යෙදුමෙන් කියවන්න

2. විනයපෙය්‍යාලං

2. විනයපෙය්‍යාලං

2. විනය පෙය්‍යාලය

1-10.

1-10.

ද‍්වෙමෙ භික‍්ඛවෙ අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං. කතමෙ ද‍්වෙ: සඞ‍්ඝසුට‍්ඨුතාය, සඞ‍්ඝඵාසුතාය -පෙ- දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං වෙරානං සංවරාය, සම‍්පරායිකානං වෙරානං පටිඝාතාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං වජ‍්ජානං සංවරාය, සම‍්පරායිකානං වජ‍්ජානං පටිඝාතාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං භයානං සංවරාය, සම‍්පරායිකානං භයානං පටිඝාතාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං අකුසලානං ධම‍්මානං සංවරාය, සම‍්පරායිකානං අකුසලානං ධම‍්මානං පටිඝාතාය -පෙ- ගිහීනං අනුකම‍්පාය, පාපිච‍්ඡානං පක‍්ඛුපච‍්ඡෙදාය -පෙ- අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය -පෙ- සද‍්ධම‍්මට‍්ඨිතියා විනයානුග‍්ගහාය. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තන‍්ති.

මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි. කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පේශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දෝෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දෝෂයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යී. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස හා යි ... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.

11-300.

11-300.

ද‍්වෙමෙ භික‍්ඛවෙ අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං පාතිමොක‍්ඛං පඤ‍්ඤත‍්තං -පෙ- පාතිමොක‍්ඛුද‍්දෙසො පඤ‍්ඤත‍්තා -පෙ- පාතිමොක‍්ඛට‍්ඨපනං පඤ‍්ඤත‍්තං -පෙ- පවාරණා පඤ‍්ඤත‍්තා -පෙ- පවාරණට‍්ඨපනං පඤ‍්ඤත‍්තං -පෙ- තජ‍්ජනීයකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- නියස‍්සකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- පබ‍්බාජනීයකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- පටිසාරණීයකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- උක‍්ඛෙපනීයකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- පරිවාසදානං පඤ‍්ඤත‍්තං -පෙ- මූලායපටිකස‍්සනං පඤ‍්ඤත‍්තං -පෙ- මානත‍්තදානං පඤ‍්ඤත‍්තං -පෙ- අබ‍්භානං පඤ‍්ඤත‍්තං -පෙ- ඔසාරණීයං පඤ‍්ඤත‍්තං -පෙ- නිස‍්සාරණීයං පඤ‍්ඤත‍්තං -පෙ- උපසම‍්පදා පඤ‍්ඤත‍්තා -පෙ- ඤත‍්තිකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- ඤත‍්තිදුතියකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- ඤත‍්තිචතුත්‍ථකම‍්මං පඤ‍්ඤත‍්තං -පෙ- අපඤ‍්ඤත‍්තෙ පඤ‍්ඤත‍්තං -පෙ- පඤ‍්ඤත‍්තෙ අනුප‍්පඤ‍්ඤත‍්තං -පෙ- සම‍්මුඛාවිනයො පඤ‍්ඤත‍්තො -පෙ- සතිවිනයො පඤ‍්ඤත‍්තො -පෙ- අමූළ‍්හවිනයො පඤ‍්ඤත‍්තො -පෙ- පටිඤ‍්ඤාතකරණං පඤ‍්ඤත‍්තං -පෙ- යෙභුය්‍යසිකා පඤ‍්ඤත‍්තා -පෙ- තස‍්ස පාපියසිකා පඤ‍්ඤත‍්තා -පෙ- තිණවත්‍ථාරකො පඤ‍්ඤත‍්තො.

මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට පාමොක් පණවන ලදී. ... පාමොක් උදෙසුම් පණවන ලදි. ... පාමොක් තැබීම් පණවන ලදි. ... පවාරණා පණවන ලදු ... පවාරණ තැබුම් පණවන ලදී. ... තජ්ජනීය කර්‍මය පණවන ලදී. ... නියස්සකර්‍මය පණවන ලදී. ... පබ්බාජනීයකර්‍මය පණවන ලදී. ... පටිසාරණීයකර්‍මය පණවන ලදී. ... උක්ඛේපනීයකර්‍මය පණවන ලදී. ... පරිවාසදානය පණවන ලදී. ... මූලායපටිකස්සනය පණවන ලදී. ... මානත්තදානය පණවන ලදී. ... අබ්භානය පණවන ලදී. ... ඔසාරණීයය පණවන ලදී. ... නිස්සාරණීයය පණවන ලදී. ... උපසපුව පණවන ලදී. ... ඤත්තිකර්‍මය පණවන ලදී. ... ඤත්තිදුතියකර්‍මය පණවන ලදී. ... ඤත්තිචතුත්‍ථකර්‍මය පණවන ලදී. ... නො පණවන ලද්දෙහි (සිකපද) පණවන ලදී. ... පණවන ලද්දෙහි අනුප්පඤ්ඤත්ති පණවන ලදු. ... සම්මුඛාවිනය පණවන ලදී. ... සතිවිනය පණවන ලදී. ... අමූළ්හවිනය පණවන ලදී. ... පටිඤ්ඤාතකරණය පණවන ලදී. යේභුය්‍යසිකාව පණවන ලදී. ... තස්සපාපිය්‍යසිකාව පණවන ලදී. තිණවත්‍ථාරකය පණවන ලදී. ...

කතමෙ ද‍්වෙ: සඞ‍්ඝසුට‍්ඨුතාය -පෙ- සඞ‍්ඝඵාසුතාය -පෙ- දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය -පෙ- පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය -පෙ- සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- දිට‍්ඨධම‍්මිකානං වෙරානං -පෙ- වජ‍්ජානං -පෙ- භයානං -පෙ- අකුසලානං ධම‍්මානං සංවරාය -පෙ- සම‍්පරායිකානං අකුසලානං ධම‍්මානං පටිඝාතාය -පෙ- ගිහීනං අනුකම‍්පාය -පෙ- පාපිච‍්ඡානං පක‍්ඛුපච‍්ඡෙදාය -පෙ- අප‍්පසන‍්නානං පසාදාය -පෙ- පසන‍්නානං භිය්‍යොභාවාය -පෙ- සද‍්ධම‍්මට‍්ඨිතියා -පෙ- විනයානුග‍්ගහාය. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං තිණවත්‍ථාරකො පඤ‍්ඤත‍්තොති.

කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා ... සඞ්ඝඵාසුතාව පිණිස හා ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා ... පේශල භික්‍ෂුනට ඵාසුවිහාරය පිණිස හා ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික ආස්‍රවයන්ගේ වැළහීම පිණිස හා … දෘෂ්ටධාර්මික වෙරයන්ගේ … විද්‍යයන්ගේ … භීතින්ගේ … අකුශලධර්‍මයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික අකුශල ධර්‍මයන්ගේ ප්‍රතිඝාතය පිණිස හා … ගිහියනට අනුකම්පා පිණිස හා … පාපේච්ඡායන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා … අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා … විනයානුග්‍රහය පිණිස හා යී. මහණෙනි, මෙ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට තිණවත්‍ථාරකය පණවන ලදී.

විනයපෙය්‍යාලං නිට‍්ඨිතං.

විනයපෙය්‍යාලය නිමි.