යෙදුමෙන් කියවන්න

3. 1. 3. 5

3. 1. 3. 5.

3. 1. 3. 5.

25. තයො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: අරුකූපමචිත‍්තො පුග‍්ගලො, විජ‍්ජූපමචිත‍්තො පුග‍්ගලො, වජිරූපමචිත‍්තො පුග‍්ගලො.

25. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලය, විදුලිය බඳු සිත් ඇති පුද්ගලය, විදුරක් බඳු සිත් ඇති පුද්ගල යි.

කතමො ච භික‍්ඛවෙ අරුකූපමචිත‍්තො පුග‍්ගලො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො, අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති, කුප‍්පති, බ්‍යාපජ‍්ජති, පතිත්‍ථියති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ දුට‍්ඨාරුකා කට‍්ඨෙන වා කඨලෙන වා ඝට‍්ටිතා භිය්‍යොසොමත‍්තාය අස‍්සන්‍දති; එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුග‍්ගලො කොධනො හොති උපායාසබහුලො අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති, කුප‍්පති, බ්‍යාපජ‍්ජති, පතිත්‍ථියති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අයං වුච‍්චති භික‍්ඛවෙ අරුකූපමචිත‍්තො පුග‍්ගලො.

මහණෙනි, පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙලොව්හි කිසි පුඟුලෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය පියයි, තද ව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනා ලද පැරැණි වණයක් වෙසෙසින් (ලෙ සැරව) වගුරුවා ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. මඳකුදු කියනු ලැබුයේ ම ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය අත් හරියි, තදව සිටී, කෝපයත් ද්වේෂයත් නොසතුටක් පහළ කෙරෙයි. මහණෙනි, මෙ පැරැණි වණයක් බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ විජ‍්ජූපමචිත‍්තො පුග‍්ගලො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සෙය්‍යථාපි භික‍්ඛවෙ චක‍්ඛුමා පුරිසො රත‍්තන්‍ධකාරතිමිසායං විජ‍්ජන‍්තරිකාය රූපානි පස‍්සෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති, යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ විජ‍්ජූපමචිත‍්තො පුග‍්ගලො.

මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් උපදනා හේතු ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කිරීම ය” යි තත් වූ පරිද්දෙන් දනී. “මේ දුක් නැති කරණු පිණිස යන පිළිවෙත ය” යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ගණඳුරු රැයෙහි විදුලිය පවත්නා අතුරෙහි රූ දක්නේ වේ ද, මහණෙනි, එපරිදි මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් “මේ දුකැ” යි තත් වූ පරිද්දෙන් දනී. ... ‘මේ දුක් නැති කරණ පිළිවෙතැ’ යි තත් වූ පරිද්දෙන් දනී. මහණෙනි, විදුලිය බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ වජිරූපමචිත‍්තො පුග‍්ගලො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. සෙය්‍යථාපි භික‍්ඛවෙ වජිරස‍්ස නත්‍ථි කිඤ‍්චි අභෙජ‍්ජං, මණි වා පාසාණො වා. එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුග‍්ගලො ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ වජිරූපමචිත‍්තො පුග‍්ගලො. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, විදුර බඳු සිත් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඇටි ඇටි සඳ සමවැද වෙසෙයි. මහණෙනි, යම් පරිදි මිණෙක් වේවයි, පහණෙක් වේවයි, විදුර විසින් නොබිඳලියහෙන දැයෙක් නැද්ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවක්‍ෂයන් ... ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසෙයි. මහණෙනි, මෙ විදුර බඳු සිත් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ලෝකයෙහි විද්‍යමාන වන පුද්ගලයෝ තුන් දෙන වෙත්.