3. 1. 1. 2
3. 1. 1. 2.
3. 1. 1. 2.
2. කම‍්මලක‍්ඛණො භික‍්ඛවෙ බාලො, කම‍්මලක‍්ඛණො පණ‍්ඩිතො, අපදානසොභිනී පඤ‍්ඤාති.
2. මහණෙනි, බාල තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනී ය.
තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො. කතමෙහි තීහි: කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන, ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාලයා දතයුතු ය. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන් හා වාග්දුශ්චරිතයෙන් හා මනෝදුශ්චරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු ය.
තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො; කතමෙහි තීහි: කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතුය: කවර තුණෙකින යත්: කායසුචරිතයෙන් හා වාක්දුචරිතයෙන් හා මනස්සුචරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු ය.
තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං ; යෙහි තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, තෙ තයො ධම‍්මෙ අභිනිවජ‍්ජෙත්‍වා, යෙහි තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, තෙ තයො ධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුත්තේ නම්, ඒ තුන් ධර්‍මයන් නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.