3. 1. 2. 6
3. 1. 2. 6.
3. 1. 2. 6.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
16. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං පටිපදං පටිපන්නො හොති, යොනි චස්ස ආරද්ධා හොති, ආසවානං ඛයාය. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ හොති, ජාගරියං අනුයුත්තො හොති.
16. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත භික්ෂු තෙම අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වේ. කවර තුණෙකින යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඉන්ද්රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ. භෝජනයෙහි මාත්‍රඥ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
මහණෙනි, භික්ෂු තෙම කෙසේ ඉන්ද්රිය විෂයයෙහි රක්නා ලද දොර ඇති වේ ද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්රියය අසංවර කොට වාසය කරණ මේ පුද්ගලයා අභිධ්‍යා දෞර්මනස්ය නම් වූ ලාමක අකුශල ධර්මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රක්නේ ය. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය. කණින් ශබ්දයක් අසා ... නාසිකායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්ශ කොට ... සිතින් දහමක් දැන නිමිති වශයෙන් නොගන්නේ වේ ද, අනුබ්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වේ ද, අභිධ්‍යා දෞර්මනස්ය නම් වූ ලාමක අකුශලධර්‍මයෝ තුමූ ම ඉන්ද්රිය සංවර කොට නොගෙණ වසන මේ පුඟුලා යම් හෙයෙකින් ලුහු බඳනාහු ද, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ ඉන්ද්රිය විෂයයෙහි වැසූ ද්වාර ඇති වේ.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය. යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති.
මහණෙනි, මහණ තෙම කෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නුවණින් සලකා අහර ගණියි. කෙළි පිණිස නො වේ, මද පිණිස නො වේ, අඩුතැන් පිරවීම පිණිස නො වේ, සැරසීම පිණිස නො වේ, මේ සිරුර පැවැත් ම පිණිස ම වේ, යැපීම පිණිස ම වේ, සාගිනි වේදනාව වැළැක් ම පිණිස ම වේ, ශාසනමාර්ගබ්රහ්මචර්ය්යහට අනුග්‍රහ පිණිස ම වේ, මෙසේ පැරණි කුසගිනි වේදනාව නසන්නෙමි. අභිනව වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය. නිදොස්බව ද නිවැරදිබව ද පහසු විහරණය ද වන්නේ ය යනුයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ භෝජනයෙහි පමණ දන්නේ වේ.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ජාගරියං අනුයුත්තො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති, පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජාගරියං අනුයුත්තො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකතං පටිපදං පටිපන්නො හොති. යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායාති.
මහණෙනි, මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමු යම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට සිහි ඇත්තේ නුවණ ඇත්තේ සිංහ ශය්‍යාව කරයි. රෑ පැසුළුයම නැගිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත මහණ අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. ආස්‍රවයන්ගේ ක්ෂයය පිණිස කරුණ ද පටන්ගන්නා ලද්දේ වෙයි.