3. 1. 1. 1
3. 1. 1. 1.
3. 1. 1. 1.
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
යානි කානිචි භික්ඛවෙ භයානි උප්පජ්ජන්ති. සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො.
මහණෙනි, යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
සෙය්යථාපි භික්ඛවෙ නළාගාරො වා තිණාගාරො වා අග්ගිමුක්කො කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගලානි පිහිතවාතපානානි. එවමෙව ඛො භික්ඛවෙ යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො.
මහණෙනි, රනහුණින් සුසන් ගෙයක් හෝ තණ කරලින් සුසන් ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ, ඇතුළත පිටත සුණුවමින් ගල්වන ලද, වැළැහු සුළං ඇති, පැහැසු කවුළු ඇති, යෙදූ දැල් කවුළුදොර ඇති කැණි දුන් ගෙය ද යම්සේ දවා ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
ඉති ඛො භික්ඛවෙ සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො. සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි භික්ඛවෙ පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො.
මහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ ප්‍රතිභය සහිත වේ. පණ්ඩිත තෙමේ ප්‍රතිභය රහිත වේ. බාල තෙමේ උපද්‍රව සහිත වේ. පණ්ඩිත තෙමේ උපද්‍රව රහිත වේ. බාල තෙමේ උපසර්ග සහිත වේ. පණ්ඩිත තෙමේ උපසර්ග රහිත වේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපද්‍රවයෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපසර්ගයෙක් නැත.
තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං : යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ අභිනිවජ්ජෙත්වා යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො, තෙ තයො ධම්මෙ සමාදාය වත්තිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් යම් ධර්ම තුණෙකින් සමන්වාගත බාල තෙම දත යුතු නම්, ඒ ධර්ම තුණ නෙරැ යම්බඳු ධර්ම තුණෙකින් සමන්වාගත පණ්ඩිත තෙම දතයුතු නම්, ඒ ධර්ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.