3. 1. 3. 7
3. 1. 3. 7.
3. 1. 3. 7.
27. තයො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: අත්ථි භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. අත්ථි භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො.
27. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, පිළිකුල් කටයුතු වූ නොසෙවිය යුතු වූ භජනය නොකටයුතු වූ පර්ය්යුපාසනය නොකටයුතු වූ පුඟුලෙක් ඇත. මහණෙනි, මැදහත්ව දැක්කයුතු, නො සෙවියයුතු භජනය නොකටයුතු පර්ය්යුපාසනය නොකටයුතු පුඟුලෙක් ඇත. මහණෙනි, සේවනය කටයුතු භජනය කටයුතු පර්ය්යුපාසනය කටයුතු පුඟුලෙක් ඇත.
කතමො ච භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචි සංකස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. එවරූපො භික්ඛවෙ පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: කිඤ්චාපි භික්ඛවෙ එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලො පාපසහායො පාපසම්පවඞ්කොති. සෙය්යථාපි භික්ඛවෙ අහි ගූථගතො, කිඤ්චාපි න දංසති, අථ නං මක්ඛෙති. එවමෙව ඛො භික්ඛවෙ කිඤ්චාපි එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලො පාපසහායො පාපසම්පවඞ්කොති. තස්මා එවරූපො පුග්ගලො ජිගුච්ඡිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
මහණෙනි, ගැරැහිය යුතු නො සෙවියයුතු නො ඇලියයුතු පුනපුනා නො එළඹිය යුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දුශ්ශීල වූ පාපකස්වභාව ඇති අපවිත්‍ර වූ සැකෙන් සිහි කළයුතු හැසිරීම් ඇති පිළිසන්කමත් ඇති ශ්රමණප්රතිරූපක වූ, ශ්රමණයෙමී, පිළින කරණ, බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූ, බ්රහ්මචාරීමී පිළින කරන, ඇතුළත දුගඳ වූ කෙලෙසුන් විසින් තෙත් වූ හටගත් කෙලෙස් කසළ ඇතියේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ පිළිකුල් කටයුතු නො සෙවියයුතු භජනය නො කටයුතු පර්ය්යුපාසනය නො කටයුතු වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතුදු වැළිත් “පවිටු මිතුරන් ඇති පවිටුන් සහාය කොට ඇති පවිටුන් කෙරෙහි නැමෙන පුරුෂ පුද්ගලයෙකැ”යි ඔහුගේ ලාමක වූ කීර්ති ශබ්දය (අපකීර්තිය) උස්ව නගියි. මහණෙනි, අසුචියෙන් වැකුනු සර්පයා නොඩහතත් වැලි ඔහු (අසූචියෙන්) යම්සේ තවරා ද, මහණෙනි, එමෙන් ම මෙබඳු පුඟුලාගේ දෘෂ්ටානුගතියට නොපැමිණිය ද වැලි “මේ පුරුෂපුද්ගල පාපමිත්‍රයන් ඇතියෙක, පාප යහළුවන් ඇතියෙක, පාපයන් කෙරෙහි නැමුනෙකැ”යි ඔහුගේ අපකීර්ති ශබ්දය උස්ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල පිළිකුල් කටයුතු වෙයි. සේවනය නොකටයුතු වෙයි. භජනය නොකටයුතු වෙයි. පර්ය්යුපාසනය නොකටයුතු වේ.
කතමො ච භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කොධනො හොති -පෙ- සෙය්යථාපි භික්ඛවෙ දුට්ඨාරුකා කට්ඨෙන වා කඨලෙන වා ඝට්ටිතා භිය්යොසොමත්තාය අස්සන්දති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- සෙය්යථාපි භික්ඛවෙ තින්දුකාලාතං කට්ඨෙන වා කඨලෙන වා ඝට්ටිතං භිය්යොසොමත්තාය චිච්චිටායති, චිටිචිටායති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- ගූථකූපො කට්ඨෙන වා කඨලෙන වා ඝට්ටිතො භිය්යොසොමත්තාය දුග්ගන්ධො හොති. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති, උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති, කුප්පති, ව්යාපජ්ජති, පතිත්ථියති, කොපඤ්ච දොසඤ්ච අපච්චයඤ්ච පාතුකරොති, එවරූපො භික්ඛවෙ පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: අක්කොසෙය්යාථාපි මං, පරිභාසෙය්යාථාපි මං, අනත්ථම්පි මං කරෙය්යාති. තස්මා එවරූපො පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
මහණෙනි, මැදහත් සේ දැක්කයුතු සේවනය නොකටයුතු භජනය නොකටයුතු පර්ය්යුපාසනය නොකටයුතු පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුඟුලෙක් කිපෙනසුලු වූයේ වේ ද ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ පැරැණි වණෙක් යම් සේ වෙසෙසින් ලේ සැරව වගුරුවා ද, මහණෙනි, එසේ ම ... මහණෙනි, යම් පරිදි දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ තිඹිරිගිනිපෙණෙහෙල්ල වැඩිපමණින් “චිටි චිටි” යන අනුකරණ පවත්වා ද, මහණෙනි, එපරිද්දෙන් ම දඬුකඩෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ ගටනු ලැබූ අශුචිවළ යම්සේ වෙසෙසින් දුගඳ වහනය කෙරේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් දැඩි ආයාසබහුල කොට ඇත්තේ මඳකුත් කියන ලද්දේ එහි ගැටේ ද, කිපේ ද, තදව සිටුනේ වේ ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්ය්යුපාසනය නොකට යුත්තේ ය. කවර හෙයින යත්: වැලි මා හැවියහෙන්නේය, වැලි මට අසභ්‍ය බණනේය, මට අනර්‍ත්‍ථ ද කරන්නේය කියායි. එබැවින් මෙබඳු පුද්ගල මැදහත් සේ දැක්ක යුත්තේ ය. සේවනය නොකට යුත්තේ ය. භජනය නොකට යුත්තේ ය. පර්ය්යුපාසනය නොකට යුත්තේ ය.
කතමො ච භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. එවරූපො භික්ඛවෙ පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: කිඤ්චාපි භික්ඛවෙ එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති. අථ ඛො නං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති: “කල්යාණමිත්තො පුරිසපුග්ගලො, කල්යාණසහායො, කල්යාණසම්පවඞ්කො”ති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො. ඉමෙ ඛො භික්ඛවෙ තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, කවර පුද්ගලයෙක් සේවනය කටයුතු වේ ද, භජනය කටයුතු වේ ද, පර්ය්යුපාසනය කටයුතු වේ ද: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයෙක් කලණ දහම් ඇත්තේ සිල්වත් වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කට යුත්තේ ය, පර්ය්යුපාසනය කට යුත්තේ ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නොයතත් වැලි “මේ පුරුෂ පුද්ගල කලණ මිතුරන් ඇතියෙක, කලණ යහළුවන් ඇතියෙක, කලණ මිතුරන් කෙරෙහි නැමුනෙකැ” යි මෙසේ ඔහු ලකුණු කොට කලණ යස ගී උස්ව නැඟෙයි. එහෙයින් මෙබඳු පුද්ගල සේවනය කටයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්ය්යුපාසනය කටයුත්තේ ය. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
2. නිහීයති පුරිසො නිහීනසෙවී න ච හායෙථ කදාචි තුල්යසෙවී, සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං තස්මා අත්තනො උත්තරිං භජෙථාති.
2. තමහට වඩා (ගුණයෙන්) හීනයන් සෙවුනා පුරුෂ පිරිහෙයි. තමන් හා (ගුණයෙන්) සමාන පුඟුලන් සෙවුනා පුරුෂ කිසිකලෙකත් නො පිරිහෙන්නේ ය. තමනට වඩා (ගුණයෙන්) වැඩුනවුන් වෙත නැමෙන්නේ වහා වැඩෙයි. එහෙයින් තමනට වඩා (ගුණයෙන්) වැඩි තැනැත්තකු භජනය කරන්නේ යි.