3. 1. 2. 9
3. 1. 2. 9.
3. 1. 2. 9.
19. තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො අභබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ පාපණිකො පුබ්බන්හසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්තිකං සමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, සායන්හසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො අභබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං.
19. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භෝග දියුණු කරන්නට වේවයි අභව්‍යයෙකි. කවර අඞ්ග තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරු කාලයෙහි සකසා කර්මාන්තයෙහි නො සිටුනේ ද, මධ්‍යාහ්න කාලයෙහි කර්මාන්තයෙහි සකසා නො සිටුනේ ද, සවස් කාලයෙහි කර්මාන්තයෙහි සකසා නොසිටුනේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්වාගත වූ වෙණෙඳ නොලත් භොග ලබා ගන්නට වේවයි ලැබූ භොග දියුණු කරන්නට වේවයි අභව්‍ය වේ.
එවමෙව ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ භික්ඛු පුබ්බණ්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. මජ්ඣන්තිකං සමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. සායන්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්ම තුණෙකින් සමන්වාගත වූ මහණ නොලත් කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩාගන්නට වේවයි අභව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මධ්‍යහ්නකාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, සවස්කාලයෙහි සකසා සමාධිනිමිත්තෙහි නොසිටුනේ ද, මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ මහණ නො ලැබූ සමාධිනිමිත්ත ලබා ගන්නට වේවයි ලැබූ සමාධිනිමිත්ත වඩාගන්නට වේවයි අභව්‍ය වේ.
තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො භබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ පාපණිකො පුබ්බන්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්තිකං සමයං -පෙ- සායන්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො භබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං.
මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබාගන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙලොව්හි වෙණෙඳ පෙරවරුකාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, මධ්‍යහ්නකාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, සවස් කාලයෙහි සකසා කර්මාන්තයෙහි සිටුනේ ද, මහණෙනි, මේ අඞ්ගතුණෙන් සමන්වාගත වෙණෙඳ නොලැබූ භොග ලබන්නට වේවයි ලැබූ භොග වඩාගන්නට වේවයි භව්‍ය වේ.
එවමෙව ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ භික්ඛු පුබ්බන්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. මජ්ඣන්තිකං සමයං -පෙ- සායන්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුන්ති.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්ම තුණෙකින් සමන්වාගත මහණ නො ලැබූ කුසල්දහම් ලබන්නට වේවයි ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්‍ය වෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ පෙරවරු කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මධ්‍යහ්නකාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. සවස්කාලයෙහි සමාධිනිමිත්තෙහි සකසා සිටුනේය. මහණෙනි, මේ ධර්මතුණෙන් සමන්වාගත මහණ නොලැබූ කුසල්දහම් ලබන්නට වේවයි, ලැබූ කුසල්දහම් වඩන්නට වේවයි භව්‍ය වේ.