යෙදුමෙන් කියවන්න

3. 1. 3. 6

3. 1. 3. 6.

3. 1. 3. 6.

26. තයො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො: අත්‍ථි භික‍්ඛවෙ පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො. අත්‍ථි භික‍්ඛවෙ පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො. අත්‍ථි භික‍්ඛවෙ පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො.

26. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, නො එළඹියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹියයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත. මහණෙනි, සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුතු පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගලයෙක් ඇත.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො හීනො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය. එවරූපො භික‍්ඛවෙ පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො අඤ‍්ඤත්‍ර අනුද‍්දයාය අඤ‍්ඤත්‍ර අනුකම‍්පාය.

මහණෙනි, සේවනය නො කටයුතු භජනය නො කටයුතු පර්‍ය්‍යුපාසනය නො කටයුතු පුද්ගලයා කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) හීන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය නො කටයුතුය. භජනය නො කටයුතුය. පර්‍ය්‍යුපාසනය නො කටයුතුය. දයාව හැරයි, අනුකම්පාව හැරයි.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සදිසො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය. එවරූපො භික‍්ඛවෙ පුග‍්ගලො සෙවිතබ‍්බො, භජිතබ‍්බො, පයිරුපාසිතබ‍්බො. තං කිස‍්ස හෙතු: සීලසාමඤ‍්ඤගතානං සතං සීලකථා ච නො භවිස‍්සති, සා ච නො පවත‍්තනී භවිස‍්සති. සා ච නො ඵාසු භවිස‍්සති. සමාධිසාමඤ‍්ඤගතානං සතං සමාධිකථා ච නො භවිස‍්සති, සා ච නො පවත‍්තනී භවිස‍්සති, සා ච නො ඵාසු භවිස‍්සති. පඤ‍්ඤාසාමඤ‍්ඤගතානං සතං පඤ‍්ඤාකථා ච නො භවිස‍්සති, සා ච නො පවත‍්තනී භවිස‍්සති, සා ච නො ඵාසු භවිස‍්සතීති. තස‍්මා එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො.

මහණෙනි, සේවනය කටයුතු, භජනය කටයුතු, පර්‍ය්‍යුපාසනය කටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) සමාන වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුතුය. භජනය කටයුතුය. පර්‍ය්‍යුපාසනය කටයුතු ය. ඒ කවර හෙයින යත්: ශීලයෙන් සමාන බවට ගියා වූ ම අපගේ ශීල කථාව ද වෙයි, අපගේ ඒ කථාව ද පවත්නී වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. සමාධියෙන් සමාන බවට ගියා වූ ම අපගේ සමාධිකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. ප්‍රඥායෙන් සමාන බවට ගියා වූ ම අපගේ ප්‍රඥාකථාව ද වෙයි, එය අපගේ පවත්නා කථාව ද වෙයි, ඒ කථාව අපට පහසු ද වෙයි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ ය.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අධිකො හොති සීලෙන සමාධිනා පඤ‍්ඤාය. එවරූපො භික‍්ඛවෙ පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො. තං කිස‍්ස හෙතු: ඉති අපරිපූරං වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා සීලක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමි. අපරිපූරං වා සමාධික‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා සමාධික‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමි. අපරිපූරං වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා පඤ‍්ඤාක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති. තස‍්මා එවරූපො පුග‍්ගලො සක‍්කත්‍වා ගරුකත්‍වා සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො. ඉමෙ ඛො භික‍්ඛවෙ තයො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, කවර පුද්ගලයෙක් සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේ වේ ද, භජනය කටයුත්තේ වේ ද, පර්‍ය්‍යුපාසනය කටයුත්තේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමහට) වැඩි තරම් වේ ද, මහණෙනි, මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගුරුකාර කොට සේවනය කටයුත්තේය. භජනය කටයුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. ඒ කවර හෙයින යත්: මෙසේ නො පිරිපුන් හෝ සිල්කඳ පුරමි. පිරිපුන් හෝ සිල්කඳ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ සමාධිස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. නො පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය පුරමි. පිරිපුන් හෝ ප්‍රඥාස්කන්‍ධය ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුගන්මි. එහෙයින් මෙබඳු වූ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කටයුත්තේ ය. භජනය කටයුත්තේය. පර්‍ය්‍යුපාසනය කටයුත්තේය. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනා ලෝකයෙහි විද්‍යමාන වෙති.

1. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්‍යසෙවී, සෙට‍්ඨමුපනමං උදෙති ඛිප‍්පං තස‍්මා අත‍්තනො උත‍්තරිං භජෙථාති.

1. තමනට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසි කලෙකත් නො පිරිහෙයි. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩිතැනැත්තකු භජනය කරන්නේ ය.