3. 1. 2. 2
3. 1. 2. 2.
3. 1. 2. 2.
12. තීණිමානි භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරාණීයානි භවන්ති. කතමානි තීණි: යස්මිං භික්ඛවෙ පදෙසෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො ජාතො හොති. ඉදං භික්ඛවෙ පඨමං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරාණීයං හොති.
12. මහණෙනි, මේ කරුණු තුණෙක් මුදුනෙහි බිසෙස් කළ දෑ කැත්රජහු විසින් දිවිහිම් කොට සිහි කරණුවට නිසි වේ. කවර තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසෙක්හි මුදුනෙහි බිසෙස් කළ කැත් රජ උපන්නේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු පළමු වන කරුණ වේ.
පුන චපරං භික්ඛවෙ යස්මිං පදෙසෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො හොති. ඉදං භික්ඛවෙ දුතියං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරාණීයං හොති.
තවද මහණෙනි, යම් පෙදෙසෙක දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ බිසෙස් කෙළේ වේ ද, මහණෙනි, මෙය මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිම් කොට සිහි කටයුතු දෙවෙනි කරුණ වේ.
පුන චපරං භික්ඛවෙ යස්මිං පදෙසෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. ඉදං භික්ඛවෙ තතියං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරාණීයං හොති. ඉමානි ඛො භික්ඛවෙ තීණි රඤ්ඤො. ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරාණීයානි භවන්ති.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මුදුනෙහි බිසෙස් කළ කැත් රජ සඞ්ග්රාමය දිනා, දිනූ සඞ්ග්රාම ඇත්තේ, එම සඞ්ග්රාම ස්ථානය (කඳවුරු) අභිභවා වෙසේ ද, මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවි හිමියෙන් සිහි කටයුතු තෙවෙනි කරුණ වේ. මහණෙනි, මේ මුදුනෙහි බිසෙස් කළ කැත් රජහු විසින් දිවිහිමියෙන් සිහි කරණුවට නිසි කරුණු තුණ ය.
එවමෙව ඛො භික්ඛවෙ තීණිමානි භික්ඛුස්ස යාවජීවං සාරාණීයානි භවන්ති. කතමානි තීණි: යස්මිං භික්ඛවෙ පදෙසෙ භික්ඛු කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති. ඉදං භික්ඛවෙ පඨමං භික්ඛුස්ස යාවජීවං සාරාණීයං හොති.
මහණෙනි, එසෙයින් ම මහණහු විසින් (දිවිහිම්) කොට සිහි කරණුවට නිසි මේ කරුණු තුණෙක් වේ. කවර කරුණු තුණෙක යත්: මහණෙනි, යම් පෙදෙසක දී මහණ තෙමේ කෙහෙරවුලු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වන්නේ වේ ද, මහණෙනි, මෙය දිවිහිමියෙන් මහණහු විසින් සිහිකටයුතු පළමු වන කරුණය.
පුන චපරං භික්ඛවෙ යස්මිං පදෙසෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉදං භික්ඛවෙ දුතියං භික්ඛුස්ස යාවජීවං සාරාණීයං හොති.
තවද මහණෙනි, යම් පෙදෙසෙක්හි දී මහණ ‘මෙය දුකැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුක ඉපදීමට හේතු යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛනිරෝධයැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, ‘මෙය දුඃඛ නිරෝධයට යන මාර්ගයැ’ යි තත් වූ පරිද්දෙන් දැනගනී ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් සිහි කටයුතු දෙවැනි කරුණ වේ.
පුන චපරං භික්ඛවෙ යස්මිං පදෙසෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං භික්ඛවෙ තතියං භික්ඛුස්ස යාවජීවං සාරාණීයං හොති. ඉමානි ඛො භික්ඛවෙ තීණි භික්ඛුස්ස යාවජීවං සාරාණීයානි භවන්තීති.
තවද මහණෙනි, මහණ යම් පෙදෙසෙක්හි දී ආස්රවක්ෂයෙන් ආස්රවරහිත වූ ඵලසමාධිය ද ඵලප්රඥාව ද දිටුදැමියෙහි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එය ලැබගෙණ වාසය කරයි ද, මහණෙනි, මෙය මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු තෙවැනි කරුණ ය. මහණෙනි, මේ මහණහු විසින් දිවිහිමියෙන් මෙනෙහි කටයුතු කරුණු තුණයි.