යෙදුමෙන් කියවන්න

2. රථකාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. රථකාරවර්‍ගය

1. ඤාතසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 1

දුතියස‍්ස පඨමෙ ඤාතොති පඤ‍්ඤාතො පාකටො. අනනුලොමිකෙති සාසනස‍්ස න අනුලොමෙතීති අනනුලොමිකං, තස‍්මිං අනනුලොමිකෙ. කායකම‍්මෙති පාණාතිපාතාදිම‍්හි කායදුච‍්චරිතෙ. ඔළාරිකං වා එතං, න එවරූපෙ සමාදපෙතුං සක‍්කොති. දිසා නමස‍්සිතුං වට‍්ටති, භූතබලිං කාතුං වට‍්ටතීති එවරූපෙ සමාදපෙති ගණ‍්හාපෙති. වචීකම‍්මෙපි මුසාවාදාදීනි ඔළාරිකානි, අත‍්තනො සන‍්තකං පරස‍්ස අදාතුකාමෙන “නත්‍ථී”ති අයං වඤ‍්චනමුසාවාදො නාම වත‍්තුං වට‍්ටතීති එවරූපෙ සමාදපෙති. මනොකම‍්මෙපි අභිජ‍්ඣාදයො ඔළාරිකා, කම‍්මට‍්ඨානං විසංවාදෙත්‍වා කථෙන‍්තො පන අනනුලොමිකෙසු ධම‍්මෙසු සමාදපෙති නාම දක‍්ඛිණවිහාරවාසිත්‍ථෙරො විය. තං කිර ථෙරං එකො උපට‍්ඨාකො අමච‍්චපුත‍්තො උපසඞ‍්කමිත්‍වා “මෙත‍්තායන‍්තෙන පඨමං කීදිසෙ පුග‍්ගලෙ මෙත‍්තායිතබ‍්බ”න‍්ති පුච‍්ඡි. ථෙරො සභාගවිසභාගං අනාචික‍්ඛිත්‍වා “පියපුග‍්ගලෙ”ති ආහ. තස‍්ස ච භරියා පියා හොති මනාපා, සො තං ආරබ‍්භ මෙත‍්තායන‍්තො උම‍්මාදං පාපුණි. කථං පනෙස බහුජනඅහිතාය පටිපන‍්නො හොතීති? එවරූපස‍්ස හි සද‍්ධිවිහාරිකාදයො චෙව උපට‍්ඨාකාදයො ච තෙසං ආරක‍්ඛදෙවතා ආදිං කත්‍වා තාසං තාසං මිත‍්තභූතා යාව බ්‍රහ‍්මලොකා සෙසදෙවතා ච “අයං භික‍්ඛු න අජානිත්‍වා කරිස‍්සතී”ති තෙන කතමෙව කරොන‍්ති, එවමෙස බහුජනඅහිතාය පටිපන‍්නො හොති.

දෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ඤාතකො යනු දන්නාලද්දේ ප්‍රකටවූයේයි. අනනුලොමිකෙ යනු සසුනට අනුලොම් නොවේනුයි අනනුලොමික නමි. ඒ අනුලොම් නොවූ දෙයෙහියි. පරපණ නැසීම් ආදී කාය දුශ්චරිතයෙහියි. මෙය රළුවූයේ හෝ වෙයි. මෙබඳු දෙයෙහි සමාදන් කරවීමට නොහැකිය. දිශාවන් නැමදීමට සුදුසුය. භූතබලි කිරීමට සුදුසුයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. ගන්වවයි. වාග්කර්‍මයෙහිද බොරුකීම් ආදිය රළුය. තමන්සතුදෙය අනුන්ට නොදෙනු කැමැත්තෙකු නැතැයි මේ බොරුව කීමට වටීයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. මනොකර්‍මයෙහිද අභිධ්‍යාදිය රළුය. කමටහන වරදවා (මුළාකොට) කියන්නේ අනුලොම් නොවන ධර්‍මයන්හි සමාදන්කරවයි නමි, දක්‍ඛිණ විහාරවාසී තෙරුන් මෙනි. එක් උපස්ථායක ඇමති පුත්‍රයෙක් ඒ තෙරුන් වෙත එළඹ මෛත්‍රිය කරන්නහු විසින් පළමුව කවර පුද්ගලයන් කෙරෙහි මෛත්‍රිය කළයුතුදැයි විචාළේය. තෙරණුවෝ සභාගවිසභාග (සමාන පක්‍ෂයෙහි හා අසමාන පක්‍ෂයෙහි) පුද්ගලයන් නොවිමසා ප්‍රිය පුද්ගලයකු කෙරෙහියයි පැවසූහ. ඔහුට බිරිය ප්‍රිය වෙයි, මනාපවෙයි. හෙතෙම ඇය අරභයා මෛත්‍රිය කරන්නේ උමතුබවට පැමිණියේය. කෙසේ නම් මෙතෙමේ බහුජනාභිතාය පටිපන්නො හොති යනු මෙබඳුවුවහුගේ සද්ධිවිහාරික (එක්ව වසනඅය) ආදීහුද උපස්ථායකාදීද ඔවුන්ගේ ආරක්‍ෂක දෙවතාවන් ආදිකොට ඒ ඒ අයගේ මිතුරන්වූ බඹලොව තෙක්වූ සෙසු දෙවියෝද මේ භික්‍ෂුව නොදැන නොකරන්නේයයි (සිතා) ඔහු විසින් කරනලද්දම කරත්. මෙසේ මෙතෙම බොහෝ දෙනාට අභිත සඳහා පිළිපන්නේවෙයි.

සුක‍්කපක‍්ඛෙ පාණාතිපාතා වෙරමණිආදීනංයෙව වසෙන කායකම‍්මවචීකම‍්මානි වෙදිතබ‍්බානි. කම‍්මට‍්ඨානං පන අවිසංවාදෙත්‍වා කථෙන‍්තො අනුලොමිකෙසු ධම‍්මෙසු සමාදපෙති නාම කොළිතවිහාරවාසී චතුනිකායිකතිස‍්සත්‍ථෙරො විය. තස‍්ස කිර ජෙට‍්ඨභාතා නන්‍දාභයත්‍ථෙරො නාම පොතලියවිහාරෙ වසන‍්තො එකස‍්මිං රොගෙ සමුට‍්ඨිතෙ කනිට‍්ඨං පක‍්කොසාපෙත්‍වා ආහ – “ආවුසො, මය‍්හං සල‍්ලහුකං කත්‍වා එකං කම‍්මට‍්ඨානං කථෙහී”ති. කිං, භන‍්තෙ, අඤ‍්ඤෙන කම‍්මට‍්ඨානෙන, කබළීකාරාහාරං පරිග‍්ගණ‍්හිතුං වට‍්ටතීති? කිමත්‍ථිකො එස, ආවුසොති? භන‍්තෙ, කබළීකාරාහාරො උපාදාරූපං, එකස‍්මිඤ‍්ච උපාදාරූපෙ දිට‍්ඨෙ තෙවීසති උපාදාරූපානි පාකටානි හොන‍්තීති. සො “වට‍්ටිස‍්සති, ආවුසො, එත‍්තක”න‍්ති තං උය්‍යොජෙත්‍වා කබළීකාරාහාරං පරිග‍්ගණ‍්හිත්‍වා උපාදාරූපං සල‍්ලක‍්ඛෙත්‍වා විවට‍්ටෙත්‍වා අරහත‍්තං පාපුණි. අථ නං ථෙරං බහිවිහාරා අනික‍්ඛන‍්තමෙව පක‍්කොසිත්‍වා, “ආවුසො, මහාඅවස‍්සයොසි මය‍්හං ජාතො”ති කනිට‍්ඨත්‍ථෙරස‍්ස අත‍්තනා පටිලද‍්ධගුණං ආරොචෙසි. බහුජනහිතායාති එතස‍්සපි හි සද‍්ධිවිහාරිකාදයො “අයං න අජානිත්‍වා කරිස‍්සතී”ති තෙන කතමෙව කරොන‍්තීති බහුජනහිතාය පටිපන‍්නො නාම හොතීති.

යහපත් පක්‍ෂයෙහි පරපණ නැසීමෙන් වැළකීම් ආදීන්ගේදවශයෙන් කායකර්‍මවාක්කර්‍මයෝ දතයුත්තාහ. කමටහන මුළානොකොට කියන්නේ අනුලොම් ධර්‍මයෙහි සමාදන් කරවන්නේ නමි. කොලිත විහාරවාසී චතුනිකායික තිස්ස තෙරණුවන්මෙනි. ඔහුගේ දෙටු සොහොයුරු දත්තාභය නම් තෙරණුවෝ පෝතලිය වෙහෙරෙහි වසන්නෝ එක් රෝගයක් හටගත් කල්හි කනිටු සොයුරා කැඳවා (මෙසේ) පැවසූහ: ‘ඇවැත්නි, මට සැහැල්ලු කොට එක් කමටහනක් කියව’ය යනුවෙනි. ‘ස්වාමීනි, අන් කමටහනකින් කවර වැඩක්ද කබලිංකාරාහාරය සැලකිල්ලට ගැනීමට වටී’යයි කීවේය. ‘ඇවැත්නි, මෙය කවර අ අර්‍ත්‍ථයක් ඇත්තේ වේද?’ ‘ස්වාමීනි, කබලිංකාරාහාරය උපදා රූපයකි. එක් උපාදාරූපයක් දුටුකල්හි තෙවිසි උපාදාරූපයෝ ප්‍රකට වෙත්.’ හෙතෙම ‘ඇවැත්නි, මෙපමණක් වටනේය’යි ඔහු යවා කබලිංකාරාහාරය නුවණින් සලකා උපාදාරූපය සලකා විවර්‍තනය කොට රහත්බවට පැමිණියේය. ඉක්බිති ඒ තෙරුන් විහාරයෙන් පිටතට නොනික්මෙන්දිම යළි කැඳවා ‘ඇවැත්නි, මට මහා පිහිටක්වූයේ වෙහි’යි කනිටු තෙරුන්ට තමන් ලැබූ ගුණය සැළකළේය. බහුජනහිතාය යනු මොහුගේද සද්ධිවිහාරිකාදීහු මෙතෙම නොදැන නොරකන්නේයයි සිතා ඔහු විසින් කරන ලද්දම කරති. එසේම උපස්ථායකාදීහු ඔවුන්ගේ ආරක්‍ෂක දෙවියෝ ඔවුන්ගේ මිත්‍රවූ භූම්‍යස්ථ දෙවියෝ ඔවුන්ගේ යහළුවූ ආකාශස්ථ දෙවියෝදැයි බඹලොව උපන්දෙවියන් දක්වා ඔහුවිසින් කරනලද්දම කරතියි බොහෝ දෙනාට හිතසුව සඳහා පිළිපන්නේ නම්වෙයි.

2. සාරණීයසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 2

දුතියෙ ඛත‍්තියස‍්සාති ජාතියා ඛත‍්තියස‍්ස. මුද‍්ධාවසිත‍්තස‍්සාති රාජාභිසෙකෙන මුද‍්ධනි අභිසිත‍්තස‍්ස. සාරණීයානි භවන‍්තීති සරිතබ‍්බානි අසම‍්මුස‍්සනීයානි හොන‍්ති. ජාතොති නිබ‍්බත‍්තො. යාවජීවං සාරණීයන‍්ති දහරකාලෙ ජානිතුම‍්පි න සක‍්කා, අපරභාගෙ පන මාතාපිතුආදීහි ඤාතකෙහි වා දාසාදීහි වා “ත්‍වං අසුකජනපදෙ අසුකනගරෙ අසුකදිවසෙ අසුකනක‍්ඛත‍්තෙ ජාතො”ති ආචික‍්ඛිතෙ සුත්‍වා තතො පට‍්ඨාය යාවජීවං සරති න සම‍්මුස‍්සති. තෙන වුත‍්තං – “යාවජීවං සාරණීයං හොතී”ති.

දෙවැන්නෙහි ඛත්තියස්ස යනු උපතින් ක්‍ෂත්‍රියයාගේය. මුද්ධාවසිත්තස්ස යනු රාජ්‍යාභිෂේකයෙන් හයිස්මුදුනෙහි අභිෂේක කරනලද්දහුගේය. සාරාණීයානි හොන්ති යනු සිහිකළයුතුවූවාහු අමතකනොකළයුතුවූවාහු වෙත්. ජාතො යනු උපන්නාවූයි. යාවජීවං සාරාණියං යනු කුඩාකල්හි දැනීමට නොහැක. පසුකළෙක මාපියාදීන් හෝ නෑයන් විසින් හෝ ඥාතීන් විසින් හෝ දාසාදීන් විසින් හෝ නුඹ අසුවල් දනව්වෙහි අසුවල් නුවරෙහි අසුවල් දිනයෙහි අසුවල් නැකතෙහි උපන්නෙහියයි කියනලදකල අසා එතැන්පටන් දිවිඇතිතෙක් සිහිකරයි. අමතක නොකරයි. එහෙයින් දිවිඇතිතෙක් සිහිකටයුතුවූයේයයි කියනලදී

ඉදං, භික‍්ඛවෙ, දුතියන‍්ති අභිසෙකට‍්ඨානං නාම රඤ‍්ඤො බලවතුට‍්ඨිකරං හොති, තෙනස‍්ස තං යාවජීවං සාරණීයං. සඞ‍්ගාමවිජයට‍්ඨානෙපි එසෙව නයො. එත්‍ථ පන සඞ‍්ගාමන‍්ති යුද‍්ධං. අභිවිජිනිත්‍වාති ජිනිත්‍වා සත‍්තුමද‍්දනං කත්‍වා. තමෙව සඞ‍්ගාමසීසන‍්ති තමෙව සඞ‍්ගාමට‍්ඨානං. අජ‍්ඣාවසතීති අභිභවිත්‍වා ආවසති.

මහණෙනි, මේ දෙවැනි අභිෂේකස්ථානයනම් රජුට බෙහෙවින් සතුට ඇතිකරන්නෙවෙයි. එබැවින් ඔහුට දිවිඇතිතෙක් සිහිකටයුතු දෙයකි. යුදයෙන් ජයගත් තැන්හිද මේ ක්‍රමයමයි. මෙහි වනාහි සඞ්ගාමං යනු යුද්ධයයි. අභිවිජිනිත්‍වා යනු දිනා, සතුරන් මැඬය. තමෙව සඞ්ගාමසීසං යනු ඒ සංග්‍රාමස්ථානයමයි. අජ්ක්‍ධවසති යනු මැඩපවත්වා වෙසෙයි.

ඉදානි යස‍්මා සම‍්මාසම‍්බුද‍්ධස‍්ස රඤ‍්ඤො ජාතිට‍්ඨානාදීහි කත‍්තබ‍්බකිච‍්චං නත්‍ථි, ඉමස‍්මිං පන සාසනෙ තප‍්පටිභාගෙ තයො පුග‍්ගලෙ දස‍්සෙතුං ඉදං කාරණං ආභතං, තස‍්මා තෙ දස‍්සෙන‍්තො එවමෙව ඛො, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අනගාරියං පබ‍්බජිතො හොතීති එත්‍ථ චතුපාරිසුද‍්ධිසීලම‍්පි පබ‍්බජ‍්ජානිස‍්සිතමෙවාති වෙදිතබ‍්බං. සාරණීයං හොතීති “අහං අසුකරට‍්ඨෙ අසුකජනපදෙ අසුකවිහාරෙ අසුකමාළකෙ අසුකදිවාට‍්ඨානෙ අසුකචඞ‍්කමෙ අසුකරුක‍්ඛමූලෙ පබ‍්බජිතො”ති එවං යාවජීවං සරිතබ‍්බමෙව හොති න සම‍්මුස‍්සිතබ‍්බං.

දැන් යම්හෙයකින් සම්බුදුන්වහන්සේට රජුගේ උපන් තැන් ආදියෙන් කළයුතු වැඩක් නැත්ද මේ සසුනෙහි ඊට සමානවූ පුද්ගලයන් තිදෙනකු දැක්වීමට මෙකරුණ ගෙනෙනලදී. එබැවින් ඔවුන් දක්වනසේක් මහණෙනි එසේම යනාදිය වදාළසේක. එහි අනගාරියං පබ්බජිතො හොති යන මෙහි චතුපාරිශුද්ධි ශීලයද පැවිද්ද ඇසුරුකොට ඇත්තක්මයයි දතයුතුය. සාරාණියං හොති යනු මම අසුවල් රටෙහි අසුවල් දනව්වෙහි අසුවල් විහාරයෙහි අසුවල් මලුවෙහි අසුවල් දිවාස්ථානයෙහි අසුවල් සක්මණෙහි අසුවල් ගසමුල පැවිදිවූයෙමැයි මෙසේ දිවි ඇතිතෙක් සිහිකටයුත්තේම වෙයි. අමතක නොකළ යුතුය.

ඉදං දුක‍්ඛන‍්ති එත‍්තකං දුක‍්ඛං, න ඉතො උද‍්ධං දුක‍්ඛං අත්‍ථි. අයං දුක‍්ඛසමුදයොති එත‍්තකො දුක‍්ඛසමුදයො, න ඉතො උද‍්ධං දුක‍්ඛසමුදයො අත්‍ථීති. සෙසපදද‍්වයෙපි එසෙව නයො. එවමෙත්‍ථ චතූහි සච‍්චෙහි සොතාපත‍්තිමග‍්ගො කථිතො. කසිණපරිකම‍්මවිපස‍්සනාඤාණානි පන මග‍්ගසන‍්නිස‍්සිතානෙව හොන‍්ති. සාරණීයං හොතීති “අහං අසුකරට‍්ඨෙ…පෙ… අසුකරුක‍්ඛමූලෙ සොතාපන‍්නො ජාතො”ති යාවජීවං සාරණීයං හොති අසම‍්මුස‍්සනීයං.

ඉදං දුක්‍ඛං යනු මෙපමණක් දුකය, මෙයින් මතු දුකක් නැත. අයං දුක්‍ඛසමුදයො යනු මෙපමණක් දුකේ හටගැනීමය. මෙයින් උඩ දුකේ හටගැනීමක් නැත. සෙසු පද දෙකෙහිම මෙම ක්‍රමයමයි. මෙසේ මෙහි චතුරාර්‍ය්‍යසත්‍යයන්ගෙන් සෝවාන් මග කියනලදී. කසිණ පරිකර්‍ම විදර්‍ශනාඥානයෝ මාර්‍ගය ඇසුරුකොට ඇත්තෝමවෙත්. සාරාණීයං හොති යනු මම අසුවල් රටෙහි -පෙ- අසුවල් ගසමුල, සෝවාන් වූයෙමැයි දිවිඇතිතෙක් සිහිකටයුතුවූයේ වෙයි. අමතක නොකළයුතුවූයේ වෙයි.

ආසවානං ඛයාති ආසවානං ඛයෙන. චෙතොවිමුත‍්තින‍්ති ඵලසමාධිං. පඤ‍්ඤාවිමුත‍්තින‍්ති ඵලපඤ‍්ඤං. සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අත‍්තනාව අභිවිසිට‍්ඨාය පඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා. උපසම‍්පජ‍්ජ විහරතීති පටිලභිත්‍වා විහරති. සාරණීයන‍්ති “මයා අසුකරට‍්ඨෙ…පෙ… අසුකරුක‍්ඛමූලෙ අරහත‍්තං පත‍්ත”න‍්ති අත‍්තනො අරහත‍්තපත‍්තිට‍්ඨානං නාම යාවජීවං සාරණීයං හොති අසම‍්මුස‍්සනීයන‍්ති යථානුසන්‍ධිනාව දෙසනං නිට‍්ඨපෙසි.

ආසාවානංඛයා යනු ආශ්‍රවයන් ක්‍ෂයවීමෙනි. චෙතොවිමුත්ති යනු ඵලසමාධියයි. පඤ්ඤාවිමුත්ති යනු ඵලර්‍පඥාවයි. සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා යනු තමාවිසින්ම අතිවිශිෂ්ටවූ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂකොටයි. උපසම්පජ්ජවිහරති යනු ලැබ වසයි. සාරාණීයං යනු මවිසින් අසුවල් තැන -පෙ- අසුවල් ගස මුල රහත්බවට පැමිණෙනලදැයි තමන් රහත්බවට පැමිණි තැන නම් දිවි ඇතිතෙක් සිහිකටයුතු වූයේවෙයි. අමතක නොකළයුතුයයි අනුසන්‍ධි වශයෙන්ම දෙසුම නිමකළ සේක.

3. ආසංසසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 3

තතියෙ සන‍්තොති අත්‍ථි උපලබ‍්භන‍්ති. සංවිජ‍්ජමානාති තස‍්සෙව වෙවචනං. ලොකස‍්මින‍්ති සත‍්තලොකෙ. නිරාසොති අනාසො අපත්‍ථනො. ආසංසොති ආසංසමානො පත්‍ථයමානො. විගතාසොති අපගතාසො. චණ‍්ඩාලකුලෙති චණ‍්ඩාලානං කුලෙ. වෙනකුලෙති විලීවකාරකුලෙ. නෙසාදකුලෙති මිගලුද‍්දකානං කුලෙ. රථකාරකුලෙති චම‍්මකාරකුලෙ. පුක‍්කුසකුලෙති පුප‍්ඵච‍්ඡඩ‍්ඩකකුලෙ.

තෙවෙනි සනේතා යනු ඇත, ලබත් යනුයි. සංවිජ්ජමානා යනු එහිම පර්‍ය්‍යාය වචනයි. ලොකස්මිං යනු සත්‍වලෝකයෙහියි. නිරාසො යනු ආසා නැත්තේයි. නොපතන්නේයි. ආසංසො යනු කැමතිවනුලබන්නේ පතනුලබන්නේයි. විගතාසො යනු පහවූ ආශා ඇත්තේයි. චණ්ඩාලකුලෙ යනු සැඩොලුනගේ කුලයෙහිය. වෙනකුලෙ යනු මුවවැද්දන්ගේ කුලයෙහිය. රථකාරකුලෙ යනු සම්පදම්කරන කුලයෙහිය. පුක්කුසකුලෙ යනු කසලශෝධක කුලයෙහිය.

එත‍්තාවතා කුලවිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා නීචකුලෙ ජාතොපි එකච‍්චො අඩ‍්ඪො හොති මහද‍්ධනො, අයං පන න තාදිසො, තස‍්මාස‍්ස භොගවිපත‍්තිං දස‍්සෙතුං දලිද‍්දෙතිආදිමාහ. තත්‍ථ දලිද‍්දෙති දාලිද‍්දියෙන සමන‍්නාගතෙ. අප‍්පන‍්නපානභොජනෙති පරිත‍්තකඅන‍්නපානභොජනෙ. කසිරවුත‍්තිකෙති දුක‍්ඛජීවිකෙ, යත්‍ථ වායාමෙන පයොගෙන ජීවිතවුත‍්තිං සාධෙන‍්ති, තථාරූපෙති අත්‍ථො. යත්‍ථ කසිරෙන ඝාසච‍්ඡාදො ලබ‍්භතීති යස‍්මිං කුලෙ දුක‍්ඛෙන යාගුභත‍්තඝාසො ච කොපීනමත‍්තං අච‍්ඡාදනඤ‍්ච ලබ‍්භති.

මෙපමණකින් කුලවිපත්තිය දක්වා දැන් යම්හෙයකින් පහත් කුලයෙහි උපන්නේවුවද ඇතමෙක් ආඪ්‍යවූයේ මහත් ධනය ඇත්තේවෙයිද මෙතෙම වනාහි එබන්දෙක් නොවේ. එබැවින් ඔහුගේ භෝග විපත්තිය දැක්වීමට දළිදේද යන ආදිය ප්‍රකාශකළසේක. එහි දළිදේද යනු දිළිඳුබවින් යුක්තවූයේයි. අප්පන්නපානභොජනෙ යනු අඩු ආහාරපාන බොජුනෙහිය. කසිරවුත්තිකෙ යනු දුෂ්කර ජීවිකාවෙහිය. යම් තැනක උත්සාහයෙන් ප්‍රයෝගයෙන් ජීවිකාවෘත්තිය සාධා ගනිත්ද එබඳුවූ යන අරුත්ය. යම් තැනක කසිරෙන ඝාසච්ඡාදො ලබ්හති යනු යම්කුලයක දුකසේ කැඳබත් අහරද රහසඟ (විලිවසන) පමණ ඇඳුමද ලබයි යනුයි.

ඉදානි යස‍්මා එකච‍්චො නීචකුලෙ ජාතොපි උපධිසම‍්පන‍්නො හොති අත‍්තභාවසමිද‍්ධියං ඨිතො, අයඤ‍්ච න තාදිසො, තස‍්මාස‍්ස සරීරවිපත‍්තිම‍්පි දස‍්සෙතුං සො ච හොති දුබ‍්බණ‍්ණොතිආදිමාහ. තත්‍ථ දුබ‍්බණ‍්ණොති පංසුපිසාචකො විය ඣාමඛාණුවණ‍්ණො. දුද‍්දසිකොති විජාතමාතුයාපි අමනාපදස‍්සනො. ඔකොටිමකොති ලකුණ‍්ඩකො. කාණොති එකක‍්ඛිකාණො වා උභයක‍්ඛිකාණො වා. කුණීති එකහත්‍ථකුණී වා උභයහත්‍ථකුණී වා. ඛඤ‍්ජොති එකපාදඛඤ‍්ජො වා උභයපාදඛඤ‍්ජො වා. පක‍්ඛහතොති හතපක‍්ඛො පීඨසප‍්පී. පදීපෙය්‍යස‍්සාති වට‍්ටිතෙලකපල‍්ලකාදිනො පදීපඋපකරණස‍්ස. තස‍්ස න එවං හොතීති. කස‍්මා න හොති? නීචකුලෙ ජාතත‍්තා.

දැන් යම්හෙයකින් ඇතමෙක් පහත්කුලයක උපන්නේද උපධිසම්පන්න වෙයිද ආත්මභාව සමෘද්ධියෙහි සිටියේවෙයි. මෙතෙමේද එවැන්නෙක් නොවෙයි. එබැවින් ඔහුගේ ශරීර විපත්තියද දැක්වීමට හෙතෙම දුර්වර්ණ වේ යනාදිය පැවසූහ. එහි දුබ්බණණෝ යනු පංශුපිශාචකයෙකු මෙන් දැවුණු කණුවක පැහැය ඇත්තේයි. දුද්දසිකො යනු වැදූ මවටද නොකැමැති දැකුම් ඇත්තේයි. ඔකොටිමකො යනු අඟුටුමිටිටායි. කාණො යනු එකැස් කණා හෝ දෙඇස් කණායි කුණී යනු එක් අතක් කොර වූයේ හෝ දැත කොරවූයේයි. ඛඤේජා යනු එක් පයක් කොර වූයේ හෝ දෙපස කොරවූයේ හෝයි. පක්‍ඛහතො යනු නටුවාවූ පැත්තක් ඇති පිළායි. පදීපෙය්‍යස්ස යනු තෙල් කබලු ආදී පහන් උපකරණවල යනුයි. තස්ස න එවං හොති යනු කුමක් හෙයින් නොවේද? පහත් කුලයෙහි උපන්බැවිනි.

ජෙට‍්ඨොති අඤ‍්ඤස‍්මිං ජෙට‍්ඨෙ සති කනිට‍්ඨො ආසං න කරොති, තස‍්මා ජෙට‍්ඨොති ආහ. ආභිසෙකොති ජෙට‍්ඨොපි න අභිසෙකාරහො ආසං න කරොති, තස‍්මා ආභිසෙකොති ආහ. අනභිසිත‍්තොති අභිසෙකාරහොපි කාණකුණිආදිදොසරහිතො සකිං අභිසිත‍්තො පුන අභිසෙකෙ ආසං න කරොති, තස‍්මා අනභිසිත‍්තොති ආහ. අචලප‍්පත‍්තොති ජෙට‍්ඨොපි ආභිසෙකො අනභිසිත‍්තො මන්‍දො උත‍්තානසෙය්‍යකො, සොපි අභිසෙකෙ ආසං න කරොති. සොළසවස‍්සුද‍්දෙසිකො පන පඤ‍්ඤායමානමස‍්සුභෙදො අචලප‍්පත‍්තො නාම හොති, මහන‍්තම‍්පි රජ‍්ජං විචාරෙතුං සමත්‍ථො, තස‍්මා “අචලප‍්පත‍්තො”ති ආහ. තස‍්ස එවං හොතීති කස‍්මා හොති? මහාජාතිතාය.

ජෙටේඨා යනු වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු ඇතිකල්හි කනිටු තැනැත්තේ කැමති නොවෙයි. එහෙයින් ජ්‍යෙෂ්ඨයයි කියනලදී. ආභිසෙකො යනු ජ්‍යෙෂ්ඨයායි. හෙතෙමේත් අභිෂෙකයට සුදුසු නොවූයේ ආහා නොකරයි. එහෙයින් ආභිසෙකොයි කියනලදී. අනභිසිතේතා යනු අභිෂෙකයට සුදුසුවූයේද කණකොර ආදීදොස් රහිතවූයේ වරක් අභිෂෙක කරන ලද්දේ යළි අභිෂෙකයෙහි ආශා නොකරයි. එහෙයින් අනභිසිතේතා යි කියනලදී. මචලපත්තො යනු අචලප්‍රාප්තවූයේයි. ජ්‍යෙෂ්ඨ වූයේද අබිෂෙකයට නොසුදුසුවූයේ අභිෂේක නොකරනලද්දේ මෝඩුවූයේ උඩුකුරුව හෝනේ හෙතෙමේත් අභිෂේකයෙහි ආශා නොකරයි. සොළොස්වියැති පෙනෙනුලබන රැවුල ඇත්තේ මචලපත්තො නම්වෙයි. මහත්වූ රාජ්‍යයද විචාරීමට සමතෙකි. එහෙයින් මචලපත්තො කියනලදී. තස්ස එවං හොති යනුවෙන් මහත්ජාති ඇතිබැවින් කෙසේවේද?

දුස‍්සීලොති නිස‍්සීලො. පාපධම‍්මොති ලාමකධම‍්මො. අසුචීති අසුචීහි කායකම‍්මාදීහි සමන‍්නාගතො. සඞ‍්කස‍්සරසමාචාරොති සඞ‍්කාහි සරිතබ‍්බසමාචාරො, කිඤ‍්චිදෙව අසාරුප‍්පං දිස‍්වා “ඉදං ඉමිනා කතං භවිස‍්සතී”ති එවං පරෙසං ආසඞ‍්කනීයසමාචාරො, අත‍්තනායෙව වා සඞ‍්කාහි සරිතබ‍්බසමාචාරො, සාසඞ‍්කසමාචාරොති අත්‍ථො. තස‍්ස හි දිවාට‍්ඨානාදීසු සන‍්නිපතිත්‍වා කිඤ‍්චිදෙව මන‍්තයන‍්තෙ භික‍්ඛූ දිස‍්වා “ඉමෙ එකතො හුත්‍වා මන‍්තෙන‍්ති, කච‍්චි නු ඛො මයා කතකම‍්මං ජානිත්‍වා මන‍්තෙන‍්තී”ති එවං සාසඞ‍්කසමාචාරො හොති. පටිච‍්ඡන‍්නකම‍්මන‍්තොති පටිච‍්ඡාදෙතබ‍්බයුත‍්තකෙන පාපකම‍්මෙන සමන‍්නාගතො. අස‍්සමණො සමණපටිඤ‍්ඤොති අස‍්සමණො හුත්‍වාව සමණපතිරූපකතාය “සමණො අහ”න‍්ති එවං පටිඤ‍්ඤො. අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤොති අඤ‍්ඤෙ බ්‍රහ‍්මචාරිනො සුනිවත්‍ථෙ සුපාරුතෙ සුම‍්භකපත‍්තධරෙ ගාමනිගමරාජධානීසු පිණ‍්ඩාය චරිත්‍වා ජීවිකං කප‍්පෙන‍්තෙ දිස‍්වා සයම‍්පි තාදිසෙන ආකාරෙන තථා පටිපජ‍්ජනතො “අහං බ්‍රහ‍්මචාරී”ති පටිඤ‍්ඤං දෙන‍්තො විය හොති. “අහං භික‍්ඛූ”ති වත්‍වා උපොසථග‍්ගාදීනි පවිසන‍්තො පන බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො හොතියෙව, තථා සඞ‍්ඝිකං ලාභං ගණ‍්හන‍්තො. අන‍්තොපූතීති පූතිනා කම‍්මෙන අන‍්තො අනුපවිට‍්ඨො. අවස‍්සුතොති රාගාදීහි තින‍්තො. කසම‍්බුජාතොති සඤ‍්ජාතරාගාදිකචවරො. තස‍්ස න එවං හොතීති. කස‍්මා න හොති? ලොකුත‍්තරධම‍්මඋපනිස‍්සයස‍්ස නත්‍ථිතාය. තස‍්ස එවං හොතීති. කස‍්මා හොති? මහාසීලස‍්මිං පරිපූරකාරිතාය.

දුස්සීලො යනු සිල් නැත්තේයි. පාපඨමේමා යනු පහත් ධර්‍මයයි. අසූචි යනු අපිරිසිදුවූ කායකර්‍මාදියෙන් යුක්තවූයේයි. සඞ්කස්සරසමාචාරො යනු සැකයෙන් සිහිකළ යුතු සමාචාරයයි. කිසියිම් නොසුදුසු දෙයක් දැක මෙය මොහුවිසින් කරනලද්දේවන්නේයයි මෙසේ අනුන්ගේ සැකකටයුතු සමාචරය වෙයි. පටිච්ඡන්නකම්මන්තො යනු වැසියයුතුවූ පාකර්‍මයකින් යුක්තවූයේයි. අස්සමණො සමණපටිඤෙඤා යනු අශ්‍රමණයෙකු වෙමින් ශ්‍රමණ ප්‍රතිරූපකත්වයෙන් මම ශ්‍රමණයෙක්මියි මෙසේ පිළිණකරනලද්දේයි. අබ්‍රහම්චාරී බ්‍රහ්මචාරී පටිඤේඤ යනු මනාව හඳිනලද මනාවපොරවන ලද පාත්‍ර දරන්නාවූ ගම්නියම් රාජධානීන්හි පිඬු පිණිස හැසිර ජීවිකාව කරන්නාවූ අනෙක් බ්‍රහ්මචාරීන් දැක තෙමේද එබඳුවූ ආකාරයෙන් එසේ පිළිපදනාබැවින් මම බ්‍රහ්මචාරියෙක්මියි පිළිණ දෙන්නෙකු මෙන්වෙයි. මම භික්‍ෂුවකැයි පවසා පොහොයගෙවල් ආදියට පිවිසෙන්නේ බ්‍රහ්මචාරීප්‍රතිඥා ඇත්තෙක්වේමය. එසේම සංඝිකලාභය ගන්නේ ද (එසේවේ.) අන්තොපූති යනු අපිරිසිදු කර්‍මයෙන් ඇතුළට පිවිසියේයි. අවස්සුතො යනු රාගාදියෙන් මැඬුනේයි. කසම්බුජාතො යනු හටයගත් රාගාදී කසල ඇත්තේයි. තස්ස න එවං හොති යනු කුමක්හෙයින් නොවේද? ලෝකෝත්තරධර්‍ම උපනිශ්‍රයක් නොමැතිබැවිනි. තස්ස එවං හොති යනු කුමක් හෙයින් වේද යත්? මහාශීලයක සපිරිමක් කරන බැවිනි.

4. චක‍්කවත‍්තිසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 4

චතුත්‍ථෙ චතූහි සඞ‍්ගහවත්‍ථූහි ජනං රඤ‍්ජෙතීති රාජා. චක‍්කං වත‍්තෙතීති චක‍්කවත‍්තී. වත‍්තිතං වා අනෙන චක‍්කන‍්ති චක‍්කවත‍්තී. ධම‍්මො අස‍්ස අත්‍ථීති ධම‍්මිකො. ධම‍්මෙනෙව දසවිධෙන චක‍්කවත‍්තිවත‍්තෙන රාජා ජාතොති ධම‍්මරාජා. සොපි න අරාජකන‍්ති සොපි අඤ‍්ඤං නිස‍්සයරාජානං අලභිත්‍වා චක‍්කං නාම වත‍්තෙතුං න සක‍්කොතීති අත්‍ථො. ඉති සත්‍ථා දෙසනං පට‍්ඨපෙත්‍වා යථානුසන්‍ධිං අපාපෙත්‍වාව තුණ‍්හී අහොසි. කස‍්මා? අනුසන්‍ධිකුසලා උට‍්ඨහිත්‍වා අනුසන්‍ධිං පුච‍්ඡිස‍්සන‍්ති, බහූ හි ඉමස‍්මිං ඨානෙ තථාරූපා භික‍්ඛූ, අථාහං තෙහි පුට‍්ඨො දෙසනං වඩ‍්ඪෙස‍්සාමීති. අථෙකො අනුසන්‍ධිකුසලො භික‍්ඛු භගවන‍්තං පුච‍්ඡන‍්තො කො පන, භන‍්තෙතිආදිමාහ. භගවාපිස‍්ස බ්‍යාකරොන‍්තො ධම‍්මො භික‍්ඛූතිආදිමාහ.

සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයා සතුටු කරවන්නේනුයි රාජා නමි. චක්‍රය පෙරලන්නේනුයි චක්කවත්ති නමි ඔහුට ධර්‍මය ඇත්තේනුයි ධම්මිකො නමි. ධර්‍මයෙන් මෙන්ම දසවිධවූ සක්විති වත්වලින් රජවූයේනුයි ධම්මරාජා නමි. සොපි න අරාජකං යනු හෙතෙමේත් වෙනත් ආශ්‍රය කළයුතු රජවරුන් නොලැබ චක්‍රය පවත්වන්නට නොහැකිවන්නේය. යන අරුත්ය. මෙසේ ශාස්තෘන්වහන්සේ දෙසුම පිහිටුවා අනුසන්ධියට නොපමුණුවාම නිශ්ශබ්දවූසේක. කුමක් හෙයින්දයත්? අනුසන්‍ධියෙහි (ගැලපීමෙහි) දක්‍ෂවූවෝ නැඟිට අනුසන්‍ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ (ගැලපීමෙහි) දක්‍ෂවූවෝ නැඟිට අනුසන්‍ධිය විමසත්. මෙතැන්හි එබඳුවූ භික්‍ෂූහු බොහෝය. ඉක්බිති මම ඔවුන් විසින් විමසනලද්දෙමි දෙසුම වඩන්නෙමි (යන අදහසිනි). ඉක්බිති එක් අනුසන්‍ධියෙහි දක්‍ෂවූ භික්‍ෂූවක් භාග්‍යවතුන්වහන්සේත් ඔහුට විවරණය කරණසේක් ‘මහණ, ධර්‍මය’ යනාදිය දෙසූසේක.

තත්‍ථ ධම‍්මොති දසකුසලකම‍්මපථධම‍්මො. ධම‍්මන‍්ති තමෙව වුත‍්තප‍්පකාරං ධම‍්මං. නිස‍්සායාති තදධිට‍්ඨානෙන චෙතසා තමෙව නිස‍්සයං කත්‍වා. ධම‍්මං සක‍්කරොන‍්තොති යථා කතො සො ධම‍්මො සුට‍්ඨු කතො හොති, එවමෙතං කරොන‍්තො. ධම‍්මං ගරුං කරොන‍්තොති තස‍්මිං ගාරවුප‍්පත‍්තියා තං ගරුකරොන‍්තො. ධම‍්මං අපචායමානොති තස‍්සෙව ධම‍්මස‍්ස අඤ‍්ජලිකරණාදීහි නීචවුත‍්තිතං කරොන‍්තො. ධම‍්මද‍්ධජො ධම‍්මකෙතූති තං ධම‍්මං ධජමිව පුරක‍්ඛත්‍වා කෙතුමිව උක‍්ඛිපිත්‍වා පවත‍්තියා ධම‍්මද‍්ධජො ධම‍්මකෙතු ච හුත්‍වාති අත්‍ථො. ධම‍්මාධිපතෙය්‍යොති ධම‍්මාධිපතිභූතාගතභාවෙන ධම‍්මවසෙනෙව ච සබ‍්බකිරියානං කරණෙන ධම‍්මාධිපතෙය්‍යො හුත්‍වා. ධම‍්මිකං රක‍්ඛාවරණගුත‍්තිං සංවිදහතීති ධම‍්මො අස‍්සා අත්‍ථීති ධම‍්මිකා, රක‍්ඛා ච ආවරණඤ‍්ච ගුත‍්ති ච රක‍්ඛාවරණගුත‍්ති. තත්‍ථ “පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛතී”ති වචනතො ඛන‍්තිආදයො රක‍්ඛා. වුත‍්තඤ‍්හෙතං – “කථඤ‍්ච, භික‍්ඛවෙ, පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛති. ඛන‍්තියා අවිහිංසාය මෙත‍්තචිත‍්තතාය අනුද‍්දයායා”ති (සං· නි· 5.385). නිවාසනපාරුපනගෙහාදීනි ආවරණං. චොරාදිඋපද‍්දවනිවාරණත්‍ථං ගොපායනා ගුත‍්ති. තං සබ‍්බම‍්පි සුට‍්ඨු විදහති පවත‍්තෙති ඨපෙතීති අත්‍ථො.

එහි ධමේමා යනු දශකුශලකර්‍මපථ ධර්‍මයයි. ධම්මං යනු ඒ කියනලද ආකාර ඇත්තාවූම ධර්‍මයයි. නිස්සාය යනු ඒ අධිෂ්ඨාන සිතින් එයම නිශ්‍රයකොටයි. ධම්මං සක්කරොනෙතා යනු යම්සේ කරනලද ඒ ධර්‍මය මනාව කරනලද්දේවේද එසේ එය කරන්නෙයි. ධම්මං ගරු කරොන්තො යනු ඒ ධර්‍මය කෙරෙහි ගෞරව ඉපදවීමෙන් එයට ගරුකරන්නේයි. ධම්මං අපචායමානො යනු ඒ ධර්‍මයටම ඇදිලිබැඳීම් ආදියෙන් පහත් පැවතුම් ඇතිබව කරන්නේයි. ධම්මධජො ධම්මකෙකු යනු ඒ ධර්‍මය ධජයක් මෙන් පෙරටුකොට කොන්තයක් මෙන් ඔසවා පැවතීමෙන් ධම්මධජයවූයේද ධර්‍මකේතුවූයේද වී යන අරුත්ය. ධම්මාධිපතෙය්‍යො යනු ධර්‍මයෝ අධිපතිවූවාහුය. පැමිණි බැවින්ද ධර්‍මවශයෙන් සියලු ක්‍රියාකිරීමෙන් ධර්‍මයේ අධිපතිබව ඇත්තෙක් වී ධම්මිකං රක්‍ඛාවරණගුත්තිං සංවිදහති යනු ධර්‍මය එයට ඇත්තේනුයි ධම්මික නමි. ආරක්‍ෂාවද ආවරණයද පාලනයද රක්‍ඛාවරණගුත්තියි. එහි ‘අනුන් රක්නේ තමන් රකී’ යන වචනයෙන් ක්‍ෂාන්ති ආදිය ආරක්‍ෂාවයි. මෙය කියනලද්දේය: ‘මහණෙනි, කෙසේ නම් අනුන් රක්නේ තමන් රකියිද? ක්‍ෂාන්තියෙන් අවිහිංසාවෙන් මෛත්‍රීසිතින් හා කරුණාවෙනි.’ හැදීම් පෙරවීම් නිවාස ආදිය ආවරණයයි. සොර ආදී උවදුරු නැවැත්ව සඳහා පාලනය ගුත්තියි. ඒ සියල්ලම මනාව සංවිධානය කරයි. පවත්වයි. තබයි යන අරුත්ය.

ඉදානි යත්‍ථ සා සංවිදහිතබ‍්බා, තං දස‍්සෙන‍්තො අන‍්තොජනස‍්මින‍්තිආදිමාහ. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – අන‍්තොජනසඞ‍්ඛාතං පුත‍්තදාරං සීලසංවරෙ පතිට‍්ඨාපෙන‍්තො වත්‍ථගන්‍ධමාලාදීනි චස‍්ස දදමානො සබ‍්බොපද‍්දවෙ චස‍්ස නිවාරයමානො ධම‍්මිකං රක‍්ඛාවරණගුත‍්තිං සංවිදහති නාම. ඛත‍්තියාදීසුපි එසෙව නයො. අයං පන විසෙසො – අභිසිත‍්තඛත‍්තියා භද්‍රඅස‍්සාජානීයාදිරතනසම‍්පදානෙනපි උපගණ‍්හිතබ‍්බා, අනුයන‍්තා ඛත‍්තියා තෙසං අනුරූපයානවාහනසම‍්පදානෙනපි පරිතොසෙතබ‍්බා, බලකායො කාලං අනතික‍්කමෙත්‍වා භත‍්තවෙතනසම‍්පදානෙනපි අනුග‍්ගහෙතබ‍්බො, බ්‍රාහ‍්මණා අන‍්නපානවත්‍ථාදිනා දෙය්‍යධම‍්මෙන, ගහපතිකා භත‍්තබීජනඞ‍්ගලබලිබද‍්දාදිසම‍්පදානෙන, තථා නිගමවාසිනො නෙගමා ජනපදවාසිනො ච ජානපදා. සමිතපාපබාහිතපාපා පන සමණබ්‍රාහ‍්මණා සමණපරික‍්ඛාරසම‍්පදානෙන සක‍්කාතබ‍්බා, මිගපක‍්ඛිනො අභයදානෙන සමස‍්සාසෙතබ‍්බා.

දැන් යම්තැනක එය සංවිධානය කළයුතුද එය දක්වන්නේ අනතොජනස්මිං යනාදිය කීය. මේ එහි සැකෙවින් අරුතයි: ඇතුළතජනයා නම්වූ අඹුදරුවන් සීලසංවරයේ පිහිටුවමින් ඇඳුම්ගඳ මල්ආදිය ඔවුනට දෙමින් ඔවුන් සියලු උවදුරුවලින් වළහමින් ධාර්මිකවූ රක්‍ෂාවරණගුප්තිය සංවිධානය කරන්නේ නමි. ක්‍ෂත්‍රියාදීන් කෙරෙහිද එම ක්‍රමයමයි. මේ වනාහි විශේෂයයි: අභිෂෙක කරනුලැබූ ක්‍ෂත්‍රියයෝ යහපත් ආජනෙය අශ්වාදීරත්න ප්‍රදානයෙන්ද පිරිනැමිය යුත්තාහ.(පාලනයෙහි) යොදනුලැබූ ක්‍ෂත්‍රියයෝ ඔවුනට ගැලපෙන යානවාහනාදියෙන් සතුටු කරවිය යුත්තාහ. යුදහමුදාව කල් නොයික්මවා බත්වැටුප් දීමෙන් අනුග්‍රහ කළයුතුය. බමුණෝ ආහාරපාන වස්ත්‍රාදී දෙය්‍යධර්‍මයෙන්ද ගෘහපතියෝ බත් බිජු නඟුල් ගොනුන් ආදිය දීමෙන්ද එසේම නියම්ගම්වැසි නෙගමිකයෝද ජනපදවාසී ජානපදිකයෝද සැලකිය යුත්තාහ. සිංසඳවූ පව්ඇති බහාතැබූ පව්ඇති ශ්‍රමණබ්‍රාහ්මණයෝ ශ්‍රමණ පරිෂ්කාර දීමෙන් සත්කාර කළයුත්තාහ. මෘගපක්‍ෂීහු අභය දානයෙන් අස්වැසියයුත්තාහ.

ධම‍්මෙනෙව චක‍්කං වත‍්තෙතීති දසකුසලකම‍්මපථධම‍්මෙනෙව චක‍්කං පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පටිවත‍්තියන‍්ති තං තෙන එවං පවත‍්තිතං ආණාචක‍්කං අප‍්පටිවත‍්තියං හොති. කෙනචි මනුස‍්සභූතෙනාති දෙවතා නාම අත‍්තනා ඉච‍්ඡිතිච‍්ඡිතමෙව කරොන‍්ති, තස‍්මා තා අග‍්ගණ‍්හිත්‍වා “මනුස‍්සභූතෙනා”ති වුත‍්තං. පච‍්චත්‍ථිකෙනාති පටිඅත්‍ථිකෙන, පටිසත‍්තුනාති අත්‍ථො. ධම‍්මිකොති චක‍්කවත‍්තී දසකුසලකම‍්මපථවසෙන ධම‍්මිකො, තථාගතො පන නවලොකුත‍්තරධම‍්මවසෙන. ධම‍්මරාජාති නවහි ලොකුත‍්තරධම‍්මෙහි මහාජනං රඤ‍්ජෙතීති ධම‍්මරාජා. ධම‍්මංයෙවාති නවලොකුත‍්තරධම‍්මමෙව නිස‍්සාය තමෙව සක‍්කරොන‍්තො තං ගරුකරොන‍්තො තං අපචායමානො. සොවස‍්ස ධම‍්මො අබ‍්භුග‍්ගතට‍්ඨෙන ධජොති ධම‍්මද‍්ධජො. සොවස‍්ස කෙතූති ධම‍්මකෙතු. තමෙව අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා විහරතීති ධම‍්මාධිපතෙය්‍යො. ධම‍්මිකං රක‍්ඛාවරණගුත‍්තින‍්ති ලොකියලොකුත‍්තරධම‍්මදායිකරක‍්ඛඤ‍්ච ආවරණඤ‍්ච ගුත‍්තිඤ‍්ච. සංවිදහතීති ඨපෙති පඤ‍්ඤපෙති. එවරූපන‍්ති තිවිධං කායදුච‍්චරිතං න සෙවිතබ‍්බං, සුචරිතං සෙවිතබ‍්බන‍්ති එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සංවිදහිත්‍වාති ඨපෙත්‍වා කථෙත්‍වා. ධම‍්මෙනෙව අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තෙතීති නවලොකුත‍්තරධම‍්මෙනෙව අසදිසං ධම‍්මචක‍්කං පවත‍්තෙති. තං හොති චක‍්කං අප‍්පටිවත‍්තියන‍්ති තං එවං පවත‍්තිතං ධම‍්මචක‍්කං එතෙසු සමණාදීසු එකෙනපි පටිවත‍්තෙතුං පටිබාහිතුං න සක‍්කා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ධමේමනෙව චක්කං වතේතති යනු දශකුශලකර්‍මපථ ධර්‍මයෙන්ම පවත්වයි. තං හොති චක්කං අප්පතිවත්තියං යනු එයින් මෙසේ පවත්වන ලද ආඥාචක්‍රය ආපසු හැරවිය නොහැක්කේ වෙයි. කෙනචි මනුස්සභූතෙන යනු දෙවියෝ නම් තමන් කැමති කැමති දෙයක්ම කරත්. එබැවින් ඔවුන් නොගෙන මිනිසකුවිසනැයි කියනලදී. පච්චත්‍ථිකෙන යනු අයහපත කැමති වන්නා විසින්, සතුරකුවිසිනැයි අරුත්ය. ධම්මිකො යනු සක්විති රජ දශකුශලකර්‍මපථශයෙන් ධාර්මිකය. තථාගතයන්වහන්සේ වනාහි නවලෝකෝත්තර ධර්‍මවශයෙන් ධාර්මිකය. ධම්මරාජා යනු නව ලොකොත්තර ධර්‍මයන්ගෙන් මහජනයා සතුටුකෙරේනුයි ධම්මරාජා නමි. ධම්මංයෙච යන නවලෝකොත්තර ධර්‍මයම ඇසුරුකොට එයටම සත්කාර කරමින් එයටම ගරුකරමින් එයටම වැදුම්පිදුම් කරමින්ය. උන්වහන්සේට එම ධර්‍මය මතුව ඒමේ අරුතින් ධජයවූයේනුයි ධම්මධජො නමි. එයම උන්වහන්සේගේ කුන්තයවූයේනුයි ධම්මකෙතු නමි. ධම්මිකං රක්‍ඛාවරණගුත්තිං යනු ලෞකික ලොකොත්තර ධර්‍මයෙන් දෙන්නාවූ ආරක්‍ෂාවද ආවරණයද ගුප්තියදවේ. සංචිදහති යනු තබයි. පනවයි. එවරූපං යනු ත්‍රිවිධවූ කාය දුශ්චරිතය නොසෙවිය යුතුය., සුචරිතය සෙවියයුතුයයි මෙසේ සියලු තන්හි අත්‍ථිය දතයුතුය. සංවිදභිත්‍වා යනු තබා කියායි. ධමේමනෙව අනුත්තරං ධම්මචක්කං පවතේතති යනු නවලොකොත්තර ධර්‍මයෙන්ම අසමානවූ ධර්‍මචක්‍රය පවත්වයි. තං හොති චක්කං අප්පතිවත්තියං යනු මෙසේ පවත්වනලද ධර්‍මචක්‍රය මේ ශ්‍රමණාදීන් අතුරෙන් එකෙකු විසිනුදු පැවැත්වීමට, යටපත් කිරීමට නොහැකිය. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.

5. සචෙතනසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 5

පඤ‍්චමෙ ඉසිපතනෙති බුද‍්ධපච‍්චෙකබුද‍්ධසඞ‍්ඛාතානං ඉසීනං ධම‍්මචක‍්කප‍්පවත‍්තනත්‍ථාය චෙව උපොසථකරණත්‍ථාය ච ආගන‍්ත්‍වා පතනෙ, සන‍්නිපාතට‍්ඨානෙති අත්‍ථො. පදනෙතිපි පාඨො, අයමෙව අත්‍ථො. මිගදායෙති මිගානං අභයත්‍ථාය දින‍්නෙ. ඡහි මාසෙහි ඡාරත‍්තූනෙහීති සො කිර රඤ‍්ඤා ආණත‍්තදිවසෙයෙව සබ‍්බූපකරණානි සජ‍්ජෙත්‍වා අන‍්තෙවාසිකෙහි සද‍්ධිං අරඤ‍්ඤං පවිසිත්‍වා ගාමද‍්වාරගාමමජ‍්ඣදෙවකුලසුසානාදීසු ඨිතරුක‍්ඛෙ චෙව ඣාමපතිතසුක‍්ඛරුක‍්ඛෙ ච විවජ‍්ජෙත්‍වා සම‍්පන‍්නපදෙසෙ ඨිතෙ සබ‍්බදොසවිවජ‍්ජිතෙ නාභිඅරනෙමීනං අනුරූපෙ රුක‍්ඛෙ ගහෙත්‍වා තං චක‍්කං අකාසි. තස‍්ස රුක‍්ඛෙ විචිනිත්‍වා ගණ‍්හන‍්තස‍්ස චෙව කරොන‍්තස‍්ස ච එත‍්තකො කාලො වීතිවත‍්තො. තෙන වුත‍්තං – “ඡහි මාසෙහි ඡාරත‍්තූනෙහී”ති. නානාකරණන‍්ති නානත‍්තං. නෙසන‍්ති න එසං. අත්‍ථෙසන‍්ති අත්‍ථි එසං. අභිසඞ‍්ඛාරස‍්ස ගතීති පයොගස‍්ස ගමනං. චිඞ‍්ගුලායිත්‍වාති පරිබ‍්භමිත්‍වා. අක‍්ඛාහතං මඤ‍්ඤෙති අක‍්ඛෙ පවෙසෙත්‍වා ඨපිතමිව.

පස්වැන්නෙහි ඉසිපතනෙ යනු බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ සංඛ්‍යාතවූ සෘෂීන් දම්සක පැවැත්වීම සඳහා මෙන්ම පොහොය කිරීම සඳහාද අවුත් රැස්වීමෙහි, එක්රැස්වනතන්හි යන අර්‍ත්‍ථයයි. පදනෙ යනුද පාඨයි මේ අර්‍ත්‍ථයමය. මිගදායෙ යනු මුවන්ට අභය සඳහා දෙනලද තන්හියි. ඡභිමාසෙහි ඡාරත්තුනෙහි යනු හෙතෙම රජුවිසින් අණකරනලද දිනයෙහිම සියලු උපකරණ පිළියෙළකොට ඇතැවැස්සන් සමඟ අරණට පිවිස ගම්දොර ගම්මැද, දෙවකුල සුසානාදියෙහි සිටිගස්ද දැවුණු වැටුණු වියළුණු ගස්ද අතහැර සමෘද්ධවූ ප්‍රදේශයෙහි පිහිටි සියලු දොස්රහිත නැබ අර නිම්වලලුවලට සුදුසු ගස්ගෙන ඒ රෝදය කළේය. ගස් විමසාබලා ගන්නාවූද (රෝදය) කරන්නාවූද ඔහුට මෙපමණ කලක් ඉක්මියේය. එහෙයින් ඡභිමාසෙහි ඡාරතතුනෙහි (සය රැයක් අඩු සමසකිනි)යි කියනලදී. නානාකරණං යනු නොයෙක්බවයි. (නානත්වයයි) නෙසං යනු ඔවුන්ගේ නොවේ යනුයි. අත්‍ථෙසං යනු ඔවුන්ට ඇත යනුයි. අභිසංඛාරස්ස ගති යනු ප්‍රයෝගයාගේ ගමනයි. චිඞ්ගුලායිත්‍වා යනු කැරකවීයි. අක්‍ඛාභතං මඤේඤ යනු අක්‍ෂයෙහි (අලවංගුවෙහි) පිවිස සිටියාක් මෙනි.

සදොසාති සගණ‍්ඩා උණ‍්ණතොණතට‍්ඨානයුත‍්තා. සකසාවාති පූතිසාරෙන චෙව ඵෙග‍්ගුනා ච යුත‍්තා. කායවඞ‍්කාතිආදීනි කායදුච‍්චරිතාදීනං නාමානි. එවං පපතිතාති එවං ගුණපතනෙන පතිතා. එවං පතිට‍්ඨිතාති එවං ගුණෙහි පතිට‍්ඨිතා. තත්‍ථ ලොකියමහාජනා පපතිතා නාම, සොතාපන‍්නාදයො පතිට‍්ඨිතා නාම. තෙසුපි පුරිමා තයො කිලෙසානං සමුදාචාරක‍්ඛණෙ පපතිතා නාම, ඛීණාසවා පන එකන‍්තෙනෙව පතිට‍්ඨිතා නාම. තස‍්මාති යස‍්මා අප‍්පහීනකායවඞ‍්කාදයො පපතන‍්ති, පහීනකායවඞ‍්කාදයො පතිට‍්ඨහන‍්ති, තස‍්මා. කායවඞ‍්කාදීනං පන එවං පහානං වෙදිතබ‍්බං – පාණාතිපාතො අදින‍්නාදානං මිච‍්ඡාචාරො මුසාවාදො පිසුණාවාචා මිච‍්ඡාදිට‍්ඨීති ඉමෙ තාව ඡ සොතාපත‍්තිමග‍්ගෙන පහීයන‍්ති, ඵරුසාවාචා බ්‍යාපාදොති ද‍්වෙ අනාගාමිමග‍්ගෙන, අභිජ‍්ඣා සම‍්ඵප‍්පලාපොති ද‍්වෙ අරහත‍්තමග‍්ගෙනාති.

සදොසා යනු ගඩුසහිත උස්පහත් තැන් ඇතියි. සකසාවා යනු කුණුවූ හරයෙන් හා ඵලයෙන් යුත්. කායවඞ්කා යනාදිය කායදුශ්චරිතයන්ට නම්ය. එවං පපතිකා යනු මෙසේ ගුණවැටීමෙන් (ගුණපිරිහීමෙන්) වැටුණාවූයි. එවං පතිට්ඨිතා යනු මෙසේ ගුණයන්ගෙන් පිහිටියි. එහි ලෞකික මහාජනයා පපතිතා (වැටුනාහු)) නමි. සෝවාන් ආදීහු පතිට්ඨිතා (පිහිටියානු) නමි. ඔවුනතුරිනුදු මුල් තුන කෙලෙසුන් පවත්නා කෙණෙහි පපතිතා නමි. ක්‍ෂීණාශ්‍රවයා වනාහි ඒකාන්තයෙන්ම පිහිටියේ නමි. තස්මා යනු යම්හෙයකින් ප්‍රහීනනොවූ කාය දුශ්චරිතාදිය වැටෙයිද ප්‍රහීන කායදුශ්චරිතාදිය පිහිටයිද එහෙයිනි. කාය දුශ්චරිචරිතාදීන්ගේ ප්‍රහානයමෙසේ දතයුතුය. පරපණ නැසී, නොදුන්දෙය ගැනීම( කාමයෙහි) වැරදි හැසිරීම, බොරුකීම, කේළාම්කීම, මිත්‍ථ්‍යාදෘෂ්ටිය යන මෙම සය සෝවාන් මගින් ප්‍රහීනවෙයි. රළුවචන කීම, දැඩි ක්‍රොධය යන දෙක අනාගාමී මාර්‍ගයෙන්ද දැඩිලෝභය, හිස් වචන කීම දැඩි ක්‍රොධය යන දෙක අනාගාමී මාර්‍ගයෙන්ද දැඩිලෝහය, හිස් වචන කීම යන දෙක අරහත් මගින්ද ප්‍රහීනවෙයි.

6. අපණ‍්ණකසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 6

ඡට‍්ඨෙ අපණ‍්ණකපටිපදන‍්ති අවිරද‍්ධපටිපදං එකංසපටිපදං නිය්‍යානිකපටිපදං කාරණපටිපදං සාරපටිපදං මණ‍්ඩපටිපදං අපච‍්චනීකපටිපදං අනුලොමපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං පටිපන‍්නො හොති, න තක‍්කග‍්ගාහෙන වා නයග‍්ගාහෙන වා. එවං ගහෙත්‍වා පටිපන‍්නො හි භික‍්ඛු වා භික‍්ඛුනී වා උපාසකො වා උපාසිකා වා මනුස‍්සදෙවනිබ‍්බානසම‍්පත‍්තීහි හායති පරිහායති, අපණ‍්ණකපටිපදං පටිපන‍්නො පන තාහි සම‍්පත‍්තීහි න පරිහායති. අතීතෙ කන‍්තාරද‍්ධානමග‍්ගං පටිපන‍්නෙසු ද‍්වීසු සත්‍ථවාහෙසු යක‍්ඛස‍්ස වචනං ගහෙත්‍වා බාලසත්‍ථවාහො සද‍්ධිං සත්‍ථෙන අනයබ්‍යසනං පත‍්තො, යක‍්ඛස‍්ස වචනං අග‍්ගහෙත්‍වා “උදකදිට‍්ඨට‍්ඨානෙ උදකං ඡඩ‍්ඩෙස‍්සාමා”ති සත්‍ථකෙ සඤ‍්ඤාපෙත්‍වා මග‍්ගං පටිපන‍්නො පණ‍්ඩිතසත්‍ථවාහො විය. යං සන්‍ධාය වුත‍්තං –

සවැන්නෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරුද්ධ ප්‍රතිපදාවයි. ඒකාන්තවූ ප්‍රතිපදාවයි, නෛර්‍ය්‍යානික ප්‍රතිපදාවයි. කාරණප්‍රතිපදාවයි. සාරප්‍රතිපදාවයි. උසස්ප්‍රතිපදාවයි. සතුරුනොවන ප්‍රතිපදාවයි. අනුලෝම ප්‍රතිපදාවයි. ධර්‍මානුධර්‍මප්‍රතිපදාවයි. පටිපන්නො හොති යනු තර්‍කයෙන් ගැනීමෙන් නොවේ. නයග්‍රාහයෙන් නොවේ. මෙසේ ගෙන පිළිපන් භික්‍ෂුව හෝ භික්‍ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ දෙවිමිනිස් නිවන් සැපත්වලින් පිරිහෙයි. අපණ්ණක ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වනාහි ඒ සැපත්වලින් නොපිරිහෙයි. අතීතයෙහි කතර දුරුමගට පිළිපන් සාර්ථවාහකයන් දෙදෙනා අතුරින් යක්‍ෂයාගේ වචනය පිළිගෙන මෝඩ තවලම සමඟ නොයෙක් උවදුරුවලට පැමිණි සාර්ථවාහකයාද යක්‍ෂයාගේ වචනය පිළි නොගෙන දියදුටුතැන දිය විසිකරන්නෙමැයි තවලමට හඟවා මගට පිළිපන් පණ්ඩිත සාර්ථ වාහකයාද මෙනි. යමක් සඳහා කියනලද්දේද?

“අපණ‍්ණකං ඨානමෙකෙ, දුතියං ආහු තක‍්කිකා; එතදඤ‍්ඤාය මෙධාවී, තං ගණ‍්හෙ යදපණ‍්ණක”න‍්ති. (ජා· 1.1.1);

ඇතැම්හු සාර තැනද තාර්කිකයෝ දෙවැනි තැනද ප්‍රකාශකළහ. නුවණත්තේ මෙය දැන යමක් සාරවේද එය පිළිගන්නේය.

යොනි චස‍්ස ආරද‍්ධා හොතීති එත්‍ථ යොනීති ඛන්‍ධකොට‍්ඨාසස‍්සපි කාරණස‍්සපි පස‍්සාවමග‍්ගස‍්සපි නාමං. “චතස‍්සො ඛො ඉමා, සාරිපුත‍්ත, යොනියො”තිආදීසු (ම· නි· 1.152) හි ඛන්‍ධකොට‍්ඨාසො යොනි නාම. “යොනි හෙසා භූමිජ ඵලස‍්ස අධිගමායා”තිආදීසු (ම· නි· 3.226) කාරණං. “න චාහං බ්‍රාහ‍්මණං බ්‍රූමි, යොනිජං මත‍්තිසම‍්භව”න‍්ති (ම· නි· 2.457; ධ· ප· 396) ච “තමෙනං කම‍්මජවාතා නිවත‍්තිත්‍වා උද‍්ධංපාදං අධොසිරං සම‍්පරිවත‍්තෙත්‍වා මාතු යොනිමුඛෙ සම‍්පටිපාදෙන‍්තී”ති ච ආදීසු පස‍්සාවමග‍්ගො. ඉධ පන කාරණං අධිප‍්පෙතං. ආරද‍්ධාති පග‍්ගහිතා පරිපුණ‍්ණා.

යොනිචස්ස ආරද්ධා හොති යනු මෙහි යොනි යනු ස්කන්‍ධ කොට්ඨාශයටද කාරණයටද ප්‍රසවමාර්‍ගයටද නමකි. ‘චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො’ යනාදියෙහි ස්කන්‍ධ කොට්ඨාශය යොනි නමි. ‘යොනි හෙසා භූමිජ ඵලස්ස අධිගමාය’ යනාදියෙහි කාරණයයි. නචාංහ බ්‍රාහමණං බ්‍රැමි යොනිජං මත්තිසම්භවං’ හා තමෙනං කම්මජවාතා නිබ්බත්තත්‍වා උද්ධපාදං අධොසිරං සම්පරිවතේතත්‍වො මාතු යොනිමුඛෙ සම්පටිපාදෙන්ති’ද යනාදියෙහි ප්‍රසවමාර්‍ගයයි. මෙහි වනාහි කාරණය අදහස් කරනලදී. ආරද්ධා යනු එසවූ, පිරිපුන්ය.

ආසවානං ඛයායාති එත්‍ථ ආසවන‍්තීති ආසවා, චක‍්ඛුතොපි…පෙ… මනතොපි සන්‍දන‍්ති පවත‍්තන‍්තීති වුත‍්තං හොති. ධම‍්මතො යාව ගොත්‍රභු, ඔකාසතො යාව භවග‍්ගා සවන‍්තීති වා ආසවා, එතෙ ධම‍්මෙ එතඤ‍්ච ඔකාසං අන‍්තොකරිත්‍වා පවත‍්තන‍්තීති අත්‍ථො. අන‍්තොකරණත්‍ථො හි අයං ආකාරො. චිරපාරිවාසියට‍්ඨෙන මදිරාදයො ආසවා, ආසවා වියාතිපි ආසවා. ලොකස‍්මිම‍්පි හි චිරපාරිවාසිකා මදිරාදයො ආසවාති වුච‍්චන‍්ති, යදි ච චිරපාරිවාසියට‍්ඨෙන ආසවා, එතෙයෙව භවිතුමරහන‍්ති. වුත‍්තඤ‍්හෙතං – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය, ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසී”තිආදි (අ· නි· 10.61). ආයතං වා සංසාරදුක‍්ඛං සවන‍්ති පසවන‍්තීතිපි ආසවා. පුරිමානි චෙත්‍ථ නිබ‍්බචනානි යත්‍ථ කිලෙසා ආසවාති ආගච‍්ඡන‍්ති, තත්‍ථ යුජ‍්ජන‍්ති, පච‍්ඡිමං කම‍්මෙපි. න කෙවලඤ‍්ච කම‍්මකිලෙසායෙව ආසවා, අපිච ඛො නානප‍්පකාරා උපද‍්දවාපි. සුත‍්තෙසු හි “නාහං, චුන්‍ද, දිට‍්ඨධම‍්මිකානංයෙව ආසවානං සංවරාය ධම‍්මං දෙසෙමී”ති (දී· නි· 3.182) එත්‍ථ විවාදමූලභූතා කිලෙසා ආසවාති ආගතා.

ආසවානං ඛයාය යනු මෙහි වැගිරෙත්නුයි ආසවා නමි. ඇසින්ද -පෙ- මනසින්ද වැගිරෙත් ගලාබසිත්යයි කියනලද්දේවෙයි. ධර්‍මයෙන් ගොත්‍රභූ (මාර්‍ගසිත පළමුවෙන් උපදනා) සිත දක්වා අවකාශයෙන් භවාග්‍රය දක්වා වැගිරෙත්නුයි හෝ ආසවා නමි. මේ ධර්‍මයන්ද මේ අවකාශයද ඇතුළත් කොට ගලාබසිත්ය යන අර්‍ත්‍ථයි. මේ ආකාරය ඇතුළත් කිරීමේ අරුත් ඇත්තේයි. බොහෝ කල් රැඳී (කැවී) තිබීමේ අරුතින් සුරා ආදී ආසවයන් වැනිය යන්නෙන්ද අාසවා නමි. ලෝකයෙහි බොහෝ කලක් පැසවන සුරා ආදිය ආසවයයි කියනු ලැබේ. ඉදින්, බොහෝකල් පැසවීම් අරුතින් ආශ්‍රවයෝ මේවාම වීමට සුදුසුවෙත්ද (එහෙයින්) මෙය කියනලදී: ‘මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීයයි අවිද්‍යාවේ පෙර කෙළවර නොපැනෙයි.’ දීර්‍ඝවූ සංසාර දුක වගුරත් ගලාබස්වත් යනුවෙන්ද ආශ්‍රවයෝයි. යම් තැනක ක්ලේශයෝ ආශ්‍රවයයි. එත්ද එහි මුල් නිර්වචනයෝ යෙදෙත් (සුදුසුවෙත්) හුදෙක් කර්‍මක්ලේශයෝම ආශ්‍රවයෝ නොවෙත්. තවද නොයෙක් ආකාර උපද්‍රවයෝද ආශ්‍රවයෝ වෙත්. ‘චුන්‍දය, මම ඉහාත්මයෙහිවූ ආශ්‍රවයන්ගේම සංවරය සඳහා ධර්‍මය නොදෙසමි’ යනාදිය සූත්‍රයන්හි එයි. මෙහි විවාදයට මුල්වූ ක්ලේශයෝ ආශ්‍රයෝයයි දක්වනලදහ.

“යෙන දෙවූපපත්‍යස‍්ස, ගන්‍ධබ‍්බො වා විහඞ‍්ගමො; යක‍්ඛත‍්තං යෙන ගච‍්ඡෙය්‍යං, මනුස‍්සත‍්තඤ‍්ච අබ‍්බජෙ; තෙ මය‍්හං ආසවා ඛීණා, විද‍්ධස‍්තා විනළීකතා”ති. (අ· නි· 4.36) –

‘යම් ආශ්‍රවයකින් දිව්‍යඋත්පත්යි වන්නේද ගන්‍ධර්‍වයෙක් හෝ පක්‍ෂියෙක් වන්නේද යම් ආශ්‍රවයකින් යක්‍ෂබවට යන්නේද මනුෂ්‍යත්වයට හෝ යන්නේද ඒ මගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. නසනලද්දාහ. විනාශ කරනලද්දාහ.’ යන මෙහි ත්‍රෛභූමික කර්‍මයද ඉතිරි අකුශලධර්‍මයෝද (ආශ්‍රවයෝ) වෙත්.

එත්‍ථ තෙභූමකං ච කම‍්මං අවසෙසා ච අකුසලා ධම‍්මා. “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39; අ· නි· 2.202-230) එත්‍ථ පරූපවාදවිප‍්පටිසාරවධබන්‍ධාදයො චෙව අපායදුක‍්ඛභූතා ච නානප‍්පකාරා උපද‍්දවා.

‘මෙම අත්බවට අයත් ආශ්‍රවයන්ගේ සංවරය සඳහා, පරලොවට අයත් ආශ්‍රවයන් නසනු සඳහා’ යන මෙහි අනුන්ගේ දොෂාරෝපන, විපිළිසරවීම්, වධබන්‍ධන ආදියද අපා දුක්වූ නොයෙක් ආකාර උපද්‍රවයෝද වෙත්.

තෙ පනෙතෙ ආසවා යත්‍ථ යථා ආගතා, තත්‍ථ තථා වෙදිතබ‍්බා. එතෙ හි විනයෙ තාව “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39; අ· නි· 2.202-230) ද‍්වෙධා ආගතා. සළායතනෙ “තයො මෙ, ආවුසො, ආසවා කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො”ති (සං· නි· 4.321) තිධා ආගතා. අඤ‍්ඤෙසු ච සුත‍්තන‍්තෙසු (චූළනි· ජතුකණ‍්ණිමාණවපුච‍්ඡානිද‍්දෙසො 69; පටි· ම· 1.107) අභිධම‍්මෙ (ධ· ස· 1102-1106; විභ· 937) ච තෙයෙව දිට‍්ඨාසවෙන සහ චතුධා ආගතා. නිබ‍්බෙධිකපරියායෙන “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා නිරයගාමිනියා, අත්‍ථි ආසවා තිරච‍්ඡානයොනිගාමිනියා, අත්‍ථි ආසවා පෙත‍්තිවිසයගාමිනියා, අත්‍ථි ආසවා මනුස‍්සලොකගාමිනියා, අත්‍ථි ආසවා දෙවලොකගාමිනියා”ති (අ· නි· 6.63) පඤ‍්චධා ආගතා. කම‍්මමෙව චෙත්‍ථ ආසවාති වුත‍්තං. ඡක‍්කනිපාතෙ “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා සංවරාපහාතබ‍්බා”තිආදිනා (අ· නි· 6.58) නයෙන ඡධා ආගතා. සබ‍්බාසවපරියායෙ (ම· නි· 1.14 ආදයො) තෙයෙව දස‍්සනෙන පහාතබ‍්බෙහි සද‍්ධිං සත‍්තධා ආගතා. ඉධ පන අභිධම‍්මනයෙන චත‍්තාරො ආසවා අධිප‍්පෙතාති වෙදිතබ‍්බා.

ඒ මේ ආශ්‍රවයෝ යම්යම් තන්හි ආවාහුද (සඳහන්වූවාහුද) එසේ දතයුත්තාහ. විනයෙහි මෙම ආශ්‍රවයෝ ‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යනුවෙන් දෙපරිදව ආවාහුය. සළායතනයෙහි, ‘තයො මේ ආවුසො ආසවා කාමාසවො භවාසෙවො ආවිජ්ජාසවො’ යන්නෙන් තෙපරිදිව ආවාහුය. අන්‍ය සූත්‍රයන්හිද අභිධර්‍මයෙහිද ඒවාම දිට්ඨාසවය සමඟ (එක්ව) සිවුපරිදිව ආවාහුය. නිබ්බෙධිකපරියායෙහි, ‘අත්‍ථි භික්‍ඛවෙ ආසවා නිරයාගාමිනියා අත්‍ථි ආසවා නිරච්ඡානයොනිගාමිනියා අත්‍ථිආසවා දෙවලොකගාමිනියා’ යන්නෙන් පස් අයුරුව ආවාහුය. මෙහි කර්‍මයම ආශ්‍රවයයි කියනලදී. ඡක්කනිපාතයෙහි ‘අත්‍ථි භික්‍ඛවෙ ආසවා සංවරා පහාතබ්බා’ යනාදී ක්‍රමයෙන් සය ආකාරව ආවාහුය. සබ්බාසවපරියායෙහි ඒවාම දර්‍ශනයෙන් පහකළයුතු ඒවාද සමඟ සත් ආකාරව ආවේය. මෙහි වනාහි ආභිධර්මික න්‍යායයෙන් ආශ්‍රවයෝ සතරදෙනෙක් අදහස්කරනලදැයි දතයුත්තාහ.

ඛයායාති එත්‍ථ පන ආසවානං සරසභෙදොපි ඛීණාකාරොපි මග‍්ගඵලනිබ‍්බානානිපි “ආසවක‍්ඛයො”ති වුච‍්චති. “යො ආසවානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධාන”න‍්ති එත්‍ථ හි ආසවානං සරසභෙදො “ආසවක‍්ඛයො”ති වුත‍්තො. “ජානතො අහං, භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමී”ති (ම· නි· 1.15; සං· නි· 2.23; ඉතිවු· 102) එත්‍ථ ආසවප‍්පහානං ආසවානං අච‍්චන‍්තක‍්ඛයො අසමුප‍්පාදො ඛීණාකාරො නත්‍ථිභාවො “ආසවක‍්ඛයො”ති වුත‍්තො.

ඛයාය යනු මෙහි වනාහි ආශ්‍රවයන්ගේ ස්වකීය කෘත්‍ය භේදයද ක්‍ෂයවීමේ ආකාර භේදයද මාර්‍ගඵල නිර්‍වාණයෝද ආශ්‍රවක්‍ෂයයි කියනු ලැබේ. යො ආසවානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං’ යන මෙහි ආශ්‍රවයන්ගේ ස්වකීය කෘත්‍යභේදය ආශ්‍රවක්‍ෂයයි කියනලදී. ‘ජානතො අහං භික්‍ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමං යන මෙහි ආශ්‍රවයන්ගේ ප්‍රහානය ආශ්‍රවයන්ගේ සම්පූර්‍ණ ක්‍ෂයවීම, නොඉපදවීම, නැතිබව අශ්‍රක්‍ෂයයි කියනලදී.

“සෙඛස‍්ස සික‍්ඛමානස‍්ස, උජුමග‍්ගානුසාරිනො; ඛයස‍්මිං පඨමං ඤාණං, තතො අඤ‍්ඤා අනන‍්තරා”ති. (ඉතිවු· 62) –

‘සෙඛස්ස සික්‍ඛමානස්ස උජුමග්ගානුසාරිනො ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා’

එත්‍ථ මග‍්ගො “ආසවක‍්ඛයො”ති වුත‍්තො. “ආසවානං ඛයා සමණො හොතී”ති (ම· නි· 1.438) එත්‍ථ ඵලං.

යන මෙහි මාර්‍ගය ආශ්‍රවක්‍ෂයයි කියනලදී. ‘ආසවානං ඛයා සමණො හොති’ යන මෙහි ඵලය (ආශ්‍රවක්‍ෂයයි කියනලදී.)

“පරවජ‍්ජානුපස‍්සිස‍්ස, නිච‍්චං උජ‍්ඣානසඤ‍්ඤිනො; ආසවා තස‍්ස වඩ‍්ඪන‍්ති, ආරා සො ආසවක‍්ඛයා”ති. (ධ· ප· 253) –

‘පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ක්‍ධාන සඤ්ඤිනො ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්‍ඛයා’

එත්‍ථ නිබ‍්බානං. ඉමස‍්මිං පන සුත‍්තෙ ඵලං සන්‍ධාය “ආසවානං ඛයායා”ති ආහ, අරහත‍්තඵලත්‍ථායාති අත්‍ථො.

යන මෙහි නිර්‍වාණය ආශ්‍රවක්‍ෂයයි කියනලදී. මේ සූත්‍රයෙහි ඵලය සඳහා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම පිණිසයයි කියනලදී. අරහත් ඵලය සඳහාය යන අර්‍ත්‍ථයි

ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොති මනච‍්ඡට‍්ඨෙසු ඉන්‍ද්‍රියෙසු පිහිතද‍්වාරො. භොජනෙ මත‍්තඤ‍්ඤූති භොජනස‍්මිං පමාණඤ‍්ඤූ, පටිග‍්ගහණපරිභොගපච‍්චවෙක‍්ඛණමත‍්තං ජානාති පජානාතීති අත්‍ථො. ජාගරියං අනුයුත‍්තොති රත‍්තින්‍දිවං ඡ කොට‍්ඨාසෙ කත්‍වා පඤ‍්චසු කොට‍්ඨාසෙසු ජාගරණභාවං අනුයුත‍්තො, ජාගරණෙයෙව යුත‍්තප‍්පයුත‍්තොති අත්‍ථො.

ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො යනු මනස සයවැන්න කොට ඇති ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො යනු මනස සයවැන්න කොට ඇති ඉන්‍ද්‍රියයන්හි වැසු දොරටු ඇත්තේයි. භොජනෙ මත්තඤඤු යනු භොජනයෙහි පමණ දන්නායි. පිළිගැනීම, පරිභොගය යන මෙහි ප්‍රත්‍යවෙක්‍ෂණමාත්‍රය දනී. මනාව දනී යනාර්‍ත්‍ථයි. ජාගරියං අනුයුත්තො යනු රෑදහවල කොටස් සයක් කොට කොටස් පසෙක් නොනිදන බවෙහි යදුණේ නොනිදීමෙහිම නියළුණේ යන අර්‍ත්‍ථයි.

එවං මාතිකං ඨපෙත්‍වා ඉදානි තමෙව ඨපිතපටිපාටියා විභජන‍්තො කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛූතිආදිමාහ. තත්‍ථ චක‍්ඛුනා රූපං දිස‍්වාතිආදීනං අත්‍ථො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.15) විත්‍ථාරිතො, තථා පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති නෙව දවායාතිආදීනං (විසුද‍්ධි· 1.18). ආවරණීයෙහි ධම‍්මෙහීති පඤ‍්චහි නීවරණෙහි ධම‍්මෙහි. නීවරණානි හි චිත‍්තං ආවරිත්‍වා තිට‍්ඨන‍්ති, තස‍්මා ආවරණීයා ධම‍්මාති වුච‍්චන‍්ති. සීහසෙය්‍යං කප‍්පෙතීති සීහො විය සෙය්‍යං කප‍්පෙති. පාදෙ පාදං අච‍්චාධායාති වාමපාදං දක‍්ඛිණපාදෙ අතිආධාය. සමං ඨපිතෙ හි පාදෙ ජාණුකෙන ජාණුකං ගොප‍්ඵකෙන ච ගොප‍්ඵකං ඝටීයති, තතො වෙදනා උට‍්ඨහන‍්ති. තස‍්මා තස‍්ස දොසස‍්ස පරිවජ‍්ජනත්‍ථං ථොකං අතික‍්කමිත්‍වා එස පාදං ඨපෙති. තෙන වුත‍්තං – “පාදෙ පාදං අච‍්චාධායා”ති.

මෙසේ මාතෘකා තබා දැන් තැබූ මාතෘකාව පිළිවෙළින් බෙදා දක්වමින් ‘කථඤ්ච භික්‍ඛවෙ භික්‍ඛු’ යනාදිය පැවසූ සේක. එහි චක්‍ඛුනා රූපං දිස්වා යනාදීන්ගේ අර්‍ත්‍ථයද එසේම ‘පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති නෙවදවාය’ යනාදීන්ගේද අර්‍ත්‍ථයද විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදී. ආවරණීයෙහි ධම්මේහි යනු නීවරණ පසෙහියි. නීවරණයෝ සිත වසාගෙන සිටිත් එහෙයින් ආවරණීය ධර්‍මයෝයි කියනු ලැබෙත්. සීහසෙය්‍යං කපේපති යනු සිංහයකු මෙන් ශයනය කරයි. පාදෙ පාදං අච්චාධාය යනු වම්පස දකුණු පයෙහි මඳක් ඉක්මවා තබායි, සමව තැබූ කල්හි පයෙහි දණින් දණද ගොප් ඇටයෙන් ගොප් ඇටයද ගැටෙයි. ඉයින් වේදනාව නැඟී එයි. එහෙයින් ඒ දෝෂය දුරුකරනු සඳහා ටිකක් ඉක්මවා මෙතෙම පාදය තබයි. එහෙයින් ‘පාදෙ පාදං අච්චාධාය’යි කියනලදී.

සතො සම‍්පජානොති සතියා චෙව සම‍්පජඤ‍්ඤෙන ච සමන‍්නාගතො. කථං පනෙස නිද‍්දායන‍්තො සතො සම‍්පජානො නාම හොතීති? පුරිමප‍්පවත‍්තිවසෙන. අයං හි චඞ‍්කමෙ චඞ‍්කමන‍්තො නිද‍්දාය ඔක‍්කමනභාවං ඤත්‍වා පවත‍්තමානං කම‍්මට‍්ඨානං ඨපෙත්‍වා මඤ‍්චෙ වා ඵලකෙ වා නිපන‍්නො නිද‍්දං උපගන‍්ත්‍වා පුන පබුජ‍්ඣමානො කම‍්මට‍්ඨානං ඨිතට‍්ඨානෙ ගණ‍්හන‍්තොයෙව පබුජ‍්ඣති. තස‍්මා නිද‍්දායන‍්තොපි සතො සම‍්පජානො නාම හොති. අයං තාව මූලකම‍්මට‍්ඨානෙ නයොව. පරිග‍්ගහකම‍්මට‍්ඨානවසෙනාපි පනෙස සතො සම‍්පජානො නාම හොති. කථං? අයං හි චඞ‍්කමන‍්තො නිද‍්දාය ඔක‍්කමනභාවං ඤත්‍වා පාසාණඵලකෙ වා මඤ‍්චෙ වා දක‍්ඛිණෙන පස‍්සෙන නිපජ‍්ජිත්‍වා පච‍්චවෙක‍්ඛති – “අචෙතනො කායො අචෙතනෙ මඤ‍්චෙ පතිට‍්ඨිතො, අචෙතනො මඤ‍්චො අචෙතනාය පථවියා, අචෙතනා පථවී අචෙතනෙ උදකෙ, අචෙතනං උදකං අචෙතනෙ වාතෙ, අචෙතනො වාතො අචෙතනෙ ආකාසෙ පතිට‍්ඨිතො. තත්‍ථ ආකාසම‍්පි ‘අහං වාතං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති න ජානාති, වාතොපි ‘අහං ආකාසෙ පතිට‍්ඨිතො’ති න ජානාති. තථා වාතො න ජානාති. ‘අහං උදකං උක‍්ඛිපිත්‍වා ඨිතො’ති…පෙ… මඤ‍්චො න ජානාති, ‘අහං කායං උක‍්ඛිපිත්‍වා ඨිතො’ති, කායො න ජානාති ‘අහං මඤ‍්චෙ පතිට‍්ඨිතො’ති. න හි තෙසං අඤ‍්ඤමඤ‍්ඤං ආභොගො වා සමන‍්නාහාරො වා මනසිකාරො වා චෙතනා වා පත්‍ථනා වා අත්‍ථී”ති. තස‍්ස එවං පච‍්චවෙක‍්ඛතො තං පච‍්චවෙක‍්ඛණචිත‍්තං භවඞ‍්ගෙ ඔතරති. එවං නිද‍්දායන‍්තොපි සතො සම‍්පජානො නාම හොතීති.

සතො සම්පජානො යනු සිහියෙන් මෙන්ම නුවණින්ද යුක්ත වූයේයි. කෙසේනම් මෙතෙම නිදන්නේද සිහිනුවණ ඇත්තේ නම්වේද? පෙරපැවතීම් වශයෙනි. මෙතෙම වනාහි සක්මනෙහි සක්මන් කරන්නේ නින්දට පිවිසෙන බව දැන පවත්වනු ලබන කමටහන තබා ඇඳෙහි හෝ ඵලකයෙහි හෝ වැද හොත්තේ නින්දට එළඹ නැවත අවදි වෙමින් කමටහන නැවැත්වූ ත් පිබිදෙයි. එබැවින් නිදනුලබන්නේ සිහිනුවණ ඇත්තේ නම්වෙයි. මේ වනාහි මූලකර්‍මස්ථානයෙහි ක්‍රමයමැයි. පරිග්‍රහකර්‍මස්ථාන වහයෙන්ද මෙතෙම සිහිනුවණ ඇත්තේ නම්වෙයි. කෙසේද? මෙතෙම වනාහි සක්මන් කරන්නේ නින්දට පිවිසෙන බව දැන පාෂාණ පලකයෙහි හෝ ඇඳෙහි හෝ දකුණු පසින් වැදහෙවී ප්‍රත්‍යවේක්‍ෂා කරයි. අචෙතනිකවූ ශරීරය අචෙතනික මඤ්චකයෙහි පිහිටියේය., අචෙතනික මඤ්චකය (ඇඳ) අචෙතනික පොළොවෙහි, අචේතනික පොළාව අචේතනික ජලයෙහි, අචේතනික ජලය අචේතනික වාතයෙහි, අචෙතනික වාතය අචේතනික වාතය අවෙතනික ආකාශයෙහි, පිහිටියේය. එහි අහසද මම වාතය ඔසවා සිටියෙමැයි නොදනියි. වාතයද මම අහසෙහි පිහිටියෙමැයි නොදනියි. එසේම වාතය මම ජලය ඔසවා සිටියෙමැයි නොදනියි -පෙ- ඇඳ මම ශරීරය ඔසවා සිටියෙමැයි නොදනිය. ශරීරය මම ඇඳෙහි පිහිටියෙමැයි නොදනියි. ඔවුන්ගේ අන්‍යොන්‍ය සිතාබැලීමක්, සිත එක් අරමුනක පිහිටුවීමක්, මෙනෙහි කිරීමක් හෝ චේතනාවක් හෝ පැතුමක් හෝ නැතැයි මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කරන ඔහුගේ ඒ ප්‍රත්‍යවෙක්‍ෂාකරන සිත භවාංගයෙහි බැසගනියි. මෙසේ නිදන්නේද සිහිනුවණ ඇත්තේ නම් වෙයි.

උට‍්ඨානසඤ‍්ඤං මනසිකරිත්‍වාති “එත‍්තකං ඨානං ගතෙ චන්‍දෙ වා තාරකාය වා උට‍්ඨහිස‍්සාමී”ති උට‍්ඨානකාලපරිච‍්ඡෙදිකං සඤ‍්ඤං මනසිකරිත්‍වා, චිත‍්තෙ ඨපෙත්‍වාති අත්‍ථො. එවං කරිත්‍වා සයිතො හි යථාපරිච‍්ඡින‍්නෙයෙව කාලෙ උට‍්ඨහති.

උට්ඨානසඤ්ඤං මනසිකරිත්‍වා යනු සඳ හෝ තරුවක් මෙපමණ තැනට ගියකල්හි නැඟීසිටින්නෙමැයි නැඟිටින කාලය සීමා කෙරෙන සංඥාව මෙනෙහි කොට සිතෙහි පිහිටුවායි අර්‍ත්‍ථයයි. මෙසේකොට නිදනලද්දේ පිරිසිඳුනාලද කාලයෙහිම නැඟීසිටියි.

7. අත‍්තබ්‍යාබාධසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 7

සත‍්තමෙ අත‍්තබ්‍යාබාධායාති අත‍්තදුක‍්ඛාය. පරබ්‍යාබාධායාති පරදුක‍්ඛාය. කායසුචරිතන‍්තිආදීනි පුබ‍්බභාගෙ දසකුසලකම‍්මපථවසෙන ආගතානි, උපරි පන යාව අරහත‍්තා අවාරිතානෙව.

සත්වැන්නෙහි අත්තව්‍යාබාධාය යනු තමාගේ දුක සඳහායි. පරව්‍යාබාධාය යනු අනුන්ගේ දුක සඳහායි. කායසුචරිතං යනාදිය පූර්‍වභාගයෙහි දශකුශල කර්‍මපථවශයෙන් ආවේය. මත්තෙහි වනාහි රහත්බව දක්වා නොවළක්වනලද්දේමය.

8. දෙවලොකසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 8

අට‍්ඨමෙ අට‍්ටීයෙය්‍යාථාති අට‍්ටා පීළිතා භවෙය්‍යාථ. හරායෙය්‍යාථාති ලජ‍්ජෙය්‍යාථ. ජිගුච‍්ඡෙය්‍යාථාති ගූථෙ විය තස‍්මිං වචනෙ සඤ‍්ජාතජිගුච‍්ඡා භවෙය්‍යාථ. ඉති කිරාති එත්‍ථ ඉතීති පදසන්‍ධිබ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා, කිරාති අනුස‍්සවත්‍ථෙ නිපාතො. දිබ‍්බෙන කිර ආයුනා අට‍්ටීයථාති එවමස‍්ස සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. පගෙව ඛො පනාති පඨමතරංයෙව.

අටවැන්නෙහි අට්ඨියෙය්‍යාථ යනු මැඬුනාහු පෙළුනාහු වන්නාහුය. භරායෙය්‍යාථ යනු ලජ්ජාවන්නහුය. ජිගුචේඡය්‍යාථ යනු අසුචියෙහි මෙන් ඒ වචනයෙහි හටගත් පිළිකුල් බව ඇත්තෝවන්නහුය. ඉතිකිර යන මෙහි ඉති යනු පදසන්‍ධිව්‍යංජනයාගේ සිළිටි බවයි. කිරයනු ශ්‍රැති සුචනාර්ථයෙහි නිපාතයි. දිව්‍යමය ආයුෂයෙන් මැඬෙවුයයි මෙසේ මෙහි සම්බන්‍ධය දතයුතුය. පගෙව ඛො පන යනු පළමුවමයි.

9. පඨමපාපණිකසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 9

නවමෙ පාපණිකොති ආපණිකො, ආපණං උග‍්ඝාටෙත්‍වා භණ‍්ඩවික‍්කායකස‍්ස වාණිජස‍්සෙතං අධිවචනං. අභබ‍්බොති අභාජනභූතො. න සක‍්කච‍්චං කම‍්මන‍්තං අධිට‍්ඨාතීති යථා අධිට‍්ඨිතං සුඅධිට‍්ඨිතං හොති, එවං සයං අත‍්තපච‍්චක‍්ඛං කරොන‍්තො නාධිට‍්ඨාති. තත්‍ථ පච‍්චූසකාලෙ පදසද‍්දෙන උට‍්ඨාය දීපං ජාලෙත්‍වා භණ‍්ඩං පසාරෙත්‍වා අනිසීදන‍්තො පුබ‍්බණ‍්හසමයං න සක‍්කච‍්චං කම‍්මන‍්තං අධිට‍්ඨාති නාම. අයං හි යං චොරා රත‍්තිං භණ‍්ඩං හරිත්‍වා “ඉදං අම‍්හාකං හත්‍ථතො විස‍්සජ‍්ජෙස‍්සාමා”ති ආපණං ගන‍්ත්‍වා අප‍්පෙන අග‍්ඝෙන දෙන‍්ති, යම‍්පි බහුවෙරිනො මනුස‍්සා රත‍්තිං නගරෙ වසිත්‍වා පාතොව ආපණං ගන‍්ත්‍වා භණ‍්ඩං ගණ‍්හන‍්ති, යං වා පන ජනපදං ගන‍්තුකාමා මනුස‍්සා පාතොව ආපණං ගන‍්ත්‍වා භණ‍්ඩං කිණන‍්ති, තප‍්පච‍්චයස‍්ස ලාභස‍්ස අස‍්සාමිකො හොති.

නවවැන්නෙහි, පාපණිකො යනු වෙළඳසැල විවෘතකොට බඩු විකුණන්නාවූ වෙළෙන්දාට මේ පර්‍ය්‍යාය වචනයි. අභබ්බො යනු බඳුන් නොවූයි (සුදුසු නොවූයි) න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති යනු යම් සේ අධිෂ්ඨාන කරනලද්ද මනාව අධිෂ්ඨාන කරනලද්දක් වේද මෙසේ තෙමේ ආත්මප්‍රත්‍යවෙක්‍ෂාව කරන්නේ අදිටන් නොකරයි. එහි උදෑසන කල්හි හඬින් නැඟිට පහන දල්වා බඩු විසුරුවා නොහිඳින්නේ පෙරවරුවෙහි සකසා කර්‍මාන්ත නොඅදිටයි නමි. මෙතෙම වනාහි සොරු රාත්‍රියෙහි බඩු පැහැරගෙන මෙය අපගේ අතින් වියදම් කරන්නෙමු’යි වෙළඳ සැළට ගොස් අඩුමිළට දෙත් යන යමක්වේද, බොහෝ සතුරන් ඇති මිනිස්සු රාත්‍රියෙහි නුවර වැස උදයෙන්ම වෙළඳ සැලට ගොස් බඩු ගනිත් යන යමක් වේද? ජනපදයට යනු කැමති මිනිස්සු උදයෙන්ම වෙළඳසැලට ගොස් බඩුමිළදී ගනිත් යන යමක් වේද එය හේතුකොට ඇති ලාභයට අස්වාමිකයෙක් වෙයි.

අඤ‍්ඤෙසං භොජනවෙලාය පන භුඤ‍්ජිතුං ආගන‍්ත්‍වා පාතොව භණ‍්ඩං පටිසාමෙත්‍වා ඝරං ගන‍්ත්‍වා භුඤ‍්ජිත්‍වා නිද‍්දායිත්‍වා සායං පුන ආපණං ආගච‍්ඡන‍්තො මජ‍්ඣන‍්හිකසමයං න සක‍්කච‍්චං කම‍්මන‍්තං අධිට‍්ඨාති නාම. සො හි යං චොරා පාතොව විස‍්සජ‍්ජෙතුං න සම‍්පාපුණිංසු, දිවාකාලෙ පන පරෙසං අසඤ‍්චාරක‍්ඛණෙ ආපණං ගන‍්ත්‍වා අප‍්පග‍්ඝෙන දෙන‍්ති, යඤ‍්ච භොජනවෙලාය පුඤ‍්ඤවන‍්තො ඉස‍්සරා “ආපණතො ඉදඤ‍්චිදඤ‍්ච ලද‍්ධුං වට‍්ටතී”ති පහිණිත්‍වා ආහරාපෙන‍්ති, තප‍්පච‍්චයස‍්ස ලාභස‍්ස අස‍්සාමිකො හොති.

අන්‍යයන් බොජුන් ගන්නා වේලෙහි අනුභවයට අවුත් උදයෙන්ම බඩු තැන්පත් කොට ගෙදර ගොස් අනුභවකොට නිදා සවස යළි වෙළඳසැලට එන්නේ මධ්‍යාහ්නයෙහි සකසා කර්‍මාන්තය අදිටන් නොකරයි නමි. හෙතෙම වනාහි සොරු උදයෙන්ම වියදම් කිරීමට නොපැමිණියාහුද දවල් කාලයෙහි අනුන් නොහැසිරෙන වේලෙහි වෙළඳසැලට අවුත් අඩුමිළට දෙත්ද බොජුන් වේලෙහි පින්වත් ධනවත්තු වෙළඳසැලින් මේ මේ දෙය ලැබීමට වටීයයි (සේවකයන්) යවා ගෙන්වා ගනිත්ද යන යමක්වේද එය හේතුකොට උපදනා ලාභයට අස්වාමිකයෙක් වෙයි.

යාව යාමභෙරිනික‍්ඛමනා පන අන‍්තොආපණෙ දීපං ජාලාපෙත්‍වා අනිසීදන‍්තො සායන‍්හසමයං න සක‍්කච‍්චං කම‍්මන‍්තං අධිට‍්ඨාති නාම. සො හි යං චොරා පාතොපි දිවාපි විස‍්සජ‍්ජෙතුං න සම‍්පාපුණිංසු, සායං පන ආපණං ගන‍්ත්‍වා අප‍්පග‍්ඝෙන දෙන‍්ති, තප‍්පච‍්චයස‍්ස ලාභස‍්ස අස‍්සාමිකො හොති.

යාමය දක්වන බෙරහඬ නික්මෙන තුරු වෙළඳ සැලතුළ පහන්දල්වා නොහිඳින්නේ සවස් කාලයෙහි සකසා කර්‍මාන්තය නොඅදිටයි නමි. හෙතෙම වනාහි සොරු උදයෙහිද දහවලද වියදම් කිරීමට නොපැමිණියාහුද සවස වෙළඳ සැලට ගොස් අඩුමිලට දෙත්. යන යමක්වේද එය හේතු කොට උපදනා ලාභයට අස්වාමිකයෙක්වෙයි.

න සක‍්කච‍්චං සමාධිනිමිත‍්තං අධිට‍්ඨාතීති සක‍්කච‍්චකිරියාය සමාධිං න සමාපජ‍්ජති. එත්‍ථ ච පාතොව චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණෙසු වත‍්තං කත්‍වා සෙනාසනං පවිසිත්‍වා යාව භික‍්ඛාචාරවෙලා, තාව සමාපත‍්තිං අප‍්පෙත්‍වා අනිසීදන‍්තො පුබ‍්බණ‍්හසමයං න සක‍්කච‍්චං සමාධිනිමිත‍්තං අධිට‍්ඨාති නාම. පච‍්ඡාභත‍්තං පන පිණ‍්ඩපාතපටික‍්කන‍්තො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානං පවිසිත්‍වා යාව සායන‍්හසමයා සමාපත‍්තිං අප‍්පෙත්‍වා අනිසීදන‍්තො මජ‍්ඣන‍්හිකසමයං න සක‍්කච‍්චං සමාධිනිමිත‍්තං අධිට‍්ඨාති නාම. සායං පන චෙතියං වන්‍දිත්‍වා ථෙරූපට‍්ඨානං කත්‍වා සෙනාසනං පවිසිත්‍වා පඨමයාමං සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා අනිසීදන‍්තො සායන‍්හසමයං න සක‍්කච‍්චං සමාධිනිමිත‍්තං අධිට‍්ඨාති නාම. සුක‍්කපක‍්ඛො වුත‍්තපටිපක‍්ඛනයෙනෙව වෙදිතබ‍්බො. අපිචෙත්‍ථ “සමාපත‍්තිං අප‍්පෙත්‍වා”ති වුත‍්තට‍්ඨානෙ සමාපත‍්තියා අසති විපස‍්සනාපි වට‍්ටති, සමාධිනිමිත‍්තන‍්ති ච සමාධිආරම‍්මණම‍්පි වට‍්ටතියෙව. වුත‍්තම‍්පි චෙතං – “සමාධිපි සමාධිනිමිත‍්තං, සමාධාරම‍්මණම‍්පි සමාධිනිමිත‍්ත”න‍්ති.

න සක්කච්චං සමාධි නිමිත්තං අධිට්ඨාති යනු සකසා කිරීමෙන් සමාධියට නොඑළඹෙයි. මෙහිද උදයෙන්ම සෑමළු බෝමළුවල වත්කොට සෙනසුනට පිවිස පිඬුහැසිරෙන වේලාව දක්වා සමවතට නොනංවා නොහිඳින්නේ පෙරවරුයෙහි සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. පසුබතෙහි පිණ්ඩපාතයෙන් ඉවත්වූයේ (වළඳා අවසන්වූයේ) රාත්‍රස්ථානදිවාස්ථානයන්ට පිවිස සවස්කාලය තෙක් සමවතට නංවා නොහිඳින්නේ මධ්‍යාහ්න සමය සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. සවස් කාලයෙහි චෛත්‍යය වැඳ තෙරුන්ට උවටැනි කොට සෙනසුනට පිවිස පළමු යාමයෙහි සමවතට සමවැද නොහිඳින්නේ සවස් කාලයෙහි සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. යහපත් පක්‍ෂය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය. තවද මෙහි සමවතට නොනංවායි කියනලද තන්හි සමවත නොමැතිවිට විදර්‍ශනාවද වටියි. සමාධිනිමිත්ත යනුද සමාධි අරමුන යනුද වටීමය. කියන ලද්දේමය. ‘සමාධිය යනුද සමාධි නිමිත්තය සමාධි ආරම්මණය යනුද සමාධිනිමිත්තය.’

10. දුතියපාපණිකසුත‍්තවණ‍්ණනා

3. 1. 2. 10

දසමෙ චක‍්ඛුමාති පඤ‍්ඤාචක‍්ඛුනා චක‍්ඛුමා හොති. විධුරොති විසිට‍්ඨධුරො උත‍්තමධුරො ඤාණසම‍්පයුත‍්තෙන වීරියෙන සමන‍්නාගතො. නිස‍්සයසම‍්පන‍්නොති අවස‍්සයසම‍්පන‍්නො පතිට‍්ඨානසම‍්පන‍්නො. පණියන‍්ති වික‍්කායිකභණ‍්ඩං. එත‍්තකං මූලං භවිස‍්සති එත‍්තකො උදයොති තස‍්මිං “එවං කීතං එවං වික‍්කායමාන”න‍්ති වුත‍්තපණියෙ යෙන කයෙන තං කීතං, තං කයසඞ‍්ඛාතං මූලං එත‍්තකං භවිස‍්සති. යො ච තස‍්මිං වික‍්කයමානෙ වික‍්කයො, තස‍්මිං වික‍්කයෙ එත‍්තකො උදයො භවිස‍්සති, එත‍්තිකා වඩ‍්ඪීති අත්‍ථො.

දසවැන්නෙහි චක්‍ඛුමා යනු නුවණැසින් ඇස් ඇත්තේ වෙයි. විධුරො යනු විශිෂ්ට ධුර ඇත්තේ උත්තමධුර ඇත්තේ නුවණින් යුත් වීර්‍ය්‍යයෙන් සමන්විතවූයේයි. නිස්සයසම්පනේනා යනු උපකාරයක් ඇත්තේ, පිහිටකින් යුක්තවූයේයි. පණියං යනු විකිණියයුතු බඩුවයි. එත්තකං මූලං භවිස්සති එත්තකො උද්දයො යනු මේ දෙයෙහි මෙසේ විකුණු, මෙසේ විකුණන ලබනයයි කියනලද විකිණිය යුතු බඩුවෙන් මිළදීගත් මිළදී ගැනීම් සංඛ්‍යාත මුදල මෙපමණක් වන්නේය. ඒ විකුණනුලබන්නෙහි යම් විකිණීමක් වේද ඒ විකණීමෙහි මෙපමණ මිළනැගීමක්වන්නේය. මෙපමණ පොලියය යන අර්‍ත්‍ථයි.

කුසලො හොති පණියං කෙතුඤ‍්ච වික‍්කෙතුඤ‍්චාති සුලභට‍්ඨානං ගන‍්ත්‍වා කිණන‍්තො දුල‍්ලභට‍්ඨානං ගන‍්ත්‍වා වික‍්කිණන‍්තො ච එත්‍ථ කුසලො නාම හොති, දසගුණම‍්පි වීසතිගුණම‍්පි ලාභං ලභති.

කුසලො හොති පණියං කෙතුඤච විකෙකතුඤච යනු සුලබතැනට ගොස් මිළදී ගන්නේ දුලබතැනට ගොස් විකුණන්නේද මෙහි කුසලයා (දක්‍ෂයා) නම් වෙයි. දසගුණයක්ද විසිගුණයක්ද ලාභය ලබයි.

අඩ‍්ඪාති ඉස‍්සරා බහුනා නික‍්ඛිත‍්තධනෙන සමන‍්නාගතා. මහද‍්ධනාති වළඤ‍්ජනකවසෙන මහද‍්ධනා. මහාභොගාති උපභොගපරිභොගභණ‍්ඩෙන මහාභොගා. පටිබලොති කායබලෙන චෙව ඤාණබලෙන ච සමන‍්නාගතත‍්තා සමත්‍ථො. අම‍්හාකඤ‍්ච කාලෙන කාලං අනුප‍්පදාතුන‍්ති අම‍්හාකඤ‍්ච ගහිතධනමූලිකං වඩ‍්ඪිං කාලෙන කාලං අනුප‍්පදාතුං. නිපතන‍්තීති නිමන‍්තෙන‍්ති. නිපාතෙන‍්තීතිපි පාඨො, අයමෙව අත්‍ථො.

අඩ්ඨා යනු ඉසුරෝයි. බොහෝ තැන්පත් කිරීම් වශයෙන් යුක්තවූ අයයි. මහද්ධනා යනු පාවිච්චි කිරීම් වශයෙන් මහත් ධනය ඇත්තෝයි. මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහාභෝග ඇතිඅයයි. පටිබලො යනු කාය බලයෙන් මෙන්ම ඤාණබලයෙන්ද යුක්තවූ හෙයින් සමර්‍ත්‍ථයෝයි. අම්භාකඤ්ච කාලෙන කාලං අනුප්පදාතුං යනු අපටද ගන්නාලද ධනය මුල්කොට ඇති වෘද්ධිය (පොලිය) කලින් කලට දෙන්නටයි. නිපත්න්ති යනු නිමන්ත්‍රණය (ආරාධනය) කරත්. නිවත්තන්ති යනුද පාඨයි. මේ අරුතමයි.

කුසලානං ධම‍්මානං උපසම‍්පදායාති කුසලධම‍්මානං සම‍්පාදනත්‍ථාය පටිලාභත්‍ථාය. ථාමවාති ඤාණථාමෙන සමන‍්නාගතො. දළ‍්හපරක‍්කමොති ථිරෙන ඤාණපරක‍්කමෙන සමන‍්නාගතො. අනික‍්ඛිත‍්තධුරොති “අග‍්ගමග‍්ගං අපාපුණිත්‍වා ඉමං වීරියධුරං න ඨපෙස‍්සාමී”ති එවං අට‍්ඨපිතධුරො.

කුසලානං ධම්මානං උපසම්පදාය යනු කුසල් දහම් සැපයීම සඳහා ලැබීම සඳහා ථාමවා යනු ඥානශක්තියෙන් යුක්තවූයේයි. දළහපරක්කමො යනු නොසැලෙන ඥානපරාක්‍රමයෙන් යුක්තවූයේයි. අනික්‍ඛිත්තධුරො යනු උතුම්මාර්‍ගයට නොපැමිණ මෙම වීර්යධුරය නොතබමැයි මෙසේ නඟාතැබූ ධුරයඇත්තේයි.

බහුස‍්සුතාති එකනිකායාදිවසෙන බහු බුද‍්ධවචනං සුතං එතෙසන‍්ති බහුස‍්සුතා. ආගතාගමාති එකො නිකායො එකො ආගමො නාම, ද‍්වෙ නිකායා ද‍්වෙ ආගමා නාම, පඤ‍්ච නිකායා පඤ‍්ච ආගමා නාම, එතෙසු ආගමෙසු යෙසං එකොපි ආගමො ආගතො පගුණො පවත‍්තිතො, තෙ ආගතාගමා නාම. ධම‍්මධරාති සුත‍්තන‍්තපිටකධරා. විනයධරාති විනයපිටකධරා. මාතිකාධරාති ද‍්වෙමාතිකාධරා. පරිපුච‍්ඡතීති අත්‍ථානත්‍ථං කාරණාකාරණං පුච‍්ඡති. පරිපඤ‍්හතීති “ඉමං නාම පුච‍්ඡිස‍්සාමී”ති අඤ‍්ඤාති තුලෙති පරිග‍්ගණ‍්හාති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

බහුස්සුතා යනු එක් නිකායක්ය ආදිවශයෙන් බොහෝ බුද්ධවචනය ඇසීම මොවුනට ඇත්තේනුයි බහුස්සුතා නමි. ආගතාගමා යනු එක් නිකායක් එක් ආගමයක් නමි. නිකාය දෙකක් ආගම දෙකක් නමි. නිකායය පස ආගමපස නමි. ඒ ආගම් අතුරින් යමෙකුට එක් ආගමක් හෝ පැමිණියේද ප්‍රගුණවූයේද පවතීද ඔවුහු ආගතාගමා නම් වෙත්, ධම්මධරා යනු සූත්‍රාන්ත පිටකය දරන්නෝයි. විනයධරා යනු විනයපිටකය දරන්නෝයි. මාතිකාධරා යනු දේවමාතිකාධරයෝයි. පරිපුච්ඡති යනු අර්‍ත්‍ථානර්‍ත්‍ථ කාරණාකාරණා විමසයි. පරිපඤ්හති යනු මෙය නම් විමසන්නෙමියි දැනගනියි. තුලනය කරයි. විමසාබලයි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේය.

ඉමස‍්මිං පන සුත‍්තෙ පඨමං පඤ‍්ඤා ආගතා, පච‍්ඡා වීරියඤ‍්ච කල්‍යාණමිත‍්තසෙවනා ච. තත්‍ථ පඨමං අරහත‍්තං පත්‍වා පච‍්ඡා වීරියං කත්‍වා කල්‍යාණමිත‍්තා සෙවිතබ‍්බාති න එවං අත්‍ථො දට‍්ඨබ‍්බො, දෙසනාය නාම හෙට‍්ඨිමෙන වා පරිච‍්ඡෙදො හොති උපරිමෙන වා ද‍්වීහිපි වා කොටීහි. ඉධ පන උපරිමෙන පරිච‍්ඡෙදො වෙදිතබ‍්බො. තස‍්මා කථෙන‍්තෙන පඨමං කල්‍යාණමිත‍්තඋපනිස‍්සයං දස‍්සෙත්‍වා මජ‍්ඣෙ වීරියං දස‍්සෙත්‍වා පච‍්ඡා අරහත‍්තං කථෙතබ‍්බන‍්ති.

මේ සූත්‍රයෙහි වනාහි පළමුව ප්‍රඥාව පැමිණියේයි. පසුව වීර්යයද කල්‍යාණමිත්‍ර සේවනයද පැමිණියේයි. එහිලා පළමුව රහත්බවට පැමිණ පසුව වීර්යකොට කලණමිතුරන් සෙවියයුතුයයි මෙසේ අර්‍ත්‍ථය නොදැක්වියයුතුයි. දේශනාවගේ යටින් හෝ පිරිසිඳීම වෙයි. මත්තෙන් හෝ වෙයි. දෙකෙළවරින්ම හෝ වෙයි. මෙහි වනාහි උපරිමයෙන් පරිච්ඡේදය දතයුතුයි. එහෙයින් කියන්නහු විසින් පළමුව කල්‍යාණ මිත්‍ර උපනිශ්‍රය දක්වා මැද වීර්යය දක්වා පසුව රහත්බව කියවයුතුය.

රථකාරවග‍්ගො දුතියො.

දෙවෙනිවූ රථකාර වර්‍ගයයි.