3. 1. 2. 1
3. 1. 2. 1.
3. 1. 2. 1.
11. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඤාතකො භික්ඛු බහුජනාහිතාය පටිපන්නො හොති, බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමෙහි තීහි: අනනුලොමිකෙ කායකම්මෙ සමාදපෙති, අනනුලොමිකෙ වචීකම්මෙ සමාදපෙති, අනනුලොමිකෙසු ධම්මෙසු සමාදපෙති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො ඤාතකො භික්ඛු බහුජනාහිතාය පටිපන්නො හොති, බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං.
11. මහණෙනි, කරුණු තුණෙකින් සමන්වාගත ප්රකට මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුණෙකින යත්: (ශාසනයට) අනුලොම් නුවූ කායකර්මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ වාක්කර්මයෙහි සමාදන් කරවයි. අනුලොම් නුවූ ධර්මයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ ධර්ම තුණෙකින් සමන්වාගත ප්රකට මහණ තෙම බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය.
තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ඤාතකො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති, බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙහි තීහි: අනුලොමිකෙ කායකම්මෙ සමාදපෙති, අනුලොමිකෙ වචීකම්මෙ සමාදපෙති, අනුලොමිකෙසු ධම්මෙසු සමාදපෙති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො ඤාතකො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති, බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
මහණෙනි, ධර්ම තුනෙකින් සමන්වාගත ප්රසිද්ධ මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය. කවර තුණෙකින යත්: (සස්නට) අනුලොම් වූ කායකර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ වාක්කර්මයෙහි සමාදන් කරවයි, අනුලොම් වූ ධර්මයෙහි සමාදන් කරවයි, මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත ප්රකට මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවිමිනිස්නට හිත පිණිස, සුව පිණිස පිළිපන්නේ ය.