1. බාලවග්ගො අට්ඨකථා
1. බාලවර්ගය
1. භයසුත්තවණ්ණනා
3. 1. 1. 1
තිකනිපාතස්ස පඨමෙ භයානීතිආදීසු භයන්ති චිත්තුත්රාසො. උපද්දවොති අනෙකග්ගතාකාරො. උපසග්ගොති උපසට්ඨාකාරො තත්ථ තත්ථ ලග්ගනාකාරො.
තිකනිපාතයෙහි පළමුවෙනි සූත්‍රයෙහි භයානි ආදී තන්හි භයං යනු සිතේ තැතිගැන්මයි. උපද්දවො යනු එකඟ නොවන ආකාරයයි. උපසගේගා යනු එල්බෙන ආකාරයයි.
තෙසං එවං නානත්තං වෙදිතබ්බං – පබ්බතවිසමනිස්සිතා චොරා ජනපදවාසීනං පෙසෙන්ති – “මයං අසුකදිවසෙ නාම තුම්හාකං ගාමං පහරිස්සාමා”ති. තෙ තං පවත්තිං සුතකාලතො පට්ඨාය භයං සන්තාසං ආපජ්ජන්ති. අයං චිත්තුත්රාසො නාම. “යථා නො තෙ චොරා කුපිතා අනත්ථම්පි ආවහෙය්යු”න්ති හත්ථසාරං ගහෙත්වා ද්විපදචතුප්පදෙහි සද්ධිං අරඤ්ඤං පවිසිත්වා තත්ථ තත්ථ භූමියං නිපජ්ජන්ති ඩංසමකසාදීහි ඛජ්ජමානා, ගුම්බන්තරානි පවිසන්තා ඛාණුකණ්ටකෙ මද්දන්ති. තෙසං එවං විචරන්තානං වික්ඛිත්තභාවො අනෙකග්ගතාකාරො නාම. තතො චොරෙසු යථාවුත්තෙ දිවසෙ අනාගච්ඡන්තෙසු “තුච්ඡකසාසනං භවිස්සති, ගාමං පවිසිස්සාමා”ති සපරික්ඛාරා ගාමං පවිසන්ති. අථ තෙසං පවිට්ඨභාවං ඤත්වා ගාමං පරිවාරෙත්වා ද්වාරෙ අග්ගිං දත්වා මනුස්සෙ ඝාතෙත්වා චොරා සබ්බං විභවං විලුම්පිත්වා ගච්ඡන්ති. තෙසු ඝාතිතාවසෙසා අග්ගිං නිබ්බාපෙත්වා කොට්ඨකච්ඡායාභිත්තිච්ඡායාදීසු තත්ථ තත්ථ ලග්ගිත්වා නිසීදන්ති නට්ඨං අනුසොචමානා. අයං උපසට්ඨාකාරො ලග්ගනාකාරො නාම.
ඒ ඒ තන්හි ලැගෙන ආකාරයයි. මෙසේ ඔවුන්ගේ විවිධත්වය දතයුතුයි. පර්වත ප්‍රාන්ත ඇසුරුකොට වෙසෙන සොරු ‘අපි අසුවල් දිනයෙහි ඔබලාගේ ගම පහරන්නෙමු’යි දනවුවැසියන්ට දන්වා යවත්. ඔවුහු එපුවත ඇසූ කාලයෙහි පටන් බියට තැති ගැන්මට පැමිණෙත්, මෙය සිතේ තැතිගැන්ම නමි. යම්සේ ඒ සොරු කිපියාහු අවැඩක්ම ගෙනෙන්නහුයයි හස්තසාරවස්තුව ගෙන දෙපාසිවුපාවන් සමඟ අරණට පිවිස ඒ ඒ තන්හි බිම හොවින්, මැසිමදුරුවන් විසින් කනුලබන්නාහු ලැහැබ් අතරට පිවිසෙමින් කණුකටු පාගත්, මෙසේ හැසිරෙන්නාවූ ඔවුන්ගේ වික්ෂිප්තබව එකඟනොවන ආකාරයයි. ඉක්බිති සොරුන් කියනලද දිනයෙහි නොආකල්හි හිස් හසුනක් (බොරු පණිවිඩයක්) වන්නේයයි (සිතා) ගමට පිවිසෙමුයි පිරිකර (භාණ්ඩ) සහිතව ගමට පිවිසෙත්. ඉක්බිති ඔවුන් පිවිසි බව දැන ගම වටකොට ගිනි දල්වා මිනිසුන් මරා සොරු සියලු ධනය පැහැරගෙන යත්. ඔවුනතුරින් මරා ඉතිරුවූවෝ ගිනි නිවා කොටුගෙවල සෙවනෙහි භික්ති සෙවන ආදියෙහි තැන්තැන්වල නැසුණු දෙය ගැන තැවෙමින් ලැඟ හිඳිත්. මෙය එල්බෙන ආකාරය, ලැගෙන ආකාරය නමි.
නළාගාරාති නළෙහි ඡන්නපටිච්ඡන්නඅගාරා. සෙසසම්භාරා පනෙත්ථ රුක්ඛමයා හොන්ති. තිණාගාරෙපි එසෙව නයො. කූටාගාරානීති කූටසඞ්ගහිතානි අගාරානි. උල්ලිත්තාවලිත්තානීති අන්තො ච බහි ච ලිත්තානි. නිවාතානීති නිවාරිතවාතප්පවෙසානි. ඵුසිතග්ගළානීති ඡෙකෙහි වඩ්ඪකීහි කතත්තා පිට්ඨසඞ්ඝාටම්හි සුට්ඨු ඵුසිතකවාටානි. පිහිතවාතපානානීති යුත්තවාතපානානි. ඉමිනා පදද්වයෙන කවාටවාතපානානං නිච්චපිහිතතං අකථෙත්වා සම්පත්තියෙව කථිතා. ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ පන තානි පිධීයන්ති ච විවරීයන්ති ච.
නළාගාරා යනු බටපතුරුවලින් වැසූ පිළිසන්වූ ගෙවල්ය. මෙහි සෙසු ඉතිරිදේ ගසින් කරන ලද්දේ වෙයි. තණගෙවලද මේ ක්‍රමයමැයි. කූටාගාරානි යනු කුළුවලින් එක්කරනලද ගෙවල්ය. උල්ලිත්තාවලිත්තානි යනු ඇතුළතද පිටතද ආලේපකළ ගෙවල්ය. නිවාතානි යනු නවත්වනලද වාපිවවිසීම්. (වැසූ වාකවුළුය). ඵස්සිතග්ගලානි යනු දක්ෂවඩුවන් විසින් කරන ලද බැවින් දොරබාවෙහි මනාව ගටනාලද කවුළුයි. පිහිතවාතපානානි යනු බඳිනා (වසන) ලද වාකවුළුයි. මේ පද දෙකින් කවුළුවාකවුළු නිතර වැසූබව නොකියා සමෘද්ධබවම කියනලදී. කැමති කැමති විට ඒවා වසනු ලැබේ. අරිනුලැබේ.
බාලතො උප්පජ්ජන්තීති බාලමෙව නිස්සාය උප්පජ්ජන්ති. බාලො හි අපණ්ඩිතපුරිසො රජ්ජං වා ඔපරජ්ජං වා අඤ්ඤං වා පන මහන්තං ඨානං පත්ථෙන්තො කතිපයෙ අත්තනා සදිසෙ විධවපුත්තෙ මහාධුත්තෙ ගහෙත්වා “එථ අහං තුම්හෙ ඉස්සරෙ කරිස්සාමී”ති පබ්බතගහනාදීනි නිස්සාය අන්තමන්තෙ ගාමෙ පහරන්තො දාමරිකභාවං ජානාපෙත්වා අනුපුබ්බෙන නිගමෙපි ජනපදෙපි පහරති. මනුස්සා ගෙහානි ඡඩ්ඩෙත්වා ඛෙමට්ඨානං පත්ථයමානා පක්කමන්ති. තෙ නිස්සාය වසන්තා භික්ඛූපි භික්ඛුනියොපි අත්තනො අත්තනො වසනට්ඨානානි පහාය පක්කමන්ති. ගතගතට්ඨානෙ භික්ඛාපි සෙනාසනම්පි දුල්ලභං හොති. එවං චතුන්නම්පි පරිසානං භයං ආගතමෙව හොති. පබ්බජ්ජිතෙසුපි ද්වෙ බාලා භික්ඛූ අඤ්ඤමඤ්ඤං විවාදං පට්ඨපෙත්වා චොදනං ආරභන්ති. ඉති කොසම්බිවාසිකානං විය මහාකලහො උප්පජ්ජති. චතුන්නං පරිසානං භයං ආගතමෙව හොතීති එවං යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්තීති යථානුසන්ධිනා දෙසනං නිට්ඨපෙසි.
බාලතො උප්පජ්ජන්ති යනු බාලයෙකු (අසත්පුරුසයෙකු) නිසාම උපදිත්. බාලයා වනාහි අපණ්ඩිත පුරුෂයෙක්වූයේ රාජ්‍යය හෝ උපරාජ්‍යය හෝ අනෙකක් හෝ මහත් තනතුරක් පතන්නේ තමන් සමානවූ මහාධුර්තකවූ වැන්දඹු පුතුන් රැගෙන එවූ මම නුඹලා බලවතුන් කරන්නෙමි’යි පර්වතගහනාදිය ඇසුරුකොට කෙළවර ගම් පහරා දාමරිකබව හඟවා ක්‍රමයෙන් නියම්ගම්හිද දනවුහිද පහරයි. මිනිස්සු ගෙවල් අතැර ආරක්ෂාස්ථාන පතමින් ගමන් කරති. ඔවුන් ඇසුරුකොට වසන්නාවූ භික්ෂූහුද භික්ෂූණීහුද තමතමන් වසන තැන් අතහැර යති. ගියගිය තැන භික්‍ෂාවද සෙනසුනද දුලබවෙයි. මෙසේ සිවුපිරිසටම බිය ආයේම වෙයි. පැවිද්දන් අතුරෙහිද අසත්පුරුෂ භික්ෂූහු දෙදෙනෙක් ඔවුනොවුන් විවාදයක් පිහිටුවා චෝදනා නගත්. මෙසේ කොසම්බියවාසී භික්ෂූන්ගේ මෙන් මහත් කලහයක් උපදියි. සිවුපිරිසටම බිය ආයේම වේයයි මෙසේ යම්කිසි බිය උපදියිද ඒ සියල්ල බාලයා කෙරෙන් උපදිතැයි අනුසන්ධි පරිද්දෙන් දේශනාව නිමවූසේක.
2. ලක්ඛණසුත්තවණ්ණනා
3. 1. 1. 2
දුතියෙ කායද්වාරාදිපවත්තං කම්මං ලක්ඛණං සඤ්ජානනකාරණං අස්සාති කම්මලක්ඛණො. අපදානසොභනී පඤ්ඤාති යා පඤ්ඤා නාම අපදානෙන සොභති, බාලා ච පණ්ඩිතා ච අත්තනො අත්තනො චරිතෙනෙව පාකටා හොන්තීති අත්ථො. බාලෙන හි ගතමග්ගො රුක්ඛගච්ඡගාමනිගමාදීනි ඣාපෙත්වා ගච්ඡන්තස්ස ඉන්දග්ගිනො ගතමග්ගො විය හොති, ඣාමට්ඨානමත්තමෙව අඞ්ගාරමසිඡාරිකාසමාකුලං පඤ්ඤායති. පණ්ඩිතෙන ගතමග්ගො කුසොබ්භාදයො පූරෙත්වා විවිධසස්සසම්පදං ආවහමානෙන චතුදීපිකමෙඝෙන ගතමග්ගො විය හොති. යථා තෙන ගතමග්ගෙ උදකපූරානි චෙව විවිධසස්සඵලාඵලානි ච තානි තානි ඨානානි පඤ්ඤායන්ති, එවං පණ්ඩිතෙන ගතමග්ගෙ සම්පත්තියොව පඤ්ඤායන්ති නො විපත්තියොති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
දෙවෙනි සූත්‍රයෙහි කායද්වාරාදියෙහි පැවති කර්මය, ලක්ෂණය, හඟවන කාරණය මෙයටනුයි කම්මලක්ඛණො නමි. අපදානසොභනි පඤ්ඤා යනු යම් ප්‍රඥාවක් නම් හැසිරීමෙන් හොබියි යනුයි. බාලයෝද පණ්ඩිතයෝද තමන්ගේ චරිතයෙන්ම ප්‍රකට වෙත් යන අර්‍ත්‍ථයි. බාලයා ගිය මග ගස් පඳුරුගම් නියම් දවා යන අකුණු ගින්නක් ගිය මග මෙන් වෙයි. අඟුරුදැලි අළුවලින් ගැවසීගත් දැවුණු තැන පමණක්ම පෙනෙයි. පණ්ඩිතයකු ගිය මඟකුඩාවලවල් ආදිය පුරවා නොයෙක් ධාන්‍ය සම්පත් ගෙනෙන චාතුර්ද්වීපික මෙඝයක් ගිය මගක් මෙන් වෙයි. යම්සේ එය ගිය මගෙහි දිය පිරුණාවුත් නොයෙක් ධාන්‍ය ඵලාඵල ඇත්තාවුත් ඒ ඒ තැන් දක්නාලැබේද එසේ පණ්ඩිතයකු ගිය මගෙහි සම්පත්තීහුම පෙනෙත් විපත්තීහු නොපෙනෙත්. මෙහි ඉතිරිය පැහැදිලිමය.
3. චින්තීසුත්තවණ්ණනා
3. 1. 1. 3
තතියෙ බාලලක්ඛණානීති “බාලො අය”න්ති එතෙහි ලක්ඛීයති ඤායතීති බාලලක්ඛණානි. තානෙවස්ස සඤ්ජානනකාරණානීති බාලනිමිත්තානි. බාලාපදානානීති බාලස්ස අපදානානි. දුච්චින්තිතචින්තීති චින්තයන්තො අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදස්සනවසෙන දුච්චින්තිතමෙව චින්තෙති. දුබ්භාසිතභාසීති භාසමානොපි මුසාවාදාදිභෙදං දුබ්භාසිතමෙව භාසති. දුක්කටකම්මකාරීති කරොන්තොපි පාණාතිපාතාදිවසෙන දුක්කටකම්මමෙව කරොති. පණ්ඩිතලක්ඛණානීතිආදි වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං. සුචින්තිතචින්තීතිආදීනි චෙත්ථ මනොසුචරිතාදීනං වසෙන යොජෙතබ්බානි.
තෙවෙනි සූත්‍රයෙහි බාල ලක්ඛණානි යනු මෙතෙම බාලයෙකැයි මේවායින් සලකුණු කරනු ලැබේ. හඟවයිනුයි බාලලක්ඛණානි නමි. ඒවාම ඔහු හඟවන කරුණු වේනුයි බාලනිමිත්තානි වේ. බාලයාගේ චරිතාපදානයෝයි බාලාපදානානි නමි දුච්චින්තිතචින්තී යනු සිතන්නේ අභිධ්යාව්යාපාද මිත්ථ්යාදෘෂ්ටිවශයෙන් නරක සිතීම්ම සිතයි. දුඛභාසිතභාසී යනු කථාකරන්නේද බොරුකීම් ආදී භේද ඇති නරක කීමක්ම කියයි. දුක්කතකම්මකාරී යනු කරන්නේද ප්‍රාණඝාතාදී වශයෙන් නරක ක්‍රියාවක්ම කරයි. පණ්ඩිතලක්ඛණානි යන ආදිය කියනලද අයුරින්ම දතයුතුයි. මෙහි සුචින්තිතචින්තී යනාදිය මනොසුචරිතාදීන්ගේ වශයෙන් යෙදියයුතුය.
4. අච්චයසුත්තවණ්ණනා
3. 1. 1. 4
චතුත්ථෙ අච්චයං අච්චයතො න පස්සතීති අත්තනො අපරාධං අපරාධතො න පස්සති. අච්චයතො දිස්වා යථාධම්මං නප්පටිකරොතීති “අපරද්ධං මයා”ති ඤත්වාපි යො ධම්මො, තං න කරොති, දණ්ඩකම්මං ආහරිත්වා අච්චයං න දෙසෙති නක්ඛමාපෙති. අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං නප්පටිග්ගණ්හාතීති පරස්ස “විරද්ධං මයා”ති ඤත්වා දණ්ඩකම්මං ආහරිත්වා ඛමාපෙන්තස්ස නක්ඛමති. සුක්කපක්ඛො වුත්තපටිපක්ඛතො වෙදිතබ්බො.
සිවුවැන්නෙහි අච්චයං අච්චයතො න පස්සති යනු තමාගේ වරද වරදක් ලෙස නොකියි. අච්චයතො දිස්වා යථාධම්මං න පටිකරොති යනු මවිසින් අපරාධයක් කරනලදැයි දැනගෙනද යම් ධර්මයක් වේනම් එය නොකරයි. දඬුවම ඉදිරිපත් කොට වරද නොදෙසයි. ක්ෂමා නොකරයි. අච්චයං දෙසෙන්නස්ස යථාධම්මං නපතිගණභාති යනු මවිසින් අනුන්ට විරුද්ධවන ලදැයි දැන දඬුවම ඉදිරිපත්කොට ක්ෂමා කරවන්නහුට ක්ෂමා නොකරයි. යහපත් අංශය කියනලද්දට ප්රතිපක්ෂවශයෙන් දතයුතුයි.
5. අයොනිසොසුත්තවණ්ණනා
3. 1. 1. 5
පඤ්චමෙ අයොනිසො පඤ්හං කත්තා හොතීති “කති නු ඛො, උදායි, අනුස්සතිට්ඨානානී”ති වුත්තෙ “පුබ්බෙනිවාසො අනුස්සතිට්ඨානං භවිස්සතී”ති චින්තෙත්වා ලාළුදායිත්ථෙරො විය අනුපායචින්තාය අපඤ්හමෙව පඤ්හන්ති කත්තා හොති. අයොනිසො පඤ්හං විස්සජ්ජෙතා හොතීති එවං චින්තිතං පන පඤ්හං විස්සජ්ජෙන්තොපි “ඉධ, භන්තෙ, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං, එකම්පි ජාති”න්තිආදිනා නයෙන සොයෙව ථෙරො විය අයොනිසො විස්සජ්ජෙතා හොති, අපඤ්හමෙව පඤ්හන්ති කථෙති. පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහීති එත්ථ පදමෙව අත්ථස්ස බ්යඤ්ජනතො පදබ්යඤ්ජනං. තං අක්ඛරපාරිපූරිං කත්වා දසවිධං බ්යඤ්ජනබුද්ධිං අපරිහාපෙත්වා වුත්තං පරිමණ්ඩලං නාම හොති, එවරූපෙහි පදබ්යඤ්ජනෙහීති අත්ථො. සිලිට්ඨෙහීති පදසිලිට්ඨතාය සිලිට්ඨෙහි. උපගතෙහීති අත්ථඤ්ච කාරණඤ්ච උපගතෙහි. නාබ්භනුමොදිතාති එවං යොනිසො සබ්බං කාරණසම්පන්නං කත්වාපි විස්සජ්ජිතං පරස්ස පඤ්හං නාභිනුමොදති නාභිනන්දති සාරිපුත්තත්ථෙරස්ස පඤ්හං ලාළුදායිත්ථෙරො විය. යථාහ –
පස්වැන්නෙහි අයොනිසො පඤ්භං කත්තා හොති යනු ‘උදායි, අනුස්සති කාරණා කෙතෙක්දැයි කීකල්හි පුබ්බේනිවාසය අනුස්සති කාරණයක් වන්නේයයි සිතා ලාළුදායි තෙරුන් මෙන් වැරදි ආකාරයට සිතීමෙන් නො පැනයක්ම පැනයක් කරන්නේවෙයි. අයොනිසො පඤ්භං විස්සජජෙතා හොති යනු මෙසේ සිතනලද ප්රශ්නය විසඳන්නේද ‘ස්වාමීනි, මෙහි භික්ෂුවක් නොයෙක් අයුරින් කරනලද පුබ්බෙනිවාසානුස්සතිය සිහිකරයි. කෙසේදයත්? එක් ජාතියක් යනාදිවශයෙන් ඒ තෙරුන්ම මෙන් නුනුවණින් විසඳන්නේ වෙයි. නොපැනයක්ම පැනයකැයි කියයි. පරිමණ්ඩලෙහි පදව්යංජනෙහි යන මෙහි පදයම අර්‍ත්‍ථයාගේ ව්යංජනවශයෙන් පදව්යංජනයයි. අකුරුසපුරා දස ආකාරවූ ව්යංසන බුද්ධිය නොපිරිහෙළා කියනලද එය පරිමණ්ඩලං (හාත්පසින් මනාව වටකරනලද්දේ) නම් වෙයි. මෙබඳුවූ පදව්යංජනයන්ගෙන්ය යන අර්‍ත්‍ථයි. සිලිටෙඨහි යනු සිලිටිබවින් සිලිටිවුයි. උපගතෙහි යනු අරුතද කරුණද එළඹ සිටියාවූයි. නාබ්භනුමොදිතා යනු මෙසේ නුවණින් සියලු කරුණින් යුක්තවූවක් කොටද විසඳනලද අනුන්ගේ ප්රශ්නය අනුමෝදන් නොවෙයි. සතුටු නොවෙයි. සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට ලාළුදායි තෙරුන්මෙනි. යම්සේ කියනලද්දේද?
“අට්ඨානං ඛො එතං, ආවුසො සාරිපුත්ත, අනවකාසො, යං සො අතික්කම්මෙව කබළීකාරාහාරභක්ඛානං දෙවානං සහබ්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යාපි වුට්ඨහෙය්යාපි, නත්ථෙතං ඨාන”න්ති (අ· නි· 5.166).
‘ආයුෂ්මත් ශරිපුත්රයෙනි, හෙතෙම පිඬුඅහර අනුභවකරන දෙවියන්ගේ සමාගමය ඉක්මවා එක්තරා මනොමය කායයක උපන්නේ සඤ්ඤාවෙදයිත නිරොධයට සමවදින්නේය එයින් නැගී සිටින්නේය යන යමක් වේද එය කරුණු රහිතය, (සිදුනොවේ) එයට ඉඩක් නැත. මෙබඳු කරුනක් නැත.
යොනිසො පඤ්හං කත්තාතිආදීසු ආනන්දත්ථෙරො විය යොනිසොව පඤ්හං චින්තෙත්වා යොනිසො විස්සජ්ජිතා හොති. ථෙරො හි “කති නු ඛො, ආනන්ද, අනුස්සතිට්ඨානානී”ති පුච්ඡිතො “අයං පඤ්හො භවිස්සතී”ති යොනිසො චින්තෙත්වා යොනිසො විස්සජ්ජෙන්තො ආහ – “ඉධ, භන්තෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි…පෙ… චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං, භන්තෙ, අනුස්සතිට්ඨානං එවංභාවිතං එවංබහුලීකතං දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තතී”ති. අබ්භනුමොදිතා හොතීති තථාගතො විය යොනිසො අබ්භනුමොදිතා හොති. තථාගතො හි ආනන්දත්ථෙරෙන පඤ්හෙ විස්සජ්ජිතෙ “සාධු සාධු, ආනන්ද, තෙන හි ත්වං, ආනන්ද, ඉමම්පි ඡට්ඨං අනුස්සතිට්ඨානං ධාරෙහි. ඉධානන්ද, භික්ඛු සතොව අභික්කමති සතොව පටික්කමතී”තිආදිමාහ. ඡට්ඨාදීනි උත්තානත්ථානෙව.
යොනිසො පඤ්භං කත්තා යනාදියෙහි අනඳ තෙරුන් මෙන් නුවණින්ම ප්රශ්නය සිතා නුවණින් විසඳනලද්දේවෙයි. තෙරුන්වහන්සේ වනාහි, ‘අනන්දය, අනුස්සති කාරණා කෙතෙක්දැයි විමසනලද්දාහු මේ ප්‍රශ්නයක් වන්නේයයි නුවණින් සිතා විසඳමින් මෙසේ කීහ: ‘ස්වාමීනි, මෙම සසුනෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව -පෙ- සතරවැනි ධ්‍යානයට සමවැඳ වෙසෙයි. ස්වාමීනි, මෙය අනුස්සති කාරණයකි. මෙසේ වඩනලද්ද මෙසේ ප්‍රගුනකරන ලද්ද ඉහාත්මයෙහි සැපවිහරණය සඳහා පවතියි.’ අබ්භනුමොදිතා හොති. යනු තථාගතයන්වහන්සේ මෙන් නුවණින් අනුමෝදන්වූයේ වෙයි. තථාගතයන්වහන්සේ වනාහි අනඳතෙරුන් විසින් ප්රශ්නය විසඳූකදල්හි ‘මැනවි මැනවි අනන්දය, එසේවීනම් ආනන්ද නුඹ මේ සවැනි අනුස්සති කාරණයද දරව, ආන්න්දය, මේ සසුනෙහි භික්ෂුව සිහි ඇත්තේම ඉදිරියට යෙයි, පස්සට යෙයි, යනාදිය පැවසූසේක. සවැන්න ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
9. ඛතසුත්තවණ්ණනා
3. 1. 1. 9
නවමෙ සුක්කපක්ඛො පුබ්බභාගෙ දසහිපි කුසලකම්මපථෙහි පරිච්ඡින්නො, උපරි යාව අරහත්තමග්ගා ලබ්භති. බහුඤ්ච පුඤ්ඤං පසවතීති එත්ථ ලොකියලොකුත්තරමිස්සකපුඤ්ඤං කථිතං.
නවවැන්නෙහි යහපත් අංශය පූර්වභාගයෙහි දසකුසලකර්මපථයන්ගෙන් පිරිසුන්වූයේද මත්තෙහි අරහත් මාර්ගය දක්වා ලබයි. බහුං පුඤ්ඤං පසවති යන මෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ පිණ කියනලදී.
10. මලසුත්තවණ්ණනා
3. 1. 1. 10
දසමෙ දුස්සීලභාවො දුස්සීල්යං, දුස්සීල්යමෙව මලං දුස්සීල්යමලං. කෙනට්ඨෙන මලන්ති? අනුදහනට්ඨෙන දුග්ගන්ධට්ඨෙන කිලිට්ඨකරණට්ඨෙන ච. තඤ්හි නිරයාදීසු අපායෙසු අනුදහතීති අනුදහනට්ඨෙනපි මලං. තෙන සමන්නාගතො පුග්ගලො මාතාපිතූනම්පි සන්තිකෙ භික්ඛුසඞ්ඝස්සාපි අන්තරෙ බොධිචෙතියට්ඨානෙසුපි ජිගුච්ඡනීයො හොති, සබ්බදිසාසු චස්ස “එවරූපං කිර තෙන පාපකම්මං කත”න්ති අවණ්ණගන්ධො වායතීති දුග්ගන්ධට්ඨෙනපි මලං. තෙන ච සමන්නාගතො පුග්ගලො ගතගතට්ඨානෙ උපතාපඤ්චෙව ලභති, කායකම්මාදීනි චස්ස අසුචීනි හොන්ති අපභස්සරානීති කිලිට්ඨකරණට්ඨෙනපි මලං. අපිච තං දෙවමනුස්සසම්පත්තියො චෙව නිබ්බානසම්පත්තිඤ්ච මිලාපෙතීති මිලාපනට්ඨෙනපි මලන්ති වෙදිතබ්බං. ඉස්සාමලමච්ඡෙරමලෙසුපි එසෙව නයො.
දසවැන්නෙහි දුසිල්බව දුස්සීල්යං නමි. දුසිල්බවම කිළුටවූයේ දුස්සීල්යමලං නමි. කවර අරුතකින් මලනම්වේද? තැවීම් අරුතින්, දුගඳ අරුතිනි හා කිළිටි කිරීම් අරුතින්ද වේ. එයද නිරයාදීවු අපායන්හි තවයිනුයි තැවීම් අරුතින්ද මලනම් වේ. එයින් යුක්තවූ පුද්ගලතෙමේ මවුපියන් සමීපයෙහිද බික්සඟන අතුරෙහිද බෝසෑ යන තැන්හිද පිළිකුල් කටයුතුවූයේ වෙයි. ඔහුවිසින් මෙබඳුවූ පාපකර්මයක් කරනලදැයි ඔහුගේ නුගුණගඳ සියලුදිශාවන්හි හමයිනුයි දුගඳ අරුතින්ද මලනම්වේ. එයින් යුක්තවූ පුද්ගලතෙමේ ගිය ගිය තැන තැවීමද ලබයි. ඔහුගේ කායකර්මාදියද අපිරිසුදුවෙයි. නොපැහැපත්යයි කිළිටි කිරීම් අරුතින්ද මලනම්වෙයි. තවද එය දෙවිමිනිස් සැපත් මෙන්ම නිවන් සැපතද මලානිකකරයි යන්නෙන් මැලවීම් අරුතින්ද මලයයි දතයුතුය. ඊර්ෂ්යාමල මසුරුමලවලද මේ ක්‍රමයමැයි.
බාලවග්ගො පඨමො.
පළමුවෙනිවු බාලවර්ගයයි.