යෙදුමෙන් කියවන්න

3. පුග‍්ගලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. පුඟුල් වර්ගය

1. සමිද‍්ධසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 1

තතියස‍්ස පඨමෙ ඣානඵස‍්සං පඨමං ඵුසති, පච‍්ඡා නිරොධං නිබ‍්බානං සච‍්ඡිකරොතීති කායසක‍්ඛි. දිට‍්ඨන‍්තං පත‍්තොති දිට‍්ඨිප‍්පත‍්තො. සද‍්දහන‍්තො විමුත‍්තොති සද‍්ධාවිමුත‍්තො. ඛමතීති රුච‍්චති. අභික‍්කන‍්තතරොති අතිසුන්‍දරතරො. පණීතතරොති අතිපණීතතරො. සද‍්ධින්‍ද්‍රියං අධිමත‍්තං හොතීති සමිද‍්ධත්‍ථෙරස‍්ස කිර අරහත‍්තමග‍්ගක‍්ඛණෙ සද‍්ධින්‍ද්‍රියං ධුරං අහොසි, සෙසානි චත‍්තාරි සහජාතින්‍ද්‍රියානි තස‍්සෙව පරිවාරානි අහෙසුං. ඉති ථෙරො අත‍්තනා පටිවිද‍්ධමග‍්ගං කථෙන‍්තො එවමාහ. මහාකොට‍්ඨිකත්‍ථෙරස‍්ස පන අරහත‍්තමග‍්ගක‍්ඛණෙ සමාධින්‍ද්‍රියං ධුරං අහොසි, සෙසානි චත‍්තාරි ඉන්‍ද්‍රියානි තස‍්සෙව පරිවාරානි අහෙසුං. තස‍්මා සොපි සමාධින්‍ද්‍රියං අධිමත‍්තන‍්ති කථෙන‍්තො අත‍්තනා පටිවිද‍්ධමග‍්ගමෙව කථෙසි. සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පන අරහත‍්තමග‍්ගක‍්ඛණෙ පඤ‍්ඤින්‍ද්‍රියං ධුරං අහොසි. සෙසානි චත‍්තාරි ඉන්‍ද්‍රියානි තස‍්සෙව පරිවාරානි අහෙසුං. තස‍්මා සොපි පඤ‍්ඤින්‍ද්‍රියං අධිමත‍්තන‍්ති කථෙන‍්තො අත‍්තනා පටිවිද‍්ධමග‍්ගමෙව කථෙසි.

තෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ධ්‍යාන ස්පර්‍ශය පළමුව ස්පර්‍ශකරයි. පසුව නිරොධයවූ නිවන පසක් කරයිනුයි කායසක්‍ඛි නමි. දෘෂ්ටි අන්තයට පැමිණියේනුයි දිට්ටප්පතේතායි. අදහමින් මිදීමට පැමිණියේනුයි සද්ධාවිමුත්තොයි. ඛමති යනු රුචි වෙයි. අභික්කන්තතරො යනු ඉතා සොඳුරුතරය. පණීත්තරො යනු ඉතාප්‍රණීතතරය. සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්‍ගක්‍ෂණයෙහි අධිමත්තං හොති යනු සවිට්ඨතෙරුන්ටවනාහි අරහත් මාර්‍ගක්‍ෂණයෙහි ශ්‍රද්ධාඉන්‍ද්‍රිය ප්‍රධානවිය. සෙසු සතර සහජාත ඉන්‍ද්‍රියයෝ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියේම පරිවරවූවාහුය. මෙසේ තෙරහු තමන් අවබෝද කළ මාර්‍ගය කියමින් මෙසේ පැවසූහ. මහා කොට්ඨිත තෙරුන්ටද අරහත්මාර්‍ගක්‍ෂණයෙහි සමාධි ඉන්‍ද්‍රියය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්‍ද්‍රියය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද සමාධිඉන්‍ද්‍රිය අධිමාත්‍රයයි පවසමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්‍ගයම කීහ. සැරියුත් තෙරුන්ට වනාහි අරහත්මාර්‍ගක්‍ෂණයෙහි ප්‍රඥා ඉන්‍ද්‍රිය ප්‍රධානවිය. සෙසු සතර ඉන්‍ද්‍රියයෝ එයටම පිරිවරවූවාහුය. එහෙයින් උන්වහන්සේද ප්‍රඥා ඉන්‍ද්‍රිය අධිමාත්‍රයයි කියමින් තමන් විසින් අවබෝධ කරනලද මාර්‍ගයම පැවසූහ.

න ඛ‍්වෙත්‍ථාති න ඛො එත්‍ථ. එකංසෙන බ්‍යාකාතුන‍්ති එකන‍්තෙන බ්‍යාකරිතුං. අරහත‍්තාය පටිපන‍්නොති අරහත‍්තමග‍්ගසමඞ‍්ගිං දස‍්සෙති. එවමෙතස‍්මිං සුත‍්තෙ තීහිපි ථෙරෙහි අත‍්තනා පටිවිද‍්ධමග‍්ගොව කථිතො, සම‍්මාසම‍්බුද‍්ධො පන භුම‍්මන‍්තරෙනෙව කථෙසි.

න ඛොත්‍ථ යනු මෙහි නොවේ යනුයි. එකංසෙන ව්‍යාකාතුං යනු ඒකාන්තයෙන් විවරණයකරන්නටයි අරහත්තාය පටිපන්නො යනු අරහත්මාර්‍ගය සමඟ යුක්තවූ දෙය දක්වයි. මෙසේ මේ සූත්‍රයෙහි තෙරුන් තිදෙනා විසින්ම තමන් විසින් අවබෝධකළ මාර්‍ගය කියනලදී. සම්මා සම්බුදුන්වහන්සේ වනාහි වෙනස් වෙනස් භූමිවශයෙන්ම වදාළසේක.

2. ගිලානසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 2

දුතියෙ සප‍්පායානීති හිතානි වුද‍්ධිකරානි. පතිරූපන‍්ති අනුච‍්ඡවිකං. නෙව වුට‍්ඨාති තම‍්හා ආබාධාති ඉමිනා අතෙකිච‍්ඡෙන වාතාපමාරාදිනා රොගෙන සමන‍්නාගතො නිට‍්ඨාපත‍්තගිලානො කථිතො. වුට‍්ඨාති තම‍්හා ආබාධාති ඉමිනා ඛිපිතකකච‍්ඡුතිණපුප‍්ඵකජරාදිභෙදො අප‍්පමත‍්තආබාධො කථිතො. ලභන‍්තො සප‍්පායානි භොජනානි නො අලභන‍්තොති ඉමිනා පන යෙසං පටිජග‍්ගනෙන ඵාසුකං හොති, සබ‍්බෙපි තෙ ආබාධා කථිතා. එත්‍ථ ච පතිරූපො උපට‍්ඨාකො නාම ගිලානුපට‍්ඨාකඅඞ‍්ගෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො දක‍්ඛො අනලසො වෙදිතබ‍්බො. ගිලානුපට‍්ඨාකො අනුඤ‍්ඤාතොති භික‍්ඛුසඞ‍්ඝෙන දාතබ‍්බොති අනුඤ‍්ඤාතො. තස‍්මිඤ‍්හි ගිලානෙ අත‍්තනො ධම‍්මතාය යාපෙතුං අසක‍්කොන‍්තෙ භික‍්ඛුසඞ‍්ඝෙන තස‍්ස භික‍්ඛුනො එකො භික‍්ඛු ච සාමණෙරො ච “ඉමං පටිජග‍්ගථා”ති අපලොකෙත්‍වා දාතබ‍්බා. යාව පන තෙ තං පටිජග‍්ගන‍්ති, තාව ගිලානස‍්ස ච තෙසඤ‍්ච ද‍්වින‍්නං යෙනත්‍ථො, සබ‍්බං භික‍්ඛුසඞ‍්ඝස‍්සෙව භාරො.

දෙවැන්නෙහි සප්පායානි යනු හිතවත්වූ, අභිවෘද්ධිකර දේයි. පතිරූපං යනු සුදුසුවූ දේයි. නොව වුට්ඨාති තම්භා ආබාධා යනු මෙයින් අසාධ්‍යවූ වාත අපස්මාරආදීහු රෝගයෙන් යුක්තවූ අවසානයටපත් ගිලනෙක් කියවෙයි. වුට්ඨාති තම්භා ආබාධා යන මෙයින් ඛිපිතක, දද, තිණපුප්ඵක, ජරා ආදී ප්‍රභේදඇති සුළුරෝගයක් කියවෙයි. ලභනේතා සප්පායානි භොජනානි නො අලභනේතා යනුවෙන් පිළිදැගුම් කිරීමෙන් යම් රෝගයක් පහසු (සුව) වේද ඒ සියලු ආබාධ කියනලදී. මෙහිද පතිරූපො උපට්ඨාකො නම් ගිලානොපස්ථායක අංගයන්ගෙන් සමන්විතවූ පණ්ඩිත, දක්‍ෂ නොකම්මැලි පුද්ගලයායි දතයුතුය. ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො යනු භික්‍ෂුසංඝයා විසින් දියයුතුයයි අනුදන්නාලදී. ඔහු ගිලන්වූ කල්හි තමන්ගේ ස්වභාවයෙන් යැපීමට නොහැකිවිට භික්‍ෂුසංඝයා විසින් එම භික්‍ෂුවට එක් භික්‍ෂුවක්ද සාමණේරයෙක්ද ‘මොහු පිළිදැගුම් කරව’යි අවසර ගෙන දියයුත්තාහ. යම්තාක් ඔවුහු ගිලනා පිළිදැගුම් නොකරත්ද, ඒතාක් ගිලානාටද ඒ දෙදෙනාටද යමකින් ප්‍රයෝජනයක් වේද ඒ සියල්ල භික්‍ෂු සංඝයාටම භාරවෙයි.

අඤ‍්ඤෙපි ගිලානා උපට‍්ඨාතබ‍්බාති ඉතරෙපි ද‍්වෙ ගිලානා උපට‍්ඨාපෙතබ‍්බා. කිං කාරණා? යොපි හි නිට‍්ඨපත‍්තගිලානො, සො අනුපට‍්ඨියමානො “සචෙ මං පටිජග‍්ගෙය්‍යුං, ඵාසුකං මෙ භවෙය්‍ය. න ඛො පන මං පටිජග‍්ගන‍්තී”ති මනොපදොසං කත්‍වා අපායෙ නිබ‍්බත‍්තෙය්‍ය. පටිජග‍්ගියමානස‍්ස පනස‍්ස එවං හොති “භික‍්ඛුසඞ‍්ඝෙන යං කාතබ‍්බං, තං කතං. මය‍්හං පන කම‍්මවිපාකො ඊදිසො”ති. සො භික‍්ඛුසඞ‍්ඝෙ මෙත‍්තං පච‍්චුපට‍්ඨාපෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිස‍්සති. යො පන අප‍්පමත‍්තකෙන බ්‍යාධිනා සමන‍්නාගතො ලභන‍්තොපි අලභන‍්තොපි වුට‍්ඨාතියෙව, තස‍්ස විනාපි භෙසජ‍්ජෙන වූපසමනබ්‍යාධි භෙසජ‍්ජෙ කතෙ ඛිප‍්පතරං වූපසම‍්මති. සො තතො බුද‍්ධවචනං වා උග‍්ගණ‍්හිතුං සක‍්ඛිස‍්සති, සමණධම‍්මං වා කාතුං සක‍්ඛිස‍්සති. ඉමිනා කාරණෙන “අඤ‍්ඤෙපි ගිලානා උපට‍්ඨාතබ‍්බා”ති වුත‍්තං.

අඤෙඤපි ගිලානා උපට්ඨාතබ්බා සෙසුගිලන් භික්‍ෂූහූ දෙදෙනාද උවටැන්කළ යුත්තාහ. කුමක් නිසාදයත්? යම් නිෂ්ටාවට පත් රෝගියෙක්වේද හෙතෙම උපස්ථාන නොකරනු ලබන්නේ, ‘ඉදින් මා පළිදැඟුම් කරන්නහු නම් මට පහසුවක් වන්නේය (මොවුහු) මා පිළිදැගුම් නොකරති’යි සිත දූෂණය කොටගෙන (ද්වේෂයක් ඇතිකොටගෙන) අපායෙහි උපදින්නේය. පිළිදැඟුම් කරනලබන්නාට වනාහි මෙසේ (අදහසක්) වෙයි. ‘භික්‍ෂු සංඝයා විසින් යමක් කළයුතුද එය කරනලදී. මගේ කර්‍මවිපාකය මෙබඳුය’යි හෙතෙම භික්‍ෂුසංඝයා කෙරෙහි මෛත්‍රිය පිහිටුවා ස්වර්‍ගයෙහි උපදියි. යමෙක් වනාහි සුළුරෝගයකින් යුක්තවූයේ වෙයිද (අපස්ථායකයෙකු) ලබන්නේද නොලබන්නේද ඔහුට බෙහෙතින් තොරවවුවද (රෝගයෙන්) නැඟී සිටින්නේමය. ලෙඩ සංසිඳුවන බෙහෙත් කළකල්හි ඉක්මණින්ම සංසිඳෙයි. එහෙයින් හෙතෙම බුද්ධවචනය ඉගෙනීමට හෝ මහණදම් කිරීමට හෝ හැකිවෙයි. මෙම කරුණින් සෙසු ගිලන් භික්‍ෂුහු දෙදෙනාද උවටැන් කළයුත්තාහයි. කියනලදී.

නෙව ඔක‍්කමතීති නෙව පවිසති. නියාමං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තන‍්ති කුසලෙසු ධම‍්මෙසු මග‍්ගනියාමසඞ‍්ඛාතං සම‍්මත‍්තං. ඉමිනා පදපරමො පුග‍්ගලො කථිතො. දුතියවාරෙන උග‍්ඝටිතඤ‍්ඤූ ගහිතො සාසනෙ නාලකත්‍ථෙරසදිසො බුද‍්ධන‍්තරෙ එකවාරං පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකෙ ඔවාදං ලභිත්‍වා පටිවිද‍්ධපච‍්චෙකබොධිඤාණො ච. තතියවාරෙන විපඤ‍්චිතඤ‍්ඤූ පුග‍්ගලො කථිතො, නෙය්‍යො පන තන‍්නිස‍්සිතොව හොති.

නෙව ඔක්කමති යනු නොපිවිසෙයි. නියාමං කුසලෙසු ධම්මේසු සම්මත්තං යනු කුහලධර්‍මයන්හි මගපිළිවෙළ නම්වූ නිවැරදි ස්වභාවයයි. මෙයින් පදපරම පුද්ගලයා (ගැන) කියනලදී. දෙවැනි වාරයෙන් උග්ඝටිතඤඤු පුද්ගලයා ගන්නාලදී. සසුනෙහි නාළක තෙරුන්වැනිවූ බුද්ධාන්තරයෙහි එක්වරක් පසේබුදුවරුන්ගේ සමීපයෙහි අවවාද ලැබ අවබෝධ කරනලද ප්‍රත්‍යෙකබොධිඥානය ඇත්තෙක්ද ගන්නාලදී. තෙවැනි වාරයෙන් විපචිතඤඤු පුද්ගලයා කියනලදී. නෙය්‍ය පුද්ගලයා වනාහි එය ඇසුරුකොට ඇත්තේමවෙයි.

ධම‍්මදෙසනා අනුඤ‍්ඤාතාති මාසස‍්ස අට‍්ඨ වාරෙ ධම‍්මකථා අනුඤ‍්ඤාතා. අඤ‍්ඤෙසම‍්පි ධම‍්මො දෙසෙතබ‍්බොති ඉතරෙසම‍්පි ධම‍්මො කථෙතබ‍්බො. කිං කාරණා? පදපරමස‍්ස හි ඉමස‍්මිං අත‍්තභාවෙ ධම‍්මං පටිවිජ‍්ඣිතුං අසක‍්කොන‍්තස‍්සාපි අනාගතෙ පච‍්චයො භවිස‍්සති. යො පන තථාගතස‍්ස රූපදස‍්සනං ලභන‍්තොපි අලභන‍්තොපි ධම‍්මවිනයඤ‍්ච සවනාය ලභන‍්තොපි අලභන‍්තොපි ධම‍්මං අභිසමෙති, සො අලභන‍්තො තාව අභිසමෙති. ලභන‍්තො පන ඛිප‍්පමෙව අභිසමෙස‍්සතීති ඉමිනා කාරණෙන තෙසං ධම‍්මො දෙසෙතබ‍්බො. තතියස‍්ස පන පුනප‍්පුනං දෙසෙතබ‍්බොව.

ධම්මදෙසනා අනුඤ්ඤතා යනු මසකට අටවකර් දම්දෙසුම අනුමත කරනලදී. අඤෙඤසම්පි ධම්මො දෙසෙතබ්බො යනු සෙසු අයටද ධර්‍මය කිවයුතුය. කුමක් නිසාදයත්? මේ අත්බවෙහි ධර්‍මය අවබෝධ කිරීමට නොහැකිවන්නාවූ පදපරමයාටද අනාගතයෙහි ප්‍රත්‍යය වෙයි. යමෙක් වනාහි තථාගතයනවහන්සේගේ රූප දර්‍ශනයක් ලබනනේද නොලබන්නේද ධර්‍මවිනය ඇසීමට ලබන්නේද නොලබන්නේද ධර්‍මය වටහාගනියි. හෙතෙම (මේවා) නොලබන්නේවුවද වටහාගනියි. ලබන්නේවනාහි ඉක්මණින්ම අවබෝධ කරයි. යන මෙකරුණින් ඔවුනට ධර්‍මය දෙසියයුතුය. තෙවැන්නාට වනාහි යළියළිත් දෙසියයුතුය.

3. සඞ‍්ඛාරසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 3

තතියෙ සබ්‍යාබජ‍්ඣන‍්ති සදුක‍්ඛං. කායසඞ‍්ඛාරන‍්ති කායද‍්වාරෙ චෙතනාරාසිං. අභිසඞ‍්ඛරොතීති ආයූහති රාසිං කරොති පිණ‍්ඩං කරොති. වචීමනොද‍්වාරෙසුපි එසෙව නයො. සබ්‍යාබජ‍්ඣං ලොකන‍්ති සදුක‍්ඛං ලොකං. සබ්‍යාබජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්තීති සදුක‍්ඛා විපාකඵස‍්සා ඵුසන‍්ති. සබ්‍යාබජ‍්ඣං වෙදනං වෙදියතීති සදුක‍්ඛං විපාකවෙදනං වෙදියති, සාබාධං නිරස‍්සාදන‍්ති අත්‍ථො. සෙය්‍යථාපි සත‍්තා නෙරයිකාති යථා නිරයෙ නිබ‍්බත‍්තසත‍්තා එකන‍්තදුක‍්ඛං වෙදනං වෙදියන‍්ති, එවං වෙදියතීති අත්‍ථො. කිං පන තත්‍ථ උපෙක‍්ඛාවෙදනා නත්‍ථීති? අත්‍ථි, දුක‍්ඛවෙදනාය පන බලවභාවෙන සා අබ‍්බොහාරිකට‍්ඨානෙ ඨිතා. ඉති නිරයොව නිරයස‍්ස උපමං කත්‍වා ආහටො. තත්‍ර පටිභාගඋපමා නාම කිර එසා.

තෙවැන්නෙහි සව්‍යාපජක්‍ධං යනු දුක්සහිතවූයි. කායසඞඛාරං යනු කායද්වාරයට අදාළ චේතනා රාශියයි. අභිසංඛරොත් යනු රැස්කරයි. ගොඩවල් කරයි. පිඬු කරයි. වාග්මනොද්වාරයන්හිද මෙම ක්‍රමයමයි. සව්‍යාපජක්‍ධං ලොකං යනු දුක්සහිත ලෝකයයි. සව්‍යාපජක්‍ධා ඵස්සා ඵුස්න්ති යනු දුක්සහිත විපාකස්පර්‍ශයෝ ගැටෙති. සව්‍යාපජක්‍ධං වෙදනං වෙදීයති යනු දුක්සහිත විපාකවේදනාව විඳිනුලැබෙයි. ආබාධ සහිත ආස්වාදරහිත (දුක්‍ඛවේදනාවය) යන අර්‍ත්‍ථයි. සෙය්‍යාථාපි සත්තා නෙරයිකා යනු නිරයෙහි උපන් සත්වයෝ යම්සේ ඒකාන්ත දුක් ඇති වේදනාව විඳිත්ද එසේ විඳියි යන අර්‍ත්‍ථයි. කිම? එහි උපෙක්‍ෂා වේදනාව නැත්? ඇත. දුක්වේදනාවෙහි බලවත්බවින් ඒ උපෙක්‍ෂා වේදනාව නොසැලකියයුතු තත්වයෙහි සිටියේය. මෙසේ නිරයම නිරයට උපමාකොට ගෙනෙනලදී. එහි මෙය පටිභාග (සමාන) උපමාව නමි.

සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හාති ඉධාපි දෙවලොකොව දෙවලොකස‍්ස උපමං කත්‍වා ආහටො. යස‍්මා පන හෙට‍්ඨිමෙසු බ්‍රහ‍්මලොකෙසු සප‍්පීතිකජ‍්ඣානවිපාකො වත‍්තති, සුභකිණ‍්හෙසු නිප‍්පීතිකො එකන‍්තසුඛොව, තස‍්මා තෙ අග‍්ගහෙත්‍වා සුභකිණ‍්හාව කථිතා. ඉති අයම‍්පි තත්‍ර පටිභාගඋපමා නාමාති වෙදිතබ‍්බා.

සෙය්‍යථාපි දේවා සුභකිණ්භා යනු මෙහිද දෙව්ලොව දෙව්ලොවට උපමා කොට ගෙනෙනලදී. යම්යෙහකින් වනාහි යට බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය සහිත ධ්‍යානවිපාකය පවතීද සුභකිණ්භ බ්‍රහ්මලෝකයන්හි ප්‍රීතිය රහිත ඒකාන්ත සුඛයමවේ. එහෙයින් ඒමා නොගෙන සුභකිණ්භ දෙවියෝම කියනලද්දාහයි මෙයද එහි ප්‍රතිභාග උපමාව නමැයි දතයුතුය.

වොකිණ‍්ණසුඛදුක‍්ඛන‍්ති වොමිස‍්සකසුඛදුක‍්ඛං. සෙය්‍යථාපි මනුස‍්සාති මනුස‍්සානං හි කාලෙන සුඛං හොති, කාලෙන දුක‍්ඛං. එකච‍්චෙ ච දෙවාති කාමාවචරදෙවා. තෙසම‍්පි කාලෙන සුඛං හොති, කාලෙන දුක‍්ඛං. තෙසං හි හීනතරානං මහෙසක‍්ඛතරා දෙවතා දිස‍්වා ආසනා වුට‍්ඨාතබ‍්බං හොති, මග‍්ගා උක‍්කමිතබ‍්බං, පාරුතවත්‍ථං අපනෙතබ‍්බං, අඤ‍්ජලිකම‍්මං කාතබ‍්බන‍්ති තං සබ‍්බම‍්පි දුක‍්ඛං නාම හොති. එකච‍්චෙ ච විනිපාතිකාති වෙමානිකපෙතා. තෙ හි කාලෙන සම‍්පත‍්තිං අනුභවන‍්ති කාලෙන කම‍්මන‍්ති වොකිණ‍්ණසුඛදුක‍්ඛාව හොන‍්ති. ඉති ඉමස‍්මිං සුත‍්තෙ තීණි සුචරිතානි ලොකියලොකුත‍්තරමිස‍්සකානි කථිතානීති වෙදිතබ‍්බානි.

වොකිණ්ණසුඛදුක්‍ඛං යනු මුසුවූ සැපදුක්ය. සෙය්‍යථාපි මනුස්සා යනු මිනිසුන්ට වනාහි කලෙක සැපවෙයි. කලෙක දුකවෙයි. එකචේච ච දෙවා යනු කාමාවචර දෙවියෝයි. ඔවුනටද කලෙක සැප වෙයි. කලෙක දුක වෙයි. ඒ පහත් දෙවිවරුනට මහොසාඛ්‍ය දෙවිවරුන් දැක අසුනෙන් නැඟීසිටිය යුතවෙයි. මගින් ඉවත්විය යුතුවෙයි. පොරවනලද වස්ත්‍රය ඉවත්කළ යුතුවෙයි. වැඳීම් කළයුතුවෙයි. ඒ සියල්ලම දුක් නම් වෙයි. එකචේච ච විනිපාතිකා යනු විමානප්‍රෙතයෝයි. ඔවුහුද කලක සැපත් අනුභව කරති. කලක කම්මං යනු සැපදුක් මිශ්‍රවූවාහුමවෙත්. මෙසේ මේ සූත්‍රයෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ තුන් සුචරිතයෝ කියනලද්දාහුයයි දතයුතුය.

4. බහුකාරසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 4

චතුත්‍ථෙ තයොමෙ, භික‍්ඛවෙ, පුග‍්ගලාති තයො ආචරියපුග‍්ගලා. පුග‍්ගලස‍්ස බහුකාරාති අන‍්තෙවාසිකපුග‍්ගලස‍්ස බහූපකාරා. බුද‍්ධන‍්ති සබ‍්බඤ‍්ඤුබුද‍්ධං. සරණං ගතො හොතීති අවස‍්සයං ගතො හොති. ධම‍්මන‍්ති සතන‍්තිකං නවලොකුත‍්තරධම‍්මං. සඞ‍්ඝන‍්ති අට‍්ඨඅරියපුග‍්ගලසමූහං. ඉදඤ‍්ච පන සරණගමනං අග‍්ගහිතසරණපුබ‍්බස‍්ස අකතාභිනිවෙසස‍්ස වසෙන වුත‍්තං. ඉති ඉමස‍්මිං සුත‍්තෙ සරණදායකො සොතාපත‍්තිමග‍්ගසම‍්පාපකො අරහත‍්තමග‍්ගසම‍්පාපකොති තයො ආචරියා බහුකාරාති ආගතා, පබ‍්බජ‍්ජාදායකො බුද‍්ධවචනදායකො කම‍්මවාචාචරියො සකදාගාමිමග‍්ගසම‍්පාපකො අනාගාමිමග‍්ගසම‍්පාපකොති ඉමෙ ආචරියා න ආගතා, කිං එතෙ න බහුකාරාති? නො, න බහුකාරා. අයං පන දෙසනා දුවිධෙන පරිච‍්ඡින‍්නා. තස‍්මා සබ‍්බෙපෙතෙ බහුකාරා. තෙසු සරණගමනස‍්මිංයෙව අකතාභිනිවෙසො වට‍්ටති, චතුපාරිසුද‍්ධිසීලකසිණපරිකම‍්මවිපස‍්සනාඤාණානි පන පඨමමග‍්ගසන‍්නිස‍්සිතානි හොන‍්ති, උපරි ද‍්වෙ මග‍්ගා ච ඵලානි ච අරහත‍්තමග‍්ගසන‍්නිස‍්සිතානීති වෙදිතබ‍්බානි.

සිවුවැන්නෙහි තයො මෙ භික්‍ඛවෙ පුග්ගලා යනු ආචාර්‍ය්‍ය පුද්ගලයෝ තිදෙනායි. පුග්ගලස්ස බහුකාරා යනු අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝයි. බුද්ධං යනු සර්‍වඥයන් වහන්සේයි. බුද්ධං සරණං ගතො හොති යනු පිහිටකොට ගියේවෙයි. ධම්මං යනු පිටකත්‍රයි සහිත නවලෝකෝත්තර ධර්‍මයයි. සඞ්ඝං යනු අෂ්ටාර්‍ය්‍ය පුද්ගල සමූහයායි. මේ සරණාගමනයද සරණ නොගිය විරූ ඇලීම් නොකළ පුද්ගලයාගේ වශයෙන් කියනලදී. මෙසේ මේ සූත්‍රයෙහි සරණ දායකයා, සෝවාන්මඟට පැමිණෙන්නා, අරහත් මඟට පැමිණෙන්නා යන ආචාර්‍ය්‍යවරු තිදෙනා බොහෝ උපකාර ඇත්තෝයයි ආවාහුය. පැවිද්ද දෙන්නා, බුදුවදන් දෙන්නා, කම්මවාචා ආචාර්‍ය්‍යවරයා, සකෘදාගාමිමාමාර්‍ගයට පැමිණෙන්නා, අනාගාමිමඟට පැමිණෙන්නා යන මේ ආචාර්‍ය්‍යවරු නොආවාහුය. කිමෙක්ද? ඔවුහු බොහෝ උපකාරවූවෝ නොවෙනත්ද? ඔවුහුද බොහෝ උපකාර ඇත්තෝයි. මේ දෙසුම දෙයාකාරයකින් පිරිසිඳුනේවෙයි. එහෙයින් මේ සියල්ලෝම බොහෝ උපකාර ඇත්තෝයි. ඔවුන් අතුරින් සරණාගමනයේදීම නොකළ ඇලීම්ඇත්තා වටියී. සිවුපිරිසුදුසිල්, කසිණ පරිකර්‍ම, විපස්සනා ඥානයෝ පළමුමග ඇසුරු කොට ඇත්තාහු වෙත්. මත්තෙහි මාර්‍ගදෙකද ඵල දෙකද අරහත්මාර්‍ගය ඇසුරුකොට ඇත්තේයයි දතයුතුය.

ඉමිනා පුග‍්ගලෙනාති ඉමිනා අන‍්තෙවාසිකපුග‍්ගලෙන. න සුප‍්පතිකාරං වදාමීති පතිකාරං කාතුං න සුකරන‍්ති වදාමි. අභිවාදනාදීසු අනෙකසතවාරං අනෙකසහස‍්සවාරම‍්පි හි පඤ‍්චපතිට‍්ඨිතෙන නිපතිත්‍වා වන්‍දන‍්තො ආසනා වුට‍්ඨාය පච‍්චුග‍්ගච‍්ඡන‍්තො දිට‍්ඨදිට‍්ඨක‍්ඛණෙ අඤ‍්ජලිං පග‍්ගණ‍්හන‍්තො අනුච‍්ඡවිකං සාමීචිකම‍්මං කරොන‍්තො දිවසෙ දිවසෙ චීවරසතං චීවරසහස‍්සං පිණ‍්ඩපාතසතං පිණ‍්ඩපාතසහස‍්සං දදමානො චක‍්කවාළපරියන‍්තෙන සබ‍්බරතනමයං ආවාසං කරොන‍්තො සප‍්පිනවනීතාදිනානප‍්පකාරං භෙසජ‍්ජං අනුප‍්පදජ‍්ජමානො නෙව සක‍්කොති ආචරියෙන කතස‍්ස පතිකාරං නාම කාතුන‍්ති එවමත්‍ථො වෙදිතබ‍්බො.

ඉමිනා පුග්ගලෙන යනු මේ අතවැසි පුද්ගලයා විසිනි. න සුප්පතිකාරං වදාමි යනු ප්‍රති (උප)කාර කිරීමට පහසු නොවේයයි කියමි. අභිවාදනාදියෙහි නොයෙක් සියවරක්, නොයෙක් දහස්වරකුදු පසඟ පිහිටුවා වැටී වඳින්නේ අසුනෙන් නැඟිට පෙරගමන් කරන්නේ දුටුදුටුවිට ආඳීලි බඳින්නේ සුදුසුවූ පිළිසඳර කරන්නේ දිනපතා සිවුරු සියයක් සිවුරුදහසක් පිණ්ඩපාත සියයක් පිණ්ඩපාත දහසක් දෙන්නේ සක්වළ කෙළවරින් සියල්ල රුවන්මයවූ ආවාසයක් කරන්නේ ගිතෙල් වෙඬරු ආදී නොයෙක් ආකාර ඇති බෙහෙත් දෙන්නේ ආචාර්‍ය්‍යවරයා විසින් කරනලද උපකාරයට ප්‍රතිඋපකාර කිරීමට නම් නොහැක්කේයයි මෙසේ අඅර්‍ත්‍ථය දතයුතුය.

5. වජිරූපමසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 5

පඤ‍්චමෙ අරුකූපමචිත‍්තොති පුරාණවණසදිසචිත‍්තො. විජ‍්ජූපමචිත‍්තොති ඉත‍්තරකාලොභාසනෙන විජ‍්ජුසදිසචිත‍්තො. වජිරූපමචිත‍්තොති කිලෙසානං මූලඝාතකරණසමත්‍ථතාය වජිරෙන සදිසචිත‍්තො. අභිසජ‍්ජතීති ලග‍්ගති. කුප‍්පතීති කොපවසෙන කුප‍්පති. බ්‍යාපජ‍්ජතීති පකතිභාවං පජහති, පූතිකො හොති. පතිත්‍ථීයතීති ථිනභාවං ථද‍්ධභාවං ආපජ‍්ජති. කොපන‍්ති දුබ‍්බලකොධං. දොසන‍්ති දුස‍්සනවසෙන තතො බලවතරං. අප‍්පච‍්චයන‍්ති අතුට‍්ඨාකාරං දොමනස‍්සං. දුට‍්ඨාරුකොති පුරාණවණො. කට‍්ඨෙනාති දණ‍්ඩකකොටියා. කඨලෙනාති කපාලෙන. ආසවං දෙතීති අපරාපරං සවති. පුරාණවණො හි අත‍්තනො ධම‍්මතායෙව පුබ‍්බං ලොහිතං යූසන‍්ති ඉමානි තීණි සවති, ඝට‍්ටිතො පන තානි අධිකතරං සවති.

පස්වැන්නෙහි අරුකූපමචිත්තො යනු පැරණි වණ (තුවාල) වැනි සිත් ඇත්තේයි. විජ්ජූපමචිත්තො යනු සුළකලක් බැබළීමෙන් විදුලිය වැනි සිත් ඇත්තේයි. වජිරූපමචිත්තො යනු කෙලෙසුන් මුලසුන් කිරීමෙන් සමත් බැවින් විදුරක්වැනි සිත් ඇත්තේයි. අභිසජ්ජති යනු ලැගෙයි. කුප්පති යනු කිපීම්වශයෙන් කිපෙයි. ව්‍යාපජක්‍ධති යනු ප්‍රකෘතිභාවය අතතහරියි, කුණු බවට පැමිණෙයි. පතිත්‍ථියති යනු දැඩිබවට, තදබවට පැමිණෙයි. කොපං යනු දුර්‍වල ක්‍රොධයයි. දොසං යනු දුෂ්‍යවීම් වශයෙන් ඊටවඩා බලවත්බවයි. අප්පච්චයං යනු නොසතුටු ආකාරයයි. දොම්නසයි. දුට්ඨාරුකා යනු පැරණි වණයයි. කටේඨන යනු දඬු කෙළවරිනි. කඨලෙන යනු කැබලිත්තෙනි. ආසවං දෙති යනු වරින්වර වැගිරෙයි. පැරණි තුවාලයක් තමාගේ ස්වභාවයෙන්ම සැරව, ලේ, යුෂ යන මේතුන වගුරුවයි. ගැටුනේ වනාහි ඒහා වැඩියෙන්ම වගුරුවයි.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – දුට‍්ඨාරුකො විය හි කොධනපුග‍්ගලො, තස‍්ස අත‍්තනො ධම‍්මතාය සවනං විය කොධනස‍්සපි අත‍්තනො ධම‍්මතාය උද‍්ධුමාතස‍්ස විය චණ‍්ඩිකතස‍්ස චරණං, කට‍්ඨෙන වා කඨලාය වා ඝට‍්ටනං විය අප‍්පමත‍්තං වචනං, භිය්‍යොසොමත‍්තාය සවනං විය “මාදිසං නාම එස එවං වදතී”ති භිය්‍යොසොමත‍්තාය උද‍්ධුමායනභාවො දට‍්ඨබ‍්බො.

එවමෙව ඛො යනු මෙහි මෙය උපමා සැසඳීමයි. ක්‍රොධබහුල පුද්ගලතෙමේ වනාහි පැරණි වණයක් මෙනි. තමාගේ ස්වභාවයෙන් එහි වැගිරීම මෙන් ක්‍රෝධකරන්නාගේද ඉදිමීමක මෙන් තමාගේ ස්වභාවයෙන් දරුණුබවේ හැසිරීමවෙයි. සුළුවචනය දඬුවෙන් හෝ කැබලිත්තෙන් හෝ ගැටීමක් මෙනි. බොහෝ සෙයින් වැගිරීමක් මෙන් මාවැන්නකුට මෙසේ කියතියි බොහෝ සෙයින් ඉදිමෙනබව දැක්විය යුතුයි.

රත‍්තන්‍ධකාරතිමිසායන‍්ති රත‍්තිං චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණෙන අන්‍ධභාවකරණෙ බහලතමෙ. විජ‍්ජන‍්තරිකායාති විජ‍්ජුප‍්පත‍්තික‍්ඛණෙ. ඉධාපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – චක‍්ඛුමා පුරිසො විය හි යොගාවචරො දට‍්ඨබ‍්බො, අන්‍ධකාරං විය සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣා කිලෙසා, විජ‍්ජුසඤ‍්චරණං විය සොතාපත‍්තිමග‍්ගඤාණස‍්ස උප‍්පත‍්තිකාලො, විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සමන‍්තා රූපදස‍්සනං විය සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං, පුන අන්‍ධකාරාවත්‍ථරණං විය සකදාගාමිමග‍්ගවජ‍්ඣා කිලෙසා, පුන විජ‍්ජුසඤ‍්චරණං විය සකදාගාමිමග‍්ගඤාණස‍්ස උප‍්පාදො, විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සමන‍්තා රූපදස‍්සනං විය සකදාගාමිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං, පුන අන්‍ධකාරාවත්‍ථරණං විය අනාගාමිමග‍්ගවජ‍්ඣා කිලෙසා, පුන විජ‍්ජුසඤ‍්චරණං විය අනාගාමිමග‍්ගඤාණස‍්ස උප‍්පාදො, විජ‍්ජන‍්තරිකාය චක‍්ඛුමතො පුරිසස‍්ස සමන‍්තා රූපදස‍්සනං විය අනාගාමිමග‍්ගක‍්ඛණෙ නිබ‍්බානදස‍්සනං වෙදිතබ‍්බං.

රත්තන්‍ධකාර තිමිසාය යනු රාත්‍රිය චක්‍ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම වළක්වන බැවින් අන්‍ධභාවය ඇති කරන්නාවූ දැඩි අඳුරෙහියි. විජ්ජන්තරිකාය යනු විදුලිය පවතින ක්‍ෂණයෙහිය. මෙහිද මෙය උපමා සැසඳීමයි. යොගාවචරයා ඇස් ඇති පුරුෂයකු මෙන් දැක්වියයුතුය. සෝවාන් මග වඳකරන කෙලෙස්අඳුර මෙන්ද සෝවාන්මග නුවණ උපදනා කාලය විදුලිය හැසිරීමක් මෙන්ද සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදුලි අතරතර ඇස් ඇති පුරුෂයෙකුගේ හාත්පස රූප දැකීමක් මෙන්ද යළි සකෘදාගාමී මාර්‍ගය වඳ කරවන කෙලෙස්අඳුර පැතිරීමක් මෙන්ද සකෘදාගාමී මාර්‍ගඥානයේ උපත විදුලිය හැසිරීමක් මෙන්ද සකෘදාගාමී මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදිලිය අතරතුර ඇස්ඇති පුරුෂයකුගේ හාත්පස රූප දැකීමක් මෙන්ද අනාගාමී මාර්‍ගය වසන්නාවූ කෙලෙස් යළි අදුර පැතිරීමක් මෙන්ද අනාගාමී මාර්‍ගඥානය ඇතිවීම යළි විදුලිය හැසිරීමක් මෙන්ද අනාගාමී මාර්‍ගක්‍ෂණයෙහි නිවන දැකීම විදුලිය අතරතුර ඇස්ඇති පුරුෂයකුගේ රූප දැකීමක් මෙන්ද දැක්වියයුතුය.

වජිරූපමචිත‍්තතායපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – වජිරං විය හි අරහත‍්තමග‍්ගඤාණං දට‍්ඨබ‍්බං, මණිගණ‍්ඨිපාසාණගණ‍්ඨි විය අරහත‍්තමග‍්ගවජ‍්ඣා කිලෙසා, වජිරස‍්ස මණිගණ‍්ඨිම‍්පි වා පාසාණගණ‍්ඨිම‍්පි වා විනිවිජ‍්ඣිත්‍වා අගමනභාවස‍්ස නත්‍ථිතා විය අරහත‍්තමග‍්ගඤාණෙන අච‍්ඡෙජ‍්ජානං කිලෙසානං නත්‍ථිභාවො, වජිරෙන නිබ‍්බිද‍්ධවෙධස‍්ස පුන අපතිපූරණං විය අරහත‍්තමග‍්ගෙන ඡින‍්නානං කිලෙසානං පුන අනුප‍්පාදො දට‍්ඨබ‍්බොති.

විදුරකට සමාන සිත් ඇති බැවින්ද මේ උපමා සැසැඳීමවෙයි. අරහත් මාර්‍ගඥානය විදුරක් මෙන් දැක්වියයුතුය. අරහත් මාර්‍ගය වළහන කෙලෙස් මණිගණ්ඨියක් පාෂාණගණ්ඨියක් මෙනි. අරහත්මාර්‍ගඥානයෙන් නොබිඳිය හැකි කෙලෙසුන් නැති බව විදුරෙන් මණිගණ්ඨියක් හෝ පාෂාණ ගණ්ඨියක් විනිවිද නොයාමක් නැතිබව මෙනි. අරහත්මගින් විනාශකළ කෙලෙස්වල යළි නොඉපදීම විදුරෙන් විදිනලද විදුමක් යළි නොපිරීමක් මෙන් දැක්වියයුතුයි.

6. සෙවිතබ‍්බසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 6

ඡට‍්ඨෙ සෙවිතබ‍්බොති උපසඞ‍්කමිතබ‍්බො. භජිතබ‍්බොති අල‍්ලීයිතබ‍්බො. පයිරුපාසිතබ‍්බොති සන‍්තිකෙ නිසීදනවසෙන පුනප‍්පුනං උපාසිතබ‍්බො. සක‍්කත්‍වා ගරුං කත්‍වාති සක‍්කාරඤ‍්චෙව ගරුකාරඤ‍්ච කත්‍වා. හීනො හොති සීලෙනාතිආදීසු උපාදායුපාදාය හීනතා වෙදිතබ‍්බා. තත්‍ථ යො හි පඤ‍්ච සීලානි රක‍්ඛති, සො දස සීලානි රක‍්ඛන‍්තෙන න සෙවිතබ‍්බො. යො දස සීලානි රක‍්ඛති, සො චතුපාරිසුද‍්ධිසීලං රක‍්ඛන‍්තෙන න සෙවිතබ‍්බො. අඤ‍්ඤත්‍ර අනුද‍්දයා අඤ‍්ඤත්‍ර අනුකම‍්පාති ඨපෙත්‍වා අනුද‍්දයඤ‍්ච අනුකම‍්පඤ‍්ච. අත‍්තනො අත්‍ථායෙව හි එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො, අනුද‍්දයානුකම‍්පාවසෙන පන තං උපසඞ‍්කමිතුං වට‍්ටති.

සයවැන්නෙහි සෙවිතබේබා යනු එළඹියයුතුයි. හජිතබ්බො යනු ඇලියයුතුයි (භජනය කළයුතුයි). පයිරුපාසිතබ්බො යනු සමීපයෙහි හිඳීම්වශයෙන් නැවත නැවත ළංවිය යුතුයි. සක්කත්‍වා ගරුකත්‍වා යනු සත්කාර මෙන්ම ගරු කිරීම්ද කොටසි. හීනො හොති සීලෙන යනු සමානකරමින් හීනතාව දතයුතුයි. යමෙක් පන්සිල් රකීද හෙතෙම දසසිල් රකින්නකු විසින් ඇසුරු නොකළයුතුය. යමෙක් දසසිල් රකීද හෙතෙම සිවුපිරිසුදුසිල් රකින්නකු විසින් ඇසුරුනොකළයුතුයි. අඤ්ඤත්‍ර අනුද්දයා අඤ්ඤත්‍ර අනුකම්පාය යනු කරුණාවත්, අනුකම්පාවත් හැර තමන් සඳහාම මෙබඳුවු පුද්ගලයෙක් ඇසුරු නොක්‍ළයුතුය. කරුණා අනුකම්පා වශයෙන් ඔහු වෙත එළඹීමට වටියි.

සීලසාමඤ‍්ඤගතානං සතන‍්ති සීලෙන සමානභාවං ගතානං සන‍්තානං. සීලකථා ච නො භවිස‍්සතීති එවං සමානසීලානං අම‍්හාකං සීලමෙව ආරබ‍්භ කථා භවිස‍්සති. සා ච නො පවත‍්තිනී භවිස‍්සතීති සා ච අම‍්හාකං කථා දිවසම‍්පි කථෙන‍්තානං පවත‍්තිස‍්සති න පටිහඤ‍්ඤිස‍්සති. සා ච නො ඵාසු භවිස‍්සතීති සා ච දිවසම‍්පි පවත‍්තමානා සීලකථා අම‍්හාකං ඵාසුවිහාරො සුඛවිහාරො භවිස‍්සති. සමාධිපඤ‍්ඤාකථාසුපි එසෙව නයො.

සීලසාමඤ්ඤගතානං යනු සත්පුරුෂයන්ගේ සීලයෙන් සමානබවට ගියවුන්ගේයි. සීලකථා ච නො භවිස්සති යනු එසේ සමානසිල් ඇති අපග් සීලයම අරභයා කථාවන්නේය. සා ච නො පවත්තනී භවිස්සති යනු ඒ කථාවද කියන්නාවූ අපගේ දවස පුරාම පවතියි. වෙහෙසට පත්නොවේ. සා ච නො ඵාසු භවිසස්ති යනු ඒ දවසක්වුවද පවත්නා සීලකථාව අපට පහසුවිහරණයක්, සුවවිහරණයක් වන්නේය. සමාධි ප්‍රඥා කථාවන්හිද එම ක්‍රමයමයි.

සීලක‍්ඛන්‍ධන‍්ති සීලරාසිං. තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති එත්‍ථ සීලස‍්ස අසප‍්පායෙ අනුපකාරධම‍්මෙ වජ‍්ජෙත්‍වා සප‍්පායෙ උපකාරධම‍්මෙ සෙවන‍්තො තස‍්මිං තස‍්මිං ඨානෙ සීලක‍්ඛන්‍ධං පඤ‍්ඤාය අනුග‍්ගණ‍්හාති නාම. සමාධිපඤ‍්ඤාක‍්ඛන්‍ධෙසුපි එසෙව නයො. නිහීයතීති අත‍්තනො හීනතරං පුග‍්ගලං සෙවන‍්තො ඛාරපරිස‍්සාවනෙ ආසිත‍්තඋදකං විය සතතං සමිතං හායති පරිහායති. තුල්‍යසෙවීති අත‍්තනා සමානසෙවී. සෙට‍්ඨමුපනමන‍්ති සෙට‍්ඨං පුග‍්ගලං ඔණමන‍්තො. උදෙති ඛිප‍්පන‍්ති ඛිප‍්පමෙව වඩ‍්ඪති. තස‍්මා අත‍්තනො උත‍්තරිං භජෙථාති යස‍්මා සෙට‍්ඨං පුග‍්ගලං උපනමන‍්තො උදෙති ඛිප‍්පං, තස‍්මා අත‍්තනො උත‍්තරිතරං විසිට‍්ඨතරං භජෙථ.

සීලක්‍ඛන්‍ධං යනු සිල්රැසයි. ඒ ඒ තන්හි පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු මෙහි සීලයට නොගැලපෙන උපකාර නොවන ධර්‍මයන් අතැර ගැලපෙන උපකාරවන ධර්‍මයන් ඇසුරුකරන්නා ඒ ඒ තන්හි සීලස්කන්‍ධයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරයිනමි. සමාධිප්‍රඥාස්කන්‍ධයන්හිද එම ක්‍රමයමයි. නිභීයති යනු තමාට පහත්වූ පුද්ගලයකු ඇසුරුකරන්නේ අළුපෙරහනක වත්කළ දියත් මෙන් නිබඳව නිතර පිරිහෙයි. තුල්‍යසෙවි යනු තමාට සමානයකු සේවනය කරන්නායි. සෙට්ටමුපණමං යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට නැමෙන නමදින පුද්ගලයායි. උදෙති ඛිප්පං යනු ඉක්මණින්ම වැඩෙයි. එහෙයින් අත්තනො උත්තරිං භජෙථ යනු යම්හෙයකින් ශ්‍රෙෂ්ඨයෙකු නමදින්නා ඉක්මණින් වැඩෙයිද එහෙයින් තමාට වඩා උසස්වූ උත්තරීතරවූ විශිෂ්ටතරවූවෙකු ඇසුරුකරවු.

7. ජිගුච‍්ඡිතබ‍්බසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 7

සත‍්තමෙ ජිගුච‍්ඡිතබ‍්බොති ගූථං විය ජිගුච‍්ඡිතබ‍්බො. අථ ඛො නන‍්ති අථ ඛො අස‍්ස. කිත‍්තිසද‍්දොති කථාසද‍්දො. එවමෙව ඛොති එත්‍ථ ගූථකූපො විය දුස‍්සීල්‍යං දට‍්ඨබ‍්බං. ගූථකූපෙ පතිත්‍වා ඨිතො ධම‍්මනිඅහි විය දුස‍්සීලපුග‍්ගලො. ගූථකූපතො උද‍්ධරියමානෙන තෙන අහිනා පුරිසස‍්ස සරීරං ආරුළ‍්හෙනාපි අදට‍්ඨභාවො විය දුස‍්සීලං සෙවමානස‍්සාපි තස‍්ස කිරියාය අකරණභාවො. සරීරං ගූථෙන මක‍්ඛෙත්‍වා අහිනා ගතකාලො විය දුස‍්සීලං සෙවමානස‍්ස පාපකිත‍්තිසද‍්දඅබ‍්භුග‍්ගමනකාලො වෙදිතබ‍්බො.

සත්වැන්නෙහි ජිගුවජ්තබ්බො යනු අශුචියක් මෙන් පිළිකුල් කටයුතුය. අථ ඛො නං යනු ඉක්බිති මොහුගේයි. කිත්තිසදේදා යනු කථා ශබ්දයයි. එවමෙච ඛො යනු මෙහි අශුචිවලක් මෙන් දුසිල්වත්බව දැක්වියයුතුය. දුසිල් පුගුලා අශුචිවළක වැටීසිටි ගැරඬි සර්‍පයකු මෙනි. අසූචිවලෙන් උඩට ගනුලබන ඒ සර්‍පයා විසින් පුරුෂයාගේ සිරුරට නැඟීමෙන් වුවද දෂ්ට නොකරන ලදබවමෙන් දුසිල් පුඟුලකු ඇසුරු කරන්නාගේ ඒ (දුසිල්) කටයතු නොකිරීම (දැක්විය යුතුයි.) සර්‍පයා විසින් සිරුර අසුචියෙන් තවරාගිය කාලයමෙන් දුසිල් තැනැත්තෙකු ඇසුරුකරනුලබන්නාට අපකීර්තිරාවය මතුව එනකාලය දතයුතුයි.

තින්‍දුකාලාතන‍්ති තින්‍දුකරුක‍්ඛඅලාතං. භිය්‍යොසොමත‍්තාය චිච‍්චිටායතීති තං හි ඣායමානං පකතියාපි පපටිකායො මුඤ‍්චන‍්තං චිච‍්චිටාති “චිටිචිටා”ති සද‍්දං කරොති, ඝට‍්ටිතං පන අධිමත‍්තං කරොතීති අත්‍ථො. එවමෙව ඛොති එවමෙවං කොධනො අත‍්තනො ධම‍්මතායපි උද‍්ධතො චණ‍්ඩිකතො හුත්‍වා චරති, අප‍්පමත‍්තකං පන වචනං සුතකාලෙ “මාදිසං නාම එවං වදති එවං වදතී”ති අතිරෙකතරං උද‍්ධතො චණ‍්ඩිකතො හුත්‍වා චරති. ගූථකූපොති ගූථපුණ‍්ණකූපො, ගූථරාසියෙව වා. ඔපම‍්මසංසන්‍දනං පනෙත්‍ථ පුරිමනයෙනෙව වෙදිතබ‍්බං. තස‍්මා එවරූපො පුග‍්ගලො අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො න සෙවිතබ‍්බොති යස‍්මා කොධනො අතිසෙවියමානො අතිඋපසඞ‍්කමියමානොපි කුජ‍්ඣතියෙව, “කිං ඉමිනා”ති පටික‍්කමන‍්තෙපි කුජ‍්ඣතියෙව. තස‍්මා පලාලග‍්ගි විය අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො. කිං වුත‍්තං හොති? යො හි පලාලග‍්ගිං අතිඋපසඞ‍්කමිත්‍වා තප‍්පති, තස‍්ස සරීරං ඣායති. යො අතිපටික‍්කමිත්‍වා තප‍්පති, තස‍්ස සීතං න වූපසම‍්මති. අනුපසඞ‍්කමිත්‍වා අපටික‍්කමිත්‍වා පන මජ‍්ඣත‍්තභාවෙන තප‍්පන‍්තස‍්ස සීතං වූපසම‍්මති, තස‍්මා පලාලග‍්ගි විය කොධනො පුග‍්ගලො මජ‍්ඣත‍්තභාවෙන අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බො, න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො.

තින්‍දුකාලාතං යනු තිඹිරි ගිනිපෙනෙල්ලයි. භීය්‍යොසොමත්තාය චිච්චිටායති යනු දැවෙනුලබන එය ප්‍රකෘතියෙන්ම පතුරු විසුරුවමින් චිටිචිටියයි හඬනඟයි. (එකට) ගැටුණු එය වැඩියක් හඬනඟයි යන අර්‍ත්‍ථයි. එවමෙව ඛො යනු මෙසේම ක්‍රොධබහුලවූ තැනැත්තා තමාගේ ස්වභාවයෙන්ම උඩඟුවූයේ සැඩපරුෂවූයේ වී හැසිරෙයි. සුළු වචනයක්වුවද කීකල්හි මාවැන්නකුට මෙසේ කියයි. මෙසේ කියතියි. වැඩිමනත් උඩඟුව සැඩ පරුෂවී හැසිරෙයි. ගුථකූපො යනු අසූචියෙන් පිරුණු වලයි. අසූචි ගොඩමය. මෙහි උපමා සැසදීම මුල්ක්‍රමයෙන්ම දතයුතුය. තස්මා එවරූපො පුග්ගලො අජ්ක්‍ධුපෙක්‍ඛිතබ්බො න සෙවිතබ්බො යනු යම් යම්හෙයකින් ක්‍රොධබහුල පුද්ගලතෙමේ බෙහෙවින් ඇසුරුකරනුලබන්නේ බෙහෙවින් එළඹෙනුලබන්නේද කියේමය. එහෙයින් පිදුරුගින්නකටමෙන් මධ්‍යස්ථවියයුතුය. ඇසුරු නොකළයුතුය. සේවනය නොකළයුතුය. කිමෙක් කියනලද්දේවෙයිද? යමෙක් පිදුරුගින්නට ඉතා සමීපව ගිනිතපියිද ඔහුගේ සිරුර දැවෙයි. යමෙක් ඉතා ඈත්ව ගිනි තපියිද ඔහුගේ සීත දුරු නොවෙයි. ළනොවී ඈත් නොවී මැදිහත්බවින් ගිනි තපින්නාගේ සීත දුරුවෙයි. එබැවින් පිදුරුගින්නක් මෙන් ක්‍රෝධබහුල පුද්ගලයා මැදහත්බවින් සැළකියයුත්තේය. ඇසුරු නොකළයුත්තේය. භජනය නොකළයුත්තේය. සේවනය නොකළයුත්තේය.

කල්‍යාණමිත‍්තොති සුචිමිත‍්තො. කල්‍යාණසහායොති සුචිසහායො. සහායා නාම සහගාමිනො සද‍්ධිංචරා. කල්‍යාණසම‍්පවඞ‍්කොති කල්‍යාණෙසු සුචිපුග‍්ගලෙසු සම‍්පවඞ‍්කො, තන‍්නින‍්නතප‍්පොණතප‍්පබ‍්භාරමානසොති අත්‍ථො.

කල්‍යාණමිත්තො යනු පිරිසුදු මිත්‍රයායි. කල්‍යාණසභායො යනු යහපත් යහළුවායි. යහළුවෝ නම් එකට යන්නෝයි. සමඟ හැසිරෙන්නෝයි. කල්‍යාණසම්පවඞ්කො යනු යහපත්වූ පිරිසුදු පුද්ගලයන් කෙරෙහි නතුවන්නායි. ඊට යොමුවූ නතුවූ නැඹුරුවූ සිතැත්තේය. යන අර්‍ත්‍ථයි.

8. ගූථභාණීසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 8

අට‍්ඨමෙ ගූථභාණීති යො ගූථං විය දුග‍්ගන්‍ධකථං කථෙති. පුප‍්ඵභාණීති යො පුප‍්ඵානි විය සුගන්‍ධකථං කථෙති. මධුභාණීති යො මධු විය මධුරකථං කථෙති. සභග‍්ගතොති සභාය ඨිතො. පරිසග‍්ගතොති ගාමපරිසාය ඨිතො. ඤාතිමජ‍්ඣගතොති ඤාතීනං මජ‍්ඣෙ ඨිතො. පූගමජ‍්ඣගතොති සෙණීනං මජ‍්ඣෙ ඨිතො. රාජකුලමජ‍්ඣගතොති රාජකුලස‍්ස මජ‍්ඣෙ මහාවිනිච‍්ඡයෙ ඨිතො. අභිනීතොති පුච‍්ඡනත්‍ථායානීතො. සක‍්ඛිපුට‍්ඨොති සක‍්ඛිං කත්‍වා පුච‍්ඡිතො. එහම‍්භො පුරිසාති ආලපනමෙතං. අත‍්තහෙතු වා පරහෙතු වාති අත‍්තනො වා පරස‍්ස වා හත්‍ථපාදාදිහෙතු වා ධනහෙතු වා. ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වාති එත්‍ථ ආමිසන‍්ති ලඤ‍්ජො අධිප‍්පෙතො. කිඤ‍්චික‍්ඛන‍්ති යං වා තං වා අප‍්පමත‍්තකං අන‍්තමසො තිත‍්තිරියවට‍්ටකසප‍්පිපිණ‍්ඩනවනීතපිණ‍්ඩාදිමත‍්තකස‍්ස ලඤ‍්ජස‍්ස හෙතූති අත්‍ථො. සම‍්පජානමුසා භාසිතා හොතීති ජානන‍්තොයෙව මුසාවාදං කත‍්තා හොති.

අටවැන්නෙහි ගුථභාණි යනු යමෙක් අශුචියක් මෙන් දුගඳ කතාකරන්නේද (ඔහුයි.) පුපඵභාණී යනු යමෙක් මල්මෙන් සුවදැති කතා කියයිද හෙතෙමේයි. මධුභාර්‍ණ යනු යමෙක් මීපැනිමෙන් මිහිරිකතා කියයිද හෙතෙමේයි. සභග්ගතො යනු සභාවෙහි සිටියේයි. පරිසගතො ගම්පිරිසෙහි සිටියේයි. ඤාතිමජක්‍ධගතො යනු දායාද දෙන්නවුන්ගේ මැදට ගියේයි. පූගමජක්‍ධගතො යනු සමූහයන් මැද සිටියේයි. රාජකුලමජක්‍ධගතො යනු රජකුලය මැද මහා විනිශ්චයෙහි සිටියේයි. අභිනීතො යනු විමසීම සඳහා කැඳවන ලද්දේයි. සක්‍ඛිපූටේඨා යනු සාක්‍ෂ්‍යකොට විමසනලද්දේයි. එහම්භෝ පුරිසෝ යනු මෙය ආමන්ත්‍රණයයි. අත්තහෙතු වා පරහෙතු වා යනු තමාගේ හෝ අනුන්ගේ හෝ අත්පා ආදී හෙතුවෙන් හෝ ධනය හේතුවෙන් හෝයි. ආමිසකිඤචික්‍ඛ හෙතු වා යනු මෙහි ආමිෂය යන්නෙන් අල්ලස අදහස් කරනලදී. කිඤචික්‍ඛං යනු යම්කිසි සුළුවූද දෙයකි. යටත්පිරිසෙයින් වටුබිජුවටක් සමවූ ගිතෙල් පිඬක් වෙඬරු පිඬක් ආදිය පමණවූද අල්ලසක් හේතුවෙනි. සම්පජානමුසා භාසිතා හොති යනු දනිමින්ම බොරුකීම කරන්නේවෙයි.

නෙලාති එලං වුච‍්චති දොසො, නාස‍්ස එලන‍්ති නෙලා, නිද‍්දොසාති අත්‍ථො. “නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො”ති (උදා· 65) එත්‍ථ වුත‍්තසීලං විය. කණ‍්ණසුඛාති බ්‍යඤ‍්ජනමධුරතාය කණ‍්ණානං සුඛා, සූචිවිජ‍්ඣනං විය කණ‍්ණසූලං න ජනෙති. අත්‍ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්‍වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච‍්ඡති අප‍්පටිහඤ‍්ඤමානා සුඛෙන චිත‍්තං පවිසතීති හදයඞ‍්ගමා. ගුණපරිපුණ‍්ණතාය පුරෙ භවාති පොරී. පුරෙ සංවඩ‍්ඪනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස‍්ස එසාතිපි පොරී. පුරස‍්ස එසාති නගරවාසීනං කථාති අත්‍ථො. නගරවාසිනො හි යුත‍්තකථා හොන‍්ති, පිතිමත‍්තං පිතාති, මාතිමත‍්තං මාතාති, භාතිමත‍්තං භාතාති වදන‍්ති. එවරූපී කථා බහුනො ජනස‍්ස කන‍්තා හොතීති බහුජනකන‍්තා. කන‍්තභාවෙනෙව බහුනො ජනස‍්ස මනාපා චිත‍්තවුද‍්ධිකරාති බහුජනමනාපා.

නෙලා යනු දොසය ඵලංයි කියනුලැබේ. මොහුට ඵලා නැත්තේනුයි නෙලායි නිදොස් තැනැත්තේ යන අරුත්ය. ‘නෙලඩ්ගො සෙතපච්ඡාදො’ යනමෙහි කියනලද සීලය මෙනි. කණ්ණසුඛා යනු ශබ්ද මධුරතාවෙන් කන්වලට සුවය දෙන්නාවූයි. ඉදිකටුවකින් විදීමක් මෙන් කන්හුලක් නොදනවයි. අත්‍ථිමධුරතාවෙන් සියල් සිරුරෙහි කෝපයක් නොදනවා ප්‍රේමය දනවයිනුයි පෙමනීයා නමි. හදවතට යයි, වෙහෙසට නොපමණුවමින් සැපසේ සිතට පිවිසේනුයි හදයඞ්ගමා නමි. ගුණයෙන් පිරිපුන්බැවින් පුරයෙහි (නගරයෙහි) වීනුයි පොරී නමි. නුවරෙහි වැඩුණු කාන්තාවක මෙන් සුකොමළය යන්නෙන්ද පොරී නමි. ‘පුරස්සඵසා’ යන්නෙන්ද පොරී නම්වේ. පුරස්සඵසා යනු නගරවාසීන්ගේ කථායන අරුත්යි. නගරවැසියන්ට වනාහි ගැලපෙන කතාවෙයි. පිතෘමාත්‍රයට පියායිද මාතෘමාත්‍රයට මවයිද හාතෘ මාත්‍රයට සොහොයුරායිද කියත්. මෙබඳුවූ කතා බොහෝදෙනාට සිත් අදනාසුලුවෙයි යන්නෙන් බහුජනකන්තා නමි. සිත් අදනාසුලුබවින්ම බොහෝදෙනාට මනාපය, සිත්වඩන්නේය යන්නෙන් බහුජනමනාපා නමි.

9. අන්‍ධසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 9

නවමෙ චක‍්ඛු න හොතීති පඤ‍්ඤාචක‍්ඛු න හොති. ඵාතිං කරෙය්‍යාති ඵීතං වඩ‍්ඪිතං කරෙය්‍ය. සාවජ‍්ජානවජ‍්ජෙති සදොසනිද‍්දොසෙ. හීනප‍්පණීතෙති අධමුත‍්තමෙ. කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙති කණ‍්හසුක‍්කායෙව අඤ‍්ඤමඤ‍්ඤං පටිබාහනතො පටිපක‍්ඛවසෙන සප‍්පටිභාගාති වුච‍්චන‍්ති. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – කුසලෙ ධම‍්මෙ “කුසලා ධම‍්මා”ති ජානෙය්‍ය, අකුසලෙ ධම‍්මෙ “අකුසලා ධම‍්මා”ති ජානෙය්‍ය. සාවජ‍්ජාදීසුපි එසෙව නයො. කණ‍්හසුක‍්කසප‍්පටිභාගෙසු පන කණ‍්හධම‍්මෙ “සුක‍්කසප‍්පටිභාගා”ති ජානෙය්‍ය, සුක‍්කධම‍්මෙ “කණ‍්හසප‍්පටිභාගා”ති යෙන පඤ‍්ඤාචක‍්ඛුනා ජානෙය්‍ය, තථාරූපම‍්පිස‍්ස චක‍්ඛු න හොතීති. ඉමිනා නයෙන සෙසවාරෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො.

නවවැන්නෙහි චක්‍ඛු න හොති යනු නුවණැස නොවෙයි. ඵාති කරෙය්‍ය යනු පිරුණක් වැඩුනක් කරන්නේය. සාවජ්ජානවජේජ යනු සදොස් නිදොස්හිය. හීනප්පණීතෙ යනු පහත් උතුම් දෙයෙහිය. කණ්භසුක්කසප්පටිභාගෙ යනු නරක හා හොඳම ඔවුනොවුන් වළහනබැවින් ප්‍රතිපක්‍ෂ (විරුද්ධ) වශයෙන් සප්පටිභාගයයි කියනු ලැබේ. මේවනාහි මෙය කෙටිවිවරණයයි. කුශල ධර්මයන්හි කුසල්දහමයයි දන්නේය, අකුශලධර්‍මයන්හි අකුසල්යයි දන්නේය. වැරදිසහිත දෙයෙහිද එම ක්‍රමයමයි. නරක හොඳ සප්‍රතිභාගයන්හි නරක දෙය හොඳ දෙයට විරුද්ධයයි දන්නේය. හොඳ දෙය නරක දයට විරුද්ධයයි දන්නේය. (මෙලෙසින්) යම් නුවණැසකින් දන්නේද එබඳුවූ නුවණැසක් නොවේයයි මේ ක්‍රමයෙන් සෙසුවාරයන්හිද අර්‍ත්‍ථය දතයුතුය. න චෙච භොගා තථාරූපා යනු එබඳුවූ භොගයෝද මොහුට නොවෙත්.

න චෙව භොගා තථාරූපාති තථාජාතිකා භොගාපිස‍්ස න හොන‍්ති. න ච පුඤ‍්ඤානි කුබ‍්බතීති පුඤ‍්ඤානි ච න කරොති. එත‍්තාවතා භොගුප‍්පාදනචක‍්ඛුනො ච පුඤ‍්ඤකරණචක‍්ඛුනො ච අභාවො වුත‍්තො. උභයත්‍ථ කලිග‍්ගාහොති ඉධලොකෙ ච පරලොකෙ චාති උභයස‍්මිම‍්පි අපරද‍්ධග‍්ගාහො, පරාජයග‍්ගාහො හොතීති අත්‍ථො. අථ වා උභයත්‍ථ කලිග‍්ගාහොති උභයෙසම‍්පි දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකානං අත්‍ථානං කලිග‍්ගාහො, පරාජයග‍්ගාහොති අත්‍ථො. ධම‍්මාධම‍්මෙනාති දසකුසලකම‍්මපථධම‍්මෙනපි දසඅකුසලකම‍්මපථඅධම‍්මෙනපි. සඨොති කෙරාටිකො. භොගානි පරියෙසතීති භොගෙ ගවෙසති. ථෙය්‍යෙන කූටකම‍්මෙන, මුසාවාදෙන චූභයන‍්ති ථෙය්‍යාදීසු උභයෙන පරියෙසතීති අත්‍ථො. කථං? ථෙය්‍යෙන කූටකම‍්මෙන ච පරියෙසති, ථෙය්‍යෙන මුසාවාදෙන ච පරියෙසති, කූටකම‍්මෙන මුසාවාදෙන ච පරියෙසති. සඞ‍්ඝාතුන‍්ති සඞ‍්ඝරිතුං. ධම‍්මලද‍්ධෙහීති දසකුසලකම‍්මපථධම‍්මං අකොපෙත්‍වා ලද‍්ධෙහි. උට‍්ඨානාධිගතන‍්ති වීරියෙන අධිගතං. අබ්‍යග‍්ඝමානසොති නිබ‍්බිචිකිච‍්ඡචිත‍්තො. භද‍්දකං ඨානන‍්ති සෙට‍්ඨං දෙවට‍්ඨානං. න සොචතීති යස‍්මිං ඨානෙ අන‍්තොසොකෙන න සොචති.

න ච පුඤ්ඤානි කුබ්බති යනු පින්ද නොකරත්. මෙපමණකින් භොග (සම්පත්) උඵදවන නුවණැසේද පින්කරන නුවණැසේද අභාවය කියනලදී. උභයත්‍ථ කලිග්ගාභො යනු මෙලොව පරලොව යන දෙලොවෙහිම අපරාධ (වැරදි)ගැනීමක්, පරාජය ගැනීමක් වේය යනාර්‍ත්‍ථයි. නැතහොත් කලිග්ගාභො යනු මේ මෙලොව පරලොව යන දෙක සඳහාම වැරදි ගැනීමක් පරාජය ගැනීමක්ය යනාර්ථයි. ධම්මාධමේමන යනු දශකුශල කර්මපථ ධර්මයන්ගෙන්ද දශ අකුශල කර්මපථ ධර්‍මයන්ගෙන්ද යනුයි. සඨො යනු කෛරාටිකයායි. භොගානි පරියෙසති යනු භොගයන් සොයයි. ථෙය්‍යෙන කූටකමේමන මුසාවාදෙන චූභයං යනු සොරකම් ආදියෙහි දෙපරිද්දෙන්ම සොයයි යන අර්‍ත්‍ථයි. කෙසේද? සොර කපටිකමින්ද සොයයි. සොර බොරුවෙන්ද සොයයි. කපටිකමින්ද බොරුවෙන්ද සොයයි. සඞ්ඝාතුං යනු රැස්කිරීමටයි. ධම්මලද්ධෙහි යනු දශකුශල කර්මපථධර්මයන් නොයික්මවා ලදදෙයිනි. උට්ඨානාධිගතං යනු වීර්යයෙන් ලබනලදයි. අව්‍යග්ගමනසො යනු සැකනැති සිතැත්තේයි. භද්දකං ඨානං යනු ශ්‍රෙෂ්ඨවූ දිව්‍යබවකටය. න සොචති යනු යම්තැනක ඇතුළත සොවින් නොතැවෙයි.

10. අවකුජ‍්ජසුත‍්තවණ‍්ණනා

3. 1. 3. 10

දසමෙ අවකුජ‍්ජපඤ‍්ඤොති අධොමුඛපඤ‍්ඤො. උච‍්ඡඞ‍්ගපඤ‍්ඤොති උච‍්ඡඞ‍්ගසදිසපඤ‍්ඤො. පුථුපඤ‍්ඤොති විත්‍ථාරිකපඤ‍්ඤො. ආදිකල්‍යාණන‍්තිආදීසු ආදීති පුබ‍්බපට‍්ඨපනා. මජ‍්ඣන‍්ති කථාවෙමජ‍්ඣං. පරියොසානන‍්ති සන‍්නිට‍්ඨානං. ඉතිස‍්ස තෙ ධම‍්මං කථෙන‍්තා පුබ‍්බපට‍්ඨපනෙපි කල්‍යාණං භද‍්දකං අනවජ‍්ජමෙව කත්‍වා කථෙන‍්ති, වෙමජ‍්ඣෙපි පරියොසානෙපි. එත්‍ථ ච අත්‍ථි දෙසනාය ආදිමජ‍්ඣපරියොසානානි, අත්‍ථි සාසනස‍්ස. තත්‍ථ දෙසනාය තාව චතුප‍්පදිකගාථාය පඨමපදං ආදි, ද‍්වෙ පදානි මජ‍්ඣං, අවසානපදං පරියොසානං. එකානුසන්‍ධිකස‍්ස සුත‍්තස‍්ස නිදානං ආදි, අනුසන්‍ධි මජ‍්ඣං, ඉදමවොචාති අප‍්පනා පරියොසානං. අනෙකානුසන්‍ධිකස‍්ස පඨමො අනුසන්‍ධි ආදි, තතො පරං එකො වා අනෙකෙ වා මජ‍්ඣං, පච‍්ඡිමො පරියොසානං. අයං තාව දෙසනාය නයො. සාසනස‍්ස පන සීලං ආදි, සමාධි මජ‍්ඣං, විපස‍්සනා පරියොසානං. සමාධි වා ආදි, විපස‍්සනා මජ‍්ඣං, මග‍්ගො පරියොසානං. විපස‍්සනා වා ආදි, මග‍්ගො මජ‍්ඣං, ඵලං පරියොසානං. මග‍්ගො වා ආදි, ඵලං මජ‍්ඣං, නිබ‍්බානං පරියොසානං. ද‍්වෙ ද‍්වෙ වා කයිරමානෙ සීලසමාධයො ආදි, විපස‍්සනාමග‍්ගා මජ‍්ඣං, ඵලනිබ‍්බානානි පරියොසානං.

දසවැන්නෙහි අවකුජ්ජඤෙඤා යනු යටිකුරුවූ නුවණ ඇත්තේයි. උච්ඡඞ්ගපඤෙඤා යනු ඇකයට සමාන නුවණ ඇත්තේයි. පුථුපඤෙඤා යනු පැතිරෙන නුවණ ඇත්තේයි. ආදිකල්‍යාණං යනාදියෙහි ආදී යනු මුල පිහිටුවීමයි. මජක්‍ධං යනු කථාවෙහි මධ්‍යයයි. පරියොසානං යනු නිමාවීමයි. මෙසේ මොහුට ඔවුහු ධර්‍මය කියමින් මුල පිහිටුවීමෙන්ද මනාවූ සොඳුරුවූ නිවැරදිවූවක්මකොට කියත්. මැදද අවසානයෙහිද එසේමය. මෙහිද දේශනාවගේ ආදිමධ්‍යපරියෝසානයෝ වෙත්. ශාසනයටද වෙත්. එහි දේශනාවෙහි පාදසතරක් ඇති ගාථාවක පළමුපාදය මුලයි. පාදෙකක් මැදයි. අවසන් පාදය කෙළවරයි. අනුසන්‍ධි (ගැලපීම්) එකක් ඇති සූත්‍රයක නිදානය ආදිය (මුල)යි. අනුසන්‍ධිය මැදයි. මෙසේ පැවසීය යන පැමිණවීම අවසානයයි. නොයෙක් අනුසන්‍ධි ඇති සූත්‍රයක පළමුඅනුසන්‍ධිය ආදියයි. එයින් පසු එකක් හෝ බොහෝවක් හෝ අනුසන්‍ධි මැදයි. අවසන් අනුසන්‍ධිය කෙළවරයි. මේ වනාහි දේශනා ක්‍රමයයි. ශාසනයාගේ සීලය මුලයි. සමාධිය මැදයි. විපස්සනාව කෙළවරයි. සමාධිය හෝ මූලයි. විදර්‍ශනාව මැදයි. මාර්‍ගය කෙළවරයි. විදර්‍ශනාව හෝ මුලයි, මාර්‍ගය මැදයි. ඵලය කෙළවරයි. මාර්‍ගය හෝ මුලයි. ඵලය මැදයි. නිවන කෙළවරයි. දෙකක් හෝ කරනුලබනකල්හි ශීලසමාධීහු මුලයි. විදර්‍ශනා මාර්‍ගයෝ මැදයි. ඵලනිර්වාණයෝ කෙළවරයි.

සාත්‍ථන‍්ති සාත්‍ථකං කත්‍වා දෙසෙන‍්ති. සබ්‍යඤ‍්ජනන‍්ති අක‍්ඛරපාරිපූරිං කත්‍වා දෙසෙන‍්ති. කෙවලපරිපුණ‍්ණන‍්ති සකලපරිපුණ‍්ණං අනූනං කත්‍වා දෙසෙන‍්ති. පරිසුද‍්ධන‍්ති පරිසුද‍්ධං නිජ‍්ජටං නිග‍්ගණ‍්ඨිං කත්‍වා දෙසෙන‍්ති. බ්‍රහ‍්මචරියං පකාසෙන‍්තීති එවං දෙසෙන‍්තා ච සෙට‍්ඨචරියභූතං සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං පකාසෙන‍්ති. නෙව ආදිං මනසි කරොතීති නෙව පුබ‍්බපට‍්ඨපනං මනසි කරොති.

සාත්‍ථං යනු අරුත් සහිතකොට දෙසත්. සව්‍යංජනං යනු අකුරුසහිතව හෝ සපුරා දෙසත්. කෙවලපරිපුණ්ණං යනු සියල්ලෙන් පිරිපුන්ව නොඅඩුකොට දෙසත්. පරිසුද්ධං යනු පිරිසුදුව අවුල්රහිතව, ගැටීම් රහිතව දෙසත්, බ්‍රහ්මචරියං පකාසෙන්ති යනු මෙසේ දෙසන්නාහුද ශ්‍රෙෂ්ඨ හැසිරීමවූ ශික්‍ෂාත්‍රය ඇතුළත් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ප්‍රකාශකරත්. නෙව ආදිං මනසිකරොති යනු මුල තැබීම මෙනෙහි නොකරයි.

කුම‍්භොති ඝටො. නිකුජ‍්ජොති අධොමුඛො ඨපිතො. එවමෙව ඛොති එත්‍ථ කුම‍්භො නිකුජ‍්ජො විය අවකුජ‍්ජපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො, උදකාසිඤ‍්චනකාලො විය ධම‍්මදෙසනාය ලද‍්ධකාලො, උදකස‍්ස විවට‍්ටනකාලො විය තස‍්මිං ආසනෙ නිසින‍්නස‍්ස උග‍්ගහෙතුං අසමත්‍ථකාලො, උදකස‍්ස අසණ‍්ඨානකාලො විය වුට‍්ඨහිත්‍වා අසල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො.

කුමේභා යනු කළයයි. නික්කුජජො යනු යටිකුරුව තබනලද්දේයි. එවමෙවඛො යනු මෙහි යටිකුරුකළ කළය මෙන් යටිකුරුනුවණැත්තා දැක්විය යුතුය. දියවත්කරන කාලය මෙන් දහම් දෙසනලද කාලයයි. දියගලා යන කාලය මෙන් ඒ අසුනෙහි හුන්නහුගේ ඉගෙනීමට අසමත් කාලයයි. දිය නොරඳන කාලය මෙන් නැගිට (උගත් දහම) නොසලකන කාලය දැක්වියයුතුයි.

ආකිණ‍්ණානීති පක‍්ඛිත‍්තානි. සතිසම‍්මොසාය පකිරෙය්‍යාති මුට‍්ඨස‍්සතිතාය විකිරෙය්‍ය. එවමෙව ඛොති එත්‍ථ උච‍්ඡඞ‍්ගො විය උච‍්ඡඞ‍්ගපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො, නානාඛජ‍්ජකානි විය නානප‍්පකාරං බුද‍්ධවචනං, උච‍්ඡඞ‍්ගෙ නානාඛජ‍්ජකානි ඛාදන‍්තස‍්ස නිසින‍්නකාලො විය තස‍්මිං ආසනෙ නිසින‍්නස‍්ස උග‍්ගණ‍්හනකාලො, වුට‍්ඨහන‍්තස‍්ස සතිසම‍්මොසා පකිරණකාලො විය තස‍්මා ආසනා වුට‍්ඨාය ගච‍්ඡන‍්තස‍්ස අසල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො.

ආකිණ්ණානි යනු බහනලද්දාහුයි. සතිසම්මොසා පකිරෙය්‍ය යනු මුළාවූ සිහිඇති බැවින් විසිරෙන්නේය. එවමෙව ඛො යනු මෙහි ඇකය මෙන් උච්ඡඞ්ග පුද්ගලයා දැක්වියයුතුය. නොයෙක් ආකාර බුදුවදන් නොයෙක් කෑයුතු දෙය මෙනි. ඒ අසුනෙහි හුන්නහුගේ ඉගෙනීමේ කාලය ඇකයෙහි (උකුලෙහි) තබා නොයෙක් කැවිලි කන්නහුගේ හුන්කලාය මෙනි. නැගිටින්නහුගේ සිහිමුළාවෙන් විසිරීයන කාලය මෙන් ඒ අසුනෙන් නැඟිට යන්නහුගේ (දහම්) නොසලකන කාලය දැක්වියයුතුය.

උක‍්කුජ‍්ජොති උපරිමුඛො ඨපිතො. සණ‍්ඨාතීති පතිට‍්ඨහති. එවමෙව ඛොති එත්‍ථ උපරිමුඛො ඨපිතො කුම‍්භො විය පුථුපඤ‍්ඤො පුග‍්ගලො දට‍්ඨබ‍්බො, උදකස‍්ස ආසිත‍්තකාලො විය දෙසනාය ලද‍්ධකාලො, උදකස‍්ස සණ‍්ඨානකාලො විය තත්‍ථ නිසින‍්නස‍්ස උග‍්ගණ‍්හනකාලො, නො විවට‍්ටනකාලො විය වුට‍්ඨාය ගච‍්ඡන‍්තස‍්ස සල‍්ලක‍්ඛණකාලො වෙදිතබ‍්බො.

උක්කුජ්ජො යනු උඩුකුරුව තබන ලද්දයි. සණ්ඨාති යනු දරයි, පිහිටයි. එවමෙව ඛො යනු මෙහි උඩුකුරුව තැබූ කළය මෙන් පුථුපඤ්ඤ (පළල් නුවණැති) පුද්ගලයා දැක්විය යුතුය. දියවත්කරන කාලය මෙන් දෙසුම ලද කාලයයි. දිය දරන කාලය මෙන් එහි හිඳ උගන්නා කාලයයි. නොවිසිරෙන කාලය මෙන් නැගිට යමින් දහම් සලකන කාලය දතයුතුයි.

දුම‍්මෙධොති නිප‍්පඤ‍්ඤො. අවිචක‍්ඛණොති සංවිදහනපඤ‍්ඤාය රහිතො. ගන‍්තාති ගමනසීලො. සෙය්‍යො එතෙන වුච‍්චතීති එතස‍්මා පුග‍්ගලා උත‍්තරිතරොති වුච‍්චති. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති නවලොකුත‍්තරධම‍්මස‍්ස අනුධම‍්මං සහ සීලෙන පුබ‍්බභාගපටිපදං පටිපන‍්නො. දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛස‍්ස. අන‍්තකරො සියාති කොටිකරො පරිච‍්ඡෙදකරො පරිවටුමකරො භවෙය්‍යාති.

දුම්මෙධො යනු නුවණනැත්තේයි. අවිචක්‍ඛණො යනු පිළියෙළ කිරීමේ නුවණ නැත්තායි. ගන්තා යනු යනසුලුවූයේයි. සෙය්‍යො එතෙන වුච්චති යනු මේ පුද්ගලයන්ගෙන් ශ්‍රෙෂ්ඨතරයයි කියනුලැබේ. ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරා දහමේ අනුදහමටද සීලය සමග පූර්‍වභාග ප්‍රතිපදාවටද පිළිපන්නේයි. දුක්‍ඛස්ස යන සසර දුකටයි. අන්තකරො සියා යනු කෙළවරකරන්නේ, අවසන්කරන්නේ වන්නේය.

පුග‍්ගලවග‍්ගො තතියො.

තෙවෙනි පුද්ගලවර්‍ගයයි.