණුවෝ දුර්‍ලභයහ යි. භාග්‍යවතුන්වහන්සේ යම් හෙයෙකින් සැකෙවිනුදු දහම් දෙසන සේක් ද, විතර විසිනුදු දහම් දෙසන සේක් ද, සංක්‍ෂේපවිස්තර දෙකිනුත් දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කලි. සුගතයන් වහන්ස, මේ එයට කලි. ධර්‍මය ප්‍රතිවේධ කරණුවෝ වෙති යි.

තස‍්මාතිහ සාරිපුත‍්ත එවං සික‍්ඛිතබ‍්බං : ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න භවිස‍්සන‍්ති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න භවිස‍්සන‍්ති, යං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමාති. එවං හි ඛො සාරිපුත‍්ත සික‍්ඛිතබ‍්බං.

ශාරීපුත්‍රයෙනි, එසේ හෙයින් මේ සවිඥානක ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, බාහ්‍ය වූ හැම නිමිත්හිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවන්නාහු ද, යම් ඵලසමාධියකටත් ඵලප්‍රඥාවකටත් පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම් ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වසන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.

යතො ච ඛො සාරිපුත‍්ත භික‍්ඛුනො ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙ කායෙ අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, යං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරතො අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්ති, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති සාරිපුත‍්ත භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයී සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්ස. ඉදං ච පන මෙතං සාරිපුත‍්ත සන්‍ධාය භාසිතං පාරායණෙ උදයපඤ‍්හෙ.

ශාරීපුත්‍රයෙනි, යම් කලෙක පටන්ගෙණ භික්‍ෂුහට සවිඥානක වූ මේ ශරීරයෙහි අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, බාහිර වූ සියලු නිමිත්තයෙහිදු අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නොවෙත් නම්, යම් ඵලසමාධියකට ද යම් ඵලප්‍රඥාවකට ද පැමිණ වාසය කරන්නහුට අහඞ්කාර, මමඞ්කාර, මානානුසයයෝ නො වෙත් නම්, ඒ ඵලසමාධියට ද ඵලප්‍රඥාවට ද පැමිණ වෙසේ නම්, ශාරීපුත්‍රයෙනි, මේ භික්‍ෂු තෘෂ්ණාව සිඳලී ය යි ද, සංයෝජන උපුටා හළේ ය යි ද, මනා පිළිවෙතින් මානය සංහිඳවීමෙන් සසරදුක් අවසන් කෙළේය යි ද, කියනු ලැබේ. ශාරීපුත්‍රයෙනි, මෙය සඳහා ම පාරායණ වර්‍ගයෙහි උදය ප්‍රශ්නයෙහි මා විසින් තෙල දෙසන ලදී:

20. පහාණං කාමසඤ‍්ඤානං දොමනස‍්සානචූභයං, ථීනස‍්ස ච පනූදනං කුක‍්කුච‍්චානං නිවාරණං.

20-21. කාමසංඥාවන්ගේ ද දොම්නසුන්ගේ දැයි මේ ධර්‍මයන් දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද‍්ධයාගේ දුරලීම ද කුක්කුච්චයන්ගේ වැළැහීම ද චතුර්‍ත්‍ථධ්‍යානයට අයත් ඵලයෙහි උපන් උපේක්‍ෂායෙන් හා ස්මෘතියෙන් පිරිසිදු වූ සම්‍යක්සංකල්පය පෙරට කොට සිටි අඤ්ඤින්‍ද්‍රියයාගේ කෙළවර උපදනා අර්‍හත්ඵලය අවිද්‍යාව බිඳීමය යි කියමි.

21. උපෙක‍්ඛාසතිසංසුද‍්ධං ධම‍්මතක‍්කපුරෙජවං, අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමි අවිජ‍්ජායප‍්පභෙදනං’ති.