යෙදුමෙන් කියවන්න

3. 1. 2. 5

3. 1. 2. 5.

3. 1. 2. 5.

15. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර ඉසිපතන නම් වූ මිගදායයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, යි’ භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යී ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

භූතපුබ‍්බං භික‍්ඛවෙ රාජා අහොසි පචෙතනො නාම. අථ ඛො භික‍්ඛවෙ රාජා පචෙතනො රථකාරං ආමන‍්තෙසි : ඉතො මෙ සම‍්ම රථකාර, ඡන‍්නං මාසානං අච‍්චයෙන සඞ‍්ගාමො භවිස‍්සති. සක‍්කසි මෙ සම‍්ම රථකාර, නවං චක‍්කයුගං කාතුන‍්ති? සක‍්කොමි දෙවාති ඛො භික‍්ඛවෙ රථකාරො රඤ‍්ඤො පචෙතනස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො භික‍්ඛවෙ රථකාරො ඡහි මාසෙහි ඡාරත‍්තූනෙහි එකං චක‍්කං නිට‍්ඨාපෙසි. අථ ඛො භික‍්ඛවෙ රාජා පචෙතනො රථකාරං ආමන‍්තෙසි: ඉතො මෙ සම‍්ම රථකාර, ඡන‍්නං දිවසානං අච‍්චයෙන සඞ‍්ගාමො භවිස‍්සති නිට‍්ඨිතං තෙ නවං චක‍්කයුගන‍්ති. ඉමෙහි ඛො දෙව ඡහි මාසෙහි ඡාරත‍්තූනෙහි එකං චක‍්කං නිට‍්ඨිතන‍්ති. සක‍්කසි පන මෙ සම‍්ම රථකාර, ඉමෙහි ඡහි දිවසෙහි දුතියං චක‍්කං නිට‍්ඨාපෙතුන‍්ති? සක‍්කොමි දෙවාති ඛො භික‍්ඛවෙ රථකාරො රඤ‍්ඤො පචෙතනස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො භික‍්ඛවෙ රථකාරො ඡහි දිවසෙහි දුතියං චක‍්කං නිට‍්ඨාපෙත්‍වා නවං චක‍්කයුගං ආදාය යෙන රාජා පචෙතනො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා රාජානං පචෙතනං එතදවොච: ඉදන‍්තෙ දෙව නවං චක‍්කයුගං නිට‍්ඨිතන‍්ති. යඤ‍්ච තෙ ඉදං සම‍්ම රථකාර, චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහි, යඤ‍්ච තෙ ඉදං චක‍්කං ඡහි දිවසෙහි නිට‍්ඨිතං. ඉමෙසං කිං නානාකරණං නෙසාහං කිඤ‍්චි නානාකරණං පස‍්සාමීති. අත්‍ථෙවෙසං දෙව නානාකරණං, පස‍්සතු දෙවො නානාකරණන‍්ති.

මහණෙනි, වූ විරියෙකි. පචේතන නම් රජෙක් විය. මහණෙනි, ඉක්බිති පචේතන රජ තෙම, “යහළු රථකාරය, මෙයින් සමසක් ඇවෑමෙන් මට යුද්ධයෙක් වන්නේ ය. යහළු රථකාරය, මට නව රියසක් යුවළක් කරන්නට හැක්කෙහි දැ”යි රියකරුවා ඇමතීය. මහණෙනි, “හැක්කෙමි දේවයෙනි”යි රියකරු පචේතන රජහට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ සරැයක් අඩු සමසෙකින් එක් රියසකක් නිමැවීය. මහණෙනි, ඉක්බිත්තෙන් පචේතන රජ තෙමේ, “යහළු රථකාරය, මෙයින් සදවසක් ඇවෑමෙන් මාගේ සඞ්ග්‍රාමය වන්නේය. තා විසින් නවසක්සඟළ නිමවන ලද දැයි රථකාරයා ඇමතීය. “දේවයිනි, සරැයක් හළ මේ සමසින් එක් රියසකෙක් නිමවන ලදැ”යි රියකරු කීය. “යහළු රථකාරය, මේ සදවසින් මාගේ දෙවන රියසක නිමවන්නට හැක්කෙහි ද?” “දේවයිනි, හැක්කෙමැ” යි රථකාර තෙම පචේතන රජුට පිළිවදන් ඇස්වීය. මහණෙනි, ඉක්බිති රථකාර තෙමේ සදවසෙකින් දෙවන රියසක නිමවා නවසක්යුවළ රැගෙණ පචේතන රජු වෙත එළඹියේය. එළඹ පචේතන රජහට “දේවයෙනි, මුබගේ මේ නවසක් යුවළ නිමවන ලදැ”යි මෙය පැවසීය. “යහළු රථකාරය, තා විසින් යම් මේ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද, තා විසින් යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, මේ දෙකෙහි වෙනස කවරේ ය? මම කිසිදු වෙනසක් නො දකිමි” යි රජ කීය. “දේවයෙනි, මේ දෙක්හි වෙනස ඇත් ම ය. දේව තෙමේ වෙනස දකීවා” යි රියකරු කීය.

අථ ඛො භික‍්ඛවෙ රථකාරො යං තං චක‍්කං ඡහි දිවසෙහි නිට‍්ඨිතං, තං පවත‍්තෙසි. තං පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා චිඞ‍්ගුලායිත්‍වා භූමියං පපති. යං පන තං චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහි තං පවත‍්තෙසි. තං පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා අක‍්ඛාහතං මඤ‍්ඤෙ අට‍්ඨාසි.

මහණෙනි, ඉක්බිත්තෙන් රථකාර තෙමේ යම් ඒ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒතාක් ගොස් බමා බිම වැටුනේය. යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන ලද ද එය පෙරළා හැරියේය. එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝග ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.

කො නු ඛො සම‍්ම රථකාර, හෙතු කො පච‍්චයො. යමිදං චක‍්කං ඡහි දිවසෙහි නිට‍්ඨිතං, තං පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා චිඞ‍්ගුලායිත්‍වා භූමියං පපති? කො පන සම‍්ම රථකාර, හෙතු, කො පච‍්චයො? යමිදං චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහි, තං පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා අක‍්ඛාහතං මඤ‍්ඤෙ අට‍්ඨාසීති? යමිදං දෙව, චක‍්කං ඡහි දිවසෙහි නිට‍්ඨිතං. තස‍්ස නෙමීපි සවඞ‍්කා සදොසා සකසාවා. අරාපි සවඞ‍්කා සදොසා සකසාවා. නාභීපි සවඞ‍්කා සදොසා සකසාවා. තං නෙමියාපි සවඞ‍්කත‍්තා සදොසත‍්තා සකසාවත‍්තා, අරානම‍්පි සවඞ‍්කත‍්තා සදොසත‍්තා සකසාවත‍්තා, නාභියාපි සවඞ‍්කත‍්තා සදොසත‍්තා සකසාවත‍්තා පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා චිඞ‍්ගුලායිත්‍වා භූමියං පපති. යං පන තං දෙව චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහි. තස‍්ස නෙමීපි අවඞ‍්කා අදොසා අකසාවා. අරාපි අවඞ‍්කා අදොසා අකසාවා. නාභීපි අවඞ‍්කා අදොසා අකසාවා. තං නෙමියාපි අවඞ‍්කත‍්තා අදොසත‍්තා අකසාවත‍්තා, අරානම‍්පි අවඞ‍්කත‍්තා අදොසත‍්තා අකසාවත‍්තා, නාභියාපි අවඞ‍්කත‍්තා අදොසත‍්තා අකසාවත‍්තා පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති. තාවතිකං ගන‍්ත්‍වා අක‍්ඛාහතං මඤ‍්ඤෙ අට‍්ඨාසීති.

“යහළු රථකාරය, යම් මේ රියසකෙක් සදවසින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් බමා බිම වැටුනේ ද, එයට හේතු කිම? එයට කරුණු කිම? යහළු රථකාරය, යම් මේ සකෙක් සරැයෙකින් අඩු සමසෙකින් නිමවන ලද ද, එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය වහන තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේ ද, එයට හේතු කවරේ ය: එයට කරුණ කවරේය? දේවයෙනි, යම් මේ රියසකෙක් සදවසෙකින් නිමවන ලද ද, එහි නිම්වළල්ල වක්වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. දැවි ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නැබ ද වක් වෙයි. සදොස් වෙයි. එලයෙන් යුක්ත වෙයි. නිම්වළල්ළෙහි වක්බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද දැවියෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද නැබෙහි වක් බැවින් ද සදොස් බැවින් ද එලයෙන් යුත් බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් බමා බිම වැටුනේ ය. දේවයෙනි, යම් ඒ රියසකෙක් සරැයක් අඩු සමසෙකින් නිමවන් ලද ද, එහි නිම් වළල්ල ද නො වක් වෙයි. නිදොස් වෙයි. එලයෙන් තොර වෙයි. (එහි) දැවිහු ද නො වක් වෙයි. නිදොස්හ. එලයෙන් තොරහ. නැබ ද නො වක්ය, නිදොස්ය, එලයෙන් තොරය, නිම් වළල්ලේ නොවක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද, දැවියෙහි නො වක් බැවින් නිදොස් බැවින් එලයෙන් තොර බැවින් ද පෙරළා හරිණ ලද්දා වූ ම එය ප්‍රයෝගයාගේ ගතිය යම්තාක් ද ඒ තාක් ගොස් අකුරෙහි වැද තුබුවා සෙයින් සිටියේය.

සියා ඛො පන භික‍්ඛවෙ තුම‍්හාකං එවමස‍්ස: අඤ‍්ඤො නූන තෙන සමයෙන සො රථකාරො අහොසීති. න ඛො පනෙතං භික‍්ඛවෙ එවං දට‍්ඨබ‍්බං. අහං තෙන සමයෙන සො රථකාරො අහොසිං. තදා පනාහං භික‍්ඛවෙ කුසලො දාරුවඞ‍්කානං දාරුදොසානං දාරුකසාවානං. එතරහි ඛො පනාහං භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො කුසලො කායවඞ‍්කානං කායදොසානං කායකසාවානං. කුසලො වචීවඞ‍්කානං වචීදොසානං වචීකසාවානං. කුසලො මනොවඞ‍්කානං මනොදොසානං මනොකසාවානං.

මහණෙනි, එසමයෙහි ඒ රියකරු ඒකාන්තයෙන් අනෙකෙක් විය හැක්කැ යි තොපට මෙබඳු සිතෙක් විය හෙයි. මහණෙනි, මෙය මෙසේ නො දැක්ක යුතු ම ය. එ සමයෙහි මම ඒ රියකරු වීමි. මහණෙනි, මම වනාහි එකල දැව පිළිබඳ ඇදෙහි දැව පිළිබඳ දොස්හි දැව පිළිබඳ එලයෙහි නිපුණයෙකිම් වීමි. මහණෙනි, දැන් වනාහි මම අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූයෙම් කායවඞ්කයන්ගේ ද කායදෝෂයන්ගේ ද කායකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. වාග්වඞ්කයන්ගේ ද වාග්දෝෂයන්ගේ ද වාක්කෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි. මනෝවඞ්කයන්ගේ ද මනෝදෝෂයන්ගේ ද මනඃකෂායයන්ගේ ද නිපුණයෙකිම් වෙමි.

යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා කායවඞ‍්කො අප‍්පහීනො කායදොසො කායකසාවො. වචීවඞ‍්කො අප‍්පහීනො වචීදොසො වචීකසාවො. මනොවඞ‍්කො අප‍්පහීනො මනොදොසො මනොකසාවො. එවං පපතිකා තෙ භික‍්ඛවෙ ඉමස‍්මා ධම‍්මවිනයා. සෙය්‍යථාපි තං චක‍්කං ඡහි දිවසෙහි නිට‍්ඨිතං.

මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ නුවූයේ වේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂාය ප්‍රහීණ නුවූයේ වේ ද, මහණෙනි, මෙසේ ඔහු මේ (ධර්‍මවිනයයෙන්) ශාසනයෙන් ගුණ හීනවීමෙන් වැටුනාහු වෙති. සදවසෙකින් නිමවන ලද ඒ රියසක යම්සේ වේ ද, එසේ ය.

යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා කායවඞ‍්කො පහීනො කායදොසො කායකසාවො. වචීවඞ‍්කො පහීනො වචීදොසො වචීකසාවො. මනොවඞ‍්කො පහීනො මනොදොසො මනොකසාවො. එවං පතිට‍්ඨිතා තෙ භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ. සෙය්‍යථාපි තං චක‍්කං ඡහි මාසෙහි නිට‍්ඨිතං ඡාරත‍්තූනෙහි.

මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ කායවඞ්කය කායදෝෂය කායකෂායය ප්‍රහීණ වූයේ ද, වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂාය ප්‍රහීණ ද, මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය ප්‍රහීණ ද, මහණෙනි, මෙසේ වනාහි ඔහු මෙසස්නෙහි පිහිටියාහු වෙති. සරැයක් හළ සමසෙකින් නිමි ඒ රියසක යම්සේ වේ ද එසේ ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: කායවඞ‍්කං පජහිස‍්සාම, කායදොසං කායකසාවං. වචීවඞ‍්කං පජහිස‍්සාම, වචීදොසං වචීකසාවං. මනොවඞ‍්කං පජහිස‍්සාම, මනොදොසං මනොකසාවන‍්ති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් කායවඞ්කය කායදෝෂය කායකෂායය දුරලන්නම්හ. වාග්වඞ්කය වාග්දෝෂය වාක්කෂායය දුරලන්නම්හ. මනෝවඞ්කය මනෝදෝෂය මනඃකෂායය දුරලන්නම්හ යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.