3. 1. 1. 10
3. 1. 1. 10.
3. 1. 1. 10.
10. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො තයො මලෙ අප‍්පහාය යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි තීහි: දුස‍්සීලො ච හොති, දුස‍්සීල්‍යමලඤ‍්චස‍්ස අප‍්පහීනං හොති. ඉස‍්සුකී ච හොති, ඉස‍්සාමලඤ‍්චස‍්ස අප‍්පහීනං හොති. මච‍්ඡරී ච හොති, මච‍්ඡෙරමලඤ‍්චස‍්ස අප‍්පහීනං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉමෙ තයො මලෙ අප‍්පහාය යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
10. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ත්‍රිවිධ මල නො දැහැ (හිසින්) ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: දුශ්ශීල ද වේ. මොහුගේ දෞශ්ශීල්‍ය මලය ප්‍රහීණ නුවූයේත් වේ. ඊර්‍ෂ්‍යා ඇත්තේත් වේ. මොහුගේ ඊර්‍ෂ්‍යාමලය ප්‍රහීණ නුවූයේත් වේ. මසුරුවූයේ ද වේ. ඔහුගේ මසුරු මල නො ම ප්‍රහීණ වූයේ ද වේ. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූයේ මේ මල තුණ ප්‍රහීණ නො කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ නිරයෙහි (පිහිටියේ) වේ.
තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො තයො මලෙ පහාය යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි තීහි: සීලවා ච හොති, දුස‍්සීල්‍යමලඤ‍්චස‍්ස පහීනං හොති. අනිස‍්සුකී ච හොති, ඉස‍්සාමලඤ‍්චස‍්ස පහීනං හොති. අමච‍්ඡරී ච හොති, මච‍්ඡෙරමලඤ‍්චස‍්ස පහීනං හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො ඉමෙ තයො මලෙ පහාය යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ත්‍රිවිධ මල පහා හිසින් ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එසේ ස‍්වර්‍ගයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: සිල්වත් ද වෙයි. මොහුගේ දෞශ්ශීල්‍ය මලය ප්‍රහීණ වූයේත් වෙයි. ඊර්‍ෂ්‍යා නැත්තේ ද වෙයි. ඔහුගේ ඊර්‍ෂ්‍යා මලය ප්‍රහීණ වූයේත් වේ. නො මසුරු වූයේ ද වෙයි. ඔහුගේ මසුරුමල ප්‍රහීණ වූයේත් වේ. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූයේ මේ ත්‍රිවිධමලය ප්‍රහීණ කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ (ස‍්වර්‍ගයෙහි) වේ.
බාලවග‍්ගො පඨමො.
පළමුවන බාල වග යි.