3. 1. 2. 10
3. 1. 2. 10.
3. 1. 2. 10.
20. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති භොගෙසු. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ පාපණිකො චක්ඛුමා ච හොති, විධුරො ච, නිස්සයසම්පන්නො ච.
20. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොබෝ කලෙකින් ම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ නුවණැස් ඇත්තේ වෙයි, ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇත්තේ ද වෙයි, නිඃශ්‍රයසම්පන්න ද වේ.
කථඤ්ච භික්ඛවෙ පාපණිකො චක්ඛුමා හොති: ඉධ භික්ඛවෙ පාපණිකො පණියං ජානාති. ඉදං පණියං එවං කීතං එවං වික්කයමානං එත්තකං මූලං භවිස්සති එත්තකො උදයොති එවං ඛො භික්ඛවෙ පාපණිකො චක්ඛුමා හොති. කථඤ්ච භික්ඛවෙ පාපණිකො විධුරො හොති: ඉධ භික්ඛවෙ පාපණිකො කුසලො හොති පණියං කෙතුඤ්ච වික්කෙතුඤ්ච. එවං ඛො භික්ඛවෙ පාපණිකො විධුරො හොති.
මහණෙනි, වෙණෙඳ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි වෙණෙඳ “මේ වෙළඳ බඩු මෙසේ මිල දී ගන්නා ලද්දේ මෙසේ විකුණනු ලබන්නේ මෙතෙක් මිල වෙයි. මෙතෙක් ලාභ වේ යයි” බඩුමිල දනී ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණැස් ඇති වෙයි. මහණෙනි, කෙසේ නම්, වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි වෙළඳ තෙම වෙළඳ බඩු මිලට ගන්නට හා විකුණන්නට හා දක්ෂ වේ ද, මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම ඥානසම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය ඇති වෙයි.
කථඤ්ච භික්ඛවෙ පාපණිකො නිස්සයසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ පාපණිකො යෙ තෙ ගහපතී වා ගහපතිපුත්තා වා අඩ්ඪා මහද්ධනා මහාභොගා තෙ එවං ජානන්ති: අයං ඛො භවං පාපණිකො චක්ඛුමා ච විධුරො ච පටිබලො පුත්තදාරඤ්ච පොසෙතුං. අම්හාකඤ්ච කාලෙන කාලං අනුප්පදාතුන්ති. තෙ නං භොගෙහි නිපතන්ති: ඉතො සම්ම පාපණික, භොගෙ හරිත්වා පුත්තදාරඤ්ච පොසෙහි අම්හාකඤ්ච කාලෙන කාලං අනුප්පදෙහීති. එවං ඛො භික්ඛවෙ පාපණිකො නිස්සයසම්පන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති භොගෙසු.
මහණෙනි, වෙළඳ තෙම කෙසේ නම් නිඃශ්‍රයසම්පන්න වේ ද? යත් මහණෙනි, මෙලොව්හි වෙළෙඳෙක් වේද, “ආඪ්‍ය වූ මහත් වූ ධන ඇති, මහා භොග ඇති, යම් ඒ ගෘහපති කෙනෙක් හෝ ඇත් ද, ගෘහපතිපුත්‍ර කෙනෙක් හෝ ඇත් ද, ඔවුහු “මේ භවත් වෙළෙඳ තෙම නුවණැස් ඇත්තේ ද, විධුර ද වෙයි. අඹුදරුවන් පුස්නට හා අපට කලින් කල අනුප්‍රදානය කරන්නට ද ප්‍රතිබල වේ ය”යි මෙසේ ඔහු දැන ගණිත් ද, ඔවුහු “සගය, වාණිජයෙනි, මෙයින් භෝගයන් ගෙණ ගොස් අඹුදරුවන් පුස්ව, කලින් කල අපට ද දෙව”යි ඔහු භෝගයෙන් පවරත්. මහණෙනි, මෙසේ වනාහි වෙළෙඳ තෙම නිඃශ්‍රයසම්පන්න වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් වෙළෙඳ තෙම භෝගවිෂයෙහි මහත්බවට විපුලබවට පැමිණෙයි.
එවමෙව ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසු. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුමා ච හොති විධුරො ච නිස්සයසම්පන්නො ච. කථඤ්ච භික්ඛවෙ භික්ඛු චක්ඛුමා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු චක්ඛුමා හොති.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ නොබෝ කලෙකින් ම ධර්මවිෂයෙහි මහත් බවට විපුල බවට පැමිණෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ නුවණැස් ඇත්තේ ප්‍රඥා ඇත්තේ නිඃශ්‍රය ඇත්තේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නුවණැස් ඇති වේ ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම “මෙය දුකැ”යි තත් වූ පරිද්දෙන් දනී ද - මෙය දුක් නැති කිරීමට යන ප්‍රතිපදා යයි තත් වූ පරිද්දෙන් දනී ද, මහණෙනි, මෙසේ වනාහි මහණ නුවණැස් ඇති වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු විධුරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය,කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු විධුරො හොති.
මහණෙනි, මහණ කෙසේ නම් විධුර වූයේ වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ අකුශලධර්මයන් ප්‍රහීණ කිරීම පිණිස පටන්ගත් වැර ඇත්තේ වෙසෙයි ද, කුසල්දහම් වැඩීම පිණිස ශක්ති ඇත්තේ දෘඪපරාක්‍රම ඇත්තේ වේ ද, කුශලධර්මයන් කෙරෙහි නොහළ වීර්‍ය්‍ය ඇති වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ වීර්‍ය්‍ය ඇති වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු නිස්සයසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති ඉදං භන්තෙ කථං? ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු නිස්සයසම්පන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසූති.
මහණෙනි, මහණ කෙසේ නම් නිඃශ්‍රය ඇති වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ, බහුශ්‍රුත වූ පැමිණි ශාස්තෘශාසන ඇති ධර්මධර වූ විනයධර වූ (උභය) මාතෘකාධර වූ යම් මහණ කෙනෙක් වෙත් ද, කලින් කල ඔවුන් වෙත පැමිණ කරුණු නොකරුණු විචාරා ද, වහන්ස, මෙය කෙසේ ය? මෙහි අර්ත්ථය කිමෙකැයි? ප්‍රශ්නකරයි ද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්‍රකට වූ ධර්මය ද විවර කෙරෙති. විස්තෘත නුවූ ධර්මය ද විස්තර කෙරෙති. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්මයන් කෙරෙහි සැක දුරලති. මහණෙනි, මෙසේ වනාහි මහණ නිඃශ්‍රය ඇති වේ. මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ මහණ නොබෝ කලෙකින් ම ධර්මවිෂයෙහි මහත්බවට විපුල බවට පැමිණෙයි.
පඨමභාණවාරො නිට්ඨිතො.
පළමු වන බණවර නිමි.
වග්ගො දුතියො.
දෙවන වග යි.