3. 1. 3. 1
3. 1. 3. 1.
3. 1. 3. 1.
21. එවං මෙ සුතං : එකං සමයං භගවා සාවත්ථියං විහරති, ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ච සවිට්ඨො ආයස්මා ච මහාකොට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සවිට්ඨං ආයස්මා සාරිපුත්තො එතදවොච:
21. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සාම්මෝදනයට හේතු වන සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
තයොමෙ ආවුසො සවිට්ඨ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: කායසක්ඛී, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ඛො ආවුසො තිණ්ණං පුග්ගලානං කතමො තෙ පුග්ගලො ඛමති අභික්කන්තතරො ච පණීතතරො චාති.
ඇවැත්නි, සවිට්ඨයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපට ඉතා මැනැවැයි ප්‍රණීතතරය යි රුස්නේ ය?
තයොමෙ ආවුසො සාරිපුත්ත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? කායසක්ඛී දිට්ඨප්පත්තො සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ආවුසො තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො, අයං මෙ පුග්ගලො ඛමති, ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච, පණීතතරො ච. තං කිස්ස හෙතු, ඉමස්සාවුසො, පුග්ගලස්ස සද්ධින්ද්රියං අධිමත්තන්ති.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි: ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙන විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් සද්ධාවිමුත්ත නම් යම් පුද්ගලයෙක් වේ ද, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ පුද්ගල තෙමේ වඩා මැනැවැයි ද වඩා ප්‍රණීත යයි ද මට රුස්නේ වේ. ඊට හේතු කවරේය යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වේ ද එහෙයිනි.
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: තයො මෙ ආවුසො කොට්ඨිත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: කායසක්ඛී දිට්ඨප්පත්තො සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ආවුසො තිණ්ණං පුග්ගලානං කතමො තෙ පුග්ගලො ඛමති, අභික්කන්තතරො ච පණීතතරො චාති.
ඉක්බිති, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත, කොට්ඨිතයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, ප්‍රණීතය යී ද තොපට රුස්නේ වේ ද?
තයොමෙ ආවුසො සාරිපුත්ත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: කායසක්ඛී, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ආවුසො තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලො කායසක්ඛී, අයං මෙ පුග්ගලො ඛමති, ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමස්සාවුසො, පුග්ගලස්ස සමාධින්ද්රියං අධිමත්තන්ති.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, ලොව්හි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන්දෙන ලොව්හි විද්‍යමාන වෙති. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙහි යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, මේ පුද්ගල තෙමේ මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්ද්රිය ය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : තයොමෙ ආවුසො සාරිපුත්ත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: කායසක්ඛී දිට්ඨප්පත්තො සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ආවුසො තිණ්ණං පුග්ගලානං කතමො තෙ පුග්ගලො ඛමති, අභික්කන්තතරො ච පණීතතරො චාති.
ඉක්බිති ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්ත යි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද තොපට රුස්නේ වේ ද?
තයොමෙ ආවුසො කොට්ඨිත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: කායසක්ඛී, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො. ඉමෙ ඛො ආවුසො තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං ආවුසො තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලො දිට්ඨප්පත්තො, අයං මෙ පුග්ගලො ඛමති, ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමස්සාවුසො පුග්ගලස්ස පඤ්ඤින්ද්රියං අධිමත්තන්ති.
ඇවැත් කොට්ඨිතයෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: කායසක්ඛී ය, දිට්ඨප්පත්ත ය, සද්ධාවිමුත්තයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්‍යමාන වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් යම් පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, ඇවැත්නි, මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් ඉතා මැනැවැයි ද, ඉතා ප්‍රණීතය යි ද, මට රුස්නේ වෙයි. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්‍රඥේන්‍ද්‍රියය ඉතා බලවත් වේ ද, එහෙයිනි.
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තඤ්ච සවිට්ඨං ආයස්මන්තඤ්ච මහාකොට්ඨිතං එතදවොච : ව්යාකතං ඛො ආවුසො අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම. යථා නො භගවා ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමාති.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, අප හැම දෙනා විසින් සිය සිය වැටහීම ප්‍රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නම්හ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත සැළ කරම්හ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් පරිද්දෙකින් වදාරණ සේක නම්, එපරිද්දෙන් එය දරන්නම්හ යී.
එවමාවුසොති. ඛො ආයස්මා ච සවිට්ඨො ආයස්මා ච මහාකොට්ඨිතො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච සවිට්ඨො ආයස්මා ච මහාකොට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො යාවතකො අහොසි ආයස්මතා ච සවිට්ඨෙන ආයස්මතා ච මහාකොට්ඨිතෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇවැත්නි, එසේ ය යී ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් හා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් හා සමග යම් බඳු කථාසල්ලාපයෙක් වී ද, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
න ඛොත්ථ සාරිපුත්ත සුකරං එකංසෙන ව්යාකාතුං, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චාති. ඨානං හෙතං සාරිපුත්ත, විජ්ජති, ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො ස්වාස්ස අරහත්තාය පටිපන්නො. ය්වායං පුග්ගලො කායසක්ඛී, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා. යො චායං පුග්ගලො දිට්ඨප්පත්තො, සොපස්ස සකදාගාමී වා, අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත සුකරං, එකංසෙන ව්යාකාතුං, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මෙ තෙමේ වඩා මැනැවැයි ද, වඩා ප්‍රණීතය යි ද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ. ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි” ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ.
ඨානං හෙතං සාරිපුත්ත විජ්ජති, ය්වායං පුග්ගලො කායසක්ඛී ස්වාස්ස අරහත්තාය පටිපන්නො. ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා, යො චායං පුග්ගලො දිට්ඨප්පත්තො, සො පස්ස සකදාගාමී වා අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත සුකරං එකංසෙන ව්යාකාතුං, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: ‘යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි.’ ශාරීපුත්‍ර ය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම සුකර නො වේ.
ඨානං හෙතං සාරිපුත්ත, විජ්ජති, ය්වායං පුග්ගලො දිට්ඨප්පත්තො ස්වාස්ස අරහා, වා අරහත්තාය පටිපන්නො, ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො, ස්වාස්ස සකදාගාමී වා, අනාගාමී වා. යො චායං පුග්ගලො කායසක්ඛී, සොපස්ස. සකදාගාමී වා අනාගාමී වා. න ඛොත්ථ සාරිපුත්ත, සුකරං එකංසෙන ව්යාකාතුං, අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
ශාරීපුත්‍රය, මෙබඳු කරුණෙක් ඇත: “යම් මේ පුද්ගලයෙක් දිට්ඨප්පත්ත වේ ද, හෙ අර්හත් හෝ අර්හත් මාර්ගයට පිළිපන්නේ හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් සද්ධාවිමුත්ත වේ ද, හේ සකෘදාගාමී හෝ අනාගාමී හෝ වෙයි. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේ ද, හෙ ද සකෘදාගාමී හෝ අනාගාමි හෝ වෙයි” ශාරීපුත්‍රය, මෙහි ලා මේ පුද්ගලයන් තුන් දෙනා අතුරෙන් මේ වඩා මැනැවැ යි ද, වඩා ප්‍රණීතය යි ද ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීමට සුකර නො වේ යයි.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]