3. 1. 1. 9
3. 1. 1. 9.
3. 1. 1. 9.
9. තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො විඤ‍්ඤූනං, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. කතමෙහි තීහි: කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො බාලො අව්‍යත‍්තො අසප‍්පුරිසො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති, සානුවජ‍්ජො විඤ‍්ඤූනං, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති.
9. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙම කැණු ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පිරිවටයි. වරද සහිත ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන් (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ අව්‍යක්ත අසත්පුරුෂ තෙමේ කැණු ගුණ ඇති නටගුණ ඇති ආත්මය පස්වටයි. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.
තීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො ව්‍යත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති, අනවජ‍්ජො ච හොති, අනනුවජ‍්ජො විඤ‍්ඤූනං, බහුඤ‍්ච පුඤ‍්ඤං පසවති. කතමෙහි තීහි: කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ තීහි ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො ව්‍යත‍්තො සප‍්පුරිසො අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති, අනවජ‍්ජො ච හොති, අනනුවජ‍්ජො විඤ‍්ඤූනං, බහුඤ‍්ච පුඤ‍්ඤං පසවතීති.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත ව්‍යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පිරිවටයි. නිදොස්වූයේද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වෙයි. බොහෝ (ලොවී ලොවුතුරා) කුසල් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනස්සුචරිතයෙන (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ ව්‍යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ නුවණැත්තන් විසින් නො ම උපවාද කටයුතු ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරේ.