3. 1. 3. 2
3. 1. 3. 2.
3. 1. 3. 2.
22. තයො’මෙ භික්ඛවෙ ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං, අලභන්තො වා පතිරූපං උපට්ඨාකං, නෙව වුට්ඨාති තම්හා ආබාධා.
22. මහණෙනි, ලොව්හි මේ ගිලන්නු තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොමැ නැගි සිටුනේ ය.
ඉධ භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං, අලභන්තො වා පතිරූපං උපට්ඨාකං, වුට්ඨාති තම්හා ආබාධා.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන ලබන්නේ හෝ පථ්‍ය භෝජන නො ලබන්නේ හෝ, පථ්‍ය බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය බෙහෙත් නො ලබන්නේ හෝ, නිසි උපස්ථායකයකු ලබන්නේ හෝ නිසි උපස්ථායකයකු නො ලබන්නේ හෝ, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
ඉධ පන භික්ඛවෙ එකච්චො ගිලානො ලභන්තො’ව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තො’ව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තො’ව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො, වුට්ඨාති තම්හා ආබාධා.
මහණෙනි, මෙ ලොව්හි කිසි ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නොව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නොව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නොව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගි සිටුනේ ය.
තත්ර භික්ඛවෙ ය්වායං ගිලානො ලභන්තො’ව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තො’ව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තො’ව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො, වුට්ඨාති තම්හා ආබාධා, ඉමං ඛො භික්ඛවෙ ගිලානං පටිච්ච ගිලානභත්තං අනුඤ්ඤාතං, ගිලානභෙසජ්ජං අනුඤ්ඤාතං, ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො; ඉමඤ්ච පන භික්ඛවෙ ගිලානං පටිච්ච අඤ්ඤෙපි ගිලානා උපට්ඨාතබ්බා. ඉමෙ ඛො භික්ඛවෙ තයො ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
මහණෙනි, එහි ලා යම් ගිලනෙක් පථ්‍ය භෝජන නො ලබනු නො ව ලබනුයේ ම, පථ්‍ය බෙහෙත් නො ලබනු නො ව ලබනුයේ ම, නිසි උපස්ථායකයකු නො ලබනු නො ව ලබනුයේ ම, ඒ ආබාධයෙන් නැගේ ද, මහණෙනි, මේ ගිලනා පිණිස ගිලන් බත අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ගිලන් උවටෙක් අනුදන්නා ලද්දේ ය. මහණෙනි, මේ ගිලනා නිසා අන් ගිලන්නු ද උවටැන් කළයුත්තාහු වෙති. මහණෙනි, මේ වනාහි ලොව්හි විද්‍යමාන වූ ගිලන්නු තුන් දෙන වෙත්.
එවමෙව ඛො භික්ඛවෙ තයොමෙ ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය, අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නෙවොක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
මහණෙනි, එපරිද්දෙන් ම ලොව්හි මේ ගිලනුන් බඳු පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නොලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්මවිෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට නො පැමිණෙයි.
ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය, අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය, වොක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට ලබන්නේ හෝ තථාගතයන් දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබන්නේ හෝ කුශලධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ලභන්තො’ව තථාගතං දස්සනාය, නො අලභන්තො, ලභන්තො’ව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නො අලභන්තො වොක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම කුසලධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණෙයි.
තත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ලභන්තො’ව තථාගතං දස්සනාය, නො අලභන්තො, ලභන්තො’ව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවණාය, නො අලභන්තො, වොක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමං ඛො භික්ඛවෙ පුග්ගලං පටිච්ච ධම්මදෙසනා අනුඤ්ඤාතා. ඉමඤ්ච පන භික්ඛවෙ පුග්ගලං පටිච්ච අඤ්ඤෙසම්පි ධම්මො දෙසෙතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, එහි ලා යම් පුද්ගලයෙක් තථාගතයන් දක්නට නොලබනු නොව ලබන්නේ ම, තථාගතයන් දෙසූ ධර්මවිනය අසන්නට නොලබනු නොව ලබන්නේ ම, කුශල ධර්මයන් විෂයෙහි මාර්ගනියාම සඞ්ඛ්‍යාත සම්‍යක්ත්‍වයට පැමිණේ ද, මේ පුඟුලා පිණිස ධර්මදේශනාව අනුදන්නා ලදු. මහණෙනි, මේ පුඟුලා පිණිස අනුන්ට ධර්මය දෙසිය යුතුයි. මහණෙනි, ලොව්හි ගිලනුන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ තුන් දෙන විද්‍යමාන වෙත්.