17. සත්තරසමො වග්ගො අට්ඨකථා
17. සතළොස්වනවග
1. අකුසලපෙය්යාලං
1. අකුශල පෙය්යාලය
සාවජ්ජාති සදොසා. අනවජ්ජාති නිද්දොසා. දුක්ඛුද්රයාති දුක්ඛවඩ්ඪිකා. සුඛුද්රියාති සුඛවඩ්ඪිකා. සබ්යාබජ්ඣාති සදුක්ඛා. අබ්යාබජ්ඣාති නිද්දුක්ඛා. එත්තාවතා වට්ටවිවට්ටමෙව කථිතං.
සාවජ්ජා යනු දොස් සහිත වූවෝයි. අනවඡ්ඡා යනු නිදොස් වූවෝයි. දුබුද්දයා යනු දුක්වඩන්නාවූයි. සුඛුද්දයා යනු සුව වඩන්නාවූයි. සව්යාපජ්ක්ධා යනු දුක්සහිතවූවෝයි. අච්යාපජක්ධා යනු දුක්රහිතවූවෝයි. මෙපමණකින් වර්ත විවර්තයන්ම කියනලදී.
අකුසලපෙය්යාලං නිට්ඨිතං.
2. විනයපෙය්යාලං
2. විනය පෙය්යාලය
ද්වෙමෙ, භික්ඛවෙ, අත්ථවසෙ පටිච්චාති, භික්ඛවෙ, ද්වෙ අත්ථෙ නිස්සාය ද්වෙ කාරණානි සන්ධාය. සික්ඛාපදං පඤ්ඤත්තන්ති සික්ඛාකොට්ඨාසො ඨපිතො. සඞ්ඝසුට්ඨුතායාති සඞ්ඝස්ස සුට්ඨුභාවාය, “සුට්ඨු, භන්තෙ”ති වත්වා සම්පටිච්ඡනත්ථායාති අත්ථො. සඞ්ඝඵාසුතායාති සඞ්ඝස්ස ඵාසුවිහාරත්ථාය. දුම්මඞ්කූනන්ති දුස්සීලානං. පෙසලානන්ති පීයසීලානං. දිට්ඨධම්මිකානං ආසවානන්ති දිට්ඨධම්මෙ ඉමස්මිංයෙව අත්තභාවෙ වීතික්කමපච්චයා පටිලද්ධබ්බානං වධබන්ධනාදිදුක්ඛධම්මසඞ්ඛාතානං ආසවානං. සංවරායාති පිදහනත්ථාය. සම්පරායිකානන්ති තථාරූපානංයෙව අපායදුක්ඛසඞ්ඛාතානං සම්පරායෙ උප්පජ්ජනකආසවානං. පටිඝාතායාති පටිසෙධනත්ථාය. වෙරානන්ති අකුසලවෙරානම්පි පුග්ගලවෙරානම්පි. වජ්ජානන්ති දොසානං. තෙ එව වා දුක්ඛධම්මා වජ්ජනීයත්තා ඉධ වජ්ජාති අධිප්පෙතා. භයානන්ති චිත්තුත්රාසභයානම්පි භයහෙතූනං තෙසංයෙව දුක්ඛධම්මානම්පි. අකුසලානන්ති අක්ඛමට්ඨෙන අකුසලසඞ්ඛාතානං දුක්ඛධම්මානං. ගිහීනං අනුකම්පායාති ගිහීසු උජ්ඣායන්තෙසු පඤ්ඤත්තසික්ඛාපදං ගිහීනං අනුකම්පාය පඤ්ඤත්තං නාම. පාපිච්ඡානං පක්ඛුපච්ඡෙදායාති පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුන්ති තෙසං පක්ඛුපච්ඡෙදනත්ථාය. අප්පසන්නානං පසාදායාති පුබ්බෙ අප්පසන්නානම්පි පණ්ඩිතමනුස්සානං සික්ඛාපදපඤ්ඤත්තිසම්පදං දිස්වා පසාදුප්පත්තිඅත්ථාය. පසන්නානං භිය්යොභාවායාති පසන්නානං උපරූපරිපසාදභාවාය. සද්ධම්මට්ඨිතියාති සද්ධම්මස්ස චිරට්ඨිතත්ථං. විනයානුග්ගහායාති පඤ්චවිධස්සාපි විනයස්ස අනුග්ගණ්හනත්ථාය.
දේවමෙ භික්ඛවෙ අත්ථවසෙ පටිච්ච යනු මහණෙනි, අරුත් දෙකක් නිසා, කරුණු දෙකක් සඳහායි. සික්ඛාපදං පඤ්ඤත්තං යනු ශික්ෂා කොටස් තැබීය. සඞ්ඝසුට්ඨුතාය යනු යහපත්බව සඳහායි. මැනව ස්වාමීනියි පවසා පිළිගැනීම සඳහාය යන අරුත්ය. සඞ්ඝඵාසුතාය යනු සඞ්ඝයාගේ පහසුබව සඳහායි. දුඞ්මඩ්කුනං යන දුසිලුන්ගේයි. පෙසලානං යනු ප්රියශීලීන්ගේයි. දිට්ඨධම්මිකානං ආසවානං ඉහාත්මයෙහි මේ අත්බැව්හි ඉක්මවීම හේතුකොටගෙන ලබන්නා වූ වධබන්ධන ගැරහීම් ආදී දුක්කම්කටොලු සංඛ්‍යාත ආශ්රවයන්ගේයි. සංවරාය යනු වැසීම සඳහායි. සම්පරායිකානං යනු එබඳු වූම අපායට අයත් දුක් නමැති පරලොවෙහි උපදින ආශ්රවයන්ගේද යනුයි. පටිඝාතාය යනු වැළැක්වීම සඳහායි. චෙරානං යනු අකුසල වෛරයන්ගේත් පුද්ගල වෛරයන්ගේත්ය. වජ්ජානං යනු දොෂයන්ගේයි. ඒ දුක්ඛධර්මයෝම හෝ දුරුකළයුතු බැවින් මෙහි වරදයයි අදහස් කරනලදහ. භයානං යනු සිත්තැතිගැනීම් බියේද, බියට හේතුවන්නාවූ ඒ දුක්ඛධර්මයන්ගේද වේ. අකුසලානම්පි යනු පිහිටක් නැතිය යන අර්ත්ථයෙන් අකුශල සංඛ්‍යාතවූ දුකඛධර්මයන්ගේයි. ගිහීනං අනුකම්පාය යනු ගිහියන් දොස් නඟනවිට පැනවූ ශික්ෂාපදය ගිහියන්ට අනුකම්පා සඳහා පණවනලද්දේනමි. පාපිච්ඡානං පක්ඛුපචේඡදාය යනු පවිටෝ (තමන්ට) පක්ෂයක් (සාදාගැනීම) සඳහා සඞ්ගයා බිඳින්නාහයි ඔවුන්ගේ පක්ෂය සිඳිණු සඳහායි. අප්පසන්නානං පසාදාය යනු ශික්ෂාපද පැනවීම දැක කලින් නොපහන්වූ පණ්ඩිත මනුෂ්‍යයන්ගේ පැහැදීම උපදවාලනු සඳහායි. පසන්නානං භිය්යොභාවාය යනු පැහැදුනවුන්ගේ මතුමත්තෙහි පැහැදීම සඳහායි. සද්ධම්මට්ඨිතියා යනු සද්ධර්මය බොහෝකල් පැවැත්ම සඳහායි. විනයානුග්ගහාය යනු පස් ආකාරවූ විනයට අනුග්‍රහය සඳහායි.
පාතිමොක්ඛං පඤ්ඤත්තන්ති භික්ඛුපාතිමොක්ඛං භික්ඛුනිපාතිමොක්ඛන්ති දුවිධං පාතිමොක්ඛං පඤ්ඤත්තං. පාතිමොක්ඛුද්දෙසොති භික්ඛූනං පඤ්ච, භික්ඛුනීනං චත්තාරොති නව පාතිමොක්ඛුද්දෙසා පඤ්ඤත්තා. පාතිමොක්ඛට්ඨපනන්ති උපොසථට්ඨපනං. පවාරණා පඤ්ඤත්තාති චාතුද්දසිකා පන්නරසිකාති ද්වෙ පවාරණා පඤ්ඤත්තා. පවාරණට්ඨපනං පඤ්ඤත්තන්ති සාපත්තිකස්ස භික්ඛුනො පවාරණා උත්තියා වත්තමානාය පවාරණට්ඨපනං පඤ්ඤත්තං. තජ්ජනීයකම්මාදීසු භික්ඛූ වාචාසත්තීහි විතුදන්තානං පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං (චූළව· 1 ආදයො) පඤ්ඤත්තං. බාලස්ස අබ්යත්තස්ස සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං පඤ්ඤත්තං. කුලදූසකෙ අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආරබ්භ පබ්බාජනීයකම්මං (චූළව· 21 ආදයො) පඤ්ඤත්තං. ගිහීනං අක්කොසකස්ස සුධම්මත්ථෙරස්ස පටිසාරණීයකම්මං (චූළව· 33 ආදයො) පඤ්ඤත්තං. ආපත්තියා අදස්සනාදීසු උක්ඛෙපනීයකම්මං පඤ්ඤත්තං. ගරුකාපත්තිං ආපන්නස්ස පටිච්ඡන්නාය ආපත්තියා පරිවාසදානං පඤ්ඤත්තං. පරිවාසෙ අන්තරාපත්තිං ආපන්නස්ස මූලාය පටිකස්සනං පඤ්ඤත්තං. පටිච්ඡන්නායපි අප්පටිච්ඡන්නායපි ආපත්තියා මානත්තදානං පඤ්ඤත්තං. චිණ්ණමානත්තස්ස අබ්භානං පඤ්ඤත්තං. සම්මා වත්තන්තස්ස ඔසාරණීයං පඤ්ඤත්තං. අසම්මාවත්තනාදීසු නිස්සාරණීයං පඤ්ඤත්තං.
පාතිමොක්ඛං පඤ්ඤත්තං යනු භික්ෂුප්රාතිමෝක්ෂය භික්ෂුණී ප්රාතිමොක්ෂය යන දෙයාකාර ප්රාතිමොක්ෂය පනවනලදී. පාතිමොක්ඛුදේදසා යනු භික්ෂූන්ගේ පසය භික්ෂුණීන්ගේ සතරය යන නව ප්රාතිමොක්ෂ උද්දේශයෝ පනවන ලද්දාහ. පාතිමොක්ඛට්ඨපනං යනු උපොෂථය තැබීමයි. පවාරණා පඤ්ඤත්තා යන තුදුස්වකය පසළොස්වකයයි පවාරණ දෙකක් පනවනලදී. පවාරණ්ට්ඨපනං පඤ්ඤත්තං යනු ඇවැත් සහිත භික්ෂුවට පවාරණඤත්තිය ඇතිකල්හි පවාරණය තැබීම පනවනලදී. තජ්ජනීය කර්මාදියෙහිදී භික්ෂූන්ට වාග්ප්රහාරයන්ගෙන් පහරදෙන්නාවූ පණ්ඩුකලෝහිතක භික්ෂූන්ට තජ්ජනීය කම්මය පනවනලදී. මෝඩ නොවියත්වූ සෙය්යසක භික්ෂූවට නිස්සයකම්මය පනවනලදී. කුලදූෂණය කරන්නාවූ අස්සජි පුනබ්බසුක භක්ෂූන් අරභයා පබ්බජනීය කම්මය පනවනලදී. පටිසාරණීය කම්මං, පටිසාරණීය කර්මය ගිහියන්ට ආක්රොශකරන්නාවූ සුධම්ම තෙරුන්ට පනවනලදී. උක්ඛපනීයකම්මං උත්ක්ෂෙපනීය කර්මය ඇවැත් නොදැකීම් ආදියෙහි පනවනලදී. පරිවාසදානං පිරිවෙස්දීම ගරුක ඇවතකට පැමිණියහුට ඇවත වැසුණුකල්හි පනවනලදී. මූලායපටිකස්සනං, මූලායපටිකස්සනය පිරිවෙස් කාලය අතරතුර ඇවැත්අවන්නහුට පනවනලදී. මානත්තදානං මානතදීම පිළිසන්වූද නොපිළිසන්වූද ඇවතෙහි පනවනලදී. ඔසාරණීයං, ඔසාරණීය කර්මය මානව පවතින්නහුට පනවනලදී. නිස්සාරණීයං, නිස්සාරණීය කර්මය නොමනා පැවතුම් ආදියෙහි පනවනලදී.
එහිභික්ඛූපසම්පදා සරණගමනූපසම්පදා ඔවාදූපසම්පදා පඤ්හාබ්යාකරණූපසම්පදා ඤත්තිචතුත්ථකම්මූපසම්පදා ගරුධම්මූපසම්පදා උභතොසඞ්ඝෙ උපසම්පදා දූතෙන උපසම්පදාති අට්ඨවිධා උපසම්පදා පඤ්ඤත්තා. ඤත්තිකම්මං නව ඨානානි ගච්ඡතීති එවං නවට්ඨානිකං ඤත්තිකම්මං පඤ්ඤත්තං. ඤත්තිදුතියකම්මං සත්ත ඨානානි ගච්ඡතීති එවං සත්තට්ඨානිකමෙව ඤත්තිදුතියකම්මං පඤ්ඤත්තං. ඤත්තිචතුත්ථකම්මං සත්ත ඨානානි ගච්ඡතීති එවං සත්තට්ඨානිකමෙව ඤත්තිචතුත්ථකම්මං පඤ්ඤත්තං. පඨමපාරාජිකාදීනං පඨමපඤ්ඤත්ති අපඤ්ඤත්තෙ පඤ්ඤත්තං. තෙසංයෙව අනුපඤ්ඤත්ති පඤ්ඤත්තෙ අනුපඤ්ඤත්තං. ධම්මසම්මුඛතා විනයසම්මුඛතා සඞ්ඝසම්මුඛතා පුග්ගලසම්මුඛතාති ඉමස්ස චතුබ්බිධස්ස සම්මුඛීභාවස්ස වසෙන සම්මුඛාවිනයො පඤ්ඤත්තො. සතිවෙපුල්ලප්පත්තස්ස ඛීණාසවස්ස අචොදනත්ථාය සතිවිනයො පඤ්ඤත්තො. උම්මත්තකස්ස භික්ඛුනො අමූළ්හවිනයො පඤ්ඤත්තො. අප්පටිඤ්ඤාය චුදිතකස්ස ආපත්තියා අතරණත්ථං පටිඤ්ඤාතකරණං පඤ්ඤත්තං. බහුතරානං ධම්මවාදීනං ලද්ධිං ගහෙත්වා අධිකරණවූපසමනත්ථං. යෙභුය්යසිකා පඤ්ඤත්තා. පාපුස්සන්නස්ස පුග්ගලස්ස නිග්ගණ්හනත්ථං තස්සපාපියසිකා පඤ්ඤත්තා. භණ්ඩනාදිවසෙන බහුං අස්සාමණකං කත්වා ආපත්තිං ආපන්නානං භික්ඛූනං ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්තඤ්ච අවසෙසාපත්තීනං වූපසමනත්ථාය තිණවත්ථාරකො පඤ්ඤත්තො.
එහිභික්ෂු උපසම්පදාව, ශරණාගමන උපසම්පදාව, ඕවාදූපසම්පදාව, පඤහව්යාකරණ උපසම්පදාව, ඥප්තිචතුර්ථ කර්මඋපසම්පදාව ගරුධර්මඋපසම්පදාව, උභතොසඞ්ඝයා කෙරෙහි උපසම්පදාව යන අට වැදැරුම් උපසම්පදාව පනවනලදී. ඥප්තිකර්මය නවතැනකට යන්නෙයයි මෙසේ නවස්ථානිකවූ ඥප්තිකර්මය නවතැනකට යන්නෙයයි මෙසේ නවස්ථානිකවූ ඥප්තිකර්මය පනවනලදී. ඥප්තිද්විතීය කර්මය තැන් සතකට යන්නේනුයි මෙසේ සප්තස්ථානිකවූ ඤත්තිදුතියකම්මය පනවනලදී. ඤත්තිචතුත්ථකම්මං, ඥප්ති චතුර්ථකර්මය සත්තැනකට යේනුයි මෙසේ සප්තස්ථානිකව පනවනලදී. ප්‍රථම පාරාජික ආදියෙහි පළමු පැනවීම අපඤ්ඤතේතපඤ්ඤත්තං නමි. ඒවායේම අනුප්‍රඥප්ති පඤ්ඤතේත අනුප්පඤ්ඤත්තං නමි. සම්මුඛාවිනයො, සම්මුඛාවිනය ධම්මසම්මුඛතා විනයසම්මුඛතා සඞ්ඝසම්මුඛතා පුග්ගලසම්මුඛතා යනමේ සතරාකාර සම්මුඛීභාවයන් වශයෙන් පනවනලදී. සතිවිනයො, සතිවිනය ස්මෘතිවිපුලත්‍වයට පත් රහතන්වහන්සේට චෝදනා නොකිරීම සඳහා පනවනලදී. අමූළ්හවිනයෝ, අමූළ්හවිනය උමතුභික්ෂුවට පනවනලදී. චෝදනා ලැබුවහුගේ පිළිණ නොකළ ඇවතෙහි සිදු කිරීම සඳහා පටිඤ්ඤාතකරණය පනවනලදී. බොහෝවූ ධම්වාදීන්ගේ ලබ්ධිය ගෙන අධිකරණය සංසිඳවනු සඳහා යෙභූය්යසිකාව පනවනලදී. පාපය උත්සන්නවූ පුද්ගලයාට නිග්‍රහ කරනු සඳහා තස්සපාපිය්‍යසිකාව පනවනලදී. කලහකිරීම් ආදීවශයෙන් බොහෝ අශ්රාමණික දේකොට ඇවතට පැමිණියාවූ භික්ෂූන්ට කුඩාවරදද ගිහියන් හා සබැදිවරදද හැර ඉතිරි ඇවත් සංසිඳවනු සඳහා තිණවත්ථාරකය පනවනලදී.
විනයපෙය්යාලං නිට්ඨිතං.
රාගපෙය්යාලං
රාගපෙය්‍යාලය
රාගස්ස, භික්ඛවෙ, අභිඤ්ඤායාති පඤ්චකාමගුණිකරාගස්ස අභිජානනත්ථං පච්චක්ඛකරණත්ථං. පරිඤ්ඤායාති පරිජානනත්ථං. පරික්ඛයායාති පරික්ඛයගමනත්ථං. පහානායාති පජහනත්ථං. ඛයාය වයායාති ඛයවයගමනත්ථං. විරාගායාති විරජ්ජනත්ථං. නිරොධායාති නිරුජ්ඣනත්ථං. චාගායාති චජනත්ථං. පටිනිස්සග්ගායාති පටිනිස්සජ්ජනත්ථං.
රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය යනු පංච කාමගුණික රාගය මනාව දැනගනු සඳහායි. ප්රත්යවේක්ෂා කිරීම පිණිසයි. පරිඤ්ඤාය යනු (මනාව) හාත්පසින් දැනගැනීම සඳහායි. පරික්ඛයාය යනු ගෙවීයාම (විනාශය) සඳහායි. පහානාය යනු දුරුකරනු සඳහායි. ඛයාය වයාය යනු ක්ෂයට හා විනාශයට යාම සඳහායි. විරාගාය යනු නොඇලීම සඳහායි නිරොධාය යනු නිරුද්ධවීම සඳහායි. චාගාය යනු අත්හැරීම සඳහායි. පටිනිස්සග්ගාය යනු දුරුකිරීම සඳහායි.
ථම්භස්සාති කොධමානවසෙන ථද්ධභාවස්ස. සාරබ්භස්සාති කාරණුත්තරියලක්ඛණස්ස සාරබ්භස්ස. මානස්සාති නවවිධමානස්ස. අතිමානස්සාති අතික්කමිත්වා මඤ්ඤනමානස්ස. මදස්සාති මජ්ජනාකාරමදස්ස. පමාදස්සාති සතිවිප්පවාසස්ස, පඤ්චසු කාමගුණෙසු චිත්තවොස්සග්ගස්ස. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ථම්භස්ස යනු ක්රොධමාන වශයෙන් තද බවේයි. සාරම්භස්ස යනු එකටෙක කිරීම් ලක්‍ෂණකොට ඇති සාරම්භයාගේයි. මානස්ස යනු නවආකාර මානයාගේයි. අතිමානස්ස යනු ඉක්මවා සිතීමේ මානයාගේයි. මදස්ස යනු මත්වීම් ආකාර ඇති මදයාගේයි. පමාදස්ස යනු සිහියෙන් තොර වීම් සංඛ්‍යාත පස්කම් ගුණයන්හි සිහි මුළාවීමේයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
රාගපෙය්යාලං නිට්ඨිතං.
මනොරථපූරණියා අඞ්ගුත්තරනිකාය-අට්ඨකථාය දුකනිපාතස්ස සංවණ්ණනා නිට්ඨිතා.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තරනිකායට්ඨ කථාවෙහි ද්වික නිපාත වර්ණනාව නිමියේයි.