3. 1. 1. 3
3. 1. 1. 3.
3. 1. 1. 3.
3. තීණිමානි භික‍්ඛවෙ බාලස‍්ස බාලලක‍්ඛණානි බාලනිමිත‍්තානි බාලාපදානානි. කතමානි තීණි: ඉධ භික‍්ඛවෙ බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති, දුබ‍්භාසිතභාසී, දුක‍්කතකම‍්මකාරී. නො චෙදං භික‍්ඛවෙ බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච අභවිස‍්ස, දුබ‍්භාසිතභාසී, දුක‍්කතකම‍්මකාරී. කෙන නං පණ‍්ඩිතා ජානෙය්‍යුං බාලො අයං භවං අසප‍්පුරිසොති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති, දුබ‍්භාසිතභාසී, දුක‍්කතකම‍්මකාරී. තස‍්මා නං පණ‍්ඩිතා ජානන‍්ති, බාලො අයං භවං අසප‍්පුරිසොති. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි බාලස‍්ස බාලලක‍්ඛණානි බාලනිමිත‍්තානි බාලාපදානානි.
3. මහණෙනි, බාලයාගේ බාලාභිඥානයෝ, බාලනිමිත්තයෝ, බාලචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි බාල තෙමේ (අභිධ්‍යාදි විසින්) නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි. නපුරු බස් බණනුයේ ද වෙයි. නපුරු කර්‍ම කරණුයේ ද වෙයි. මහණෙනි, ඉදින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත්, නපුරු බස් බණන සුලුත්, නපුරු කර්‍ම කරණ සුලුත් නොවී නම්, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි කවර සැටියෙකින් ඔහු හඳුනාගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත් වේ ද, නපුරු බස් බණන සුලුත් වේ ද, නපුරු කර්‍ම කරණ සුලුත් වේ ද, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි එයින් ඔහු හඳුනන්නාහ. මහණෙනි, මොහු තුන්දෙනා බාලයාගේ බාල ලක්‍ෂණ වෙති. බාලනිමිත්ත වෙති. බාලාපදාන වෙත්.
තීණිමානි භික‍්ඛවෙ පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතලක‍්ඛණානි පණ‍්ඩිතනිමිත‍්තානි පණ‍්ඩිතාපදානානි. කතමානි තීණි: ඉධ භික‍්ඛවෙ පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච හොති, සුභාසිතභාසී, සුකතකම‍්මකාරී. නො චෙදං භික‍්ඛවෙ පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච අභවිස‍්ස, සුභාසිතභාසී, සුකතකම‍්මකාරී. කෙන නං පණ‍්ඩිතා ජානෙය්‍යුං, පණ‍්ඩිතො අයං භවං සප‍්පුරිසොති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච හොති, සුභාසිතභාසී, සුකතකම‍්මකාරී. තස‍්මා නං පණ‍්ඩිතා ජානන‍්ති, පණ‍්ඩිතො අයං භවං සප‍්පුරිසොති. ඉමානි ඛො භික‍්ඛවෙ තීණි පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතලක‍්ඛණානි පණ‍්ඩිතනිමිත‍්තානි පණ‍්ඩිතාපදානානි. තස‍්මාතිහ -පෙ- එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ, පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි පණ්ඩිත තෙම මනාසිතිවිලි සිතන සුල්ලේත්, මනාතෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණ සුල්ලේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉදින් මනා සිතිවිලි සිතන සුල්ලේත්, මනා තෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණු සුල්ලේත් නොවී නම්, කවර සැටියෙකින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත තෙමේ මනා සිතිවිලි සිතන සුල්ලේත් වේ ද, මනා තෙපුල් තෙපලන සුල්ලේත් වේ ද, මනා කර්‍ම කරණ සුල්ලේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක, පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගන්නාහ. මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයෝ, පණ්ඩිත නිමිත්තයෝ, පණ්ඩිතාපදානයෝ මොහු තුන්දෙන වෙත් යයි. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.