යෙදුමෙන් කියවන්න

3. 1. 1. 4

සම්පූර්ණ පරිච්ඡේදය

3. 1. 1. 4.

3. 1. 1. 4.

4. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, කතමෙහි තීහි:අච‍්චයං අච‍්චයතො න පස‍්සති, අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං න පටිකරොති, පරස‍්ස ඛො පන අච‍්චයං දෙසෙන‍්තස‍්ස යථාධම‍්මං න පතිගණ‍්හාති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො.

4. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: වරද වරද විසින් නො දක්නේ ද, වරද වරද විසින් දැක ඇවැතට නිසි (යථාපරාධ දණ්ඩයෙන්) පිළියම් නොකෙරේ ද, අපරාධය දෙසන මෙරමාගේ යථාධර්‍මය නො පිළිගණී ද (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත බාල තෙමේ දතයුත්තේ ය.

තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: අච‍්චයං අච‍්චයතො පස‍්සති, අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති, පරස‍්ස ඛො පන අච‍්චයං දෙසෙන‍්තස‍්ස යථාධම‍්මං පතිගණ‍්හාති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො. තස‍්මාතිහ -පෙ- එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: වරද වරද විසින් දක්නේ ද, වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, අපරාධය දෙසන අන්‍යයාගේ අපරාධය පිළිගණී ද, (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ ය. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.

3. 1. 1. 5.

3. 1. 1. 5.

5. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: අයොනිසො පඤ‍්හං කත‍්තා හොති, අයොනිසො පඤ‍්හං විස‍්සජ‍්ජෙතා හොති, පරස‍්ස ඛො පන යොනිසො පඤ‍්හං විස‍්සජ‍්ජිතං පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහි සිලිට‍්ඨෙහි උපගතෙහි නාබ‍්භනුමොදිතා හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො.

5. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: නුනුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුනුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගතපදයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් නො පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුක්ත වූ බාල තෙමේ දතයුතු වේ.

තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: යොනිසො පඤ‍්හං කත‍්තා හොති, යොනිසො පඤ‍්හං විස‍්සජ‍්ජෙතා හොති, පරස‍්ස ඛො පන යොනිසො පඤ‍්හං විස‍්සජ‍්ජිතං පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහි සිලිට‍්ඨෙහි උපගතෙහි අබ‍්භනුමොදිතා හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො. තස‍්මාතිහ -පෙ- එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: නුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගත පදව්‍යඤ්ජනයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

3. 1. 1. 6.

3. 1. 1. 6.

6. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: අකුසලෙන කායකම‍්මෙන අකුසලෙන වචීකම‍්මෙන අකුසලෙන මනොකම‍්මෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො.

6. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: අකුශල වූ කායකර්‍මයෙන, අකුශල වූ වාක්කර්‍මයෙන, අකුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ.

තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: කුසලෙන කායකම‍්මෙන, කුසලෙන වචීකම‍්මෙන, කුසලෙන මනොකම‍්මෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො. තස‍්මාතිහ -පෙ- එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: කුශල වූ කායකර්‍මයෙන, කුශල වූ වාක්කර්‍මයෙන, කුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

3. 1. 1. 7.

3. 1. 1. 7.

7. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: සාවජ‍්ජෙන කායකම‍්මෙන, සාවජ‍්ජෙන වචීකම‍්මෙන, සාවජ‍්ජෙන මනොකම‍්මෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො.

7. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ. කවර ධර්‍ම තුණෙකින යත්: වරද සහිත වූ කායකර්‍මයෙන, වරද සහිත වූ වාක්කර්‍මයෙන, වරද සහිත වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි.

තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: අනවජ‍්ජෙන කායකම‍්මෙන, අනවජ‍්ජෙන වචීකම‍්මෙන, අනවජ‍්ජෙන මනොකම‍්මෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙන සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො. තස‍්මාතිහ -පෙ- එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: නිරවද්‍ය වූ කායකර්‍මයෙන, නිරවද්‍ය වූ වාක්කර්‍මයෙන, නිරවද්‍ය වූ මනඃකර්‍මයෙන. (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

3. 1. 1. 8.

3. 1. 1. 8.

8. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, කතමෙහි තීහි: සබ්‍යාපජ‍්ඣෙන කායකම‍්මෙන, සබ්‍යාපජ‍්ඣෙන වචීකම‍්මෙන, සබ්‍යාපජ‍්ඣෙන මනොකම‍්මෙන. -පෙ- අබ්‍යාපජ‍්ඣෙන කායකම‍්මෙන, අබ්‍යාපජ‍්ඣෙන වචීකම‍්මෙන, අබ්‍යාපජ‍්ඣෙන මනොකම‍්මෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො. තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: යෙහි තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො, තෙ තයො ධම‍්මෙ අභිනිවජ‍්ජෙත්‍වා යෙහි තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බො, තෙ තයො ධම‍්මෙ සමාදාය වත‍්තිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

8. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දත යුත්තේ නම්, ඒ ධර්‍ම තුණ නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.